2014-12-24

ආධාර


සෑහෙන කල් විදේශයක - සේවය කල පුරවැසියෙක්
ආපසු මව් බිමට පැමිණ - ගෙදර යන ගමන්

අගනගරේ වීදි පුරා - රථවාහන බ්ලොක් වීලා
නතරවෙලා තිබෙනා දැක - කිමදැයි බැලුවා


වාහනයෙන් වාහනයට - පියනගමින් යමක් කියන
පොලිස්කාරයෙක් දැකලා - ඔහුට ලං වුණා

මොකක්ද මේ තදබදේට - හේතුව යැයි ඇසූ කලට
පොලිස්කාරයා වී ඇති - දේ පවසන්නේ

අපි ඉන්නේ ගැටලුවකයි - අපේ රටේ නායකයා
හතර අතේ ණය වීලා - වැලේ වැල් නැතේ

බිලියන ගානක් මුදලින් - ගෙවන්න සිදුවී ඇත දැන්
පවුලේ අය පවා ඔහුව - ඇත මග හැරලා

අද ඔහු එළියට බැහැලා - දැම්මානොවැ තර්ජනයක්
පෙට්‍රල් වත්කරගෙන ගිනි තියං මැරෙන්න

ඉතිං මේව තව බලාන - ඉන්නට හැක්කේ කාටද 
ඒ හින්දයි ඔහු වෙනුවෙන් - යමක් කරන්නේ

වාහනයෙන් වාහනයට - ඇවිද ගොසින් හැකි අයගෙන්
ටික ටික හරි ආධාරයි - මේ රැස් කෙරුවේ

මේ කතාව ඇසු මිනිසා - නැවත පොලිස් පොර අමතා
ඉතිං දැනට කොච්චර රැස් කෙරුවද ඇහුවා

.
.
.
.
.
.
.
පටන් ගත්ත විතරයි මේ - දෙන්න තමයි මේ පෝලිම
තමා එකතු වී ඇත්තේ ගැලුම් තිස් පහයි

22 comments:

  1. Superb !
    ( මං කථාව නම් සිංහල බ්ලොග් එකකම දැක්කා, බ්ලොගේ නම මතක නැහැ .. )

    හැක් .. මං හිතුවෙ ඒ රටේ උන් හදන්නේ නායක උතුමාණන්ට මුදල් ආධාර දෙන්න කියලා.
    නැහැ.. ඒ ඇත්තෝ ඉල්ලන්කවේ අයට වඩා බුද්ධිමත් වගේ ...

    ReplyDelete
    Replies
    1. සඳරු කාලෙකින් නේ?
      ඔරිජිනල් එක බිල් ක්ලින්ටන්ට ගහපු කාඩ් එකක්. සිංහලෙන් ලිව්වනං බොහෝවිට මාතලං වෙන්න පුලුවන්.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මගෙ මතකෙ තියෙන්නෙත් එහෙම තමා, Link එක හොයාගන්න බැරි උන නිසා දැම්මෙ නැහැ ..

      අනිවාර්යෙන්ම ..
      // ඇමෙරිකාවෙ එහෙම වුනත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ. //

      Delete
    4. ඒකගෙ ලින්ක් හොයනවට හොඳයි ඉතිං...

      Delete
  2. තෝ නම් යකූ.......................

    පට්ට බොල. මුලින්ම ඒත් මං හිතුවා අපේ රටේ ගොංජනයා ලොක්කා පවු කියල සල්ලිවත් එකතුකරල දෙනවා කියලා. බැලින්නම් මේ පෙට්‍රල් නොවැ එකතු කරන්නෙ ලොක්ක ගිනි තියන්න. මේ පාරත් දිනුවොත් සමහර විට මහපාරෙම නිවන් යන්න වෙයිද දන්නෙත් නෑ. මොකද දෙදාස් විසිදෙක වෙනකල් මේ ඉන්න මිනිස්සුන්ට ඉවසගෙන ඉන්න පුලුවන් වෙයිද කියල සැකයි.

    ReplyDelete
    Replies
    1. ඇමෙරිකාවෙ ඇමෙරිකාවෙ
      ඇමෙරිකාවෙ එහෙම වුනත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ.
      අපේ උන්ට පෙට්‍රල්වත් නෑ...........

      Delete
  3. තොට දේව ශාපය ලැබෙනවා

    ReplyDelete
    Replies
    1. කළබල වෙන්නේ ඇයි? මේක ලංකාවෙ සිද්දියක් නෙමේ.
      http://www.lotsofjokes.com/political_jokes_1.asp

      Delete
  4. අට වෙනිද සෙනසුරු මාරුව උනේ නැත්නං ඔය පෙට්‍රොල් ටික ඉතුරු කරගනින් අපිට ගිනි තියං මැරෙන්න.. හැක් හැක්.. පට්ට අදහස.. පට පට කවි ටික.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. තාම එකතුකරනවා අනේ. බලමු.
      ජයවේවා!

      Delete
    2. නියමයි මදාවියෝ.මේක මේ අපේ රටේ විද්දවුන දෙයක් හෙම නෙවෙයි නේද?

      Delete
    3. පිස්සුද අයියෙ? ඇමෙරිකාවෙ...ඇමෙරිකාවෙ.

      Delete
    4. \\අට වෙනිද සෙනසුරු මාරුව උනේ නැත්නං ඔය පෙට්‍රොල් ටික ඉතුරු කරගනින් අපිට ගිනි තියං මැරෙන්න.//

      ++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    5. ඇයි සමහරු සිමෙන්ති එකතුකරන්නෙ. අපිනං සුපර් ග්ලූ.

      Delete

  5. මදාවියෝ ඔන්න එහෙනම් මේකත් කියවගෙනම එකතු කරන්න පලයන් .....


    ගඟට කපන ඉණි ගඟදිය රැගෙන යති
    සැපට වැඩුණු කය පොළොවට දිරා යති
    අපට නොවේ බඹුටත් මරු ළඟාවෙති
    පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති

    මලේ සුවඳ නැතිවෙයි පෙති හැලුණාම
    ගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුණාම
    ගඟේ මහිම නැතිවෙයි දිය සිඳුණාම
    දුන්දේ සුවඳ පවතී ලොව හැමදාම

    කෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම
    බීමෙන් හොඳ බීම මවුගේ කිරි බීම
    දීමෙන් හොඳ දීම දුගියට දන් දීම
    යෑමෙන් හොඳ යෑම නිර්වාණෙට යෑම

    කන බොන කෑම තනියම වළඳන්න එපා
    අසරණ කෙනෙකු ආ විට එළවන්න එපා
    අනුවණ කමින් පව් සිදුකරගන්න එපා
    නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා

    ගී තනු - රෝහණ වීරසිංහ
    ගායනය - සුනිල් එදිරිසිංහ

    ReplyDelete
    Replies
    1. //කනබොන කෑම තනියෙන් වළඳන්න එපා.//
      ගිනිතියා ගන්න එක තනියෙන් කරගන්න එකම මදෑ සින්දූර්.

      Delete
    2. යකෝ මම මේක කිව්වේ උඹට ආධාර ඉල්ලන්න යන්නනේ ....
      (අර හිඟන කවි වාගේ )

      Delete
    3. මං මටම පෙට්‍රල් ඕනිවෙන දාට කියලා ගාණක් ඉතිරිකලා. අවුරුදුපතා පහලබහින බොරතෙල් මිලට ප්‍රතිලෝමව ඉතිරිය වැඩිකරනවා.

      Delete
  6. පට්ට..! ගැලුම් තිස්පහ මදැයි ගිනි තියාගෙන නෙමෙයි ගිලිල මැරෙන්න වුණත්.. :D

    ReplyDelete
    Replies
    1. ඔව්වොව්, ඒ ටිකත් මදි නෑ. ඒ වුනාට කට්ටියටම ඕනි මේ මහා පුණ්‍යකර්මයට දායකවෙන්නනේ.

      Delete
  7. මමත් හිතුවේ ඒ ජහමනයත් අඩුගානේ රුපියල් සීය ගානේවත් එකතු කරලා දෙන්න යනවා කියලා

    ReplyDelete