ප්‍රාණ සමානව කොරගෙන ආපු බොග දැමිල්ලට පහුං සතියේ කෙළවිලාම ගියෝය. ඒකට හේතුව වෙන මක්කාවත් කොටුපැනිල්ලක් කියලා මේකේ ඉන්න ඔය කැමරාකටාලා, මනෝකායලා, අහසිං එන්නො එහෙම වරදවා තේරුම් ගන්නවා නෙමේය. මදාවියාට බොහෝ දේ දීපු අජීවී වස්තුවක් වගේම උගෙන් ඒ වගේ හතර පස් ගුණයක් ගත්තු ජීවී වස්තු සමූහයක් වෙනුවෙන් ෆුල් ටයිම් කාලය ගත කරන්නට මදාවියාට සිද්ද වුණේ ඌ වෙනුවෙන් හැමදේම කැපකරපු හතර දෙනෙකුත් අමතක කරලාය. ඉතිං මේ කෙරුවාවටත් ටෙම්පරි කෙළවුණ එක අහන්න දෙයක් නැතිය. ලොකු කිරීමේ උස්සව, ග්‍රැෆික් ඩිසයිනිං, ප්‍රෝග්‍රැමිං ආදී වසයෙන් වූ මල්ටි ඩියුටි රාසියක මදාවියා එරිලා හිටියා කිව්වාම වැඩේ තරම තේරුං අරං මට සමාව බාජනේක දාලා දෙන්න මේ ඉසව්වේ අපේ උන්ට ඒ හොඳටෝම ඇතිය.
මක්කා වුණත් ගෙදරටම එන එකා එක්ක කතා බහ නොකර බැරි නිසා බොගට ගොඩවුණ හැම එකාටම එහෙන් මෙහෙන් මොනවා හරි කියලා දාන්න යන්තම් වෙලාවක් ඉතිරිව තිබ්බත් අහල පහල ගෙවල්වලට ගොඩ වදින්නට බැරිවීම ගැන හිතේ මාර වැකූම් එකක් තියෙනවා වගේ දැනෙනවාය. ඒ නිසා අද ලියන්නේ ඒ අසාධාරණයට ලක් වෙච්ච උන් ගැනය.