2015-07-02

විකිල්ල, ඇදිල්ල සහ එබිල්ල





මහළු ජෝඩුවක් දවසක් - සැන්දෑ කල සාලය මැද
වාඩි වෙලා අතීතයේ - මතක සැමරුවා

ඔබට මතකදෝ ඉස්සර - යන්තම් පොඩි ඉඩක් ලදොත්
සිපගන්නට මාන බලයි - මගේ කම්මුල...


බිරිඳ මෙහෙම කියනා විට - මතකය යලි අවදිවෙලා
සැමියා ඇයගේ කම්මුල - සිප ගත්තාලූ...

ඔය විදිහට සිපගන්නා - අතරතුරේ පහලට ගොස්
මතකද ඔබ හෙමිහිට මගෙ - බෙල්ල විකනවා

බිරිඳ යලිත් කීව ගමන් - සැමියා පුටුවෙන් නැගිටල
හෙමි හෙමිහිට කාමරයට - පියවර මැන්නා

ඇය දුක් වෙයි ඔහු පිළිබඳ - බියෙන් වගේ අසයි මෙසේ
මගේ අතින් වැරදි දෙයක් - කියවුනිද අනේ

නෑ නෑ ඔබ බිය නොවන්න - එහෙම දෙයක් කියවී නෑ
කාමරේට යන්නේ දත් කුට්ටම ගන්නයි









දවසක් එක ඔපීසියක - සේවකයෙක් වැඩට එනව
ඇස් දෙකේම වටේ ඇතේ - කළුතලා වෙලා

යාළුවො ඔහුගෙන් ඇසුවා - මොකදෑ මේ වුණේ කියා
බේරෙන්නට බැරි තැන ඔහු - මෙහෙම කියනවා

ඊයෙ හවස පල්ලියේදි - මට ඉස්සරහින් හිටියේ
හොඳහැටි ඇඟ මහත දෙහෙත - නෝන කෙනෙක්නේ

ඇයගේ සායේ පිටුපස - අල්මාරියෙ අහුවීලා
හරි නෑ නොවැ ඉතිං මෙමා - එළියට ඇද්දා

ඇය ආපසු හැරුණු ගමන් - මගෙ වම් ඇහැ කළු වෙන්නට
දුන්නා නොවැ හොඳ පාරක් - තරු විසිවෙන්න

යාළුවො ටික එය අසලා - හිනාවෙලා යලිත් අසති
එතකොට ඔය අනික් ඇහැට - මක් වුණිද කියා

සාය ඇදල කේන්ති ගියෙ - මම වරදක් කළ නිසානේ
මම ආයත් තිබුණු ලෙසට - ඔබන්න හැදුවා




93 comments:

  1. දැන්නම් ගොඩක් ප්‍රොපෙසනල් වෙලා.
    කයි පන්ති දෙකම එළ කිරිස් මචෝ...

    ReplyDelete
    Replies
    1. අප්පා ඔය වචනෙ දැක්කත් බයයි. ඔන්න ප්‍රොස්ටි... වගේනං තව කමක් නෑ.

      Delete
  2. කවි පන්ති දෙකම නියමයි
    දෙවැනි එක වගේ සිද්ධියක් පීකේ එකෙත් තිබුණා...
    ජයවේවා මධූ............................!

    ReplyDelete
    Replies
    1. එහෙනං... ඔය ඇක්ස්පීරියන්ස් එක ලබාපු අය බොහොමයි වගේ අන්තරජාලෙ.
      ජය...ජය...ජය..හෛන්...වැරදුනා සිරි ලංකං...

      Delete
  3. යකෝ මම කළුවරේ සාය ඔබන්න හැදුවේ අල්මාරි ගිය පැත්තෙන් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. මං හිතුවෙ දත් කුට්ටම ගන්න ගියා කියලා... :-)

      Delete
    2. විචාරක,
      කැබිනට් එක ගිය පැත්තෙන් වෙන්ටෑ...
      ඩ්‍රැකී,
      කුට්ටම (දත්) අල්මාරිය අස්සෙද?

      Delete
    3. හි හි h ඊයා

      Delete
    4. අනේ ඉතිං මට....

      Delete
  4. වයසට ගිය මේ අපිවත්- නරක් කරනවා මේකා
    විකිලි ඇදිලි හා එබ්බිලි- මතක්කරන්නෙපා..

    ReplyDelete
    Replies
    1. උඹේ නං ඉතිං වයසට යන්න පුළුවං එක දෙයයි කළණේ.............

      Delete
  5. Replies
    1. අපිට ඉතිං බොලාගෙ ආදාරෙ විතරයි මුනුබුරේ...

      Delete
  6. Replies
    1. එලෝගෙන ගිහිං විකෝගංට හිතෙන්නෙ ඔන්න ඔය වෙලාවට තමා ඉතිං...හැක්

      Delete
  7. කතා දෙකම සුපිරියි බං.ඔය තැල්ම අඩුවෙනකල් ගෙදරට වෙලා ඉඳින්

    ReplyDelete
    Replies
    1. හැලපෙ අයියා,
      නෝන තවනවා...පලු අරිනවා... හයේ පාරවල්ම තමා දෙන්නෙ

      දිලා,
      අඩේ අපි නොදන්න කෑස් ජාතිත් තියෙනවානෙ.

      Delete
  8. සිහ් බං. එන්න එන්නම උඹ කුපාඩි වී ගෙන එනවා. (රහසින්... පට්ට කවි දෙක බං) මටත් පොඩි කතාවක් මතක් වුණා...
    අරවගේම වයසට ගිය - යුවළක් දවසක් එක්වී
    නිරුවතින්ම රාත්‍රියේ - කෑමට ආවා

    එදා වගේමයි තාමත් - ඔයා එක්ක ඉන්නා විට
    තාමත් මගෙ පියයුරු - රත් වී ගෙන එනවා

    පුදුම වෙන්න එපා සුදෝ - ඒ දෙක මේ මොහොතෙ ඇත්තෙ
    මේසෙ තිබුණු - උණු උණු සුප් බදුනක වැටිලා

    ReplyDelete
    Replies
    1. බොලා විචාරකටම නෙ ගහන්නෙ...

      Delete
    2. අඩෝ කැමරවා............... වරකෝ මේ පැත්තේ බැරිවෙලාවත්.

      Delete
    3. දිලා,
      කලියුග කාලෙට ඇදැච්ච..මොනවද එව්වාම දෙකක්
      උදේ කෑම මේසය ලඟ --- උණුසුම සෙව්වේ....
      එකක් සුප් එක ඇතුලේ...අනෙක තේ එක ඇතුලේ

      ඩ්‍රැකී..
      උඹනං බෙල්ල විකලවත් බේරෙයි...අපිට තමා වෙඩි

      විචාරක,
      ඔය, මම කිව්වෙ.... දුවපියෝ...මෙන්න එනෝ... (අම්මපා අර කලිසම පාත් කරන ඇනිමේටඩ් අයිකොන් එක නෑනෙ)

      Delete
    4. බුදු විචා මාමෙ...මං හෙන අහිංසකයි ඕං....තාම කටේ කිරිපුස්ඹවත් ගිහිං නෑ

      Delete
    5. කවුද යකෝ කැමරාවන්ට බනින්නෙ ඩෝ.....? (බයයි හොඳේ.....)

      Delete
    6. හුටා....තව කැමරාවෙක් ඉන්න බව අමතක වුනානේ. උඹ ගණන් ගන්න එපා පැටියෝ.

      Delete
    7. අප්පට සිලි කැමරාමන්ල ටික සන්ධානගත වෙලා... විසුමක් නෑ මේකෙ.

      Delete
    8. දිලා මේ දවස්වල මේරිගෙන්වත් කිරි බොනවද අසනීපෙකට?

      Delete
    9. විචාරක වෙඩි තියන්න ආවොත් අපි ගොරවන එකයි තියෙන්නෙ, කළිසමේ මෙව්ව වෙන්න... හූ හූ...!!!!

      Delete
    10. ගොරවන්න බයයි ඩ්‍රැකියා, අපේම කලිසම හෝදන්න වෙයි කියලා.

      Delete
    11. දන්නවනෙ තුවක්කුවට වඩා භයානකයි කැමරාව.....

      Delete
    12. කැමරාවට වඩා භයානකයි ඩෝ ෆොටෝෂොප්...!

      Delete
    13. කැඑලෝ,
      දැන් පෑන පැන්සොං ගිහිංද?

      ඩ්‍රැකියා,
      කැමරාවට තමා ඉස්සෙල්ලම වැඩ කොටහ තියෙන්නෙ.

      Delete
  9. බුහැක්. ඒක නං පස්ට යකෝ. අද එකට දෙකක්ම දාල තියෙන්නෙ හිහි
    ඔය උඩ ඉන්න දිල්ශාන් කොළුගෙ කොමෙන්ටුවත් නියමයි.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මොකක්ද මේ දෙකක් කියලා ඇහුවලු.
      දිලා ඇවිල්ලා මා විසින් උත්ප්‍රේරණය කරනලද රසායනික ප්‍රතික්‍රියාවකි.
      ජය!

      Delete
  10. වෙනිවැල්ගැට ටිකක් බීහං. ගම්මිරිස් කොළේ රත් කරලා තවහං. මොනව කරන්නද ඉතිං... :-)

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,
      වෙනි ‘වැල්‘ තියෙනවා බං... ‘ගැට‘ තමා හොයාගංට බැරි...

      මෙන්ඩා,
      ආ...උඹ ආවද? මංනං බිත්තර කට්ටක් අස්සෙ ඉන්නෙ. උඹ කිකිලි ගාවටම වෙලා හිටිං තව බිත්තරයක් දානකං........ඔව්වා කියලා.

      Delete
    2. @ මෙන්ඩා
      නෑ බං වෙනියට කිව්වෙ.

      @ මදාවි
      ගැට හොයාගන්න පුළුවං ටියුෂන් පංතියක් ගාවට ගියොත්... :-)

      Delete
    3. ෂැක්... අපිටනං ඉතිං දරු සෙනෙහස තමා පහල වෙනවා.

      Delete
    4. ෆල ෆල ඩෝ යන්ඩ...!!!

      Delete
  11. චිවා ගැනමයි මේ දවස්වල කවි ලියන්නෙ..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. අනේ බුුදු මචෝ වැරදිලාවත් උඹේ පෝසනල් කොන්ටැක්ට් එහෙම දානවා නෙම් පුරසිද්දියේ. විචා මාමා පිස්තෝලේ මැදගෙන ඉන්නෙ උඹේ කොයි හරියට තියයිද මංදා.

      Delete
    2. මෙන්ඩා පැත්තකට හැරුණොත් වෙඩිල්ල මඟඅරින්න පුළුවං. තුනී ලෑලි බොඩියනෙ...

      Delete
    3. අම්මපා! ඒ වුනාට ඔය තුනී ලෑල්ලෙන් ඕකා කරන හරිය බැලුවම කඳ තිබුණනං කොහොමට හිටීද කියලා හිතෙනවා.

      Delete
    4. මට ඇඩ් එකකටත් කතා කරා..
      ලාලන බිඩි..

      Delete
    5. බීඩි ජාතියක්ද බං?

      Delete
    6. ලාලන ඈ...? අඩු ගානෙ සුසුකි බීඩිවත් නං කමක් නෑ... :-)

      Delete
    7. මං හිතන්නෙ ලලනා වෙන්ට ඕනෑ... මෙන්ඩා ඉතිං ඒ බීඩි ජාතිය ඔතාගෙනනෙ ඉන්නෙ.

      Delete
    8. පට්ට ය‍කෝ....!!!

      Delete
    9. මෙන්ඩා ඉතිං දෙහි කොලේ වගේ තුනී එකා... ඕනි ඕනි හැටියට පතාගෙන ආපු හැටියට ඔතාගෙන යන එකයි ඇත්තෙ.

      Delete
  12. වල් මදවියා.......!!

    ReplyDelete
    Replies
    1. කොහෙද යකෝ නාකි මම මදාවියෙක් වෙන්නේ

      Delete
    2. නිමෝ,
      1. මම ඊයේ මරු චිත්තරපටියක් බැලුවා.
      2. හැබෑට? මොකක්ද ඒකෙ වෙන්නෙ?
      1. සැමියාගෙ බිරිඳ මරණවා ඝාතකයෙක්. ඒකෙන්ම දරුවා ආබාධිත වෙනවා. එ අතරෙ ආබාධිත දරුවා පැහැරගෙන යනවා. එයා හොයාගෙන සැමියා යන්නෙ මානසික ආබාධයක් තියෙන තවත් කාන්තාවක් එක්ක.
      2. හැබෑට? ඉතිං මොකක්ද චිත්තරපටිය?
      1. ෆයින්ඩිං නිමෝ...!

      මම. තෝ කොහෙද යකෝ යන්නෙ හිටි ගමං...?

      Delete
    3. විචාරක,
      බයවෙන්ටෙපා. මම ඔය වචනෙ භාවිතාකරන සේරටම අනතුරු අඟවන්නෙ සමූහ රක්ෂණයක් දාගනිල්ලා කියලා.

      Delete
  13. අද හිටියත් කොල්ලා
    එක දවසක උඹත් පුතේ
    වයසට යන බව සිහියේ
    තියා ගන්.

    ReplyDelete
    Replies
    1. ඊයේ දවසේ කොල්ලා
      අද දවසේ මහළු වෙලා
      සියල්ල වැටහෙනා නිසයි
      මේව ලියන්නේ..........

      Delete
  14. උඹට අර වැඩේට එන්න වෙන්නේ නෑ කිව්වේ ඊකද? කමක් නෑ ඉදිමුම් බැස්සම වරෙන්

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක වුනා අර දවල් කෑමට එනකොට දත් කුට්ටම අරන් වරෙන්

      Delete
    2. හිටපිය දත්කුට්ටම දාගෙන ඇවිත් විකනවා කුට්ටමත් එක්කම ආපහු කොළඹ යන්න.

      Delete
  15. මධාවියො........? එක්කොත් ඕනෙ නෑ.....

    ReplyDelete
    Replies
    1. ඇයි...ඇයි... කියකො. මා ළඟ ඔය තුවක්කු නෑ විචාරක ලඟ වගේ. ඇස් ජී පතුරමක් නං තියෙනවා.

      Delete
    2. කියන්න බෑනෙ සෙට් එක එකතු වෙලා ක්ලේමෝ එකක්වත් ඇටෙවුවොත්.....

      Delete
    3. කට්ටියටම කෑ හැකි.

      Delete
  16. හෙහ් මරු මරු.. දෙවනි එකනම් එක එක විදි වලින් අහලා තියෙනවා.. පළවෙනි එක මරු.. ඒ මනුස්සයා දත් කූට්ටම එක්ක අනිත් ඕන කරන දේවලුත් අරගෙනම ආවනම් හරි.. නැත්නම් කී පාරකට නැඟිටින්න වෙයිද දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. මොනතරං අමාරුවෙන්ද නැගිටිනවා ඇත්තෙ. සමහර විට අවුරුද්දකට සැරයක් වගේ වෙන්න ඇති. මේ ගෑනුත් එක්ක බෑ කියන්නෙ ඕකනෙ.

      Delete
    2. අර ගුලි තුනේ කතාව දන්නවද මදාවි? මං මේල් එකක් දාන්නං.

      Delete
    3. අනේ එවහං සත්තලනෙ. මගේ උල්පත හිඳීගෙන හිඳීගෙන යනවා.

      Delete
  17. පට්ට. මට දෙවෙනි කතාව කියවද්දී PK මූවී එකේ සීන් එක මතක් උනා :D.
    පළවෙනි කතාව නම් අපිටත් කවද හරි වලංගුයි නේ (දත් හැලෙනකන් හිටියොත් ;) )

    ReplyDelete
    Replies
    1. වාසනාවට ඒ තරං කල් ඉන්න වෙන්නෙ නෑ අපිට මේ යන විදිහිට.

      Delete
  18. අරූට දෙවෙනි වතාවට ගැහුව එක නම් වැරදියි.
    උඹ දන්නවද ඕක පොඩි මානසික සංකූලතාවයක්. හුඟක් control freak ලා එහෙමලු. සිරාවටම ඔය කවුරුහරි බෙල්ට් එක දාද්දි ලූප් එකක් අතෑරිලා තියෙනවා දැක්කාම මට ඒක පෙන්නන්න හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. සංකූලතා නේන්නං ඩූඩ්... ඉහිල් වෙනවානං අල්මාරියෙන් ගැලවිලා යනවනෙ. :ඩී

      Delete
    2. උඹ හිතලා බලහං කවුරු හරි ගොනා කානුවේ දාගෙන ඉන්නකොට ඔහොම හිතුනොත් මොනවගේ තත්වයක් උද්ගත් වෙයිද කියලා.

      Delete
    3. කිසිම කාන්තාවකට එවැනි නිවැරදි කිරීමක් කරන්නට නොසිතීමනොවැ ඩූඩ් කරුමය.

      Delete
  19. මම මේක දැක්කේ දැනුයි කියහන්කෝ???
    ඇයි බන් අර අසරණයාට ගැහුවේ....? වැරුද්ද නිවැරදි කර ගැනීම හොද පුරුද්දක් නේ?
    ඊටත් ඔබන එක වැරුද්දක් ද බන්?? අපි ඔය ඔන තරම් ඔබන්නේ? මං කිව්වේ බට්න්!!!

    ReplyDelete
    Replies
    1. ඉස්පෙලිං හරියටම හරිද රූපෙ?
      බට්න් ද බැටන්ද?

      Delete
  20. ඔබන්න ඔබන්න ආස හිතෙනවා විකන්න විකන්න දත් අඩු වෙනවා....

    ReplyDelete
    Replies
    1. ඒයි මස් කටු විකන්න එපා බං...හොඳ මස් තියෙන කෑල්ලක් සපයාගනිං.

      Delete
  21. අති විශිෂ්ටයි සර් !

    ReplyDelete
  22. අඩොව් එන්න ටිකක් පරක්කු උනා ඒ ටිකට බොලා අපේ විචා මාමාට කථා හදලා නේද බොලව් එන්න එපා ඕවට අරි.........

    ReplyDelete
    Replies
    1. මාමේ මෙන්න මැලේසියන් බෑණා ඇවිල්ලා...

      Delete
    2. උඔ අන්තිම ලිපිය ලියලා තියෙන්නෙ 13 අප්‍රේල්..අලුත් දෙයක් ලියන්නෙ නැතෙයි?

      Delete
    3. @ මදාවි
      ++++++++
      මැලේසියන් බෑණ ඇවිත් තියෙන්නෙ කාම පැයේ... :-)

      Delete
    4. මෙන්ඩා,
      අර අවුරුදු උස්සවේදි ඕකාට මොකක් හරි අකරතැබ්බයක් වෙලා මයෙ හිතේ.

      ඩ්‍රැකියා,
      හැක්...හැක්...

      Delete
  23. මාධවී................... දැන් දෙක දෙක දෙනවාද???????

    ReplyDelete
    Replies
    1. ඇයි බං එකක් දැම්මම මුං අංචිය අදිනවනෙ කොට වැඩියි කියලා.
      ආයි මොකටද එකක්... දාන්නංකො දෙකක්ම.

      Delete
  24. දෙවනි එක පට්ටෙත් හොඳම එක බං.... මේ වැඩේට උඹට ගහන්න එකෙක් නම් නෑ මචෝ... මේ ටික එකතු කරලා පොතක් ගැහුවොත් උඹට ඔය බැංකු රස්සාව කොරන්න ඕන වෙන එකකුත් නෑ... ඒ තරන් රහයි බං...

    ReplyDelete
    Replies
    1. උඹ ප්ලස් පොයින්ට් එකක් දුන්නා කියන්නේ ඉතිං රොජර් ඊබට් දුන්නා වගේ තමා.
      අනේ බං ඔය රස්සාවනං නැතුව මොකුත් කොරංට බෑ... ඊයෙත් පඩි වැඩිඋනා අම්බානකට.
      උඹේ කතාවක් දානවා සඳුදාට...බලලා අවංකවම දාපං මචෝ අදහස... ක්ෂණික සංස්කරණ සූදානමින් ඇත.

      Delete