2015-08-06

ඒ ලෙවල්


(ඇගේ සිහිනය මා සිතුවම් කලා පමණි)


කිරි කොකුන් රංචුවක් - සේ පෙරට ඇදී එන
සුදු ගවුම් පොඩි අතර - නුඹ සෙවූ මගෙ දෑස
නෙක වනින් සැරස සිටි - දෙගුරු කැල සිසාරා
ඉස්සි ඉස්සී බලා - මා සෙවූ නුඹ දෑස 



මුණගැසෙන නිමේෂය - දිලිසෙනා ඔය දෑස
කිරි සිනා මල් පිපී - ඉතිරෙනා මුව පොඩිය
දහක් මල් කැකුළු මැද - මගේ සිත පුබුදුවුන
සුව දසුන නුඹම විය - පෙර දිනෙක ගෙවීගිය

යෞවනයෙ දොරටු මැද - කෝල සිනහා සිරව
දිදුලනා දෙනෙතකින් - ලොවක් සොයනා නුඹට
වසර පහලොවක් ඇඳි - සුදුගවුම උනාලා
අල්මාරියේ කොනක - තබන්නට සිදු වුවත්

එවන් වූ රාමුවක - සදා දුටු නුඹේ රුව 
මගේ සිත් කොනක හිඳ - සිනාසෙයි මා සමග
සුදුගවුම තුල රැඳෙන - අවසාන දින දහය
එළඹිලා ඇත මෙදින - වැළැක්විය නොහැකි ලෙස

අසන දකිනා සැවොම - අමාරුද ලේසිදැයි
දහස් වර යළි යළිත් - සවන් යුග රැව්දෙනා
දිව දෙතොල නොගෑවී - මුව තුලින් පිටවෙනා
පිළිතුරක් නොපතනා - හුරු පුරුදු විමසීම

පාසලේ පන්තියේ - සොඳුරු වූ පිළිමළුන්
අබිබවා යමින් වුව - ඔබව සොයනා මෙදින
දෙමාපිය රෑන් ඇත - එක් පසෙක පෙළ සැදින
තව පසෙක නෑ සියන්  - පෙනී නොපෙනී ඇදෙන

නුඹට වැරදුනු බවක් - අසන්නට ලැබුණොතින්
සිහින් වූ කුරිරු වූ - මදහසක් මුව ඇඳුනු
දහසකුත් මුහුණු ඇත - නෙත් අයා බැලුවොතින්
මුවැත්තියෙ නුඹ නොදුටු - ඒ සිනා මට පෙනේ

ඒ වුණත් දියණියේ - තවත් දෙදෙනෙක් සිටී
නුඹේ කුස පිරී ඇති - බවට සහතික වෙන්න
අල්මාරි තට්ටුවල - සළු පිළී පුරවන්න
රාක්කද මේස පුටු - පොත් වලින් පුරවන්න

අවරෝහණය වෙනා - කැලැන්ඩර දින ගණන
නොවැරදී ගැන ගැනා - තත්පරෙන් තත්පරය
ගෙවීගිය ප්‍රවේගය - ත්වරණයක් වූ බවට
මනාකොට පසක් වූ - තවත් දෙදෙනෙක් සිටී

නුඹේ සිත ගැහෙන සේ - සමානම වේගයෙන්
ගැස්සෙනා සිත් දෙකක් - ඇති බවත් දැනගන්න
යෝධ පිම්මකට නුඹ - සැරසෙනා මේ මොහොත
නුඹේ රැකවල් දැලද -  සවිමත්ව එළා ඇත

දිණුම උද්යෝගයෙන් - අපේක්ෂාවෙන් ඉන්න
ලැබුණොතින් පැතු දිණුම - උත්කර්ෂයට ගන්න
නොලදහොත් ඒ වරම - උපේක්ෂාවෙන් ඉන්න
මගහැරුණු පාඩමකි - තාත්තාගෙන් ගන්න







සමාන ඉරණමකට මුහුණපා සිටින අපේ ඩූඩයියාගේ දියණියටත් උණුසුම් සුභ පැතුම්...නියත ජයකට!


171 comments:

  1. ආඩම්බරකාර තාත්තා ... දුවට ජය නියතයි

    ReplyDelete
    Replies
    1. ape thaththata wagemalu neda uncletath.
      thank you uncle.....

      Delete
    2. ඉවාන් අන්කල්ගෙ දුවත් ඔි ලෙවල් කරනවා..

      Delete
    3. එයා කරන්නේ 2025 දී කියල තමයි ඉවාන් අයියා හිතාගෙන ඉන්නේ...

      Delete
    4. සඳු හිරු තරු පවතින තුරු අපි මැරෙන්නෙ නෑ
      වයස නොයන කොල්ලො අපී... හිතා ඉන්නෙ එහෙම අපී...
      ඉවාන් නාකි නෑ...ඉවාන් නාකි නෑ //

      Delete
  2. සිහිනය සැබෑවක් වන්නට සුබ පතමි...!

    ReplyDelete
    Replies
    1. හැ.හෑ..අයියා...?
      දෝනි..මුට පුත්තලම් බුරැවෝ 4 දෙනෙකුගේ වයස..

      Delete
    2. පල පල ඉරිසියාකාරයා.... බොලාගෙ වයසෙයෙන් බාගයක්වත් නෑ මට....

      Delete
    3. මචං මෙන්ඩා... බූරුවො වර්ග දෙකක් ඉන්නවලු. එක සෙට් එකක් අවුරුදු 10-12 අතර, අනික අවුරුදු 30-50 අතර ජීවත් වෙන. පුත්තලමෙ ඉන්නෙ කොයි සැට් එකද?

      කැමා,
      ඒ කියන්නෙ උඹ ඕ ලෙවල් ද කරන්නෙ. දුවේ, මෙන්න මේ මල්ලිට තෑන්ක්ස් කරන්න.

      Delete
    4. තොත් පල මධාවියා..මගේ වයසෙන් බාගයයි නම් කොහමද යකෝ ඔි ලෙවල් වෙන්නෙ? කැමා ඉන්නෙ 9 වසරේ..

      Delete
    5. මධු,
      ඔය මෙන්ඩා කියන බූරුවාගේ.. ආ වැරදුනා.. නෑ නෑ පුත්තලමෙ ඉන්න බූරුවනෙ වයස අවුරුදු 7 යි....

      මෙන්ඩා,
      නෑ බොල පහ වසරෙ. මේ පාර ශිෂ්‍යත්වෙ ලියනවා... :D
      ඉරිසියාව... මෙන්ඩගෙ පැහැදිලි ඉරිසියාව...

      Delete
    6. අ...ආ... දුව ගිහිං නිදාගන්න.
      මට මේ අංකල්ලා එක්ක පොඩි කතාවක් තියෙනවා.

      Delete
    7. අනේ..තාත්ති මේ අයියලා එක්ක තාත්තිට මොන කතාද?..තාත්තිගේ වයසේ අර චෙෆා අංකල්ව අල්ල ගන්න..
      මිට දෝනි

      Delete
    8. එල මෙන්ඩෝ එල.......

      Delete
    9. මෙන්ඩා,
      අඩෝ මේ මගෙං කිවුලෙං නොකා හිටු.... වයස විසිහතරෙදි බං ඔය කෙල්ල හම්බු උනේ... (මං කිව්වෙ අපේ නෝනෙට)

      කැ.කා.
      තෝ නං කැමරා කටා..............ම තමා.

      Delete
  3. Replies
    1. ඩ්‍රැකි පුතේ...දුවත් සුභ පතපු නිසා පුතා හොදට මහන්සි වෙලා විභාගේ ලියන්න ඔනේ..

      Delete
    2. විභාග කියලා නෙමේලු බං... ජය පතපු හින්දා. අලේ මල්ලා මේ මෙල්ලාලං....

      Delete
  4. ඡය ශ්‍රි මහා බෝ හාමුදුරැවන්ගෙ පිහිටෙන් සිහිනය සැබෑ වෙිවායි හදවතින්ම පතමි..

    ReplyDelete
    Replies
    1. thank you sooooo much uncle...

      Delete
    2. අද මේ බ්ලොග් එක ලස්සනයි මචං...
      පරන කමෙන්ට් නම් දෝනිට බලන්න දෙන්න එපා...අපිට කලිසං ඔලුවෙන් ගලවන්න වෙන්නෙ.

      Delete
    3. ඒක නම් ඇත්ත මෙන්ඩෝ... අදම මේකෙ ලොගින් පාස්වර්ඩ් එක මාරු කරන්න කියමු මධුවට...

      Delete
    4. මෙන්ඩා, මේක කොහොමත් මල් උයන වගේ තියෙන්නෙ. බොලා තමා වල් උයන කරන්නෙ.

      කැමා,
      ඒවා හරියන්නෙ නෑ බං. සේරටම වඩා පාස්වර්ඩ් එක හැක් කරන්නෙ පහේ ශිෂ්‍යත්වෙ කරන පොඩිම එකී.

      Delete
    5. මේක තමයි නියම පෝස්ට් එක මධු.... සුපිරිම කමෙන්ට්ස් ටිකක් එක්ක. නැද්ද මෙන්ඩෝ....?

      Delete
    6. ඇත්තටම මචං...පෝසට් එකට වඩා කමෙන්ට් වලට ඇබ්බහි වෙලා..

      Delete
    7. අවංකවම මේ කමෙන්ට්ස් ඒකි නප්පියට එන්ජෝයි කරනවා බංස්ලා.... ඒකිට තිබ්බ ස්ට්‍රෙස් එකේ හැටියට මෙහෙම දෙයක්වත් කරන්න හැකිවීමම මට පුදුම සතුටක් බොලව්...

      Delete
    8. ඒ සතුටට අපිත් පොඩ්ඩකින් හරි දායක උනා කියන සතුට තියෙනවා. වරදින්නෙ නෑ මධුවෝ මුන් ඔක්කොම හිත හොදින් සුබ පතනකොට....

      Delete
    9. බොලා සේරටම ළඟදිම මං කළගුණ සලකනවා මං... ඕ යේස්. අද හෙටම දෙනවා මදි නොකියා දුවන්න.

      Delete
    10. මට නම් හෙමාස් එකේ ඇඩ් මිට් වුනොත් කම්පැනියෙන් ගෙවනවා..කැමාට හදිසි අනතුරැ වට්ටුව කතා කරලා දියන්..

      Delete
    11. ඊට වඩා හොඳයි බං කෙලින්ම ජයරත්න එකට කතා කරලා තියන එක....

      Delete
    12. හෑක්...හැක්...හැක්....
      පුරෝගාමීන් සැට් එක පළමුව අපායට යවා වර්තමානයේ මෙය පවත්වාගෙන යන තොප සැම එම පෝලිමේ අග එල්ලා තබමි.

      Delete
  5. ජයෙන් ජය පතනව.....

    ReplyDelete
  6. (ඇගේ සිහිනය මා සිතුවම් කලා පමණි)

    නු‍ඹේ සිතුවම ඇ වර්ණ ගන්වනු ඇත.
    සුබ පැතුම් අප්පුච්චා.....

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා සබරේ ඇනෝ මේ අඩවියට.
      (මම බලකිරීමක් කරලා නෑ. ඒත් ඒ ඒ පැත්තෙන් ඉහලටම යාමේ වටිනාකම කියාදීලා තියෙනවා. මේ සිතුවම මම ඇගේ මුහුණ යොදා ෆොටෝෂොප් කරලා දුන්නේ ඇයගේ ඉදිරි දැක්ම එ්ක නිසා)
      ස්තූතියි උඹට... - මධුමාධවී

      Delete
  7. කෙල්ල දිණුම් කනුව ළඟට යයි...

    මාතලන්ගෙන් හද පිරි සුපැතුම් පුතේ.......!!!!!

    ReplyDelete
    Replies
    1. thanx...... exam iwara wela unclewa balanna enawa aniwaren.

      Delete
  8. ඇගේ සිහිනය සැබෑ වේවා. අර දෙදෙනාගෙත් පැතුම් ඉ‍ටු වේවා.
    (උඹට කියන්න, මේ දවස්වල (මේ මොහොතෙත්) මගෙ දුවත් විභාගයකට මුහුණ දෙනවා. මේ සුභ පැතුවා විතරයි.)

    ReplyDelete
    Replies
    1. ඩූඩ් අයියගෙ දුවටත් විභාගෙ ජයගන්න සුභ පැතුම් !!!!

      Delete
    2. ඩූඩයියගෙ දුවටත් ජයෙන් ජයම‍ වේවා....

      Delete
    3. Thank you Kammala and Dilshan.

      Delete
    4. දුවට ජය පතමි..!ආශීර්වාද එවමි..!!
      ජයවේවා..!!

      Delete
    5. ඒ පුතාටත් ජයම වේවා.... හද පිරි සුපැතුම් මාතලන් සීයාගෙන්...!!!!

      Delete
    6. පොඩි ඩුඩිටත් ඡය ශ්‍රි මහා බෝ සමිදු පිහිටෙන් ඡය වේවා.

      Delete
    7. දුවට විභාගය ජය ගන්න සුබ පැතුම්...!

      Delete
    8. ඩූඩ් දුවට ජයෙන් ජයම වේවා

      Delete
    9. thanks uncle..send my regards to her..

      Delete
    10. ඩූඩ් දුවට හදවතින්ම ආශීර්වාද කරනවා !!

      Delete
    11. දුවගේත් දෙමව්පියන්ගෙත් බලාපොරොත්තු සපිරේවා කියල ඉත සිතින් සුබ පතනවා ඩුඩ් :)

      Delete
    12. බොහෝම ස්තුතියි උඹලා හැමෝටම, ගස්ලබ්බ, මාතලන්, මෙන්ඩා, යෂ්‍යන්ත, ඉවාන්, මධු, පත්තරයා, කමියා.

      Delete
    13. ඩූඩ් දියණියට හදවතින්ම සුභ ප්‍රර්ථනා කරනවා......

      Delete
    14. මමත් හදවතින්ම සුභ ප්‍රර්ථනා කරනවා......

      Delete
  9. දියණියට දිරිය ශක්තිය ලැබේවා !!!!

    මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
    මේ රැයේ මිහිරිම වෙලාවයි
    දොර ඇරන් එළියට ආවොතින්
    මේ මිහිරි දේවල් ඔබට මයි

    සේපාලිකා මල් බිමට බැහැලා
    ඇවිදින්න යන වෙලාවයි
    නිල් තාරකා බිම බලාගෙන
    වැව් දියට පෙම් බැඳි වෙලාවයි
    මේ පොළෙව කොතරම් සුන්දරද
    මගෙ දූ තනිවම හිනාවෙයි...
    ඝන කලුවරට අප පෙම් කළොත්
    ඉර හඳ තරුවලට ණය ගැතියි
    ලොව දුන්න දේවල් අද අපට
    හෙට ලොවට පෙරළා දිය යුතුයි
    "ඔබ මේ ලොවට ආදරේ නම්
    මුලු ලොවම ඔබටත් ආදරෙයි..."

    ගී පද - රත්න ශ්‍රී විජේසිංහ
    සංගීතය - රෝහණ වීරසිංහ
    ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

    (පට්ට බුසි මාධවී ..එහෙන් මෙහෙන් ගොඩවෙලා යන්න ආවේ .මේක දැක්කම සුපතන්නේ නැතිව යන්නේ කොහොමෙයි )

    ReplyDelete
    Replies
    1. යනගමන් එන්නම් කියපු නිසා උඔ එනකන් තවම බංකුව උඩ බලාගෙන ඉන්නවා..

      Delete
    2. thank you.one of my favourite songs.

      Delete
    3. බංකුවෙ උඩ බලන්න එපා මෙන්ඩො.. හීරෙයි. - මධුමාධවී

      Delete
  10. "Oba me lowata aadare nam mulu lowama obatath aadarei..."

    wish you all success in your exam and your life as well....

    (PS. Music in this song is sweeter as ever.. but I feel so sorry about the musician who failed to recognized the theme of the people and joined the roughs...A person-muscician whom we loved and trusted - but licking the boot of HORA)

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා මේ අඩවියට ජයන්ත
      - මධුමාධවී

      Delete
  11. අවසාන දින ගණන - වුණත් මෙය පාසලේ..
    ඇරඹුමයි නව දිවිය - දිරි ගනින් මගෙ දුවේ

    සුන්දරයි සිතෙන මුත් - නැත පහසු දිවි දිනුම
    රළු පරළු මග යන්න - ලැබේවා සැම රැකවරණ...

    උණුසුම් සුබපැතුම්... තාත්තෙකුට මීට වඩා ආඩම්බරයක් කොයින්ද? (රහසින්... යකෝ අපි කොල්ලෙක් කියල හිතා ගෙන හිටියට මධුවා පස්ට නාකියෙක්නෙ බොල)

    ReplyDelete
    Replies
    1. (මාත් රහසින්, ඒකනෙ ඩිලෝ මාත් හිතාගෙන හිටියෙ එහෙමයි)

      Delete
    2. (මාත් රහසින් ,මචෝ නාකි ඔක්කෝම කොල්ලෝ වෙලානේ බලාගෙන යනකොට ..හැක් හැක් )

      මී පැණි රහසක් ගැලුවා සුකිරි කන්දෙන්
      සීතල පහසක් දැණුනා සීතල නින්දෙන්
      කොපුල දෑල හාදු ගලායා
      කුමරි ළඟින් සුවඳ සලායා ...

      Delete
    3. යකෝ මූණක් බලල මචං කියන්න කෙනෙක් නැති වෙයි වගේ.. ඔක්කොම හැරමිටි කේස්...

      Delete
    4. (මමත් රහසින්)
      ඒක තමයි අපි වගේ කොල්ලන්ට සෙට් වෙන්න එකෙක් නැද්ද

      Delete
    5. thanx ayya..
      (ape thaththa pasta naki ne harida...........)

      Delete
    6. අඩෝව්... දැන් හැදෙන උන් වගේ ගෙදරටම නාකිවෙලා නෙමේ අඩු වයසෙං අපි බැන්දෙ දෙමව්පිය කොන්සෙන්ට් එක අරං...හරිද...
      (මට මුකුත් කියන්න බෑ මෙතන මේ කෙල්ල රිංගනවා සැරිං සැරේ... නැත්තං මං දනී.... ආවා මෙතන හුහ්...)

      Delete
    7. ඈ මෙන්ඩො.... එතකොට මූ හැට පැනපු ඉලන්දාරියෙක්ද....?

      Delete
    8. මෙන්ඩ.. මාත් රහසින්.. අපි වගේ වෙන කොල්ලෝ බ්ලොග් ලියන්නෙම නැද්ද බං?

      Delete
    9. කැමා,
      නෑ බං අඩු වයසිං ළමයි හම්බු වෙච්ච එකෙක්.

      කල්‍යාණ,
      හැක් ‘අපි‘? උත්තම පුරුෂ නොවන තැනක අපි කියලා දැක්කමයි.

      Delete
    10. දුවත් මේ පෝස්ට් එක බලනවා කිවුවනේ ඒ හින්දා අඩු වයසින් හම්බුන එකට මුකුත් කියන්න බෑ... :D

      මධුවා ටිකක් පරිස්සටමට වචන පාවිච්චි කරනවා දැක්කමයි........

      Delete
    11. ආ... මම බොහොම ශිෂ්ඨ විදිහට තමා ලියන්නෙ. (මෙය අතීත කාල ක්‍රියාවකි).

      Delete
  12. මගෙනුත් ආසිරි
    ජයෙන් ජයම වේවා!

    ReplyDelete
  13. පළමුව දියණියට ජය පතමි...

    ///නුඹට වැරදුනු බවක් - අසන්නට ලැබුණොතින්
    සිහින් වූ කුරිරු වූ - මදහසක් මුව ඇඳුනු
    දහසකුත් මුහුණු ඇත - නෙත් අයා බැලුවොතින්
    මුවැත්තියෙ නුඹ නොදුටු - ඒ සිනා මට පෙනේ ///

    මේ හිනා වලටත් මුහුණ දෙන්න ළමයි හුරු වෙන්න ඕනේ මදාවි...

    ඒ සම්බන්ධ මගේ කතාව මෙතන කමෙන්ට් එක විදිහට ලියලත් කපල දැම්මා ඒක පෝස්ට් එකකටත් වඩා දිග වැඩි නිසා. මෙතනින් කපල අරගෙන වර්ඩ් ෆයිල් එකකට දැම්මම හරියටම පිටු දෙකක් තියෙනවා. හෙහ් හෙහ්...
    ඒක පස්සේ පෝස්ට් එකකින්ම දාන එක හොඳයි වගේ කියල හිතුනා...

    ReplyDelete
  14. විභාගෙන් ජය ගන්න සුභ පැතුම් දුවේ.
    මධුවො දුවට බස්සිගෙ පෝස්ට් එක විභාගෙන් පස්සෙ පෙන්නපන්.

    ReplyDelete
    Replies
    1. කම්මලයෝ වහ කාපිය උඔට අංකල්ලු

      Delete
    2. ඇයි බං ඌමනෙ ‘දුවේ‘ කියලා දැම්මෙ.

      Delete
  15. ජය නියතයි.....
    දුවෙක්ට ලබන්න පුලුවන් උපරිම අගය ඇති තාත්තෙක් ඉන්න දුවෙක් උඹට ඉන්නේ..
    ජයශ්‍රී කෙල්ලාට....!

    ReplyDelete
    Replies
    1. uncle kiyapu de aththma aththa.thnks uncle.

      Delete
    2. සීයා දුවේ සීයා...අනිත් අන්කල්ලා මාව කයි....

      Delete
    3. අන්න වචනෙ ෂෙෆාකි. අනික් සියළුම ‘අන්කල්ලා‘.

      Delete
    4. ඔව් ඔව් තෝත් ඇතුළුව තමයි. තාත්තගේ යාළුවානම් ඉන්නේ එක වසරේ උනත් ඒක එහෙම තමයි...
      එනවා මෙතන පොඩි එකා වෙන්න...

      Delete
    5. උඹට අන්කල් කියපු හින්දා අපි එක්ක ඉරිසියයි නේද ලොකූ...? :p

      Delete
    6. කැමා,
      උඹ හැමදාම අයියා වෙලා ඉන්න ද කල්පනාව? දරුවෙක් මල්ලෙක් හදාගෙන අංකල් කෙනෙක් වෙන්න කැමති නැතෙයි?

      ලොකුස්,
      දාපං මචෝ පහක්.

      Delete
    7. අපිත්...?
      අහපු කැත විතරක්..එනවා මෙතන කොල්ලා වෙන්න..

      Delete
    8. මධු,
      තව වයස තියෙනවනෙ බං....

      මෙන්ඩා,
      ඇයි බොට ඉරිසියයිද...?

      Delete
    9. chef architect,
      hali hali thank you seeye..

      Delete
  16. සැහැල්ලුවෙන් එගොඩ වන්නට දුවට ජය පතමි..! ආශීර්වාද එවමි..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. thanks... uncle kiyannada ayya kiyannada....

      Delete
    2. අන්කල්..අන්කල්...
      ගස් ලබ්බා අන්කලුයි අපේ චෙෆයි එක පංති වල..

      Delete
    3. අත පය රැලි වැටී නැත ඉස්සර හයිය
      ලඟ දුර වෙනස වත් නොපෙනෙයි දැන් ඇහැට
      කට විතරයි ඉතුරු ඒකත් නැහැ මෙල්ල
      වයසක මෙණ්ඩෝ කෑ ගහපන් දුක යන්න..!!

      Delete
    4. බොලා දෙන්නටම මේක බේරගන්න ඇරලා මම කෙල්ල ගෙට ගන්නං.........ඇ,,,

      Delete
    5. ගස් ලබ්බා දවසක් පාරේ යනකොට කොල්ලෝ වගයක් “චමින්ද...චමින්ද“ කියලා කෑ ගහලා ලබ්බා කිව්වලු
      “ලස්සන නම පුතා...අපේ අම්මා තාත්තාවත් මෙච්චර ලස්සන නමක් දාලා නෑ..හැබැයි තව එක පාරක් කිව්වොත් කොල්ලො තෝගේ කන පලනවා කියලා“

      Delete
    6. මෙන්ඩා,
      චමින්දට හරියන චමිලා කෙනෙක් හොයපං...පං...පං....පං....

      Delete
    7. ස්ථානය : ඇඳුම් මහන පැට්ටේරියක්
      වෙලාව : තේ වෙලාව
      පිරිස : ඉටිකිරිස් සේවක ළඳුන්
      ස්වරය : කෝමල ස්වරය
      'අනේ මෙයා.. අදත් අර චමින්දයා "චමින්ද ගේ ආ ගිය කතා" කියන්න එයිද දන්නෑ..'
      'ඔව් අනේ... නාකි විසේ ගෙටත් උසේ කියන්නෙ නිකං යැ.. හැමදාම තේ වෙලාවට එනවනෙ බහුබූත කතාවක් උස්සගෙන..'
      'දවසක් එකියක් මූණටම 'චමින්ද' කිව්වනෙ... මූ හිතන්නෙ ආදරේට කියලා... නාකි හමා..'

      (මෙහෙමලු 'චමින්ද' කතාවෙ ඇතුල් පැත්ත.)
      ආ....මේ කියන්නෙ මෙණ්ඩා මල්ලි ගැන නෙමෙයි 'ලු'..
      හෙහ් හෙහ් හේ....

      Delete
    8. ලබු මල්ලී... ඔය කෙල්ලො ඇවිල්ලා මගෙත් කස්ටමර්ලා, හරිද?

      Delete
  17. දුවට සුබ පැතුම්!
    මදාවියගේ අලුත් විදියට ලියපු පොස්ට් එක මොකක්ද බැලුවා.

    ReplyDelete
  18. හ්ම්...............දරුවන් දෙන්නෙක් වෙනුවෙන් මමත් ඔය විදිහට හිතෙන ප්‍රාර්ථනා ගොඩක් කෙරුවා. පූරුවේ පිනකට ඒවා සඵල වුනා.

    මේ දරුවාටත්, ඉදිරියට යන්නට, උගත්කම සමග මිනිස්කමද දියුණු කරගන්ට, අවස්ථාව ලැබේවා කියා, හද පත්ලෙන්ම පතනවා.

    ReplyDelete
    Replies
    1. thank you so much wichara uncle.

      Delete
    2. කෙල්ලා...මෙයාට සීයා කිව්වනං තමයි වටින්නේ...

      Delete
    3. මුත්තා නත්තා පනත්තා ඔය ඔනේ එකක් ගැලපෙනවා

      Delete
    4. ෂෙෆාකි සහ මෙන්ඩා,
      මං නං ඕං මුකුත් කියන්නෑ... කෙල්ලගෙ විභාගෙ ඉවර වෙනකං පණ බේරගංටත් එපායැ.

      Delete
  19. දිණුම උද්යෝගයෙන් - අපේක්ෂාවෙන් ඉන්න
    ලැබුණොතින් පැතු දිණුම - උත්කර්ෂයට ගන්න
    නොලදහොත් ඒ වරම - උපේක්ෂාවෙන් ඉන්න
    මගහැරුණු පාඩමකි - තාත්තාගෙන් ගන්න

    ReplyDelete
  20. ඇගේ වගේම උඹේ පැතුම් ඉටු වේවා.... මට මතක් වෙනව එකපාරක් යාලුවෙක්ට උගෙ තාත්ත කියපු කතාවක් " උඹ විභාගෙ පාස් උනත් මගේ පුතා.. ෆේල් උනත් මගේ පුතා"

    ReplyDelete
    Replies
    1. මටත් මතක් වුනා..මම උසස් පෙල විභාග ප්‍රතිපල බලන්න යන දවසේ මමයි තාත්තයි අතර සිදුවුන කතාබහක්..
      “පුතේ..උඔ විභාගේ ෆෙල් වෙලා නම් මට ආය තාත්තා කියන්න හිතන්නවත් එපා“
      මම ප්‍රතිපල බලල එනකොට තාත්තා ඉන්නවා ගෙදර ඉස්සරහා...ඈත තියාම තාත්තා ඇහැව්වා...“පුතේ..උඔ විභාගේ පාස් නේද?“
      මම කිව්වා...
      “සොරි මචං...මට උඔට තාත්තා කියන්න තිබුන අන්තිම අවස්ථාවත් නැතුව ගියා“

      Delete
    2. මෙන්ඩා මෙන්ඩා .. ආපහු කැළණි පාලම උඩින් ගඟට වැටුනා

      Delete
    3. නියම කතාව මෙන්ඩා...

      Delete
  21. මධුවාගේ දුවටත්,ඩුඩ්යියාගේ දුවටත් ජයම වේවා !

    ReplyDelete
  22. (මම අන්කල් කෙනෙක් නෙවෙයි අයිය කෙනෙක්.. හැක හැක..)

    විහිලු නෙවෙයි පුතා.. ඒ ලෙවල් කියන්නේ ජිවිතේ නෙවෙයි ජිවිතේ එක කඩයිමක් විතරයි.. ටාගට් එකක් තිය ගන්න ඒ වෙනුවෙන් වැඩ කරන්න.. හොඳම දේ බලාපොරොත්තු වෙන්න.. හැබැයි නරකම දේට උනත් මුණ දෙන්න සුදානම් වෙන්න..

    ඔයාගේ බලාපොරොත්තුත් දෙමවුපියන්ගේ බලාපොරොත්තුත් ඉටුවෙන්න සුබ පතනවා. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. මෙයා එයාගෙ මල්ලිගෙ අයියා විතරයි දුවේ....අහුවෙන්නෙපා ඕවට...!

      Delete
    2. අන්කල්ලට ඉරිසියයි නෙහ්! හැක හැක...

      Delete
    3. ෂෙෆාකි,
      වැඩක් නෑ චීෆ්, දුව මෙයාව දැකලා තියෙනවා බුකියෙ.

      කළණ,
      ළමයින්ගෙ අම්මා වෙන්නැති අයියා කියනවා ඇත්තෙ.

      Delete
  23. දුවේ මේ කඩඉම ජයගන්නට නුඹට ශක්තිය ධෛර්‍ය ලැබේවා !! සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. මෙයාට මල්ලි කියල රිප්ලයි කරන්න දුවේ....

      Delete
    2. වෙන එකක් තියා පොඩි මෙන්ඩත් මෙයාට මල්ලි කියන්නෙ..

      Delete
    3. පත්තරයෝ බලපිය මධුවා කරපු දෙයක්..මේක දුවයි තාත්තයි එකතුවෙලා කරපු බටහිර අධිරාඡ්‍යවාදි ලේමන් පෆ් කුමන්ත්‍රනයක්..
      එක පැය ගානකට මේ කෙල්ල අර වයසක ලෝක්කා මධාවියාගේ වයසට දැම්මනේ අපිවත්...
      දෝනි...(නංගි කියන්නත් පුලුවන්..අර කෑමරා හොම්බයි, කෑමර කටයි නැත්නම් ඌන් කට කැඩිච්ච කතා කියවනේ)
      කොන්ඩේ ඡෙල් කරලා ෂෙව් කරලා ඉස්කොලයක් ලගට ගියොත් තවමත් 11 වසර ගෑනු ළමයි පස්සෙන් එයි කියලා මගේ කෙල්ලෝ කියන්නේ..

      Delete
    4. ඇව්...ඇව්... එනවා උඹේ පස්සෙන් 11 වසරෙ කෙල්ලො කවකට්ටක් හොයාගන්න බැරිවුණාම....

      Delete
    5. ආයෙ ඉතින් වෙන මොනා කියන්නද මධුවා දීලා තියෙන්නෙ ලෙසටම මෙන්ඩට....

      දිලෝ මෙන්න මූ අපිට පද හදනෝ....

      Delete
    6. ඇයි බං? ඉවසන්න පුළුවන්ද මේ දෙන වේදනා?

      Delete
  24. ජීවිතේ තියනකම්ම ඔයාට වැටෙන්න නොදී බලාගන්න අම්මෙකුයි තාත්තෙකුයි ඉන්නැද්දී මොකටද බයවෙන්නේ දුවේ.කවදාවත් පිටිපස්ස හැරිලා බලන්න එපා.ඒ දෙන්නා ඔයාගේ පස්සෙන්ම ඉන්නවා.ඔයාගේ අරමුණටම යන්න මහන්සිවෙලා වැඩකරන්න.ඔයාට ජයක්ම වේවා....

    ReplyDelete
    Replies
    1. ඒ මෙන්ඩෝ... මෙන්න මූටත් අන්කල් කියලෝ.... හූ.....

      Delete
    2. තන්තෝසේ බැරැවා...අද නම් සතුටටත් එක්ක ..කඩනවා පස්වෙනි සිල් පදේ.

      Delete
    3. duwe kiyala katha karapu nisa uncle kiwwe.profile eke katussekne inne.ayyekda menda ayya wage...?

      Delete
    4. කටුස්සාට වඩා මම බාලයි...මම එකම පංතියේ අවුරැදු 3ක් හිටියා ඒකයි..

      Delete
    5. hapoi.sorry sorry uncle kiuwata.menda ayya.dan hari neeeeeeee.:D

      Delete
    6. නංගි දුවේ තාත්තා අතේ මම තැග්ගක් එවන්නම්..අද නම් කිරිබත් ටිකකුත් උයන්න කියන්න ඔනේ..
      මිට
      මෙන්ඩා අයියා

      Delete
    7. ඔන්න ඔහෙ මුකුත් කියන්න ඕනෙ නෑ... පවුනෙ මෙන්ඩා අයියා.......

      Delete
    8. මෙන්ඩා,
      ඔය කෙල්ල දෙන ලණු කනවට වඩා උඹ කිරිබත් කන එක ගැන මට සතුටුයි.
      (මාවත් අංදනවා අංබානට)

      කැමා,
      අනුකම්පං උපාදාය.......පතිගන්හාතු මුත්තමං...

      Delete
  25. සුබඅනාගතයක් ( මං අංකල් ‍ෙකෙ‍ෙනෙක් ‍ෙනෙ‍ෙමෙයි )

    ReplyDelete
    Replies
    1. ( මං අංකල් ‍ෙකෙ‍ෙනෙක් ‍ෙනෙ‍ෙමෙයි )//
      ane ane uncle//
      රාගම ස්ටේෂන් එකට ලගයි නේද අටමෝ...ගිහින් බෙල්ල තියපිය කෝච්චියට.

      Delete
    2. ඉහේ කෙස් ගානෙං තමා කෙල්ල ඕකාගේ වයස හොයාගත්තෙ මෙන්ඩො.

      Delete
  26. මධුමාධවී , ඩූඩ් ඔබ දෙපලගේම දියණියන්ගේ ඒ සොඳුරු සිහිනයක් යථාර්තයක් වේවා,යි හදවතින්ම සුභ පතනවා ...!

    මිත්‍ර වරණ සහෘදයා කිව්වා වාගේම " දියණියෝ " ඒ සොඳුරු සිතුවම වර්ණ ගන්වාවි නිසැකයෙන්ම ...!


    ░░▄█████▄░▄███████▄░▄███████▄░██████▄░░
    ░░██▒▒▒▒█░███▒▒▒███░███▒▒▒███░██▒▒▒██░░
    ░░██▒▒▒▒▒░██▒▒▒▒▒██░██▒▒▒▒▒██░██▒▒▒██░░
    ░░██▒▒▒▀█░███▒▒▒███░███▒▒▒███░██▒▒▒██░░
    ░░▀█████▀░▀███████▀░▀███████▀░██████▀░░
    ░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░
    ░░░░██▒▒▒▒░██▒▒▒██░▄█████░██▒▒▒▒██▀░░░░
    ░░░░██▒▒▒▒░██▒▒▒██░██▀▒▒▒░██▒▒▒██░░░░░░
    ░░░░██▒▒▒▒░██▒▒▒██░██▒▒▒▒░█████▀░░░░░░░
    ░░░░██▒▒▒▒░██▄▒▄██░██▄▒▒▒░██▒▒▒██░░░░░░
    ░░░░▀█████░▀█████▀░▀█████░██▒▒▒▒██▄░░░░
    ░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. සදරැ..
      ආතරයා මකපු කමෙන්ට් එකේ තිබුනේ..
      thank you uncle... කියලා...බොරැ නම් කැමාගෙන් අහපන්..

      Delete
    3. අනේ බං මගේ උපදෙස් ඕනි ඒක දාන්නත් මේකිට...

      Delete
    4. මෙන්ඩට මාවමයි පේන්නෙ නේද...?

      Delete
    5. ඒක ඇවිල්ලා දී කිරි ඇන්ඩ් බලාල් කේස් එකක්.

      Delete
  27. පෙල ගැසූ සිහිනයක් දහතුන් වසක සිට
    මඟබැලූ දෙනයනක් හන්තාන මාවතට
    දුෂ්කරම පළාතක ඉසිවරෙක් වී ඉන්න
    තිබුන මට අතීතෙක නොනවතින සිහිනයක්

    බොඳව ගිය සිහින ගැන දැන් නොමැත ලතැවුලක්
    දරා දෝතින් බදා හිනැහෙමි දිසාපාමොක් සිහිනයක්
    එබී හිනැහෙන හපුටු මල් කැකුලු සනසවන සිහිනයක්
    උන් සමඟ ගතකරන කුලුනුබර හෙට දිනක්

    ඉතින් පුද දෙමි අපරිමිත සුබ පැතුම්
    දියණියට දයාබර නොදුටු මිතුරේ ඔබගෙ
    දිරි ලැබේවා ඇයට සිහිනයට පියනඟා
    සිහිල් ඔසුවක් වෙලා මේ බිමම සනසන්න

    දියණියේ වන්න නුඹ මහෞෂ්ධ කෙනෙක් තව
    ඇවිද ඔබ දුර යන්න ගම් දනවු කෙලවරට
    දර කෝටු ගැහුනු පරඬලා පත් ඉරුණු
    දෑ දෙපා අසරණව ඔබ සරණ බලං ඇති

    ගතට පමණක් නොවෙයි සිත් මලට ඔසු අරන්
    පපුවටම විතරක් නෙවෙයි හිතේ හඬ අහගන්න
    හැකි විදියෙ නලාවක් ඔබෙ ගෙලට දාගන්න
    සුබ පතමි දියණියේ දිරි ලැබේවා ඔබට..

    ReplyDelete
    Replies
    1. thank you so much.
      kaviya haree lassanai ayye.

      Delete
  28. මෙච්චර ලොකු දුවෙක් ඇති කියලා නම් මටත් හිතුනේ නෑ.... :)

    කඩඉම සාර්ථකව ජයගන්න මුළු හදවතිම මාත් සුබ පැතුවයි කියන්න.....

    ReplyDelete
    Replies
    1. thank you so much.akkiyek neda?

      Delete
    2. හෑ...හෑ... අක්කියෙක් තමා.

      Delete
    3. ඇන්ටියෙක් හි.. හි..හි...

      Delete
    4. පවෞ..........තුෂානියා.....
      (දුව ලොකු උනාට මම එච්චර ලොකු ණෑෑෑෑ

      Delete
    5. :O හපොයි.... ඇන්ටියෙක් නෙවෙයි මම අක්කියෙක් ..... කළණ තමයි අංකල්..

      Delete
  29. කෙල්ලට විභාගේ ජය ගන්න උණුසුම් සුභ පැතුම්...



    ජ ය වේ වා !!!!

    ReplyDelete
  30. මගෙත් උණුසුම් සුභ පැතුම් විභාග වලට ඉදිරිපත් වී ඉන්න සැමෝටම සහ මධාවිගේ දියණියන් ඇතුළුව. කවිය සුපර්බ්.

    ReplyDelete
  31. සියළු බලාපොරොත්තු ඉටු වේවා!!!
    ජය වේවා!!!

    ReplyDelete
  32. බ්ලොග් කියෝන ෂූටි අක්කි කෙනෙකුත් සුබ පැතුවා කියන්න,,, කවි හරිම අර්ථවත්..

    ReplyDelete
    Replies
    1. photo eken nam shooti akkiyek wage.
      thank you oma akki...

      Delete
    2. ඔයාට නෙමේ නැන්දි

      Delete
    3. ඒ නැන්දි නෙමේ. නෑනා...

      Delete