2015-08-24

කළගුණ - 01

ගිය වසරේ ඔක්තෝබර්         විසි හත දා
ඉගිලෙන සමනලෙක් විලසින් තටු විහිදා
මේ අවකාශයට පියඹා          පැමිණිය දා
මධුමාධවී කව් සරණිය     ඇරඹුණු      දා



දස මාසයක් ගෙවිලා යන තැනේ මෙම
පණස් දහසකුත් ගොඩවී ඇත  මෙ ඉම
ඇරඹුනු දා පටන් වෙනසක් නොදැනීම
රැඳුනු ඔබට කළගුණ සලකමිය     මම


කවි අඩවියක් මෙතරම් දුරකට    ඒම
මටනම් රජ කමකි ඔබගේ පිළිගැණුම
කළගුණ සලකනා විලසින් ඉතින් මම
සුරතින් අඳිමි රූපය ඔබ      සැමගේම

කෙතරම් ඉහල සංඛ්‍යා ඇතිමුත්     ලබලා
මුල අමතක කරනු කෙලෙසද අහක බලා
පිරිහීමට මුලයි එලෙසින් වීම           මුලා
එනිසා සිහිකරමි එන කියවන       ඔබලා

මුල් දින මෙහෙට ගොඩවීලා         සුභ පතලා
මා කවුරුදැයි සොයනට වෙහෙසත්        වීලා
දාහත් දෙනෙක් ඇත මා හට මතක්       වෙලා
දෙන්නෙමි සිහිවටන බඩ කට          පුරවාලා




පළමුව අදහසක් පළකෙරුමට           පැමිණ
උපදෙස් සමග සුබ පැතුමන් ගෙන       එමින
අද දින දිසාපාමොක් පැටියෙකු         ලෙසින
සිටිනා  මගෙ මලේ ඔබ සිහිකරනෙමි   මුලින



ආගිය අතක් දැනගන්නට නැතිව           ගියා
ඔබ නැති අඩුව අපහටනම් දැනෙන        නියා
නැවතත් ලියනතෙක් සිටිනෙමි දෙනෙත් අයා
කොයි වල ගිහින්දෝ උස දඬු අපේ        මෙයා




ඉමක් කොනක් නැති විශ්වය කරා           ඇදී
දහවල් තරුද අපහට ඇත පෙන්වා              දී
ඔබ දැන් නිතර නොදකින එක හිතට        මදී
මේ කොල්ලත් ප්ලූටෝ වෙත ගිහින්        ඇදී



මුන්නැහේගෙ තරු දානේ                 ලියන්නට
සිදුවී ඇත්තෙ අපටයි             පෙනෙනා ලෙසට
ඉඳහිට පෙනී නොපෙනී යන              විලාසෙට
සිතිජයෙ ගිලෙන හිරු සිහිවේ      මොහොතකට




අමු චණ්ඩියෙක් විලසට  ඇඳගෙන  සිටියා
කතාවෙන් පෙනේ මූ නම්       බඩු දෙයියා
හැමතැන නිතර නෑ ඉඳ හිට      පෙනී ගියා
ඉන්න තැනක සැප ලැබියන් කොන්ඩයියා




වැඩ්ඩෙකි ඇත ලොව අප රට නමද තියා
ගුවන් තොටක් වුව දවසෙන් හදයි මෙයා
විවේචනය අතිනුත් පෙරමුණ        හිටියා
මම ගරු කරමි සිහිකරලා          මේ සීයා




වතුරේ කලක් බැහැගෙන උන්නා     මදිව
ජල සම්පත් රකින ලකුණක් ඇත්තෙ තව
ගැදි පැදි දෙකෙන් අප නලවන සේම නැව
මිතුර හරි දුකයි නුඹ දැක        නෑනෙ තව




තට්ටේ දිලිසේය බුරුසුව සේ    රැවුල
මහන මැෂින් කොම්පියුටර් නෑ  අවුල
දිරිය මිනිසෙකිය ගති ගුණ ඇති විරල
අටමගලක් ගෙන එන මූ රට      පතල 




රජයේ ගුවන් විදුලියෙ ගබඩාවෙ              තැටී
කොපි ගහගෙන ගොඩගහගෙන තිබෙන  සැටී
තැනට ගැලපෙනා සින්දුව               දමන සැටී
පුදුමයි මචෝ එළකිරි!               උඹ රටක් වටී




අප නිවසේ වීරයෙකිය                 මේ මිනිසා
බ්ලොග් ලොව රජෙකි හැබැහින් වුව ඒ විලසා
අළුතෙන් එන්නන්ට දෙන්නේ මග       පවසා
හඳුනාගන්න හැකිදැයි බලනුව             විමසා




කලකට පෙර කවි ලිව්වත් මෙන්න මෙයා
මුල් දිනයේ සිටියත් දැන් නැති      සැටියා
කවි රස හොඳින් හඳුනන බව පෙනී  ගියා
සුදෝ එන්න ආයිත් මේ ඉමට           ඔයා




එකොලොස් දෙනෙකි ලැයිස්තුවේ නම් ලෙසට
එනමුත් බැට් කරන්නේ දෙන්නයි            එකට
පහන් කණුවකිය ඔබලා                   රූ ලෙසට
රන් පවුලට  මේ තුති                  සහයෝගයට





රූපය අඳින්නට හරි පහසුය         මොහුගේ
වැලමිට පනිනවා ඇන්දම     වෙන  උන්ගේ
මේ අයියත් මේ කොටුවෙන් ගිහිං       වගේ
වෙන වෙන කොටුවලදි බිත්තර දමන රඟේ




චේ පපුවේ මාලෙ ගෙලේ        තිබුණාට
ආදරණීය බිලාලයෙකි            දුටු ඇසට
කියනා වචන නෑසේ කිසි විට      කණට
 ලියන්නෙනම් නැව් පෙරලන්නා ලෙසට




පාට පාට තොල් ගොඩකින් හාදු  ගෙන
අවන්හලක් ඇත්තේ    ගොඩනගාගෙන
ඉඩ ලද විටදි ගොඩවී හොඳ   කියාගෙන
යන නුඹ එතැයි හිඳිනෙමි මග බලාගෙන





පළමු දිනෙන් පසු දුටුවේ නැත  තවම
ඇතැම් තැනක ඉඳහිටලා     දැක්කාම
දේසපාලනය පලු අරිනා         ලෙසම
තරහා නොවන මිනිසෙකි මේ කවදාම




කේසර සිංහයෙක්ගේ රූපය          ඇත්තේ
සිංහය සේම දවසම නිදනව           ඇත්තේ
සිංහ දෙන තමා කටු කනවා           ඇත්තේ
ගොරවන නමුත් යන්තම් සද්දෙකි ඇත්තේ




*************

මේ දාහත් දෙනා හැරුණම ඉතිරි වුන
පසුව පැමිණි සැමගේ රූ අඳිමි      මම
එනමුත් ලිපිය දිග වැඩි වෙන හින්දාම
ඉදිරියෙදී දමමි හැකි  සැම    විටකදිම

අවසන් ලෙසින් අමතක කලයුතු     නොවන
සිව් දෙනෙකිය කලකට පෙර       ඇතුළු වුන
අද මම නොවෙයි මෙහි හිමිකරු මෙසිව්දෙන
උඹලා තමයි සිව් රෝදය මෙය             දුවන



රැයක දුටොත් මළ මුත්තර             පහව යන
බියකරු රූපයකි රුහිරෙහි          ඉව සොයන
එනමුත් තරුණ කොල්ලෙක් බවනම් පෙනින
එල්ලමි සුදුළූණු නුඹ එන            ලකුණු දැන




කයි පද බඳින්නට සුරුවෙකි   මේ පැටියා
හොම්බ දිගයි බෙල්ලේ කැමරා     පටියා
පොටෝ ගහන එක හැර සැම දැන සිටියා
මිනී නොකයි කැ.... හො....        පැටියා



ඔන්න මලේ කැමරාවත්       කටිං  අරං
කළුවර නිසා හුළු අත්තත්    අරං  වරෙං
පෝය දාට පන්සල් ගොස් කරන කෙරුං
ආච්චියෙක්වත් බේරෙනු බොරුය මුගෙං


හරි මහතයි සූමෝ පොර විලස  මෙයා
කෙල්ලො දාස් ගාණක් වට කර සිටියා
සෙන්ට්, ඩාදියද සමගින් කෙස් කැටියා
කලිසමෙ තිබී සඳුගෙන් කෑවයි  ගුටියා


*************
ඔබෙන් ලද සම්මාන




*************
ලියලා නිමක් කරනට බැරි වෙනා   හැඩයි
වචනෙට වඩා රූපය දහසක්           දනවයි
ඒක නිසා වෙහෙසක් නොදැනෙන ගානයි
සුන්දර මිනිසුනේ නුඹලා මගෙම      අයයි



(ඊ ළඟ ලිපියට..........................මතු සම්බන්ධයි)



(අද පෝස්ට් එකේ ඉහල පහල යාමට ගාස්තුව කි.මී. 1 ට රු.60 යි)

281 comments:

  1. පනස් දාහක් ලැබූ බව දැක උදේ................රැයින්
    මධු මාධවී තව නිම නැත ගමන.................ඉතින්
    තව තව බිංදු වැඩිකරගෙන අගට.............මෙයින්
    නිම නැති කවි පබඳින්නට දිරිය...............මගෙන්

    කවුරුත් එකතු වූ තැනකිය සතුටු..............සිතින්
    සතුටු සිනහා දෝරේ ගිය බ්ලොගකි..........නිතින්
    නොදුටුව ලබැඳි මිතුරන් එක්වන......මොහොතින්
    මාධවියට සුබ පතනෙමු එකම..................හඬින්

    ReplyDelete
    Replies
    1. ඉවානයා උඔත් ලියපන්කෝ..*කෝ

      Delete
    2. ඔන්න ඔහොම ලියහන්කෝ ෆූසෝ.....

      Delete
    3. එළ බං ලව්පූ‍සෝ... උඹ කිව්වැහේ මුගෙ අහවල් බ්ලොග් එක නිසා නුදුටු අපි කීදෙනෙක් මිතුරන් වෙලා ඉන්නවාද?

      Delete
    4. ඉවාන්,
      එළම තමා කයි ඩබල. තැන්කූ ලව් පූසා. දාමුද පාටියක්. උඹට ඇතිවෙන්න බයිට් දෙන්නං.

      සින්දුවා,
      වැට ගහපං අර ස්වර සංකේත වලින්ම.

      මෙන්ඩා,
      යකෝ කියලනෙ කිව්වෙ නේද?

      ෂෙෆාකි,
      නැට්ට පොඩ්ඩක් පාගන්න බර දාලා... ලියයි ඤව් බාසාවෙන්ම.

      දිල්,
      ඒකත් මට විශාල සතුටක් බං. මම ඒ තරම් හිනාවෙන කෙනෙක් නෙමේ. ඒත් අනික් මිනිස්සුන්ගෙ මූණේ ඇඳෙන හිනාව දකින්න මං පට්ට ආසයි.

      Delete
    5. //තරම් හිනාවෙන කෙනෙක් නෙමේ. //
      උදේ පාන්දර මුලිච්චි වෙනව නෙමෙයි :D

      Delete
    6. එහෙම නෑ. නාඳුනන උන් එක්ක වැඩිය නෑ. සමහරු හිනාවුණාට හිනාවෙන්නෑනෙ බං. ඒකයි.

      Delete
    7. නැට්ට ‍ෙනෙ‍ෙමෙයි අහවල් එක මිරිඅංඹරන දවස වැඩි ඇතක් නැ

      Delete
    8. ජ ය වේ වා !!

      Delete
    9. අටම්,
      ඈහ්... මක්කැයි මේ වෙන්න යන්නෙ.

      විදානේ,
      ඔහොම ලුහුටල යන්ට බෑ. ඉර බහිනවත් ඇඳලා දීලා. හුහ්.

      Delete
  2. අනේ..............ඔයා 50000 ත් පැන්නුවාද හරී ෂෝක් මෙයා. වෙන වෙන එව්වා පන්නන්න එහෙම යන්න එපා.

    හදවතින්ම සුබපතනවා දිගටම ලියන්න.

    මේ, දිගටම ලියපන් ඈ, නැත්තං බලන්න දේවල් නැතිවෙනවා.

    හොඳ හිතින් මේ කියන්නේ, පිස්තොලේ ඔලුවට තියලා හරිය. ලියපිය දිගටම. මම එනවා බලන්න.

    ReplyDelete
    Replies
    1. කැත වැඩ කරන්න එපා සර් ☺ ☺ ☺

      මං කවියක් අමුණගන්න පොඩ්ඩට මැදට පැන්නනේ ... කොහේද ජම්මේට වැඩිය පුරුද්ද ලොකුයිනේ ... ☺ ☺ ☺

      Delete
    2. විචාරක,
      වැට කොටු එහෙම පනින්නෙ නෑනෙ ඉතිං අපි.
      ස්තුතියි! මගේ දණිස් දෙක මැඩ්ලින් ගහනවා බයේ. ලියන්නෙ කොහොමද ඉතිං මෙහෙම අත් දෙක උස්සගෙන.

      සඳරු,
      දෙක වීමේ සටනද? යුද්දෙදි අනු ශූරතාවයක් නැ කියනවනෙ.

      Delete
    3. සැර් පිස්තෝලෙ හොර එකක් නේදැ ??:D

      Delete
    4. තුවක්කුවල නං තියෙනවා වල්ල කියලා එකක්. පිස්තෝලවල කොහොමද දන්නෑ.

      Delete
    5. පිස්තෝලෙ තියෙන්නෙ butt එක. ඒ කියන්නෙ පුක...

      Delete
    6. ජ ය වේ වා !!!

      Delete
    7. ඩ්‍රැකී,
      දෙක මාරු වෙලා නේද? තුවක්කුවටනෙ ලොකු එකක් තියෙන්නෙ.

      විදානේ,
      මක්කා වෙලාද මේකාට?

      Delete

  3. දස මසක් ගෙවී යන තැන රස සරණිය ඇරඹිලා
    පනස් දහස ඉක්මවා රසවතුන් ඇත පැමිණිලා
    දුර ගමනක කඩ ඉමක් පමණි, මේ පසු කලා
    තව දුර යමු ... රස කවියෙන් තව මෙය සරසලා

    මාතලන් පෙරදී කියා ඇත සහසුද්දෙන්ම
    එකිනෙකට වෙනස් රස මැවුවා නිතැතින්ම
    දැන් නම් මාධවියේ ඇසුරේ වරද නිසවෙන්ම
    උඹ නියම මදාවියා වී ඇත ඇත්තෙන්ම

    * හැමෝම කියනවනේ මාධවි ( මදාවි ) නිසා අනික් උන් නරක් උනා කියලා, ඔන්න මං එහෙම කියන්නේ නැහැ. උඹව නරක් කොරලා ... ඔව් .. ☺ ☺ ☺

    * අනේ බොල, මං මේ අඩවියට විතරක් ගොඩ නොවැදී යනවා නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ඉඳහිට එන බවනං පේනවා. බලන්න මොනතරම් හැකියාවක් ද මේ යට ගහගෙන ඉන්නෙ. ස්තුතියි!

      අන්න උඹට තේරුණා. මමයි නරක් වුණේ මුං හින්දා.

      Delete
    2. ජ ය වේව ා

      Delete
  4. ජයවේවා මධවියෝ .....බොක්කෙන්ම සතුටුයි මචෝ ...තවත් ඉදිරියට ලියන්න ශක්තිය දහිරිය ලැබේවා !!!!

    ඉරා අඳුරු පට පෙරදිග අහසේ
    පොකුරු පොකුරු තරු නිවී යන්ට පෙර
    අරුනලු උදයේ දිලිසෙන පිනි මත
    පියමන් කරමින්
    අහස් ගව්වටයි ලං වන්නේ

    හිරුරැස් දැඩිවී හැකිලී ගුලිවී
    සැඟවී යාදෝ පිනිකැට මිහිතුල
    පා පෙරලී ගොස් රැඳේද අප හැම
    ඉමක් නොපෙනෙනා අහස් ගඟේ

    ඉර හඳ නැතිවී සුළඟ සුසුම් ලන
    දවසක් ඇවිදින් උදාගිරෙන්
    කඳුලක් සුසුමක් හදින් ගලන තෙක්
    එකමුතු වී අපි ඉමු මිතුරෝ

    එන්න මගේ පිය මිතුරෝ..................

    ගායනය - සනත් නන්දසිරි
    ගී පද - මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු
    තනුව / සංගීතය - ප්‍රේමසිරි කේමදාස

    ReplyDelete
    Replies
    1. තැන්කු සින්දුවා! උඹලා තමා මගේ හයිය.
      උඹ දැන් මේ බ්ලොග්වල දාපු සින්දු ටික එකතුකලත් පෝස්ට් 100 ක් විතර හැදුවැකිනෙ බං ගායක ගායිකාවො අනුව වුණත්. උඹ දැන් ලියනවා හොඳටෝම මදි.

      Delete
    2. ළඟදි බැන්ද එකා වෙච්චි :D

      පොඩි සමාවක් දෙමු නේද බං .. හැක්

      Delete
    3. "මුට්ටිය ඉවර කෙරුවෙ ගහ මුලදිම මං
      බෝතලේ ඇරපුවාම චියර් කෙරුවේ මං
      රෑ දවල් ගතවුණාම සැලකුවේ නෑ මං
      දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං
      දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලා මං"

      හැක් හැක් ........

      Delete
    4. පත්තරේ,
      මූත් බැන්දද? ඒක තමා පොහොට් එකක්වත් නැත්තෙ. ඔය මගුලත් නිවල ලාම්පුවත් නිවල මෙන්න මෙහෙ එනව ඕයි කියනවා ඇති හාමිනා.

      සින්දු,
      ටිකක් මැචුවර් වෙනකොට හොරෙං පනින ක්‍රම අහුවෙයි බං. අඬංට එපා.

      Delete
    5. //උඹ දැන් ලියනවා හොඳටෝම මදි//
      අනිවා. අඛණ්ඩව ලියන එකෙක් හැටියට මාත් දෙක බිමහෙලා අනුමත කරනවා. :v :v

      Delete
    6. අඩෝ මෙන්න මරප්‍රියා.. ඇවිල්ලා... මං හිතං උන්නේ ටොයිලට් එකේ තාම නිදි ඇති කියලා...

      ආ...
      ජ ය වේ වා ර්!!!!

      Delete
    7. ප්‍රියා,
      අප්පට සිලි. මෙන්න ඇවිල්ලා. වමට හැරියං. දකුණට හැරියං. කෝ බං දෙක?

      විදානේ,
      හ්ම්...හ්ම්... ටොයිලට් කේස් එකේ හිරවුණු පාර තමා මේ.

      Delete
  5. 50000 ට සුබ පැතුම් මධු......
    කට්ටියට කියපුව හරියටම හරිද......මේ පාරත් මධු පොල් පාරක් කයි වගේ.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සබරේ ඇනෝ!
      අද කෙල්ලන්ට මොකුත් නෑනෙ කියලා. අදට මං බේරුණා. හෙට අනිද්දට බඩු හම්බුවෙනවා.

      Delete
    2. ජ ය වේ වා !!!

      Delete
  6. 50000 ට හදවතින්ම සුබපතනවා.. හරිම ක්‍රියේටිව්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුශානි! සද්ද නැතිව ඇවිත් යන බවනං දන්නවා.
      මේ ගැනත් කියන්න ඕනි. මේක ෆෝටෝෂොප් එඩිටිං නෙමේ. මේක කොරල් ඩ්‍රෝ. පින්තුරයක විවිධ වර්ණ කලාප අතින් ඇඳලා, ආසන්න වර්ණ යෙදීම කරන්නෙ. සම්පූර්ණයෙන් ගණිතයේ එන වක්‍ර හා සරල රේඛ විතරයි භාවිතය. ඔයාගෙ පික්චර් එක අඳින්න ලේසියි. ෆොටෝ අමාරුයි.

      Delete
    2. ජ ය වේ වා ූූූූඋඋඋ

      Delete
  7. එල ද බ්‍රා..
    උඔගේ බ්ලොග් එකට පැයකට සැරයක් එබෙන්න බැරි වුනොත් කප් නැති බ්‍රා එකක් මැහැව්වා වගේ..
    මේ දවස් ටිකේ බ්ලොග් පැත්තෙ එන්න බැරිවුනේ ඡිවිතේ ලොකු කඩඉමක් පනින්න යනවා. ලගදිම උඔලට ඒ ගැන කියනවා.
    මේ ස්තුතියි කිරිමත් බ්ලොග් ලෝකයට අලුත් කලාවක් හදුන්වා දිමක්..
    ඇත්තටම මේ බ්ලොග් එක උඔගේ නෙමෙයි අපේ..
    බ්‍රන්ඩ් එක ගල් ..නෑ මම ඒක නිකන් කිව්වේ පාටියක් දෙන්න හිතුනොත්.

    ReplyDelete
    Replies
    1. උඹේ ජීවතේ කඩඉම මොකක් වුණත් අපි හැමෝම උඹට බොක්කෙන් සුබ පතනවා. මේ බ්ලොග් කෙරුවාවෙන් අපි හම්බකරපු සම්පත් තමයි උඹලා...

      Delete
    2. මෙන්ඩා,
      උඹව දියවඩන නිළමේ වගේ පෙරහැරේ අන්තිමට තිබ්බෙ ඒ උඹේ නොවරදවා ඒම නිසාම තමා. ඇත්තටම දැන් මේකෙ මට අයිතියක් ඇත්තෙම නැති තරම්. මේක ඇදගෙන යන්නෙ උඹලා.

      දිල්,
      අනිවා..ඩෙෆා...

      Delete
    3. දැන් 18 කනුවෙන් වෙන කනුවකට පනින්න කාලෙ හරි තමයි මෙන්ඩො.

      Delete
    4. 19 හොඳා.. බට් එක්ස්පීරියන්ස් වල පොඩි අවුලක් තියනවා :D

      Delete
    5. //උඔගේ බ්ලොග් එකට පැයකට සැරයක් එබෙන්න බැරි වුනොත් කප් නැති බ්‍රා එකක් මැහැව්වා වගේ..//
      හිනා ඉස්මුරුත්තෙ යනවා බොල. පට්ට කතාව.

      උඹ ඔය පනින්න හදන කොටුවත් ඉක්මනට පැනපිය මෙන්ඩො.

      :D

      Delete
    6. ආයේ තාත්ත කෙනෙක් වෙන්න යනවා වද්ද....

      ජජ යය වේවේ වාවා !!!!!

      Delete
    7. ප්‍රියා,
      මෙන්ඩා කවදා හරි උගේ නමින්ම බ්‍රෑන්ඩ් එකක් ගහයි වගේ.

      විදානේ,
      අනේ ඕකාව බය නොකර ඉඳහං. දැනටමත් කී දෙනෙක් ඉන්නවද දන්නෑ නොදැනුවත්ව.

      Delete
  8. ලක්ෂෙට කොඩිය දාන දවසටත් මේ සීයාවත් මතක් කොරහන් මුනුබුරේ.....වැඩි කල් නෑ....
    ජයෙන් ජය...!!!!

    ReplyDelete
    Replies
    1. සීයගෙ එක රූපයක් ඇන්දා අර ගෙයි රූපෙ. පස්සෙ අමාරුවෙන් හොයාගෙන ෆොටෝ එකක් පාටකරලා ගත්තා ඉතිං මගේ බොක්කක් නිසා.
      ජයවේවා!

      Delete
    2. ටූ තම්බ්ස් අප්!

      Delete
    3. //බ්‍රෑන්ඩ් එක VX !!//

      බයිට් එක වල් ඌරා.

      Delete
    4. කසියා...
      ඉස්සෝ ඩෙවල්..
      VAT 69
      සෝඩා...
      සමග... උපුල්...


      ජ ය වෛ් වා !!

      Delete
  9. මම මේ අඩවියට ඇබ්බැහි වුණේ 'පිළිම' කියන පෝස්ට් එකෙන්. ඊ‍ට පස්සෙ පුරුද්දක් හැටියට මම දිගටම මේකට එන්නත්, රිප්ලයි කවියෙන් කරන්නත් පුරුදු වුණා. උඹ ලියපු කවි අතරින් මං වඩාත්ම කැමති 'මෙහෙමත් සත්තු' කියන කවියට. මේ තියෙන්නෙ ඒකට මම දාපු කමෙන්ට් එක

    DilshanMarch 22, 2015 at 10:20 AM
    විශිෂ්ටයි මේ කවිය ඹබ ලියු මාධවී
    දැනුනි හැඟුමන් කීරි ගසමින් හද දැවී
    ලොවේ කොතරම් ඇද්ද ගැහැණුන් මේ ලෙසින් තව තැවි තැවී
    ඔවුන් හැමටම උපහාර වේවා පුදමි මේ කුසුමන් කවී

    ජානකී සුරියආරච්චිගෙ දොයි අම්මා සින්දුව ගූගල් කරලා අහල බලන්න. ඒත් මේ වගේම කතන්දරයක්. වෙනස අපූරුයි මාධවී. (උඹට මාධවී කියපු පලවෙනි පාරද කොහෙද)

    ReplyDelete
    Replies

    මධුමාධවී රස සරණියMarch 22, 2015 at 7:42 PM
    මේ කවියනම්..... කියලා වැඩක් නෑ ඩිල්.
    සොයාගත්තා... රසවින්දා... ජානකීට පැනි මූණක් විතරයි තියෙන්නෙ කියලා වරක් කියලා තිබුණා අපේ මහා විචාරකයෙක්. ඒ කමෙන්ටුවෙ තිබ්බ ඊර්ෂ්‍යාව මේ ලින්ක් එකෙන්වත් දුරුවේවා!
    https://www.youtube.com/watch?v=Ofvk0FeuTlk

    Reply

    එදා ඉදලා මම මේකෙ නිත්‍ය ෆෑන් කෙනෙක්. උඹ ලියපු දෙයක් මට ඇල්ලුවෙ නැත්නම් මං කවදාවත් බොරුවට එ්ක පට්ට කියල කිව්වෙ නෑ. උඹට මතක ඇති සමහරදාට මේක ඒතරම් රහ නෑ මධූ කියල මං කියල තියෙනවා. ඒ මං මේ අඩවියට ආදරේ කරන නිසා.
    (වල්) කවියෙක් හැටියට මං මතුවෙලා ආවෙ උඹ නිසා. මීට කලින් කවියෙන් උඹට රිප්ලයි කළාට, මූණු පොතේ කලාපියස වගේ ගෲප් වල කවි සංවාද පවත්වලා තිබුණට මගේ කවියකට මේතරම් ප්‍රතිචාරයක් ලැබුණෙ උඹේ බ්ලොග් එක නිසා.

    පනස්දහස් දෙනෙකුන් වෙත ළං වීම
    උන් හදවත් රස කවියෙන් සැනසීම
    උපහාසය මිසක නොකළෙන් ගැරහීම
    ගරුකරනෙමි නිතර කරනෙමි පැමිණීම

    උඹට ජයවේවා මධූ......

    ReplyDelete
    Replies
    1. බුජු අම්මෝ! පෝස්ට් එකක් වගේම දිගයි! හැක් හැක් තැංකුයි මචෝ!
      අවංක විවේචනයක් තමා බං මටත් ඕනි. ඇත්තටම ඒ උඹලා මගෙන් වඩා හොඳ නිර්මාණ බලාපොරොත්තු වෙන නිසා. උඹ තරං දිගට උත්තරේ මෙතන නොදැම්මත් උඹ දන්නවා මම මේ කියන හැමදේම අගය කරන බවත් හිතින් උත්තර දෙන බවත්. දිගු ගමනකට අත්වැල් බැඳගමු! අපිට ජයවේවා!

      Delete
    2. ජ ය වේ වා !!!

      Delete
  10. කුණු රසට ඇදෙනා ලොකු සෙට් එකක්... ජය වේවා. මාත් ඉන් එකෙක් නෙව ආඩම්බරයි.. හැක්.. හැක්...

    මදාවියෝ උඹ රසය වෙනස් කරපු එකෙක්.. ඒ වෙනස හැමදාම තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ රසට ඇදෙන මොක්කුද එවුන්ගෙන් එකෙක්නේ දේශාත්. බොගෙත් රූපෙ ඇන්ද වෙරි ඊසිලි. දාන්නං ඊ ළඟට ඈ...
      ජයවේවා! ස්තූතියි!

      Delete
    2. කුනු දේසා

      ජ ය වේ වා !!!

      Delete
  11. සුබ පැතුම් මධු....! හම්මපා එකෙන්ම... අර මෙන්ඩයියා කිවුවා වගේ පැයෙන් පැයට මේකට රිංගුවේ නැත්නම් මොකක්දෝ අඩුවක් දැනෙනවා. කමෙන්ට් එකකින් මෙන්ඩයියා එක්ක හරි උඹ එක්ක හරි රන්ඩුවක් අල්ලන් මරා ගන්න මෙච්චරයි තියෙන්නෙ අපිට. මේ බ්ලොග් එක දැන් උඹෙ නෙවෙයි මේකට රිංගන හැම එකාටම අයිතී. දිගටම ලියපන් නැත්නම් විචාරක මහත්තයා කිවුවා වගේ පාර්සල් බෝම්බයක් හරි බැලස්ටික් මිසයිලයක් හරි එවනවා.

    ReplyDelete
    Replies
    1. තැන්කුයි බං! ඒම මරාගැනීම සඳහාම ඇති බොක්සිං වලල්ලක් වගේ දැන් මේක. ඒකත් අළුත් ට්‍රෙන්ඩ් එකක්. හැමදාම අළුත් වෙවී අපි යමු මේ ගමන. හරි හරි මං බයයි.

      Delete
    2. මධාවියෝ.... ඕන්න මගෙ එකත් 5000 පැන්නා අද... පෝස්ට් 20යි. උඹලා ඔක්කොටෝම තෑන්ක්ස්....

      Delete
    3. ජය වේවා! යකෝ පෝස්ට් 20 ට 5000 කියන්නෙ එකකට 250 ක විතර ට්‍රැෆික් එකක්. සතුටුයි බං සතුටුයි. දහ දාහත් ගහන්න ඇහැකි වැඩිකල් නොයා.
      ඒත් සිංහලෙන් බ්ලොග් ලිවීම ආරම්භ කරපු එවුන් කමෙන්ට්ස් හිට්ස් මොකුත් නැතිව ඇදගෙන ආපු ඒමට අපි කැලේ බං. අපිට ප්ලේ කරන්න තියෙන්නෙ එච්චර බෝරිං පිච් එකක නෙමේ.

      Delete
    4. අනිවා කැමා මට තෝ අහුවුනොත් දානවා අපේ ෆිටොනර්ගේ තෝං එක ඇතුලට
      උඔවත් අපි ඉක්මනට මධාවියගේ තැනට අරගෙන එනවා.

      මධු
      ඌට හම්බවෙලා තියෙන්නෙ ෆිල්ඩින් ෆච් එකක්

      Delete
    5. මෙන්ඩා,
      ඔව් ඔව්... මූ බැට් කරනවා මදි. මේ පාර පෝස්ට් එකටත් තාම නෝ ආන්සර්.

      Delete
    6. ඔන්න බැට් කරන්න පටන් ගත්තා. වැඩ වැඩී බං මේ දවස් වල. පරණ උන් කට්ට කාලා අපිට මේ තැන හදලා දුන්නට උන්ට පිං.

      මෙන්ඩෝ,
      අනේ දාපංකො.... උඹ හොඳ එකානෙ... දානවා නේද...?

      Delete
    7. ඒක ඒ තරං සැප ඇති වැඩක්ද බං? ඔන්න ටෙක්ස්ටයිල් ෂොප් එකක එකක්වත්නං තව කමක් නෑ.

      Delete
    8. මාත් හරියට දන්නෑ බං. ඔය කිවුවට ඌ ඕක කොරන්නෙ නෑ. අපිව ෆැක්ට්‍රි එක ලඟටවත් එක්ක යන්නෙ නෑ...

      Delete
    9. මං ගියා නෙවැ :D

      නෙලාගන්න බෑ - මගේ අත දිග නෑ
      ඒත් අනේ තව මල් පිපියං !!!

      Delete
    10. මමත් ගියෝ ...එතකොට මචෝ මම මිටිමක ...උඹට පස්සේ ගන්නම් ...හැක් හැක්

      Delete
    11. කැමා,
      ඕකා ඔය එකකටවත් අත තියන්න දෙන්නෑ. උඹට අඬගහයි ෆැක්ටරිය වටේ රේස් එකක් දුවන්න.

      පත්තරේ,
      උඹට රේස් යන්න කතා කලේ නැද්ද?

      සින්දු,
      ඒ වුනාට කොහොමද මේකෙ දෙන ටෝක්? තෝං එක ඇතුලට දාන්න. අර අශ්වයින්ට හරකුන්ට දාන තෝං වෙන්න ඇති.

      Delete
    12. මධු,
      ඒකනෙ මං බය නැතුව හා කිවුවේ... අපි එනවා කිවුවොත් මෙන්ඩා හැංගෙනවා.

      සින්දු,
      අන්න දුන්න ෆොටෝ එක දැම්මා....

      Delete
    13. ජ ය වේ වා !!!

      Delete
  12. ජීවන මගේ ඇති ප්‍රොබ්ලම් නිමාවන
    ඩර්ට් ජෝක්ස් කවියෙන් දෙයි පිනා යන
    මදාවියා රස ගඟුළකි බොමින් කන
    පනස් දහේ ජය කණුවට ළඟා උන

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බොක්කා! බොමින් කමින් යමු. උඹ කලිං 25000 ටද කොහෙදත් කවියෙන්ම සුභ පැතුවා.
      ඡන්දෙට ගිහිං නැවත වාර්තාකලාද?

      Delete
    2. ගිනි කසේට වැඩ... පහුවදාම ආවා... දලා ගියොත් රීලා තියෙයි...

      Delete
    3. අනිවා! බූතයෝ පිණුම් ගහනවා ඇති.

      Delete
    4. රෙෂ්පට් කයිය බොස්..

      Delete
    5. ලොක්කා කොහොමත් ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් ඇන්ඩ් මිනිමම් සවුන්ඩ්.

      Delete
    6. ජ ය වේ වා !!!

      Delete
  13. පැදිපෙළ පබැද ගත සිත සුව කර සොදිනා
    නිමැවුම සුමට කර සුන්දර වදනුත් අමුණා
    ගින්දර සේම කව් අප මතකයෙ රැදුනා
    මධුමාදවිය වෙත මගෙ මේ තුතිමල් පිදුනා

    කව් මදිවාට සිතුවම් කර අපට පිදී
    දිනුමෙන් දිනුම නිති අප සිහි කරන සැටී
    ලෙන්ගතුකම තිබේ හද පතුලෙහිම රැදී
    මධුමාදවිය වෙත තුති පුද කළා මදී

    ReplyDelete
    Replies
    1. පට්ට කවිය ම.මා. අනේ බොලත් කවි ලියල මූට එවහල්ලකො.

      Delete
    2. දෙවෙනි කවියෙ තාලෙ අහුවෙන්නෙ නෑ වගෙ.පොඩ්ඩක් වෙනස් කළා හතරවෙනි පේළිය

      කව් මදිවාට සිතුවම් කර අපට පිදී
      දිනුමෙන් දිනුම නිති අප සිහි කරන සැටී
      ලෙන්ගතුකම තිබේ හද පතුලෙහිම රැදී
      මධුමාදවිය වෙත අප තුති පුද කළා මදී

      Delete
    3. මධ්‍යස්ථ,
      ස්තුතියි මධ්‍යස්ථ! මට එවපංකො උඹේ මූණෙ පොටෝ එකක්. මේ රාජසබාව අඳන්න ගියොත් මං මැරෙයි. කවි දෙක ලෙසටම එනවා.

      දිල්,
      කිව්වට එවන්නෑ අප්පා...

      මධ්‍යස්ථ,
      නෑ මචෝ. ඉස්සෙල්ල එක මාත්‍රා ගැලපෙනවා.

      Delete
    4. මධ්‍යස්ථ
      මිතුරැ සහෝදරකමේ සුවද අද උඔගෙන් දැනුනා..පත්තරයා කොහමත් මගේ මස්සිනානේ

      අනිත් එවුන්
      ඒක අපේ කතාවක්..තොපි දෙකේ හිටපියව් තුනට පනින්නෙ නැතුව

      Delete
    5. අප්පට සිලි! මේකෙ ප්‍රසිද්දියේ කියලා හිටං අපිට කයනවා දෙකේ ඉන්නලු හිටං.

      Delete
    6. ඔඩ්ඩි යකා :D

      මූ යකා උනාට හරි හුරතල් බං . හැක්

      Delete
    7. මෙන්ඩා උඹේ මස්සිනාද බං? ඕකා ළිඳට බහින වෙලාවක කියහං. මං උඹට උපදෙස් දෙන්නං.

      Delete
    8. මා ගැන කතා කළ හැමෝටම ස්තුතියි.

      මධුමාධවී @ මචන් මගේ රූපෙ ඇන්දෙ නැතිවුනාට කමක් නෑ. අනික් අයගෙ ඇන්ද කියන්නෙ මගෙත් ඇන්ද වගෙ තමා.
      මගෙත් ඇන්ද කියල හිතල තමා පොදුවෙ තෑන්ක්ස් කෙරුවෙ.

      Delete
    9. මා ලග නං එකක් තියනව ‍ෙදෙන්නද

      Delete
    10. ජ ය වේ වා !!!

      Delete
  14. දස මාසයක් ගෙවිලා යන කල මෙදිනේ
    පනස් දහසකට කවි රස බෙදු සොඳිනේ
    තව වැඩි කලක් ගතවෙන්නට පෙර එදිනේ
    ලක්ෂෙ පන්නන්න හැකිවෙනු ඇත සතොසේ

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ අනාවැකිය අද හැබෑ වුණා. සාදරයෙන් පිළිගන්නවා මිස්ටර් කොන්ක්‍රීට්! ස්තුතියි සුභපැතුමට.

      Delete
    2. එහෙනං දැං මයිල් ස්ටෝං ටික ඔක්කොම සම්පූර්ණයි නෙ. :D

      //තව එකයි ඉතුරු. ප්‍රසන්නයා. ඒක අවුලක් නෑ... ඒ ඉතිං දේශකයානෙ. ඌ මෙහේ එනවා//
      හැක්.. ඒ නාකියගෙ ගානට මාව දැමීම ගැන මගේ බලවත් මෙවුව එක පොරකාස කරනව හිටං.

      Delete
    3. වෙන්න ඇති මචෝ... අම්මපා මං හිතුවේ උඹමයි කියලා. මොකද උඹලා දෙන්නගෙ පෙනෙනවා මාර ඉස්ට්‍රෝං බොන්ඩ් එකක්.
      සොරි ඈ...

      Delete
    4. ම්දාවියො, ප්‍රසන්න කියන්නෙ ඇත්ත එකා, ඌම ඇනෝ විදිහට ලියන්නෙ දේශකයා කියල උඹ අහුවෙන්න එපා.

      Delete
    5. ඕකනෙ ඉතිං. අන්තිමට ජාතික ලැයිස්තු කේස් එක වගේ තමා මේකත්. අපිමයි රැවටෙන්නෙ. ඔන්න මට තදවෙනවා ඉතිං.

      Delete
    6. හැක්... ආයෙ පාරක් අවුලන්න වගේ යන්නෙ.

      Delete
    7. කව්ද කව්ද මේ බොරු කාරයො සැට් එක. මා සහ ප්‍රසන්ත මහතා අතර ඇති අත්‍යන්ත සබඳතාව බිදීමට මාන බලන සට කපට කම්මලා වැනි එවුන් පලවා හරිමු. සෝකය පරකාස කරමු.. හැක්..

      Delete
    8. දේශෝ උඹේ තුනටත් මගේ සුභ පැතුම් .......හැක් හැක්

      Delete
    9. අඩේ සින්දුවෝ.. උඹ නිගන්ටවාදියෙක්ද?? හැක්

      Delete
    10. නෙදකින් තොගේ කැත හිත ..මම කිව්වේ උඹේ අවුරුදු තුනේ දානේ ගැන .දැන් හැමෝම හැසිරෙන්නේ නිඝන්ටයෝ වගේ තමා ..

      Delete
    11. ප්‍රසන්න,
      කවදා හරි ඕවා එළිවෙන්නෙ නැතෑ.

      දේශා,
      මේ වචන තුල යම්කිසි හැංකි පැංකි ගතියක් ගැබ්වී ඇත.

      සින්දු,
      මාත් සුබ පැතුවා බං. මූ ඒකට මට මැට්ටා කිව්වා. වල් දේසා.

      Delete
    12. ආං ආව ඉතුරු දෙයියා :D

      Delete
    13. ප්‍රසන්නයාද?
      සින්දුවානං කලිං දෙයියෙක් වෙලා හිටියා. පස්සෙ බ්ලොගක් පටං ගත්තානෙ. ඒ නිසා දැන් ඌ බ්‍රහ්මයෙක්. පත්තරේ උඹත් එක්තරා බ්‍රහ්මයෙක් තමා. කය මිස සිත නැති. (වරදවා තේරුම් ගන්න එපා. මම කීවෙ උඹේ බ්ලොග් එක ගැන)

      Delete
    14. /ලක්ෂෙ පන්නන්න හැකිවෙනු ඇත සතොසේ/
      ජොන්ටා ලක්ෂ පනස් දෙකක් ගැහුවලු නේද සතොසෙන්..

      ජ ය වේ වා!!

      Delete
  15. 50000 කඩඉම පහුකරපු මධුට හදපිරි උණුසුම් සුභ පැතුම් පිරිනමනවා. තව තවත් රස කතා, රස වල් කතා ඇඟට නොදැනෙන ලෙස ලියලා අපේ හිතේ බර සැහැල්ලු කරගන්න ඉඩ හසර ලබාදෙන මෙන් කාරුණිකව ඔබ තුමා/තුමියගෙන් ඉල්ලා සිටිමි :D. ඉස්තුතියි.

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මොන තුමා/තුමී ද බං. අඩෝ ලියපිය කියනවා මිසක්. ස්තුතියි සුභ පැතුමට.
      ජයවේවා!!!

      Delete
    2. හරි පුතා !!

      අල්ලහං E මයිනර් එක.. :D

      Delete
    3. පරණ වාහනයක්ද බං?

      Delete
    4. ජ ය වේ වා !!

      Delete
  16. ඔක්කොම පිරිමින්ගේ රූ ඇඳ ඇත මනාකොට..
    කෝ මගේ එකක් ඇයි නැත්තේ කියන් මට ..
    දුකම දුකයි එනනෑ මේ පළාතට...
    මොනා වුණත් ජය පතනවා හදින් බර

    ReplyDelete
    Replies
    1. මුල් දවසේ ආ දාහත් දෙනාවද
      මේකෙ පිණුම් ගහනා සිව් දෙනාවද
      පමණයි ඇන්දෙ මාගල සේ දික් නොවෙද
      එන සතියේ එයි නාඬා ඉන්නවද

      තැන්කු ඔමා. මට ටෙස්ට් මේලක් දාපං. රූපෙ එවන්න.

      Delete
    2. ටෙස්ට් මේලක් නෙමේ ඊයේ කවියකුත් ලියලා එවුවා .

      Delete
    3. අනේ දැක්කෙ නෑ කෙල්ලෝ. ඔන්න රූපෙකුත් එක්කම රිප්ලයි කොලා.

      Delete
    4. ජ ය වේ වා !!

      Delete
  17. පනස් දහසට හදවතින්ම සුබ පැතුම්.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලියයියා!

      Delete
    2. ජ ය වේ වා !!

      Delete
  18. මාධවියෝ...................... මධුවෝ.............

    මේ වගේ වෙලාවට දැනෙන දේවල් කවියෙන් කියන්න බැහැ.... විස්තර වචනයෙන් ලියන ඒකත් අපිව සීමා කිරීමක්.... ඉතින් කොහොමද මේවා කවියෙන් කොටන්නේ... හිතේ තියෙන දේ කියන්න ඔ්න නිසා මෙහෙම ලියන්නම්..

    ඒදා 10.000 ගත්ත වෙලාවේ කිව්ව වගේ ම අදත් කියන්න තියෙන්නේ මේ රවුම් ඉලක්කම ගොඩක් දෙනෙක්ගේ ජයකණුවක්... 50,000ක් කියන්නේ අැත්තට ම බ්ලොග් කෙරුවාව තුළ මහා ජයග්‍රහණයක්..... දැන් ඉතින් සුභ පතන්න තියෙන්නේ ඉක්මනට ම 100,000 ඒන්න ලැබේවා කියලා.... මොනවා වුණත් ඔබ මේ යන ගමන අැත්තට ම සතුටු ගමනක්. බ්ලොග් ලෝකය තුළ වෙනමම මානයක් නිර්මාණය කරමින් අනන්‍යතාවයක් ගොඩනගා ගනිමින් ඔබ මේ යන ගමනට අපි හදවතින් ම සුභ පතනවා......

    මේ වගේ වෙලාවට දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ තමයි මාධුවෝ..... මොනවා වුණත් මේ තරම් වැදගත් වෙලාවක ඒකම ඒක ඉල්ලීමක් කරන්න කැමතියි කුගෑගීප විදිහට.... ඒ තමයි අපි කාටත් බ්ලොගයකට හිරවෙලා ඉන්න බැරි වෙලාවක් ඒනවා.... අන්න ඒදාටවත් බ්ලොග් ලියන ඒක නවත්තන්න ඒපා කියන ඉල්ලීමයි.....

    (අපි දෙන්නා බැට් කරන්නේ තාම කවුරුත් අවුට් වුනේ නැති නිසා බොල.... )))))

    අා............. කියන්න වැදගත් රහසකුත් තියෙනවා... උඹලා මෙහෙ 50000 සමරනවා.. අරෙහේ අසංක අයියා බැන්දා.... ඊයේ දෙවැනි දවස.... බර මගුලක් කෑවා..... අාය....

    ReplyDelete
    Replies
    1. මේ තුෂාරයාද එතකොට? උඹයි අසංකයයි තමා බැට් කරනවා කිව්වෙ. අඩේ අසංකයා නොකියාම බැන්දා එහෙනං ඈ... පව් බං අහිංසකයා. කොහොමට හිටපු එකෙක්ද? ඌත් ලියලා ඉවරයි.

      උඹේ දීර්ඝ කමෙන්ටුවට ඒ වගේම උත්තරයක් දෙන්න බැරි වීම දුකක්. ඒත් උඹ දන්නවා මම හිතින් මේ හැම වචනයක් ගානෙම උඹලාට ස්තුති කරන බව. ඇත්තටම මෙතෙක් දවස්නං නොවැරදීම සතියකට දෙකක්වත් වැටෙන්න ලීවා. ඉදිරියටත් බලමු.
      බොහෝම ස්තූතියි උඹලා හැමෝම දෙන සහයෝගයටත් මේ උණුසුම් සුභ පැතුමටත්!

      Delete
    2. මයි ඩීපස්ට් සිම්පතීස් .… ඕ යේස් !!

      දඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම්- අලුගෝසුවනේ එල්ලාපන් … හැක්

      Delete
  19. කවිය කව් විරිතෙන් රස විඳන්න පුළුවන් වෙන හැටියට මින් ඉදිරියට මේ වගේ මාත්තරා දහ අටෙන්ම පද බැඳීමට හැකි වේවායි පතමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ශනී! ඒ වුණාට මධුමාධවී ඉට්ටැයිල් එක ඉතිං අර වල් කවි ලිවීමේ ක්‍රමයම තමා. ඒක මීට වඩා ලස්සනට නැමෙනවා.

      Delete
  20. /එල්ලමි සුදුළූණු නුඹ එන ලකුණු දැන/

    එල්ලං ඉඳහං එහෙනං...

    ඉස්තූතියි බං මං ගැන විශේෂෙන් සඳහන් කළාට. ඒක ලොකු ගෞරවයක් විදිහට පිළීගන්නවා.

    මං හිතන්නෙ විචාරක මාමා, ඔමා වගේ උදවිය අපි කාටත් වඩා මේකෙ උන්නතියට දායක වෙච්ච අය.

    අන්තිමේ... උඹේ ඔය මොකද්ද කඩඉම පහු කළාට සුභ පැතුම් බොක්කෙම්ම... දිගටම ලියහං අනිත් ගොඩාක් උං වගේ අන්තිමේදි අත්අරින්නැතුව. ඔබා මාමා වගේ මැරෙනකම්ම ලියන්න බොට හැකි වේවා...!!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ඒ දෙන්නත් දානවා අද හෙටම. සකස් කරලා ඉවරයි. මේක දිග වැඩි නිසා පස්සට කල් දැම්මෙ.
      ස්තුතියි! අඩේ මාත් මැරෙයිද ඉක්මනටම?

      Delete
    2. උඹ මළත්, උඹේ ලියවිල්ලෙං උඹ අමරණීයයි...

      Delete
    3. ඕක දෙපැත්ත මාරු කරන්න බැරිවෙයිද බං? උඹ අත්දැකීම් ඇති එකා වෙච්චි.

      Delete
    4. වැම්පයර් එකෙක්ගෙ ලේ බිව්වොත් උබටත් ලේසියෙන් අමරනීය වෙන්න පුලුවන්. මොකෝ කියන්නෙ? අද දෙකෙන් එකක් බේරගම්මුද? ආතල් ජීවිතේ...

      Delete
    5. ඉවානයගෙන් පටං ගනියව් !!!

      Delete
    6. ඩ්‍රැකී,
      මං ඊයෙ දවස මග ඇරලම උත්තර බැන්දෙ ඒකමයි. ඊයෙ වතුර තිබුනෙ නෑ බං.

      පත්තරේ,
      වැඩක් නෑ බං. ඇල්කොහොල් බිඳක් නෑ ලේ වල.

      Delete
    7. පාද්රේ,

      හැමෝටම චාන්ස් එක දෙන්න බෑ බොල. එතකොට ජාතික රක්ත හීනතාවයක් එන්න පුළුවං.

      මදාවියා,

      මොකද්ද වතුර සීන් එක?

      Delete
  21. උඹ සුපිරි ස්තුති පත්තරයක්නෙ ලියලා තියෙන්නේ. එකාට එක ගානෙ කවි ලියන එකම මට හිතාගන්න බැරි හැකියාවක්.

    මම මෙහෙම කියන්නං. මම කවියට ලැදි පුද්ගලයෙක්වත්, කවි ප්‍රිය කරන පුද්ගලයෙක්වත්, නෙවෙයි. ඉතින් කවි ලිවිල්ල ගැන කතාකරන්න දෙයක් නෑනේ.

    එහෙම පුද්ගලයෙකුත් උඹේ බ්ලොගට නිතර යන එන නිත්‍ය සාමාජිකයෙක් වුනා කියන්නේ එක්කෝ මගේ අවුලක් තියෙනවා. නැතිනම් උඹේ අසාමාන්‍ය හැකියාවක් තියෙනවා.

    උඹට මම කවි ගැන කවුරුවත් නොකියපු කතාවක් කියන්නම්.

    අපි රවුමට කැරකිලා කැරකිලා නැවතුනාම ඩෝප් වගේ වෙලා වැටෙන්න යනවා නේද?
    බෝට්‍ටුවක ගිහින් බැස්සාම බිමදිගෙත් ටික වෙලාවක් වැනි වැනි යනවා නේද?
    මෙරිගෝ රවුන්ඩ් එකක ගිහින් බිමට බැස්සාමත් එහෙමනේ?
    රයිෆල් උණ්ඩේ තුවක්කු බටෙන් පිට වුනාට පස්සෙත් කැරකි කැරකිනේ යන්නේ.

    මම කවි කියවාඅ ඊට පස්සෙ කව් නොවන දේවල් කියවනකොටත් මට ඔය අප්සෙට් ඒ තියෙනවා ටිකක් වෙලා යනකල්. ඒ කියන්නේ ගද්‍ය අර තාලෙට කියවෙනවා සෑහෙන දුරක් යනාල්.

    උඹටත් බ්ලොගටත් ජයම වේවා.

    ReplyDelete
    Replies
    1. ඩූඩයියගෙ රූපෙකුත් තියෙනවා ඈ..වේටිං ලිස්ට් එකේ.

      ඒ උපහැරණෙනං මරු වගේම සහතික ඇත්ත. අද මට දිගට ලියන්නත් බෑ මේ කමෙන්ට්ස් වලින් හිත පිරිලා. ස්තූතියි බොහෝම.

      Delete
    2. කළුවට කළු නොවෙයි ඒ නම් දැකුම්............කළු
      විදුලිය කෙටුව වාගෙයි දත් නොවෙයි...........කළු
      විල් ස්මිත් වගෙයි දැක්කම මහා..................නළු
      නැතුවට කවිය කවි රස දත් ඩූඩ්...............කොළු

      Delete
    3. උඹට කියන්න ඉවානයා, ෆොටෝ එකේ කලර් රේන්ජ් හොයන්න ගිහිං මං වැටිච්චි අමාරුවක්...
      සේරම කළු රේනජ් එකේ.

      Delete
    4. මදාවියත් එක්ක තරගෙට කවි ලියනවනං ඉතිං රවියම තමා. මටත් ඒ පැත්තෙ යන්න පාර කිව්වෙ, ඩූඩ් තමා...

      Delete
    5. අර බෝදි ප්‍රකාරේ හරි ගන්ටාර කුලුණ හරි බඳින්න රුපියල් විස්සක් දුන්නාම ඉස්කීපරෙන් කියන කවියක් ඇරුනාම මං ගැන කවුරුවත් මෙහෙම කවියක් පද බැඳලා නෑ කියහංකෝ ඉවාන්. එලම තමයි.




      හිටිංකෝ පොඩ්ඩක්. හිත වද දෙන්න ගත්තා. මං බොරු බං කිව්වෙ. මම ඒකට රුපියල් විස්සක් පූජා කලේ නෑ.

      Delete
    6. පූජ නොකරට කාරි නෑ ඩූඩයියා .… පිං කැටේට කෙලියෙ නෑනෙ … ඒ මදැ :D

      Delete
    7. ඩ්‍රැකී,
      නිදහස් සිතිවිලි ද? ළඟදි කවි ලියලා නෑනෙ බං.

      ඩූඩ්,
      ඔන්න බලාපං ඩූඩයියේ ඊ ළඟ එකේ. ගණ්ඨාර වදින්න දෙන්නෙ.

      පත්තරේ,
      හ ආ.... ඒ පිනම මදෑ නිවන් දකින්න.

      Delete
    8. මදාවියා,

      පරණ එව්වා කියවහං. අවුරුදු ගාණක් කියවන්න දේවල් තියෙනවා. කලිං එව්ව තරං කොලිටි නෑ තමා රවිම දැං ලියන සමහර එව්වා.

      Delete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. 50000 සුභ පැතුම් !!!! වැඩි වැඩියෙන් ලේ පිරිසිදු කිරීමට ශක්තිය ලැබේවා !! , අදහස් පහල වේවා !!!
    පහුගිය ටිකේ පෝස්ට් මිස් උනා.

    ReplyDelete
    Replies
    1. කම්මලේට තවම ඩබල් ..හැක්

      Delete
    2. කම්මලේ,
      උඹට ඉස්තූතියි මචෝ! අවුලක් නෑ. උඹ ආවා කියන්නෙ ඇරියස් එක්ක දෙක දෙක දානවානෙ.

      කම්මලේ,
      උඹට ඉස්තූතියි මචෝ! අවුලක් නෑ. උඹ ආවා කියන්නෙ ඇරියස් එක්ක දෙක දෙක දානවානෙ.

      සින්දු සින්දු ඇනෝ ඇනෝ එයා එයා ඉතිං ඉතිං ඩබල් ඩබල් ඉපිල් ඉපිල්

      Delete
  24. සුබ පැතුම් !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රා!

      Delete
    2. අප්පට සිරි

      සතර වරම් දෙව් මහරජ සතරවටින් ඇවිදින්
      පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන්

      Delete
    3. ඕකට කියන්නෙ පැහැදිලි ඉරිසියාව...හැක් හැක්
      ඇයි දෙයියනේ.. උඹට ඉස්තූති කොලා මදිද?

      Delete
    4. අද දෙයියො එන්නෙ හූ කියාගෙන :D

      Delete
    5. හූ....................................
      (මම දෙයියළු ඈ...)

      Delete
    6. මදාවි,

      අඩෝ පල් දෙයියා...

      Delete
    7. ගමක ඉන්න ගොඩයන්ට දෙයියො කියනවා? මාර විහිළුව...
      (උපුටාගැනීම සීසර් අයියාගෙනි...)

      Delete
    8. ඉතාලි දේව රූප මෙතන නැද්ද?

      Delete
  25. උණුසුම් සුභ පැතුම් මදාවියෝ...
    හැමදාම වගේ එන්න පරක්කු උනා, නොයෙකුත් වැඩ රාජකාරි නිසා...
    උඹ වගේ උන් දිගටම ලියන්න ඕනේ, මොකකටවත් නෙමෙයි අපිට අපේ ලේ පිරිසිදු කර ගන්න...

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ!
      කොහොමද මගේ බ්ලඩ් ලෝන්ඩරිං මැසිම?

      Delete
    2. මැසිම හොඳා .. අර මැසිං බිජ්ජට අහුවෙන්න තියන්න එපා ඒකත් කාල දායි :D

      Delete
    3. ඒවා ඉතිං ‘මහණ‘ මැෂින් නොවැ. මෙව්වා එහෙමද?

      Delete
    4. පාද්රේ,

      ඒක සිරා කාඩ් එක බං...

      Delete
  26. පනස්දාහට ලක්ෂයක් ජයවේවා මධුමාධවියෝ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලයා. උඹලා ඊ ළඟ සතියේ එයි ඈ...

      Delete
    2. වැරදුනා, සොරි! මේ සතියෙම එයි ඈ...

      Delete
  27. කුණුහරපයක් වුව කියන්නෙ රහ කරලා
    ඒ මදිවට කවි මල්ලක් පද බැඳලා
    මධාවියා ගෙනෙනා දස්කම් දැකලා
    මෙන්න බොලේ දැන් අවුරුද්දක් පිරිලා

    කෙලි කවටෙට බරයි නිරතුරු මේ බ්ලොගය
    මම හරි කැමති එකකිය මේ කැටගරිය
    මධාවියෝ නිති පසසමි නුඹේ සවිය
    වටිනව බ්ලොග් අඹරේ මැවුමට සැණකෙළිය...

    ReplyDelete
    Replies
    1. සුභම සුබ පැතුම් ඈ

      Delete
    2. හොරෙන් හොරෙන් මේ පැත්තෙ එන බවනං දන්නවා. ඔමා කියනවා වගේ උඹලාට මේවායෙ නිතර කමෙන්ට්ස් දාන්න බැරි පුරස්නෙ මට වැටහෙනවා. ඒත් ඇවිත් යන එක ලොකු දෙයක්.
      ස්තූතියි දිලිනියෝ!

      Delete
  28. අදමද මන්දා මන් මේ පැත්තට ආවේ
    කවි රස පද වැල් එහෙමත් තියෙනව කීවේ
    බලමු බලමු කවි පබැඳුම් නිවි සැනසිල්ලේ
    පනස්දාහටත් සුභ පතලයි අද යන්නේ

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා මිස්ට තෙලිජ්ජ! ඒ වගේම ස්තූතියි!

      අනික්වත් කියවලා බලංටකො හීං සැරේ.

      Delete
  29. තපස් රැකි මගේ සීල බිඳ දා - තවත් තිරිහන්................. කරමිනේ
    වෙනස් මඟකින් කවිය හැඩකර - බ්ලොග් ලොවට එළියක් ගෙනේ
    පනස් දාහක් ලකුණු ගෙන අද - දිනුම් කණුවට.............. ලං වුනේ
    වෙසෙස් මදු මාධවී හිතවති - දිනේවා තව.................. හෙට දිනේ...

    ReplyDelete
    Replies
    1. හිතවති නෙමෙයි යකෝ.....

      Delete
    2. කල්‍යාණ,
      සීලෙත් බින්දලු. හිතවති ලු. අනේ මන්ද ලු. අවුලක් නෑ ලු. බොහොම ස්තූතියි ලු. මුල ඉඳංම හිටපු හිතවතෙක් ලු.

      මාතා,
      අනේ කමක් නෑ මචෝ. ඌ ඒ ආතල් එකේ හිටපුවාවෙ.

      Delete
    3. "ගෙට එන්න කල් බැලු සේ අපි
      වෙන්වෙන්ට පෙර නොසිතු හැටි
      ඒ වසන්තය ආයෙම ඉතින්
      හිමි නැතිද අප වෙත හිතවති........."

      Delete
    4. කළණයා හිතවතිය කියලා හිතාගෙන හෙන ආතල් එකේ ඉන්නෙ.

      Delete
    5. //අනේ කමක් නෑ මචෝ. ඌ ඒ ආතල් එකේ හිටපුවාවෙ.//

      මට වහා කුප්පියක් ගෙනත් දීපය යකුනේ. :D

      Delete
    6. ඈ.. එතකොට හිතවති නෙවෙයිද? අනේ මට කලන්තේ වගේ මාව අල්ල ගනිල්ලා..

      හම්බේ.. මිස්ටර් ප්‍රියසාද් දැක්ක කලක්.. (වහ බොන්නේ මොකෝ ඩිලාන් පෙරේරායි උදය ගම්මන්පිලයි එහෙම කරන්න කියුවද? හැක හැක.. )

      Delete
  30. පහකුත් බිංදු හතරයි තවමත් ආවේ
    ආතල් කෝටියක් මේ අතරේ ඇත්තේ
    දින දින එකතු වෙන පෝස්ටු මධු වෑහේ
    බින්දුව බැගින් අග්ගිස්සට එක්වන්නේ...!!
    ජයවේවා..!!!!

    ReplyDelete
    Replies
    1. අප්පට සිලි! ගස් තමා!
      ස්තූතියි මලයා. උඹලා නිසා තමා මේ හැම ක්‍රෙඩිට් එකම.

      Delete
  31. චතුරංග අයියා එක්ක කතා කරන කවුරුත් නැද්ද,, fb msg වලට වත් උත්තර නෑ. එයා අද හිටියනම් :(

    ReplyDelete
    Replies
    1. ආ ගිය අතක් නැත. ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් නං ඇක්සෙප්ට් කරලා තිබ්බා. (ඔමාගෙ අර කිලියෝපැට්ටරාව මම ඇඳලා තිබුණා කලින්. පස්සෙ හිතුනා නියම මූණ තමා හොඳ කියලා)

      Delete
    2. අනේ චතුවා ඇවිත්.. හරි අයියේ සතුටුයි. fb msg එකක් දාන්න ආපු වෙලාවක...

      මධූ @ මට මගේ මුණටත් වඩා ක්ලියෝව තමයි ප්‍රොෆයිල් පික් එකට සෙට් වෙන්නේ.. :p.. ඒත් අරක ලස්සනයි

      Delete
  32. සුබ පතන්න කලින් අනේ රත්තරනේ සමාවෙයන්..එන්න මෙච්චර පරක්කු උනාට.මෙහෙම හරි එන්න පුලුවන් උනේ අපේ සින්දු ඇනෝ සහෝට පිංසිද්ද වෙන්න.

    අද වගේ මතකයි උඹ හම්බුන මුල්ම දවස.උඹව හොයාගන්න පට්ට ට්‍රයි එකක් දුන්නා ප්‍රියා,සින්දු,පත්තරේ අපි සෙට් එකම.අතීතය සුන්දරයි බං.ඉඳින් ප්‍රියත් හොයන් එන්නම් කොහොමහරි.

    50000 සුන්දරයි.ගමනට ලොකු හයියක්.ඒ වගේම අගට තව බිංදුවක් එකතුකරගන්නෙක උඹට පට්ට ඊසි. ඒ දවසත් ඉක්මනට එනවා.මොකද මේ ලියන කවි වලට,මේ බ්ලොග් කට්ටට අපි හැමෝම,සිංහල බ්ලොග් ලෝකයම වහවැටිලා.උඹ අපිව පිස්සු වට්ටලා.අපි දැන් අබිං කෑව වගේ.උඹ අපිව ඇබ්බැහිකරලා.

    සුබපතනවා අයියණ්ඩී..ජයෙන් ජයම වේවා...උඩින් කීව ගමන යමු එහෙනම්....අපි අපිට හැමදාමත් ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ ගුරා :D
      ඒක නෙවෙයි .. කවද්දෑ වෙඩිම ??හෝමකමිං නං ගියානෙ. වෙඩිම ගැන ඇහුවෙ .හැක්

      Delete
    2. මනෝෂ්,
      උඹලාත් මාව ඇබ්බැහි කරලා බං මේ මගුලට. උඹලා ෆෝම් කරනවා මම ලියනවා. එදා ඉඳන් මං වෙනුවෙන් කල හැම දේටම ස්තූතියි! උඹ තමා මේකෙ පයනියර්.

      පත්තරේ,
      ගුරා කියන්නෙ ඔරිමජිනල් ගුරා. මගෙත් ගුරෙක් බ්ලොග් කෙරුවාව අතිං බැලුවම.

      Delete
    3. ඔය ගුරයි ,ඔය යට කොමෙන්ට් කරපු පත්තරයයි තමයි මාව අමාරුවේ දැම්මේ ...මාව වරදට පොළඹවා ගත්තේ .කොමෙන්ට් එකක් කොටලා පැත්තකට වෙලා පාඩුවේ හිටපු මන් .....

      Delete
    4. ඒ කියන්නෙ උඹේ කසාදෙ ඉක්මන්වෙන තැනට වැඩේ කලාද?

      Delete
    5. අතීතය සිහිනයක් පමණයි
      සැබෑ සුවදක් නෑ.....
      එදා සෙනෙහෙන් නොබැදුනා නම්
      මෙදා වියොවක් නෑ....

      :'(

      මොකද්ද බොලවු ඔය වෙඩිමෙ කතාව?? :-o

      Delete
    6. මනොෂ්ගේ වෙඩිම බන් ....

      "යට ලීයෙන් නාරි ලතා මල් පුදිනවා ...."

      Delete
  33. සිරාවට කවි බ්ලොග් එකක් මෙච්චර ඉක්මනට මේ තැනට ආවමයි.. ඒකට ඉතින් එහෙම හේතුව උබේ කවි වල තියෙන විශේෂත්වය.. අමුතුවෙන් ලොකු දේවල් කියන්න ඕන නෑ.. උඹේ කවි කවදත් හදවතින්ම රස වින්දා.. ඉස්සරහටත් එහෙමයි..

    දිගටම ලියපං.. ජය.. අපි කොහොමත් ගොඩ වෙනවා මේ පැත්තට..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වර්ණ!
      වෙනස තමා වටින්නෙ. ජය වේවා!

      Delete
  34. ආ හරේ.. මාත් පුබ්බොඩ් එල්ලුනා.

    අර කොච්ච්‍රක්ද ගානට මයෙ බොක්කෙ රෙෂ්පට් එක මේං .. දිගටෝම ලියං යං පුතා.උඹේ ටැලන්ට් එක වෙනස් .ඒකට අපි ෂපෝට්.. මේක ඉතිං ගෙදර වාගෙ තැන නෙවැ.

    එන්නං ඈ………

    හරෙ යං හරේ ……

    ReplyDelete
    Replies
    1. ආ මල්ලේ...හිටිං හිටිං... බොලා කිරි හට්ටි උස්සං යන සීන් එක ඊ ළඟ පොහොට් එකේ එයි ඈ...
      බොහොම ඉස්තූතියි කිව්වා.

      Delete
    2. ආ මුගේ සිරියාවන්ත පොටෝවක් තියනවා ..මදාවියෝ එවන්නද ? හැක් හැක්

      Delete
    3. ඒකත් එවහං. කිරිහට්ටි කේස් එක ඉවරකරලා තියෙන්නෙ.

      Delete
  35. Replies
    1. ශොරි ඈ. උඩට දාන්ඩ ඕන එකක් වැරදිලා යටට දැමුන නිසා අයින් කර ගත්තා හොදේ.

      :P ;) ;-) :v

      Delete
  36. මුලින්ම හදවත පතුලෙන්ම සුභ පැතුම් මචො. එකෙන්ම උඹව හොයන්න කට්ට කාපු තරම් මතක් වෙත්දි තාමත් හිනා බන්. මොක උනත් උඹ අඩ ඉන්න තන දකිත්දි පට්ට ආඩම්බරයි මදාවියො. එකෙන්ම.

    ඔය ගානට අගට තව බින්දු කිහිපයක්ම ඉක්මනින් එකතු වේවා කියා ප්‍රාර්ථනා කරනවා සහෝ....

    මනෝටයි සිංදුටයි බොක්කෙන්ම තෑන්ක්ස් වේවා පණිවිඩේ දුන්නට.

    ReplyDelete
    Replies
    1. //මොක උනත් උඹ අඩ ඉන්න තන දකිත්දි පට්ට ආඩම්බරයි //
      නෙදකින් වනචර ඌරා ...ඉඳල ඉඳලා කොමෙන්ට් කොලා මදැයි ...හැක් හැක්
      උඹ හොයන්න කාපු කට්ට දන්නේ අපි විතරයි ...

      Delete