2015-12-16

නුඹ නැති මේ ලොව කුමටද කමලා?






මම මේ විස්තර කරන එකා ගැන නොදන්නා එකෙක් සිංහල බ්ලොග් ලෝකයේ නැති තරම්ය. ඌ ඒ තරමට ප්‍රසිද්ධය. බ්ලොගක් නොලීවත් දන්න අහුවෙන හැම බ්ලොග් එකටම ගිහිං කමෙන්ටුවක් දාලා ඒම මුගේ සිරිතය. අළුත් බ්ලොග් වල කමෙන්ට් වලින් බාගයක්ම වගේ මුගේය. මූ වෙලාවකට දෙන ආතල් බ්ලොග් පෝස්ට් එකක් පරද්දන තරම්ය. උදාහරණයකට වල් මන්දිරයාගේ මෙන්න මේ පෝස්ට් එකේ කමෙන්ට්ස් වැලක් ඇදගෙන ගිය ලස්සන අපූරුය. ගොඩක් වෙලාවට අනික් උන් අවුස්සලා ගන්න මූ ගජ හපනාය. මූටම හරියන වලි අදින, මඩ ගහන සෙට් එකක් දැන් සෙට් වෙලාය. හොඳට කන බොන මේකා ඇත්තටම බොක්කක්ය. කෙනෙක්ගේ හැකියාවට ලකුණු දෙන්නේ අඟහරු ලෝකෙන් හරි ගෙනල්ලාය. 

මූ මුලදී කමෙන්ට් දැම්මේ උගේම නමින්ය. පස්සේ උෟට නමක් පට බැඳුනේය. ඒ ඌ නිරතව ඉන්න කර්මාන්තයේ හැටියටත්, අනික් උන්ට ඉරිසියා හිතෙන තරං ඒ ක්ෂේත්‍රය ගැන ඌට තිබුණු පට්ට දැනුම නිසාත්ය. ඇත්තටම ඌ අපි අතර ඉන්න සෑහෙන පිං කරපු එකෙක්ය. 

එහෙව් යසට හිටපු එකා, ගහක් ගලක් වාගේ හිටපු එකා......ඊ...හී...හී....ඉහ්...ඉහ්....

අනේ නෑ, මැරිලා නැතිය. වෙන රස්සාවකට ගිහිල්ලාය. හිටපු තැන හිටියෙත් වලි පිට වලි දාගෙනය. අළුත් රස්සාවෙ ගතමනාව වඩාත් හොඳ බව තමා කීවෙ. ඌට හරියනවානං ඒ ඇතිය. මොකද? ඌ හොඳ තාත්තෙක්ය. ඊටත් කලින් ඌ හොඳ සැමියෙක්ය. ඒ වගේම ඌට මුල මතකය. ඌ හොඳට තෙම්පරාදු වෙච්ච එකෙක්ය.

හැබැයි අළුත් තැනින් තාම ඉන්ටර්නෙට් යංට මූට අවස්ථාවක් නැතිය. ඒ නිසා මූට බ්ලොග් වලට එන්න වෙන්නේ නැති බව ප්‍රචාරය කොරංට කිව්වෝය. මුගේ කමෙන්ට්ස් නැති බ්ලොග් හෙන පාළු ගතියක් ගන්නවාට සැක නැතිය. මාස දෙකකින් විතර එන්නං කියලාත් කිව්වාය. කිව්වාය කිව්වේ ඌ වටේ ඉන්නා කෙල්ලෙක් කීව නිසා නෙමේය. 

මේ අවකාශෙන් ඈත් වුණාම ආයි එනවා කියන එක ටිකක් අමාරුය. අනික් අතට හැම බ්ලොග් එකේම රිංගගෙන දවස පුරාම කමෙන්ට්ස් දාන මූ වගේ එකෙක් මේක නැතුව ජීවත් වෙනවාත් පුදුමය. මක්ක වුණත් හැකි ඉක්මනින් ආයිත් අපි අතර ඉපදේවා...හුටා...අපි අතරට එක් වේවා!

දයාබර මෙන්ඩෝ, කොරන මගුලක් කොරගෙන ඉක්මනට වරෙං.



එච්චරයි!



෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

එච්චරයි කිව්වට එච්චරමත් නෙමෙයි. මෙන්ඩා වෙනුවෙන් උගේ අත්දැකීම් ඇසුරෙන් විරිදු පංතියක් ගායනා කොරංටයි ඕං මං මේ ලෑස්තිය.




ඩෙඟ රඟ රඟ...ඩෙඟ රඟ රඟ


ව්‍යායාම ගැන ඇතිහැටි - පරියේසන කලත් කොතෙක්
‘මහ වැඩ‘ නම් ව්‍යායාමෙ - ගැන කර නැත එහෙමෙ දෙයක්

ඩෙඟ රඟ රඟ...ඩෙඟ රඟ රඟ

මේ ළඟදී පරියේසන - කණ්ඩායම් එකතු වෙලා
මේ ගැන සොයලා බැලුවා - කැලරි දැවෙන හැටි මැනලා

පුදුමත් හිතෙනව මහතුනි - එයින් ලැබුණු ප්‍රතිඵලයට
කැලරි බර්න් වෙන හැටි ගැන - දැනගනු මැන මේ විදිහට

ඩෙඟ රඟ රඟ...ඩෙඟ රඟ රඟ

කාන්තාව ඇඳ සිටිනා - ඇඳුම් ඉවත් කරල ඉන්න
මෙන්න මෙහෙම වැය වෙනවා - කැලරි ඔබේ ගැන බලන්න

ඇයගෙ කැමැත්තෙන් කෙරුවොත් - දොළහක් පමණක් වැයවේ
අකමැතිනම් එකසිය හැට - අටක් ඒ වැඩෙන් වැයවේ

ඩෙඟ රඟ රඟ...ඩෙඟ රඟ රඟ

බ්‍රා එක ගලවන්න ගියත් - ශක්තියනම් වැය වෙනවා
අත් දෙකෙන්ම ගැලෙව්වොතින් - කැලරි අටක් දිය වෙනවා

එක අතකින් ගැලෙව්වොතින් - දාසයක්ය වැය වෙන්නේ
දතින් අල්ලලා බැලුවොත් - අසූ පහකි වැයවෙන්නේ

ඩෙඟ රඟ රඟ...ඩෙඟ රඟ රඟ

කොන්ඩෝමය පැළඳගන්න - හයක් ගෙවෙයි බඩු රෙඩිනම්
තුන්සිය පහලොවක් යනව - මැරිච්ච ලේනෙක් වේනම්

සුරත අන්තෙ ලබන්නටත් - එකසිය දොළහක් යනවා
බොරුවට එය පෙන්නුවොතින් - තුන්සිය හැටකුත් යනවා

ඩෙඟ රඟ රඟ...ඩෙඟ රඟ රඟ

එක එක ඉරියව් අරගෙන - ඉන්නා විට විවිධ වරේ
වැය වෙන්නේ මේ විදිහයි - ඔබෙ ශක්තිය බල මිතුරේ

මිෂනරි විදිහට හිටියොත් - පණස් දෙකක් පමණයිනේ
හැට නමයේ නිදා ගතොත් - හැට නමයක් වැය වෙන්නේ

හිටගෙන ඉන්නා අතරේ - හැට නමයේ උන්නෝතින්
එකසිය හැට නමයක් යයි - බලාගෙනයි බෙල්ල නතිං

වීල් බැරෝ පැද්දෝතින් - දෙසිය දාසයක් යනවා
අස්ස ගෝං පැද්දෝතින් - පන්සිය විස්සක් යනවා

ඩොගී ඉස්ටයිල් එකටයි - හත් සීයක් වැය වෙන්නේ
වඩා ගත්තොතින් අයියෝ - නමසිය පණහක් යන්නේ

ඩෙඟ රඟ රඟ...ඩෙඟ රඟ රඟ

සුරත අන්නෙ ලබලා ඔබ - කරනා දේ සැලවොතින්
මෙන්න මෙහෙම කැලරි යතේ - කරනා දෙය පරිස්සමෙන් 

තුරුල් කරං දොයියගතොත් - දහ අටකිය වැය වෙන්නේ
වහාම බැස්සොතින් ඇඳෙන් - තිස් හයකිය වැය වෙන්නේ

ඇයි නැගිට්ටෙ කියලා ඔබ - ගියොත් කරුණ දක්වන්නට
අටසිය දාසයක් කැලරි - වැයවෙනවාමයි ඔබ හට

ඩෙඟ රඟ රඟ...ඩෙඟ රඟ රඟ

දෙවන වරට පණ ඒමක් - ගැන සලකා බැලුවෝතින්
ඒ වැඩේට වැය වෙන්නේ - කැලරි මෙන්න මෙහෙම බොලන්

වයස විස්ස වෙලා නැතොත් - බියක් නොවනු කිසි දේකට
කැලරි බිඳක්වත් ඕනෑ - වෙන්නේ නෑ පණ පොවන්ට

අවුරුදු විස්සක් පැන්නොත් - තිස් හයකුත් ඕනෑ වෙයි
තිහ පැන්නට පස්සෙ ඉතිං - අසුවකුත් ඕනෑ වෙයි

හතලිහ පැන්නා කියන්නේ - නමසිය පණහක් ඕනෑ
පණහ පැන්නොතින් දෙදහස් - දෙසිය හතලිහක් ඕනෑ

හැට පැන්නොත් තුන්දාහක් - වත් යොදන්න ඕනැ වෙන්නෙ
හැත්තෑවේ රිසල්ට් තමා - වේටිං කියමින් තියෙන්නෙ

ඩෙඟ රඟ රඟ...ඩෙඟ රඟ රඟ

වැඩේ ඉවර වෙලා ඔබේ - ඇඳුම් යලිත් පටල ගන්න
ඒත් කැලරි වැය වෙනවා - අවස්ථාව අනුව ඔන්න

සන්සුන් විලසින් ඇන්දොත් - තිස් දෙකකිය ඕනි වෙන්නෙ
හදිස්සියෙන් ඇන්දෝතින් - අනූ අටකි එයට යන්නෙ

කෙනෙක් දොරට තට්ටු කලොත් - තුන් දාහක් වැයවෙනවා
ඒ ඇයගේ සැමියානම් - හැට දාහක් වැය වෙනවා

ඩෙඟ රඟ රඟ...ඩෙඟ රඟ රඟ............බුම්.............................


අනෙ මෙන්ඩෝ..........විජහට වරෝ.................



145 comments:

  1. මෙන්ඩගෙ අළුත් බ්‍රා එකට සුපැතුම්...

    බෑ කිව්වොත් කැලරි කීයක් පිච්චෙනවද...?

    ReplyDelete
    Replies
    1. ඒකත් බ්‍රාමද කියා තහවුරු කර නැත.

      කැලරි ටික ඉතුරුයිනෙ මස්සිනා.

      Delete
  2. අප්පට සිරි............. මෙන්ඩා නැති ඒක ගැන නං දුකයි.. .. ඒත් අලුත් රස්සාව ගැන සතුටු වෙන්නම්......

    මෙන්ඩානැති ඒක ගැන බ්ලොග් උපමා වලින් ම කිව්වොත් මෙහෙමයි..

    1. මෙන්ඩා නැති බ්ලොග් හොටු නැති නහය වගෙයි.
    2. මෙන්ඩා නැති බ්ලොග් බ්‍රා නැති අරවා වගෙයි.
    3. මෙන්ඩා නැති බ්ලොග් නයා නැතිවුණ ප්‍රසා වගෙයි.

    අැතිනේ...... විරිදුවත් පට්ට......... යකෝ ඒක මෙන්ඩා වෙනුවෙන් ගායනා කරන්නේ උෟ ඒ සිද්ධිය නිසාවත් ද රස්සාවෙන් අස්කරේ................????????????????????

    ReplyDelete
    Replies
    1. 4. මෙන්ඩා නැති බ්ලොග් පියයුරු නැති කාන්තාවක් වගේයි.

      Delete
    2. /යකෝ ඒක මෙන්ඩා වෙනුවෙන් ගායනා කරන්නේ උෟ ඒ සිද්ධිය නිසාවත් ද රස්සාවෙන් අස්කරේ................????????????????????/
      නෑ නෑ මූ අස්උනේ මෙච්චර කල් පාට් ටයිම් කරපු මේක ෆුල්ටයිම් කරන්න...

      Delete
    3. ඔවු අලුත් තැන ඌ‍ට බ්ලොග් වලට කොමෙන්ට් දානවට වෙනම ගානක් ගෙවනවලු.

      Delete
    4. නෑ බොල...! අනුංගෙ මායියලගෙ කැලරි පුච්චන්න ගිහිං තමංගෙ කැ(ල)රි පුච්චගන්න එක... ඒකට ඌට ගෙවනවලු. (කොටිම්ම සද්දන්ත සුද්දියන්ට තෙරපි කොරන එක තමා මෙන්ඩගෙ අලුත් ජොබ් එක)

      Delete
    5. මෙන්ඩ නැති බ්ලොග් නිකම් කොන්දොස්තර නැති බස් වගෙයි.

      Delete
    6. කුරුටු,
      මෙන්ඩා නැති බ්ලොග් ලොව, (*(^# නැති *&^#) වගේ. ඔය විරිදුව දැක්කානං මෙන්ඩා අල්ලගන්නෙ එකම එක තැනයි, ඒකත් දතින්.

      මනෝ, මෙන්ඩාව පේන්නෙ මොන කප් වගේද? A? A-?

      ඩ්‍රැකියා, ටෙස්ට් එකක් කොරනවලු ඉස්සරෝම. දවස් 3-4ක් යනවාලු.

      ප්‍රසා, හපෝ! උඹේ කමෙන්ට් එකවත් උඹවවත් මං දැක්කෙ නැතෝ.....

      ඩ්‍රැකියා, කම්මලයට දුන්නනං තෙරපි තෙරපි කරයි නේද?

      කම්මල, ආ...හුටා....උඹ ඔතන හිටියද? කෝමෙයි මචෝ වාස දේස?

      Delete
    7. වැඩේ ඒ තරංම සීරියස් ද?

      Delete
    8. හලි හලී.........හිටිංකෝ!

      Delete
    9. යකෝ මෙන්ඩා නැති බ්ලොග් ලොව වැල නැති ලැපක් වගේ

      Delete
    10. කොටදෙනියාවෙ පොලීසිය වගේ.

      Delete
  3. යකෝ මෙන්ඩා මාස දෙකක්ම නැද්ද ?.
    අලුත් ජොබක් ලැබුන එකටනම් සතුටුයි.හිටපු තැන එපා වෙලානේ හිටියේ.
    මගේ බිලොගෙත් වැඩි හරියක්ම හිටියේ මෙන්ඩා.මේ ටිකේ වැටෙන පෝස්ට් මෙන්ඩගේ කොමන්ට් නැතිව පාලු වේවි.

    ...//උදාහරණයකට වල් මන්දිරයාගේ මෙන්න මේ පෝස්ට් එකේ//...

    කවුද යකෝ වල් මන්දිරයා.ඔය නම දාපු කුරුණැගල කැමා කියන එකා මේ ටිකේම පෙන්න නෑ.අහු වෙයල්ලකෝ මට..

    ReplyDelete
    Replies
    1. උෟ හොයන්න එපා. උගේ පෙට්ටියට අන්තිම අැණෙත් ගහල ඉවරයි. හැක්...

      Delete
    2. ගේම ඉල්ලන උංට අපි දෙන්නෙ දොඹෙං...!!! ඕයේස් !

      Delete
    3. මොකෑලන්තෙ උන් ඔහොමමයි.

      Delete
    4. ඕකා ගේම ඉල්ලනවා.මාරු වෙනවා.ඔන්න බලපල්ලා ආයෙත් සති දෙකකට විතර පස්සේ ඇවිත් ගේම ඉල්ලයි...

      උඹලා උගේ පාංශකූලෙත් දීලා ඉවරකරාද එතකොට..

      Delete
    5. මෙන්ඩ කැමාලගෙ ගෙදර ෆුල් ටයිම් බින්න බැහැල.

      Delete
    6. කම්මො,
      කැලරි පුච්චනවය කියලත් එකතු කරහං...

      Delete
    7. මනෝ, මම කලේ අනුකරනයක් පමණි. ආකංකමානා සොත්තානං.

      ප්‍රසා, මටත් දෙක තුනක් ඉතුරු කොරගනිං.

      ඩ්‍රැකී, .............. උල තියමු.

      කසුන්, ඒ මොකෑ?

      මනෝ, ගරිල්ලා කෙරමෙනෙ බං.

      කම්මල, කැමාව යවල හේන් රකින්න.

      ඩ්‍රැකී, මෙන්ඩට කලිංගෙවපු කැලරි එක මදි කියලා වැඩි කැලරි එකකට තමා ඔය ගීං තියෙන්නෙ.

      Delete
  4. එතකොට මෙණ්ඩා කෙට්ටු උනේ එහෙමද?
    හපෝ...යි... ගොඩ ඒමක් නෑ..
    දැං තමා තේරුණේ බොලාගෙ පෙසර් වැඩි උනු හේතුව.. හෙහ් හෙහ්...
    එකපාර 60000 ගානෙ පිච්චෙන්න නරකයි.හ්ම්ම්..
    මෙණ්ඩා නැති බ්ලොග් ලිවිල්ල හරියට පඩ යන්නැතුව බොක දානවා වගේ බොල.. හෙහ් හෙහ්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. දවසට හැටදාහ ගානෙ මෙන්ඩට පිච්චුනාලු අවුරුදු 4-5 ක්ම.
      අන්න දවසේ උපමාව! චීකේ! ඒක කියපු කැත! හැක් හැක්!

      Delete
  5. වයිෆයි නැතත් අළුත් රස්සාව එළ ද බ්‍රා කියා හිතනවා. අළුත් රස්සාවට සුබපැතුම්! (ඉන්ටනෙට් ගිය දවසක දකින්නේ නැතැයි.)

    ReplyDelete
    Replies
    1. මට පේන්නේ ඔය රස්සාවෙදි ඌට ලේසි වෙන එකක් නෑ. මොනිටර් කරනවා වගේ ඔන් ලයින්. ඌ ලැපක් ගත්තොත් මිසක් මං හිතන්නෑ ගොඩයාමක් වෙයි කියලා.

      Delete
  6. වලි පිට වලි දාගෙන හිටිය කියන්න එකනම් අපිත් හිතුවා. හැම වෙලේම ඉන්ටනෙට් එකේනෙ. මෙන්ඩල වගෙ අයගෙ පපුව හොදයි. තව දෙතුන් දෙනෙක් ඉන්නව එහෙම. ඒ අය බ්ලොග් නොලිව්වත් ඇත්තටම කොමෙන්ට් කරන්න අවශ්‍ය නොවුනත් බ්ලොග්කරු දිරිමත් කරන්න කොමෙන්ට් කරනවා.

    මෙන්ඩගෙ ඉදිරි ජීවිතය සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා.
    සදුගෙත් පොඩි මෙන්ඩගෙත් අනාගතය ආලෝකමත් වේවා.

    ReplyDelete
    Replies
    1. /ඇත්තටම කොමෙන්ට් කරන්න අවශ්‍ය නොවුනත් බ්ලොග්කරු දිරිමත් කරන්න කොමෙන්ට් කරනවා./

      මේ කියමනට මගෙ ගෞරවය...!!!

      Delete
    2. මෙන්ඩගෙ පපුව ශක් කියල වැඩක් නෑ ෂෝක්.... කැරම් බෝඩ් එකකට

      Delete
    3. කැරම් නෙවෙයි දාං බෝඩ් එහෙකට නං මරු. කැරැම් බෝඩ් එකකට පළල මදි...

      Delete
    4. මධ්‍යස්ථ,
      සහතික ඇත්ත! දැං ඒ නොලියන අයනේ. ලියන අයගෙං මගේ පපුව හොදා. ඒකනෙ හොස්පිටිතාලෙත් ලැග්ගෙ.

      ඩ්‍රැකී,
      මේං මං උඹේ පිටිපස්සෙං හිටගත්තා...........

      කම්මල, අපි නොදන්න චෙස් කියලා ගහතෑකිද?

      ඩ්‍රැකී, දිග ඇතිද?

      Delete
  7. යකෝ මගේ නයි නලාවට මොකක්ද මේ උනේ.
    මොනව උනත් ඌ ගියපු අලුත් තැනත් යුවතියන් පිරිවරාගෙන, බ්ලොග් වලට කොමෙන්ට් දාගෙන ඉන්න ඉක්මනින්ම හැකියාව ලැබේවා කියා පතනව.

    උඹ අර පහුගිය හොස්පිටල් ඇඩ්මිට් වෙලා ඉන්න දවස්වල ඩොකා කියල දීපු උපදෙස් ටික නේද මේ ලියල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. යුවතියෝ නෑලු තනියමලු කරන්න තියෙන්නේ..

      Delete
    2. ප්‍රසා, ඩොකා කිව්වෙ පුළුවං තරං කැලරි දහනය කොරංට කියලා තමා.


      විදානේ, යුවතියංගෙ පතියෝ ටික තමා එලෝලා තියෙන්නෙ කලිං තැනිං.

      Delete
  8. කමලා කියන එක හොඳ වැඩියි නේද මෙන්ඩට?

    ReplyDelete
  9. අළූත් රස්සාව එළ ද බ්‍රා?

    ReplyDelete
    Replies
    1. ඒම උනොත් හොදා... අපිත් පතන්නේ ඒ පැතිල්ලමයි!

      Delete
  10. මෙන්ඩ නැතුව දැනටම පාළුයි අෆ්ෆා...

    ReplyDelete
    Replies
    1. අපි හුංගෙක් හොයාගමු?

      Delete
  11. / ඌ හොඳ තාත්තෙක්ය. ඊටත් කලින් ඌ හොඳ සැමියෙක්ය. /

    ඒ කියන්නෙ මෙන්ඩ තාත්තෙක් වෙන්ඩ කලිං සැමියෙක් වෙලාය කියන එකනෙ?

    ReplyDelete
    Replies
    1. අපිටනං ආරංචි උනේ ඌ තාත්තෙක් උනේ සැමියෙක් වෙන්න කලින් කියලයි.

      Delete
    2. මෙන්ඩව සැමියෙක් කළාලු. පිට මැද්දට කොස්සෙං ගහල - කණෙං ඇදගෙන ගිහිං...

      Delete
    3. ඒකනේ බං සැම්යා බිරිඳගේ දෙවියාය කියන්නේ...

      Delete
    4. ඒකනෙ මෙන්ඩට සඳුව කෙම්මුර දවස් වලට පොල් ගෙඩියෙං ගහන්නෙ...

      Delete
    5. ඩ්‍රැකියා, උඹලාටනං ඕක පුදුුමයක් වෙන එක පුදුමයක් නෙමේ.

      ප්‍රසා, මේ රටේ ගොඩක් තාත්තලා එහෙම තමා ඉතිං...ඇයි අවුල්ද?

      ඩ්‍රැකියා, පියෙක් කළාලු, සැමියෙක් වෙළාලු.

      මනෝ, ඒ කියන්නේ දෙයියො එනවා බබ්බු දෙනවා.

      ඩ්‍රැකී, ඇත්ත කියහං, උඹ නේද එදා මෙන්ඩා එක්ක හරි හරියට කමෙන්ට්ස් දැම්මෙ? ඒක පට්ට ක්‍රියේටිව් බං.

      Delete
    6. මදාවි,
      මං කවදාවත් ඇනෝ කමෙන්ට් දාල නෑ. මට මතක හැටියට, ඔය කියන්නෙ මනෝමන්දිරේ කේස් එකනං, ඉයන් ඒකෙම පහළිං පිළිගත්තා ඒක කරේ ඌ කියලා... ඒක මාර ක්‍රියේටිව් තමයි.

      Delete
    7. අළුත් අළුත් දෑ තනංට එපෑ.

      Delete
  12. ඔබ නැති මේ බිම පාලුයි අඳුරුයි - මගෙ හද ඇයි ගෙනගියෙ හංගා
    අසරණ මේ මගෙ ආලය ඔබටයි - ගලන තුරා අහවල් ගංගා
    අම්මප ගලන තුරා - අහවල් ගංගා

    මීට කමලා

    ReplyDelete
    Replies
    1. ලෙස්බියන් සිංදුවක් නේ...

      Delete
    2. විචාරක, දැං කවුද මේ ගංගා?

      ඩ්‍රැකී,ගංගයි කමලයි...නා නන නා නා...

      Delete
  13. මෙන්ඩත් එලද බ්‍රා. උඹේ විරිඳුවත් එලද බ්‍රා.

    ඔය තියෙන්නෙ උඹ අසනීප වෙන්න හේතු.

    ReplyDelete
    Replies
    1. එහෙනං ඔය ඉරියව් ටැස් කොරන්න ගිහිං තමා මධුවාගේ හාට් එක කටෙන් එලියට පැනලා ආපහු ඔබාගන්න බැරුව ඉස්පිරිතාලේ යන්න වුණේ ඈ?

      චඃ රබානක් නෑ නේ ටැස් කොරලා බලන්න ඔය විරිදු ටික.

      Delete
    2. කසුනා, ඇදපං තව මගුලක්. යකෝ කැලරි පිච්චුනාම ප්‍රෙෂර් බහිනවා.

      විචාරක, රබන් ගහන්නට ගියොතිං තිස්දාහක් පිච්චෙනවා...ඩෙග රඟ රග

      Delete
  14. මෙන්ඩ කොහෙ රස්සාවට ගියත් 18 කණුවෙ රස්සාවට එනව.
    මදාවිය උඹ කැලරි දහනය ගැන විරිදුව ලියන්න ටෙස්ටිං කරල තව පොඩ්ඩෙන් පියුස් එක ගියානම් අපිට නයිට් ගහලම කැලරි පිච්චෙනව.

    ReplyDelete
    Replies
    1. කොහෙද, මාරියක් කන්න බලාහිටිය ඒකත් හරිගියේ නෑනෙ.

      Delete
    2. හැබෑට බං. මැරෙනවනං ඔන්න මිනිස්සු...

      ලිස්ට් එක -
      1. මදාවියා (උඩිම්ම)
      2. ප්‍රසන්නයා සහ කම්මලෙයා (දෙන්නටම සම අවස්ථාවන් ඇත)
      3. ඉයන්
      4. රියර් ඇඩ්මිරල් තැන්පත් සීජේ විදානෙ
      5. කුරුට්ටො තුං දෙනා (එක පාරම)
      6. කැමා (ඌ ට්‍රයි එක දෙන්නෙ ලිස්ට් එකේ උඩට එන්න)
      7. මනෝ මන්දිරයා
      8. දිල්ශානයා
      9. උඩුවා
      10. මහේෂ් මොකද්ද හාදයා... (අර අලුතෙං ලියන්නෙ)
      .......
      98. විචාරක (මුංදැගෙ නම උඩට ගත්තොත් ඊට උඩිං මයෙ නම දාගන්න වෙන නිසා)
      99. තොපි ඔක්කොම ගියාට පස්සෙ, තොපි ඔක්කොමගෙ මළගෙවල් වල මාරි කාලා ඊට පස්සෙ මම.

      Delete
    3. මට හය දෙනෙකුගේ මළගෙවල් වලට යන්න චාන්ස් එක තියනවා.
      එතකොට අපි 98 දෙනෙකුට මදාවියාගේ මළ ගෙදර යන්න චාන්ස් එක තියනවා.මදාවියෝ කැරම් බෝඩ් 25 ක් විතර ගෙනත් තියාපං.

      Delete
    4. ඊයෙ මදාවිය උන්නය කියන්නෙ බෝඩ් එකක් උස්සං... “කැරැම් බෝඩ් විසිපහක් ගන්න පඩිය වැඩි කරව්!“ කියල ගහපු...

      Delete
    5. මට බෑ කම්මලයත් එක්ක දෙපාරක් මැරෙන්න. ඒ හින්ද මගේ චාන්ස් එකත් ඌටම දෙනව.

      Delete
    6. මල ගෙවල් 99ක නයිට් ගහනවා කියන්නේ තනිකරම අවුරුද්දක් ඩවරයි .. බැරිද තව ටිකක් උඩට දාන්න...

      Delete
    7. අඩෝ ලේ බොන්නා. මම අපේ ගෑණිට කියලා තියනවා තොට බීරි මස්කට් වෙනුවට ලේ ගොට්ටක් දෙන්න කියලා.

      Delete
    8. විදානෙයො,
      උඹ ඉන්නෙ හතරට. ඒත් මදි නං ප්‍රසන්නෙය වෙනුවට දෙකට මැරියං කම්මල එක්ක ඩබොල් දාලා...

      විචා,
      ෂැහ් මරුනෙ... ලේ වල පොඟෝපු මාරි බිස්කට් මාාාර රහයි...

      Delete
    9. ප්‍රසා ,උඹත් එක්ක කොහෙ ඩබල් දාල යන්ඩද ? උඹ අපායට මම දිව්‍ය ලෝකෙට.

      ඩ්‍රැකී ,විදානයට යන දානෙක තනියෙන් යන්න කියපං , ඕක රිවස් එකට ගිහින් දිව්‍ය ලෝකෙන් බිමට වැටුනොත් මාත් බිම , එහෙ තාප්පත් නෑ අඩේකටවත් හිටින්න.

      Delete
    10. කම්මල, මට ආරංචියි උඹ 36 කණුවෙ රස්සාවට යනවා කියලා. පියුස් එක ගියේ කොයි කාලෙද බං? දැං තියෙන්නෙ කටු කම්බියක් අමුණලා.

      ප්‍රසා, මේ උඹ? වෙන්න බෑ...!

      ඩ්‍රැකී,
      හපෝ............මේ ලේ පිපාසිත යක්සයාට මාවමනෙ මුලටම පේන්නෙ. හිටපිය, හෙට ඉඳං බ්ලොග් එක වටේම එල්ලනවා...
      සුදුළුණු මල්...මට තමා මතකයි
      ඩ්‍රැකි පාර වලකන්න...ලේ බීම නවතන්න
      සුදුළූණු මට තාම මතකයි...............................

      මනෝ,
      තොපි ඇවිත් කැරම් ගහන්න ගහන ප්ලෑන හින්දම දෙනවා යකෝ බොඩිය දොස්තර පැටවුංට ඕනි $^*&$ කරගන්න කියලා.

      ඩ්‍රැකී,
      එක පෞද්ගලික/සේවක ඉල්ලීමක් තිබුණානං කමක් නෑ මල්ලි....ලේන්සුවක් නැද්ද අතේ?

      ප්‍රසා, කම්මලයට හැමතැනම වෙන්නෙ ඕක තමා එහෙනං.

      විදානේ, මගුලක් කතා කරනවා. උඩදාන්න බෑ මැණිකේ කැලරි දැවෙනවා......

      විචාරක, ඊට හොඳයි ඕකාට ඉවත දාපු ටැම්පෝන් එකකුයි උණු වතුර එකකුයි දුන්නානං. ඌම තේ එක හදාගනී.

      ඩ්‍රැකියා, ඔව් ඔව්. ඒකෙ පොගෝලාම කාපං. සීනි එපාද?

      කම්මල, එහේ තාප්ප තියෙනවා. ඒ හින්දම විදානයාව වද්ද ගන්නෙ නෑ.

      Delete
    11. හුටා... මාත් දහයෙ ඉන්නවා.... දැම්ම මැරෙන්න බෑ යකූ...

      Delete
    12. මැරිය මැරිය... උඹ ඉන්නෙ අටට. ඕන්නං කැමා එක්කම ඩබල් දාල යන්න සෙට් කරන්නං.

      Delete
    13. දිලා, එහෙම මැරිලා පුළුවනෑ ඔය ඩ්‍රැකියා මැරෙංට තැනුවට?

      ඩ්‍රැකී. එහෙම බෑ කියලා පුළුවනෑ ඔය දිලා බෑ කිව්වට?

      Delete
  15. ඔන්න ඕක ප්‍රින්ට් කරල ඇඳ ලඟ බිත්තියේ අලවගන්න තරුණ ලමයි. කැල්කියුලඉටර් එකකුත් එක්ක.

    ReplyDelete
    Replies
    1. මේං යනවා රිසල්ට්ස් වේටිං මාමා කෙනෙක්!

      Delete
  16. ඔය හොඳ ජොබ් කතාව බොරු! ඇඳගෙන හිටපු බ්‍රා එකක් චෙක් කරන්න ගිහිංලු ඌ‍ට ජොබ්එක නැතිවුනේ.

    ReplyDelete
    Replies
    1. එවෙලෙ මොඩල් එක බ්‍රා එකක් ඇඳං හිටියෙත් නෑලු. (අනේ මංදා මොනව විශ්වාස කරන්නද කියල මේ ආරංචි වෙන එව්වයෙ හැටියට)

      Delete
    2. රාජ්, කියංටත් බෑ තමා. සඳුවා ගමේ යනවා, මං අලුත් ජොබකට යනවා, ටික දවසක් නිවාඩු කියලා තමා මටත් කිව්වෙ.

      ඩ්‍රැකී,
      මේ ඉන්නෙ ෆිටෝන් රූම් එකේ හිටපු කිරි වවුලෙක්...සාක්කි දෙන්න.

      Delete
    3. කවුද යකෝ කිරි වව්ලා...?
      අර්ධයෝ ! පුරුෂ ලිංගයෝ...! තොගෙ පුරුෂ නිමිත්ත අල්ලල ගළක උලනව දැනගං...

      Delete
    4. අනික්වා සේරම තේරුණා, අර්ධ කතාව ඇර

      Delete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. ඊයේ රෑ විනාඩි දහයක් විතර මාඑක්ක කතාරලකිව්වා මගේ කාඩ් ඉවරයි මට ගනින් කියලා.. පස්සේ පැය බාගයක් කථාකරල සියලු විත්තර කියලා.. අන්තිමට වල් මධුවගේ නම්බරේ ඉල්ලගත්තා..(ඒ විනාඩි 40 මං හිටපු හැටියට හිතාගන්න පුළුවන් සමහර දවස්වලට උං කොහොම ඉන්න ඇද්ද කියලා)

    සුභ පැතුම් මේන්ඩෝ.. ජ ය යෙන් ජය....

    ReplyDelete
    Replies
    1. බලපං...ඒ අතිං මං කොච්චර හොඳද? උඹ කෝල් දහයක් විතර දුන්නම තමා එක පාරක් උස්සන්නෙ? උස්සන්න බෑ බං...කැලරි යනවනෙ.

      Delete
  19. ඔහොම මාසෙන් දෙකෙන් එනව කියල ගිය තව උන් හිටියා!! මේකෙන් ඈත් වෙන එක හරිම අමාරුයි, ඒ වගේමයි එහෙම ටික කාලයක් ගියාම ආයෙ එන එකත් බොරු. මං කියන්නෙ බොරු නම් අහල බලපල්ල අර දෝර් දඬු ප්‍රියාගෙන්, අර සංවේදනා කියල වල්පල් ලියන මනෝසයාගෙන්, අර අහස හිස් උන සඳරුවාගෙන්, තව ඉන්නවා ඉතින් හැට හුට හමාරක්.

    කොහොම උනත් මෙන්ඩත් ලැබුන අලුත් ජොබට උනුසුම් සුබපැතුම්... ජීවිතෙත් අලුත් වේවා...!!

    ජයෙන් ජයම වේවා..

    ReplyDelete
    Replies
    1. ඇයි මඩිස්සලේ ලියපු නිශාන්, කෝරලේ මහත්තයා , කෙසෙල් කොටුවෙ චූටි මහත්තය

      Delete
    2. යථාර්තය ඕක තමා මනෝෂ්. කොයි ලබ්බ වුණත් මේ ජීවිතේදි ඔහොම තමා. මුලදි ප්‍රාණ සමානා. පස්සෙ නිකං ඔබානා. මට මේ ලගදි හිතුනා, මාත් මේකට ඇබ්බැහි වෙලා වැඩි නේද? මට මේකෙන් වියදමක් විතරක් වුණාට, මේ පැය ගාණ ආදායම් මාර්ග වලට අවධානය යෙදෙව්වානම් කොච්චර ගාණක්ද කියලා. ඒත්.............සතුට කියන්නේ සල්ලිම නෙමේ බං. ඔන්න සල්ලි කියන්නේනම් මුළුමනින්ම සතුට!

      කම්මල, තව තව..........

      Delete
  20. ...//උදාහරණයකට වල් මන්දිරයාගේ මෙන්න මේ පෝස්ට් එකේ//...

    මධුවෝ මේකේ ලින්ක් එක මාරු වෙලා.
    මේ තියෙන්නේ හරි ලින්ක් එක

    ReplyDelete
    Replies
    1. හුකා..................හැදුවා මචෝ! තැන්කුයි මචෝ!

      Delete
  21. Aluth blog akak patan gaththa. podi sp akak dipalla.........

    ReplyDelete
    Replies
    1. ඕං මං එනවා... (බය නං හැංගියං)

      Delete
    2. කසුන්, පටං ගන්නවා කියලා අණ බෙර විතරක් මදි. දේසපාලුවොත් ඔහොම මුල් ගල් තියලා යනවා හෙන සද්දෙට. වැඩේ දිගටම ඇදගෙන යාමයි වැදගත්. අඩුම ගානෙ උඹට මොකක් හරි කතාවක් කවියක් ලියන්න තිබ්බා. එකෙක් ආවා ඔහොම ‘බෝම්බ‘ කියලා. අපේ මාතාත් අප් කලා ඌ නෙලයි අම්බානට කියලා හිතලා. කෝ.............ම්හු.
      දැනෙන දෙයක් ලියපං. එච්චරයි!

      ඩ්‍රැකියා, උඹට බොන්න ලේවත් නෑ බං තාම උණලා.

      Delete
    3. ඔව් අෆ්ෆා... තාම ලනු ඇදල විතරයි. මුල් ගල මුල් අදිනකං මඩේ දාල තියෙනවා දැක්කා. තාම බාස්ලා ආවෙ නැතිලු...

      Delete
    4. මුල් ගලක් කියන්නත් බෑ ඒක. නිකං මායිම් ගලක් දාලා වගේ. හැක්!

      Delete
  22. කවුද යකෝ මෙන්ඩාව මාරු කරපු එකා...

    ReplyDelete
    Replies
    1. මල්ලි...එපා මල්ලි...පොඩ්ඩක් ඉන්න මල්ලි...මල්ලි නිකං කලබල වෙනවනෙ...මේක අපි හෙමිං විසඳගමු මල්ලි...වාඩිවෙන්න මල්ලි....තව පෝස්ට් එකක් දාන්න මල්ලි.

      Delete
  23. එලද බ්‍රා මෙන්ඩා අවසන් වරට ගැයූ ගීතය ...(චැහැ පඩි නැතත් ඉන්ටර්නෙට් නැති තැනක නම් ජොබ් එකක් ගන්නේ නැ ...ඇයි යකෝ ...)

    සමුගෙන යන්නෙමි
    මම ඔබ තනිකොට
    අපෙ මතු දියුණ සොයා
    සිතකින් නොව මා
    නැව් නැග යන්නේ
    සිත ඔබේ තුරුලේ තියා

    ගතින් මෙතැන මම
    සිතින් ඔබගේ ළඟ
    කිසි දින වෙනස් නොවේ
    ජීවිතයට නැත
    ඔබෙ සෙනෙහස වැනි
    මිණි කිරුළක් මෙලොවේ

    සුදු මුදු වැල්ලේ
    මීදුම් තුරුල්ලේ
    නැව ඇදිලා යනවා
    මද පවනැල්ලේ
    සිත කැළඹිල්ලේ
    ඔබ ගැන සිහිවෙනවා

    ප්‍රිය සුහදාණෙනි
    මා සිරවූයේ
    දුක්බර බිම් ගෙයකයි
    ඔබ රුව නොපෙනී
    කටහඬ නොඇසී
    ගත සිත අවිවේකයි

    වෙරළක දිළිසෙන
    විදුලිය රේඛා
    අතරින් එබෙනු දැනේ
    අඳුර කපාගෙන
    පහන් ටැඹක් ලෙස
    ඔබ මට දුරට පෙනේ

    මටම ලැබෙන තෙක්
    සක්වල පාලන
    දෙවියන් රැක දේවා
    සසර සරණ තුරු
    ඔබ මට නොනිමෙන
    රන් පහනක් වේවා

    ගායනය - ඉන්ද්‍රානි පෙරේරා සහ වර්නන් පෙරේරා
    පද රචනය - කරුණාරත්න අබේසේකර
    තනුව හා සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන

    ReplyDelete
    Replies
    1. එළ ද බ්‍රා සින්දුවා...මටත් පද කීපයක් පෙරලන්න හිතෙනවා ඕකෙං. ඕන්නෑ එක්කෝ...

      Delete
    2. ඉන්ටනෙට් නැති ජොබ්..

      චැහ්.. පඩියෙන් ගානක් කපාගෙන ඉන්ටනෙට් දෙන්ඩ කියමු එකෙන්ම .. මානව හිමිකම් කේස් මේවා..ඕ යේස්

      Delete
    3. හප්පට හුඩ්! පත්තරයා දැක්ක කල්! ඉන්ටර්නෙට් නැති ජොබ කුමටද කමලා?

      Delete
    4. පත්තරයෝ මචෝ උඹේ මේල් එක මට මැසේජ් කරපියෝ....

      Delete
    5. මදාවියෝ මෙලක් දැම්මා ...බලපන් .(යකෝ මේල් එකක් දාලා මුන්ට කියන්නත් ඕනෑ ..)

      Delete
    6. අම්මට හුඩු! ඒ පැත්තෙ යන්න බැරි වුණානෙ. තැන්කිව් ෆෝ ද ඉන්ෆොමේෂන්!

      Delete
  24. අඩේ... මෙන්ඩ රස්සාවෙන් අස් වෙලාද...
    හෙණ ගහපිය ගණන් බලාපිය කිව්වලු, අලුත් ජොබේ නෙට් නැත්තන් තොන්ගල්(ඌට ඩොන්ගල් එකට වඩා මේ නම හොඳ නිසා දැම්මේ) එකක් අරගෙන හරි එන්න කියාපිය...

    විරිඳුවේ තියෙන ගණන් හිලව් හරි ඇති නේද මචෝ...
    ඒක ප්‍රින්ට් අරගෙන තියාගෙන වැඩිම කැලරි ගණන් යන වැඩ ටිකක් වැඩිපුර කරලා (60,000 එක නැතුව) ඇඟ ටිකක් අඩු කරගන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. මං කිව්වා බං ලැපක් ගනිං කියලා. මුගේ කෙලි සදුවා දකී කියලා බයට ගන්නෑ...අලුත් එකේ තොංගල් කේස්ද නැද්ද දන්නෑ.
      ගණන් හිලව් හරියටම හරි! මං පොඩ්ඩක් වැඩිපුර පුච්චංට ගිහිං රෝහල්ගත වීම වෙනම දෙයක්! ඔය උඹ කියන්නේ කොයි ඇඟ ගැනද?

      Delete
    2. මන් අමාරුවෙන් ගණන් හදල ප්ලෑන ගහනකොට මෙයා ලේසියෙන් ප්‍රින්ට් එකක් අරගෙන.. සක්. හරි.. උඹට 60000 වැඩි උනාට මගේ බඩේ හැටියට නම් 60000ත් මදි වෙයි.. මන් ඒක නිසා ඒ රිස්ක් එකත් ගන්න හිතුවා.. හැක හැක හැක..

      Delete
    3. සැමියො හත් අට දෙනෙකුට දන්වන්නං මං. එතකොට ඒ කේස් එකත් හරි!

      Delete
  25. හැකි ඉක්මනින් මෙන්ඩාට බ්ලොග් තුළ එළ ද බ්‍රා කියන්නට හැකියාව උදාවේවා

    ReplyDelete
    Replies
    1. එසේම වේවා! සාධූ! සාධූ!! සාධූ!!!

      Delete
  26. සක්.. අපරාදේ කැලරි පුච්ච ගන්න කියල අර මැසින් මේ මැසින් උඩ පැය ගණන් දඟලන්නේ.. මෙන්න සිම්පල් ප්ලෑනක්..
    අල්ලපු ගෙදර මනුස්සයා වැඩ ඇරිලා එන්න කිට්ටු කරලා ඒ ගෙදරට රිංගලා.. හ්ම්ම්.. ඒ ගෙදර ඇත්තියගේ අකමැත්තෙන් (වගේ පෙන්නන) ඇඳුම් ටික ලිහා දාලා (168) දතින් අල්ලලා බ්‍රා එකත් පන්නලා (85) මැරිච්ච ලේනටත් කොන්ඩෝමයත් අන්දලා (360) වඩා ගන්න ඉට්ටයිල් එකෙන් (950) මහා එක්සයිස් එකත් කොරලා බොරුවට සුරතාන්තේ වගේ පෙන්නලා (360) එසැනින් ඇඳෙන් නැගිටලා හේතු දක්වලා (816) හදිසියෙන් හදිසියෙන් වගේ (98) ඇඳුම් ඇඳ ගත්තනම් (හදිසියෙන් කියුවට මිනිහා ඇවිත් දොරට තට්ටු කරනකම්ම= 60000) සුවල්ප කැලරි පෙමානයක් (62837- ගණන් වැරදුනාද මංදා) නම් පහසුවෙන් වැයකරගන්න තිබ්බද?

    මෙන්ඩට සුභ මාස දෙකක්!!!

    ReplyDelete
    Replies
    1. හරියටම හරිනෙ යකෝ ගාණ! උඹට වරදින්නෑ කළණයා. පුච්චාපං කැලරි පුච්චාපාං........

      Delete
  27. යකඩෝ වැඩි කලබල ප්‍රශ්ණ නැතුව කිරීමෙන් කැලරි පරිස්සම් කර ගන්න පුළුවන් වගේ ඒ කියන්නේ.

    දැන් එතකොට මෙන්ඩා බ්‍රා අන්දන්න ජොබ් එක නැද්ද. අපරාදේ.

    ReplyDelete
    Replies
    1. සංසුං වන්න...සං සුං වන්න...කැලරි ඉතිරි කරන්න.
      දැන් අළුත් තැන ඌටලු අන්දන්නෙ.

      Delete
  28. මෙන්ඩ හිත හොඳ එකා.. ඌ කොහේ ගියත් වරදින එකක් නෑ ..

    ReplyDelete
    Replies
    1. මෙන්ඩ ඔය ජොබ දාල ගියා කියන එකනම් මුගෙ බේගලයක්. බ්‍රා, පෑන්ටි නැති තැනක මෙන්ඩට හුස්ම වැටෙන්නෙ නෑ. අනික උගෙ කෙල්ලො ටික. ඕක ගමේ ඉද්දි වැලවල් වල තියන ඒව උස්සන හින්ද තමයි ඒවම තියන තැනකට මූව ගෙනත් දැම්මෙ. අනික දවසක් මට කිවුව ඌ මැරෙන්නෙත් බ්‍රා ගොඩක් මැද්දෙ කියල.
      ඕං ඔහොමයි අපි යාළුවො වෙනුවෙන් පෙනී හිටින්නෙ.

      Delete
    2. අම්බලංගොඩ, එසේම වේවා!

      කම්මල, මිත්‍රප්‍රතිරූ......

      Delete
    3. /කම්මල, මිත්‍රප්‍රතිරූ....../ ගෙඩියා !

      Delete
    4. මල්ල, පැස, උගේ.

      Delete
  29. මෙන්ඩ නැතුව මොන බ්ලොග්ද කිව්වලු... බ්ලොගක් ලිවීමෙන් මට හම්බ වෙච්ච හොද (කවදාවත් ඇහැට නොදැක්කත්)මිත්‍රයෙක් මෙන්ඩා... උෟට ජය වේවා...
    කැලරි චාට් එක මාත් ෆලෝ කරන්න ඕන.. තෑන්ක්ස් මධුවා..

    ReplyDelete
    Replies
    1. සිදුවන අතුරු ආබාධ වලට වග කියනු නොලැබේ.
      -මදාවියා-

      Delete
    2. දිලා පහුගිය ටකේ පේන්න නැතිව හිටියේ මොනව හරි ටැස්ටින් කොරන්නවත් ගිහිල්ලද ?

      Delete
    3. හුස්ම හිර වෙන්න වැඩ තිබ්බ මනෝ.. යාන්තං ඕලෙවල් පටං ගත්තයිං දැං ටිකක් නිවාඩුයි. පහුගිය ටිකේ නං එපා වෙලා බං හිටියෙ. බ්ලොගක් බලන්න, කවියක් ලියන්න, කැලේ කොලේ ඩිංගිත්තක් ඇවිදින්න යන්න නැති ජීවිතේ අම්මප ජීවිතයක්ද?

      Delete
    4. දිල්, ඌ මේ ඉසව්වට වගේම මේකෙ ඉන්න ලොකු කුඩා හැම ප්‍රාණියාටමත් ආදරෙයි. ඌට නිවන් සුව පතමු! හුටා...........

      ප්‍රසා, ෆලෝ කරනවා කියලා ඉතිරි කරන පැත්තට ගියානං ඉවරනේ.

      මනෝ, දිලා හිටියත්...ටකේ පෙන්න නෑ...හරි...හරි!

      දිල්, ඕ ලෙවල් කරන කෙල්ලෙක් පස්සෙ ගියාද? බාලාපරාධ කොරංට එපා යකූ........!

      Delete
    5. //දිල්, ඕ ලෙවල් කරන කෙල්ලෙක් පස්සෙ ගියාද? බාලාපරාධ කොරංට එපා යකූ........!// තූහ් විතරක් තෝ...හැක්

      Delete
    6. දිලා

      මචෝ උඹට ඇප ලැබුනද ? උඹ ඇතුලේ හිටපු ටිකේ වැඩිය එන්නත් බැරිවුනා බං.මම අනිත් උන්ට කිව්වෙත් නෑ උඹ ඇතුලේ හිටියා කියලා.

      Delete
    7. දිල්, වැදුනා නේද ඉලක්කෙටම?

      මනෝ, යන්න එපා යකෝ. උඹටත් කේස්!

      Delete
    8. දිලා දැං ඕලෙවල් ද? කලිං දවස් ටිකේ ශිෂ්‍යත්ව පංතියක් වටේ කැරකි කැරකි හිටිය කියල ආරංචි උනා...

      Delete
    9. ෂකේ, හොඳටම නරක් වෙලානොවැ.

      Delete
  30. ඌට දැකලාම බ්‍රා එපා වෙලාද ?කොහොම උනත් අලුත් ජොබට සුබ පැතුම්...!!!

    ReplyDelete
    Replies
    1. එහෙමත් එපාවෙනවානං අවුරුදු 4 ක් ඉඳීවිද? මැරෙන්නෙත් බ්‍රා සයනෙකය කියනවනෙ.

      Delete
  31. මෙන්ඩා ඔය කොයි ක්‍රමේට කැලරි වියදම් කරලද ඔයහැටි කැහුටු වෙලා තියෙන්නේ. කාට හරි තියෙනවද අයිඩියා එකක්. අලුත් ජොබට සුබ පැතුම් !!!

    ReplyDelete
    Replies
    1. මට බය ඕකා වැය කොරලා මහත බිංදුව වෙලා අන්තිමේ ඕඩී වෙයිද කියලා.

      Delete
  32. මෙන්ඩට වෙච්ච සිද්ධිය අනාවරණය වූයේ අදය...

    බ්‍රා ෆැක්ටරිය වෙනත් ස්ථානයකට ගොනගොස් ඇති අතර, ඉහළ කළමණාකාරීත්වය, එහි නව ලිපිනය මෙන්ඩාට දැනුම් දී නොමැත...

    ReplyDelete
    Replies
    1. එහෙම දෙයක් උනානං උෟට ඇඩ්‍රස් දෙන්න ඕන නෑ බං. ඉහළ කලමණාකාරීත්වයට ඇඩ්‍රස් නැතිවෙන්න තැන හොයාගන්න පුලුවං ඉවක් ඌ ගාව තියෙනව. හැබැයි මූ වටේ හිටපු කෙල්ලො ටිකත් ෆැක්ටරියත් එක්ක අලුත් තැනට මාරු කරන්න ඕන.

      Delete
    2. ඒක හෙණ කෙටි සිංදුවක්නෙ... මං අහල නෑ. එම්පීත්‍රී එකක් තියෙනවද?

      Delete
    3. තියනවා මෙන්න ලින්ක් එක ..බා ගනින්

      https://www.youtube.com/watch?v=fALjrGoqF1A

      Delete
    4. මෙන්න අනිත් එක ...

      https://www.youtube.com/watch?v=WuW-fQQ1Zhc

      Delete
    5. ඩ්‍රැකී, ඒ තරම් විශ්වාසවන්ත සේවකයෙක් වෙන්ටෑ. නැත්තං අර කෙල්ලො ටික බේරගන්න රිලෝකේට් කොලාද මන්දා.

      ප්‍රසා, මූට ලේසියෙං යන්ට බැරි රටකට මාරු කලොත් බේරගත්තැකි. කොංගෝව වගේ.

      ඩ්‍රැකී, උඹේ කමේන්ට්ස් මාර ක්‍රියේටිව් බං. ඒකමයි එදත් මට ටැපලුනේ.

      සින්දුවා, උඹනං...උඹනං මාර ලයිබ්‍රරියක්. යකෝ යූ ටියුබ් එක සාක්කුවෙනෙ.

      Delete
    6. සිංදු,
      උඹ නං............

      මදාවි,
      මං ක්‍රියේටිව් නෙවෙයි බං. මට ‍කොහෙදි හරි ඇහිච්ච එකක් ආපහු කියපු සීන් එකක් තියෙන්නෙ.

      Delete
  33. මධුවා..... එළකිරි කයිය බං... මට මේක දැක්කම මතක් උනේ ජෝන්ව.. දොරට තට්ටු කලාම අච්චර වය වෙනව නං ඉස්පිරිතාලෙටම යනකොට කොච්චර වැය වෙන්න ඇත්ද ...වයසත් එක්ක.. බුදු අම්මෝ... ඉස්පිරිතාලෙන් කැලරි දීල වෙන්න ඇති බස්සන්න ඇත්තේ...
    මෙන්ඩ නැතුව පාළුයි... ආයෙත් එනකල් බලන් ඉන්නව.. කෝල් එකක් දීල බලන්න ඕන...

    ReplyDelete
    Replies
    1. කොයි ජෝන් ද බං? මටවත් මතක නෑ මං දාපු එකක්ද?
      මෙන්ඩා එනවානං හොඳා බොහොමයකට උත්තර දෙන්න.

      Delete
    2. ඇයි බං ජෝන් අමරතුංග ලොක්ක ව්‍යාග්‍රා ඩබල් ඩෝස් ගහපු සීන් එක...

      Delete
    3. හප්පට හුඩු! අයිස් බකට් චැලේන්ජ් එකවත් කරලා තමා ප්‍රතිස්ථාපනය කරංට ඇත්තෙ.

      Delete
  34. අර උඹේ නි.... රසිකය ඇවිල්ල බොලාව මතක්කරල ගියා. හැක්...

    ReplyDelete
    Replies
    1. ආ... නිත්‍ය රසිකය. උඹේ වැඩේ ගැන අහංට එපායැ.

      Delete
  35. නියම කවි පෙළ. මෙන්ඩ නැති හේතුව නම් දැන ගත්ත.

    ReplyDelete
    Replies
    1. ගියා අාරංචිය. අනේ මංදා අජියයියෙ.

      Delete
  36. This comment has been removed by the author.

    ReplyDelete
  37. හප්පොච්චියේ ... මේව්වනෙ විරිඳු !!!

    ReplyDelete