2015-03-30

යම් හෙයකින් එහෙම වුනොත්....




මවක පියෙකු සමග දුවක - සිටිනා පවුලක් විය එය
දුවට බොහොම ආදරයෙනි - මව්පියො සිටියේ

තිබුණ ආදරේ නිසාම - නිදහස දෝනිට ලැබුණා
ඇය ඒකෙන් වාසි ගත්තු බවක් හෙළිවුනා

2015-03-27

බාප්පා



මිනිසෙක් තම පුතු සමගින් - දවසක්දා ගමනක් ගොස්
ආපසු නිවසට එනවිට - හරි කරදරයක්

බිරිඳ සිටී ඇඳේ වැටී - ඇඳුම් හෙමත් එහෙ මෙහෙ වී
කෙඳිරි ගානවා පපුවත් - අතගාන ගමන්

2015-03-24

කුකුලා-02



ගොවිපොලකිය මහ විශාල - කිකිලියන්ම දෙසීයක්ය
ඌරන් සහ ගවයන් - තාරාවොත් සිටියා

කිකිලියන්ට කුකුලෙක් නෑ - මේ ගැන තැවුනා ගොවියා
යෞවන කුකුලෙක් සොයලා - නගරයට ගියා

2015-03-22

මෙහෙමත් සත්තු


කාන්තාවක් දිනක් සවසක වෙදදුරෙක් වෙත                 එළඹිලා
තමන් පෙලනා අසනීපයට වෙන්න පිහිටක්                  ඉල්ලලා
අහා ඔබ මේ ඇවිත් ඇත්තේ වෙනත් තැනකට              වැරදිලා
පශු වෙදෙකි මම සතුන්ටයි මෙහි බෙහෙත් දෙන්නේ ලෙඩ බලා

වෙදා සිතුවේ ඇයට යම්කිසි පටලැවිල්ලක්         විලසිනේ
නමුත් ඇය දුන් පිළිතුරෙන් ඔහු පුදුමයට නොවැ  පත්වුනේ
කිසිම වරදක් නොමැත වීලා නියම තැනටයි      පැමිණුනේ
ඇත්තටම මට මෙමා සතෙකැයි කියා හැම විට දැනෙන්නේ

2015-03-18

හරිම වාතයක්



අවුරුදු හැට පැනපු පොරක් - නිරුවත් වෙරලකට පැමිණ
ටිකට් අරං ඇතුලු වුනා - සතුට ලබන්න

සියලු ඇඳුම් උනා තබා - වෙරලේ ඇවිදං යන කල
අති රූමත් ලඳක් ඔහුගෙ - පෙරට මුණගැසේ

2015-03-16

ඊරියෝ


පැනයකි එක ගොවියෙකු හට - තමන්ගෙ ගොවිපොලේ සිටින
ඊරියන්ව ගැබ් ගත් බව - නොදන්නා නිසා

එය දැනගන්නේ කෙලෙසද - ඒකට ක්‍රමයක් සොයමින
පශු වෙදැදුරු කෙනෙක් සොයා- ගිහින් විමසුවා

2015-03-13

කම්මුල


බැඳපු ජෝඩුවක් දවසක් - ගමනක් යන අතරතුරේ
ගමන්කරපු රථය හැපුනි - තවත් රථයක

සැමියට සුලු තුවාල මුත් - බිරිඳගෙ මුහුණට මේකෙන්
ඉතා භයානක විලසින් - හානි වුණාලූ

2015-03-11

හැඳි



මහත්තයෙක් දවසක්දා සැඳෑ වරුවක
සමාජ ශාලාවක් වෙත සොයා මධුවිත
ගොසින් මෙනුව කියවාලා බයිට් සමගින
ඇණවුම් කෙරුවා සැර ඇති බීමක් හොඳට

2015-03-09

දොඩම්



මිත්තනියයි මිනිබිරියයි තමා උන්නෙ එක ගෙදරක
මිත්තනියට හොරෙන් යෙදේ මිනිබිරියද රැකියාවක
ලෝකෙ පළමු රැකියාවලු කරන්නෙ යාබද නගරෙක
කිසිවෙකුටත් නොදැනී එය සිටියා රහසක් ලෙස රැක

2015-03-04

අඩුම ගානෙ



දවසක්දා මහ ධනවත් - මිනිසෙක් සැන්දෑ සමේ
සමාජ ශාලාවක් තුල - මදු විතකට සැරසුනේ

ඈත කොනේ අඩ අඳුරේ - අසුන් අරා සිටිමිනී
රූමත් එක් ළඳක් සෙමෙන් - ඔහු නෙත සිත බැඳ ගනී

2015-03-02

ගෙම්බා



විසිපස් අඟලක මලයෙක් - සහිත එක්තරා කොල්ලෙක්
මේකේ දිග අඩු කරන්න - ක්‍රමයක් හෙව්වා

සාස්ත්‍රකරුවෙකු හමුවී - තම අපහසුතාවය කීවා
ඔහුද එයට පිළියම් ලෙස - මග පෙන්වූවා