2015-07-15

නරක හා නරකම


(තනුව කොළඹ ගිය ගමයා (කොළඹගමයා නොවේ) ගීතය අනුවය)

බැඳපු ජෝඩුවක් දවසක් දොස්තර වෙතට
ගියේ බිරිඳගේ ලෙඩකට බෙහෙතක් ගන්න
ලේ සහ මුත්‍රා දෙක ටෙස්ට් කරන්න කිව්වා
පහුවෙනිදා රිපෝට් අරං දෙන්නා ආවා


දොස්තර තැන නළලේ රැලි ටිකක් නංවලා
සැමියව වෙන කාමරයක් වෙත කැඳවාලා
වාර්තාවෙ හැටියට මට කියන්න වෙන්නේ
නරක එකක් හා නරකම තවත් එකක්නේ

මොකක්ද ඩොක්ටර් ඒකෙන් නරක තොරතුර
කියන්නකෝ මගේ හිතට නොකර කරදර

ඔබේ බිරිඳ පිළිබඳ ඇති නරක තත්ත්වය...
ගොනෝරියා විශේෂයක් වැළඳිලා ඇත...
ජීවිතේට එක පාරයි එය පිළිබඳව...
අසා ඇත්තෙ මමත් මෙතන එයයි ගැටලුව...

ඒක නරක තත්ත්වයනම් ඊටත් නරක...
තවත් දෙයක් ඇතිද ඩොක්ට, කියන්න ඒක

මේ ගැන අහලා තිබුණේ එකම එක වරයි
ඒකත් මට කිව්වෙ මගේ යාලුවෙක් තමයි

මිනිහා මේ පැත්තෙ ඉන්න පශු වෙදා තමයි
ලෙඩේ හැදිල තිබුනෙ අපේ බල්ලාට තමයි





110 comments:

  1. හම්මේ,,, අද 14 නේ කොහොමද මේ පෝස්ට් එක 15 කියලා දිනේ පේන්නේ ,,

    ReplyDelete
    Replies
    1. ඊය කිය කියා මේ වල් කතාම බලන
      'උඹ වගෙ එකියක් අම්මප' නිකමට සිතිණ

      Delete
    2. ඔමා,
      ජාත්‍යන්තර දින රේඛව වැටිලා බං ඊශ්‍රාෙලයි මේශ්‍රායලෙයි අතරෙ.

      දිල්ෂාන්,
      අනේ ඕකිට මුකුත් කියන්න එපා. හිත හොඳ ඕපොං කෙල්ල.

      Delete
    3. ඩිල්ශාන් :((( තමුන් දැන් කනවද පස්සේ කනවද ?

      Delete
    4. ඔමා
      දැන් භාගයක් දිලා දිලාට ඉතුරැ ටික ඔතලා දෙන්න මගදි කන්න..

      ඇර..සෝලෝ...
      එන්ඩෝ..දුවලා එන්ඩෝ...3 වෙනි ලෝක සංග්‍රමයෙන් භාගයක් පෙන්නවා

      Delete
    5. ඔමා,
      දිලා පොලී රහිත පසුව කෑමේ පහසු ක්‍රමයට කනවලු.

      මෙන්ඩා,
      චන්ද්‍රිකා සහ මහින්ද ගැටුම දැන් ඇරඹුනා... (ඔමාට චන්ද්‍රිකා පේන්ට බෑ...හිකිස්)

      Delete
    6. @ඔමා - කන දෙයක් නං පහුකර කර ඉන්න හොඳ නෑ අපූ. දැංම දියං
      @මෙන්ඩා - එහෙමත් නරක නෑ බං. කොහොමින් කොහොම හරි මටමනෙ හම්බවෙන්නෙ
      @මාධවී - යකෝ මං තොට අපහාස නඩු දානවා.... #$@#*

      Delete
    7. මට මාදාවියා කියනවාට තොපි ඔක්කෝටම මම දාපු අපහාස නඩුව ඉවර වුණාම දාපාං මල්ලී.............

      Delete
  2. අපොයි දෙයියනේ දැන්නම් ඉඳලා මොකටැයි
    ගෑනි බාරගන්න වෙන්නෙ බල්ලටම තමයි

    මොකෑ බං ‍මේ අවේලාවෙ පබ්ලිස් කොලේ?

    ReplyDelete
    Replies
    1. මචං ටයිම් ෂෙඩූල් කරලා දානකොට ඔහොම අකරතැබ්බ වෙනවා. ඇයි නැකත පහුවෙලාද? :D

      Delete
    2. හැබැයි රජෝ බොට ඔහොම ගිහිං ‘නැකත් පත‘ වෙනවා කවද හරි. හැක්...

      Delete
    3. දැනුත් නෑ වගේ තමා බං... බොලා ගහන මඩ මරාලෙ හැටියට.

      Delete
  3. "බූදල්මි. සියොවැ ආමී" ++++

    ReplyDelete
    Replies
    1. ‘බැලු බැලූ බොහෝ දන ගී කවි ලියූවෙන් නොලීමි‘ ද?

      Delete
  4. හුටා , එතකොට බල්ලට ඒක හැදුනේ එහෙමයි ඈ :P

    ReplyDelete
    Replies
    1. අන්න බලමුකො ඩොකාටයි වෙටාටයි මිනිහටයි නොතේරුණ එක උඹට තේරුණ හැටි!

      Delete
  5. ගෑනි ගොනෝරියා හදාගන්නකම් සද්ද වහල හිටපු මිනිහාට තියෙන ලෙඩේ මොකක්ද දන්නේ නෑ නේද??

    ReplyDelete
    Replies
    1. ඌ නිකංම ‘ගොනා‘ රියා වෙලා.

      Delete
  6. හැමදේම ගැන ම වැරදියට හිතන්ඩ එපා බොලව්!!! හුලගින් ගහගෙන ඇවිත් සාය උඩගිය වෙලාවක හැදෙන්ඩ ඇති බන්!!
    නැත්තම් ඉතින් බල්ලා ව හුරතල් කරලු වෙලාවක වෙන්ඩ ඕනේ!!

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම විද්‍යාත්මකව සාධාරණීකරණය කරපල්ලකො...නැද්ද බං.

      Delete
    2. ඔහොම කතාවක් අපේ ඩොක්ටර් මාමා කිව්වා.

      Delete
    3. කියෙව්වා බං... එළ!

      Delete
    4. ඩ්‍රැකි
      එල ද බ්‍රා..
      මේ බරිදටත් හාමුදුරැවන්ට හැදුන විදිහටද දන්නෙ නෑ ලෙඩේ හැදුනෙ.

      Delete
    5. හෑ... ඒ කියන්නෙ ගල්තලාවෙ ගෑවෙන සයිස්ද?

      Delete
    6. ගල් තලාවෙ ගාගෙන, පොකුණට කාන්දු වෙලා...

      Delete
    7. කුට්ටං පොකුණ.

      Delete
  7. තවත් ඔහොම නෝනා කෙනෙක්
    වී ඕ ජී ලගට ඇවිත්
    මට උදේට ඔක්කාරෙට
    එනවා කිව්වා



    දොස්තර මහතා දුන්නා
    කට පොඩියට බෝතලයක්
    මේකට පොඩි හුජ්ජ එකක්
    ගේන්න කිව්වා

    අනේ ඩොක්ට මම දන්නවා
    ඔයා හිතන දේ විස්තර
    මගේ මිනිහ මියැදිල්ල
    අවුරුදු හතරයි

    ඒ වුනාට මුත්‍රා ටිකක් අරගෙන
    බලමු කිව්වා
    ලැබ් එක ඇතුලෙදි ඩොක්ටට
    බොට්ල් වැරදුණා

    බඩදරු අම්මෙක්ගෙ හුජ්ජ
    රිපෝට් එක සමග මැගේ
    වාර්තාව මාරුවුණා
    අලි මලකෙලියයි

    ඒ වුනාට සුදු නෝනේ
    ඔයා නරක වැඩ කරලා
    දන්නවාද ඔයාගෙ ඔය
    බඩට පස්මසයි

    අය්යෝ දොස්තර මහතෝ
    මේක පුදුම කාලයක්නෙ
    රත්නවාලු ගෙඩියකවත්
    විශ්වාස නැතේ

    එහෙම දෙයක් වෙන්න බැරිද
    රිපොට් මාරුවෙන්න බැරිද
    වනචර කටකතා කියන්නෙප
    මදාවියෝ..........

    ReplyDelete
    Replies
    1. ‘රත්නවාලු‘...හැක්...හැක්... එළකිරි.
      හීන් නූලෙන් දුන්නා නේද එකක්?

      Delete
    2. ඩිලානුත් පට්ට වනචරයෙක් වෙලා ,මේ මදාවියා නිසා

      Delete
    3. ඩිලාන් තුල සිටින ඒ අකලංක වනචරයා එළියට ගැනීමේ ගෞරවය ඔහොමද තොපි දෙන්නෙ මට?

      Delete
    4. වෙජිටේරියන්, ටීටෝල, සතියට දවස් 2ක් පන්සල් යන ළමයි 3 දෙනෙක්ගේ තාත්තා කෙනෙක් හුදී ජන පහන් සංවේගෙට ඉල්ලුමට සැපයුම දුන්නාම ඔහොමනම් තොපි හිතන් ඉන්නේ ඊලග සතියේ ඉදන් ත්‍රිපිටකය කවි කරන වැඩක් පටන් ගන්නම්.
      මදාවිය කියන හැම කතාවකට සිමිලර් කතාවක්නේ මම දැම්මේ. දාන්නද සමාන තේරී ගතවක්හරි ධම්මපදයෙන් කොටසක්

      Delete
    5. අඩේ සම තත්ත්වයේ පියෙක්නෙ බැලුවම. උඹ සැලෙන්ටෙපා මස්සිනා. දෙමු ඇස්ටි සැලෙන්න. මම ඉන්නවා ඕනි දේකට.

      Delete
  8. හරි දැන් බල්ලට ඔය ලෙඩේ හැදුනේ කොහමද?
    පශු වෙදාටත් හැදිලද?

    ReplyDelete
    Replies
    1. මටත් පුරස්නෙ බල්ලට හැදුනු හැටි තමා. හැබැයි මේ වෙනකොට කී දෙනෙක්ට බෝ වෙලාද දන්නෑ...

      Delete
  9. අන්න ඉවානයා නවකාතාවක් ලියලා ..අම්මේ ඒකේ දිග මට කියවන්නම පැය 3ක් ගියා.

    ReplyDelete
    Replies
    1. එහෙම හරි ඌ මොනා හරි ලියන එක ගැන මට අප්‍රමාණ සතුටුයි මෙන්ඩො. මම ගිහිං ආවා විතරයි.

      Delete
    2. අපි උඔලට කරදර කරනවා ලියපන් ලියපන් කියලා..නොදන්නවා නෙමෙයි ලියන්න තියන අමාරැව ඒත් උඔලාගේ හැකියාවන් උඔලටත් වඩා වටින්නෙ අපිටයි මේ රටටයි.

      Delete
    3. තැන්කු... තැන්කු....
      (මං නැතිදා මේ බොග උඹටයි, උඹේ යහළුවන්ටයි, යෙහෙලියන්ටයි//)

      Delete
  10. අහෝ පිංවත. ඔබෙ කුප්ප කට.
    හැබැයි දැං ඔය පෙදේසෙ ඔය පස්නෙ උග්ගත වෙන්න පුලුවං.
    අර නෝනගෙං නෝනගෙ මහත්තයට එයාගෙං වෙන නෝනලට ඒ නෝනලගෙං වෙන මහත්තුරුන්ට
    හම්මේ ඉතිං පව් නේ බල්ල
    නෑ මං කීවෙ බැල්ලියො ටික
    If you know what I mean

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනෙ මචෝ මං මෙන්ඩටත් කිව්වෙ.
      (අනේ කටට බනින්න එපා බං... මං කටක් ඇරල ඕවා කියවන්නෙ නෑ)

      Delete
  11. හෆ්ෆේ! මූ නම් මදාවියෙක්ම තමා.

    ReplyDelete
    Replies
    1. නම දාලා තියෙන්නෙ බොල. දැන් ඕකට විශේෂණ හොයපල්ලා. (වල්, වනචර යනාදිය දැනටමත් භාවිතාකර අවසන්ය)

      Delete
  12. හිනා කටයි මල් දෙකටයි..

    ReplyDelete
    Replies
    1. මල් දෙකටයි තමා... කෝ ඉතිං ලියපිය තව කෙටි කයියක්කත්.

      Delete
    2. එව්ව දැම්මාමත් තොපි බනිනවා කම්මැලිය කියලා. අනේ මංද. හිටිං ඒකක්වත් දාන්නම්.

      Delete
    3. කවද්ද බං මේ ලෝකෙ මනුස්සයින්ව මුළුමනින් තෘප්තිමත් කරන දෙයක් බිහිවුණේ?

      Delete
  13. පව් බං අර විචාරකයා - බල්ලො ඔක්කොටම වෙඩි තියන්න ඇති ඊට පස්සෙ.

    ReplyDelete
    Replies
    1. අදනං පොර පරක්කු ලෝඩ් කරගෙන එන්න ඉන්නවා ඇති. රවුම් හයම පෙලට තියල දායි ඩිෂුම්...ඩිෂුම් කියලා බොටයි මටයි තුන ගානෙ.

      Delete
    2. ඩ්‍රැකිට දෙකයි..
      මධුට දෙකයි
      මෙන්ඩට දෙකයි

      Delete
    3. අපොයි! අමතක වුනානෙ.
      උඹට පතුරං බාගෙයක් මදිද මචෝ... නිකං ෆ්ලයිවුඩ් බොඩියනේ........

      Delete
    4. මගේම නෙතු යුග අසරණ මා ඇයි 
      මේ ලෙස රවටන්නේ .....
      මගේ සවන් යුග තනිවූ මා සිත 
      ඇයිදෝ .....රිදවන්නේ .....

      යන එන මාවත ගැවසෙන රූ මැද 
      ඇයගේ රුවම මවා ....
      මා රවටා හිනැහෙන්නට තරමට 
      නෙත් යුග කුරිරු වෙලා 

      නිසසල හැම විට සිහිනෙක විලසට 
      ඇයගේ හඬම නගා....
      මා රවටා සැනසෙන්නට තරමට 
      දෙසවන් නපුරු වෙලා 

      ගී පද -කුලරත්න ආරියවංශ 
      ගී තනු - රෝහණ වීරසිංහ 
      ගායනය - සුනිල් එදිරිසිංහ


      පැයේ විචාරක ගීතය ...

      Delete
    5. හරේ..විචා සින්දුවටත් වෙඩි තියනවා..
      මට එක උන්ඩයයි ඌට එකයි

      Delete
    6. සින්දුවා සහ මෙන්ඩා,
      ඔහොම ගි‍යොත් අන්තිමට දෙන්නෙක් අතරින් කැත්තක් උඩු අතට හිටෝලා තලේට තමා වෙඩිතියංට වෙන්නෙ.

      Delete
    7. මට ආසයි සුවාතාගෙ මුණුපුරාට මිනිස්ස ඩ්‍රැකාතා කියනවා බලංට+

      Delete
    8. ඒක හරිම හුරතල් නම බං.

      දැනටම පොඩි මෙන්ඩා මට ඩ්‍රැකී මාමා කියනවයි කියන්නෙ...

      Delete
    9. ඒක ඇත්ත ඩ්‍රැකි මාමා පොඩි මෙන්ඩාගේ කතන්දර ලෝකයේ විරයා..

      Delete
    10. ඩ්‍රැකී,
      ඔය ප්‍රොෆයිල් පික් එක දැක දැකත් බය නැතිව මාමා කියනවද?

      මෙන්ඩා,
      උඹට කවද හරි පොඩ්ඩව ලෝයර් කෙනෙක්නං කොලෑකි.

      Delete
    11. @ මදාවි
      කලිං කිව්වෙ “හප්පා මාමා“ කියලා... :-)

      @ මෙන්ඩා
      ඒක බං මට මාර විදිහට දැනුනා...

      Delete
    12. “හප්පා මාමා“.........? හික් හික් මෙන්ඩගෙ පොඩ්ඩ එළ කොල්ලෙක්නෙ.

      Delete
    13. පව් බං අර විචාරකයා - බල්ලො ඔක්කොටම වෙඩි තියන්න ඇති ඊට පස්සෙ.

      අපෝ සර්ට පුල්වන්ද බන් බල්ලන්ට වෙඩිතියන්න ටෙරාලටවත් හරියට කෙලින් තින්න බැරිවෙච්ච එකා අපහාස කරන්න එපා අපේ සර්ට එයා ලේප්ටිනන්ට් කර්නල් කෙනෙක්

      Delete
  14. මේකටපොලිටිකලි කරෙක්ට්, බල්ලන්ගෙ හිත නොරිදෙන කමෙන්ට් එකක් මතක් වුනාම දාන්නම්.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ, පොලිටිකල් බල්ලන්ගෙ හිත නොරිදෙන කරෙක්ට් කමෙන්ට් එකක්?

      Delete
  15. Replies
    1. පව්වා බව් බව් ගාන්නෙත් නැල්ලු... බව්........

      Delete
  16. මට තේරුනා මධුවෝ. ඊයේ පෙරේදා ඉඳලා අපේ බල්ලා ඇවිදින්නේ අමුතු තාලෙකට. හරියට ඩ්‍රිල් මැෂින් එකේ කටුව ගැලවෙලා වගේ. හ්ම්...............

    ReplyDelete
    Replies
    1. හැක්...හැක්... ඒ කියන්නේ චක් එකෙං අනිනවා වගේද? උන්ගෙ ඩ්‍රිල් කටුව තියෙන්නෙ කොහොමත් චක් එක ඇතුලෙනෙ.

      Delete
    2. හදිසියට ඇදං දුවන්න ගිහිං...?

      Delete
    3. හදිස්සියෙට ‘ඇඳෙං‘ දුවන්න ගිහිං.

      Delete
  17. "ඉරණම් විසඳුම සතෙකුට දෙනවා
    තිරිසනෙකුට මිනිසෙකු පරදිනවා"

    හැක් හැක් ....

    ReplyDelete
    Replies
    1. අශ්වයෙක් නෙමෙයි බාන්ස්.... බව්වෙක්.

      Delete
    2. බුකි වල දැන් බල්ලොත් දුවනවා...සින්දුවා ඒක කියලා තියෙන්නෙ

      Delete
    3. අනේ බොලන් උඹ බල්ලගේ පිටින් ඔක්කොම යවනවානේ .උඹට ගෝ ### කියලා කියන්නේ නැතිව ...හිකිස්

      Delete
  18. උදේ ඉදං මේකට දාන්න කමෙන්ට් එකක් මතක් උනේ නෑනෙ. හොදට, විනීත ළමයෙක් උනාම තියන ප්‍රශ්න ඕං .

    ReplyDelete
    Replies
    1. විනිතාගේ ළමයා දැන් මේක දහ දොලොස් සැරයක්වත් කියෙව්වද?

      හා.හා..චුටි පැට්ටා අඩන්නෙ නැතුව පස්සෙ කමෙන්ට් එකක් දාන්නකෝ

      Delete
    2. කම්මල,
      ඒ කියන්නෙ වල් හිතට විනීත කොමෙන්ටුවක් එන්නෙම නෑ..?

      මෙන්ඩා,
      විනීතා මන්දා බං...... වනීතාටනං ළමයි නෑ කියලා මං දන්නවා.

      Delete
  19. පුංචි බලු රාලේ - මා ගෙදර නැති වේලේ
    කවුද මගෙ බෝලේ - පෙරල පෙරලා ............

    ReplyDelete
    Replies
    1. ඔය පෙරලලා තියෙන්නෙ....... බෝලෙ.

      Delete
  20. ලොකු ලොකු තාප්ප වලින් වට උනු
    මැස්සෙක්ට වත් යන්න බැරි
    ලොකු ලොකු ගෙවල් වල
    ලොකු ලොකු බල්ලො
    ලොකු ලොකු වැඩ කොරනවා කියන්නෙ මේක වෙන්ටැ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. උඹට කියන්න.... බල්ලෙක් වෙලා ඉපදුනානං හොඳයි කියලා හිතෙනවා බං.

      Delete
    2. ඔව් ඔව් හොඳයි කියල හිතෙයි මේ අපි අටම්ලා වගේ කොල්ලෝ පූට්ටුව ගැලවෙන්න ගලකින් ගැහුවාම.


      අර බුදුබණ ඇත්තයි කියන්නේ මචං ඔය අන් සැපතට කරපු බාධා අපි පස්සෙනුත් සමහර වෙලාවට එනවා

      Delete
    3. බොලව් උඹලට ගල් ගහන්න පාරෙ නෙමෙයි අපි උපදින්න පුරාර්තනා කොරන්නෙ. අර ගස් ලබ්බ කිව්ව වගේ ලොකු ලොකු ගෙවල් වලා ලොකු ලොකු බල්ලෝ වෙලා ලොකු ලොකු නෝනලාගෙ සෙවනේ............... අන්න මල්ලි සැප...හුහ්...

      Delete
    4. ඒ වුනාට බං ගැටේ හිරකරගන්න දේනනෑලු ලොකු නෝනලා.

      Delete
    5. ඒ ව්‍යුහය එහෙම හැදුනනං අපිත් කොටු පැනලා හමාරයි.

      Delete
    6. එහෙනං උඹ කපෝතියි... හූ හූ...

      Delete
    7. එදාට කාටද ආඩම්බර? අම්මපා සෙල්‍‍‍ෆියක් ගහලා දානවා බුකියට මංම.

      Delete
  21. චීකේ යකූ වල්.....
    හරි එව්වා වැඩක් නෑ... බව්වට කෝමෙයි ඔය ලෙඩේ හැදුනේ...???

    ReplyDelete
    Replies
    1. ඊට කලින් කියපං උඹට ඔමාගෙ ලෙඩේ හැදුන හැටි.

      Delete
  22. හැක්.. මෙහෙම බලු කතාවක් මයි කියුවොත් මේකා කියන්නේ..

    ReplyDelete
    Replies
    1. ඇයි බං... ඌරු කතා, ගොං කතා, කුකුල් කතා?

      Delete
  23. බලු මෙහෙයුම.

    ReplyDelete
    Replies
    1. ඔපරේෂන් කානිස් ෆැමිලියාරිස්

      Delete
  24. බලු කතාවල් ඇදගෙන බල්ලන්ටමයි මේ මිනිස්සු වරද පටවන්නේ. අර ෆ්‍රෙඩිය කියල තිබ්බේ කොමිස් ගහන්නෙත් බෙල්ල කපන්නෙත් ඌට කියන්නෙත් බල්ලා කියල.

    ReplyDelete
    Replies
    1. හිටියා උදාර කොල්ලෙක් ඌට හිටියා හොඳ සැර බල්ලෙක්
      පළාතෙ එන්නෑ බිල්ලෙක් උගේ ඇඟේම නෑ එක මැක්කෙක්
      දවසක්දා ඌ දික්කරගෙන කළු හොම්බත්
      සිටියා පණනැති මැළවුන ගතියෙන් හෙම්බත්
      කෑම කන්නේ නැ බුරන්න යන්නෑ නගුට වනන්නැ ලෙව කන්නේ නැ
      නෑ ....... හරිම ලෙඩක් ..

      බල්ලට වැඩියෙන් කොල්ලයි දැන් ගොරවන්නේ
      කොල්ලට වැඩියෙන් බල්ලයි දැන් ඔරවන්නේ
      තොට මස් කටු ඕනද බලු සුප් ඕනද ගස් ලබු ඕනද පපඩම් ඕනද
      ඌ ...... උපවාසේ ..

      මේ මොන දෙයක් ද කියලා දැවෙනවා කොල්ලා
      නොකා නොබී ඉඳ හොම්බෙන් යනවා බල්ලා
      තොට දම්වැල එපාද කුඩුව එපාද තලන්න එපාද කරන්න එපාද
      කෝ ....කියන්නේ නැ

      මේ ගැන හිතලම කෙට්ටුයි දැන් අපේ කොල්ලා
      දවසින් දවසම දිරාලා යනවා බල්ලා
      දෙන්නද බුල් වැක්කෙරෙන කන් දෙක එල්ලෙන ඇස් දෙක නටවන සුනඛ ධේනුවක්
      නෑ ....කියන්නේ නැ

      දැන් දැන් බල්ලගේ තත්වය තරමක් උග්‍රයි
      මාරයා සමගත් දැන් මු හොඳ හැටි මිත්‍රයි
      පන අදින ගමන් මූ වනලා දෙකන්
      කියනවා මු දැන් මෙහෙම බොලන්
      ඒ ....අහගල්ලා ...

      ස්වාමියාට ඇති කීකරුකම අපි අරින්නේ නැ
      එනමුත් බල්ලා කියනා නම රැක ගන්නත් නැ
      මිනිසුන් අතරේ පොකැට් ගහන්නේත් බෙලිද කපන්නෙත්
      උන්ට කියන්නෙත්.........
      බල්ලා බල්ලා බල්ලා බල්ලා
      බල්ලා බල්ලා බල්ලා බල්ලා ...

      ගායනය - ෆ්‍රෙඩි සිල්වා
      පද රචනය - හර්බට් රන්ජිත් පිරිස්

      Delete
    2. අජිත් අයියා,
      කොහොමත් ළඟම මිතුරාටනෙ කුණු කන්දල් කරගහන්න වෙන්නෙ.

      සින්දුවා,
      පොඩි කාලෙ හෙනම ආස සින්දුවක් සින්දුවෝ.

      Delete
    3. කොළඹ ගමය තලයට කියන්නේ සින්දුවක්ද ? එක දැනුයි දැක්කේ ? මට නම් කිව්වේ - එහෙනං ........

      Delete
    4. කොළඹ ගිය ගමයා තනුව.
      ඇයි අජිත් අයියෙ අර සින්දුවක් තියෙන්නෙ හාමිනෙත් එක්ක කොළම ගිහිං දන්සැලක් කියලා හිතලා හෝටලේකින් කාලා හවඩිය දීලා බේරිලා ගෙදර ආපු හැටි.

      Delete
  25. දැන් වැස්ලින් මාකට් කරල ඉවරද බං....?

    ReplyDelete
    Replies
    1. ඔව් බං... පොඩි ඇනිමල් කිලිනික් එකක් දාංට කියලා.

      Delete
    2. හපොයි බල්ලො ටික...

      Delete
    3. ඒ ඇනිමල් කියන්නෙ බල්ලො විතරයැ බාන්ස්.
      (උඹ වරෙං පෝස්ට් මෝටම් පොටෝ ගහංට)

      Delete
  26. ආයි නං එන්නෙ නෑ මේ පැත්ත පලාතෙ .. අපි නිකං වල් වෙනව ...
    ඒක නෙමේ එතකොට අර බල්ලට කොහෙන්ද ඒක බෝඋනේ

    ReplyDelete
    Replies
    1. වෙල්කම් වේවා! (මදුරුවෙකුට වීසා දුන්නෙ ෆස්ට් ටයිම් ඈ...)
      අඩේ... ආ පයිංම ආපහු යනවද? පොඩ්ඩක් හිටිං අර බෝඋන කෙරමෙ අහගෙනම යං.

      Delete
  27. Replies
    1. අප්පට සිලි පත්තරෙත් දාලා...! තැන්කු තැන්කු.

      Delete
  28. http://sinhala.lankanewsweb.net/index.php/features/2013-07-01-07-49-32/17779-2015-07-16-21-53-57

    ReplyDelete
    Replies
    1. අප්පට සිලි ඩුවල් සිටිසොන්සිප්...!
      x=2(තැන්කු+තැන්කු)

      Delete
  29. Adaa.. Mewwanam international poetic kunuhabba wage.. Loooool..!!

    ReplyDelete
    Replies
    1. Oh yeah............International dirty jokes.

      Delete