2015-08-04

කුකුළු සහ කුරුළු

කුකුළු



ගම්බද ගොවිපොලක් දෙසින් - ඩබල් කැබ් රියක් පදවා
යන අතරේ මහත්තයෙක් - හරි වැඩක් වුනේ

හොඳින් වැඩුනු නාඹර විය - කුකුලෙක් වැටකටත් උඩින්
පාරට පැනලා වාහනයට යට වූවා


ගන්න දෙයක් නැති තරමට - තැලිලා තිබුණා කුකුළා
මහත්තයා දුක් වීලා - වට පිට බැලුවා

වැටෙන් එහා ගොවි නිවසක් - තිබුණු හෙයින් මේ කුකුළා
ඒ නිවසට අයිති ඇතැයි - නිකමට හිතුනා

මළකුණ දෙපයින් එල්ලං - මහත්තයා පියමැන්නා
ගොවි ගෙදරට කුකුළාගේ වන්දි ගෙවන්න...

ගොවි මහතා හමුවීලා - කුකුල් කුණද එහි තබලා
මහත්තයා සිද්දිය ගැන මේ ලෙස කිව්වා

ඔබෙ කුකුළා යට වුණානෙ - මගේ කැබ් රියේ රෝදෙට
ඌ වෙනුවෙන් මා කළයුතු යමක් තියේද....

ඌ වෙනුවෙන් කළහැකි යැයි - මහත්තයට හිතෙනවනං
කිකිළියො ටික අාං අරෙහෙ - ගේ පිටිපස්සේ




කුරුළු


කුරුල්ලන්ට ගිනි බිඳිනා - දඩයක්කරුවෙක් දවසක්
ඕන්න ඔය වගේ වැටක් - පනින්නට ගියා

ලෝඩ් කරපු ඩබල් බැරල් - තුවක්කුවද වැට අයිනට
හේත්තුකර ඒක දිගේ - නගින්නට වුණා

කරුමයකත් හැටි මහතුනි - කොකාට පොඩි බරක් ඇවිත්
ඕනිම දේ හිල්වෙන්නට - පත්තු වුණාලූ

කුරුල්ලන්ට වෙඩි තියනා - මූනිස්සම් දන්නවානෙ
වැදුනෝතින් සිදුවන දේ - කිව යුතු නෑනේ

මහ ඉස්පිරිතාලය වෙත - දිව ආවේ ලේ පෙරාන
හදිසි සැත්කමක් කරන්න - ඇතුළට ගත්තා

සැත්කම නිමවී සතියක් - පමණ ගොසින් මැහුම් ලෙහා
නිවස බලා යන දවසත් - කෙමෙන් ළං වුණා

යන දවසේ සැත්කම කල - දොස්තර තැන හමුවීලා
කළගුණ සලකා ඔහු හට - මොහු පින් දුන්නා

ඒ වෙලාවෙ දොස්තර තැන - කාඩ් පතක් ගෙන සුරතට
දඩයක්කරු වෙත දුන්නා - තියාගන්නට...

මේ මොකක්ද මහත්තයෝ - මේක ඔබේ නෙමෙයි නේද
මේ වෙන දොස්තර කෙනෙක්ගෙ - කාඩ් එකක්ද...

දොස්තර කෙනෙකුන් නොවේය - මෙයා බටනලා කරුවෙකි
කියාදේවි නිවැරදි ලෙස - ඇඟිලි තබන්න....



128 comments:

  1. ඉතිං අර කැබ් එකේ ගිය එකා මොකෝ කලේ , සමහරුන්ටනම් නිකනුත් හුලං පිටවෙන්වලු, ස්ටොක් ඉවරවෙලා

    ReplyDelete
    Replies
    1. මමත් දන්න අපේ එකෙකුට කලුපාට කැබ් එකක් තියනවා..

      Delete
    2. ඔය කැබ් එකේ ගිය මහත්තයට ඔහොම වෙලා තියෙන්නේ මාව කඩුවෙලින් බස්සලා දමියව දාන්න ගිහින් එනකොටළු.

      Delete
    3. යටවෙච්චි කුකුල ගෙදර ගිහින් රෝස් කරන් කන්නෙ නැතුව දෙන්ඩ ගියා , හොද වැඩේ ඉවාන් උඹට.
      ආ..... අමතක උනා ..උඹේ ජාතියේ එකෙක් යට උනාම කැක්කුමයි නෙ.

      Delete
    4. ඉවානෙයො . වැකුම් :D

      Delete
    5. කවුද ඩො ඉවාන් කියන්නේ :P

      Delete
    6. අර Nissan navara ඩබල් කැබ් එකේ බිපු එවුන් ගිහින් දාන එකා..

      Delete
    7. ඔය කළු පාට කැබ් එකේ යන මහත්තයා කුරුල්ලෝ වෙඩි තැබීම කෙසේ වෙතත්, කොක්කුන්ට වෙඩි තියන්න නම් දස්සයි කියලා ඉරිදා පත්තරේක තිබුනා...

      Delete
    8. ඉවාන්,
      ඔය කියන්නෙ අපේ විචා ගැන නෙමේනෙ?

      මෙන්ඩා,
      ‘නාවර‘ පෙරෙන ‘නිසා‘ද?

      කසුටු,
      ගිහිං බස්සන්නැතිව මගදි බස්සන එක තමා හොඳ.

      කම්මලේ,
      ඇයි... ඒකාව පිටිපස්සෙ දාගෙන අපිව හම්බුවෙන්න ආවානං ඕක කන බයිට් මරාලෙට පොඩ්ඩක් අලගු තියන්නවත් තිබ්බානෙ.

      පත්තරේ,
      වැකූම් ඇල්ලුවාම එන සද්දෙ මතකද?

      ඉවාන්,
      අර ලව් පූසා නෙ.

      මෙන්ඩා,
      ඉවාන් = මිස්ටර් ඩෝපර්ස් ඩ්‍රොපර්.

      මාතෙ,
      ඕකා මේ ටිකේ දකින්න නැත්තේ යමරෙට තුවක්කු බටේ සුද්ද කොරනවා වෙන්ටෑ... නේද?

      Delete
    9. හිනා වෙලා හිනාවෙලා - පිස්සුත් හැදුනා...

      සින්දු ඇනෝ උන්නානං මෙන්න මෙහෙම කියයි:

      "ඉවානෙයගෙ බටනලාව - සංගීතය මවන අතර,
      දොළේ දියෙන් පා දෙව්වා
      ඔබට මතක නැති උනාට - අද වාගේ මතකයි මට"

      Delete
    10. අඩෝ මරාගෙන මැරෙනවා යකෝ... විචා මාමාට කියලා බෝම්බයක් හදාගෙන

      Delete
    11. ඩ්‍රැකී,
      ඕක මචං හරක් ගැන කියන සින්දුවක් (සඳුමල් බලන්න). ඉවානයට හරියන්නෙ පූසන්ට කියන සින්දු. මූ ලව් පූසා නේ.

      ඉවාන්,
      ඇයි මචෝ, කුරුළු මූණිස්සං ඉතුරු නැතෙයි?

      Delete
    12. පත්තරතුමා සහ ආදරබළලා මහතා ඉන්න තැන ඔය කුකුළු කතාවලට අපි හොටදාන්න යන්න ඕනෙ නෑ.

      Delete
    13. එහෙනම් කුරුළු කතාවට හොට දාමු. දෙකම් හොට් කේස්නෙ.
      (හොට් යනු හොට යන්නෙහි බහුවචනයයි).

      Delete
  2. ///කිකිළියො අන්න අරෙහෙ - ගේ පිටිපස්සේ///
    මේ පද පෙළ මේ විදිහට ආවනම් කොහොමද, "කිකිලියෝ ටික ආන් අරෙහෙ - ගේ පිටි පස්සේ"

    ඔය කැබ් එකේ ගියේ ඉවාන් කියන මහත්තයද දන්නේ නැහැ නේද...

    ReplyDelete
    Replies
    1. හැලපේයියන්ඩිලාගේ පාටිය ඉවර වෙලා අපේ කාර් එක පිටිපස්සෙන් කැබ් එක එලවගෙන ආපු පොරමද මචං දඩයමේ ගිහින් තියෙන්නෙ

      Delete
    2. අර රැවුලද බං....?

      Delete
    3. අර Nissan navara ඩබල් කැබ් එකේ යන එකා නේ.. චැහ්. මතක් කරන්න එපා උදේ පාන්දර ඕකව මට :D

      Delete
    4. පිස්සුද අපි යයි එහෙම , වල් පත්තරයෝ උඹ අන්තිම කැමැත්ත ලියලා තියාගන්

      Delete
    5. පත්තරයාගේ අන්තිම කැමත්තත් ඉතිං උඔගේ අන්තිම කැමැත්ත ලියවන එක තමයි.

      Delete
    6. ලොකුස්,
      උඹ හරියටම හරි. ඒ තැන මාත්‍රා කේස් එක මට මග ඇරිලා බං. හැදුවා ඔන්න. උඹට පිං.
      (යකෝ මේක හරි කෙළියක්නෙ. කැබ් එළවන්නෙ මං විතරද? - මෙයට විශ්වාසී, ඉවාන් ෆවුලූශා)

      මෙන්ඩා,
      එහෙම්ම කැබ් එක කැලේ පැත්තට ඇල්ලුවා. වැට පනින්න ගියා. එච්චරයි මතක.

      යස්ස+යන්ත්‍ර,
      ඔය කියන්නෙ අපේ ෂෙෆාකි ගැන නෙමේනෙ? (ඉවාන්ට සැවුල එංට බෑ...)

      පත්තරේ,
      උදේ පාන්දර නාවර පෙරාගෙන එන නිසා ද?

      ඉවාන්,
      උඹ විචාගෙන් ඉගෙනගෙනද පත්තරයගෙ අවසාන කටයුතු කරංට යන්නෙ? හෆොයි!

      මෙන්ඩා,
      මගේ මළගෙදර තෝ නාවොත් මං තොගේ මළගෙදර පැත්ත පළතෙ පස් පාගන්නෑ කිව්වලු... කව්ද මන්දා.

      Delete
  3. ඉතිං බං ඒ කාඩ් එක දෙන්න ඔනේ දඩයක්කාරයාගෙ නෝනටනේ...ඇයි බං එයානේ බට නලා පිබින්නේ..

    කැබ් එකක් තියෙන්නෙ ඉවානයාට...
    තුවක්කුවක් තියෙන්නෙ නම් විචාට...

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා,
      උඹල හැමෝටම යම්කිසි අවුලක් වුණා මචෝ අදනම්. උඹලා ඉතිං බොහොම ගැඹුරට ගිහින්නෙ. නිකං එදිනෙදා කේස් හිතහංකො. චූ පාරක් දාන්න ගිහාම මූණෙ ඉහිරෙන්නැතිව කරගන්ටම බටනලා පුහුණුව කොයි තරම් වැදගත්ද?

      ඉවාන්,
      මාමා මන්දා නරි බෑණා නං මතක් වෙනවා.

      Delete
    2. ඉවෝන්,

      විචාගෙ බෑණා මැලේ රාළනෙ.

      Delete
    3. ඩ්‍රැකි
      කිදෙනෙක් බලාපොරොත්තු තියාගෙන වුන්නද?

      Delete
    4. ඔය මැලේ රාලයා මොකෙක්ද මට ,හැක

      Delete
    5. ඩ්‍රැකී,
      උඹ ඌව ඒ පොඩ්ඩට ෂීමේල් කලාද?

      මෙන්ඩා,
      තිස්ස අත්තනායක හොඳයිනෙ බැලුවම.

      ඉවාන්,
      ඔව්... උඹ ඉතිං සිංහනාද කරයි. ඌ මෙහේ නෑනෙ. හම්බුවුණාම ඤා...ව්!!!

      Delete
  4. වැට පනින කුකුළන්ට යම් දිනක මෙවන් ඉරණමක් අත්විය හැකි බව මධාවී, මෙන්ඩා අැතුළු වැට පනින උදවිය තරයේ සිහි තබා ගත යුතුයි.

    ReplyDelete
    Replies
    1. පට්ට කථාව .. ඩිල්ෂානුත් මේ අවවාදයම පිළිපැද්දනම් තමා හොඳ ...
      නෑ .. මං කිව්වේ ඔය කැමරාව මානගෙන යනකොට වැටවල නොපෙනුනොත් කියලා ... ☺ ☺ ☺

      Delete
    2. සඳරු - සහතික අැත්ත. පනින වැටක් වටපිට බලල පනින ඒකයි අැගට ගුණ...

      Delete
    3. චැහැ..අපි වැටවල් පනින්නෙ නැත..ඉරිදට අයිඩියෙන්ටිත් අරන් 18 කනුවට එන්න කියනවා මිසක්..

      Delete
    4. බ්ලූ හොරයිසන් එකේ රූම්ස් ලාබයි :D

      Delete
    5. රැපියල් 600/= ට දෙනවද?
      ඊට වඩා නම් බෑ..
      පසිදු එකේ කෑම එක 150/= යි..
      පොස්ටිනෝ 1 එක 200/=
      නංගිට කඩල පැකට් එකක් අරන් දුන්නා 10/=
      ගෝල් ලිෆ් එකක් පත්තු කර ගත්තා 30/=

      කොච්චර සිම්පල් පැලැන් එකක්ද?
      සෙනසුරාදා වැඩ කරපුවාම..අතට හම්බවෙන ගෙදර ආදායම් බදු වලට පෙන්නන්නෙ නැති 1000/= ට වෙනදේ

      Delete
    6. සිතට සුවයක් ගෙනනෙන සැනසුම
      සදන දිව අඳුනක්
      නෙතට එලියක් ගෙනෙන නොනිමෙන
      දොලොස් මහ පහනක් ……

      හුකෑස් :D :D

      Delete
    7. මෙන්ඩිස් අයිය, ඩ්‍රයි ජින් කාල අමතක උනා නේ ....

      Delete
    8. ඡින් අරගෙන ගිය දවසක් කන පාත් වෙන්න බිලා හවස් වෙනකන් බුදිය ගත්තා..හවස SMS එකක් ආවා..බුදියන්න ඔනේ නම් ගෙදරට වෙලා බුදිය ගන්න..

      Delete
    9. දිලා,
      වැට පනින උන් විතරක්යැ. වැටට උඩින් පොටෝ අල්ලන උන්ටත් කුරුළු මූණිස්සම් පිහිට තමා.

      සඳරු,
      මං කිව්වෙ...මං කිව්වෙ...

      දිලා,
      වට පිට නෙමෙයි බොල් කකුල තියන කොකා ගැන.

      මේනඩා,
      අයිඩින්ටිය මොකටද බාන්ස්? ඉස්ත්‍රී පුරුස බාවය ඉස්තීර කොරගන්ටද?

      පත්තරේ,
      පින්ක් පැන්තර් වගේ නම් නැද්ද? (අඩුගානෙ රේන්බෝ සිටි වගේ)

      මෙන්ඩා,
      ලොතරැයි කාරයෙක් වැඩේ සෙට්ල් වෙලා නින්ද ගිහිං ‘හෙටයි අදින්නේ...හෙටයි අදින්නේ‘ කියලා හීනෙං කෑ ගැහුවලු. ඉතිරි හරිය කියන්න ඕනි නෑනෙ. (ආදායම් බදු වලට වියදම් හංගන්න එපා බං. දාපං කොස්ට් ඔෆ් ‘ගුඩ්ස්‘ කියලා).

      පත්තරේ,
      සිතට සුවයක් ගෙනනෙන සැනසුම - සදන දිව අඳුනක්
      දිවට සුවයක් ගෙනත් දිවටම - කෙළවෙනා මගුලක්

      කම්මල,
      ඔය නහර වේලෙන මගුල් මතක් කොරන්නෙ ඇයි බං මේ වෙලාවෙ. ලෝං ලාස්ටිං...

      මෙන්ඩා,
      අම්මාපල්ල, ජින් හොඳා හුදකලාව බුදියන්න.

      Delete
    10. මෙන්ඩා,

      /සෙනසුරාදා වැඩ කරපුවාම..අතට හම්බවෙන ගෙදර ආදායම් බදු වලට පෙන්නන්නෙ නැති 1000/= ට වෙනදේ/
      Priceless!!!!

      Delete
    11. මධු
      උඔ හිතුවද මම එල ද බ්‍රාලා ගේ මෙන්ඩා කියලා..ස්ත්‍රි පුරැෂ භාවය චැක් කොරන්න..18 ට අඩු එවුන් කාමර දෙන්නෙ නෑ

      ඩ්‍රැකි
      අපේ එකෙක්වත් ඔය 1000/= ගෙදරට පෙන්නන්නේ නෑ.. සතියේ දවස් පහම වැඩට ආවේ නැතත් සෙනසුරාදා අපි වැඩ.

      Delete
    12. ඩ්‍රැකී,
      කවද හරි කොක්ලස් කියලත් ආරංචි වෙයිද දන්නෑ.

      මෙන්ඩා,
      දැන් ඔය සඳුවා එහෙම අහන්නැද්දෙ සෙනසුරාදාට ගෙවන ඒවා කෝ කියලා?

      Delete
    13. මේ කමෙන්ට් සෙට් එකේ ස්ක්‍රීන් ශොට් එකක් අරන් මෙන්ඩල ගෙදරට යවමුද බං....?

      Delete
    14. මද්ධා
      ඇයි යකෝ එලිවෙනකන් වෙස්සන්තර ඡාතකේ අහගෙන ඉදලා උදේ ඇහැව්වලු “ඡාලිය ක්‍රිෂ්ණ ඡිනා වෙස්සන්තර රඡ්ඡුරැවන්ගෙ කවුද කියලා?“
      සෙනසුරාදාට වැඩ කරනවට ගෙවනවා? කවුද? අපේ ආයතනයේ? මට එහම එකක් මතක නෑනේ..
      කැමා..
      අපේ ගෙදර උන්දෑ ලෝකය දකින්නෙ මගෙන් බං..මම එයාට ගලට මල කිව්වොත් ආය උඔලා ඔලුවෙන් හිටගෙන කිව්වත් වැඩක් නෑ..
      බදින්න ඉස්සර එයා මගෙන් ඉල්ලපු ඉල්ලිමක්..
      “මට ඔනේ සම්ප්‍රදායික බිරිදක් වෙන්න..අපේ ගෙදරට ටිවි රෙඩියෝ වොෂින් මැෂින් ලැප්ටොප් ඉන්ටර්නෙට් ෆෙස් බුක් එපා“
      “ඔයා ලොක්කා ඔයාගේ ආයතනයට විතරයි මට ඔය ෂිප්මන්ට් බෝඩ් මිටින් වැඩක් නෑ ගෙදරදි ඔයා මගේ“
      මම බදිනකොට එයා නර්සින් අද ගෘහනියක්..
      අපේ ගෙදර සෝෆා පුටුසැටි හොම් තිටර් සිස්ටම් නෑ..
      අඩුම තරමේ මට ටුවර් එකක්වත් යන්න දෙන්නෙ නෑ.
      අපි තුන් දෙනා එකට කැම කනවා එක වෙලාවට නිදාගන්නවා..අපි සතුටින්..
      කයිවරැ නෙමෙයි මචං උඔලා මගේ හින්දා හිතේ තියන දේ බෙදා ගත්තා..

      Delete
    15. කැමා,
      වැඩක් නෑ බං. ඔය ඌම දීලා තියෙන්නෙ අපෙත් රෙදි ගැලවෙන්නම.

      මෙන්ඩා,
      උඹට ඉස්සෙල්ලම මම සැලියුට් කලේ උඹේ වෘත්තීය ජීවිතයේ ආ ගමන ගැන කියපු දවසෙ. මෙන්න අද දෙවනි එක.

      Delete
    16. මෙන්ඩො,

      උඹේ ගෙදර හරි ෂෝක් බං. සතියක් විතර නවතින්න හිතෙනවා...

      Delete
    17. //උඹේ ගෙදර හරි ෂෝක් බං. සතියක් විතර නවතින්න හිතෙනවා...//
      ගෙදර වැඩක් නෑ , මුන්ගෙ ෆැක්ටරියෙ නවතින්න මමත් ඉල්ලන්නෙ.

      Delete
    18. ගෙදරට මට අයිතිවාසිකම් කියන්න ඉන්නෙ දෙන්නයි ෆැක්ට්‍රිෙය් 1300 ක් ඉන්නවා..
      ගෙදර වරෙල්ලා අපේ දෙන්නා මට වැඩිය බොක්ක.

      Delete
    19. නියමයි මෙන්ඩෝ.... ඔහොම ලැබෙන්නත් පිනක් තියෙන්න ඕනෙ...

      Delete
    20. මෙන්ඩගේ ගෙදර පලයව්... ටොපියක්වත් ඇරං... නැත්තං ටටා කියනවා නෙමේ.

      Delete
  5. දෙකම හොඳයි කලින් කියවල නැත.

    ReplyDelete
    Replies
    1. මං හිතුවෙ පළවෙනි එක හොඳයි...දෙවනි එක හොඳා...යි කියයි කියලා...හැක් හැක්

      Delete
  6. දෙකම පට්ට
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. පළවෙනි එක පට්ටයි. දෙවනි එක පට්ටා...................යි නෙමේද?

      Delete
  7. විචාරක තුමාට වෙච්ච පොරොන්දුව ඉෂ්ඨ කොරලා නේ ..

    කවි කථා දෙකම සුපිරියි ඈ ... ඒත් යාළුවන්ට ඔහොම මඩ ගහන්න එපා මාධවියෝ ..

    එවුනුත් දැනගන්න එපෑයෑ මාධවියට මේව නොකියා ඉන්න නේ .. ☺ ☺ ☺

    ReplyDelete
    Replies
    1. අහ්... උඹ ඒක දැක්කද?
      ඒ කියන්නෙ කතා දෙකම සුපිරිසිදුයි නේද?
      (දැන් දෙයියනේ කියලා මොකක් කිව්වත් වදින එකෙක් මේ අවකාශෙ ඉන්නවා. සංතෝෂයි...සංතෝෂයි)

      Delete
  8. දැන් මොකද වෙලා තියෙන්නේ කිකිළියෝ කොටල කුකුල් මහත්තයාගේ බටේ හිල් වෙලා කැබ් එකේ ටයර් එකෙන් හුලං යනවද? හයියෝ අපරාදේ බටනලාව..

    ReplyDelete
    Replies
    1. කළණයා මංඤ්ඤං වෙලා වගේ. මේ කවුරුවත් නැද්දෝ....?

      Delete
    2. කලවං ෂොට් එකක් ගහලා වෙරි වගේ කළනයට

      Delete
    3. කළණයා අනුකලනය වෙලා.

      Delete
    4. පොඩි කාලේ පොල් ගෙඩියක් ඔලුවට වැටිලා

      Delete
    5. නැවේ ඉන්න කාලෙ කුඹ ගහක් වැටිලා...

      Delete
    6. http://scepticemia.com/2011/09/30/the-sailors-syphilis-detecting-handshake-preventive-medicine-or-an-oslerian-folklore/

      Delete
    7. බොහොම ස්තුතියි ප්‍රා-ජේ! කළණයාව හම්බුවුණ ගමං ඔය ටෙස්ට් එක කරලා බලන්න ඕනි. කොහොමත් වැලමිට ඉදිමුණු ගතියක් පොටෝවල තියෙනවා.

      Delete
  9. ඒ කියන්නෙ දැන් ම්ධාවියාට බටනලා ගහන්න පුළුවන්.... හොඳයි.. හොඳයි... අනේ වාසනාවන්...

    ReplyDelete
    Replies
    1. මධාවියට 2ට නැමිල තමයි බටනලා ගහන්න වෙන්ෙන. හුකෑස්...

      Delete
    2. මධාවිගේ වයිෆරේටනම් දැන් හොදට බට නලා ගහන්න පුලුවන්..

      Delete
    3. යස්ස+යන්තරේ,
      උඹ දන්නෑ පොඩිකාලෙ කූඩැල්ලෙක් කාලා මං ගැහුවෙ බටනලා නෙමේ සැක්සොපෝං

      දිලා,
      දෙකට නැමිලා තමයි ඩෝ සැක්සොපෝං ගහන්නෙ...

      මෙන්ඩා,
      අනේ බං උඹට කියංට ආසාවකට වස්දඬු රාවයක් අහන්න නෑ...

      Delete
    4. දැන් ඉතින් මල් බාල්දියෙන් වතුර දානවා වගේ ඇති නේද බං බොලෑ චූ දානකොට.....?

      Delete
    5. ආ... හම්බුවෙයංකො කවුරුත් නැති හරියක මල් බල්දියෙං නාවලා පෙන්නන්න.
      (උඹ දන්නවද හිල් පොල්කට්ටෙං බබාලා නාවන සීන් එක?)

      Delete
    6. ඒකත් ඔන්න ඔහෙ කියලා දාහං.... ඒක නෙවෙයි මුන් බටනලා ගහන්න වෙනවා කිඋවාම වැරදි පොයින්ට් එකක් අල්ලගෙන ඉන්නෙ නෙද..?

      Delete
    7. අනේ බං උඹට කියංට ආසාවකට වස්දඬු රාවයක් අහන්න නෑ...
      උඔගේ ලක්ෂපති පොස්ට් එකේ කටුස්සා කමෙන්ට් එකක් දාලා තිබුනා ලංකාවේ බහුතරයක් පිරිමින් ඔන්න ඔය කාගෙන්ද ලබා ගන්නා සේවය කියලා
      කටුස්සා හම්බ වෙනවද? මම ලිස්ට් එක දාන්නද?

      Delete
    8. කැමා,
      ඇයි බං ඔය ඕනි තරං නාවන්නෙ.

      මෙන්ඩා,
      ගිහිං බැලුවා. උඹ දාන ලිස්ට් එකේ තියෙන අයිටම් ටික ඉතිං මං නොදන්නවයැ.

      Delete
    9. හැහ්..“රෝෂි මට වතුර විදුරැවක් දෙන්න“..
      නෑ...නෑ රෝෂි කියන්නෙ මගේ Office එකේ ළමයෙක්..පුරේ ඉන්න කෙනෙක් නෙමෙයි..
      උඔ වුන්ට මාව අදුරනවා කිව්වද?
      පරන ණය වගයක් දෙන්න තියනවා යකෝ..ණයට ගත්ත සේවාවක.

      Delete
    10. හිකිස්! උඹත් එළවළු වවනවාද මචෝ?

      Delete
  10. කතා දෙකම අදයි ඇහුවෙ.අලංකාරයි හොඳේ..

    ReplyDelete
    Replies
    1. කතා දෙකේ ඇති චරිත හදුනාගෙන මධාවියා වෙතින් කුකුල් ගොවි පොලට චාරිකාවක් සමග බට නලා වාදනයක් දිනා ගන්න.

      Delete
    2. කාරුණික දැනුම් දීමයි.

      "ඵල නෙළුවට කමක් නෑ - ලෙලි බිම දාන්න එපා " :D

      බිකෝස් ඒව ගිල්ලම කුකුල්ලුංගෙ වෑල් බ්ලොක් වෙනවා .. ඕ යේස්

      Delete
    3. මනෝෂ්,
      දැං උඹ නිකංම ෂේප් වෙලා යනවා නේද? කොහොම හිටපු එකා? බටනලා ක්ලාස් එකට පරක්කු වෙනවාද?

      මෙන්ඩා,
      බටනලා වාදනය වැරදුනොත් නාන්ට තමා වෙන්නෙ.

      පත්තරේ,
      ‘ආදරයේ ඵල නෙලුවට කමක්නෑ ලමයිනේ ලෙලි වීසි කොරංට එපා - මගෙ කුකුල්ලු මැරෙනවා‘ කිව්වාලු. මෙක තමා පත්තරයාගේ කියමනේ සිංහල පරිවර්තනය. ඕං කිව්වා. (රවී අයියා මාර ඉංග්‍රීසි පරිවර්තන ටිකක් කොරලා. බලපංකො)

      Delete
  11. මම තාම කලපනා කරන්නේ මොකෝ මේ ඩබල් කැබ් මහත්තයෙක්වම බ‍යිට් එකට ගත්තේ කියලා...කුකුලොයි ඩබල් කැබ් මහත්තරුයි අතරේ මොකක් හෝ සමාන කමක් තියේද මදාවියො ඇත්තටම ඈ...?
    අපි දන්න එක්කෙනක් නම් ඉන්නවා කැබ් කාරයෙක්, ඒ කිව්වේ ඩබොල් කැබෙක් හැබැයි ඌ නම් කුකුලා නෙමී...B.L.B.R. කෙනෙක්...

    ReplyDelete
    Replies
    1. ෂෙෆාකි,
      තමුන්නාන්සෙගෙම මාතලී (මාතලං නෙමේ ඈ) ගැන තමා ඔය කියන්නෙ කස්ටිය. අනේ එහෙම අයගෙං ඈත් වෙයං රත්තරනෙ.

      මෙන්ඩා,
      ඕක ජර්මන් කේස් එකක්ලු බං. වම දකුණ ගැන. මෙන්න ලින්ක් එකක්. http://definithing.com/blbr/

      Delete
    2. @ c-a, L de B M, I P & M M, No comment

      https://www.google.lk/search?q=silence+speaks+volumes&biw=1093&bih=496&tbm=isch&tbo=u&source=univ&sa=X&sqi=2&ved=0CBsQsARqFQoTCN2z27iukccCFQwDjgodyKYG8A#tbm=isch&q=silence+speaks+louder+than+words&imgrc=lRH6yX3DcF9jRM%3A

      Delete
    3. ලින්ක් දෙන්න කතන්දරට වඩා දස්සයි වගේ.

      Delete
  12. හ්ම්..............ඕක වෙලා හුඟක් කල්. කිකිලියෝ කිව්වට උන් නෑම්බියොම නෙවෙයි ඉතිං ටිකක් වයසක එවුන්.

    අපේ උන්දැත් අකමැත්තෙන් ගියා ඔය බටනලා පාඨමාලාවට.

    ReplyDelete
    Replies
    1. මෙන්න කූකුල් ***නෙක්..

      (විචා විහිලුවට...තරහා වෙන්න බෑ)

      Delete
    2. විචාරක,
      ඔබතුමාට ඉතිං වුනොත් වෙන්නේ ඔහොම අටම්පහුරක්ම තමා.
      (අටමා, විහිලුවට කිව්වෙ...තරහ වෙන්න බෑ)

      මෙන්ඩා,
      හොයපං ගනකම වැඩිම නිෂ්පාදන. ඇඳපං ඉහාවුල ඉඳං පාවුලටම. වෙඩි වැදීමට නියමිතයි.

      Delete
    3. මෙන්ඩෝ ආමි එකේ මොකක් හරි වැරද්දක් කරපු එකාට කියන්නේ අගල් ***නා කියලා

      Delete
    4. ඔව්...ඔව්... අගල් කපන්නා.

      Delete
    5. විචාරක,

      /මෙන්ඩෝ ආමි එකේ මොකක් හරි වැරද්දක් කරපු එකාට කියන්නේ අගල් ***නා කියලා/

      එතකොට කලවැද්දයි කියන්නෙ...?

      Delete
    6. ඩ්‍රැකී, කලවැද්දා කියන්න ගිහිල්ල එයා ඉගෙනගත්තනේ පාඩම. එයා ළඟ විතරයි ඔය වචනේ මම ඇහුවේ හමුදාවේදී. :D

      Delete
    7. ඩ්‍රැකී,
      උඹ අද කනවා.

      විචාරක,
      මං හිතපු තරං වලියක් ගියේ නෑනෙ...චැක්

      Delete
  13. එළ එළ.... අර වෙට් ඩොකාට කලිසම එල්ලන්න ඇණේ ගැහුවා වගේ..
    සුපිරියි.
    බටනලාකාරයො ඕන වෙන එකක් නෑ..
    මෙන්ඩගෙ අත්දැකීමෙන් කියයි යුරිනල් එකට හිල් වහගෙන ඉලක්කෙට දාන හැටි..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අනේ බං, ඒ කතාව මේලක් දාපංකො. මං කයි පද බඳිංනං.

      අන්න උඹට මීටර් උනා මං අදහස් කොල දේ. කොහෙද ඉතිං මුං සේරම සබ්ජැට් එකටමනෙ බහින්නෙ.

      Delete
    2. යකෝ ගස්ලබ්බ කිව්වමනෙ ඒක මීටර් වුනේ. චූ කොරන්නෙ කොහොමදැයි කියල තුං හිතකිං වත් හිතුණෙ නෑ කියහංකො. චික් විතරක් වල් හිත...

      Delete
    3. කොහෙද ඉතිං? තුන් තිස් පැයම එකම සබ්ජැට් එකක් ගැනම බවුන් වඩනකොට ඔහොම වෙනවා.

      Delete
    4. චු කරන එක වගේද යකෝ අනිත් වැඩ..හැමතිස්සේම පාරිභෝගික අවශ්‍යතා වලට මුල් තැන දිපන්..

      Delete
    5. අපිටනං මචෝ ඔය බර හැදුනම තමා අනික් අවශ්‍යතා සපුරාගංට අවශ්‍ය පසුබිම හැදෙන්නෙ.

      Delete
    6. මෙණ්ඩා ඕ ලෙවල් කොරලා ඉන්න කාලෙ කෑල්ලක් ට්‍රයි කොරලා බඳින්න ඕනෙ කියලා ගෙදරට සද්දෙ දානවාලු උදේ පාන්දරම.තාත්තා කියනවාලු.. 'චූ කරලා බුදියගනින් පුතේ.. උඹ රැවටිලා.. තව කල් තියෙනවා' කියලා.
      ජයවේවා..!!

      Delete
    7. දවසක් ගස් ලබ්බා ඇස් දෙක පියාගෙන අත් කරත්තයක් එලවනවලු..දැන් ඉන්නෙ අන්තිම හරියෙලු දිනුම් කනුව ලග ලගලු..
      තාත්තා කාමරේට ඔලුව දාලා කිව්වාලු...
      “කොල්ලො..තෝ මැරෙයි...“

      Delete
    8. ගස්ලබ්බ සහ මෙන්ඩා,
      උසි...උසී...

      Delete
  14. පස්සේ ආරන්චි උනාලූ ඌ කෙල්ලන්ට බටනලා පන්තියක් දැම්මා කියලා...

    ReplyDelete
    Replies
    1. උන් කොහොමත් නානවානෙ මචං. දිනපතා නිතර දෙවේලේ තම කෘත්‍යයන් වලදී නාගන්නැතිව ඉන්න එකනෙ වටින්නෙ.

      Delete
  15. ඉතින් පිඹපංකෝ බටනලා. හැබැයි ගාඩන් හෝස් එකකට මරු

    දවසක් ඔය වෙඩි කාපු පොර වැ‍ටුප් වැඩි වීමක් ඉල්ලලා.

    මේවලු ඉල්ලීම සාධාරණීකරනය කරන්න ඉදිරිපත් කරපු හේතු.

    *මම ශරීරය වෙහෙසවන බරවැඩ වල යොදවනු ලබන්නෙමි.
    *මා ඉතා ගැඹුරු සේවා ස්ථානවල සේවයේ යොදවනු ලබන්නෙමි.
    *යොදවනු ලබන කොයි රාජකාරියටත් මම දෙවරක් නොසිතා ඔලුව දමන්නෙමි.
    *සති අන්ත හෝ ප්‍රසිද්ධ නිවාඩු දින මට අහිමිය.
    *මා ඉතාමත් තෙතමනයෙන් යුතු රාජකාරි ස්ථානවල සේවයට යොදවනු ලබන්නෙමි.
    *මා නිසි ආලෝකය නොලැබෙන ඉතාමත් අඳුරු රාජකාරි ස්ථානවල සේවයට යොදවනු ලබන්නෙමි.
    *මා නිසි වාතාශ්‍රයක් නොලැබෙන විෂවායු වලින් ගහන රාජකාරි ස්ථානවල සේවයට යොදවනු ලබන්නෙමි.
    *මා අධික උශ්ණත්වයෙන් යුතු රාජකාරි ස්ථානවල සේවයට යොදවනු ලබන්නෙමි.
    *මා බෝවෙන රෝගවලට ඉතාමත් පහසුවෙන් ගොදුරු විය හැකි රාජකාරි ස්ථානවල සේවයට යොදවනු ලබන්නෙමි.

    උක්ත හේතූන් නිසා මා ඉල්ලන වැ‍ටුප් වැඩි වීම සාධාරණ බව මා තරයේ විශ්වාස කරමි.

    ReplyDelete
    Replies
    1. ඩූඩ්,
      ඉතිං උගන්නපංකො උඹ පුරුදු කාරයා වෙච්චි.
      ඕකට පඩි වැඩි කරලා වැඩක් නෑ... එන්ටර්ටේන්මන්ට් ඇලෝවන්ස් එකක් ගෙවන්න ඕනි. නිත්‍ය සම්බාහනයක් සඳහා.

      Delete
    2. //මා නිසි වාතාශ්‍රයක් නොලැබෙන විෂවායු වලින් ගහන රාජකාරි ස්ථානවල සේවයට යොදවනු ලබන්නෙමි.// +++++++++++++++++++++++++++++

      Delete
    3. //මා ඉතාමත් තෙතමනයෙන් යුතු රාජකාරි ස්ථානවල සේවයට යොදවනු ලබන්නෙමි.//
      එසේ නොවන පරිසරයන්හිදී කෘතීමව හෝ එවැනි පරිසර තත්ත්වයන් ඇතිකර මා රාජකාරියෙහි යොදවනු ලබන්නෙමි.

      Delete
    4. පට්ඨ සැබෑවකි තොප තෙපලන්නේ...

      Delete
    5. එල ද බ්‍රා ඩුඩ් අයියන්ඩි

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. අනේ බංස්ලා ඒ වැඩේ හරි ගිහිල්ලා නෑ.

      හිතවත් මහත්මයානනි,

      ඔබගේ ඉල්ලීම සහ ඒ සනාථ කිරීමට ඔබ ඉදිරිපත්කර ඇති තර්ක සමාලෝචනය කිරීමෙන් අනතුරුව පහත සඳහන්හේතූන් නිසා ඔබගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට පාලනාධිකාරිය තීරණය කල බව කණගා‍ටුවෙන් දැනුම් දෙමි.

      1. ඔබ එක දිගට පැය අටක සේවා මුරයක යෙදෙන්නේ හෝ යොදවන්නේ නැත.
      2.ඉතා කෙටි සේවාකාලයක් සම්පූර්ණ කල වහාම ඔබ නින්දට වැටීමේ ප්‍රණවතාවයක් ඇති බව හඳුනා ගෙන ඇත.
      3 එමෙන්ම ඔබ කළමනාකාරිත්වයේ අණට සෑමවිටම අවනත නොවන බවද හඳුනාගෙන ඇත.
      4. එමෙන්ම ඔබ ඔබට වෙන්කරදී ඇති රාජකාරි ප්‍රදේශයේ පමණක් ‍රැඳී නොසිටීමට අමතරව ඔබට අදාල නොවන වෙනස් ස්ථානවලද නිතර ගැවසෙන බවටද පැමිණිළි ලැබී ඇත.
      5. තවද ඔබ ඔබේ රාජකාරි සඳහා මූලිකත්වය ගෙන ස්වේච්ඡාවෙන් ඉදිරිපත් නොවන බවත් ඒ සඳහා බලපෑම් සහ උත්තේජන බලාපොරොත්තු වන බවත් පෙනී ගොස් ඇත.
      6.ඔබේ සේවා මුර අවසානයේ ඔබේ වැඩ බිම ඉතාම අපවිත්‍ර වී ඇති බව අප නිරීක්ෂණය කර ඇත්තෙමු.
      7.එසේම ඔබ නිසි ආරක්ෂිත පළඳනා පැලඳීම වැනි ආරක්ෂක රෙගුලාසි සෑම විටම පිළි නොපදින බවට පැමිණිළි ලැබී ඇත්තේ වරක් දෙවරක් නොවේ.
      8.එසේම ඔබ අවුරුදු 65 ඉක්මවීමටද පෙර විශ්‍රාම යන බවද නොරහසකි.
      9.තවද ද්විත්ව සේවා මුර (double shift)සඳහා ඔබව යොදවා ගැනීම කිසිවිටෙක සාර්ථක වී නොමැති බව අප නිරීක්ෂණය කර ඇත්තෙමු.
      10. ඔබට පැවරුණු රාජකාරිය නිමා නොකරම නියම කර ඇති වැඩ බිම හැර යන අවස්ථා ගැන ඇති පැමිණිළි ඉතා බරපතලය.

      ඉහත සඳහන් කරුණු සියල්ලටම වඩා ප්‍රභල චෝදනාවක් වන්නේ ඔබ රාජකාරි වැඩබිමට ඇතුළුවීමේදී හා පිටවීමේදී සෑම විටම සැකකටයුතු මලු දෙකක් ‍රැගෙන ‍ යන බවට ඇති චෝදනාවය.

      මෙයට හිතවත්
      පාලනාධිකාරිය.

      Delete
    8. අපොයි හැන්රි සර් ඔහෙටම වෙලා උම්බලකඩ වෙයන් , මෙහෙ ඇවිත් ළමයි නරක් නොකර :D.
      කාලෙකට අහපු හොදම කතාව. ++++++++++++++++++++++++++++++++++++

      Delete
    9. This comment has been removed by the author.

      Delete
    10. අවසාන ප්‍රභල චෝදනාවටනම් වැඩි පඩි නෙමේ චාජ් ෂීට් එකක් ලැබේවි වගේ.
      සුපිරියි ඩූඩ්!

      Delete
    11. මගේ කම්පියුටරේ ස්ක්‍රින් එක නිල් පාට වෙලා ඩුඩ් අයියන්ඩි

      Delete
    12. මෙමරි මොඩියුල් මාරු කරපං...

      Delete
    13. යකෝ මෙන්ඩා බලාගෙන. ඕකට කියන්නෙ BSOD! Blue Screen Of Death! මගෙ පරණ ලැප්ටොප් එකට කෙලවිලාවාම ගියේ ඕකෙන්.

      Delete
    14. පට්ට ඩූඩයියෙ... පට්ටෙත් හොදම එක. කම්මලා කියන්නැහේ දැක්කැයිං දැක්කෙ නෑ මේ වගේ වල් ගුරෙක්.... හැක්..

      Delete
    15. ඕං බලහංකො ඩිල්ෂාන් ඉතිං. මට පෙන්නපං බලන්න ඔය කමෙන්ට් එකේ එක නරක වචනයක් තියෙනවා. එකම එක නරක වචනයක්! :D

      Delete
    16. ඉගැන්වීම කරනකොට ඔය අසභ්‍යයැයි සම්මත ඇතැම් දේ සභ්‍ය ලෙස 20% ක් විතර යෙදෙව්වොත් බොහොම හොඳ ප්‍රතිඵල තියෙනවා ලමයිනේ. ඩූඩයියෙ මම හරිද නැත්තං ප්‍රතිශතය හරිද?

      Delete
    17. මාධවියෝ, ඔය ගණං ප්‍රත්ශත හරියනවා ලංකාවෙ ටියුෂන් ගුරුවරුන්ට නම්. ඉස්කෝලවලත් තරමක් පුලුවන් ඇති. නමුත් මෙහෙනම් එහෙම බෑ බං. මේක හරියට ලෑන්ඩ්මයින් වලලපු බිමක ඇවිදිනවා වගේ. මම හරිම පරිස්සමෙන් වචන ගැනලා තමයි කරන්නේ.

      Delete
    18. @ඩූඩ් - කිව්වත් වගෙ අායෙ කියවලා බැලුවා. එක නරක වචනයක් නෑ. ගුල් වරා කිව්ව එක ඕං ඉල්ලා අස් කර ගත්තා ඈ..

      Delete
  16. නියම කුකුළා

    ReplyDelete
    Replies
    1. මදාවියා නේ ..ඔව්.. ඔව්

      Delete
    2. කිචියා,
      මල එකාද? ඉවානයාද?

      ඉවාන්,
      අහුවෙයකො මට. කොටනවා කෙටිල්ලක් බටනලා පිඹින්නම.

      Delete