2015-02-28

මොනව නැතත්


බඩට යමක් කන්න නැතත්
අඩිය පුඩිය ගැහුවෙ නැතත්
ඉනට කරට රෙද්ද නැතත්
ලෙඩට දුකට බේත් නැතත්

2015-02-26

කුකුලා



කුකුල් ගොවිපොලක් හිමියෙක් - කුකුල් නාම්බෙක් ගෙනවිත්
කිකිලියන්ට මෙහෙ කරන්න - මුදා හැරියලූ

කුකුල් කොටුවෙ කොනකට වී - සිටියා වයසක කුකුළෙක්
තම පංගුව නැතිව යාම - ඉහුලුම් නැතිව

කොල්ලෝ උඹ මේ අහපන් - මගේ වයස ගැන හිතලා
කිකිලියො ටික දෙනෙක් මටත් - ඉතුරු කොරාපං

2015-02-23

මැක්කා


එක මැක්කෙක් දවසක්දා - මුහුදු වැල්ලෙ වැතිරීලා
සුවදායක අව්රැල්ලක් - තපිමින් උන්නා

උගේ යාලු තව මැක්කෙක් - සීතලයෙන් වෙව්ලමිනේ
ඌ අසලට ආව නිසා - තොරතුරු ඇසුවා

2015-02-19

ඇක්සලය


ට්‍රක් රථයක රියදුරෙකිය - සති ගාණක් වැඩ කරලා
අන්තිමේදී ගෙදර යන්න - දිනය එළැඹුනා

පිය සොඳුරගෙ රුව සිහිවී - ඉන්න හිටින්නත් බැරිවී
අතර මගදි නවතාලා - ක්‍රමයක් හෙව්වා

2015-02-09

මැරතන්



සොර සැමියෙක් දවසක්දා - සොර අඹුවගෙ ගෙදර ගොසින්
තුරුල්වෙලා ඉන්නා විට - වැස්සක් වැස්සා

ඒ අතරේ හදිසියේම - නිවසේ සීනුව වැදුනා
හරි වැඩේනේ අපේ මිනිහ - ගෙදර ඇවිල්ලා

2015-02-07

ත්‍රී වීලර්



ගමනක් ගොස් රෑ බෝවී - යායුතු තැන වෙත යන්නට
වාහනයක් නැතිව කෙනෙක් - ලතවී උන්නා

ත්‍රී විලර් පාක් එකක් - තිබෙන බවට ලකුණු ඇතත්
තිබුණේ නෑ ඒ වෙනකොට - එකක්වත් එහේ

2015-02-05

හොඬවැල



තරුණ වියේ හාදයෙකුට - හිටිහැටියේ නොසිතූලෙස
අකරතැබ්බයක් වීලා - මාර ගැටලුවක්

ඉන්ද්‍රියයක් අප්‍රාණික - වීලා ඇත හේතු නොදැන
වෙදැදුරු සහයයි පැතුවේ - පිළිසරණ ලෙසින්

2015-02-02

තවද




නෙදර්ලන්තයේ වැසියෙක් - ඇමෙරිකානුවකු සමගින්
තම ජාතික කොඩිය ගැනයි - විස්තර කෙරුවේ