2014-11-16
පොඩිඑකාගෙ රචනාව
ඈත එපිට ගම්මානෙක-දුෂ්කර පාසලක්ය එය
දිළිඳු දරුවො කැළකිය-මෙහි ඉගෙනුම ලැබුවේ
පාසැල අල්ලපු ඉඩමේ-අයිතිකාරයා හිතුවා
පාසැල් ඉඩමෙන් පොඩ්ඩක්-අල්ලා ගන්න
මිනිහගෙ එක චංඩි පුතෙක්-පාසල් වත්තේම කොනක
පැල්කොටයක් අටවා දී-පදිංචි කෙරුවා
ඉගෙන ගන්න දරු පැටවුන්- හට මැරකම් පෙන්නාලා
මේ පුත්තරයා ඉඳහිට-ගුටිබැට දුන්නා
මෙහෙම කලක් ගතවුණේය-පුරස්නයද තද වුණේය
මේ මැරයා පාසැලටම-මහ කොඩිවිණයක්
ආපු ගියපු විදුහල්පති-අද්යාපන අද්යක්සක
හැමදෙනාම දැඟලූ මුත්-නැත කිසි විසඳුම්
මේ අතරෙදි ලමුන් පිනට-ආවා මේ විදුහල්පති
මුන්නැහැ අර අනික් අයට-වැඩිය තදබලයි
පුරුදු පරිදි ලමුන් ඇවිත්-මැරයාගෙන් ගුටිකාගෙන
මේ විදුහල්පති තැනටත්-පැමිණිලි කෙරුවා
සරම කරට අරගන්නේ-විදුහල්පති නැගිටින්නේ
ගුරුවරු හා ලමයි රැගෙන-එළියට බැස්සා
කොයි .@$ගෙ පුතාද බොල-මගෙ පැටව්ට අත තියන්නෙ
තොගෙ @%&ට *%^&වා- කියලා කිව්වා
මැරයගෙ පැල වටකරලා-එළියට අැදලා අරගෙන
දීලා ගුටි පූජාවක්-එළවා දැම්මා
ලමයින් ගුරු දෙගුරු සැවොම-ජය ගෝසා පවත්වලා
විදුහල්පති කරෙන් ගෙනත්-පුටුවෙන් තිබ්බා
එදා පටන් මේ උතුමා-පාසැල් සංවර්ධනයේ
වැඩකටයුතු කරින් අරන්-ගේමට බැස්සා
ගොඩනැගිලිද පටු මාවත්-විද්‍යාගාරද පිට්ටනි
රංගන ශාලා විදුහල්-බිම ඉදිවෙන්නේ
හෝඩියෙ උන් තුරුලට ගෙන-පහේ උන්ගෙ හිස අතගා
ලොකු කොල්ලන් නාවාලා-පිරිසිදු කෙරුවා
කට්ටි පැන්න කොල්ලන්ටත්-පොඩි දඩයක් ගහල වුනත්
නිදහස් අද්යාපනයේ-පල ලැබදුන්නා
මේ විදිහට පාසැලේම-හැරවුම් ලක්ෂ්‍යයක් වෙලා
මේ විදුහල්පති උතුමා-යෙහෙන් වැජඹුනා
කෘෂිකර්මය තාක්ෂණය-අනෙකුත් වෘත්තිය පුහුණුව
එළ සුපිරී පාසලකිය-බිහිවී ඇත්තේ
ඔය අතරේ ලොකුපුටුවට-කෙලහල හල උන්නු අනෙක්
අංශ ප්‍රධානියන් නිතර-ලෙඩමයි ඇද්දේ
එනමුත් ගුරු මණ්ඩලයේ-වැඩි පිරිසක් තමන් ලබන
වාසි පිනිස විදුහල්පති-සමගිනි උන්නේ
මෙතුමාටත් පැන්ෂන් යන-දිනය කෙමෙන් ලං වූවා
සේවා දිගුවක් ඉල්ලා-ලියුමක් යැව්වා
කෙතරම් රහ වුණත් අනේ-මී පැණි වුව එපා වෙතේ
ගොඩක් ලමයිටත් මේ ගැන-හිතිලා තිබුණා
අවකල් දෑ සිදුවෙනබව-පාසැල් පරිපාලනයේ
එහෙන් මෙහෙන් කටකතාද-පැතිරී තිබුණා
දෙගුරුන් හා ලමුන් එක්ව-සේවා දිගු එපා කියා
තැන් තැන්වල රැස්වීලා-ගෝසා කෙරුවා
විදුහල්පති අනුහසිනේ-කැන්ටිමකුත් කරමින්නේ
ඉන්නා මුදලාලියෙකුට-නුවණක් ආවා
උපාය ඥානය යොදලා-දස්ස ලමුන් රැස් කරලා
රචනා තරඟයක් තියමු-කියලා කිව්වා
මේ විදුහල්පති තුමාව-දිගටම මේ විදුහලේම
තියාගන්න ඕනි මොකද- මාතෘකාවයි
අනු තේමා බරගානකි-කොයි පාරෙන් ගියත් අනේ
නවතින්නට වෙන්නේ-මැක්කා ගැන ලියලයි
ඒ හතරේ පිරිසිදු කොල-අරං වචන දෙදාහකින්
ලියන්න කියලා ලොකුවට-තරඟය තිබ්බා
රචනා තෝරන අතරේ-විනිසුරු මණ්ඩලේ ඈයො
වචන දෙහෙක අමුතුම-රචනාවක් දුටුවා
අලුගුත්තේරුවෙක් කවුද-පොල්ගෙඩි අකුරින් ලොකුවට
$@% අමාරුවට- කියා ලියලා තිබුණා

කලකදි රහ - කලකදි වහ වෙනවලු...
ReplyDeleteමේ මම - මේ මගේ අලුත් මෙව්වා එක - අයිඩියාවට තැන්කියු
Delete1. ලෝක ධර්මතාවය
Delete2. ඔන්න ඔහොම එන්න
කොහොමෙන් කොහොමෙන් හරි ඔය
ReplyDeleteවිදුහල්පතියව පන්නල
පොදු විදුහල්පතියෙක්.. හැක් හැක්..
ගේන්න කාලෙනම් යසයි..
විදුහල්පතියට කෙළවුනේ
ඌයි උගෙ වටේ උනුයි..
චන්ඩිය පන්නපු සීන් පිට
පාසැල විකුණන් කෑමයි..
අලුගුත්තේරුවා ලියුව
හරියට හරි මොකා වුනත්
තවත් තියා ගන්නෙ ඉතින්
පු%^&^% අමාරුවට තමයි.. :D
හරී නරකයි මෙයා, එක අකුරක් කියලා.
Deleteවල්ලා පට්ට...
ReplyDeleteසුපිරි පිරි ඉතිරි...
පිස්සු හැදෙනවා බොස්...
Deleteආයේ කතා දෙකක් නැහැ...
ඉල්ලුම හා සැපයුම - වල්ලා පට්ට
Deleteසංසාරේ සං සාරේ....
ReplyDeleteඔය විදුහල්පති 65 වෙනං ඉන්න ව්‍යවස්ථාව සංශෝධනේ කරනවා...
පස්සේ තමයි රචනාව ලියන්නේ..
හැක් හැක්
ඉස්තරම් මඩූ..
ජ ය වේ වා !!!
කට..කට.. අද්යාපන චක්‍රලේඛ.
Deleteමදුමාධවියෝ
ReplyDeleteඋඹට කොහොමද බන් මේ විදියට වචන එන්නේ...
පට්ට පට්ට පට පට කීවාලු...
100% සුපිරි බන්..
මට ලැජ්ජයි වගේ අප්පා...
Deleteඅනේද කියන්නේ && අමාරුව නැත්නම් වෙන මොකක්ද....අපිට දැන් මුන් ඕන ඇයි කියලා රචනා ලියන්න වෙලා තියෙන්නේ. අනේ මෙහෙම නරි නාටක.
ReplyDeleteමාධවී නම් යකෙක්!!
මකාගෙ යලක්!
Deleteජැක් සහ ජිල් දවසක් දා
ReplyDeleteකන්දක් උඩට ගියා
ඉක්මන් ගමනින් ඉහළ නැග්ග ජැක්
වැටුණා "දඩස්" කියා
හිටපු ගමන් උඩ යන්න හිතන අය
වැටෙයි කියා
ජැක් ලා ජිල් ලා පෙන්නා දුන්නා
නේද එදා...
ජැක් ඇන්ඩ් ජිල් ලා කන්දෙ ගිහිල්ලා
ජැක් ඇන්ඩ් ජිල් ලා කන්දෙ ගිහිල්ලා...
රම් පිට පම් පම් පම්...
හස්තියෙකුගෙ වලිගේ එල්ලිලා
එක ගමරාල කෙනෙක්
දිව්‍ය ලෝකෙ යන්නට ගිය දවසෙත්
වුණාලු මෙහෙම දෙයක්...
ජැක්ලා වැටුණේ කකුල ලිස්සලයි
අපෙ අය වැටුණේ කට වැඩි හින්ඳයි...
විස්මත් එරොප්ලේන් රොකට් උඩ
ගියාට මහ සද්දෙන්
නතර වෙන්නෙ අවසානෙ දි පොළවේ
හතර රියන මැද්දෙන්...
අහංකාරෙ නම් රෝගෙන් පිස්සු
තවමත් පෙළෙනව අපේ මිනිස්සු...
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : ප්‍රේමසිරි කේමදාස
ගායනය : ෆ්‍රෙඩී සිල්වා
සින්දූර්, ජැක් නම් හරි කියමුකො. කවුද දැන් ජිල්?
Deleteදිග වැඩියි..
ReplyDeleteමොකක්ද?
Deleteවල් මදාවියා.. හැක්..
Deleteමේකත් අහරියට ගඩාෆිට උනා වගේම වැඩක් නේද මාධ්වියේ. හරි අපූරුයි නිර්මාණය.
ReplyDeleteඒ පාර ගඩාෆියෙක් ගැන කියනවා. දරුවා මේක ඉස්කෝලෙක සිද්ධියක්, තේරෙන්නැද්ද? අනේ මන්ද :පී
Deleteහරි හරි බං. මං කිව්වෙ ඊට අනුරූපයි කියල. මොකෙක් හරි මේක මහින්දටත් අනුරූපකරයිද මංදා.
Deleteරචනා තරඟය පත්තරෙත් දැම්මා.
Deleteපට්ට පට පට මදාවියෝ...
ReplyDeleteඋඹ යෙහෙන්ම වැජඹෙන්න ඕන...
මරේ මරු මරු කියන්නෙ පට්ට මරු....
හිහි
ජයවේවා
පැලේ උන්නු මදාවියා -එළියට අැදලා අරගෙන
Deleteදීලා ගුටි පූජාවක්-එළවා දැම්මා
අල්ලපු ඉඩමේ අයිතිකාරයා පොදු විදුහල්පතිතුමාට සපෝට් කරයිද දන්නෑ!
ReplyDeleteඑ් පොදුතුමලා ආඬි හත්දෙනාගෙ කැඳහැලිය හදනවා. ඒ ගැනත් දාන්න ඕනි.
Deleteඅකේ පුමාරුවට ලොක්ක එලවන්නට හදනා
ReplyDeleteඅනේ හුකේ ඒවුනාට සැලසුමකුත් නැතුවා
ටකේ නිකන් හෙල්ලුවාට නැතිවෙයි පල සැමදා
පුකේ ඉඳන් ටින්කිරි හැර දිනුමක්නං මන්දා
ඒකනෙ සිංහයෝ කීවෙ වාගෙ ආඬි හත්දෙනා
Deleteදාපු හාලකුත් නැතිවා වතුර තිබේ නටමිනා
බොනවානම් මෙන්න කැඳය කියා තුටින් ඉපිලෙනා
බඩපුරාම වතුර බීල අපි හැමෝම නැලවෙනා
අැඩෙනවා.............................. කතා කරගන්න බැහැ... අකුරු කොට ගන්නත් බැහැ......... අම්මෝ...................
ReplyDeleteකියාගන්නත් බෑ, කොටාගන්නත් බෑ...අම්ම සිහිවෙනවා.
Deleteඅම්මා සිහිවෙනවාම නෙමෙයි... ඒ් ලියාපු ඒකාව මතක් වෙලා අැඩෙනවා.... අන්න කොල්ලෝ....................
Deleteදවසක ඕන වෙන දේ දවසක එපා වෙනවලු
ReplyDeleteමිනිස්සු මහත්තයෝ මිනිස්සු :v පට්ට පට පට :)
ලාභෝ අලාභෝ
Deleteඅයසෝ යසෝච
නින්දා ප්‍රසංසා
ඕනෑ එපා කං