2014-12-30

මාත් කරන්නේ ඒකයි


නගරයෙ කෙළවර වෙන්නට - තිබුණා එක සාප්පුවක්
ඉලෙක්ට්‍රොනික් බඩු ඒකේ - පුරවා තිබුණා

දවසක් එක මහත්තයෙක් - ගියාලු මේ සාප්පුවට
සේවකයා සමග ඇවිද - බඩු මිල ඇසුවා

මේ ටී.වී. එක කීයද - මහත්තයා ඇහුව සැනින්
අයියෝ රුපියල් දාහයි - ගෝලය කිව්වා

2014-12-27

අති විශිෂ්ඨයි සර්...


නාවික සෙබලුන් කැලකිය - පුහුණුව ආධුනික සැමට
ඈත දියඹෙ නැවකයි - මේ සිද්දිය වූයේ

එක දවසක් හිමිදිරියේ - හතරට වෙන්නැති යන්තම්
සීතල හිරිගඩු පිපෙද්දි - අණකුත් ලැබුණා

"තොපි සේරම අවදිවෙලා - සියලු ඇඳුම් උණාතබා
නැව් තට්ටුව උඩට ඇවිත් - පෝලිමෙ හිටගව්"

2014-12-25

සුභ උපන් දිනයක්!!!














එළියෙ පොඩි කොරිඩෝවෙ
පේලියට තබා ඇති
රෝස පැල සියල්ලම
මලින් ගැවසී ගියත්
නෙක්නින් පිබිදෙනා
ඒ සියලු රෝස මල්
පරදන්න හැකි නුඹට
අසිරිමත් සිනාවෙන්

2014-12-24

ආධාර


සෑහෙන කල් විදේශයක - සේවය කල පුරවැසියෙක්
ආපසු මව් බිමට පැමිණ - ගෙදර යන ගමන්

අගනගරේ වීදි පුරා - රථවාහන බ්ලොක් වීලා
නතරවෙලා තිබෙනා දැක - කිමදැයි බැලුවා

2014-12-21

නොදනිත් දරුවන් ඇකයෙන් වැටුනා

මව්නි නුඹ...
සමූපාකාර පෝලිමේ
කිරි දරුවා රැගෙන සිට
පළමුව බඩු රැගෙන යද්දී
කම් නැත අපට

2014-12-20

ගොනා


එකමත් එක ගොවි මහතෙක්-තම මිතුරෙක් සමග එක්ව
ගව පට්ටිය දියුණු කරන ක්‍රමයක් සිතුවා

දෙදෙනාගෙම මුදල් යොදා- තඩි ගොනෙක්ව මිලදී ගෙන
පට්ටි දමනු පිනිස දෙනුන් සමග එක් කලා

2014-12-18

ඔබාමා සහ පුටින්


හිලරි දිනක් ඔබාමාට - ලංවීලා කොඳුරාලා
රටේ අලුත් ප්‍රශ්නයක්ය - හෙලිදරව් කලේ

සර් අපි අලි ගැටලුවකය - අපේ රටේ රබර් හදන
ලොකුම ෆැක්ටරිය ඊයේ - ගිනිබත් වීලා

2014-12-15

හපනා


එකේ පංතියේ පැංචෙක්-ගුරුතුමියට ලං වීලා
මේන් මෙහෙම පැමිණිල්ලක් ඉදිරිපත් කලා

"ටීච මගේ පොඩි අක්කා-තුනේ පන්තියේ ඉන්නේ
එයාට වැඩි දැනුමක් මට පිහිටා ඇත්තේ

ඒක හින්ද මාවත් දැන්-තුනේ පන්තියට දාන්න"
කීප දිනක් මේ ලමයා කරදර කෙරුවා

2014-12-13

ගණ අඳුරේ රල අතරේ


(හිටිඅඩියේ වරින් වරේ - ජීවය පරදුවට තබා)//
විධායකේ නිමකරන්න - එගොඩ ගොඩට පීනනවා
කඳුලු මැදින් පීනනවා

2014-12-11

අපාය


හදිසි අනතුරක් වීලා -මියගිය එක සමරිසියෙක්
පෙර කල යම් පිනක් නිසා දෙව්ලොව වැඩියා

දොරටුවෙ පාලක දෙවියා-නිල් රතු පොත පෙරලාලා
සෑහීමට පත්වීලා අවසර දුන්නා

2014-12-09

5000


පසුවූ වප් මහේ විසිහත් වන දිනයේ
නෑඹුල් අඩවියක් විලසින් කවි රසයේ
සැමදේ පැදියෙන්ම ගෙතිලා පද බැඳියේ
සු‘පැතුම් සමග ඉපදුනු මධුමාධවියේ

2014-12-08

ඌරා


එකමත් එක රටක තිබුණු- ගොවිපලකිය මහ සුවිසල්
සේවකයෙක් වීය ටිකක් මෝඩ ගති ඇතී

දවසක් මොහු ඉඩම වටේ- දඬු වැට බිඳි තැන් සොයමින්
ට්‍රැක්ටරයක් පදවාගෙන යමිනුයි උන්නේ

2014-12-05

පුරුෂාධිපත්‍යය


දවසක්දා හැන්දෑවක-සුවාමි පුරුෂයෙක් ඔන්න
"නිවසේ රජු සැමියා" නම් පොතක් කියෙව්වා

පොත කියවා ආපු ගැම්ම- පිටිං දුවපි මුලුතැන්ගෙට
"මේං මේක අහනව" යැයි බිරිඳට කීවේ

2014-12-03

මාගේ පැලේ අඳුර නසන්න


මාගේ දුක තුනී කරන්න-හිතෙනවා මේක දාලා යන්න
හිතුවත් එහෙම දුක දුරුවෙන්න-මට ඔය කිව්වට බෑනේ යන්න


2014-12-01

බිස්නස් නම් බිස්නස් මල්ලී


එකමත් එක කාලයකදි
රිටක් වගේ උසට උසේ
දිඝජන්තු යයි නම් ඇති
මිනිහෙක් උන්නා

කොච්චර උස වුනත් අහෝ
කතා කරන එක අමාරු
මේ මිනිහට උපතින් එන
ගොතයක් තිබුණා

2014-11-27

ව්‍යාඝ්‍රා


එකමත් එක රෝහලකට- ආපි අලුත් නර්ස් කෙනෙක්
මෙයාට මෙහි වැඩකටයුතු-අමුතුයි පෙනුනා

හැමදාමත් රෑට රෑට- වයසක ලෙඩ්ඩුන් ඉන්නා
වාට්ටුවේ හිටපු නර්ස්-කල වැඩ පුදුමයි

2014-11-25

ජංගි



මම දැම්මෙමී හොර ඡන්ද පුරවාලා පෙට්ටී
හාමිනේට අනූනමයෙදී....
මම ඉන්නෙමී රෙදි ඇඳගෙන වාගේ
නෑ මගේ.... රෙදි, මං හෙලුවෙං...

2014-11-22

කම්බි වැට


අවන්හල එක්කොනක
මධුවිතක පහස විඳ
සැනහෙනා අතරතුර
මෙබස් සවනත වැකිණ

මතකදෝ පෙරදිනෙක
වසර ගණනකට පෙර
මේ අවන්හලේදී
අප මුලින් හමුවුණා

2014-11-20

පොදු අපේක්සකයා


කලියුග කාලෙට උපන්න පොදු අපේක්සකයො දෙන්නෙක්
අතර මගදි මුණගැහිලා බෝක්කුවක් උඩ ඉඳගත්තේ
එකෙක් මහගම පැත්තේ - අනික ගම්පහ පැත්තේ//

2014-11-18

ඇපල්


තරුණ බවින් දුරස් නොවුන- මවක් සමග ඇයගේ දූ
රිසිසේ තැන් තැන්හි ඇවිද- වරදේ බැඳුනා

මෙහෙම යනෙන‘තර දවසක්- දුවගේ නෙත හා සිත ගත්
තරුණෙක් දැක ඇය ඔහු හා- පෙමින් වෙළෙන්නේ

විවාහයද ගිවිසගනී- තරුණිය දැන් හරි තැන්පත්
මා පිය අවසර මැද්දේ- බඳින්න හිතුවා

2014-11-16

පොඩිඑකාගෙ රචනාව


ඈත එපිට ගම්මානෙක-දුෂ්කර පාසලක්ය එය
දිළිඳු දරුවො කැළකිය-මෙහි ඉගෙනුම ලැබුවේ

පාසැල අල්ලපු ඉඩමේ-අයිතිකාරයා හිතුවා
පාසැල් ඉඩමෙන් පොඩ්ඩක්-අල්ලා ගන්න

2014-11-12

කොයි බොලෑ අවයව?


අදිරද බලමුලු සේනා
දෙකට බෙදී යුද වදිනා
සමයක සිදුවුණා කියන
කතාවක්ය මේ

බලවත් දෙරටක් එකිනෙක
සටන් වැදිනි දූපතකට
හිරු නොබසින රටක්ද මේ
දෙපිලෙන් එකකී

2014-11-10

300 (තුන් සීය)


දවසක්දා හැන්දෑවක
උයන් තෙරක බංකුව මත
දෙටු පුරවැසියන් තිදෙනෙක්
ඉඳගෙන උන්නා

එකෙකු වයස හැත්තෑවයි
අනෙකා හට අසූවකුයි
ඉතිරි කෙනා අනූවකැයි
කියලා කියමූ

2014-11-07

අම්ම ගියා...ඈ...ඈ...ඈ...

(http://urwhitecat.wordpress.com/2012/02/19/crying-baby)
පංතියේ කොටුදැලෙන්
පෙනුනු ලා කොළපැහැය
හැරවීය හිස මගේ
...........අපේ අම්මා අැවිත්!

ලොසිංජර අහුරකුයි
ටීචගෙන් හොඳනමයි
පුංචි හිත පිරීලා
සිනා පණහක් මවලා

විනාඩියකින් දෙකෙන්
ඈ ගියා නික්මිලා
“මාධවිට ආසනං
අම්ම එක්කල යන්න“

2014-11-04

උපාසකම්මා


හිමිදිරියෙම අවදිවෙලා
මැදගත් සුදු සලු පොරවං
මල්ල අහුරලා අරගෙන
යන්න හදනවා...
...සසරින්, යන්න හදනවා

කොට්ටේ යට සැඟව තිබුණු
පසුම්බියෙන් මුදල් ඇරං
ආයි ගැනල ආයි නවල
අහුර ගන්නවා...
...යනතැන අරගෙන යනවා

2014-10-31

උංගල් අම්මාවින් එංගේ?


හිතට එන දේ මිසක
පිළිවෙලක් නෑ මෙමට
තාලයක් පමණක්ය
රැඳී අැති පැදි පෙළක

මගේ මිනිසුන් සොයා
කරදරද කම්කටොලු
කිසිදිනක නැත පැමිණ
සම්ප්‍රදායේ පිළිවෙලට

2014-10-29

පුංචි වල් රෝස මල


ලෝකයම එරෙහි වී
සටන් පොලු ගනිද්දී
කැන්දගෙන ආවෙ මං
ඔය ලෙසින් නිදන්නද

එකත් අතකට හරිනෙ
මටත් ඕනිව තිබුණෙ
නිදියන්න නේන්නං
ඔයත් තුරුලට අරං

2014-10-27

ස්වස්ථි සිද්ධම්!!!



ඉඳහිට ගලා එන
සිතිවිලි අකුරු කරමින
නන් තැන්හි රැඳෙමින
කව් රස බෙදූ මැනවින

නිදහස් සිතට එන
කව් පද එකින් එක ගෙන
ගලපාගෙන සොඳින
මියුරු නමකින් අකුරු කරමින