2015-06-25

වැනිල්ල


බාර් එකක පොඩි ටේබල් එකක දෙපැත්තේ
වෙනම අඩි ගහන දෙන්නෙක් වැනි වැනි උන්නේ

එකෙක් පුටුවෙ පැත්තෙන් පැත්තටයි වැනෙන්නේ
වීදුරුවෙන් බිඳකුත් නෑ බිමට හැලෙන්නේ

2015-06-22

ටීචර්


(මෙය ශ්‍රී ලංකාවේ සිදු වූවක් නොවේ)


මන බඳිනා සිරුරක් හිමි - තරුණ වයසෙ ගුරුවරියක්
පාඩමක් කරන්නට එයි - අටේ පන්තියේ

තරමක් කෙටි සායක් සහ - සුදු කමිසයකින් සැරසී
සිටි ඇය දැක කොල්ලන්හට - ඉවසුම් නැතිවා

2015-06-19

දඩයක්කාරයා



වසර ගණනකට පෙරදී - ඉන්දියාවෙ කල් ගත කල
දඩයක්කුරුවෙකුය මෙයා - දැන් වියපත් වූ

ඒ කාලේ කල දස්කම් - උජාරුවෙන් සිහිපත්කර
මිතුරන් අතරේ බෙහෙවින් - ජනප්‍රිය වුනා

2015-06-15

ස්නයිපර්




ගොල්ෆ් ගහන්නට ආවා - දවසක්දා එක සැමියෙක්
ගෙදරට පහලින් තිබෙනා - පිට්ටනියකට....

එහි සිටියා තව මිනිහෙක් - හොඳම ඉලක්කයක් තිබුණ
අඩුම වාර ගණනක් තුල - ක්‍රීඩා කරන...

2015-06-11

සූප්පුව



සමරිසියන් දෙදෙනෙක් විය - යුග ජීවිතයක් ගෙවනා
කලක් ඉන්නවිට ඔවුනට - අඩුවක් දැනුනා

හැමදාමත් මේ විදිහට - ඉඳලා හරියන්නෙ නැතේ
අපි දෙන්නාටත් දරුවෙක් - ඕනෑ නේද...