2015-04-27
කව්ද දන්නෙ
දුප්පත් පවුලක් හිටියා - ගොවිතැන් කර දිවි රැකගත්
මව්පිය දෙදෙනා සමගින් - පුතුන් තුන්දෙනා
ඔවුනට තිබු ලොකුම දෙයයි - කිරි එළදෙන හොඳින් වැඩුනු
ඌ මත යැපිලා සිටියේ - පවුලෙ පස්දෙනා
2015-04-22
හාවා සහ වළහා
එකමත් එක කාලයකදි - එකමත් එක කැලයක් තුල
හාවෙක් සහ වළහෙක් මිතුරන් ලෙස උන්නා
උඩින් මිතුරුකම් තිබුණත් - දෙන්නට දෙන්නා නිතරම
යටින් ගේම දෙන්න තමයි - බලාන උන්නේ
2015-04-19
සැඟවුණු අමුත්තෝ
මේක කොරල්ඩ්‍රෝ වලින් සීමිත කාලයකදි කලේ. අඩුපාඩු ඇති. මගඇරුණු අයත් ඇති. සමාවෙන්න. මීට වඩා අගනා නිර්මාණයක් නැවත් කරලා බලමු.
2015-04-18
2015-04-13
ජෝන්
ධනවත් යුවලක් සිටියා - මහ විශාල මන්දිරයක
ජෝන් කියා සේවකයෙක් සහයට සිටියා
දවසක් මේ යුවල ගියා - සැන්දෑ සාදයක් පිණිස
තරුණ ජෝන් නිවසේ තනිකරලා තබලා
2015-04-09
දඬුවම
යාලුවො තිදෙනෙක් දවසක් - අරාබියේ කාන්තාරෙ
ඇවිදං යද්දී කූඩාරමක් හමුවුණා
ඒක තුලට රිංගාලා - බලද්දි හරි පුදුම වැඩක්
කාන්තාවෝ සිය ගානක් - විතරයි උන්නේ
2015-04-06
ගොනා-02
සංචාරකයෙක් දවසක් - ස්පාඤඤයට ගියාලු
ගොන්පොර පිටියකටත් ගොස් - පොර නැරඹීලූ...
දවස පුරා පොර බලලා - හැන්දෑවේ අවන්හලක
කොනක් සොයා රෑ කෑමට - වාඩි වුණාලූ....
2015-04-02
කී පාරද?
අසූ ගණන් වයසක් ඇති - වියපත් වූ මිනිසෙකි ඔහු
දොස්තර තැන හමුවීලා - ලෙඩේ කියන්නේ
බිරිඳ සමග එකතුවෙනා - හැමවිට මගේ ඇස් බොඳවී
දෙපා පණ නැතිව යනවා - හුස්මත් හිරවේ
Subscribe to:
Posts (Atom)