2015-01-30

බැඳපු අය



තරුණ පුතෙක් තම පියාද - සමග ගියේ ෆාමසියට
එහි ඇති දෑ බලමින් සැම - අත ඇවිදින්නේ

වීදුරු පෙට්ටියක දාපු - පැකට් ගොඩකි ඔහු දකින්නෙ
ඒව වර්ග කර ඇති සැටි - ඔහුට පුදුමෙකී


"ඇයි තාත්තෙ මේව මෙහෙම - එකේ, තුනේ සහ දොළහේ
කියල පැකට් කර ඇත්තේ" - පුතා විමසුවා

"එක තියෙන්නෙ අලුත් තරුණ - පිරිසට භාවිත කරන්න
සෙනසුරාද දිනයෙ තමයි - ඕනෑ වෙන්නේ

තුනක් ඇත්තෙ ඊට වඩා - මෝරපු කොල්ලන්ට තමා
සිකුරාදා සෙනසුරාද - සමග ඉරිදට

දොළහේ ඒවා ඇත්තේ - බැඳපු අයගෙ භාවිතයට
ජනවාරියෙ එකයි ආදි - වශයෙන් ගන්න"



42 comments:

  1. //දොළහේ ඒවා ඇත්තේ - බැඳපු අයගෙ භාවිතයට
    ජනවාරියෙ එකයි ආදි - වශයෙන් ගන්න"//

    මදාවියෝ උඹ දැන් දොළහද ගන්නේ ....හැක් හැක්

    උන පුරුකේ බලු වලිගේ දාලා තිබුනත් නෑ ඇදේ ඇරෙන්නේ
    උන පුරුකේ බලු වලිගේ දාලා තිබුනත් නෑ ඇදේ ඇරෙන්නේ
    හුග දෙනෙක් ඒ වගේ - ටික දෙනෙක් එහෙම නෑ
    අපි ඉන්නේ එතනයි ලබා උපන් හැටි එතනේ බබා වැනෙන්නේ...

    ReplyDelete
    Replies
    1. අපි ගන්නේ පැකට් එක දවස් 6 ට.
      බබා වැනෙන්නෑ හරියට පාවිච්චි කලොත්.

      Delete
    2. සින්දුවටත් අහුවෙන ජාති!

      Delete
    3. ඔව් අප්පා මරු.

      Delete
  2. ඕව ඔය විදිහට අවශ්‍ය වෙන්නෙ කොල්ලන්ට වඩා කෙල්ලන්ට නේද?
    කොල්ලන්ට හදනවනම් සීයෙ පැකට් වගේ හදන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. මේ කියන්නේ වල් කොල්ලො ගැන නෙමේ. හොඳ කොල්ලො ගැන... :-)

      Delete
    2. ආ.. එහෙම එවුනුත් ඉන්නවද.

      Delete
    3. ඔය කියන විදිහෙ විරාමයක්වත් ගන්න උන් හොඳ කොල්ලො නෙමෙයිද?

      Delete
  3. මේ වෙන වර්ෂන් එකක්.
    බ්‍රා-පෑන්ටි කොම්පැනියක රස්සාවට යන්න එකෙක් ඉන්ටවීව් ගියාලු. ලොක්ක පැකට් තුනක් පෙන්නුවලු. පෙන්නල විස්තර කරන්න කියල මුගේ තරම බලාගන්න.

    ඔන්න මිනිහ එකක් අත‍ට අරගත්තලු.

    "සර්, මේකෙ පෑන්ටි පහක් තියනව මේක ඇමරිකාවට යුරෝපයට අපනයනය කරන්නයි තියෙන්නෙ. එහේ ගෑණු වීකෙන්ඩ් එකට ජංගි අඳින්නෙ නෑ"

    "එතකොට මේක?"

    "මේක ලංකාවට. පෑන්ටි හතයි, සතියෙ දවස් හතට, දවසට එක ගානෙ"

    "එතකොට මේ ලොකු එක?"

    "ඒකෙ දොලහක් තියනව ජනවාරි, පෙබරවාරි,....දෙසැම්බර් අඳින්න. ඒක ඉන්දියාවට යවන්න"

    "හරි තමුසෙ අඳ ඉඳල වැඩ"

    ReplyDelete
    Replies
    1. බුහ් හහ් හා...........
      ඒකත් පට්ට කතාව ඈ...
      අර ඉන්දියාවෙ ඈයො මාසෙකට එකය අදින්නෙ ඈ

      Delete
    2. මේ කතාව අනිත් පැත්තට කියනකොට තමයි ගතිය.
      ඉස්සෙල්ල 12 ගැන. ඊට පස්සෙ 7 ගැන. අන්තිමට 5 ගැන.
      යුරෝපය නෙවෙයි ඇමරිකාව තමයි ජංගි නැතුව යන්න ප්‍රසිද්ධ. (බොරුනම් මධුගෙන් අහන්න.)

      Delete
    3. මටත් උඹව තමයි මතක් උනේ ....හැක්

      Delete
    4. රාජ්, ඒකනම් නියමයි. අහල තිබුණෙත් නෑ.

      Delete
    5. මහේෂ්, මාසෙකට එකයි නෙමේ... මාසෙම එකයි.

      ශනී, අනේ අම්මාපල්ල මෙහෙම ලයිබ්‍රරියක්!

      මෙන්ඩා, ඔන්න ජොබ් එක ලැබුණු හැටි.

      සින්දු, මෙන්ඩාට අයිති උඩ හරිය නේද?

      Delete
    6. ඕක ඉන්ටවු ආව කොල්ලෙක් අපේ බ්‍රා මෙන්ඩියට කියල තියෙන්නේ!!

      Delete
    7. නෑ... නෑ... මෙන්ඩ තමා ඉන්ටවිව් ගිහිං තියෙන්නෙ.

      Delete
  4. මරු ඈ....
    උදේ පාන්දරම මේ දෙවනි එක..
    කුරුට්ටලත් අන්න මරු අයිටමයක් දාල තියේ
    හිහ
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. ඒකත් බැලුවා...
      (මට හිඟාකන්න වෙන්නෙ ටික දොහකින්... :ඩී)

      Delete
  5. මටත් දොලහේ පැක් එකක්.. හැක් හැක්.. (නවයේ පැක් එකක් නැති එක අඩුවක්.. මොකද ඉස්කෝලෙ නිවාඩු මාස තුනට අදාල එව්වයින් වැඩකුත් නෑනෙ.)

    ReplyDelete
    Replies
    1. නිවාඩු කාලෙට 30 පැකට් නැද්ද දන්නෑ... එක්කො 27 ක් ඇති.

      Delete
  6. හෙක් හෙක් හෙක් .. මඩු මදාවිටත් හිතෙන දේවල්. . . පස්ට පට පට පට . . මේක හොදයි ට්වි ඇඩ් එකකටත්. . කොහොමද විෂුවල් එකක් එහෙම කරලා ගත්තොත් ...

    ReplyDelete
    Replies
    1. මරු ඇඩ් එකක් තිබුණා... ඕවා පාවිච්චි නොකිරීම නිසා උපන් අකීකරු පුතෙක් ගැන යූ ටියුබ් එකේ.

      Delete
  7. මටත් දොලහේ පැක් එකයි..නිවාඩු මාස තුනේ ඒවා අයින් කරන්න..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. නිවාඩු කාලෙට 27 පැක් එකක්. ආ... නෑ... 20 ත් ඇති. අන්තිම ටික නියුට්‍රල් ගිහෑකි.

      Delete
  8. කමක් නෑ තනි එක තියන පැකට් එකකුත් දියන් සෙනසුරාදට එලිවෙනකන් පැක්ට්‍රි එකේ ඉන්න නිසා

    ReplyDelete
  9. මේක කියවනකොට මට හිතුන දේ තමයි ඕව නැතුවත් හිටපු කාලයක් තිබුන නේද
    දැනටත් සමහර සමාජවල ඕව පාවිච්චියක් ඇත්තෙම නෑ නේද කියල
    ඒ වගේම No bra day කියල සමරන අයත් ඉන්නවලු.ඒකත් අනෙක් දින සැමරුම් වගෙ ලෝකෙ පුරා ලොකුවටම යනවලු

    ReplyDelete
    Replies
    1. //ඕව නැතුවත් හිටපු කාලයක් තිබුන නේද//
      ඒ කියන්නෙ බාල්දි සිස්ටම් එක.

      Delete
  10. උඹ බන කතාවක් ලියනකම් මමනම් කොමෙන්ට් කරන්නේ නෑ . ඕ යේස්

    ReplyDelete
    Replies
    1. අහ්... ඒ ගැනත් බලමු නේ?

      Delete
  11. හෙහ්.. ඒකත් මරු..

    ReplyDelete
  12. අනේ මධාවියෝ.. උඹටත් වෙච්ච දෙයක්.. දුකයි බං, මොනා කරන්නද, ඔහොම තමයි ඉතින් ලෝකෙ හැටි, මොනා උනත් උඹ පුතාට ඇත්තම කියපු එක හොඳයි බං!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. බලමු බලමු... ඔය කියන කට්ටිය තව ටික අවුරුද්දකින් වෙන දේ.

      Delete
  13. විටමින් සී පෙති පැකට් වෙන්න ඇති නේ :v දැන් මදුමාදවී පාවිච්චි කරන්නේ එකේ ඒවාද තුනේද දොළහේ පැකට් ද :v

    ReplyDelete
    Replies
    1. ඔය විටමින් වැරදුනාම දුක්විිඳින්නෙ අපිම තමා හොරෝ...

      Delete
  14. සහතික ඇත්ත ඕයි....

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ ඕයි...

      Delete