2015-08-26

පිළියම සහ කළගුණ-02

පිළියම



කලකට පසු හමුවීලා - බාර් එකේ එකතුවෙලා
අඩියක් ගැහුවලු දවසක් - යාළුවො දෙන්නෙක්

රෑ බෝ වෙනු දැනුනෙත් නෑ - කාලය විගසින් ගතවිය
එකෙක් එවිට කළබලයෙන් - මෙහෙම කියනවා

2015-08-24

කළගුණ - 01

ගිය වසරේ ඔක්තෝබර්         විසි හත දා
ඉගිලෙන සමනලෙක් විලසින් තටු විහිදා
මේ අවකාශයට පියඹා          පැමිණිය දා
මධුමාධවී කව් සරණිය     ඇරඹුණු      දා

2015-08-20

ලෑල්ල

(ලෑලි කෑල්ල ඉල්ලගත්තෙ මෙතනින්)


ලී මෝලක් වෙත ආවේ - අන්ධ අයෙකි දවසක්දා
රැකියාවක් ඉල්ලාගෙන - ලිපිකරු වශයෙන්...

මට ලියන්න බැරි වුණාට - මේ ලෝකේ ඕනි අහක
තියෙනා ලී වල සුවඳින් - නම කීවහැකී...

2015-08-15

පැකිං සහ බයිට්

පැකිං



තරුණ වයසෙ බදින්න ලග- ලොකු කොල්ලෙක් දවසක් දා
ගියාලු ගමනක් යන්නට - ගෙදර තිබ්බ බයික් එකෙන්

2015-08-12

තාත්තා?




දවසක්දා එක මිනිසෙක් - සුපිරි වෙළඳසැලකට වී
ගෙදරට ඕනෑ බඩු රැස් කරමින් උන්නා

ඔහුට මදක් පිටිපස්සෙන් - හරි ලස්සන ලලනාවක්
ඇයට ඕනි දේවල් රැස් කරමින් උන්නා

2015-08-10

චාරිකාව




ව්‍යාපාර කීපයක්ම - අයිති කෝටිපතියෙකී
කිසි සැපකින් අඩුවක් නම් - කිසිම දිනක නොම දකී

පුරුදු පරිදි මේ මිනිහට - ලස්සන බිරිඳක් ඇතී
ඒ මදිවට පෞද්ගලික - ලේකම් වෙයි පෙම්වතී

2015-08-06

ඒ ලෙවල්


(ඇගේ සිහිනය මා සිතුවම් කලා පමණි)


කිරි කොකුන් රංචුවක් - සේ පෙරට ඇදී එන
සුදු ගවුම් පොඩි අතර - නුඹ සෙවූ මගෙ දෑස
නෙක වනින් සැරස සිටි - දෙගුරු කැල සිසාරා
ඉස්සි ඉස්සී බලා - මා සෙවූ නුඹ දෑස 


2015-08-04

කුකුළු සහ කුරුළු

කුකුළු



ගම්බද ගොවිපොලක් දෙසින් - ඩබල් කැබ් රියක් පදවා
යන අතරේ මහත්තයෙක් - හරි වැඩක් වුනේ

හොඳින් වැඩුනු නාඹර විය - කුකුලෙක් වැටකටත් උඩින්
පාරට පැනලා වාහනයට යට වූවා