2015-07-20

භූතයා




දවසක් දා කපල් එකක් නගරෙන් ඈතට වෙන්නට
නිස්කලංක තැනක් සොයා ගියෙ සවාරියක් 

ටිකක් ඈත ප්‍රදේශයක තිබුන එහෙම ප්ලේස් එකක් 
කපල් එකද එය දැකලා හරිම හැපි උනේ 


තිබුනා එක පාළු ගෙයක් ඒ හරියෙම තට්ටු දෙකට  
දෙන්නට ආසා හිතුනා ගිහින් බලන්න 

හෙමින් හෙමින් ඇතුල් වෙමින් හොඳින් ගෙදර පිරික්සන්න 
දෙන්න හෙමින් රහසින් කතිකා කර ගත්තා   

යට තට්ටුව පිරික්සලා උඩ තට්ටුව වෙත ඇදෙන්න 
දෙන්න හෙමින් පිය ගැටපෙළ නගින්නට උනා 

දෙන්නම බිය වී ගැහෙන්න මුළු නිවස්න පුරාවටම 
මිනිසෙක්ගේ කාරන හඬ ඇසෙන්නට උනා 

එය ඇසුනේ උඩු මහලෙනි ඇති වූයේ කුතුහලයකි 
මේ කවුදැයි සොයා උඩට ඇදෙන්නට උනා 

දුටුවේ හරි පුදුම දෙයකි සිටියේ වයසක මිනිසෙකි 
පුටුවක බර වී නොසැලී ඉඳගෙන උන්නා

කවුරුද ඔබ මේ නිවසේ ඇයි මේ තනියෙන් ඉන්නේ 
කපල් එකෙන් පැනයක් ඔහු දෙසට යොමු උනා 

මා මේ නිවසට අධිපති භූතයාය කියා හෙමින්   
වයසක මිනිසා පිළිතුරු දෙන්නට වූවා 

කපල් එකට බය හිතිලා ආපසු එළියට දුවන්න 
හදන විටම ඔහු මේ ලෙස කියන්නට උනා 

හා හා බය වෙන්න එපා මම කරදර කරන්නෙ නෑ 
මට පුළුවන් ඕන දෙයක් මවලා දෙන්න 

මම දෙනවා වර තුනක්ම කැමති දෙයක් ඉල්ලන්නට 
අවසන මා හටද යමක් ඔබෙනුත් ඕනේ 

මෙය අසලා සතුටු වෙලා කැමති දෙයක් ඉල්ලන්නට 
කපල් එකම වර එක එක ගන්නට වූයේ 

අපිට ඕනේ සුපිරි ගෙයක් සියළු පහසුකම් සහිතව 
ඒ සමගම කෝටි පහක මුදලුත් ඕනේ 

අවසන් වරයට ඕනේ ගේ වටේට කාර් ගොඩක් 
අපිට හොඳින් ජීවිතෙ ගත කරන්න පුළුවන් 

මෙය අසලා හිස වනලා අත තුන් පාරක් කරකා 
ඔන්න මැව්ව කියලා භූතයා පැවසුවා 

ඒවා දැන් ඔබෙ ඉඩමේ මේ වෙද්දීත් පේන්න ඇති 
යන්න කළින් මගේ වරෙත් දුන්නනම් හොඳයි 

කුමක්ද ඔබෙ වරය තුමනි කියන්න අප හට එය ගැන 
අපි දෙන්නා ඒ දෙය ඉටු කරලා දෙන්නම් 

මට ඕනේ ඔබේ බිරිඳ සමග පැයක් ගත කරන්න 
ඊට පස්සෙ ඔබලා හට යන්නට පුළුවන් 

මෙච්චර දේ දුන්නු ඔබට ඕක දෙන්න බැරි මොකටෙයි 
"මම කැමතියි" බිරිඳ හෙමින් කියන්නට උනා 

පැයක් තිස්සෙ බිරිඳ සමග සතුටු වෙලා භූතයාද
අන්තිමේට මෙන්න මෙහෙම අහන්නට උනා 

වයස කීයදෝ ඔයාගෙ භූතය පළමුව ඇහුවා
තිස් පහක්ය කියලා ඈ උත්තර දුන්නා

තිස් පහකට ඇඟ තරමට මොලේ මෝරලා නැතුවා
ඒකනෙ ඔය තාමත් බූතයො අදහන්නේ






ඇඟ කිළිපොලා යන මේ භූත කතාව මා වෙත ලියා එව්වේ මනාගෙ පින්තාරුව ලියන සංගීත් නිපුන් මනාගෙ පින්තාරුව විසිනි. ඔන්න මනෝ දැම්මා... උඹ උත්තර දෙනවද ඒත් නැත්තං... 

74 comments:

  1. නිස්කාරණෙ රැවටිලා නෙව
    මනාපෙ දෙන අපේ යක්කු
    ගැන ලියමුද පෝස්ට් එකක්
    හිනා මල් හතයි.!!!!
    ..
    අලි දෙන්නම් කොටි දෙන්නම්
    ඉරෙන් හඳෙන් බත් දෙන්නම්
    මුකුත් එපා පොල් පැලයක්
    බෙදලා දෙන්නම්!!
    ..
    ඕවට ජාතිය පාවා
    වාහිණියට දත නියවං
    ඉන්න මෝඩයෝ ඇති කළ
    බූතයන්ට අහුවෙන එක
    'නතින්ග්" තමයි' හරි සිම්පල්'

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++

      Delete
    2. හංසි,
      අන්න ගැලපීම

      ඔමා,
      මේ ඊශ්‍රායල් පලස්තීන දේශසීමා වැටද?

      Delete
  2. එල ද බ්‍රා..
    මේ කතාව ටිකක් වෙනස් විදිහට අහලා තිබුනත් උඔගේ ක්‍රමයට කැමති..
    විචා තනියම ඔය පාලු ගෙදර මොනවා කරනවද කාර කාර?

    ReplyDelete
    Replies
    1. ස්තෝත්‍ර අංක 129 දැනගෙන හිටපු නැති ෆාදර් ට උනා වගේ කැත සීන් එක ඕයි 35 නංගිට උනේ... හැක්.

      Delete
    2. ඡොයින්ට් එකක් ඔතාගෙන කැලනි පාලම උඩට වෙලා ආතල් එකක් දාන්නවත් දෙන්නෙ නෑ බං මේ වලින් BMW එන ඇන්ටිලා..

      Delete
    3. මෙන්ඩා,
      අදනං කනවා කන එක.........හොඳවයිං.

      ඩූඩ්,
      වයි?

      කළණ,
      අනේ දාකො ඒ ඉස්තෝත්තරද මොකක්ද එක.

      මෙන්ඩා අගේන්,
      බලාගෙන.... ‘නයිටිය‘ දැකලා වැටෙයි ගඟට.

      Delete
    4. නෑ නෑ මේක හැලපේ අයියලාගේ ගෙදරදි වුන කතාවක් කමියා දන්නවා ස්ටොරිය.

      Delete
    5. උඹ නිකං අපිට පෙන්නා නොපෙන්නා රහකරකර කනවා නේද?

      Delete
  3. මධාවියා වයසට ගිය කාලෙක කියන්න වෙන කතාවක් වගේ.......

    ReplyDelete
    Replies
    1. කෑමා ලියපන්කෝ අපේ එදා දවස ගැන පොස්ටුවක්

      Delete
    2. එදා දවස ගැන ලියන්න පුලුවන්... ඊට පස්සෙ උඹලා ටික ඉන්නෙ කොහොමද කියන එකයි අවුල.... :D

      Delete
    3. කැමා,
      මොන සැපද බං බූතයෙක් උනත්.

      මෙන්ඩා,
      ඕකා පොටෝ ගහන්නෙ කොහොමද බං අනාගතේ ගැන?
      (කැමා? ඒක නියම නම ඔතෙලෝ කියනවට වඩා... තෑන්ක්ස් මචෝ)

      කැමා,
      බුකියට දාමු. ගොඩක් උන් කරන්නෙ ඒකනෙ.

      Delete
    4. කැමා..
      උඔ ලියපන්..අපිට මඩ පුරැදු නැති එවුන්ද? ඌරන්ට මොන සෞඛ්‍යද?
      මද්ධා
      මම කැමති බ්ලොග් වලට බං

      Delete
    5. අර උඹලා බ්‍රෑන්ඩ් එක ගල් කියනවා වගේ බුකියෙ දාමු කිව්වට මටත් අමු ඇලජික් බං.

      Delete
  4. තන්හා ජායතී සෝකෝ!!
    වයසක ඩයල් ටිකට කරලා බලන්ඩ හොද වැඩක් තමා බන්!!

    ReplyDelete
    Replies
    1. වයසක ඈයො ගන්න ආතල් උඹ දන්නවනං රූපෙ......

      Delete
  5. Replies
    1. අඩේ, මක්කැයි බාන්ස් මේ අකුරූස්?

      Delete
    2. Aathal wedi kamata sathuta daraaganta beri unasbanz. Hik hik. 60k ban. Mama me danne nethi nisa ahanne? Berida ban matath me wage virtual buuthayek wenta.?

      Delete
  6. නියම ටොක්කක් බං...

    ReplyDelete
    Replies
    1. ඒක වැදුනෙ නොදැනිම බං...

      Delete
  7. Replies
    1. තූ නොදකින් විනාඩි 20ක් නාස්තිවුණා

      Delete
    2. මහ ඇදුරෙක් දවසක්දා
      දේශනයක් සිදුකෙරුවා
      වයසක උන්දැල තොගයක්
      ඒ අසමින් සිටියා

      මගේ මාතෘකාව අද
      ගෝස්ට්ල ගැන වේ මිතුරනි
      මෙතන ඉන්නවාද ඔවුන්
      දැක ඇති පිරිසක්

      ඇත පිරිසක්
      උන් දැකලා
      බූතයෝ දුටු පිරිසේ ඒ
      ගණන දාසයයි

      ඉම්ප්රෙසිව් අනේ එයනම්
      ගොඩක් ඉන්නවා දැකලා
      මෙතැන නැද්ද ගෝස්ට්ලාට
      කතාකළ කෙනෙක්

      අත් හතරක් පහක් නොවෑ
      එවර ඉස්සවී ඇත්තේ
      ගෝස්ට්ලාට කතාකරල
      ඇත්තෙ ටිකදෙනයි

      තව පැනයක් මා අසමී
      ගෝස්ට්ලාව ටච් කරපු
      කවුරුන් හෝ මේ සබාවේ
      ඉන්නවද අනේ

      තුන්දෙනෙක් හැබැයි කිව්වා
      මහැදුරාට හරි සතුටුයි
      නොඇසිය යුතු දෙයක් තමා
      ආපහු ඇසුවේ

      හරි දැන් මට කියන්නකෝ
      ගෝස්ට්ලා එක්ක මහවැඩෙ
      කරපු කෙනෙක් ඉන්නවාද
      වියත් සබාවේ

      බීරි හැලපයෙක් හය්යෙන්
      ඔව් කියලා කෑගැසුවා
      මදාවි මාමලට වැඩිය
      එයා පොර වගේ

      මහදුරු නළලත් කැසුවා
      මගේ ජීවිතේට මෙමට
      හමුවී නැත කෙනෙක් එහෙම
      කොහොමෙයි ඇසුවා

      අපොයි එය සුළු දෙයක්නෙ සර්
      තඩලාගෙන බෙන් මැදුරට
      භීෂණ සමයේ තමා
      මම එය කෙරුවේ

      කවුද වැඩට මුලපිරුවේ
      ඔයාට බය හිතුනෙ නැද්ද
      මහැදුරු තුමාට අපේ
      ප්‍රශ්න කෝටියයි

      බයෙන් තමා ගෙට ගත්තේ
      බෙනට් අය්ය දකී කියා
      වැඩේ ඉවරවෙනකම් ඌ
      බෑ මයි කිව්වේ

      පිළිගන්න අමාරුයි නොව
      ගෝස්ට්ලා එහෙම එනවද
      ඔබට මානසික රෝගයක් නොව
      බොල වැලදී ඇත්තේ

      අනේ සොරි සර් මගේ කන
      ඇහෙන් නෑ එහෙම හරියට
      මට ඇහුනේ "ගෝට්ස් " කියල
      හැලපය කිව්වේ..සර්ට එතනම රෙවුනේ

      Delete
    3. මදාවියට විචාරකගෙං...
      ඩිලානෙයට හැලපෙයගෙං...

      බලං ඉන්න අපිට ආතල්...ල්...ල්....ල්...

      හූ... හූ... හූ...!!!!

      Delete
    4. ලඟදිම මාරි බිස්කටුයි ප්ලේන්ටී ලැබෙයි වගේ...

      Delete
    5. පව් යකෝ හැලපයා හියැක් හූ :D

      Delete
    6. ඩිලා මේක පෝස්ට් එකක් විදියට දැම්මනම් එළනෙ බං
      නියමයි
      ජයවේ ඩිලාන්!

      Delete
    7. එල ද බ්‍රා...
      උඔත් අපිට යකෙක් ඩිලා

      Delete
    8. දිලාන්,
      ඒකනං සුපර් බං... (පව් අපේ හැලපයියා) ඇයි විනාඩි විස්සක්...? දහයකිං විතර බෑ...?

      ඩ්‍රැකී,
      සුනීල්....(අල්ලයන්නඅල්ලයන්නඅල්ලයන්න)

      කැමා,
      බලා හිටු.... හම්බුවෙයි මාරි බිස්කොට් අනික් උන්ට.

      ඩූඩ්,
      කාලෙකිං උන්නැහැ ආවෙත් නෑ... කේල් කැං ඉදි ඉදී වැටෙනවා.

      වර්ණ,
      මං කියනවා බං.. අහන්නෑනෙ.

      මෙන්ඩා,
      ඔබ මට යකෙකිය ගණඳුරු රැයකදි හොල්මං කර බය කරන තුරා....

      Delete
  8. මේකට Ctrl+Z ගහලා undo කරන්න බැරිවෙයිද?

    ReplyDelete
    Replies
    1. ඉන් ලයිෆ් එක්ස්පීරියන්ස් නෝ අන්ඩූ මයි ඩියර් ඩූඩ්.

      Delete
  9. හම්මේ මනා මෙවුවත් ලියනවා එහෙනම් ඈ...

    ReplyDelete
    Replies
    1. කවුද හිතුවෙ නේ? කා තුලත් මෙවැනි වල් උන් ඇති බව මේ ඇත්තීට දැන්වත් වැටහේද? (කෝලන් ඩී)
      (අනේ අපොයි කවුද මේ කෙල්ල... කෝ අර කිලියෝපැට්ටරා?)

      Delete
  10. හහ් හහ් හා.......
    මනා තමා පොර
    අර කපල් එකට මොනව හිතෙන්න ඇද්ද නේ...
    හොද වැඩේ නකූ

    ReplyDelete
    Replies
    1. ඒ සැමියා ගැන මතක්වෙන කොට මට වාවන්නෑ මචෝ.

      Delete
  11. විහිලුවක් තුල මහ කතාවක්... එලකිරි.

    ReplyDelete
    Replies
    1. උඹලා කියනකං මටත් දැනුන්නෑ අවංකෙන්ම. (අඩෝ ගුරාපෝතකයා ලිය ලිය)

      Delete
  12. අම්මප බුතයවත් විකුණන් කාලනේ... කෙල්ලට මොටෝ ඉතින් කාර් හම්බ වෙනවා කිව්වනේ..

    ReplyDelete
    Replies
    1. කාර් හම්බුවෙනවනං මොනවා දෙන්න බැරිද නේද? කටුක සත්‍යය.

      Delete
  13. මිනිස්සුන්ට තියෙන වස්තු තණ්හාවෙ හැටියට මේ වගේ ඒවා ඇත්තටම වෙනවා බං
    ජයවේ මධූ!

    ReplyDelete
    Replies
    1. ආයි අහලා... කනවා හොඳම එකෙං...
      ජය!

      Delete
  14. හතරවරන් ජේමා පල නොකරන කමෙන්ට් එකක්‌


    මල සමයන් පයින් යනවා කියන්නේ මෙව්වට. බ්ලොග් කියන්නේ මිනිසුන්ට තමන්ගේ දැනුම අත්දැකීම් තුලින් තොරතුරු බෙදාගන්න තියන් මාද්‍යයය්ක් මිසක් ඔයි මේ වැඩේට තමුසේ තියාගන්නවා ට්විටර් වගේ මගුලක්. පොය්ය දාන්න කැනඩා කෑල්ලකුත් මට සෙට් වෙලා ඉන්නේ කියලා මම පොර වෙලා. පසු කාලීනව මෙතන ඉන්න කෙල්ලෙක්ට කට්ට ගහන තමුසෙලා වගේ පිරිමි තමා ලංකාවේ වැඩි. මේක තමුසේ මැකුවත් මේක කරන්න තමුසේ හදන්නේ කියල අපිට තේරෙනවා . කුණුහරුප කරන් නැතුව වැඩක් ඇති යමක් දානව

    ReplyDelete
    Replies
    1. @ pamela buttressJuly 21, 2015 at 8:40 AM
      // බ්ලොග් කියන්නේ මිනිසුන්ට තමන්ගේ දැනුම අත්දැකීම් තුලින් තොරතුරු බෙදාගන්න තියන් මාද්‍යයය්ක්// කවුද බං එහෙම කියලා තියෙන්නේ.. බ්ලොගර් ද නැත්නම් වෙන කවුරුහරිද? ඔන්නොහේ ඌට ඕනි එකක් ලියාගන්න ඇරල උඹ කැමතිනම් කියවපං නැත්නම් අතඇරල දාපං බං.. බ්ලොග් වලට සීමා දා ගන්න ඕනි නෑ බලෙන්..

      Delete
    2. මේ ජෙමා කමෙන්ට් එකක් පල කරල නැති අවනඩුවක්නෙ ආයුබෝං, කැමති තැන්වල කමෙන්ට් කරල අකමැති තැන් මග ඇරපන්, ලේ පුච්ච ගන්නෙ නැතිව රත්තරනේ.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. නෑ මම මේ යකා පවුද්ගලිකව දන්නවා. මූ මේ ටොන් පච අත ඇර ඇර එන්නේ මෙතන ඉන්න කෙල්ලෙක්ට සිහින උළෙලකදී කට්ට ගහන්න ගදය.අපි එකෙක්ගෙන් කාලනේ ඉන්නේ තව ගන්දයෝ ඕනේ නෑනේ

      පමිල බත්‍රස්

      Delete
    5. http://4warang.blogspot.com/2015/07/blog-post_92.html#comment-form
      ඔන්න ඔය ලිංක් එකේ ඇති pamela buttress ගේ කමෙන්ට් එකයි දාලා තියයන උත්තරෙයි.
      /*සිහින උළෙලකදී කෙල්ලෙක්ට කට්ට ගහන්න*/ හිනා කාලා පන යනවා ඕයි මෙව්වට.
      අඩේ ඇනෝ...ඔබතුමා මාව දන්නවා කිවනේ... අඩේ මං කවුද කියහංකෝ. පෞද්ගලිකවම මාව දන්නවා නං මගේ නම... අඩුම ගානේ මම ඉන්න කෑම්ප් එක වත් කියහංකෝ....

      Delete
    6. මට හිතෙන්නේ මේකා කව්රු හරි කෙල්ලෙකට පැනි හලාගෙන ඉදලා මොකක් හරි හේතුවක් නිසා ඒ කෙල්ල වෙන කෙනෙක් එක්ක සෙට් වෙන්න ඇති.

      /* .... මෙතන ඉන්න කෙල්ලෙක්ට සිහින උළෙලකදී කට්ට ගහන්න ගදය.අපි එකෙක්ගෙන් කාලනේ ඉන්නේගගග*/

      එහෙම ලොස්ට් බුවෙක් නෙමෙයි නං ඔය වගේ කතාවක් කියන්න ඕනි නෑනේ..

      පමිල බත්‍රස් මම මේ බලං ඉන්නේ ඔබ තුමා මම කව්ද කියලා කියනකම් ඈ...
      කට්ටියටම දැනගන්න කියන්න. /* නෑ මම මේ යකා පවුද්ගලිකව දන්නවා */ කියලත් කියලා තියනවානේ...

      Delete
    7. බට්රස්,
      හා මචං....

      මෙන්ඩා,
      ටේක් ඉට් ඊසී ඌර්වසී,

      කළණ,
      අන්න කතාව.

      කම්මල,
      ශාරීරික වගේම මානසික සෞඛ්‍යයටත් මේ උපදෙස අගනේය.

      ජෙමා,
      ඔව්වා ගණං ගන්ටෙපා මචෝ, උඹලා අද ඊයෙ ඉඳං බ්ලොග් ලියනවා නෙමේනේ.

      Delete
    8. මමා.
      මම කලිං ලියපු බ්ලොගේත් ඩිලීට් කරලාම දැම්මේ මේ වගේ උත්තමයෙක් ගද ගස්සන එව්වා දැම්ම නිසා. මොකද ඒ බ්ලොග් එක මගේ රියල් නේම් එකෙං හිටියේ. කලකිරුණ නිසා. ආයේ ඒ ටික වෙන්නෑ...
      කොහේවත් ඉන්න එකෙක් නිසා ලබු කිරිබත් කන්නේ මොනවටද මචං මමා. හෙට පුංචිගේ පැටියට කිරි අම්මා දානයක් දෙනවා. ගමකට වැඩ තියනවා. මම යනවා පොඩි හෙල්ප් එකක් දෙන්න.

      Delete
    9. පුංචි පැටියාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!

      Delete
    10. අහ්... පොඩ්ඩක් වැරදුනා. පුංචිගේ පැටියාට...

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. මේක වෙනද වගේ ආතල් එකක් විදිහට හිතට නොදැනුනේ , ඇත්තටම මේ පෙරේතයො බූතයො, කට්ටඩියො විශ්වාස කරල ඇත්තටම රැවටෙන පිරිස මෑත කාලෙ වැඩිවෙලා, එහෙම නැත්තම් ඉස්සර ඒව වැඩිය පබ්ලික් වෙලා නෑ.
    ආ... ඔය වැඩෙන් පස්සෙ බූතයට උන ගැනුන කියල එහෙම කිවුවෙ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. අපේ මිත්තරයින්ටත් අවස්තාව දෙන්ට එපායැ. උන්ගෙ කාව්‍යකරන හැකියාවට සලකමු මචෝ. මම වැරැද්දක් කලාද මන්දා අන්තිම පදේ එඩිට් කොරලා. කෝ අහගන්න මනා අාවේ නෑනෙ තාම.

      Delete
  17. මනා ඔයා..???
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අහිංසා වගේද පේන්නෙ?

      Delete
  18. මමා
    /* තිස් පහකට ඇඟ තරමට මොලේ මෝරලා නැතුවා */
    එල ඇ...

    ප.ලි.
    මමා = මධු මාධවී ඈ

    ReplyDelete
    Replies
    1. තැන්කු මචෝ... මොනවා උනත් උඹ සැලෙන්න එපා... අපි ඉන්නවා උඹත් එක්ක.

      Delete
  19. මේ...
    ඔය උඩ කමෙන්ට් කරලා තියන pamela buttress July 21, 2015 at 8:40 AM මම (ජෙමා) කව්ද කියලා පෞද්ගලිකවම දන්නවා කිවනේ.. ඒක නිසා ඒකාගේ කොන්ද පන තියනවා නං කියාවි මගේ ඇත්ත නම. එහෙම ඒකා කියලා තිබුණොත් ඔය තියන පහල ලිංක් එකට ගිහින් කවුරු හරි කමක් නෑ කමෙන්ට් කරන්ඩ.

    http://4warang.blogspot.com/2015/07/blog-post_21.html?showComment=1437490531379#c2740688422485769397

    ReplyDelete
    Replies
    1. ඔය ඉතිං...
      සැලෙන්න එපා කිව්වනෙ බාන්ස්... බලපංකො මෙන්ඩා, කළණ, කම්මල සේරම උඹේ පැත්තට හිටු කියලා කොමෙන්ට්ස් දාලා තියෙන්නෙ. ඔය ‘රැලි‘ නොට් ලෝං ලාස්ටිං මචෝ...

      Delete
    2. ඕව පස්සෙන් ගිහින් උත්තර දෙන්ඩ එපා බං, හා මචං කියල නිකා හිටපන්.

      Delete
    3. අන්න ඒකනෙ කියන්නේ කම්මලේ මාත්.

      Delete
    4. අපිට වැඩකුත් නෑ ඌට වැඩතුත් උඔගේ ඇත්ත නම ඉන්නෙ කොහෙද..? අපිට පාන්ද බං? අපිට වටින්නෙ උඔ ලියන ඒවා විතරයි..අතඇරලා දාපන් ඡෙමා..
      හා.හා..ඒවා වැඩක් නෑ පාටිය දෙන්නෙ කවදාද කියපන්?

      Delete
    5. මෙන්ඩා කියුවැහේ අන්න එහෙම වැදගත් දෙයක් කතා කරහංකෝ

      උඹ ආප්ප ඇප්පුරුවල් දාල තියෙන්නේ ඇයි කියල දැං හිතාගත්තහැකි , අනේ ඒ උනාට එහෙම උණහම හෙන වාතයි බං

      Delete
    6. මෙන්ඩා,
      අනිවා, ලියන දේයි වැදගත්. ලියන එකාගෙ රවුංද ලොකුද කියන එක අපිට අදාල නෑ.

      අටම්ස්,
      ආප්ප ඇප්පුරුවල් හොඳයි අර පහුං දොහේ ජෙමා තියපු කුවිස් කොම්පෙටිසොං එක වගේ එව්වට.

      Delete
  20. මම ඔය භූත පාට එක නවත්තලා දැන් හුඟක් කල්. කවුද උඹට කිව්වේ?

    ReplyDelete
    Replies
    1. ඕනි සැප ටික ගත්තට පස්සෙ අතඅරින එක බූතයින්ටත් පොදුයිනෙ බැලුවම.
      අනේ මන්දා මටත් මේ...බව්වෙක් තමා කීවෙ.

      Delete
  21. වෙරි සොරි වෙන්න ඕනෙ කමෙන්ට් එක දාන්න පරක්කු උනාට මධු. සැහෙන්න බිසී උනා මේ වීක් එකේ. කමෙන්ට් එකක් දෙකක් බ්ලොග් කීපෙකට දැම්මට මට මේකට නිවී සැනසිල්ලෙ කමෙන්ට් එකක් දාන්න ඕනෙ උනා.

    ගොඩක් සන්තෝසයි මං ලියල එව්ව එකක් මධුගේ බ්ලොගේ තියෙනවා දැක්කම. ඒ වාගේම කමෙන්ට්ස් වලටත් ස්තූතියි. මං තව එවන්න බලන්නම්කො :D. අපිට මධූ තරමට ලස්සනට ලියා ගන්න බැරි උනත් මධූ හඳුන්වල දුන්න කවියෙන් විහිළු කතා ලිවීමේ ඉස්ටයිල් එකට සෑහෙන්න හිත ගියා. ඒ ආසාවට අපිත් කොහොම හරි ට්‍රයි කරලා ලියල දාන්න බලනවා.

    මධූට ගොඩක් ස්තූතියි මේක බ්ලොගේ පළ කලාට :)

    ජය වේවා!!!

    ReplyDelete
  22. මේක මරු.
    මාත් ලිව්වා මේ වගේ ඉලව්වක්.
    මට පද්‍ය බෑ නෙ.
    ඕන්න මං ලියපු එක.
    https://www.facebook.com/mahinda.gunawardana.5/posts/2166003930108147

    ReplyDelete