2015-07-31

ටටා මාමලා...



(අද තාලෙ වෙනස්. හැම පදේකම මුල අකුරු 4 (හෝ මාත්‍රා 4) ගාවිං පොඩ්ඩක් බ්‍රේක් ගහන්න. මෙහෙම... “දවසක්, රෑ බෝ වෙනකං - තිබුණලු, ග්‍රෑන්ඩ් පාටියක්)

දවසක් රෑ බෝ වෙනකං - තිබුනලු ග්‍රෑන්ඩ් පාටියක්
හැලපෙයි සත්කාරකයා - බර නඩයක් එහි සිටියා

මැදියම් යාමෙත් වෙන්නා - කට්ටිය විසිරී යන්නා
මෙන්ඩා කෙළිනුත් නැතිවා - වැනි වැනි යන්නත් බැරුවා

2015-07-29

වැල්ලෙත්...




ඇඟේ හමට ටෑන් පාට - ලබාගන්න එක තරුණෙක්
නිතර මුහුදු වෙරලට විත් - අව් තැප්පාලූ...

මාස කීපයක් යනකොට - තමන්ට ඕනෑ හැටියට 
ටෑන් පාට ඇඟ පුරාම - ඇවිදින් තිබුණා

2015-07-27

හැඳිනීම




දුෂ්කර වූ පෙදෙසකී - ඔහු හැඩිදැඩි මිනිහෙකී
මිනී කපන එකයි ඔහුගෙ රැකියාව වුණේ

යකාටවත් බය නැතී - එඩිතර ගතිගුණ ඇතී
මේ මිනිහා සමග බිරිය පමණයි උන්නේ

2015-07-22

ඔබද ලක්ෂපති? මමද ලක්ෂපති?





පැණ විමසුම් තරඟයක්ය - ලක්ෂපතියො බිහිකරනා
එකමත් එක බිරිඳක් මේ - තරඟෙට ආවා

සති තුනකින් අවසන් වන - මේ තරඟෙදි අර බිරින්දැ
මුල් සති දෙක සාර්ථකව - මුල්තැන ගත්තා


2015-07-20

භූතයා




දවසක් දා කපල් එකක් නගරෙන් ඈතට වෙන්නට
නිස්කලංක තැනක් සොයා ගියෙ සවාරියක් 

ටිකක් ඈත ප්‍රදේශයක තිබුන එහෙම ප්ලේස් එකක් 
කපල් එකද එය දැකලා හරිම හැපි උනේ 

2015-07-15

නරක හා නරකම


(තනුව කොළඹ ගිය ගමයා (කොළඹගමයා නොවේ) ගීතය අනුවය)

බැඳපු ජෝඩුවක් දවසක් දොස්තර වෙතට
ගියේ බිරිඳගේ ලෙඩකට බෙහෙතක් ගන්න
ලේ සහ මුත්‍රා දෙක ටෙස්ට් කරන්න කිව්වා
පහුවෙනිදා රිපෝට් අරං දෙන්නා ආවා

2015-07-13

ඇඟිලි ගැනීම


හෝඩියෙ පංතියෙ කොල්ලෙක් - පුරුදු වෙලා හිටියාලූ...
ඇඟිලි ගණන් කර බලලා - ගණන් හදන්න

දවසක්දා මේ කොල්ලගෙ - මාම කෙනෙක් ගෙදර ආපි
මිනිහට බෑනගෙ දස්කම් - බලන්න හිතුනා

2015-07-09

වැස්ලින්-2



පුංචි ජොනීගේ අක්කා කසාද බැඳලා
දෙන්න එක්ක දවසක් මහගෙදර ඇවිල්ලා

පහුවෙනිදා පුංචි ජොනී පාසැල් යන්න....
සැරසීලා අවානොවැ උදේට කන්න....

2015-07-06

හිරකාරයා


අවුරුදු පහලොවකට පසු - හිරෙන් පැන්න සිරකරුවෙක්
පාළු හරියකදි එහි ඇති - ගෙයකට පැන්නා

තරුණ යුවලකිය සිටියේ - ඒ නිවසේ පදිංචි වී
බිය ගැන්වී ඔවුන් දෙදෙන - මරණව කියලා

2015-07-02

විකිල්ල, ඇදිල්ල සහ එබිල්ල





මහළු ජෝඩුවක් දවසක් - සැන්දෑ කල සාලය මැද
වාඩි වෙලා අතීතයේ - මතක සැමරුවා

ඔබට මතකදෝ ඉස්සර - යන්තම් පොඩි ඉඩක් ලදොත්
සිපගන්නට මාන බලයි - මගේ කම්මුල...