2015-08-26

පිළියම සහ කළගුණ-02

පිළියම



කලකට පසු හමුවීලා - බාර් එකේ එකතුවෙලා
අඩියක් ගැහුවලු දවසක් - යාළුවො දෙන්නෙක්

රෑ බෝ වෙනු දැනුනෙත් නෑ - කාලය විගසින් ගතවිය
එකෙක් එවිට කළබලයෙන් - මෙහෙම කියනවා


දන්නෙම නෑ රෑත් වුණා - මළකෙලියක් වෙන්න යන්නෙ
නෝනා මග බලාන ඇති - ගුටිකන මගුලක්

ඇයට නින්ද ගොස් ඇත්නම් - උදේ පාන්දර මා දැක
පමා වුනේ ඇයි අසමින් - ආයිත් මගුලක්

මේ කතාව අසා සිටින - අනෙකා පිළියම් විලසින්
අළුත් උපදෙසක් දෙනවා - තම මිතුරාට...

ඇයට නින්ද ගොස් ඇත්නම් - සද්ද නැතිව රිංගගන්න
ඇය පොරවාගෙන සිටිනා - රෙද්ද ඇතුලට...

ඇගේ දෙපා අතර තුරේ - මුහුණ රුවා ගනු මැනවී
හොඳින් ඇයට දැනෙනා ලෙස - උණුසුම් සුසුම...

විනාඩි විස්සක් ගියතැන - ඇගෙ කෝපය පහව යාවි
ඔබ සමගින් එක්වනු ඇත - දැඩි උනන්දුවෙන්

මිතුරු ඔවදනින් සැනසී - මොහු යනවා නිවස කරා
කළුවරේම කාමරයට - සෙමින් පියනගයි

සිතූ ලෙසම ඇය සිටියා - මුළු සිරුරම පොරවාගෙන
ඔහු රිංගා ගියා ඇගේ - දෙපා අතරට...

විනාඩි විස්සක් ගියතැන - මිතුරා කී විලසින්මයි
කවදාවත් නොලද සැපක - ඇරඹුම වූයේ

තව විනාඩි දහයක් හෝ - ඊටත් වැඩි වෙලාවකින්
හති දමමින් අඳුරෙම ඔහු - ගියා එළියට...

නාන කාමරය පැත්තේ - එළියක් දැක එහි ගියවිට
මෙන්න බොලේ බිරිඳ සිටී - සබන් ගාගෙන...

හත්වලාමේ ඔයා මෙහෙම - මෙතෙන්ට ආවේ කොහොමද
මටත් කලින් මේ ඩිංගට - මේක ඇතුලට...

කෑ ගහන්නෙ මොකද අනේ - නිදි අයවත් ඇහැරෙනවනෙ
හවස ආපු අම්මත් නිදි - අපේ කාමරේ....!


-----------------------------------------------------------------------

කළගුණ-02

මේ අඩවිය වෙත පළමුව - ආ අය සමගින් තව අය
රූපය ඇඳ කවි ලිව්වේ - කලගුණ සිහිවී

පහුගිය තුන් හතර මාසෙ - මේකෙ ට්‍රැපික් වැඩිකරාපු
අදහස් නිති පළකරාපු - පිරිස සිහිකරම්


මේ ඉම ඉන්නා කෙල්ලන් - අතර අංක එකට ඉන්න
මිසර රැජින මං ය හිතන - ඔමා තමා මේ 


හමුදා තොරතුරු සමගින් - දැණුම් ගුහාවක් ගෙන එන
විහිළු කරන මලත් පනින - විචාරක තුමා

පරිවර්තනයන් සමගින් - බ්ලොග් ලොව වර්තනය කරන
හෙන්රි අයිය හෙවත් අපේ - කළු ඩූඩයියා 


කොමෙන්ට් ඩබල් වී වැටෙනා - නොවැරදීම පැමිණෙන්නා
පෝස්ට් නොමැති යකඩ බාස්  - කම්මලයා මේ


දෙස්පාලනෙ පලු අරිනා - ඇරලා බැණුමුත් අහනා
මම ශනි යැයි නම දුන්නා - හෙනහුරාය මේ


වයසක පොරකිය කියනා - හොඳ නරකත් දෙක පෙන්නා
ආතල් දෙන පොරක් වේය - දේශකය නමින්

පත්තරේලු වැඩ කරන්නෙ - බොන මූණක් ඇඳී අැත්තෙ
ආතල් ට්‍රිප් යන පොරක්ලු - අපෙ නලියයියා

පුංචි කොල්ලෙකුගෙ රූපය - දාගෙන හිටියත් අලියෙක්
වගෙ තඩියෙකි මෙන්න මෙයා - අපේ ලොකුපුතා


බ්ලොග් ලෝකේ වැඩ වසනා - සරිගම කන්නා කියනා
සංගීතයෙ කෙල ද පැමිණි - මනා මල්ලියා

පොඩි සමනලියක් වාගේ - වැඩනම් පොඩි නෑ වාගේ
දිලිනි කෙල්ල ඉඳ හිට මෙහි - ඇවිදින් යනවා


පොඩි කවි මුතු මාල බඳින - නොවරදවා මෙහෙටත් එන
එදත් හිටිය අදත් ඉන්න - වර්ණ කුලකයා

එදා එදා ජීවිතේට - හිතන්න යමකුත් ලියමින
පුංචි කැකුළු මල් උපදන - තුශානියා මේ

ළඟදි මෙහෙට ගොඩවූවත් - ෆුල් ටයිම්ම දැන් වැඩ දෙන
ඉතාලියත් කාල ඉන්න - අපේ පත්තරේ

බටහිර ආරට නැඹුරුව - බොහොම ගැඹුරු කතා ලියන
එදත් අදත් මෙහෙටත් එන - දිනේෂයා මේ...

පිස්සු කෙලින හැටි ලියමින - ගස්ලබ්බක් කරේ බැඳං
අඳින්න වුව හරි ලේසියි - රූපය මූගේ
බ්ලොග් ලෝකය එළිය කරන - හැමතැනමත් කමෙන්ට් දමන
බ්ලොග් නොලියන ප්‍රා ජේ ගැන - කවුද නොදන්නේ


මාව උළුක් වුණේ මෙතන - අඳින්නෙ කොහොමෙයි සභාව
යකෙක් වුණත් මධ්‍යස්ථව - මට අමතක නෑ

වර්ණ කුලකෙ සමග එක්ව - මිනි කවි ලියනා මිතුරා
සබරෙ ඇනෝ මෙන්න නුඹත් - මෙමං සිහිකලා


නෙළුම් යාය බිහිකරලා - බ්ලොග් ලොව සවිමත් කරලා
මොළ ඇඹරෙන ලිපි ලියනා - අපෙ අජියයියා 


පැරණි කාලෙ කතා රැසක් - රස වෑහෙන විලස ලියන
කවදත් මෙහි කවි කියවයි - හැලපේ අයියා

පොල්වත්තේ මල් කඩනා - මල් වත්තේ පොල් කඩනා
වරුවක් පමණක් පෙනෙනා - අපේ මල් කොබා

‘ටිං කබල්‘ ය හිතං ඉන්න - නවකතා ද සමගින් එන
හොරෙන් මෙහෙට ඇවිදිං යන - උපේ නංගියා

කටුසු රූපයක් දැම්මත් - හැල කිඹුලෙක් සිහියට එන
හුරුබුහුටියි හරි පුංචියි - මෙයා කටුස්සා

රාවණාගෙ මල්ලි කියන - මාතලංගෙ අයිය කියන
දෙස්පාලනෙ ගැනම ලියන - විභීෂණ මෙයා

මනෝගෙ ලෝකය ලියමින - දේසපාලනෙත් කරමින
කවි කියවන ප්‍රනාන්දුවා - මේ මනෝජයා


රුව දුටුවම පිස්සු හැදෙන - සනීප වී ආයි හැදෙන
කවිත් ලියන බුකියෙ ඉන්න - හංසමාලියා


බේබිසිටර් හින්දා දැන් - වැඩිපුර හෙම දකින්න නැති
ලියවිල්ලෙන් වැඩ්ඩෙකි මේ - සජ්ජා ගොයියා

කවුරුත් මැනවින් දන්නා - බුකියෙ රූපයක් සිහිවෙන
චක්කරේට පණ පොවනා - රූපෙ තමා මේ

මොලේ අනික් පැත්ත ගහන - මාඤ්ඤමික ලිපි ලියමින
අමුතු අමුතු දේ කියවන - අපේ බස්සියා

දේශකයගෙ හොල්මන ලෙස - ලොවෙත් නොමැති බ්ලොගක් ලියන
අන්තිමේදි මෙහෙ ගොඩවුණු - ප්‍රසන්නයයි මේ...

--------------------------------------------------------------------

පණස් තුන්දෙනෙක් ඉවරයි - තවත් ඉන්නවා බොහොමයි

ඔවුන් නොමැත අමතක වී - තාම අඳිනවා

ඒ වුණාට පුරුදු පරිදි - වල් කවි නොලියා හිටියොත්
මම දන්නව උඹල මාව - එළව ගන්නවා

ඒ මදිවට අපේ ඈයො - එවාපු ඊ මේල් වලත්
බර ගාණක් දාන්න කවි - ඇත ගොඩගැහිලා

ඒ හින්දා තව සතියක් - දෙකක් ගිහිං මේ විලසින්
ඉතිරි අයගෙ රූප සමග - කවිත් ලියන්නං
ලියලා.... ආයි දාන්නං....
කළගුණ... මං සලකන්නං...




(මී ළඟ ලිපියටම නොවුණත්....මතු සම්බන්ධයි)



229 comments:

  1. Replies
    1. උඹේ රූපෙද? වෙච්චි වැඩේද?

      Delete
    2. එකපාරක් කියල දෙයක් උඹට තේරෙන්නෙ නැති හින්ද මට ඩබල් කමෙන්ට් දාන්න වෙලා.

      Delete
    3. ඉතිං උඹ ඒත් කිව්වයැ කොයිකද ‘හරි ෂෝක්‘ කියලා.

      Delete
    4. හරි ෂෝක් කිවුවෙ අපේ පත්තරය වැරදිලා වෙච්චි වැඩේ,

      Delete
    5. එහෙනං ඔය කිරි හට්ටි අරං යන්නෙත් නැන්දම්මටම තමා.

      Delete
    6. අදනම් කම්මලයාගේ ඩබල් ලෙඩේ හොඳවෙලා වගේ...

      Delete
    7. ඌ කියන ඒවා අපිට නොතේරෙන නිසා කියනවනෙ ඩබල් ඩබල් දාන්නෙ. පව් අප්පා.

      Delete
    8. හැක්, කම්මලය ගම කාලා :D

      Delete
    9. උඹව විනාස කොරලනොවැ. ලංකාවට එන්නෙ කෝමැයි?

      Delete
  2. දුවට වඩා අම්මා සැපක් දිල වගේ නේද? රහයි රහයි.

    ReplyDelete
    Replies
    1. කොහොමත් එහෙමලු බං... අපිට නෑනෙ ඔය පින. ෂැක්...ඒ කාලෙ ඔය කරුණු කාරණා දැනං උන්නෙ නෑනේ.

      Delete
    2. ඇහුවට තරහ වෙන්න එපා නලියයියෙ.. රහයි ‍කිව්වෙ මොකක්ද බං?

      Delete
    3. දීලා තියෙන සැප තමා ඉතිං රහ.

      Delete
  3. පස්සෙ වෙච්ච වැඩේ දන්නවද?අම්ම ඇඳෙන් බහින්න බෑම කිව්වලු.

    ReplyDelete
    Replies
    1. හැම දාම බීල එන්නත් කියන්න ඇති.

      Delete
    2. හැලපෙඅයියා,
      බෑණටත් ඇඳටම වෙලා ඉන්න කිව්වලු.

      ඩ්‍රැකී,
      බෝතලෙත් ඇඳ යටින් තියාගන්න කිව්වලු. හාමිනා කියපු එක මෙතන දාන්න බෑ, උඹ දන්නවනෙ ඉතිං.

      Delete
    3. කකුල් පණ නැතුව බැහැගන්න බැරිවුණාද දන්නෑ බොලේ...
      අරූ වරුවක් යනකං සබං දදා කට හෝදනවලු....

      Delete
    4. වරුවක්? මේ අපේ පත්තරයා?

      Delete
  4. උපේ නංගියාට "ටිං කබල්" කියපු එක නං හරි මදි නේද?

    (උසි උපේක්ෂා, උසි උසි...)

    ReplyDelete
    Replies
    1. අපෝ... අවුස්සන්න එපා බං ඕකිව. එලෝ එලෝ ගහන්නෙ.

      Delete
    2. ඩ්‍රැකී - අරූ ටිං කබල් කීව එක තව මොකද කීවැකි උඹ කියපු එකත් එක්ක. යකෝ උසි උසි ගාන්නෙ .........ට නේද?

      Delete
    3. දිලා, ගුටිකන පෝලිමේ මට ඉස්සරහිං හිටගනිං.

      Delete
    4. යකෝ එකෙක් පනින් නෑ පෝලිම... මමයි ඉස්සෙල්ලම ආවෙ.

      Delete
    5. හරි හරි ඉතිං. උඹට පිටිපස්සෙං මට ඉස්සරහින්.
      (හැබැයි තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසාගත යුතුය. මොකද? දිලා පිටිපස්සෙං..)

      Delete
    6. ඔමාගෙං ගුටියක් හරි කන්න ඩ්‍රැකියගෙ තියන ආසාව බලහල්ලකො.
      මං පිටිපස්සෙං ඉන්නවට බය උං පශ්චාත් බාගෙ පොල්ලෙල්ලක් ගැටගහ ගනිල්ලා

      Delete
    7. උඹ පොල් ලෙලි ගහල පුරුදු එකා. ඒ වැඩේ හරියන්නෑ. ඉබි කට්ටක් හරි බදාම අනන තාච්චියක් හරි තමා හරියන්නෙ.

      Delete
    8. //උඹ පොල් ලෙලි ගහල පුරුදු එකා. // අනේ ඩිලාන් මට වහ කුප්පියක් දීහං...

      Delete
    9. //උඹ පොල් ලෙලි ගහල පුරුදු එකා. // අනේ ඩිලාන් මට වහ කුප්පියක් දීහං...අය්යෝ ....

      යකෝ මේවා පුරසිද්දියේ කියන කතාද ....අම්මා මුත්තා කාලේවත් මෙහෙම දේවල් වෙලා නෑ ...

      Delete
    10. දිලා,
      දිලා මොකද ඩිලා මොකද? කොහොමත් අපි මුලට කීවෙ ඩිලා කියලනෙ.

      සින්දු,
      කවදා වෙච්චි දේවල්ද? හනේ සංදුක්කාරේ!

      Delete
    11. මන් බිසී පරිස්සමෙන් හිටපියව් ඉදගෙන

      Delete
    12. මදෑ රූපෙත් ඇඳලා අහගත්තා. සම්මෙට තෘප්තිමත් කොරංට ඇහැක් ජාතියක්යැ.

      Delete
    13. ඇරු සොයිසා ඇරු.... කාපියව් ගුටි පෝලිමට ඉඳගෙන....

      Delete
    14. බැන්නට කමක් නෑ සිංහලෙන්. ඉංගිරිසියෙන් නැතුව :D

      Delete
    15. කැමා,
      ඔමාගෙ ලාස්ට් නේම් සොයිසා ද? ෂැක් අදනෙ දන්නෙ. මායා සොයිසා!

      පත්තරේ,
      ඉතාලි බාසාවෙන් කොහොමද? ඕකි හීබෘෘ වලින්නං බනිනවා හිටි ගමං.

      Delete
    16. උඩිං උපේක්ෂා යටට එද්දි ඔමායා වුනේ කොහොමද...? ඒකත් අර නැන්දම්මයි වයිපරෙයි පැටළුනා වගේ කේස් එකක්නෙ.

      Delete
    17. ඔන්න බොලා දෙන්නටම කතා දෙකක් එවුවා. බලපියවු ඉතින්.

      Delete
    18. නිතර කොමෙන්ට් නොකලට අනිවා මේ පැත්තේ ගොඩ වෙනවා ආයිබෝං .ඇතැම් එව්වට කොමෙන්ට් නොකරම යනවා ලැජ්ජාවට,හික්ස්.මොනා උනත් සමනළයෙක් වගේ කිව්ව එකට මාරම හැපි ඈ.

      Delete
    19. කැමා,

      හම්බුණ බවත්, කියවා පිණා ගිය බවත් කරුණාවෙන් දන්වමි...

      Delete
    20. ඩ්‍රැකී,
      අත ඔමාගේ වුවත් හඬ උපේගේය.

      කැමා,
      බැලුවාය. පොරොත්තු ලේඛනයට එක් කොලාය.

      දිලිනියා,
      අපි දන්නවා බබා. සමනලිය කියලයි මං කිව්වෙ. සමනලයා කියන්නෙ එච්චර හොඳ එකෙක් නෙමේ. ඔබෙ සතුට මගේ සැපතයි.

      කැමා,
      පිනා කිව්වෙ මුවන්පැලැස්සෙ එකාද?

      Delete
    21. ඩ්‍රැකියා එක්ක තරහා වෙලා පිනා ගිහින්... :D

      Delete
    22. ඌ යන්ඩ ගියා මැකිලා - ඌ යන්ඩ ගියා... බුහෑ...ව්

      Delete
    23. කැමා,
      සෑම ඩ්‍රැකියෙක් ලඟම පිනෙක් ද ඇත.

      ඩ්‍රැකී,
      හිඳීවි කොතැනක හෝ...
      පින්කාරයා උපන් ඔබේ නමින්...

      Delete
    24. (මහ රෑ දොළහට මදාවියට කෝල් එකක් පැමිණේ)
      මදාවියා - හලෝ
      එහා පැත්තෙං - හලෝ ඔයා නිදාගෙනද හිටියෙ
      මදාවියා - නෑ මං පොල් ගගා හිටියෙ. කවුද මේ?
      එහා පැත්තෙං - මං මේ ඩ්‍රැකී. පිනා එහෙම ආවද ඔය පැත්තෙ
      මදාවියා - $*&#@* (කෝල් එක කට් කරයි)

      (විනාඩි දහයකිං විතර ආපහු යන්තං නින්ද යාගෙන එනවිට, මදාවියාට ආයෙත් කෝල් එකක් එයි)

      මදාවියා - හලෝ
      එහා පැත්තෙං - හලෝ මාව හෙව්වද කවුරු හරි?
      මදාවියා - කවුද ඔයා?
      එහා පැත්තෙං - මං මේ පිනා.
      මදාවියා - $*&#@* (කෝල් එක කට් කරයි)

      (විනාඩි දහයකිං විතර මදාවියාට ආයෙත් කෝල් එකක් එයි)

      මදාවියා - කවුද යකෝ උගෙ අම්මට %$@#*&
      අනිත් පැත්තෙං - මදාවි පුතේ. මං උඹේ නැන්දම්මා. මොකෝ මේ පැත්තෙ ආවෙ නැත්තෙ?

      Delete
  5. අප්පට සිරි ගජ අද බොල - නැන්දම්මත් ඇවිදින් නෙව
    ඒත් මොකැ මායිය අපෙ සබන් නාගෙන
    මැදියමෙ සබන් නාගෙන

    ReplyDelete
    Replies
    1. මනුස්සයා ගෙට එනකොට - නාල කියල ඉන්න එපැයි
      ඒ හින්දා පොඟනා තුරු - ඉන්න වුණානේ
      ඉඳලා ගා ගත්තා නේ

      Delete
  6. Replies
    1. කිසිවක් කිසාදාක අමතක නෑ...

      Delete
  7. සන්තානං මෑණියනේ....

    මරු යාළුවෝ ඈ...
    හැක් හැක්

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. අන්න විදානේ යාළුවො කිව්වලු...

      Delete
    2. විදානේ,
      අපිට නෑනෙ ඔහොම උන්.
      (දැන් සනීපද මචෝ අරස්ටේජ් මේනියාව?)

      දිලා,
      අපේ යාළුවො පුළුවන්නං අපේ නැන්දම්මටත් මාන බලයි.

      Delete
    3. හැබැටම විදානේ පත්තරයට උඹද කියලා දුන්නේ ඔය ක්‍රමය ....අනේ අහිංසකයා .හෙට අනිද්දට නහයත් විදිනවා මේ යන ක්‍රමේට ...හැක්

      Delete
    4. ඔය කියාපු උපදෙස පිළිපැද්දානං පත්තරයගෙ නහය නෑ මෙළහට විදිංටවත්.

      Delete
    5. වේලෙන්නත් කලින් පත්තරේ ගිහිං :D

      Delete
    6. නාගන්නත් කලිං නෙමෙයිද?

      Delete
  8. දැන් නම් මාධවියගෙ මූණ බලන්නත් ආසයි වගෙ.
    ඇන්ද එකට තෑන්ක්ස් .අමාරුනම් ඇන්දෙ නැතත් අවුලකුත් නෑ කියලයි හිතුවෙ. කොහොම හරි මාට්ටල දැම්මනෙ .ලොකු දෙයක්.

    මේ සභාවෙ ඉන්නෙ ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් රාජසභාවක් නෙමෙයි.
    කවිය පට්ට .නැන්දම්මත් සද්ද නැතිව ඉන්න ඇති කාලෙකින් කාපු කෑමක් වෙන්න ඇතිනෙ.

    ReplyDelete
    Replies
    1. නෑ මධ්‍යස්ථ. ඒක ඇන්දෙ නෑ. අඳින්න බෑ. මොකද කියනවනම් එක්කෙනෙග්ගෙ රූපෙ අඟල් 2 ක් විතර උසට සූම් කලාම කලර් රේන්ජස් වෙන්කරලා අඳුනාගන්නම බැරිව යනවා. ඒ නිසා උඹේ පික් එක එහෙම්ම දැම්මා. අද වුණත් කමක් නෑ වෙන රූපයක් එවපං. මට මේ හදාගත්තු පින්තූරු සෙට් එක හෙන වටිනවා. (ඉස්සරහදි මඩ ගහන්න එහෙම...හැක් හැක්)

      මාමාත් නැති දවසෙ...

      Delete
  9. (සද්දෙන්...) අපෝ.. තෝ වගේ වල් කවියෙක්....
    (රහසින්....) මල් හතයි බොල කවිය...
    පත්තරයල, විචා මාම එහෙම දැක්කේ දැන්නෙ බොල... ඔමාගෙත් තියන මූණට වඩා උඹ ඇන්ද එක හොදා වාගෙ...

    ReplyDelete
    Replies
    1. (රහසෙන්) තැන්කුයි මචෝ
      (සද්දෙන්) අඩෝ, හොම්බ තව දික්කරලා දානවා උඹේ රූපෙ. හරිද?

      ඔමාගෙ ඉස්සර තිබුණෙ ක්ලියෝපැට්රා රැජිනගෙ රූපයක්. දැන් මේ දවස්වල ජුලියස් සීසර් එක්ක කෝපි බිබී ඉන්නෙ.

      Delete
    2. මදාවි,

      සීසර්ර්ර්ර් උනාට වැඩිය හොඳා වෙන මොකක් හරි ර්ර්ර් උනානනං... :-)

      Delete
    3. උමට කියන්න සිරස කාරයාගෙ ඩබිං නං ලොවෙත් නෑ බං.

      Delete
  10. ඊට පස්සෙ අපෙ යාලුව
    දුව ඩිවෝස් කර දාලා
    නැන්දම්මත් එක්ක මගුල
    කන්ටිනිවු කළා.

    දේශකයගෙ හොල්මන ලෙස - මම හිටියොත් උෟ බයවෙයි
    තාමත් මේ පැත්තෙ ඇවිත් - නෑනේ ඒකා.

    ReplyDelete
    Replies
    1. වාහනයත් අළුත් නිසා - දුර දුවන්න බැරිව ඇතිනෙ
      ඊට හොඳයි පරණ එකක් - පැදල බලනවා


      දේශකයගෙ හොල්මන වුව - දැක්කම බය වෙන්නෙ අපියි
      ඒකනෙ මේ උඹවත් දැන් - දැකල බයවුණේ

      Delete
  11. පරණ සැමන් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී කියාගෙන තමා මම එදා බාත්රූම් එකට දිව්වේ.

    ReplyDelete
    Replies
    1. අපරාදෙ! කට්ලට් ටිකක් හදාගන්න තිබ්බනෙ.

      Delete
    2. ඉතා ජුගුප්සාජනකයි..... ඔවෑක්...

      Delete
    3. අනේ මධුවෝ හොඳ එකා වගේ අර පින්තූරේ මගේ කොන්ඩේ කළු කොරාපන්ය. නැත්තං ඕක දකින මගේ වයසේ ලමිස්සියෝ පස්සෙන් එනවාය.

      Delete
    4. ඩ්‍රැකී,
      සැමන් පේන්න බෑ නේද?

      දිලා,
      ඊයා...ඈක්කා... (මීට ඔමා)

      විචාරක,
      ඕං බලංටකො දැං.

      Delete
    5. විචාගෙ වයසෙ ළමිස්සියන් පස්සෙන් එන්නට ගත්තොත් විචාට හැමදාම සැමන්ය. මරුය. මරේ මරුය

      Delete
    6. අපි කට්ලට් ඕඩර් දෙමු බයිට් එකට. ඊයා.
      මට තව තව ඒවා කලු කරන්න හිතුනා බං පස්සෙ.

      Delete
    7. නැන්දම්මා කියන්න ඇති කුණු කරෝල කෑල්ලක් වගේ කියලා.. හැක් හැක්

      Delete
    8. ඊයා ඈක්කා... බොම්බිලි.

      Delete
    9. සෑර් .. ගෑස්කට් යයි ඈ බලාගෙන :D

      Delete
    10. උඹ තනියෙං කාපං මලේ... ඕං මංනං මුකූත් නොලීමි.

      Delete
  12. වල් කවි උනත් පට්ටෙට ලියල නේ යකෝ. මරු ඈ....... අර කලගුන කවිත් ඒවගේ....

    ReplyDelete
    Replies
    1. තමුන්නැහැටත් කළගුණ කයියක් දානවා අදහෙටම.

      Delete
    2. මොනව! මම මේ පැත්තේ ආවේ මේ ලඟදිනේ බොලං.

      Delete
    3. මෙහෙමයි මචෝ. අද ඊයෙ ආවා කියලා නෑ නිතර යන එන උන්ට සලකන්න එපායැ. පුරෝගාමීන්ටයි මේකෙ අයිතිකාරයින්ටයි මුලින්ම සැලකුවනෙ. ඊ ළගට උඹලට. ඊ ළගට නිතර නොඑන ඒත් ඉඳහිට එන ඇත්තන්ට.

      Delete
    4. හරි හරි එහෙනම් සලකහන්කෝ...
      හැබැයි පුතෝ මතක තියාගනින් මම ඊයේ අර පිස්තෝලේ ඔලුවටම තියපු එක. වැරදුනොත් ඩෝං......

      Delete
    5. ඒ පිස්තෝලෙ නෙමේ උඹට ප්‍රාණ බුත්තිය තියෙන පිස්තෝලෙ තියහංකො මං බය වෙයිද බලංට.

      Delete
    6. //ඒ පිස්තෝලෙ නෙමේ උඹට ප්‍රාණ බුත්තිය තියෙන පිස්තෝලෙ තියහංකො මං බය වෙයිද බලංට.//
      චිහ්... නරක සමනලයා

      Delete
    7. හරි හරි මං බය නෑ කියල කිව්වෙ. මට ආතල් කිව්ව වගේනෙ උඹට ඇහිල තියෙන්නෙ. අඩෝ මේ...වරදවා තේරුම් ගංට එපා.

      Delete
    8. යන්න වල් පඳුර...!

      Delete
    9. ඩ්‍රැකී,
      යන්න ලත්පඳුර.

      කැමා,
      හූ....

      Delete
  13. නැන්දම්ම කෙනෙකුට ගෙදර ඇවිත් නිදියන්න දෙන්නේ නැති වල් සත්තු. කෝ මේ වනිති ඇන්ටිල අරගොලේලෝ මේ ගෝල්ලෝ.. මම නොඑමි නැවත මෙවැනි අස්ත්පුරුසයින් හමුවට. අර මගේ අවතාරේට කියන්නේ උඹත් එන්න එපා. හැක්

    ReplyDelete
    Replies
    1. වනිතා ඇන්ටි ජයපාලන චූන් එකෙන් සුරාතාන්තයද මොකක්ද එකට පත්ව දොයි.
      මට පේන්නේ දේශාට මේ පෝස්ට් එක ශිෂ්ණ සම්පන්න වැඩියි.

      Delete
  14. උඩ කතාව කියවද්දි මට මතක් උනේ ඉස්සර ශ්‍රී සඟරාවක තිබුන කතාවක්. මුල ඔය විදියටමයි. රෑ දෙකට විතර අරූ හොරෙන්ම ගෙට රිංගලා කරුවලේ පොඩි එකාගෙ තොටිල්ල පද්දනව. අවදි වෙච්ච ගෑනි අහනව මොකද කියල. බුවා කියනව 'කෑගහන්න එපා මම මේ පැය හතරක් තිස්සෙ මහන්සි වෙලා යන්තං නිදිකලා විතරයි' කියල.
    මල පැනපු ගෑනි කියනව 'තමුසෙ පැය හතරක් පුතා නිදිකරන්න හුඟක් මහන්සි වෙන්න ඇති නේ..... දරුව අන්න පැය හයක් තිස්සෙ අම්මගෙ ඇඳේ නිදි" කියල.

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක්... ඒ වගේ අත් වලින් තමා සමහර රටවල ආණ්ඩු කරන්නෙත්.

      Delete
    2. රාජ් අයිය කනබොන මනුස්සයා වෙච්චි :D

      Delete
    3. හ්ම්... ඡන්ද ගැනලා එහෙම පහුවදාටත් පහුවදා දෙගොඩහරියෙ ඇවිල්ල නලොවංට ගිහිං වෙච්චි එව්වා තමා.

      Delete
  15. පත්තර මල්ලිතුමාගේ ඛේදජනක රූපය දැක්කහම කමෙන්ට් කරන්නත් හිතෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. //පත්තර මල්ලිතුමාගේ ඛේදජනක රූපය දැක්කහම කමෙන්ට් කරන්නත් හිතෙන්නෙ නෑ.//
      +++++++++++++++++++
      අනේ අපොයි කියලා කියවුනා ...කොහොම හිටිය කොල්ලෙක්ද ????

      Delete
    2. පැණි ටික කෝ කියලා මං මේ බැලුවෙ.
      ප්‍රා ජේ තුමා, ඔබ ප්‍රොෆයිල් අයිකන් එකේ ඉන්නෙ යෙටීද ලුසී ද? ලුසී ෆිල්ම් එක බැලුවද? එළ ඈ...

      Delete
    3. ආ... මේ ඒ දෙන්නද?

      Delete
    4. 'ලුසී' ෆිල්ම් එක තමයි ෆිල්ම් එක.අද දවාලෙත් ඕක මතක් උනා මොලේ වැඩකරන වේගෙ බොහොම වැඩි උනු වෙලාවක...

      Delete
    5. මෑතකදි බලපු පට්ටම එකක් බං. තේමාවෙ තර්කය මොක වුණත් ඒ කෙල්ල (ස්කාලට් ජොහැන්නස්) මට මතක් කරන්නෙ බූත් හින්දි එකේ උර්මිලා ගෙ ඉට්ටැයිල් එක. ඒ තරං ෆීලිංග්ස් ගන්නවා බං. අර මුලදිම සත්තුන්ගෙ චර්යාවන් එක්ක පැරලල් දාන සීන් ටික දිගටම ගියානං කෝමද?

      Delete
    6. ප්‍රා. හූස් දැට් යං ලේඩි ??

      ඕව ඉතිං කාඩ් තමා ඈ :D :D

      Delete
    7. පත්තරේ,
      ලුසීද?

      ගස්,
      ජොහැන්සන් නේද?

      Delete
  16. ඩෝප් බහින්න ඇති ඇඹුලට නෙහ්?

    ReplyDelete
    Replies
    1. ඈක්කා... (මං මේ තුශානි)

      Delete
    2. ඇඹුල් ? :D ඕකෙ හරිම රස ගැන කියන්න පුළුවන් අපේ නාවුකයට තමයි.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. මෙන්න නැවතත්, ඉපිල් ඉපිල්...
      ඒ මොකක්ද බං ඒ සීන් එක?

      Delete
    5. ඇඹුල් රහ වැඩි කමට ආයෙත් ඩබල් වෙලා ...හැක්

      Delete
    6. ඇඹුල් රහට ඩෝප් බහිනවා සින්දුවෝ...

      ඔමා,
      ඊයා ඈක්කා ඕක් වෑක් ඈව්වා

      Delete
    7. ඇඹුල් ම මත් නෙමෙයි.… අර නෙල්ලි රහ . ඕ යේස්

      Delete
    8. පිත්තල දොර බෝලෙයක් ලෙවකන සීන් එකක් කවුදෝ කියලා තිබුණා...

      Delete
    9. "මිදී අබුලයි කියල කියූ කතාවේ "මූ" තනි උනා එදා ......
      වයසක ලඳක් උනාද ඔබ මා ඇසුරු කලා කියලා .......

      Delete
    10. මෙන්ඩගෙන් ඇහුව නම් රස කියයි ලස්සනට තුන් ලෝකෙම බල බල.

      Delete
    11. //පිත්තල දොර බෝලෙයක් ලෙවකන සීන් එකක් කවුදෝ කියලා තිබුණා.//
      ඕක තමයි අපේ නාවුකය කිවුව රස.

      Delete
    12. මම කිව්වෙ වයස අනුව ගෙස් කරල විය හැක්ක.....

      Delete
    13. ඩ්‍රැකී,
      කමියා වෙන්න ඇති

      සින්දූ,
      අරූ වත් සැක කෙරෙනවා ඕකෙන්

      කැමා,
      තුන් ලෝකෙ අමතක වුණානෙ අම්මාපල්ල

      කම්මලා,
      හරියට හරි

      රාජ්,
      රාජ්ය සේවකයා ගියපාර එකේ ඇන්දා මම...දැක්කද?

      Delete
  17. මදාවි කයිය මරු මචං...
    ලංකාද්වීපයේ එහෙව් මිනිස්සුත් ඉන්නවා කියල මම අහල දැකල තියෙනවා.
    සමහර සීන් තියෙනවනේ දු කසාද බඳින කොට අම්ම නෝටි ෆෝටි වයසේ ඉන්න.
    අන්න එහෙම සීං එකක්ද මචෝ මේ...

    අඩෝව්... අපි එහෙම තඩි නැහැ බොලව්, හරි හුරුබුහුටියි. දැක්කොත් උඹට වඩාගන්න හිතෙයි...

    ReplyDelete
    Replies
    1. අන්න ඒ වගේ නෝටි ෆෝටිනං නැන්දම්ම වෙනුවෙන් මැරෙන්න බැරියැ බං.
      වඩාගන්නනං හිතෙනවා තමා. ලෝඩර් බැකෝ එකක් තමා මේ කළබලේ හොයාගන්න බැරි.

      Delete
  18. ඊට පස්සේ පින්වතුනි මෙසේද සිදු විය .....

    "බෑනාගේ සෙනෙහස ඉල්ලා නැන්දම්මා පොලිසියේ හඬා වැටේ"

    http://www.srienews.com/2013/02/blog-post_2308.html

    හුකැස් හැක් හැක් .,..මදාවියත් මරුම පොරක් තමා ..නඩුවට අර අපේ යාලුවාමද කතාකරන්නේ ...

    සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ
    හඬා වැටෙනවා මියැසි කැලක්
    කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා
    මලට වඩා විෂ බමර තුඩක් ...//

    වැහි කළුවර ඇති හැන්දෑ සමයක
    තරුමල් පිපුණලු අහස් ගැබේ
    දේවදූතයොත් හඬා වැටෙනවා
    පෙම් මල් ඉහිරුණු පාර දිගේ

    යෞවනයේ සිත් විෂ කළ ප්‍රේමය
    කලියුගයේ ඇත පහලවෙලා
    අසන්මතේ සිත් වැටහෙණු නොහැකිව
    පවිත්‍ර ප්‍රේමය මහලු වෙලා

    සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ
    හඬා වැටෙනවා මියැසි කැලක්
    කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා
    මලට වඩා විෂ බමර තුඩක් ...//

    ගායනය : මාලනී බුලත්සිංහල
    පද රචනය : අශෝක කෝවිලගේ
    තනුව - එච්. එම්. ජයවර්ධන

    ReplyDelete
    Replies
    1. කවුද බං යාලුවා? ප්‍රා ජේ තුමාද? එයා පත්තරේගෙ නඩුවලට කතාකරන්නෙ නෑලු.

      Delete
    2. පත්තර උතුමා වැඩිහිටියන්ට සැලකීම ප්‍රගුණකල ශාන්තුවරයෙක්.
      එයාට කේස් නෑ. ( ඒ එතුමා ලංකාවෙ සුමාන දෙකකට වැඩිය නොඉන්න නිසා කියල දූෂමාන ආරංචි තියනව කියල මිස්ටර් ලව්පූසා වගේ විශේෂඥයන් අතර මතයක් නම් තියනව )

      Delete
    3. ශාන්තුවරයෙක් බවනං කිරිහට්ටි කේස් එකෙන්ම පේනවා. මෙතුමන්ලා දෙපල උනුන් පිට අම්බානට කසාගන්නා බවනම් පෙනේ...හික් හික්

      Delete
    4. පාඩු නෑ ප්‍රා …

      ඔබතුමන්ලට ඒව තේරෙන්න තාම මෝරල මදි :D

      Delete
    5. මේ අපි වගේ නේද?

      Delete
  19. බුරියෙන් පහළ නෑකම් නැතෙයිය කියාලා පත්තරේක තිබ්බා...

    ReplyDelete
    Replies
    1. ආච්චි උනත් මොකද හොඳට ලව් කරනවනම්
      ඔය පුරුදු සතා බර අදිනව කන්න දෙනවනම්... හැක් හැක්..

      Delete
    2. මාතා,
      යාළුවා ඒ හරියටම හරියන උපදෙස දීපු එකනෙ වැඩේ. ඒ කියලා එතනින් නවතින්නෑ උඩහටම නෑකම් නැතිවෙනවා.

      සින්දු,
      සන්ෆ්ලවර්ස්ලා ඕක කියලා අහගත්තා හොඳවයිං සොසයිටි ෆාදර්ලගෙන්.

      Delete
    3. "ලිද ගැඹුරුයි ලනුව කොටයි
      ඇද ගැස්සෙයි හෙමින් හෙමින්
      අත දුරමැයි නෙක පළ වැල්
      තව ඉස්සී කඩං වරෙං...."

      (මේකනම් ඉස්සුවේ බුකියෙන් ....කාගේද දන්නේ නැ )

      Delete
    4. ඇඳ කැඩිච්චදෙං
      මං මරිච්චදෙං

      Delete
    5. පොලු හැලිච්චදෙන්
      කෙලින්ඩ අයියා කෙලින්ඩ :D

      Delete
    6. ඇඳේ ඒවා නේද?

      Delete
    7. පත්තරේ,
      ඔහොම නෙවෙයි මෙහෙමලු කිවුවෙ...
      "යෙඳ කෙඩිච්ච දෙන්.. මා මෙරිච්ච දෙන්.. ගාන්ට මාතියා ගාන්ට..."

      Delete
    8. අඩෝ ජාතිවාදියා!

      Delete
  20. @ පිළියම

    පිළියම වැඩ කරලා බැණුම් ඇහුවෙ නෑනේ....
    ජයවේවා!

    @ කළගුණ

    මගෙ බ්ලොයට කලින්ම මම - රසසරණිය පැත්තෙ ඇවිත්
    හිනා දෙකක් දාගන්නව - දවසම සුපිරියි

    සැමදා ජයවේ මධුමාධවී රසසරණිය

    ReplyDelete
    Replies
    1. ඉතිරි කොටස නොවැළැක්විය හැකි හේතුවක් නිසා විකාශය නොවන බව කරුණාවෙන් සලකන්න.

      උඹ මේ අඩවියට කොච්චර ආදරේද කියලා මං දන්නවා මලයා. හරිනං දාන්න ඕනි උඹේ 10x12 ප්‍රමාණයේ ඡායාරූපයක්.

      Delete
  21. කණමදයා වගේ බිව්වාම ඔහොම වෙනවා හිටං.

    මාව ඔය කවුරුහරි ඇන්දමයිද කොහේද ?ස්තූතියි හොඳේ.:)

    ReplyDelete
    Replies
    1. අමද්‍යප වගේ!

      ඒක මට සතුටක් මනෝජ්! ටික දෙනයි ඒ ගැන කතා කලේ.

      Delete
  22. යකෝ මං එද්දි පෙරහැර ගිහින්නෙ. අපෙ අල්ලපු ගමෙත් ඔහොම සීන් එකක් උනා. මූ බීලා ගිහින් නැන්දම්මගෙ ඇඳට ගොඩ වෙලා. නැන්දම්මා ලස්සන කතාවක් කියලා තිබුණා මූට.

    ReplyDelete
    Replies
    1. ඔන්න පටං ගත්තා ප්‍රහේලිකා. කියපිය මැරුං නොකා ඒ කතාව.
      උඹ කැමරා කාරයා හරිනං පෙරහැර එන්න කලිං ඉන්න ඕනි.

      Delete
    2. අඩේ වැඩ ගොඩ ගැහිලා බං මේ දවස් වල. රස්සාව කොරන්නත් එපැයි. ඔෆිස් එකට හිර උනාම මේක අස්සෙ ඔළුව දාන්න බැරි වෙනවා. ඉඳපන් හෙට දෙන්නම් කතාව.

      Delete
    3. අඩේ කෝ අපෙ මෙන්ඩයියා....?

      Delete
    4. කිචි කවන් නැතුව බහින්න පුතේ :D

      Delete
    5. පත්තරේ,
      ඊට වඩා ලස්සන කතාවක් කියලා තිබුණා. ඔන්න මං පෝස්ට් එකට දැම්මා මේ පාර.

      Delete
    6. කැමා,
      නැන්දම්මා ද ඇහුවෙ ‘කෝ අපෙ මෙන්ඩයියා‘ කියලා?

      පත්තරේ,
      හුකෑස්!

      Delete
    7. මෙන්ඩා පේන්න නැති නිසා ඇහුවෙ. ඔන්න බොට කතා දෙක මේල් කලා. අර නැන්දම්ම කියපු එකත් පෝස්ට් එකට දැම්මා මේ පාර.

      Delete
    8. උඹ මැරිලයි හිටියෙ බං අද දවසම පේන්න නෑනෙ. ඒ අස්සෙ මෙන්ඩත් නෑ. අන්න උඹෙ කතාව මං පෝස්ට් එකට දැම්මා.

      Delete
    9. පොඩි අවුලක් බං ලැපේ. ඔන්න මං ආවා. කතා දෙක නෙමේ සාගරයයි දැං. නැන්දම්මෙක් නෑනෙ බං ඒකෙ.
      මෙන්ඩාට වට් හැපන්ඩ් හැබෑටම?

      Delete
  23. අම්මට උඩු එල ඇඩ්වයිස් එක.. පොඩි නෑන ආව දවසක ටැස් කොරල බලන්න ඔනෙ.... හුටා... යකෝ ඒත් මම තාම බැඳල නෑනෙ.. ඒකට ඇඩ්වයිස් එකක් ගන්නෙ කාගෙන්ද බං......

    විචාරක නිකං ලාවලු කාපු රිලව වගේ... හක.... හක.....

    ReplyDelete
    Replies
    1. අල්ලපු ගෙවල් වල නැද්ද නෝටි ෆෝටීස්ලා?

      උඹ මටත් හවුලෙ වෙඩිකන්න වෙන සීන් තමා අදින්නෙ.

      Delete
    2. පුක පැලෙන්න වෙඩි කන්න තමා වෙන්නෙ.... වෙඩි කනවද පුක දෙනවද.....

      (පුක කුනු හරුපයක් නොවේ. - ක.කා..)

      Delete
    3. මෙන්න මගේ ශිෂ්ණ සම්පන්න බ්ලොග් එකේ මූ කුණුහරුප කියනෝ!

      Delete
  24. අම්මට හුඩු,...... මං යනවා යන්න

    ReplyDelete
    Replies
    1. දැක්කනේ ඉවාන් අයියේ සීන් එක දැන් රටම දන්නවා

      Delete
    2. ඉවාන්,
      හෑ...මොකක්ද මේ වුනේ?

      ඔමා,
      මොකෑ අවුල?

      Delete
    3. අඩෝ ඕමා ,පල ඩො යන්න

      මධුවා . මුකුත් නෑ ඇයි?

      Delete
    4. හු හු හු මෙන්න මොකුත් නෑලු :D

      Delete
    5. ඉවාන්,
      බයියො ඔහොම්මමයි!

      ඔමා,
      ඕකාට මුකුත් නෑ වගේ තමා ඉන්නෙ.

      Delete
    6. පූස් මහත්තය.. එතකොට තමුන්නැහැද මේ සැමං කාලා වරුවක් කට හේදුවා කියන්නේ....?

      Delete
    7. ඔව් බං ඉවානයො ගියාට වැඩක් නෑ සීන් එක නෝන්ඩි :D

      Delete
    8. ඉවානෙයට මොකුත් ම නැත්ත‍ෙ නෑ. බටනළාවක් ඉතුරුයි...

      Delete
    9. දිලා,
      පරණ සැමන් කෑවානං දුක විඳපං ලව් පූසෝ!

      පත්තරේ,
      අහිංසකයාව යවලා නෝන්ඩිත් කරනවා.

      ඩ්‍රැකී,
      බටනලාව තිබ්බට වැඩක් නෑ. ඇඟිලි තියන්න දන්නෑලු.

      Delete
  25. කොහොමද උඩින්ම බැබලි බැබලි ඉන්න ගැම්ම .... කතාව ඇත්තට වුණා නම් වස කැතයි නේද

    ReplyDelete
    Replies
    1. ලෑෑඩීස් පොස්ට් කිව්වලු!
      හා හා... ඒවා මෝරපු ලමයින්ට විතරයි. පී ජී තර්ටීන්.

      Delete
  26. ඇඩෙනවා.. මං කියුවේ පිළියමට..

    ReplyDelete
  27. මාමගෙ අදහස ලොකු දුව දෙන්නයි
    නැන්දගෙ අදහස පොඩි දුව දෙන්නයි
    මාගේ අදහස දෙන්නම ගන්නයි
    දෙන්නත් අරගෙන නැන්දත් ගන්නයි..!!

    ඝ්ෂ් ළභ්භාගෙ පින්තූරයක් ඇඳුන මුල්ම වතාව...
    ජයවේවා..!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇගයීමට.
      මෙහෙමත් වල් ලබ්බෙක්.

      Delete
  28. අම්මට %කල තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. අම්මට ප්‍රතිශතකල තියෙන්නෙ.

      Delete
    2. පට්ට පාන්දර වැරදිලා නැන්දම්මට ඔය සීන් එක කරපු එකෙක් වැඩේ තේරුණාට පස්සෙ අම්බානක බයවෙලා ගෙයින් එළියට පැනල දුවන්න ගත්තලු. කරුමෙට නියර දිගේ දුවද්දි පාන් කාරයගෙ ඇගේ හැප්පිලා උෟ පාන් පෙට්ටියත් එක්ක වෙලට වැටිලා. හොදම එකෙන් මල පැනපු ඌ අටමා අහපු එකම ඇහුවලු.
      අරූ නොනැවතී දුවන ගමන් කියනවලු %කල තමයි යකෝ මේ දුවන්නෙ කියලා.

      Delete
    3. නැන්දම්මට ලෙස නිවැරදි විය යුතු බව කරුණාවෙන් සලකන්න :D

      Delete
    4. දිලා,
      පත්තරකාරයගෙ නෙමෙයි නේ?

      පත්තරේ,
      ආ ඔව් එසේ ද නිවැරදි විය යුතුය.

      Delete
    5. පට්ට දිල්ශානෙය‍ො...!!!

      Delete
  29. පළමුවැනි කවි පන්තියට කොමෙන්ට් එක:
    මටත් දවසක් ඔය වගේ වැඩක් වෙන්න ගියා. නෝනගෙ යාළුවෙක් ඇවිදින් නෝනගෙ ඇඳේ නිදි. ඒ මදිවට නෝනගෙ නයිටියකුත් ඇඳගෙන.

    දෙවැනි කවි පන්තියට.........
    “ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත“
    කවි පද බැඳීම එකක්.
    චිත්‍ර / කාටූන් ඇඳීම තවත් එකක්.

    ReplyDelete
    Replies
    1. මඩ ගැහීම තවත් එකක්.…

      Delete
    2. අපෝ .. ඔයා අඳුරගත්ත බව පෙන්නුවේ ඇයි,, පස්සේ සොරි කියන්න උම්මා එකක් හරි දෙන්න තිබ්බනේ

      Delete
    3. ශනී,
      එදා ඉඳංද රැවුල සුදුවුණේ?
      මෙහෙමයි! මේක ෆොටෝෂොප් හෝ කොලයක අතින් ඇදීම නෙමේ.මවුස් එක භාවිතා කරලා කොරල්ඩ්‍රෝ වලින් ඇඳීම. සංකීර්ණ වර්ණ මිශ්‍ර ඒවා අදින්න අමාරුයි අර මධ්‍යස්ථ මතධාරියාගෙ වගේ. මම දාංනංකො එකක දෙකක ඩ්‍රාෆට් එකක් වැඩේ තේරෙන්න. ලේසි නෑ සීයක්ගෙ විතර ඇඳිල්ල.

      පත්තරේ,
      තද වෙනවා නැද්ද?

      ඔමා,
      ඉස්තානෝචිත මෙව්වා එක වැඩ කරලා නෑ එවලෙ.

      Delete
    4. අපි නොදන්න කොරල් ඩ්‍රෝ කිව්වලු.

      Delete
    5. ඈහ්... හුටා වැඩ්ඩෙක් වගේ. මම කියූ සියල්ල ඉල්ලා අස්කරගන්නවා.

      Delete
  30. ඔන්න දැනුයි බං නිදහසක් හම්බවුනේ. බොහොම ස්තුතියි උඹට මා ගැන හදපු ලස්සන කවියටයි පින්තූරෙටයි.

    උඹ හිතන්නේ නැන්දම්මා මොනවා හිතන්න ඇති කියලද? (මම අනිත් කමෙන්ට් බැලුවේ නෑ තවම. දැන් යනවා නිදාගන්න.) හෙට ආයෙ එන්න ඕනෙ මේ පැත්තේ.

    ReplyDelete
    Replies
    1. ඩූඩයියා සොරි වෙංට ඕනෑ. පැහැදිලි පොටෝවක් ලැබුණේ නෑ සුදා.

      Delete
    2. ඔය ඉහටත් උඩිං බං.
      It's the effort that counts.

      Delete
    3. Effort එකනං කියලා වැඩක් නෑ පණ ගියා.

      Delete
    4. මල් දුන්නෙන් වඩින ඉලන්දාරියා.....

      Delete
  31. පිළියම තමයි පිළියම.. යකඩෝ නැන්දැම්මා හැමදාම ඒවිද දන්නේ ඊට පස්සේ..

    අද අපිවත් මතක් කරලා තියෙන්නේ.. තැන්කිවු ඈ..

    ReplyDelete
    Replies
    1. නැන්දම්මා ඇඳෙන් බහින්නෙම නෑලු.

      මූණ පේන රූපයක් දාගංටකො සුදා.

      Delete
  32. නැන්දම්මාට කරපු කෙරිල්ලේ හැටියට බබෙක් ලැබුනොත් , බිරිඳ එයාට කියන්න ඕනේ නංගි , මල්ලි කියලාද නැතිනම් දුව පුතා කියලාද ?

    ReplyDelete
    Replies
    1. මල්ලි පුතා / නංගි දුවා... :-)

      Delete
    2. සුරේ ප්‍රනා,
      ඔය ඩ්‍රැකියා දීලා තියෙන්නෙ.

      ඩ්‍රැකී,
      ඕක හෙන පුරස්නයක් බං. ඉස්සර මං දවසක් ලිව්වා කවියක් හෙන්රි අයියගෙද කොහෙද කතාවක් දැකලා මතක්වෙලා. වැඩිය රහක් නැති නිසා යටවෙලා ඒක.

      Delete
  33. හුටා... මං තාම පරණ එකේ කමෙන්ට් කියවනවා.මූ තව එකක් දාල.තව ඩිංගෙන් ත්‍ර්‍රීවිල් එකෙන්වත් ඇවිත් කමෙන්ට් එකක් දාගන්න බැරිවෙනව මේකෙත්.මේ මඟුලෙ පීඨෙකට ගිහින් අම්මප මට මේ හැමදේම නැතිවුනා.අර ගාමන්ට් එකට වෙලා සුද්දන්ට රෙදි යව යවා හිටියනම් මාත් ඉන්නව රජෙක් වගේ. ඕ යේස්...

    ReplyDelete
    Replies
    1. බැරිම තැන පයිංම ආවා බං. ත්‍රීවීලර් කාරයොත් බෑ කියනවා දුර වැඩි කියලා. හිටපිය තෝව ඩිසෙම්බල් කරනවා ඊ ළග පොහොට් එකේ. නොවැරදීම බලහං කල්තියා ඇවිත් ඈ...

      Delete
    2. අපි ඕක යද්දිම කීවා.… ඇහුවයැ. චැහ්

      මෙව්ව එක පරිස්සං කරං ගෙදර වර. නැත්තං ඒක එයි තැපෑලෙන් :D

      Delete
    3. තැපෑලෙන් එවන්න බැරිවුණොත් අධ්‍යාපන චක්‍රලේඛයක් ගහයි ‘අස්ථානගත වූ මෙව්වා එකක් හමුවී ඇත‘ කියලා.

      Delete
    4. චක්‍රාල්ඛයක් දැම්ම ගහල තියෙන්නෙ. "කැඩුණු එකේ කෑලි ඉදිරිපත් කරන තුරු අලුතින් එකක් නිකුත් කරනු නොලැබේ" කියලා...

      Delete
    5. නූල් වෙන්න ඇති.

      Delete
  34. හි..හි...

    රූපෙටයි කවියටයි තැන්කූ ඈ....

    ReplyDelete
    Replies
    1. රූපෙ නෙමෙයි බං මම මදාවියා. හැක් හැක්

      Delete