2015-10-26

ජීවිතය - 05



තාත්තා තාත්තා ගැන දන්න හින්දා තමයි පුතේ කොල්ලො ගැන විස්වාසයක් නැත්තෙ. මම කියන්නෙ නෑ හැම පිරිමියෙක්ම නරකයි කියල. ඒ වුණාට පිරිමි කියන්නෙ පිරිමි. ඒක වයස අවුරුදු පහද හැටපහද කියන එක නෙමේ ප්‍රශ්නෙ. පිරිමියෙක් එක්ක අන්තෙට යන්න ඕනි බැඳපු දවසක. 

මං නෙමේනෙ, දැං ඔය තාත්තනෙ අන්තෙට ගිහිං තියෙන්නෙ.

2015-10-19

ඉන්ටවල් ඉවරා...යි!



හරී...දැන් ආයිත් ඔළුවෙන් හිටගනිල්ලා. 


2015-10-16

නැවතත් විරාමයකට පසු


හිටු කියලා බ්ලොග් ලියපු, අවුරුද්දට 121 ක් පෝස්ට් දාපු මට වෙච්චි දෙයක්. අනික් උන්ට තොපි ලියනවා මදි කිය කියා ලොකු සීන් දාපු එක මටම පලදීපු හැටි! හරි..හරි..ඒ මගුල් අමතක කරලා බහිමු අද ගියපාර එකේ නැක්ස්ට් ඇපිසෝඩ් එකට. ඒ පෝස්ට් එක දැම්මේ මාතලං ඉට්ටැයිල් එකට. ඒක ඇඟේ නැති හින්දා පොඩ්ඩක් අවුල් සමහර තැංවල. ගනං ගන්න එපා බංස්ලා. දැන් අහන්න එපා අර ‘මට හිතෙන හැටි‘ කෝ කියලා. අපි බලමු.

2015-10-12

විරාමයෙන් පසු නැවතත්.....



ප්‍රාණ සමානව කොරගෙන ආපු බොග දැමිල්ලට පහුං සතියේ කෙළවිලාම ගියෝය. ඒකට හේතුව වෙන මක්කාවත් කොටුපැනිල්ලක් කියලා මේකේ ඉන්න ඔය කැමරාකටාලා, මනෝකායලා, අහසිං එන්නො එහෙම වරදවා තේරුම් ගන්නවා නෙමේය. මදාවියාට බොහෝ දේ දීපු අජීවී වස්තුවක් වගේම උගෙන් ඒ වගේ හතර පස් ගුණයක් ගත්තු ජීවී වස්තු සමූහයක් වෙනුවෙන් ෆුල් ටයිම් කාලය ගත කරන්නට මදාවියාට සිද්ද වුණේ ඌ වෙනුවෙන් හැමදේම කැපකරපු හතර දෙනෙකුත් අමතක කරලාය. ඉතිං මේ කෙරුවාවටත් ටෙම්පරි කෙළවුණ එක අහන්න දෙයක් නැතිය. ලොකු කිරීමේ උස්සව, ග්‍රැෆික් ඩිසයිනිං, ප්‍රෝග්‍රැමිං ආදී වසයෙන් වූ මල්ටි ඩියුටි රාසියක මදාවියා එරිලා හිටියා කිව්වාම වැඩේ තරම තේරුං අරං මට සමාව බාජනේක දාලා දෙන්න මේ ඉසව්වේ අපේ උන්ට ඒ හොඳටෝම ඇතිය.

මක්කා වුණත් ගෙදරටම එන එකා එක්ක කතා බහ නොකර බැරි නිසා බොගට ගොඩවුණ හැම එකාටම එහෙන් මෙහෙන් මොනවා හරි කියලා දාන්න යන්තම් වෙලාවක් ඉතිරිව තිබ්බත් අහල පහල ගෙවල්වලට ගොඩ වදින්නට බැරිවීම ගැන හිතේ මාර වැකූම් එකක් තියෙනවා වගේ දැනෙනවාය. ඒ නිසා අද ලියන්නේ ඒ අසාධාරණයට ලක් වෙච්ච උන් ගැනය. 

2015-10-08

සුවපත් කිරීම

ආච්චි සමගින් සීයා එක දවසක්දා
රූපවාහිනිය බලමින් කාලය ගෙව්වා
ඔය අතරේ වැඩසටහන මගදි නැවතිලා
අතරමැද්දෙ විකාශයක් අරඹනු පෙනුනා

2015-10-02

ජීවිතය - 04




ඒත් පහුවදාට ඉර පායනවා. ඒ ඉර වෙනස්. වෙනදා පායපු සුදු පාට රැස්වලල්ලක් එක්ක දීප්තිමත්ව නිල් පාටට බැබලෙන ඉර නෙමේ මේ. ඇඟ ඇතුලේ එය තිබෙන බව නොදැනෙමින් මෙතෙක් තිබුණු අවයවයක් ඉවත් කරලා දැම්මාට පස්සේ ඒක නැති අඩුව දැනෙනවා. ‘මට කොතනද වැරදුනේ?‘ මම හැම දෙයක්ම ආවර්ජනය කරන්න උත්සාහ කරනවා. මොකක්ද මගෙන් වුණු අඩුව? කන්න අඳින්න දෙනවානං, උගන්නනවානං, ආදරේ පෙන්නනවා වගේම හදවතේ ඒක තියෙනවානම්........... ම්....අන්න පොට! ආදරේ පෙන්නනවා වගේම හදවතේ ඒක තියෙනවානම්.