2015-09-08

එදා සහ අද



එදා...

අපිනම් හැඬුවෙමු....
මුළු හදවතින්ම
තෙත් නොවූවත් දෑස
තෙත් බැවින් හදවත


ඒ සිඟිති සිරුරට
දැනුන කිසිදා නොදැනුණු
ගිනියම් ඊයමක රිදුමන්
අපේ සිතටත් දැණුනි

තහඩු ඇළුමිනියම්
කියන්නට හැකිනම්
නුඹ රකින්නට බැරිවූ
වරදට සොවින් හඬා

එදා නොතැවුණිනම්
ඔබ අවට යම් කිසිවෙක්
ඔවුන් හා සිටි ඔබද
තැවිය යුතු ඒ ගැන


අද

ඒත් අපි හඬනෙමු
මුළු හදවතින්ම
තෙත් නොවූවත් දෑස
තෙත් බැවින් හදවත

ඒ සිඟිති සිරුරට
දැනුන කිසිදා නොදැනුණු
ජල කඳක පීඩනය
අපේ සිතටත් දැණුනි

තහඩු ඇළුමිනියම්
කියන්නට හැකිනම්
නුඹ රකින්නට බැරිවූ
වරදට සොවින් හඬා

අදත් නොතැවේනම්
සසඳන්න යා නම්
තමන් කරනා දේ ගැන
තැවිය යුතු ඔබමය


තමන් හට කිසිදා
ඇවැසි නොම වූ යුද්ධය
නිසා මේ ලොව සෑම
මිනිත්තුවකම පවා
විඳවන්නෙ දරුවන්ය
ඒ ඔබේ දරුවාද
ඒ මගේ දරුවාද
යන්න නොව වැදගත්
කාගේ වුවත් ඒ
හය හතර නොදන්නා
අහිංසක දරුවෙක්ය




මේ දෑස් දිහා බලන්න
ඔබට දැනෙන්නේ කුමක්ද?


෴ මධුමාධවී෴

73 comments:

  1. උඹට මේ පොඩි එකා මැරුණ වෙලෙත් ඇඬුනද බං

    http://www.kazak.com/wordpress/wp-content/uploads/2013/02/bp-dead.jpg

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හදවතින් ඇඬුවා බං. යකෝ මම ත්‍රස්තවාදී කණ්ඩායමක නායකයානං මගේ දරුවා හිතන්නෙ මම හමුදාවෙ ලොක්කෙක් කියලා. මගේ වරදට දරුවා පලි නෑ. උඹලාගේ මහා වාදය මම බැලුවා ඒ දවස්වල. එදත් මම දැක්කේ ඔය මම උඩින් කීව සංසන්දනයමයි.

      Delete
    2. ඒ වගේම මාතෙ අද මෙතන කෙරෙන සංවාද එදාට වඩා වෙනස් වෙන්න තරමට අපි වාසනාවන්ත වේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා.

      Delete
    3. මාතලංගෙ මැණියෝSeptember 9, 2015 at 7:33 PM

      මේ මුගේ වැරැද්ද නෙමෙයි. මගේ වැරැද්ද....මං ඒකාලෙ ජාතියක් ජම්මයක් බලන්නෙ නැතුව සිරි ලාංකික ජාතිය කියල සේවය සැපයුවා......ඒක හින්දා මුගෙ පියාණන් කවුද කියල නිච්චි නැතුව ගියා......අනේ අපොයි..

      Delete
  2. ඇත්ත..යුද්ධය නිසා පොඩි දරුවො ගොඩක් විදවනවා...

    ReplyDelete
    Replies
    1. තමන්ගේ තුන් හිතකවත් නැති තමන් නොදන්න යුද්ධයක් නිසා.

      Delete
  3. අප සැම...සැමදා.....උන් වෙනුවෙන්මයැ..යුද වදින්නේ..
    එහෙත් උන් අප මලකඳ මත පය තබා...
    සවුදිය පුරන්නේමැයි......
    කවදාද අප දෑස මේ මිත්‍යාවෙන් එහා දකින්නේ...

    ReplyDelete
    Replies
    1. ඒ සවුදිය පිරීමේ අවසන් භාගයේ ආරම්භය දැන් සනිටුහන් වෙලා තියෙන්නෙ ෂෙෆාකි.

      Delete
    2. සවුදියේ තියා අරාබියෙවත් නෑ ඔහොම එවුන්

      Delete
    3. අරාබිකරයේත් විශේෂයෙන් සවුදියේත් ඉන්නේ ඔහොම එවුන්ම තමා සහෝ!

      Delete
  4. ....තුවක්කුවෙ තරමටත්
    උසනොමැති උව නුඹත්
    පිහියකින් කපාපං
    ලේ සුවඳ බලාපං.....
    L.T.T.E, ISIS, බොකෝ හරාම් මේ මොකා උනත් පොඩි දරුවන්ගෙ අතට ආයුධ දීල කරන අමන බියගුලු නින්දිත කමක මහත.. උං මිනී මරන්නෙ සෙල්ලමට ගේම් ගහනවා වගේ.. හිරිකිතයි. උඹ කියනවා වගේ තහඩු ඇලුමිනියම් අඬයි.ඒත් බල ලෝභියෝ නම් මේ කඳුලුත් විකුණයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒ අනික ඛෙදවාචකය. කිසිම සමාවක් නොදිය යුතු. එහෙම උන්ටත් රිටර්න් එක හම්බුවෙනවා.
      ඒ අන්තිමට කියපු උන්ටත් හම්බුවෙනවා.

      Delete
  5. දින දින පිරිහෙනා ලෝ මනුදම් ගුණය
    මේ පොඩි පුතාගෙත් ආයුෂ මෙපමණය
    යායුතු දුර තවත් සසරේ අපමණය
    සිහිකර නොසිටියොත් ලොවුතුරු බුදු ගුණය

    ReplyDelete
    Replies
    1. සසර කෙසේ වෙතත් මේ ලබාපු ජීවිතය අත්විඳින්ට තමන්ට නිදහසක් නැති කරුමය මොකක්ද බං.

      Delete
    2. ඒකම තමයි බං මං කියන්න උත්සහ කොලේ. මෙව්ව පෙර කළ අකුසල කර්ම. වෙලාව ආවාම පල දෙනවමයි බං. සුනාමි ඇවිල්ලත් ගස් ගල් උඩ ඉතිරිවෙලා ජීවත බේර ගත්ත උදවියත් ඉන්නවා.

      අපේ පියවි මනසට ඇහැට ගෝචර මේ ලබාපු ආත්මය ගැන පමණයි. අනන්ත සසර පුරා කොරගත්ත කුසල් අකුසල් එමටයි.

      Delete
    3. ඒක හරි! ආෆ්ටර් ලයිෆ් මාත් දැන් විශ්වාස කරනවා ශක්තිය ඉපදවීමට හෝ විනාශ කිරීමට නොහැකි නිසා.

      Delete
  6. යුද්ධය ගැන දන්නෙවත් නැති අහිංසක පොඩි එවුන් යුද්ධය නිසා මිය යනවා.. මොනවා කරන්නද බං.. කරුමයක හිමිකම..

    ReplyDelete
    Replies
    1. ලෝකයේ ඕනිම දරුවෙක්ගෙ මරණය අපේ රටෙත් මෙහෙම මැරුණා කියලා අතපිහදාගෙන සාධාරණීකරණය කළහැකිද බං? ඒකයි මේක ලිව්වෙ.

      Delete
  7. ඔය යුද්ධ කරන උනුත් කාලෙකට කලින් තමනුත් ළමයෙක් විදිහට හිටියා කියන එක මතක් වෙනවා නම් මේ වගේ දේවල් වෙයිද බං. ඕකුන්ගෙන් ඇහුවොත් කියන කතා කොහොමද. එක්කො දෙවියන් වහන්සේට අයිති දේවල්ලු. ඒ තීරණ නිසා කරන්න දෙයක් නෑලු. නැත්නම් ජාතිය බේරා ගන්න ඔය වගේ කැප කිරීම් කරන්න වෙනවලු. ඒ උනාට තමන්ගෙ ළමයෙකුට ඔහොම වෙන්න දෙයිද?

    ReplyDelete
    Replies
    1. එ ළමා කාලය යුද්ධ මැද්දේ ගෙවුණා වෙන්නත් පුළුවන්. මොනාවුණත් තමන්ටත් ළමාකාලයක් තිබුණා කියලා හිතලා අද ඉන්න දරුවන් දිහා බලන උන් අඩුයි බං.

      Delete
    2. අර වෙරලට ගොඩ ගහලා හිටපු පොඩි එකාගෙ ෆොටෝ එක දැක්කට පස්සෙ මාර විදිහට ශොක් උනේ බං. ඒ පොඩි එකා අපෙ චූටි අම්මගෙ පොඩි එකා වගේමයි. ඌ වැඩි හරියක් මං එක්ක ඉන්නෙ. ඒ වෙලාවෙම මං ඌව බලලා ආවා. තාමත් ඒ වගේ පොඩි එකෙක් දකිනකොට පපුවට අනිනවා වගේ වෙනවා. අද ට්‍රේන් එකේ ඒ වගේ පොඩි එකෙක් හිටියා. එනකම් හිටපු හැටි හිතා ගන්න පුළුවන් නේද?

      Delete
    3. දැනෙන උන්ට දැනෙනවා බං මදි නොකියන්න.

      Delete
    4. මගෙ බ්ලොග් රෝලට අලුතෙන් බ්ලොග් දාන්න බැරි ලෙඩක් තියෙන නිසා මේකෙ බ්ලොග් රෝලෙන් මං සමහර ඒවට යන්නෙ. අනේ බං මේ පෝස්ට් එක දකින ගානෙ පොල්ලෙන් ගහනවා වගේ. ඉක්මනට වෙන එකක් දාහං.

      Delete
    5. සුවර්... ඔන්න දානවා.

      Delete
  8. මම මේ දාන කමෙන්ටුවට කවුරැවත් මාත් එක්ක රංඩු වෙන්න තරහා වෙන්න ඔට්ටු නෑ..

    මගේ විරයා මහින්ද..ඒ යුද්දෙ නිසා මගේ තාත්තට මම ගැන දැනුන බය අවධානම මට පොඩි මෙන්ඩා ගැන නොදැනෙන්න අවස්තාව හදලා දුන්න නිසා..

    මට මේ වගේ සංවෙදි පෝස්ට් වලට මට කමෙන්ට් දාන්න අමාරැයි..සමහර විට මේ ලිපියට දාන එකම කමෙන්ට් එක..

    ReplyDelete
    Replies
    1. මහින්ද මගේත් වීරයෙක් එක අතකින්. (ඒ ගැන වෙනම කතා කරන්න වෙනවා)

      උඹ තුල ඉන්න මිනිසා අවදි කරවපං.

      Delete
  9. ඇත්ත මාධවී යුද්ධය නම් මේ ලෝකෙන් තුරන් කරන්නම ඕනි.

    ReplyDelete
    Replies
    1. සන්නද්ධ යුද්ධය පමණයි. බුද්ධිමය යුද්ධ තිබිය යුතුය

      Delete
  10. මෙතැනට දාන්න තව පින්තුරයක් අඩුයි..

    ReplyDelete
    Replies
    1. මම දන්නවා. මම පිළිගන්නවා.

      Delete
  11. මධු
    තෙලිදිය වාඩිය උඔගේ “සොයා යමි“ වලට දාපන්. මම ඒ හරහා අනිත් බ්ලොග් වලට යන නිසා ලේසි..

    අනිත් කස්ටිය
    තෙලිදිය වාඩියට ගොඩ වෙලා අඩ්ඩක් ගහලා එන්න යමුද?

    ReplyDelete
    Replies
    1. එලද බ්‍රා මෙන්ඩාල
      එල මධූ.

      Delete
    2. මෙන්ඩා උඹට ආලෝක සංඥා සැපයීමට ලැබීම ගැන සතුටුයි.

      තෙලි,
      එළම එළ ද බ්‍රා..........................

      Delete
  12. මේ යුද්දය නම් ලොවට සාපයකි. සහමුලින්ම තුරන්කරන්නට හැකිනම් ලොවට සාමයකි.

    මෙන්ඩො,
    යමු යමු. ගිහින් අඩ්ඩක් ගහලා එමු.

    ReplyDelete
    Replies
    1. යුද්ධය ඇතැම්විට යුද්ධයෙන්ම නිමා කළ හැක. ඒත් එය කෙතරම් ‘මානුෂික‘ ද යන්නයි ගැටළුව.

      Delete
  13. ශාපලත් යුද්ධය මෙරටින් අතුගා දමන්නට ශක්තිය දුන් හා ලේ කඳුළු වැගිරු සැම දෙනාටම මගේ ගෞරවය. එදා අද වෙනසක් නෑ මේ යුද්ධයට අහිංසක දරුවන් සේම අහිංසක මිනිසුන් කි දෙනෙක් බිලි වුණාද? යුද්ධයට ශාප වේවා.

    ReplyDelete
    Replies
    1. යුද්ධය බිහිකරන්නේ සොල්දාදුවා හෝ සාමාන්‍ය ත්‍රස්තවාදියා හෝ කිසිසේත්ම දරුවන් නොවේ, පාලකයන්ය. ඔව්හු චෙස් ක්‍රීඩාවක යෙදෙති.

      Delete
  14. අැත්තට ම මධූවෝ ලස්සන කවි පෙළක් දුක්බර කතාවක්... යුද්ධය නැති ලෝකයක් ගැන අපිත් අනන්තවත් කවි ලියුවා.... කතා කරා... තව තව ගොඩක් දේවල් කරා... ඉතින් අපි හැමෝම මේ නාෙදරුවන් උදුරා ගැනීමට වලට විරුද්ධව නැගිටිමු..... යුද්ධය කියන විකාරය මේ ලෝකයෙන් තුරන් කළ යුතුයි.... ඒ වෙනුවෙන් මිනිස්සු ඉදිරියට අා යුතුයි..... මේ තරම් දුක් කොහොමද බලන්නේ.....

    ReplyDelete
    Replies
    1. යුද්ධයක් නැති මිනී කඳු ගොඩනොගැසෙන ලොවක් අපි දකින්නේ කවදාද කුරුට්ටෝ?

      Delete
  15. යුද්ධය එපාද? එහෙනම් කවදාවත් යුද්ධ ඇතිවෙන විදිහට වැඩ කරන්න එපා. යුද්ධ අති කරන්නේ සොල්දාදුවෝ නෙවෙයි. රාජ්‍ය පාලකයෝ. මේ ලෝකේ යුද්දෙට අකමැතිම කවුද?

    සො ල් දා දු වා..........................

    ReplyDelete
    Replies
    1. ඇත්ත. මොකද මැරෙන්නේ දුක් විඳින්නේ සොල්දාදුවා හා පවුලේ අය. පාලකයෝ බන්නේ යුද්ධෙට යන්න නෙමේනේ.

      Delete
    2. එකඟයි විචාරකතුමා. මම ඔබේ පෝස්ට් එකක මෙයට පෙරත් ඒ බව කියා ඇති. ඔබ අපි සැම තවකෙකුගේ ඉත්තන් වීමයි මුල.
      එය වෙනස් කරන්නට ම හැකියාව ඇත්තේ අපටම පමණි.

      උදාර,
      සොල්දාදුවා පමණක් නොව කිසිදා අවියක් ඇසින්වත් නොදුටුවන් පවා.

      Delete
  16. මේ අවස්ථා දෙකේදීම මැරුණේ අහිංසක දරුවන් දෙදෙනෙක්...
    ඒ පුංචි දරුවන් දෙන්නගේ මළ සිරුරු දැක්කම දුක හිතෙනවද නැද්ද, කඳුළු එනවද නැද්ද කියන එක, එක එක මනුස්සයා අනුව සහ ඔහු එම දසුන දකින අවස්ථාවේ සිටින මානසිකත්වය අනුව වෙනස් වෙන්න පුළුවන්...
    මගේ ඇස්දෙකට කඳුළු ආවා "ඇයි උඹේ ඇස්වල කඳුළු නැත්තේ" කියල අහල දෙන පොර ටෝක් වලින් වැඩක් නැහැ මචං...
    මොනම අවස්තාවක හෝ දුකක් හිතෙන්නේ නැති මිනිහෙක් මේ ලෝකේ නැතුව ඇති.

    නමුත් මේ දරුවන් දෙන්න මියගිය අවස්ථා දෙක එක හා සමාන නැති බවයි තාර්කිකව බැලුවම මගේ අදහස.
    එක දරුවෙක්ව ත්‍රස්තවාදීන් විසින් අහිංසක නිරායුධ ගම් වැසියන්ව මරන්න හිතාගෙනම එල්ල කල ඊයම් බරු වලින් මිය යනවා.
    අනෙක් දරුවා මිය යන්නේ ඔවුන්ගේ දෙමව්පියන් ඔහුත් රැගෙන ත්‍රස්තවාදය නොමැති නිදහස් යුරෝපාකරයට පලා යන අතරතුරේ සිදුවන අනතුරකින්.
    ඔවුන් එසේ පලායන්නේ යුද්ධය නිසා බැවින් ඒ මරණය යුද්ධය පිට දාන්න "අද ඉන්න අපි" පැකිළෙන්නේ නැහැ.

    මෙහෙම දේවල් අපේ රටේ ඇත්තටම උනාද කියල මට මතක නැහැ, නමුත් මට හිතෙන විදිහට මීට සමාන ලෙස මම දකින අවස්ථා කීපයක් මම ලියන්නම්...
    ලංකාවේදී යුද්දේ තිබ්බ කාලේ LTTE එකට බියේ හැමදාම රෑට කැලේ හැංගෙන්න ගිය පුංචි දරුවෙක් හරි වැඩිහිටි මනුස්සයෙක් හරි සර්පයෙක් කාල මැරුනොත් අපි එදා ඒක දැක්කේ යුද්ධය නිසා සිද්ධ වෙච්ච මරණයක් විදිහටද සර්පයෙක් කාල සිදුවෙච්ච මරණයක් විදිහටද...
    බස් එකක බෝම්බයක් තියෙනවා කියන ආරංචියකට හදිස්සියේ බයවෙලා දුවන්න හදපු ඉස්කෝලේ ඇරිලා ගෙදර යන්න ආපු පුංචි දරුවෙක්, ඒ බෝම්බ ආරංචියටම බයවෙලා ඉක්මනින් එතනින් පැනල පණ බේරාගෙන අඹු දරුවන් ගාවට යන්න හදපු වෙනත් වාහනේක රියදුරු අතින් යටවෙලා මැරුණොත් අපි ඒ වෙලාවේ ඒ සිදුවීම දාන්නේ යුධ ගිණුමටද...
    ඔක්කොම පැත්තක තියලා අර වාහන කාරයට ගහලා, බාගෙට මරලා පුළුවන්නම් වාහනේ ගිනි තියන්නේ නැද්ද...

    මුකුත් ඕනේ නැහැ, යුද්ධය නිසා එක්කෝ හමුදාවෙන් හෝ LTTE එකෙන් මරණ තර්ජන තිබෙන නිසා හරි එහෙම බොරුවට කියල හරි වෙන රටක සරණ පතා යන මිනිස්සු කීප දෙනෙකුත් ඉන්න ප්ලේන් එකක් කඩා වැටුනනම් ඒ දවස්වල අපි ඒක යුද්ධය පිට දානවද...

    අපිට දැන් මේ අවස්ථා දෙක එකක් වගේ පේන්නේ අපි දැන් නියම යුද්ධයකින් බැට කන්නේ නැතුව ඊට පිටින් ඉඳගෙන ඔවැනි දේ දිහා බලන්න පුළුවන් "තැනක" ඉන්න නිසා බවයි මගේ අදහස...

    ReplyDelete
    Replies
    1. ලොකු හොද කමෙන්ට් එකක්

      Delete
    2. //මෙහෙම දේවල් අපේ රටේ ඇත්තටම උනාද කියල මට මතක නැහැ,// මට මතකයි.. එහෙම ඒවා උනා.. 2009 ජනවාරි ඉඳල 2009 මැයි 17 වෙනිදා රෑ වෙනකනුත් මුලතිවු ආශ්‍රිත මුහුදෙන් රජයේ පාලන කලාපවලට පැනල එන්න ගිය මිනිස්සුන්ට එල්.ටී.ටී.ඊ. එකෙන් අමු අමුවේ වෙඩි තියල මරල දැම්ම විතරක් නෙවෙයි බෝට්ටු පෙරලිලා, ගිලිලා, හමුදා ප්‍රහාර වලට මැදිවෙලා, තැලිලා, පෑගිලා, පොඩිවෙලා මිනිස්සු, විශේෂයෙන්ම වැඩිහිටියෝ හා පොඩි උන් මැරුණා.. සමහර වෙලාවට අම්ම, අප්පා, ආච්චි, සීය ඔක්කොම මැරිලා කාගේ හරි අතක එල්ලිලා පොඩි උන් විතරක් බේරිලා ආපු වෙලාවලුත් තිබ්බා..
      එක පැත්තක් ගැන විතරක් ලියුව නෙවෙයි.. ටිපිකල් සිටුවේෂන් එකක් නිසා ඒ ගැන විතරක් ලියුවේ.. ඒකෙම අනිත් පැත්තත් අනන්ත උනා ගම් පිටින් සමුල ගාතනය කරද්දී.. මම පුද්ගලිකව නම් කොහේ තිබ්බත් යුද්දෙට විරුද්ධයි.. :'(

      Delete
    3. ලොකුපුතේ,
      යුද්ධයට මැදිවෙච්ච අයට මේ ගැන හිතන්න බැරි නිසා තමයි අපි මේ ගැන කතා කරන්නෙ. මේකෙ අරමුණ එදත් අදත් සෘජුව හෝ වක්‍රව යුද්ධය නිසා මියයන දරුවන් පිළිබඳ සමාජයේ අවධානය යොමුකරවීම. උඹේ පැහැදිලි කිරීම ඇතුලෙ තියෙන කතාවට දෙන්න තියෙන උත්තරේ යුද්ධය නිසා මියගියත් වෙනත් අනතුරකින් මියගියත් දරුවන් මියයන්නේ බොහෝවිට වැඩිහිටියන්ගේ වරදින්. වැඩිහිටියන් මෙන් නොවෙයි ඔවුන්ට තව කාලයක් මේ ලැබුණු ජීවිතය අත්විඳීමේ අයිතියක් තියෙනවා. මෙන්ඩා කියනවා වගේ උඹේ අදහස් දැක්වීම ගැන සතුටුයි, අපි පසුව දීර්ඝව කතාකරමු.

      කළණ,
      උඹ අත්දැකීමෙන් මේ දේවල් දැකලා තියෙන නිසා උඹට දැනෙන රිදුම මට තේරෙනවා.

      Delete
  17. අරුණ උදාවේ දෝ
    අඳුර නිමාවේ දෝ
    මිහිමඞල පුරා ඝන තිමිර ඉරා
    නැණ අරුණ පහන් වේ දෝ
    අවා දෙරණේ.....
    මනුසත් උයනේ මුදු සිත් පරවී
    හසරැල් ගිලිහී යයි
    මිහිමව් තුරුලේ නොමිනිස් කතරේ
    ගිනිදැල් මතුවී එයි
    එද ගිනි නිවනා දිය දහරා
    කවදාදෝ හමුවන්නේ
    දයා මහිමේ....
    කඳුලින් තැවෙනා දෙනුවන් හමුවේ
    ලොව නෙත් අඳවේ නම්
    ළසොවින් දැවෙනා සුදනන් හමුවේ
    දුදනන් සැනහේ නම්
    මිනිසුන් නොවෙනා දෙරණකදෝ
    අවසානය එළඹෙන්නේ
    නිරා ගමනේ....

    ගී පද -කුලරත්න ආරියවංශ
    ගී තනු - රෝහණ වීරසිංහ
    ගායනය - සුනිල් එදිරිසිංහ

    ReplyDelete
    Replies
    1. මිනිස්සු බුද්ධියෙන් දියුණු වෙනවා කියන්නෙ නොදියුණුය කියන සත්තුන්ට වඩා දියුණු ලක්ෂණ පෙන්වන එක සින්දුවෝ. නොවෙන්නෙත් ඒක.

      Delete
  18. අහිංසක මල් කැකුළු තලන මහාඋන්ගේ යුද්ධය එපා එපා එපා.

    ReplyDelete
  19. කෙටියෙං කියන්නං

    පොඩි උන් මැරෙනවා - දුක් විඳිනවා
    කැමරා කාරයා ඒක විකුණලා - සම්මාන ගන්නවා
    අපි - කැමරා කාරයා ගේ නිර්මිතය රස විඳිනවා
    (ශෝකයත් රසයකි)

    ReplyDelete
    Replies
    1. ඔව්... ශෝක රසය තමා මේ.

      Delete
  20. යුද්ද කතා පැත්තකින් තිබ්බත් පොඩි එකෙක් මෙහෙම ඉන්න දිහා බලන්න බෑ බං..

    ReplyDelete
    Replies
    1. ඒක හරියට තේරෙන්න දරුවෙක් ඉන්නම ඕනි බං.

      Delete
  21. ‍යුද්ධය, බඩගින්න , මේ හැම එකකින්ම මැරෙන දරුවො ගැන තියෙන්නෙ දුකක් තමයි.

    ReplyDelete
    Replies
    1. අන්න තවත් එකක්. බඩගින්න. මම ඒ ගැනත් ලියන්න හිතා ඉන්නෙ.

      Delete
  22. මම මුලින්ම ඔය පින්තූරය FB එකේ බෙදාගන්නකොට ඔය පින්තූරය ඔය තරම් ආන්දෝලනාත්මක එකක් වුනේ නෑ. ඇත්තෙන්ම දරුවෙකුගෙ ඉරණම ගැන මනුස්සයෙක් හැටියට අපි කම්පාවෙනවා.
    නමුත් ඔය වම්පැත්තේ පින්තූරෙ පේන්න ඉන්න දරුවට කරන්න හැකි වුනදේ දකුණු පැත්තේ පින්තූරේ පේන්න ඉන්න දරුවට කරන්න බැරිවුනේ අපි ලංකාවෙ නිසාද නැතිනම් අපි මහජාතිය නිසාද?

    ReplyDelete
    Replies
    1. නැහැ ඩූඩ්. ඒ කාලෙ සමාජ මාධ්‍ය අපි අතර ඒ තරම් පැතිරිලා තිබුණෙ නෑ. ඒකයි මම කියන්නෙ මේ දෙක සසඳන්න එපා. මේ දෙකම එකයි කියලා.

      Delete
  23. මම නම් සාප ඉල්ලනව බං අහිංසක පුන්චි උන් නිකරුණේ මරන/ මරෙන යුද්ධ කරන එවුන්ට
    සංවේදියි මධුවෝ
    රසරසණියට මෙවන් වෙනස් පැදිපෙළක් එක්වීම ගැන සතුටුයි
    ජයවේවා මධු!

    ReplyDelete
    Replies
    1. උඹලා මම හිතන්නෙ දරුවො නැති අය. ඒත් උඹලාට මේවා දැනෙනවා කියන්නෙ බුකියෙ ඉන්න සමහර මානවවාදීන්ට වඩා උඹලා ඉන්නෙ ගව් ගානක් ඉදිරියෙන්.

      Delete
  24. දෙමළ - මුස්ලිම්
    සිහල - සිරියන්
    සියලු කදුලැල්
    හරිම උණුසුම්...

    මේ ගැන වැඩිය මුකුත් ලියන්න බෑ මධූ.. මගේ පොඩි එකත් මේ විතර ඇති..

    ReplyDelete
    Replies
    1. එහෙම වුණාම තමා බං මේවා දැනෙන්නෙ.

      Delete
  25. සංවේදී පස්ටුවක් මධූ

    කුරුටුත් මේ ගැන ලියල තිබ්බා...

    ReplyDelete
    Replies
    1. මං ඒ පැත්තෙත් ගියා විදානේ. හැමතැනින්ම මේ හඬ අවදිවෙන්න ඔිනි.

      Delete
  26. Visitor V කියලා බ්ලෝග් එකක් තිබුනා...ඒ යකා දැන් මාසේක ඉදලා අතුරැ දහන් අනේ දැක්කොත් කියහන් අර මම කුරැටු වොල් බැංකුවේ දාපු සල්ලි ගැන පොඩි උපදෙසක් ලියලා දාන්න කියලා

    ReplyDelete
    Replies
    1. ඉටපිය.....................................පොඩ්ඩක්.

      Delete
  27. කුරැටුගේ මෙ ගැන පෝස්ටි එකටනමි දිග කමෙන්ටුවක් දැමිමා.
    අර පුංචි කිරි සප්පයා මුනින් වැටිලා ඉන්න විදය දැක්කම හදවත මොහොතකට නවතිනවා වගේ වෙනව.උගුර හිරවෙනව.තදින් හුස්මක් අරගෙන හිත සැහැල්ලු කරගන්න ඒක හරි අමාරැ දෙයක්.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් මචෝ!
      ඒක ඇත්තටම අමාරු දෙයක්.

      Delete
  28. http://nelumyaya.com/?p=4189
    හොඳ කවි ..පෙළ. මම නම් අඬල නැහැ අවස්ථා දෙකේදීම... කාගේ වුනත් ළමයි නේ ... පව් කියන අදහස තමා ආවේ.. .මේවා නැවත නොවෙන්න දේ තමා කරන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. නියම ඇඬීම කියන්නේ හදවත කඩාවැටුනා සේ දැනීම තමා අජියයියා.
      හැමදාම වගේ ස්තූතියි අනුග්‍රහයට.

      Delete
  29. හුඟක් සංවේදීව දැනුනා මධූ.. කමෙන්ට් එකක් ලියන්න බැරි තරමට දෑස් බොඳ වෙලා.

    ReplyDelete