2016-01-11

සමාවෙයං පුත නුඹ බිලි දුන් පවට





අවුරුද්දකට පෙර දින සුදු කිරි කැටියා
දරුවන් පුදුම කරමින් ගෙන ආ පැටියා
අදහනු බෑ මට හාවෙක්      ලද සැටියා
මද්දුමි සිය දෑස්       විදහාගෙන සිටියා 

නුඹ ගොදුරට ගන්න දහසක් සිටින             ලොවේ
කූඩුවෙ රැඳෙව්වේ සිරකරලන්න                නොවේ
නුඹ ගෙන ආ සතුට සුළුපටු දෙයක්            නොවේ
නුඹෙ කැත කුණු ඇදුම මට ලොකු දෙයක් නොවේ

දකිනා සැනින් සිත පිරෙනා     විලාසෙට
පිරිසිදු සුදු සුමුදු හිම ගුලියක්        ලෙසට
සුදු බෝලයක් සේ පැන පැන යන කලට
සිනා නැගේ දකිනා සැමගේ          මුවට

මඤ්ඤොක්කා කොලද මෑ කරලින් පිරුණ
නුඹ ලොකුවෙද්දි නිවහන මදියැයි  සිතුන
පහල ගෙදර අයියා සැදු             කූඩුවෙන
නුඹට වරදිතැයි කිසිදා          නොම සිතුන



ලී බඩු කපන සත්තුන් ගෙයි       තබාගෙන
සිටිනා එක නරකයි කීවා                ඇසින
හණ මිටි මැදට අවිහිංසක නුඹ       රැගෙන
ආ එක තමයි මා කල මහ පව      නොදැන

හාවුන් ගෙවල් වල හැදුවොත් මූසල යැයි
ඊට වඩා මූසලයින් නිතර               කියයි
උන්ගේ මවිල් දරුවන් ලෙඩ කරයි කියයි
ලෙඩ ලෙඩමයි හාවුන්නම්       හාවුන්මයි

මුගෙ බෙටි ගඳේ ඉන්නට බෑ ගේ     ඇතුලේ
මට බෑ අදින්නට බෙටිනම් මල         මගුලේ
අවිහිංසක නුඹට දරුවන්ගේ             තුරුලේ
උණුසුම නැතිකලා මෙවදන් දෙස් දෙවොලේ

හිමිදිරි උදේ නැගෙනා කන්    කරච්චලේ
ඉවසනු බැරිම තරමට මා කුපිත      කලේ
සමාවෙයන් පවු කල මා ගෙ‘අගු     පිලේ
සිතකින් නෙමේ නුඹ කූඩුවෙ ගාල් කලේ



තනිව එළියෙ නුඹ සිටිනා එක       රැයක
කළබල කරනු අවදිව සිටි මට      වරෙක
ඇසුනෙන් යලිත් ගෙතුලට ගත්තා මතක
දැන අඬවැඩියාව ඇරඹෙන බව   නිසැක

සතුටක් දැනුනු විට දෙකකුල් වට  දුවන
ඇඳ යට අඳුර සොයමින් සැඟවී    සිටින
කෑමත් පැනීමත් පමණක් දැන     සිටින
නුඹ සිටියේ පවුලේ දරුවකු      ලෙසින

අතට අරන් කන් දෙක අනෙක‘තින් නමා
ගත් කල කිසිදු කළබලයක් නැති    සේමා
මොළකැටි පුළුං කැටියක් අත රැඳි   සේමා
නුඹේ පහස තාමත් දැනෙනා          සේමා



අම්මගෙ බැණුම් මැද නුඹෙ වත  සිඹිමින්නේ
අප ලද උන් නොලද සතුටක්  සොයමින්නේ
නිදහස නොමැති දරුවන් සොයමින් උන්නේ
උණුසුම ආදරය නුඹගෙනි          පිරිමැහුනේ

යන යන තැන අපත් සමගින්        ගිය විලසේ
නැහැ කිසි බියක් බල්ලෙකු බළලෙකු විලසේ
දරුවෙක් විනා වෙන කිසිවෙක් නොව නිවසේ
සිටි නුඹ එළියෙ තැබුවේ ඇයි මා    මෙලෙසේ

ආසා කරන දේ දිනයෙක      නැති වීම
දහමකි නොවරදින ඇත්තකි   සැමදාම
ඒ බව පසක් කර යලි යලි පෙර   සේම
කඳුලින් තහවුරුව ඇත නුඹෙ නික්මීම

පන්සලකට දෙන්න පඬිවරු විස  පෙව්වා
ඒ විස ටිකින් ටික ඇතැමුන් බොනු දුටුවා
හැමදාමත් නුඹ හිරිහැරයකි           සිතුවා
උන් හට ඉතින් දැන්වත් නින්දක් ඇතුවා

නුඹ පිරිසිදුය නෑවත් නැතුවත්            සැමදා
නුඹ සුවඳයි උණුසුම දැනෙතැයි        නිබඳා
මගෙ පොඩි පුතේ නිම නැත කඳුලැල් පිසදා
දරුවෙක් වී සිටියෙ නුඹ මා හට        පෙරදා



දඩ බල්ලන් රංචු මිදුලේ ඇත                රෑට
ඒ බව දැනත් එළියට දැම්මා                  රෑට
සවිමත් කූඩුවක් විගසින්               හදන්නට
බැරිවුණු පව කෙලෙස හැකිවෙද මනින්නට

ලොකුදුව කෑගසා හඬමින්     අඬගසන
හඬ සිහිනෙන් ඇසී විගසින් නැගිටිමින
අනේ තාත්තේ හාවා            නෑ එතන
කූඩුව පෙරලලා කඩලා බිම      තිබිණ

වැඩක් නැ සොයා තාත්තෙ මේ මෙතන
ලොම් හැලිලා තිබේ මිදුලේ සෑම  තැන
පුළුං කැබලි අසුලාගෙන     අතට ගෙන
සොයමින් යද්දි බල්ලන් දුවනව පෙනින



ටැංකිය පිටුපසින් කිරි අල     ගාල ලඟ
සුදු පැල්ලමක් අඳුරේ මා නෙත ගැටින
ලයිට් දමන්නයි කියමින් කෑ     ගැසින
නිසල පුළුං ගොඩ අවසන ඇස ගැසින

නරියන් සේම කුරුමානම්           අල්ලමින
නුඹ බිලිගන්න මානා බලමින්           හිඳින
යකුන් වෙතට අවිහිංසක නුඹ            මුදන
ලෙස මට සිත් වුණේ මොන පවටද මෙදින

කඩා හැලෙන නුඹෙ අතපය දැක මසිත
උපන් හිස් බවින් නිබඳව සිත    පෙලන
මේ රික්තකය කවදා හෝ   යලි පිරෙන
දිනයක් නැතේ කිසිදා නැත     අඩමාන

මඩ වැකි නුඹෙ මුහුණ සෝදාලන  කලට 
තවමත් සිරුර උණුසුම් බව දැනින     මට 
තබා නුඹෙ පපුව මාගේ වම්          කණට
බැලුවත් පුරුදු හඬ ඇසුනේ නොමැත මට



එක මොහොතක් එකතැන නොම රැඳුනු නුඹ
අද නිසසලව කලු රෙද්දක වැතිර            නුඹ
අනේ තෙමුණු පුළුං ගොඩක් වැනිය        නුඹ
හමුවුණෙ කවර පවකටදෝ මෙමට         නුඹ

නිවහන පෙරලෙද්දි පළමුව කර       සද්ද
මරුවන් ගෙලින් ගෙන ඒ මේ අත    ඇද්ද
නුඹට මොනවනම් නොහිතෙන්නට ඇද්ද
මොන තරමට අසරණ වෙන්නට     ඇද්ද

කිසිදා සිතුවෙ නෑ නපුරක්    කරන්නට
නැතියෙන් විසඳුමක් මා අසරණ කමට
කන්දොස් කිරියාව බැරිතැන ඉවසන්ට
දැම්මේ නුඹව තිරිසන් මරුවන්   කටට

ඇඬුවත් වැලපුනත් බැහැ පව ගෙවන්නට
මේ කල මහා අපරාධෙට           මා නුඹට
අනේ පැයක් පෙර සිතුනානම්      මෙමට
ඉඩකඩ තිබුණි නුඹ මරුගෙන්  ගලවන්ට

මරු එනු දැනෙන්නට ඇති ඔය පොඩි හිතට
ගැස්මද දරනු බැරිවෙන්නැති පොඩි     හදට
නුඹ විඳි වේදනා දැනෙතී මගෙ          හිතට
සමාවෙයං පුත නුඹ බිලි දුන්                    පවට



හෙට ඉර නැගෙන්නේ වෙනදා නොම විලසේ
හාවා දුව පනින්නේ නෑ යලි                නිවසේ
දරුවනි නුඹ උන්නු සුරතල්           සුව පහසේ
හාවා නුඹ වෙතට යලි නොම එයි      පෙරසේ

දරුවන් තුරුල නුඹහට අහිමිවු         සැටියා
උන්ටත් නුඹේ මුදු උණුසුම       නැතිව ගියා
දුක් විඳ මැරෙන්නට යලි නොම ඉඩක් තියා
නිවන් පුරේ පලයන් පොඩි          හා පැටියා

151 comments:

  1. හරිම සංවේදීයී
    //දරුවෙක් වී සිටියෙ නුඹ මා හට පෙරදා//
    කිසිම සැකයක් නෑ

    ReplyDelete
    Replies
    1. ඒ තරමටම දැනෙන නිසා කවියක් ලීවෙ ඉයන්, වේදනාව පොඩ්ඩක අඩුකරගන්න.

      Delete
  2. උදේ පාන්දර කී බෝඩ් එක තෙමෙන්න උනා...
    වෙච්ච දේ කිව්වා, ඊට වඩා දෙයක් කියන්න හිතා ගන්න බැහැ...

    ReplyDelete
    Replies
    1. මටත් ඒකම වුණා බං ලියද්දි.

      Delete
  3. නිවන් පුරේ පලයන් පොඩි හා පැටියා..
    ඒ ප්‍රාර්ථනාවම කරනව හැර අන් කුමක් කරන්නද..
    හාවෙක් ලේනෙක් වගේ සතෙක් හදනව නං අනිවාර්යෙන් හදන කූඩුව පොළවට උසින් හදන්න ඕන. ලේන කූඩු විතරක් නෙවි සමහර ගෙවල් වල හා කූඩුත් එල්ලල තියෙයි. එහෙම කරන්න බැරි අය අඩි හතරක් පහක් වත් උසිං කූඩුව හදනව.

    සිදුවුණු එවිපතා නොදනිමි කාගෙ දොසා නේ මධුවො.. සංවේදී කවි පෙළක්..
    මං කොලා වගේ පුලුවං නං බොලත් ඌ ඉන්න තැනක හොදිං ඉන්න කියල දානයක් දියං. අපේ පංසලේ පොඩි හාංදුරුවො නං හිනාවුණා ලේනෙට්ට පිං දුන්න කියල
    නෙදද්දකිං ඒ ගස්තරය නං

    ReplyDelete
    Replies
    1. //හාවෙක් ලේනෙක් වගේ සතෙක් හදනව නං අනිවාර්යෙන් හදන කූඩුව පොළවට උසින් හදන්න ඕන.//

      සත්තු කූඩුවල හදන්නෙ මොකටද?

      Delete
    2. //අපේ පංසලේ පොඩි හාංදුරුවො නං හිනාවුණා ලේනෙට්ට පිං දුන්න කියල//
      ඒ කටින් 'සියලු සත්වයෝ නිඳුක් වෙත්වා' කියල කියල නැද්ද දන්නෑ කවදාවත්.

      Delete
    3. ලේනෙක්‍ට පිං නොදුන්නට කාරි නෑ.. පංසලේ ආවාසෙ අසපුවක් කරලා , තාප්පෙට අලි ටිකක් අල්ලලා බෝධිගරේට වැටක් ගහලා ,පහන් අසූහාරදාහෙ පිංකමක් කරලා , වෑන් කබල දීලා ප්‍රියස් එකක් ගෙනල්ලා පිං දෙන්න කියහං !!!
      අන්න ඒවයි යකෝ පිං ………

      Delete
    4. හරී.. සතෙක් හදන්න ඒ කාලෙ කැමැත්තෙං හිටියෙ. එතකොට මං සෑහෙන්න පොඩී එක්කො පහේ නැත්තං හයේ... ඒ දවස් වල තේරුමක් නෑ මාළුන්ට හාවන්ට ලේනුන්ට ගිරවුන්ට පිස්සු වැටිල හිටි කාලයක්... ඉතිං උං වගේ සත්තු හදනව නං අනිවා කූඩවක් එපැයි නැතුව බෑ පූසො එක්ක. ආයෙ අනික් ජාතිය මුගටි ඉද හිටල බල්ලොත් දඩයං කරනව ඉතිං කූඩවක් එපැයි..
      අනික ඔය ලොකු ලොකු අය බල්ලොත් කූඩු වල නෙ හදන්නෙ හෙහ්..

      ඒක නං දන්ෑ ප්‍රසන්නය්ය මට සිරාවටම හෙන ලැජ්ජාවක් දැණනෙ.. හොදට මතකයි ඒ සිද්ධිය නං..

      පත්තරෝ.... මසුරං ඉට්ටෝරිය හෙහ්.. සිරාම කතාව තමා ඒක නං

      Delete
    5. රත්නෙ,
      කූඩුවෙ තිබ්බේ රෑට අපි නිදි අතරෙ ගේ ඇතුලෙ වයර් ආදිය කපන නිසා. දවල් දවසෙත් රෑ 10 විතර වෙනතුරුත් හිටියෙ ගේ ඇතුලෙ එහෙ මෙහෙ දුව දුවා. කූඩුව එළියෙ තිබ්බෙ දෝස්මුරේ වැඩි නිසා. පව්! අහිංසකයා. ලෝකෙ ඉන්න අහිංසකම සත්තු ජාතියක් හාවො කියන්නෙ.

      හරී,
      කූඩුවට දාලා තියන්නෙ රෑ. 10 ඉදන් උදේ 7 වගේ වෙනකං විතරයි. කැත කරන්නෙත් කූඩුවට දැම්මට පස්සෙ. පුදුම විදිහට හීලෑ වුණා. කකුල් වටේ දුවනවා චූන් වුණාම. කූඩු කල සතෙක්ම නෙමෙයි ඌ.

      ප්‍රසා,
      උන්නාන්සෙලා ඉතිං හිනායන වැඩ නේන්නං කොරන්නෙ.

      පත්තරේ,
      මොකට කියනවද බං ඒ හරිය.

      රත්නෙ,
      උඹට නෙමේ බං උන්නාන්සෙ ඒ හිනාවුණේ, මනුස්සකම කියන ගුණාංගයට.

      Delete
  4. ගොඩක් සංවේදී කවි පන්තියක්.
    කවදා හරි මොනයම් හේතුවකින් මේ සතා නැතිවෙනවනේ ඒ ගැන හිතලා දුක් නොවී ඉමු...ලබන් ආත්මයේදී හා පුංචා ඔබේම දරුවෙක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. දුක තුනී වුණා සෑහෙන්න මේක ලිවීමෙන්. ඇත්තටම ඒ තරම් බැදීමක් තිබුණා අපි අතර.

      Delete
  5. හාවො නැති උනත් අපේ ගෙදර හිටපු පූසො සෙට් එකක්ම ඔයවගේ මිසින් උනා.
    මොනව උනත් සතෙක් හදනවනං කාගෙවත් කීමක් අහන්න හොඳ නෑ ඒ ගැන.
    උන දේ උනා. දැන් තියෙන්නෙ හිත හදාගන්න එකයි.

    ReplyDelete
    Replies
    1. බළල්ලු හුරතල් තමා. ඒ වුණාට හාවා කියන්නේ පුදුම අහිංසක, බයේම ජීවත් වෙන සතෙක්. හිත හැදෙමින් පවතිනවා.

      Delete
  6. උඹේ වේදනාව මෙච්චර කවි ගොඩකට කැටි කළේ කොහොමද කියන එකයි මට තියෙන පුදුමේ... මේක කුඩා දරුවන්ගේ පොතකට උනත් ගැලපෙන ජාතික තලයේ නිර්මාණයක්... ග්‍රේට් මචෝ...

    ඔය දුක මම කීප වාරයක්ම විඳලා තියෙනවා ඉස්සර... මොකෝ මාත් හාවෝ ඇති කලා කාලයක්...

    ReplyDelete
    Replies
    1. http://resources0.news.com.au/images/2014/03/07/1226848/517848-cfafd89c-a5c1-11e3-ba3c-257e5cae2633.jpg

      Delete
    2. මාතේ,
      එහෙම දුක් වෙන්න වෙන්න අපේ හිත ගල්වෙනවා තමා. ඒ වුණාට කාලෙකින් මේ සතෙක් හැදුවේ. කලින් සත්තුන්ට වුණු දේවල් නොවෙන්න බලාගෙන හැදුවෙ. හාවෙක් හැදුවෙ පළවෙනි වතාවට. ඌ එක්ක ඉන්නකොට පොඩිඑවුන්ගෙ හිත් විකසිත වෙන හැටි මම දැකලා තියෙනවා. සුදු පාට පිරිසිදු බව හිතට ගේන්නෙ පුදුම සතුටක්. අනික මේකා පුදුම විදිහට හීලෑ වුණා. කවදාවත් කූඩුවෙන් පිට කැත කරන්නේ නෑ. මං එනකොට ඉස්සරහට දුවගෙන එනවා. ලොක්කිටත් එහෙමයි. ඇවිත් කලිසම පොඩ්ඩක් හපලා යනවා. මම මේක ලිව්වේ දුක බෙදාගන්න. නිර්මාණයක් කියලා හිතුවේ නෑ. අදහස් ආවේ පුදුම වේගෙකින්. මම හිතපු විදිහටම උඹලා ගොඩක් අය මගෙ හිත හැදුවා. යාළුකම් කියන්නේ ඒවා!

      ඇනෝ,
      ඕස්ට්‍රේලියාව නෙමේනෙ මචං මේ. අනික මෙහේ ප්‍රසිද්දියේ කූඩුවල දාලා හාවො විකුණනවා. අපේ එකානං ඒ කඩේ කූඩුවෙ වගේ පැය 24ම හිරවුණේ නෑ. පැය 9-10 ක් විතරයි කූඩුවෙ උන්නෙ. අනික, මේ පැත්තෙ හාවො කඩෙන් ගෙනියනවා කට්ටියක්, කෙලින්ම කෑමට ගන්න. උඹ දන්නවනෙ කවුද කියලා? ඒ දෙකටම වඩා හොදයි මං හිතන්නෙ අපි හදපු විදිහ.

      Delete
  7. හිතලා බිල්ලට දුන්නා නෙමේනේ මධුවෝ.සත්තු හදනවා නම් උන්ට නිදහසේ ඉන්න දීලා හදන්න ඕනේ.කුඩු වල දාලා සත්තු හදන එක නම් එතරම් හොඳ දෙයක් නෙමේ.

    ReplyDelete
    Replies
    1. මූ හිටියෙ නිදහසේ තමා බං. රෑ දෙගොඩ හරියේ තමා කූඩුවට දාන්නෙ, වයර් එහෙම කපයි කියලා බයට. අනික් වෙලාවට මූ බොහොම නිදහසේ හිටියේ. ගෙදර සාමාජිකයෙක්. කෑවේ උදුපියලිය, කැරට් නෙමේ, මස් මාලු ඇර අපි කන දේවල්. (මං දන්න විදිහට ශාක භක්ෂක සත්තුන්ට මස්, මාළු හොද නෑ). හැම වෙලේම ලමයෙක් එක්ක සෙල්ලමම තමා. නගරෙට ගෙනාපු ඒ හාවා තවත් කූඩුවක පැය 24 ම හිරවෙනවාට වඩා, මස් පෙරේතයිංගෙ (රෙජස්ටර්ඩ් කට්ටියකුයි අන්රෙජිස්ටර්ඩ් කට්ටියකුයි දෙගොල්ලක් ඉන්නවා) බඩට යනවට වඩා මේ හාවා සතුටින් හිටියා.

      Delete
  8. හුරතලේට සත්තු හැදුවොත් දුකම තමයි සුදා

    ReplyDelete
    Replies
    1. උඹ වගේ සංවේදී එකෙක් මේ වගේ සත්‍යයන් එක්ක කොහොමත් සමීප ඇති බං.

      Delete
  9. ඇස් දෙකට කඳුලු ආවා මචෝ..

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න අපේ අම්මා නැතිවුණ දවසට පස්සෙ මම මේ තරම් දුක්වුණ දවසක් නෑ.

      Delete
  10. ඔය දුක මං හොඳට දන්නව මධුවෝ..මං ගාව උන්නා 20 ක්..ජෝඩු දෙකයි ගෙනාවෙ.බෝ උනා සට සට ගාලා..නිදහසේ මිදුලෙයි පිටිපස්සෙයි ඉන්න ඇරල තිබ්බෙ.ගේට්ටුව අරින වහන ගානෙ යටින් ලෑල්ලකුත් තියනවා මොකෝ යටින් පැටව් රිංගනවා.අම්මගෙ රෙද්දෙ මූසලේ බං.දවසම පැන පැන යනවා මිදුලෙයි ගේ ඇතුලෙයි හැමතනම..බෝල බෝල වගේ පුදුම සිරියාවයි.කකුල්වලත් පැටලෙනවා..ඒ අස්සෙ මට හම්බ උනා වල් හා පැටියෙක් අංකල් කෙනෙක් පාරෙ ඉඳලා ගෙනත් දුන්නා.ඌත් අපූරුවට රට හාවො එක්ක රැලේ වැටිලා හිටියා.

    මට පුදුම බිසි ඒ දවස් වල.මොකෝ ගොඩක් හාවියො පැටවුන්ට කිරි දෙන්න හොරයි..ඉතිං අර ගොඩේ හා අම්ම හොයලා බුරුල්ල අතගාල තෙමිලද බලල උකුල උඩ තියාගෙන ලොකු වෙනක්ම් පැටියා පැටියා අරන් පොවන්න ඕන උදේටයි හවසටයි.හා අම්මව ෂේප් කරගන්න ඔලුව අතගාන්නත් ඕනැ..පැටව් 6ක් විතර.හා අම්ම හොයන එකයි වැඩේ.ඔක්කොම එක වගේනේ..එකෙක් අල්ලල බැලුවම ඌ නෙමෙයි.ඉතිං අම්මව හොයපන්කො

    මට වෙන වැඩක් නෑ ඒ දවස් වල.නහය ළඟට ගහල ආවත් පැටවුන්ට කිරි පොවන්න එපැයි..උන් බඩගින්නෙනෙ.ඩිංගක් ලොකු උනාම තමයි මරු..අන්තිමට මට කරගන්න බෑ..අමාරුවෙන් හිත හදාගෙන ඔක්කෝම දුන්නා ඉල්ලන අයට නිකම්. සෑහෙන කාලයක් යනකම් හරි පාලුයි ගෙදර බං..දුවන්නෙ පනින්නෙ නෑනෙ.හැබැයි අන්න එතකොට නං "" මූසලයි "" !!!!!!!

    ReplyDelete
    Replies
    1. සත්තුවත්තෙ වගේ කූඩු කරලා සතෙක් හදනවාට වඩා නිදහසේ හැදෙන සත්තු එක්ක ඉන්නකොට දැනෙන තෘප්තිය කියලා නිමකරන්න බෑ කියලා උඹ මීට කලින් කවදාවත් නොදාපු තරම් දිගට දාපු මේ කමෙන්ට් එකෙන් තේරෙනවා මචං. ඇත්තටම ඔළුව විකාර කරගත්තු මිනිස්සුන්ට වඩා, හණමිටි කරගහගත්තු, හැමදේකම වරදක්/දොසක්/ශාපයක්/වස්දොසක්/මූසලකමක් දකින මූසලයින්ට වඩා මේ අහිංසක සතා ලක්ෂ කෝටි වාරයක් හොදයි. උඹ කියන සීන් එක මට මැවිලා පේනවා. මමත් සතෙකුට කියලා මෑතකදි මේ තරම් සමීප වුණේ මේ හාවාට තමා. පොඩි කාලෙ තාත්තා කුකුළු පැටියෙක් අරං දුන්නා කහපාට. මං පස්සෙමයි. මිදුලෙදි කපුටෙක් අරං ගියා. එදා තමා මං මතක ඇති කාලෙක වැඩියෙන්ම ඇඬුවෙ. අවුරුදු 4 ක් ඇති. බලු පැටියෙක් නාවන්න ගිහිං නහයෙ වතුර ගිහිං මැරුණා ඊට පස්සෙ. එදා ඒ තරම්ම නැතත් හොරෙං ඇඩුවා. ඉන් පස්සෙ සත්තු හැදුවත් මැරුනෙ මා ඉදිරිපිට නෙමේ. මං එනකොට වළලලත් ඉවරයි. මේ තමා වැඩිහිටියෙක් වුණාට පස්සෙ මගේ ඇස් ඉදිරිපිට මෙහෙම දෙයක් වුණු පළමු වතාව. උඹ ඒ අතිං වාසනාවන්තයි.

      Delete
  11. බල්ලෝ බළල්ලු හැදුවත් මමනම් මේ වගේ සත්තු හදන්නේ නැත්තේ කුඩා කාලයේදී කීපවරක් මේ අද්දැකීම ලබා ඇති නිසයි.

    මේ සතුන් හදනවානම් ඉතා සමිප අධීක්ෂණයක් තියෙන්න ඕනේ. නැත්නම් හරී කියලා තියන විදිහට ඉතා ආරක්‍ෂිත කූඩු තියෙන්න ඕනේ. එලියට ගන්නවානම් සම්පූර්ණ අවධානය යටතේ තියාගන්න ඕනේ.

    අනිත්‍යය, දුක්ඛය, අනාත්මය.

    ReplyDelete
    Replies
    1. ඔබතුමා හරි! කූඩුවේ තිබුණු එක් දුර්වලතාවයක් නිසා මේ සේරම වුණේ. අනේ දෙයියනේ මට ඒ ගැන හිතන්න තිබුණා. ඒත් කවුරුවත් උගේ ආරක්ෂාව ගැන උපදෙස් දුන්නෙ නෑ. උගෙන් වෙන්න පුළුවන් නරක ගැන කීවා මිසක්.

      Delete
  12. හප්පා.. මම නම් සුරතල් සත්තු හදන්නේ නෑ. එකක් පාරට ගිහිං හැප්පිලා මැරෙනවා. අනික් එක සත්තු අල්ලන් යනවා. ගෙවල් ඇතුලේ සත්තු හදන එක නම් හොඳ නෑ තමා. අපේ ගෙදර හිටියා බළලෙක්. මම ගෙනාපු එකෙක් නෙවේ. ගෙදරට පුරුදු උන එකෙක්. මේකා දවසක් මගේ ඇස් දෙක ඉස්සරහදීම වාහනේකට යට උනා.. එදා ඉඳන් මම තීරණය කරා ආය නම් කවමදාවත් සත්තු හදන්නේ නෑ කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව්! වේදනාවන් මගහැරීමත් එක ක්‍රමයක්. ඒත් ඔය ඕනිම සතෙක් ආදරයෙන් හදනවානම් කිසි ගැටළුවක් නෑ. මගේ එකා ඉන්නකං මට කිසි ප්‍රශ්නයක් තිබුණේ නෑ, අවුරුද්දක්ම. වෙන මගුලක් අවුරුද්දක් ඇතුලත වෙන්න බැරිද බං? අපේ හරක් තාම ගෝත්‍රික බිය කරේ තියාගෙගන. ඒකයි ඔහොම සත්තු හදන්න හොද නෑ කියලා උඹටත් අදහස් කවලා තියෙන්නෙ ඒ කාලකන්නි. අපි ගෙවල් කියන ජාතිය හදාගන්න කලිං හිටියෙ ඔය සත්තු ඔක්කොම එක්ක හෙළුවැල්ලෙං. අව්වට වැස්සට ගස්යට හරි තව සතෙක් හාරපු ගල් ගුහාවල හරි. ඒ කාලෙ මිනිස්සුන්ට මූසලකම ගැහුවනං අද කෝ බං අපි? අනික අපේ මී මිත්තනිය බුදියලා තියෙන්නෙත් සතෙක් එක්ක. කොහොමද බං ඒක හොඳ නෑ තමා වෙන්නෙ? මගෙ කීමට ආයි සතෙක් හදපං. ආදරය, කරුණාව, මනුස්සකම එන්නෙ බලා ඉද්දි.

      Delete
    2. මූසල කතාවක් නම් නෙවේ මම කියන්නේ. මම නම් ඕවා තඹේකට ගණන් ගන්නේ නෑ. ඒ කාලේ මිනිස්සු ජීවත් වෙච්ච පරිසරය වෙනස්. අද ලෙඩ වැඩියි. සත්තුන්ට උනත් එක එක ජාතියේ ලෙඩ. ඒ ලෙඩ අපිට බෝ වෙන්න හැකියි. ඉස්සර ඔය අපේ තුවාලයක් එහෙම උනාම අපි තුවාලේ ගෙදර ඉන්න බළලාගෙන් ලෙව කව්වගන්නවා. නිකම්ම හොඳ වෙනවා. අද එහෙම කරොත් ආය වන වෙලා පිළිකා හැදිලා තව මගුලක් වෙනවා. ඕකයි ප්‍රශ්නේ. දැන් ඉන්න මිනිස්සුන්ට ප්‍රතිශක්තියක් නෑ. එකයි හොඳ නැත්තේ.

      Delete
    3. එහෙම ප්‍රතිශක්තිය නැත්තෙ සත්තුන් නිසාම නෙමේ. ලෙඩට බෙහෙත් තියෙනවා. සත්තුන්ගෙ ලෙඩ වලටත් බෙහෙත් තියෙනවා. මිනිස්සුන්ට අසාත්මිකතා ඇති වෙනවා තමා. ඒ වුණාට ලෙඩ වලටනම් මූලික හේතුව ව්‍යායාම නැති කමයි, වස විස ගහපු කෑම ගැනීමයි. අපේ ගෙදර අයට අමුතු ලෙඩ මුකුත් හැදුන්නෑ ඌ නිසා.

      Delete
  13. ඔබේ සුරතලාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා මධු.. අපි කාටත් ගෙනාපු ආයුෂ ඉවර උනාම යන්න වෙනවා.. අනිත්‍ය ධර්මය අපි කාටත් පොදුයි කියල හිතල හිත හදාගන්න..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අම්බලං ප්‍රාර්ථනාවට. ඒ සත්‍යය මනාව දැනෙනවා මේ වෙලාවෙ.

      Delete
  14. hurathal sathek gedara hadaddi ekmanatama a satha gedara samajikayek wenawa.
    gedhara keneku nathi weema daraa ganna amaaru deyak thamai, eath ethin.....

    ReplyDelete
    Replies
    1. ඒත් ඉතිං...ඒකම තමා සෙනේ. ගෙදර කෙනෙක් නැතිවුණාම තව මොනවාද? මේ කවුරුත් අහලා තියෙන කූඩු කල සතෙක් නෙමේ.

      Delete
  15. ගස්ලබ්බ පොඩිම කාලෙ ගෙදරට හාවෙක් පුරුදු උනා..ඒ ගෙදරින් මාරු වෙලා එන දවසෙ නම කිය කිය කෑ ගැහුවා ඌව හොයා ගන්න බැරි උනා.
    ගෙදර ඇති දැඩි වෙන සතෙක් මිය පරලොව ගියාම දනක් පිනක් දීල පින් අනුමෝදන් කරන එකනං අපිත් කරනවා.මොකද ඌ කොහෙන් නවතිනවද අපි දන්නෙ නෑ නෙ.
    ඔතන මධූ ගෙ වරදක් නෑ.ඌ බේරෙනව නම් ඩයිනසෝර් කටට අහු උනත් බේරෙනවා.මැරෙනවා නම් ඇඳ උඩ උන්නත් මැරෙනවා.. අපේ පාලනයෙන් තොරයි මචං..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එහෙම ගෙදරට එන හාවෙක් වෙනස් බං. මේකා අපිනෙ ගෙනාවෙ. ඒ වුණාට මං සතුටු වුණා කාගෙ හරි බඩට නොයා පැය 24 ම කූඩුවක හිර නොවී ජීවත් වෙන්න මේකා වාසනාවන්ත වුණා නේද කියලා. ඒ වුණාට මට උගේ ආරක්ෂාව ගැන හිතන්න තිබුණා මීට වඩා. එක පාරක් අනතුර ඇගවීමක් වුණා, උඩහ කවියක කියපු විදිහට. ඒ වෙලත්, මම ඌව බිලිදුන්නා. ඒ තැවීම මං හැමදාම විඳීවි බං.

      Delete
  16. කණගාටුයි බං ඒත් ඉතිං දැං මක් කොරන්නද?

    ReplyDelete
    Replies
    1. මේ වෙලාවෙ පුළුවං දේ තමා බං ඔය කලේ. දුක තුනී කරගැනීම!

      Delete
  17. අන්තිම හරිය උඩින් පල්ලෙන් බැළුවේ බං. ඒ, මං ලගත් හාවෙක් ඉන්න නිසා.
    දැන් අවුරුද්දකට වැඩියි. මචං සතෙක් එක්ක ඉන්නවා කියන්නේ දරුවෙක් එක්ක ඉන්නවා වගේ තමයි. ගේ හැඩි කරන එක ඉතින් මහ ලොකු දෙයක් නෙමෙයි. ඒක උන්ගේ පුරුද්ද. ඒත් උඹ උඩින්ම කිවුව අනික් දේවල් එක්ක නම් මම කොහෙත්තම එකග නැහැ.
    මොනවා උනත් උඹට වගේම හිතට දුකයි මටත්.

    ReplyDelete
    Replies
    1. ඒ එකඟ නොවෙන ටික කියපංකො පොඩ්ඩක්. මටනං මොන හානිකර දෙයක් කලත් ඒ ගැන ඌ එක්ක තරහක් ආවෙ නෑ. හාවො ගේ හැඩි කරන්නෙ නෑ බං, පුරුදු කලාම.

      Delete
    2. මම කිවුවේ අර හාවෝ මූ‍සලයි, ළමයි ලෙඩ වෙනවා වගේ කතන්දර ගැන.
      මට නම් තියෙන එකම කේස් එක රෑට ඇදට පැනලා මාව ඇහැරවන එක. ටිකකින් ඔහේ සයිඩ් එකේ මාත් එක්කම නිදි.

      Delete
    3. ඒක මිසක්. කන්න දෙන්නෙ හදන්නෙ අපි වුණාට බලපංකො උස්සගෙන ඉන්නවා වගේ අහල පහල උන්ට තියෙන රුදාව. අපේ මිනිස්සු මොන තරම් තරම් නෙගටිව් ද කියලා හිතෙනවා. අපේම ගෙවල්වල ඉන්න වැඩිහිටි උදවියත් ඒවාටම ‘හා‘ තමා.

      Delete
  18. හරිම අගනා කවි පෙළක්.. ඔබේ දුක නොදැණාම නොවේ. කොන්ක්‍රීට් වනයෙ හිරවුණු මියගිය හා පැටියා වෙන්න මටත් හිතුණා.එයාගෙ ඇහින් අපේ ලෝකයයි මේ..

    සද්දෙට බයයි කොළ හෙල්ලෙන වෙලාවට
    නෙත් දෙක සරයි බිය වද්දෙන..... කලාවට
    යුද්ධෙට නොවෙයි දුව යන්නෙද ..ගුහාවට
    ඇත්තම තමයි ගෙට එන්නෙද ....."පිඟානට"

    දුවගේ තුරුලෙ මම හුරතලයේ ඉන්නම්
    ඇකයේ රැඳිලා රස පදවැල් අහගන්නම්
    පුතුගේ රුදුබවේ කෙණිහිලි විඳ ගන්නම්
    මෙමගේ හුරු ලෙසේ හැම තැන බෙටි ලන්නම්

    දත කට මදින්නට හැම දෙය හැපුවා කියා
    කුමකට බනින්නෙද එය මගෙ හුරුව නියා
    සතුටට දුවන්නට එහෙ මෙහෙ යන්න කියා
    කෝමට හිතන්නට මේ ගෙයි ඉඩද.... මෙයා

    තිබහට වතුර කෑමට දෙය සොයා යමී
    නවතින තැනක හිත උඳු පියලියද කමී
    තනිකම මකන ඇය ළඟ ජීවිතය ....දෙමී
    හුරුලෙස මටම හිතු හිතු තැන බෙටිද ලමී

    කූඩුව මටද මට හිමි නැති රුදුරු ලොවේ
    කීවට කවුද අසනුයේ නිදහසද නොවේ
    "මානන බැලුම්" මිය යන බව දනිමි දැවේ
    කීමට දහස් දෙය ගොළු කර ගනිමි මුවේ

    මිනිසා දිනෙක වැසුවළු වනපෙත්.... මැද්දේ
    කවදා කොහොම ආවද මෙහෙමත්... සද්දේ
    රවටා අපිව ගෙනවිත් දෙන වද..... ලද්දේ
    බෙටිලා තැනක මිනිසුනි මොකටද සද්දේ

    ගහ කොල අහස ගඟ දිය .....වාසනාවන්
    පැනයමි දුවමි නිදහස මට...... මනාවන්
    සූසැට ඇතත් මිනිසුනි නෙක..... කලාවන්
    නොදනිද මියෙන එක අගෙ මැද ප්‍රියාවන්

    සඳවත මැද්දේ රුව මැව්වේ අගෙම .......නිසා
    බණ පද මැද්දේ ඔබ හිටියේ එයම.......... අසා
    හිමිකර ගත්තේ කිම ඉන්නෙම් දෙනෙත....... වසා
    කුමකට යුද්ධේ නැත්තේ මට හිතෙද .... තොසා

    මිහිකත හිමිය සමතැන හැමටම ඇත්තේ
    කොටුකර ගන්න ඔබ හට අවසර නැත්තේ
    වනසිරි හැරිය දුක ඇත්නම් ඔබෙ සත්තේ
    යමි අපි එකට ඉමු සමගිව වන මත්තේ



    ReplyDelete
    Replies
    1. haapatiyo,
      oyaage kavi pdhaval ethaamath agei.

      Delete
    2. විශිෂ්ටයි සහෝදරී !!!

      මධුවගෙ කවිටිකයි මේකයි අල්ලල යනවා එකෙම්ම !!!!

      Delete
    3. මම මදුවගේ කවිය දකින්න කලින් මේක කියෙව්වේ. විශිෂ්ටයි හංසමාලි!!!

      Delete
    4. අගෙයි ඈ...

      Delete
    5. මං වෙනුවෙන්, මේ වෙනුවෙන්, මේ තරම් දිග කවි පංතියක් ලියපු එකම ඇති හංසි. මට මේ වෙලාවෙ උවමනා සැනසීම සෑහෙන්න ලැබුණා. බොහෝම...........පිං. අපිට අහිමි වුණු හාවා ආයි ආවෙ නැතත්, මේ නිර්මාණ හරහා ඌ අපි අතර ඉදීවි හැමදාම. මං හිතන්නෑ, මනුස්සයෙක් ගැන මේ තරම් සංවේදී කවි ලියවේවි කියලා. හාවෙක්ගෙ මනසට සාපේක්ෂව මිනිස් මනස් යොදුන් ගානක් ඉදිරියෙන්. ඒ වුණාට මේ එක අහිංසක පුංචි හාවෙකුට පුළුවන්, නපුරු මිනිස්සුන්ගෙ ප්‍රතිපත්ති වෙනස් කරන්න, අගනා නිර්මාණ බිහිකරන්න, මිනිස්සු බර ගාණක් කතා කරන මාතෘකාවක් මවන්න. ඒත්, ඒ වෙනකොට, ඒ අහිංසකයා ගිහිං ඉවරයි...............................

      Delete
    6. wooow mage comment ehekata mechchara replies thibbamay . + sthuuthiyi kaatath

      Delete
    7. ඒ ඔයා ඒකාට පණ දෙන්න උත්සාහ කල නිසා.

      Delete
  19. ..........................................................

    ReplyDelete
    Replies
    1. හිස් බව දැනෙනවා බං හොදටම. ඒ වුණාම මෙහෙම දුකක්!!!!!!!!!!!!??????????????

      Delete
  20. http://resources0.news.com.au/images/2014/03/07/1226848/517848-cfafd89c-a5c1-11e3-ba3c-257e5cae2633.jpg

    Rabbit keeping penalty warning sign on Gold Coast Highway at the NSW QLD boarder near the Coolangatta airport. There is a $44000 fine for taking rabbits from NSW into Queensland.Ausrtaliya

    http://www.goldcoastbulletin.com.au/news/gold-coast/hefty-44000-fines-for-anyone-caught-with-banned-rabbits-in-queensland/story-fnj94idh-1226848517876

    ReplyDelete
    Replies
    1. ඕස්ට්‍රේලියාව නෙමේනෙ මචං මේ. අනික මෙහේ ප්‍රසිද්දියේ කූඩුවල දාලා හාවො විකුණනවා. අපේ එකානං ඒ කඩේ කූඩුවෙ වගේ පැය 24ම හිරවුණේ නෑ. පැය 9-10 ක් විතරයි කූඩුවෙ උන්නෙ. අනික, මේ පැත්තෙ හාවො කඩෙන් ගෙනියනවා කට්ටියක්, කෙලින්ම කෑමට ගන්න. උඹ දන්නවනෙ කවුද කියලා? ඒ දෙකටම වඩා හොදයි මං හිතන්නෙ අපි හදපු විදිහ.

      Delete
  21. ඇඩෙනවා.. මම සත්තු හදන්නේ නෑ.. ඔය දුක දරා ගන්න බැරි නිසා.. :'(

    ReplyDelete
    Replies
    1. බැරිනම් නොකිරීම එකක්! ආදරය කරුණාව නැවත සොයායාම එකක්. කළණයා, තරුණ බිරිඳකට ස්වාමියා අහිමිවීම ගැන කියන්න ඕනි නෙ? ඒ වෙලාවට මං ආයි බදින්නෑ කියන්න බෑ.

      Delete
  22. පුංචි කාලෙ අපේ ගෙදර හාවෝ දෙන්නෙක් හිටියා ඒත් නපුරයි කියලා කොහෙද ගෙනිච්චා.ඊට පස්සෙ ලොකු වෙලා ඉල්ලුවට ගෙනත් දුන්නෑ මේ ලගදිත් අම්මගෙන් අහුවා ඒත් කැමති නෑ.
    පව් අහිංසක සත්තු.

    ReplyDelete
    Replies
    1. නපුර උන් නැති එකය. උන් ඉදලා නැති වුණාම තමා මල්ලියේ මූසලකම.

      Delete
  23. උඹ වගේම ප්‍රශ්ණෙකට අපිත් මැදිවෙලා ඉන්නේ බලු පැටියෙක් නිසා. නමුත් මෙහෙම දෙයක් නම් වුනේ නෑ. නමුත් උඹ මොන තරම් දක්ෂ කවියෙක්ද කියලා නැවත සනාථ කරලා තියෙනවා අපට.

    ReplyDelete
    Replies
    1. අනේ ඩූඩයියේ, එ්ක දැනෙන්නම ඕනි දුක දැනෙන්න.

      Delete
  24. හුරතලේට සතෙක් ඇති කරාම ඉක්මනින්ම පව්ලෙ සාමාජිකයෙක් වගේ වෙනව තමයි. එයාල නැති උනාමත් ඒ වගේම දුකයි. ඒ අද්දැකීම මටත් තියෙනවා. මිනිස්සුංගේ බොරු මත ඇහුවොත් මේ ලෝකේ අපිට ඕන කිසි දෙයක් කරන්න වෙන්නෙ නෑ. මදු ගෙයි, හන්සමාලිගෙයි කවි දෙක ම හරිම සංවේදී. ඇස්වලට කඳුලුත් ආවා.

    ReplyDelete
  25. පට්ට දුකක් දැනුනෙ...

    ReplyDelete
    Replies
    1. දුක බෙදාහැරියා නෙමේ හිත හදාගන්න පිළසරණක් හෙව්වෙ බං.

      Delete
  26. මචං මාර දුකයි.............. අද කාංචනයි මමයි බලංගොඩ ඉදලා ඒද්දි පාරේ කාර් ඒකකට ලේනෙක් යටවුණා.... කාර් ඒකනං දැක්කේ නෑ වගේ ගියා.... ඒත් හරියට අපිට කරදරයක් වුණා වගේ දැනුණේ.... ඉක්මනට නවත්තලා ගිහිං බැලුවා... කැඩුණ නැට්ට පාරේ හුළගට ගහගෙන යනවා දැක්කා... ඒත් ලේනා පේන්න නැහැ.... අපි හැමතැනම හෙව්වා... හරියට අපිට කරදරයක් වුණා වගේ දැනුනේ........

    අපේ ගෙදර ලේන්නු, මයිනෝ, පරවියෝ, හාවෝ, (බල්ලෝ පූසෝ ගැන මොන කතාද) වගේ හැම සතෙක් ම හිටියා මචං.... අපිටත් කීප දෙනෙක් ම ඔය හණමිටි කතා කියලා තියෙනවා... අනේ අහිංසක සත්තු බං..... උන්ගෙන් අපිට මොකක් ද වෙන නපුර.... අල්ලපු ගෙදරට වෙලා ඉරිසියාවේ පුපුර පුපුර ඉන්න මිනිස්සුන්ගෙනුයි බං නපුරක් වෙන්නේ........

    මොනවා වුණත් උඹේ හිතේ දුක යන්න ලියුව ඒක හොදයි... මේක හැමෝට ම පාඩමක් කියලයි මං නං කියන්නේ...... පොඩි උන්ට හොදට ම දුක අැති.....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ලිව්වෙ දුක තුනී කරගන්නමයි. මේ තරම් ලියවුණාද කියලා පස්සෙ පුදුමත් හිතුනා. මම කොහොමත් දුකක් ආවම කාට හරි කියනවා. මේ කලෙත් ඒක.
      මේ හාවෙක් හැදුවමයි. ලෙඩක් දුකක් වෙලා මැරුණනම් එච්චර දුක නොහිතෙන්න තිබුණා. මේක වුණේ මගේම වරදින්.

      Delete
    2. අපේ හිතට දැනෙන දේවල් කියන්න තරම් අපි විවෘත වීම ඉතා වැදගත් බං..... නැත්තං අපි ඔ්වා ඔලුවේ තියාගෙන දුක් විදින්න ඒපැයි..... අනික යම් නිදහසක් දැනෙනවා නේද?????? ජීවිතයේ දී අපිට වෙන හැම දෙයක් ම අපිට ලැබෙන පාඩමක් මධාවි..... ඒ නිසා හිත හදාගෙන හාවාට පිං දීලා අායෙම ජීවිතය ඉදිරියට ගෙනියමු............ ජයවේවා

      Delete
    3. ඒක මගේ පුරුද්දක්. ඇත්තටම අහන/කියවන කෙනාට නියම අත්දැකීම නැති නිසාම එයාට පුළුවන් විඳවන කෙනාගෙ හිත හදන්න. කවදාවත් මම මේ තරම් සතෙක් වෙනුවෙන් දුක් වෙලාම නෑ. සමහර විට අසනීප ගතිය නිසා වෙන්නත් පුළුවන්.

      Delete
    4. පණ්ඩිත කතාවක් කියන්නද? අසනීපයි උනාම සංවේදී වෙනව වැඩියි තමා.ඒත් උඹ හිතලම කොන්ට්‍රෝල් උනේ නැත්තම් උඹේ වටේ පිරිස දුක් වෙන්න ඉඩ තියෙනවා.බ්ලොගේ දාන එක හොඳයි.ඒත් ගෙදර හැසිරෙන විදිහෙ ලොකු වෙනසක් කරන්න එපා සහෝ....

      Delete
    5. උඹ කියන දේ හරි මචෝ. ඇත්තටම මගේ කඩා වැටීම නිසා දරුවො වැඩිපුර කඩා වැටුනා. දැන් හිත හදාගෙන ඉන්නෙ. (මට තිබුණු ලොකුම දුක මේ අහිංසකයව අවුරුද්දකටත් පස්සෙ එළියෙ තියපු එක)

      Delete
  27. මධු
    උඹට ඊයේ කොල් එකක් දුන්න වෙලාවේ මට තේරුනා උඹ දුකින් ඉන්න බවක්.බිඳුන කටහඩක් තිබුනේ.මම ඒකයි ඇහුවේ ඇයි උඹ අප්සට් එකේ වගේ කියලා.උඹ කෙටියෙන් සිද්දිය කියලා බ්ලොග් එක බලපං කීවට ඊයේ බලන්න වෙලාව තිබුනේ නෑ මචෝ.ඔන්න දැන් තමයි සිද්දිය හරියටම දැනගත්තේ.මේ හා පැටියා දැක්කම උඹට විතරක් නෙවෙයි අපිටත් දුක හිතෙනවා බං.

    ReplyDelete
    Replies
    1. ඒ හිස් බව තව දවස් ගානක් තියේවි. මීට කලින් හාවො හදලාම නෑ. මොනතරම් අහිංසක, මොනතරම් හුරතල්, මොනතරම් හීලෑ සතෙක්ද කියලා මතක් වෙනකොට හිත හදාගන්න බෑ බං.

      Delete
  28. මධු වෝ..මට නම් බොහොම දුකයි වෙච්ච දේ ගැන ඇහුවාම..

    ඔය දුක ඕන තරම් මම ත් විඳලා තියෙනවා..ඒ වගේම විඳින්නත් සූදානමින් ඉන්නවා..
    හාවෙක් නම් හම්බ වෙලා නැහැ..එත් බොහොම හුරතල් බල්ලෝ පූසෝ එහෙම කාලයක් තිස්සේ අපි හදනවා..
    උන් අපිට හීලා වෙනවා..
    අපි එක්ක එක ඇඳ බෙදා ගෙන නිදියනවා..
    අපේ හැම වැඩකදීම පුළුවන් කම තිබ්බානම් උදව්වක් කරන්න බලාගෙන වගේ අපි එක්කම ඉන්නවා ...

    එත් එහෙම හිටපු එව්වෝ ගොඩ දෙනෙක් වාහන වලට යටවුනා..
    සමහරු සර්පයෝ ගහල මලා..

    තව සමහරුන්ට අපේම අසල්වැසියෝ වහ දීලා මරලත් තිබුනා...

    එත් අදටත් අපි සුරතල් සත්තු ඇති කරනවා..
    උන්ගෙන ලැබෙන සතුට වචන වලට හරවන්න බහ බන්...

    අකාලේ නැතිවෙන එක දුකයි තමයි...
    මොනා කරන්න ද...

    ReplyDelete
    Replies
    1. ඒ සතුට මිනිස්සුන්ගෙන් ලැබෙන්නෙ නෑ බං. සත්තුන්ට කතා කරන්න බැරි නිසාද මන්දා. විශේෂයෙන් හාවෙක්, බයවුණාම පොඩ්ඩක් පිඹිනවා ඇරුණම කිසිම සද්දයක් කරන්නෙ නෑ.
      අපි දැන් ඉන්න තැන ආරක්ෂාව මදි සතෙකුට. අයාලෙ යන බල්ලො එහෙම පිරිලා. ඒක දැන දැනත් මං උගේ කූඩුව රෑට එලියෙ තිබ්බ එකයි ගෙවාගන්න බැරි පව.

      Delete
  29. සත්තු හදන්නේ නෑ ඌට ආරක්ෂාව දෙන්ට බැරිනම් මාත් හාවෙක් බලාගත්තා අවු:3 කට ඉස්සෙල්ලා දැන් වෙලාවක් නැතිහින්දා බල්ලෙක්වත් බලාගන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. මටත් වෙලාව ප්‍රශ්නෙ තියෙනවා. ඒ වුණාට ඌට කෑම දුන්නෙ වැඩිපුරම මම. නෑව්වෙ මම. ළමයි එක්ක හුරතල් වෙනවා.

      Delete
  30. ඔය ලංකාවේ සමහර මිනිස්සු කියන ගොන් කතා අහන්න එපා. පුසෝ හාවෝ ඇති කරන්නේ හොඳ නැත්තේ ඇදුම වගේ අසත්මිතාවයක් තිබෙනවා නම් විතරයි. ඒකත් ඒ ලොම් වලට තියනවා නම්. සුරතල් සතුන් හදන එක ළමයින්ගේ වැඩීමට හොඳයි. මම සාමාන්‍යයෙන් සත්තු හදන්නේ නැහැ වනයට මුදා හරිනවා මිසක්. නමුත් අතරමන් වෙච්ච දාල ගිය සතුන් හදනවා.
    අපිට වරක් ගිනි පිග් ල දෙදෙනෙක් හමුවුනා. සාමාන්‍යයෙන් උන් එළියේ ඉන්නේ. උන්ට සෙල්ලම් කරන්න ටිකක් විශාල පෙන් එකක දමනවා දවල්ට. උන්ගේ කුඩුව ශක්තිමත්. නමුත් දවසක් මට අමතක වෙලා දවසක් ඒකෙම තියලා නිදා ගන්න කියා. උදේ බලන කොට උන් දෙන්නා නරි කාල. ම වගේම තමා මට හිතුන දේත්. මෙච්චර දරුණුවට නෙමේ . අපේ ගෙදර එදා මළ ගේ වගෙයි. ඊට පස්සේ අපි සුරතල් සත්තු හැදුවේ නැහැ ඒවගේ. පුසන් ව විතරයි තියන් ඉන්නේ. කවිපෙලින් හැඟීම් සමුදයම කියවෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔය අසාත්මිකතාවය ගැන ප්‍රශ්නෙ අපිටත් ආවා. හාවුන්/පූසන්ගෙන් ලොම් ගැන ප්‍රශ්නෙ තියෙන්නෙ. ඒ වුනාට අජියයියේ, ඌ ගෙදර සාමාජිකයෙක්. පවුලේ කෙනෙක් නැතිවුණ දුක තමා මේ දැනෙන්නෙ. අපේ ගෙදරත් තාම මළ ගේ වගේ තමා. ආයි හදනවාද නැද්ද කියන ප්‍රශ්නෙත් තියෙනවා.

      Delete
  31. අප්පා... දුක්බර කතාවක්නේ...

    හුරතලේට සතෙක් හැදුවොත් කබරගොයෙක්, උනහපුලුවෙක්, නයෙක් උනත් මොකක් හරි අනතුරක් උනහම පුදුමාකාර දුකක් දැනෙනවා මටත්. අපේ ගෙදරත් හිටියා ගිරව්, මයිනෝ, ලේන්නු වගේ සත්තු. හාවෝ ගේන්න හැදුවත් ඒ වෙනකොට අක්කගේ ළමයි පොඩි වැඩියි, ඇලජික් වෙන නිසා ගෙනාවේ නැහැ. හිටපු සත්තු නැති උනආම් දැනෙන දුක කියල නිමක් නැහැ. හිතේ හැටියට අඬන්න. එතකොට යන්තමට දුක තුනී වෙනවා.

    අසරණ වෙච්ච පූසෙක් මම හැදුව. ඒක මහා දුකක් වෙලා කෙලවර උනේ. ( පුළුවන් උනොත් ඒ ගැන ලියන්නම්.) අපේ ගෙදර 'ලේන්නු - friendly ' කියලා අහල පහල මිනිස්සු දන්නවා. ඒ ලඟදි දවසක වහලෙන් වැටුනා කියල ලේනෙක් ගෙනත් දුන්නා. ඌ පුදුම විසේකාර එකෙක්. දුක්බරව අවසාන උනා ඒකත්. ඊට පස්සේ නම් සත්තු හදුවේම නැහැ. මම ඒ උනාට පූසෝ පිස්සුවක් හැදිලා උන්නත් උන් බලාගන්න තියෙන අපහසුතාවය හින්දා නැහැ. ඒ උනාට අල්ලපු ගෙදර පූස් පැටව් එක්ක හොරෙන් හොරෙන් මම සෙල්ලම් කරනවා. ගන්නමයි හිත.

    කුඩුවට කියල දැම්මේ උගේම හොඳටනේ. අනිත් එක මුළු ලෝකෙන්ම ඌ ආරක්ෂා කරන්නේ කොහොමද ඔයා? කොටින්ම ගොඩක් දෙනෙක්ගේ ආහාරයක්, ඇහේ රොඩ්ඩක් වෙන සතෙක්ව? ඔයා ඔයාට පුලුවන් උපරිමේ කළා. ඒ ගැන සතුටු වෙන්න. ඌ කුඩුවේ හිටිය නිසාම මැරුණා කියන්නත් අමාරුයි. සමහරවිට එළියේ සෙල්ලම් කර කර ඉන්න වෙලාවක වෙන්නත් ඉඩ තිබ්බ. හාවෝ වගේ සත්තු කොහොමත් පන බයේ ජිවත් වෙන්නේ. මිනිස්සු වගේ නෙවෙයි. ඔයාගෙත්, ඌට ඇත්තටම ආදරේ කරපු අයගෙත් ආදරේ නොලබාම මැරුණා නෙවෙයිනේ. පුළුවන් උපරිමේ ආදරේ කලානේ? විශේෂයෙන් සුදුපාට හාවෝ දඩයමට ලක්වෙනවා වැඩියි. මොකද උන් රෑට හොඳින් පේන නිසා හැංගෙන්න අමාරුයි. අනිත් එක ඩොමේස්ටික් වෙලා හන්දා ඌ බේරෙන ටෙක්නික් හොඳින්ම දැනගෙන හිටියා කියල කියන්නත් බැහැනේ.

    සතෙක් දරුවෙක් වගේ තමයි. වැඩේ කියන්නේ අපේ ආයු කාලයට වඩා උන්ගේ ආයු නිසා අපේ ජිවිත කාලේදී උන්ගේ මරණය දකින්න ලැබෙනවා. හිත හදාගන්න. ඒ සතාව කාපු සත්තු ඉතින් බත් උයන් කන්නද ඉතින් තව සතෙක් දඩයම් කරනවා ඇරෙන්න. උන්ගේත් වරදක් නැහැ. අඬල හරි හිත හදාගන්න

    ReplyDelete
    Replies
    1. බොහොම මධ්‍යස්ථව, සත්‍යය ඒ විදිහටම කරපු විග්‍රහයක් උපේක්ෂා. ඔයා මේකට නිතර එනවා වුණත් මෙහෙම කමෙන්ට් එකක් දැම්මෙ අද නේද? මේක මට බොහොම වටිනවා වගේම ඔයාගෙ වචනයක් වචනයක් ගානෙ හිත හැදෙනවා. ස්තූතියි!

      Delete
  32. මධු මාධවී බ්ලොග් එකේ තබන පළමු සටහන මෙතරම් දුක්බර කවි කිහිපයකට තැබීමට සිදුවීම ගැන කණගාටුයි. පවුලේ කෙනෙක් වගේ හැදෙන සුරතල් සතෙක් නැති උනාම දැනෙන දුක ගොඩක් අයට තිබෙන සංවේදී අත්දැකීමක්.

    මගේ ප්‍රාර්ථනාව නම් හා පැටියා නිවන් නොගොස් නැවත උඹේ ගෙදරටම පැමිණේවා කියන එක !!!

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න, තාමත් ගෙදර මළ ගෙයක්! අපි එකතු වුණු හැම වෙලේම කතාකරන්නෙ මේ වෙච්ච අපරාදෙ ගැන. සිකුරාදා රෑ වුණු සිද්දියක් වුණත් පොඩි උන් තාම අඬනවා. අද ඉස්කෝලෙ ගියෙත් අඬ අඬා.
      ආයි වරෙං මේ පැත්තෙ. වෙනදා රටාවෙ කවිනං ලියවෙන එකක් නෑ ටික දවසක් යනකං.

      Delete
  33. ඇතිවීමත් දුකකි. නැති වීමත් දුකකි..

    ReplyDelete
    Replies
    1. නැතිවීම නියත නිසා ඇතිවීම දුකකි.

      Delete
  34. අයියෝ මදුවෙ, වරෙං උඹව බදාගන්ඩ. වෙන නං කියන්ඩ දෙයක් හිතට එන්නෑ...

    ReplyDelete
    Replies
    1. ඇයි බං? උඹටත් මේ වගේ අත්දැකීම් තියෙනවද?

      Delete
  35. බල්ලන්ව හුරතල්කරන බොහෝවෙලාවල තව අවුරුදු කීපයකින් ඔවුන් අප දාල යන දුක විඳින්න වෙනව නේද කියල හිතෙනව.
    දරුවන් තරම් ලඟින් ආදරෙන් හදනව ඒත් අවු 10කට වරක් දුක තමයි මොකද කොයීතරම් දුක වුනත් ආයිත් හදනවනෙ

    ReplyDelete
    Replies
    1. බල්ලො ගැන මගෙත් තිබුණෙ පුදුම ආදරයක්. ඇත්තටම හීලෑ වුණු බල්ලා තරම් මිත්‍රයෙක් මිනිහෙකුට නැති තරම්.
      ඒ වුණාට බල්ලොත් තිත්ත වුණා ප්‍රා ජේ තුමා.

      Delete
  36. ඕලෙවල් කරන කාලේ ඉස්කෝලේ හාවෝ ටික බාරව හිටියේ මම... ටික කාලයක් හුරතලේට ඉඳලා එකපාරම ලෙඩ වුණා.. ඉතින් බෙහෙත් කළෙත් මම තමා...
    අන්න කට්ට

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හාවෙක් හැදිල්ලෙ පොඩි කට්ටක් නැතිවා නෙමේ. මම ඒ හැමදේම කලේ පුදුම සතුටකින්.

      Delete
  37. විමලරත්න කුමාරගමගේ කවියක් කියෙව්වා වගේ..
    උඹේ දුක අපටත් බෙදා දුන්නා මධුවෝ
    ජයවේ මදූ!

    ReplyDelete
    Replies
    1. ඒ විදිහට හරි හිත හදා නොගත්තනං මටත් මොනවා වෙයිද මන්දා බං. මටම පුදුමයි, ඇයි මේක මේ තරම් දැනුනෙ කියලා.

      Delete
  38. Replies
    1. දුක බෙදාගැනීම ගැන ස්තූතියි අජියයියෙ! තාමත් ඉඳිකට්ටක් ඇනෙනවා වගේ පපුවටම.

      Delete
  39. //හාවුන් ගෙවල් වල හැදුවොත් මූසල යැයි
    ඊට වඩා මූසලයින් නිතර කියයි
    උන්ගේ මවිල් දරුවන් ලෙඩ කරයි කියයි
    ලෙඩ ලෙඩමයි හාවුන්නම් හාවුන්මයි///

    ඔය කතාව නම් මට පේන්න බෑ. එකපාරක් කියෙවුවා එදා ලින්ක් එක දීපු වෙලේ..හැම කවියක්ම එකකට එකක් දෙවෙනි නෑ. අත්දැකීමක් ලියද්දි ඒක ගලාගෙන එන හැටි මම දන්නවා. ගොඩක් දුක හිතුනා

    ReplyDelete
    Replies
    1. //අත්දැකීමක් ලියද්දි ඒක ගලාගෙන එන හැටි මම දන්නවා.// ඒක මොන විදිහකින්වත් කෘතිමව ඇතිකරගන්න බැරි දෙයක්.

      Delete
  40. Replies
    1. මෑතක මෙහෙම දෙයක් දැනුනාමයි බං.

      Delete
  41. Replies
    1. උඹ නැතිව පාළු දැනුනා. ඒත් මං ඊට වඩා නැතුව ගියා.

      Delete
  42. දවසක් රැ අපේ නොබැදපු ලිදට සතකේ වැටිලා දැගලුනා (ගැඹුරු නැති ලිදක් ) අපි පුරුදු පරිදි පනිට්ටුවත් ඉනිමගත් දමා තැබුවා.
    පහුවදා අදේ බැලින්නම් මිදුලේ උදුපියලි කන්න එන හාවෙක්/

    මේ සිද්දියේ දුක කවදාවත් මට අමතක වෙන්නැහැ.
    ඒක අලුත්වුනා.
    සත්තු හදලා ලෙඩ වුනාම මැරුනාම දුකයි තමයි. ඒක ටිකක් සාමාන්‍යයයිඒත්.

    ලේන්නු/හාවෝ වගේ දුර්වල සත්තු හැදුවාම, ඔය දුක අනිවාර්යයි.
    මුසලයි හදන්න එපා කියන්නේ ඒ නිසා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. පුදුම මූසල කමක් දැනෙන්නේ මැරුණම. ඒක හරි දුක ගැන බැලුවම.

      Delete
  43. සිංහල හදා ගත්තා..ඉයන් අංකල්ට පින්සිද්ද වෙන්න..
    කෝ යකෝ අපේ කොමෙන්ට් වලට උත්තර?

    ReplyDelete
  44. මධුවා... පරක්කු වෙලා.. හැබයි ඇස් වලට කඳුලු ආවා.. සත්තයි.. ආදරනීයව සුරතල් සතුන් හදන එක එක අතකට හරිම දුකක්...

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න ඒ වැටුණු වැටිල්ල ඇති තව අවුරුදු ගාණකට අපේ පවුලටම.

      Delete
  45. උදාගිරින් ඉර නැගුනත් සවස් විට
    අවරගිරෙන් බැසයනවා සොබාදම
    කූඩුව එලියෙ තැබුවේ ඌ නොමරන්න
    හාවා ගියේ සසරේ කල කරුමෙකට

    මාධවී, හාවා ගියේ ඔයා නිසා කියන සිතුවිල්ල ඉක්මනට අහක් කර ගනින්. හාවා මරන්නට උඹේ හිතේ කිසිම චේතනාවක් තිබුනෙ නෑ නෙව.

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන්න හැදුවත්.............ඉද්දි නොදැනුන පුදුම හැඟීමක් දැනෙන්නෙ දැන්. ඒ නිසයි හිතෙන්නෙ ඉද්දි අගයක් දැනුන්නෑ කියලා.

      Delete
  46. මට මතක් වුණේ ගිය අවුරුද්දෙ මේ විදියටම මැරුණු මගේ පූස් පැටියා. මොන විදියකට මැරුණද කියලා අපි කවුරුවත් දන්නෙ නැහැ. උදේ බලනකොට පණ ඇද ඇද හිටියා. පුදුම විඳවිල්ලක් විඳවලා පහුවෙනිදා මැරුණා. මේ කවිය ඒ අසරණයාටම ලියපු එකක් වගේ හිතුණේ. මාරම දුකයි.

    ReplyDelete
    Replies
    1. පණ අදිනවා දැක්කෙ නෑ හොඳ වෙලාවට. දැක්කානම් අපිටත් ලෙඩක් හැදෙනවා. ඒ තරම් පවුලට සමීප සතෙක්. දුක බෙදාගමු.

      Delete
  47. අපිට එන්න කියලා උබ නැනේ

    ReplyDelete
  48. උබ ලියන්නේ නැද්ද බන්. අපිට එන්න කියලා උබ හැංගිලා

    ReplyDelete
  49. කෝ බන් උබ කෝල් එකකුත් දුන්නා . උබ හොදින්ද

    ReplyDelete
  50. උබට මොකද වෙලා තියන්නේ නරියෝ ඒක අකුරක් කොට්පන්කෝ

    ReplyDelete
  51. ඒයි මොකද බං වෙලා තියෙන්නේ? මොකක්ද අවුල?

    ReplyDelete
  52. ඒයි! මොකද ඩෝ?

    ReplyDelete
  53. අපෙන් මොනවා හරි වෙන්න දෙයක් තියනවනම් කියපන්

    ReplyDelete
  54. ප්‍රසන්නය කිව්වා උබ කොමෙන්ට් වලට උත්තර දාලා කියලා එකයි දුවගෙන ආවේ

    ReplyDelete
  55. කෝ බං මූ.. දන්න කෙනෙක් නැද්ද??

    ReplyDelete
  56. කෝ මේ මදාවිය. දැං එළියට වරෙං බං. ලෝන් අරන් ඉවරයි.

    ReplyDelete
  57. මිස්ටර් බැංකු බංකු වෙයාර් ආ යූ.

    ReplyDelete
  58. Replies
    1. අන්තර් ජංජාල නෑලු පදිංචිය වෙනස් කලාට පස්සේ , අනික කොල්ලට සනිපත් මදි ටිකක් , කෙල්ලොන්ගේ වැඩත් එමටලු ....මැරිලද බලන්ඩ කෝල් එකක් දැම්මා ......තාම නැ මු ඉන්නවා

      Delete
  59. මුළු ලංකාවටම අන්තර් ජාලය නැති වෙලා නැනේ ..ඉන්න තැනකින් අකුරක් කොටපන්

    ReplyDelete
  60. මේ තරම් දරුණු විදිහට උබගේ කෙමෙන්ට්‍ර්සලා අමතක කරන්න එපා

    ReplyDelete
  61. ඉන්න තැනකින් කෙමෙන්ට එකක් දාලා යන්නවත් වරෙන් ....

    ReplyDelete
  62. උබ නැති බ්ලොග් ලෝකය පාලුයි

    ReplyDelete
  63. තවමත් පුරුද්දට වගේ මේ පැත්තට එනවා

    ReplyDelete
  64. උබ අපිව අමතක කරාට අපිට උබ අමතක නැහැ

    ReplyDelete
  65. ආ... ලොක්කා.
    තාම සිග්නල් නැත්තං ක්ලෝගාඩ් ටිකක් හරි දාල මේක ලිව්වොත් නරකෙයි.

    ReplyDelete
  66. යකෝ විචා ගේ බ්ලොග් එකත් ආය ලියවෙනවා උබත් ලියපන්

    ReplyDelete
  67. ඇයි බන් ලියන්නෙ නැත්තෙ ..

    ReplyDelete
    Replies
    1. කවුද බං මේ සංජීව මෙන්ඩිස්.

      Delete
  68. යන්තර වගේ දුවනා අපෙ ජීවිතය
    ලන්කර ළඟට මුමුණා දීගෙන සවිය
    මන්තර වගේ සුවපත් කළ නුඹෙ කවිය
    කොන්කර දමා දැන් දෙවසරකට වැඩිය

    ඔන්න හොඳින් කිව්වා ඈ... ඊළඟට නරකින්...
    අඩෝ පඩත්තරයා... ලියාපිය අකුරක් දෙකක්වත්... (මූට පාස්වර්ඩ් අමතක වුණා වත්ද?)

    ReplyDelete
  69. තො කොබො නයි කාලාද අයියන්ඩි????????????

    ReplyDelete
    Replies
    1. னයාට ටෝච් එකෙන් ගැහුව අර වල් දැති හුලහ.

      Delete
  70. ආ ලොක්කා.. මේක ලියනවද නැත්තං මම ආයෙ ලෝන් එකක් ගන්නද?

    ReplyDelete
  71. තෝත් එපා ‍තෝගෙ පොස්‍ටුත් එපා...
    (හිතේ අමාරුවට කියන කවි)

    ReplyDelete
  72. විදානය මුගේ ඇටදෙක කනකොට මෙහෙම වෙයි කියල හිතුව. හැක්..

    ReplyDelete
  73. කට්ටිය ඇවිත් පාලු ගෙයි වලන් බිඳිනවද

    ReplyDelete
  74. අයියා ඇයි බං දැං ලියන්නෙ නැත්තෙ....

    ReplyDelete
  75. බිඳින්න වළං ඉතුරු වෙලා නෑ වගෙයි. ආපහු එනකොට වළං ටිකක් අරගෙන එන්නං කට්ටියට බිඳින්න.

    ReplyDelete
  76. චයිනීස් මැටි වළං ලාබායි.

    ReplyDelete