2015-09-17

මැවීම


මහා සර්වබලධාරී - දෙවියන් ආදම් මවලා
ඔහුගේ ඉල ඇටයක් ගෙන - ඒවා මැව්වා

පසුදා ආදම් සමගින් - උද්‍යානයෙ ඇවිදින කල
දෙවියන් ඔහු හට රහසක් - කොඳුරා කීවා


සුබ පුවතක් සමග අසුබ - පුවතක් ඇත පවසන්නට
කෝකද පළමුව ඔබ හට - අහන්න ඕනෑ

ආදම් කුතුහලය පිරී - ඕනි එකක් යැයි සිතලා
පළමුව සුබ පුවත කිමද - කියලා ඇසුවා

දන්නවාද ඔබ මවද්දි - ඉතා වටින අවයවයන්
දෙකක් සවිකලා ම‘විසින් - ඔබෙ ඔය ඇඟට

පළමු වැන්න ඔබගේ ඔය - හිස තුල ඇත සවිකරලා
එයින් හැකිය ඔබටත් මා - වාගෙ සිතන්න

අළුත් අළුත් සිතිවිලි හා - අළුත් අළුත් නිර්මාණද
මෙලොව මෙතෙක් නොතිබූ දෑ - බිහිකරන්නට

ගැටළුවකදි අනතුරකදි - ඕනිම කරදරයකදිත්
තමන් රැකෙන ලෙස හැකි වෙයි - උපා යොදන්න

ලෝක පෙර නොතිබූ ලෙස - වෙනස් කරන්නට හැකිවෙයි
දියුණුම සත්වයා ලෙසින් - ලොව වැජඹෙන්න

අහන දකින දේ සලකා - සුවඳ රසය විඳ බලලා
සමට දැනෙන දේ අනුවත් - දිවිය විඳින්න

මේ වටිනා අවයවයෙන් - හරි හැටියට වැඩ ගත්තොත්
දෙවියන්ටත් වැඩියෙන් ඔබ - ඉදිරියෙන් සිටී

අනෙක් අවයවය ඇත්තේ - ඔබේ දෙපා එක් වෙන තැන
මේකෙන් ලැබෙනා වාසිය - කියා නිම් නැතේ

ඔබගේ පිටපත් රැසකට - මුල් අඩිතාලම දමන්නෙ
ඒවා සමගින් එක් වී - මේ අවයවයෙන්

එයින් ඔබට සතුට ලැබේ - ඒවත් ඒවා ලබතේ
එවන් සැපක් මේ ලොව තව - නැතැයි සිතේවී

ඔබ සහ ඒවා එක්වී - බිහිකරනා මනු පරපුර
මේ අවයවයේ හැටියට - දෙකට බෙදේවී

ඉන්පසු මේ දෙගොල්ලෝම - අනික් වර්ගයට ඇදේවි
බැඳිලා සිටනවා ඇතිය - දැඩි බැඳීමකින්

මේ ලොව පවතිනු ඇත්තේ - මෙහි දැඩි බව අනුව තමා
එහෙම නොවුණොතින් නුඹලා - වඳ වී යාවී

ඒ හැමටම හේතු වෙන්නෙ - මෙයින් ලැබෙන සතුට තමා
ඒක නිසා මේක හොඳින් - රැක ගනු මැනවී

මේ ආරංචිය පුදුමයි - ඒ වගේම හරි සතුටුයි
අසුබ දේත් කියන්න යැ‘යි - ආදම් කීවා

අසුබ කියන්නේ අසුබෙත් - අසුබම පුවතකිය මේක
කෝක වුණත් ඔබ ඒකත් - දැනගත යුතු වේ...

ඔබ මවද්දි ඔබෙ සිරුරේ - නහරයන්ට පිරී යන්න
පොම්ප කරල ඇති රුධිරය - ඉතා වටින්නේ

අර කී අවයව යුගලය - නිසි අයුරින් වැඩ කරන්න
රුධිරය උවමනා වෙනව - සෑහෙන පමණ

ඇඟේ තිබෙන රුධිරය ටික - සෑහෙන්නේ එක වරකදි
දෙකෙන් එකක් පමණයි නේ - වැඩෙහි යොදන්න...





ප/ලි:

මේ විදිහට අවසන් වූ - කතාවටම තව පොඩ්ඩක්....
මේක කියන්නේ දෙවියන් - නොවේ මම තමයි

පසුව කිව්ව අවයවයට - පමණක් රුධිරය ආවම

ඒකේනුත් වැනසෙන්නේ - මල් කැකුළු තමයි...



247 comments:

  1. ශිෂ්ට සම්පන්න, අවවාදාත්මක, ශීලාචාර , සදාචාරසම්පන්න , ධාර්මික පොස්ටුවක් ...

    ReplyDelete
    Replies
    1. ඉවානා,මම මෙ බිලොග් එකේ පෝස්ටි සේරම කියවලා බැලුවා.එක අසික්කිත පෝස්ටි එකක් දාලා නැ වැරදිලාවත්.ඇයි කොමන්ටි කරන උන් උනත් ඒත් එහෙමනේ.මම සෑහෙන හැදුනා මුගේ පොස්ටි මෙකට එන උන්ගේ කොමන්ටි බලලා.

      Delete
    2. ඉවාන්,
      කවදද කියපං මම එක කුණු හරුපයක් ලිව්වෙ?

      මනෝ,
      මෙහෙමයි. මම ඔය කුණුහරුප යැයි පිළිගන්න එක වචනයක්වත් මේකෙ ලියන්නෙ නෑ. නමුත් එවැනි කුණුහරුප සිය ගාණක් ව්‍යංගාර්ථයෙන් කියලා ඇති. මේ බ්ලොග් එක රසවත් වෙන්නෙ ඒ නිසයි. අමුවෙන්ම ඇදලා ඇරියම කිසිම ගතියක් නෑ. ලියපු එකාත් කියවන එකාත් දෙන්නටම ඇඳුම් නැතිව ඉන්නවා වගේ ගතියක් දැනෙන්නෙ.

      Delete
    3. ඒකනේ යකෝ අපිත් කියන්නේ.උඹෙ ඒවා බලල තනියම හිනායන්නේ ඒකනේ.

      Delete
    4. ස්තූතියි මචං ඇගයීමට. කුහකකම නැතිව කෙනෙකුගේ හැකියාව දකින්න පුළුවන් අපූරු මිනිස්සු ටිකක් තමා මට බ්ලොග් ලෝකෙදි මුණගැහුනෙ. ඒ නිසායි මං උන්ට නොදැනීම සමීප වුනේ.

      Delete
    5. ඊටත් වඩ උඹෙ හිත හොඳ කම හින්දයි අපි මේකෙ පදිංචි වෙලා ඉන්නෙ මදාවියෝ...
      (දැන් උඩ පලයන්)

      Delete
    6. කම්මලයා ආවානං දායි, දහයක්!

      Delete
    7. මචං මට පස්සේ හිතුනා අපි එහෙම කීවම උඹට අප්සටිද කියලා.
      උඹ පෝස්ටි එකක් දානකමි අපි හැමෝම බලාගෙන ඉන්නවනේ අද තව මොකක් හරි අලුත් දෙයක් තියන බව දන්න නිසා.අලුත් දෙයක් අලුත්ම විදියකට උඹ ඉදිරිපත් කරනවා.එකේ කියවෙන්න ඔන හැම දේමත් කියවෙනව.ඇත්තටම අපි උඹට මඩ ගහනව අගේත් කරනවා නොකිවට.හිත රිදුනනමි වරෙන් වඩාගෙන නලවලා ටිකක් හුරතල් කරන්න කුක්කු පැටියා

      Delete
    8. //එක අසික්කිත පෝස්ට් එකක් නෑ// කිව්වම මට හිතුනා උඹ මෙන්න මේවා කියෙව්වෙ නැද්ද කියලාත්.
      http://madhumadhavi135.blogspot.com/2015/03/blog-post_22.html
      http://madhumadhavi135.blogspot.com/2015/01/blog-post_18.html
      http://madhumadhavi135.blogspot.com/2014/10/blog-post_31.html
      http://madhumadhavi135.blogspot.com/2014/10/blog-post_37.html

      ඇත්ත. මට දැනුනෙ උඹ මේක සම්පූර්ණයෙන් අර වගේ කතා විතරක් ලියවෙන තැනක් විදිහට දැක්කද කියලා. පිස්සුද? කිසි අප්සැට් එකක් නෑ. ආයි උඹලා එක්ක මොනවා බෙදාගන්න බැරිවද අපසට් යන්නෙ. මේ අවකාශෙ ඉන්න 99% ක්ම සුපිරි පොරවල් බං. උන්ගෙත් හොඳ නරක දෙකම තියෙනවා. ඒ වුණාට නරකම ගති නෑ.

      Delete
    9. හිත රිදිදිදෙන් ඕකගේ, අපේ මොකෝ . මමනං මේ වල වරත්තු කුපාඩි බ්ලොග් එක කවදාවත් බලලත් නෑ, බලන්නෙත් නෑ ..ඕ........යේස්

      Delete
    10. නොබැලුවට මොකෝ. ඔය මූණු දෙක ඔබලා පලයංකො ආරම්භක පිතිකරුවෙක් වසයෙං.

      Delete
    11. මනෝ එල ද බ්‍රා
      මම නම් මේකට එන්නෙ අර වලත්ත කුපාඩි කැමා මම නැති දවසට මේකේ පිනුම් ගහන නිසා..

      Delete
    12. දෙවියන් පය නොගසන බූමියේ........

      Delete
    13. අන්න එහෙම වර මෙන්ඩෝ... තනියම මේකෙ පිනුම් ගැහුවට ගතියක් නෑ...

      Delete
    14. හැක් තොපි දෙන්නා හිතාගෙන ඇත්තේ තනියෙම පිනුම් ගහන්න නේද? ඒව කොහෙද අපිත් එක්ක?

      මදුවො,
      මෙන්න මම විස්සක්ම දැම්මා. කකුලෙත් ඇඟිලි දහයක්ම තියෙනවනෙ උඹල නොදැම්මට. මම ඔන්න දැම්මා. (උඹල කිව්වෙ අර කුපාඩි මෙන්ඩා, කැමා, මනෝ, ඉවාන්)

      Delete
    15. මෙන්ඩා ..උඹට අද වැඩ වැඩි වුනාද.ආවෙ ටිකක් අඩුවෙන්.

      කසුනා මෙන්න මූ දෙවැනි එක පාවිචිච කරලා අහසින් ඇවිල්ලා.
      ..චැක්..හදිසියේ පැය ගානකට එලියට යන්න වෙනවා.ඇවිත් වලියට සෙට් වෙන්නමි

      Delete
    16. මධුමාධවීටත් වෙලා තියෙන්නෙ ඇම්ඩන්ගෙ බකමූණට වෙච්ච වැඩේම තමයි.

      Delete
    17. කැමා,
      උඹලා ඕනි පිණුමක් ගහගනිල්ලා. දෙයියො දීපුවා තලාගන්නැතිව.

      කසුනා,
      නැද්ද බං හොයාගන්න ඇඟිලි හය එහෙම තියෙන එකෙක් දෙන්නෙක්. හැමදාම නිකං පහ, දහය, විස්ස දදා ඉන්නෙ. කොහොමද “දාපං හයක්, දාපං එකොළහක්, දොලහක්“ වගේ කියනකොට?

      මනෝ,
      උඹ ඔය කිව්වට ආයි එන්නෙ හෙට. රෑ දෙගොඩහරියෙ එළියට බැහැපු කොල්ලෙක් කවද්ද හොඳ සිහියෙං ආවෙ?

      ශනී,
      කතාවනං මන්දා. මටත් දැන් වෙලා තියෙන්නෙ “හ්ම් හ්ම්“ ගාන්න තමා.

      Delete
    18. අහසෙන් එන්න(කසුන්) හෙවත් මිසයිල්
      ආ..ආවද වරෙන් වරෙන් උඔ විතරයි අඩු වෙලා හිටියේ..පැත්තකට වෙලා හිටු මම කැමාගේ අන්ඩක් කඩලා තොගේ දත් දෙකක් ගලවලා මනෝගේ ඔලුව පලනවා..
      ශානි
      ඒ කතාව දාපන්කෝ

      Delete
    19. මෙන්ඩා කසුනා අහසින් එන්නේ මිසයිලයකත් වගේ හින්දා නෙවෙයි බං.ඔකා නිකමි හමිපඩ පරඩැලක්වගේනේ බං.හුලගං ආවත් විසිවෙනවා.

      Delete
    20. දහටේ කණුවෙ චන්ඩියා ඉන්නවද බොලව්...? කෝ ඕකා...?

      Delete
    21. අප්පට සිරි මෙතන ඉන්න චන්ඩි ටික.
      අර ඩ්‍රැකියගෙ පුස්ලාඩං කාලද දන්නෑ මෙච්චර හයිය ගත්තෙ.

      Delete
  2. පටස් ගාලා ආවා පලවෙනි එක දාන්නමි කියලා.මෙ ඉවානයා පටිට පාන්දරමෙ ඇවිල්ලනේ මෙකට.මදුවො උඹ රැධිරය වැය කරේ එකටද දෙකටද ?

    ReplyDelete
    Replies
    1. මචං ඕනිම සිත්ගන්නාසුළු කාන්තාවක් දැක්ක ගමන් දෙකට පොම්ප වෙනවා ලක්ෂපාන හැරෙව්වා වගේ. තත්ත්පර දෙක තුනකින් කොහොම හරි ආපහු එකට හරවගන්නවා. ඔන්න මාධවී දැක්කමනං උඹට කැමති දිහාකට පොම්පවෙයං කියලා බලා ඉන්නවා.

      Delete
    2. පුතෝ වැවි බැමිම උතුරලා ගියොත් හමාරයි.සොරොවි නැති ප්‍රශ්නෙට මොකද කරන්නේ.

      Delete
    3. නො ප්‍රොබ්ලම් සනා. පුපුරනවනම් මෙළහට බැම්මෙ කෑලිත් නෑ.

      Delete
    4. රබර් බෑන්ඩ් එකක් දාමුද?

      Delete
    5. උඹත් දැම්මද බං. මාත් දැම්මා.

      Delete
    6. වෑල් ටියුබ් කෑලි තියාගෙන නහින්න හදනවා මුං :D

      Delete
    7. මෙන්න ඇවිල්ලා අඟල් හතරෙ එස්ලෝන් පයිප්පෙ.

      Delete
    8. පුරේ කොල්ලෝ යකඩ පයිප්ප..

      Delete
  3. වැදගත් විදිහට ලිවුවමද කොහෙද...? අද නම් වහිනවා...

    උඹ දන්නවද "ඒව" මැවුව හැටි ඇත්ත කතාව..?
    **************************
    මැවුම් කරුවට "ඒව" මවන්න ඕනෙ කියලා හිතිලා "ආදම්" ගෙ ඉල ඇටයක් ගේන්න කියලා දේව දූතයෙක් යැවුවලු. මූ ගිහින් ඕක අරන් එනකොට යක්ෂයා මග රැකලා ඉඳලා මුගෙන් අහනවලු,

    යක් : මොකක්ද බං ඔය හංගගෙන යන්නෙ?
    දේව : මේ ආදම්ගෙ ඉල ඇටයක්.
    යක් : අනේ මට පෙන්නපංකෝ.
    දේව : බෑ බෑ උඹ මේක අරගනීවි.
    යක් : නෑ නෑ බං. මං එහෙම කරනවද. චුට්ටක් පෙන්නහංකෝ.. අනේ...

    ඉතින් දේව දූතයාට දුක හිතිලා අරූට බලන්න දුන්නා විතරයි ඌ ඒකත් අරන් පැනලා දිවුවලු. කොහොම හරි යක්ෂයගෙ පස්සෙන් එලවගෙන ගිය දේව දූතයා අන්තිම මොහොතෙ යක්ෂයාගෙ වල්ගෙන් අල්ලා ගත්ත්ලු.
    ඒත් එක්කම අරූ ගස් බෙනේකට රිංගලා. ඉති දේව දූතයා අරූගෙ වල්ගෙන් අදිනකොට ගැලවිලා ආවලු අතට. දැන් ඉතින් වෙන කරන්න දෙයක් නැති නිසා යක්ශයාගෙ වල්ගෙ ගිහින් දුන්නලු මැවුම්කරුට මේ තමයි ආදම්ගෙ ඉල ඇටේ කියලා.
    ඔන්න ඕකෙන් මවපු හින්දලු ගෑනු ලග යක්ෂ ගති තියෙන්නෙ....
    **************************************

    මාව බේර ගනින් මදාවියෝ මේකෙ ඉන්න ස්ත්‍රී පරාණ ටිකෙන්....

    ReplyDelete
    Replies
    1. ගිහිං බලපං පොඩ්ඩක් අතීතෙට මැට්ටා.
      ***************************************
      තෝ ඇදගත්තනං තනියෙම නාපිය. (ඒ වුණාට මරු කතාව ඈ....දුවපියෝ)

      Delete
    2. පට්ට කතාව. ඒක වෙන්නැති අර එකෙක්ට නම දාල තියෙන්නෙ "යක්ෂන්ත" කියලා.

      Delete
    3. යක්සයන්ත කියලා තමා අපිනං කියන්නෙ.

      Delete
    4. අවවාදයයි.කැමා යනු පියකරැ මුහුනක් ඇති බියකරැ පුද්ගලයෙක් බව කරැනාවෙන් සලකන්න.එමෙන්ම ටිකක් වනචර බැවින් ලගින් වාඩි විමෙදි ප්‍රෙවසමි වන්න.අත්දුටුවයි.ප්‍රත්‍යක්ෂයි

      Delete
    5. මටත් මුලදි පෙනුනෙ හෙන අහිංසක පියකරු මූණක්. පස්සෙ බැලුවම ආච්චිලගෙ හුළු අත්තටත් බෝම්බ තියන ජාතියෙ පොරක්.

      Delete
    6. අහිංසකයින්ට ඔහොම පද හදන එක හරිද බොලව්.... බලහං රත්තරං ටිකට ඉන්න කොල්ලා... සීදේවි මූණු පොඩ්ඩ....

      Delete
    7. රත්තරං ටිකත් මූණෙම තිබ්බානං තවත් සීදේවියි ගණ දෙය්යො වගේ.

      Delete
    8. ගෑනු ගැන කැමා කියපු කතාවට නම් ඔ..යේස්.
      ඩ්‍රැකි ඇරපිය කට ගල් කාලක් වක්කරන්න
      මනෝ..ඔකා ලග ඉන්න වෙලාවට බිම වැටිලා තියන මුකුත් අහුලන්න එපා.

      Delete
    9. මෙන්ඩො,

      මං ඇල්කොහොල් බොන්නෑ බං. බුවෑක්කා...

      Delete
    10. දැන් එතකොට තොපි කියන්නෙ අරූගෙ ඉල ඇටේ හොරකං කලේ මං කියලද... අඳෝමැයි වෙච්චි වින්නැහියක්...

      මෙලහට ඩ්‍රැකියා කට ඇරං ඇති.. ආයෙ දෙකක් නෑ...

      මාරු කාසි වලින්ම පන්දාහක් තියෙනවා දෙන්නෙයි...?

      Delete
    11. කව්ද ඩෝ ගෑණුන්ට එක එක කතන්දර හදන්නෙ? උනුත් නැත්තං කොරයි උඹලා හුහ්!

      Delete
    12. හැක් කැමාගෙ කතාව නම් මරු. හැබැයි තවම මේ බ්ලොග් එක බලන කාන්තාවො ඇවිල්ලා නෑ. ආවහම තෝ ඉවරයි කැමෝ.

      Delete
    13. This comment has been removed by the author.

      Delete
    14. උන් එනකොට මං නෑ.. මදාවියා බලාගන්නම් කිවුවා...

      Delete
    15. වනිතා හඬ ඇන්ටී. … මෙන්නෝ !!!!

      Delete
    16. කසුනා,
      කෙල්ලො සැට් එක හොරෙං ඇවිත් බලලා යනවා බං අපි නිදාගත්තම. කැමාගේ ගේ පිටිපස්සෙ ඇහුනලු පොල් ගෙඩියක් බිඳෙන සද්දයක් ගලක වැදිලා.

      කැමා,
      දැන් බලන්න දෙයක් නෑ. උන් පොල් ගහලා ගිහිනුත් ඉවරයි.

      පත්තරේ,
      “පුරුෂාධිපත්‍යෙයන් අන්ධ වූ මේ නරුම පිරිමින් ගල් යුගයේ සිටියත් බුද්ධිමත් කාන්තාවන් ඉදිරියට ගොස් පිරිමි සංහතිය අවසන් කරන දිනය වැඩි ඈතක නොවේ. එසේ නොකරන මෝඩ ගැහැණුන් පමණක් ඉතිරි පිරිමින් සමග සාම්ප්‍රදායික පවුල යන සංංකල්පයේ තනි වනු ඇත“

      Delete
    17. පොල් නම් ගැහුවත් කමක් නෑ කොප්පරා වලට හරි විකුනන්න පුළුවන්නෙ. ගල් ගැහුවොත් තමයි අවුල.

      Delete
  4. දෙක ගැන කියවෙන ඉතා ජනප්‍රිය සිංදු දෙකක්

    කොල්ලන්ගේ දෙක ගැන
    මගේ අතට වෙලා ඇයිද පුතා මෙ හැටි චන්ඩි

    කෙල්ලන්ගේ දෙක ගැන
    මී වදයකි ජීවිතේ,මි පැනි පිරිලා ඇතේ

    ReplyDelete
    Replies
    1. මදාවියාගේ දෙක ගැන
      මුලු ගතම වෙහසුනා,දහඩියෙන් නැහැවුනා
      වෙහෙසීලා,දුක්විදලා.....

      Delete
    2. මනො මන්දිරයාගෙ දෙක ගැන:
      ආපසු එනවා........මගෙ ගත ඉබි ගමනින්
      ගියාට වැඩ...බැරුවා
      කාට කියම්දෝ.......කෙලෙස කියන්නද මං
      පොඩි දරුවෙකුගෙ තරම්

      Delete
    3. හිටපිය මම තව හදාගෙන එන්නමි

      Delete
    4. මධු මාධවියේ ඇයි මෙ රෑ නිදි මරලා
      සංවෙගය දැනේ කෙටිටු වෙය කියාලා
      සතියක්වත් ඉවසන්නට පුලුවන් වෙවා
      නිතර නිතර දෙක අල්ලන එක නවතීවා

      Delete
    5. කොටු වැටිච්ච පුංචි සරම ඇතුලෙ නටන මල්ලියා
      මගේ මල්ලියා - සුරතලා චණ්ඩියා

      (හුටා! මේක දාන්න ඕනෙ බණ්ඩගෙ සයිට් එකේ...)

      Delete
    6. @ මනෝ - ඇයි බං කොල්ලන්ගෙ දෙක ගැන තව තියෙන්නෙ
      'මගේ මල්ලියා සුරතලා චණ්ඩියා' කියලා

      Delete
    7. යකෝ මං දාන ඩිංගට ඩ්‍රැකියත් ඒකම දාලනෙ. මේකද යකෝ යහ පාලනේ හිටං?

      Delete
    8. මනෝ,
      පාන්දර නැගී ජංගියක් ඇතුලෙ ඉඳං
      ගල් කූරයක් අතිං අරං ඇවිත් ඉඳං
      පුංචි කමට පුංචී තැනක් හොයාලා බලයි
      නැතේ ලොව ඇතී... සේරමත් ලොකු වැඩී...

      ඩ්‍රැකී,
      ඒකනං පට්ට බං.
      අරූගෙ පෝස්ට් එකත් පට්ට. ආයි ගිහිං සිල්ප දාලා එන්ට ඕනෑ.

      Delete
    9. අමිමපා ඩිලා ඒක අමතක වුනානේ බං.ඩ්‍රැකිය උඹ මගේ වාසභවන පැත්තේ සැහෙන දවසකින් ඇවිත් නැ වගේ.

      Delete
    10. දිලා,
      චණ්ඩි ශ්‍යාමා කෙනෙක් මුණගැහුණොත් මල්ලිටත් අබ සරණයි.

      මනෝ,
      ඩ්‍රැකියාට නියම වාසභවනක් තියෙනවානෙ කොහෙවත් නොගියට. අර උගේ බැනර් එකේ තියෙන හොල්මං මන්දිරේ.

      Delete
    11. මං එනවා මනෝ මන්දිරේට - වැඩේ තියෙන්නෙ ඒක බලන්න සෑහෙන වෙලාවක් යනවා. කියවලා කියවලා කියවලා කියවලා කියවලා කියවලා කියවලා කියවලා කියවලා කියවලා කියවලා කියවලා කියවලා කියවලා කියවලා කියවලා කියවලා කියවලා කියවලා කියවලා - වෙන වැඩක් සෙට් උනහම බාගෙට කියවලා නතර වෙනවා. ඒ නැතුව මනෝ මන්දිරේ අත ඇරලා නෑ මචං. මං අනිවාර්යෙං දවසකට සැරයක් වත් එනවා...

      Delete
    12. ඩ්‍රැකියා.මම මුල්ම පෝස්ටි දානකොටම උඹ ඇවිත් මට මට පිකප් වෙන්න බකප් එක දුන්නනනේ.කැමරා හොමිබා හෙවත් ඩිලාත් ගොඩ වැදිලා යන බව තෙරැනා කොමන්ටි නොකරට.

      මෙ මදාවියා වෙනුවෙන්
      සඳ තරු නිහඬයි
      ගහකොල නිසලයි
      මුලු ලොව සැතපෙයි
      මදාවියා ඇයි අවදිවෙලා (මම හිතන්නේ සෑහෙන ලොකු වැඩක්)

      Delete
    13. ඩ්‍රැකියා,
      ඔන්න පටං ගත්තා ඉතිං.

      මනෝ,
      ‘වැඩේ යෙදෙන්නට මට බැරුවා
      ගල් කූර එයට මදිවා
      මගේ ලොවේ මම තනිවීලා‘
      අනෙ මනෝ කඳුළු සැලුවා

      Delete
    14. උසි.උසි
      ගහපිය මරපිය කොටපිය

      Delete
    15. මෙන්ඩා,
      පු*ත් අැරපිය...!

      Delete
    16. හබන් කුකුළන් කැකුණ තලද්දී වල් ඌරන්ට මගුල් ලු.

      Delete
    17. හදිසි වැඩකට යන්න වෙනවා පැය ගානකට,කලින් එන්න පුලුවන් උනොත් දෙතුන් දෙනෙක්ව එමිබාමි කරනවා.කැමාගේ කරන්න දෙයක් නැ,ඌ එමිබාමි කරලා වගේනේ ඉන්නේ.ඩ්‍රැකිය කොහොමත් එමිබාමි කරලා ඉන්න එකා.අහසින් එන්නා අල්ලගන්න බැ ඒකා අහසින් පැනලා යනවා.මෙන්ඩා අන්ත:පුරේකට මැදිවෙලා හින්දා හොයාගන්න ටිකක් ආමාරැයි.කැමරා හොමිබා මෙ එනවා මෙ පනිනවා,වෙඩි නූල ගිනි තියලා ඌ මාරැ වෙනවා...යකෝ එතකොට මදාවියා විතරද ඉතුරැ වෙන්නේ..

      Delete
    18. ගිහිං වරෙං...ගිහිං වරෙං මහලොකු හදිස්සි වැඩේට. මතක ඇතුව ජංගිය ආපහු අරං වරෙං. සාක්කි ඉතුරු කරංට එපා.

      Delete
    19. උඹ මට ගල් කුරක් තියෙන්නේ කිවාව නේද යකෝ.ඔන්න එහෙනමි

      බැරි කිසි දෙයක් කරගන්නට නැති වාරැ
      ඒකෙක් කියයි මට තිබෙලු ගල් කූරැ
      මගේ ගැන කීවොතින් විසිවෙයි උඹට තරැ
      අඩියට විතර මට දීලා මැවුමි කරැ

      Delete
    20. අඩියක් නෙවේ අඩි දෙකක් තිබ්බත් වැඩක් නෑ බොල. ගැඹුර නෑනෙ එච්චර. තුන් කාලක් එලියනෙ.

      Delete
    21. අගලක් විතර පුංචිත්තක් තියාගෙන
      මගුලක් කියනවද උඹ මගේ අඩිය ගැන
      ගැඹුරක් දැනෙන්නැ කල් යල් පැන්න තැන
      කුඹුරක් වගේ වෙනවා ඔය කියන තැන

      Delete
  5. අසුබයි කියන්නෙ පස්ටම අසුභ කතාවක් තමයි ඒක නං.. අහෝ දුකකි ඉරකි තිතකි.. ඔය සර්ව බලධාරියා අහුවු‍ෙණාත් යකෝ යවනව මං ඕ යකාව ගෑණු වැඩිම ඉන්න පැත්තට.. නාල වරෙන් කියල
    හිහික්.. මරු ඈ... සෑහෙන දාසකින් මෙහෙ ආවෙ

    ReplyDelete
    Replies
    1. උඹව දකින්නත් ආසයි. මුල් කාලෙ මේකෙ පැලපදියම් වෙච්චි උන් දැන් නැත්තෙ මගේ වරදක් නිසාදෝ කියලත් හිතෙනවා.

      Delete
    2. ඔව්නෙ බොල,
      උඹම බලපන් උඹේ මුල් පොස්‍ටුත් එක්ක බලනකොට දැන් කොච්චර ( එක්කො ඕනෙ නැහැ ...)

      Delete
    3. අවංකව කියපං. ඒකද උඹ වැඩිය එන්නැත්තෙ?

      Delete
    4. ඒකට අපි මදාවියා අපිව ගහලා එලෙවිවත් ආයේ යන්නැ මෙකෙන්.අවුරැදු ගානකට කුලිය ගෙවලා ආවෙ මෙකට.අපි යයි උඹ දාලා.

      නැතිවුනොතින් උඹව පනේ
      පනිමු ගගේ මූදේ අනේ...

      Delete
    5. දැන් කොහොමත් මේක තොපිට දීලා යන්න කියලා පැදුරු කොට්ට අකුලලා තියෙන්නෙ. හැක් හැක්

      Delete
    6. දැන් ඇයි උඔලා මධුවගෙන් අහන්නෙ...මේක අපේ බ්ලොග් එකනේ බං..

      Delete
    7. ඒම එකක් නෙවී මදාවියෝ.. මගෙ එක වත් අප්ඩේට් කරගන්න වෙලාවක් නෑ ඉතිං කොහෙ එන්නද.. ඒව වල් වැදිල.. මේව වල් වෙලා හෙක්

      Delete
    8. මෙන්ඩා,
      හාවගේ ගුලට ඉත්තෑවා රිංගුවා වගේ.

      මහේෂ්,
      මොන වල් වැදිල්ලක්ද? වල් නෙමේ තොල් නම් තාම වැදිලා තියෙනවා.

      Delete
    9. මදාවියා කියන්නෙ කවුද බං...?

      Delete
    10. අර ඉන්නෙ ප්‍රගීත් අනුරාධ කියලා එකෙක්. අන්න ඌ

      Delete
    11. ඌට බ්ලොග් එකක් තියෙනවද...? අනේ මන්දා...

      Delete

  6. හාස්‍ය , සෘංගාරය විතරක් නෙවෙයි, විද්‍යාවත් දන්නවා නේ ?
    පසු වියමන තමා ඇත්තම කථාව (70%)

    ReplyDelete
    Replies
    1. අපි මල්ලි කොමස් සබ්ජෙට් එකක ජොබ් එක කලාට බයෝ කොරපු පොරවල්.

      Delete
    2. අම්මලා කියන දේ අහලා තව ටිකක් පාඩම් කරා නම් නලාව තිබ්බා 500 යි..

      Delete
    3. ඔය වෙද නලාව හොයාගෙන තිබුනෙ නැත්නම් මාත් බයෝ කරනවා අප්පා.... එහෙනම් තාමත් අර ඉස්සර විදිහටනෙ බීට් එක බලන්නෙ...

      Delete
    4. ලොකු අක්කා කිව්වෙ මැත්ස් කරන්න. ඒක නොකල එක ගැන අදටත් දුකයි.
      අම්මලා කිව්වනං එහෙම වෙන්නත් තිබුණා මෙන්ඩෝ. තව අවුරුදු හත අටක් ඉගෙනගෙන ඒක කරනවට වඩා ඕක දහස් ගුණයක් හොඳයි කිව්වානෙ. ඉතිං මේකට ආවා.

      Delete
    5. වෙද නලාව හොයා ගත්තු එකා නම් මොකෙක්ද මන්ද බං. ඕකගෙ ලැජ්ජාව තිබුනෙ නැත්නම් මාත් බයෝ කරනවනෙ.

      Delete
  7. කියවනකොට හිතුවෙ මම අහල තිබුන එකක්වත්ද කියල . බලපුවම නෑ.මෙහෙම කතා ලියන්න මදාවියටත් අලුත් අවයවයක් දෙයියො දීලද මන්ද
    පස්සෙ කියපු කතාව හොඳ ඌන පූරනයක්

    ReplyDelete
    Replies
    1. දෙයියො දීපුවයින් මමවත් තාම වැඩ අරං නෑ බං හරියකට.
      (ඒක ගෙදර ඉඳං එද්දි මතක් වුණේ. අළුත් පෝස්ට් දහයකින් කියන ඒවා ඒ කවි දෙකේ තියෙනවා කියලා හිතුනා.)

      Delete
    2. දෙයියො දීපුවයින් මමවත් තාම වැඩ අරං නෑ බං හරියකට.//
      චැහැ...වස ලෑඡ්චාවයි

      Delete
    3. චැහ්....
      එතකොට කොහොමද යකෝ................................................?
      නෑ ඕනෙ නෑ...

      Delete
    4. මෙන්ඩා,
      තොට ඉතිං දෙයියො දීපු අවයවයකට කියලා තියෙන්නෙත් ඔච්චරයිනෙ. ඒ ගැන තමා තුන් තිස් පැයම කම්පොනාව.

      කැමා,
      ආ...අමතක වුණා. මේ අනිකා.

      Delete
    5. එතකොට මේ මදාවියා අස්වයො පදින්නෙ මෙන්ඩගෙ දේව තෑග්ගෙන්ද බොලවු?

      Delete
    6. දෙයියො දෙන එකනං දීල තියනව එලව එලවා :D

      Delete
    7. කසුනා,
      මෙන්ඩගෙ දේව තෑග්ගෙන් මං අස්සයො පදිංට උඹ හිතුවද මං ඒකත් හයර් එකට ගන්නවා කියලා. අඩෝ මයි කාර්, මයි පැස්ටෝල් ඇන්ඩ් මයි ඩයිවිං හරිද?

      පත්තරේ,
      කිමද පුතනුව විගස නාවේ...මා දකින්නට පුරුදු පෙරසේ
      නුඹ නොදැක මා හද තඹුරු වන... වීය මුකුළිත හිරු නොදුටු සේ

      Delete
    8. මදාවියෝ,
      මයි කාර්, මයි පැට්‍රෝල්, මයි ඩ්‍රයිවින් උනාට නෝ පාකින් නේ...?

      Delete
    9. ඔය කිව්වට පත්තරයා අර ගිරවා කිව්වා මධු ඉන වටේ ඔතාගෙන ඉන්නේ කියලා

      Delete
  8. අම්මප උඹ කියා ඇත්තෙ අමු සත්තම සත්තේ
    ‍ඩොලර් පනස් පහක් දෙන්න කට ඇරපන් මුත්තේ...

    ReplyDelete
    Replies
    1. ඒ පාර මුත්තලු. උඹ මගෙං ඔයිට කිට්ටුවෙං යන වචනයක් අහගංට තමා ඔය දඟලන්නෙ.

      Delete
    2. ආදරේටනෙ බං. කෝ කෝ ඉතිං කට ඇරහං...

      Delete
    3. ආාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාා...
      හරියටම පණස් පහක දාපං.

      Delete
    4. දිලා
      බැරල් එකට දාපන්..උඔ මෙච්චර කල් අමාරැවෙන් එකතු කර ගත්ත ඒවා නේද?

      Delete
    5. හපොයි.. අරූ කට ඇරපු හැටියට ලං කොරන්න වත් බයයි. පැන්න ගමං කඩා ගත්තොත් එහෙම. ‍
      මෙන්ඩා - ඉතුරු වෙන්නෙ නෑ කියහංකො එක දවසකවත් හැක්...

      Delete
    6. උඔලා දෙන්නාගේ වාසගම ගේ ද?

      Delete
    7. මෙන්ඩා,
      ඩොලර්නං කීයක්කියලද බැරල් පහ?

      දිලා,
      ඉතිං හොඳයිනෙ බං. වේස්ට් බිංදුවයි.

      මෙන්ඩා,
      මේක හරි වැඩක්නෙ යකෝ. උඹ උප්පැන්න රෙජිස්ට්‍රාර් ද?

      Delete
  9. යකෝ, අදනෙ දන්නෙ දෙය්යන්නාන්සෙ ජීව විද්‍යාවත් දන්නවයි කියලා.

    ReplyDelete
    Replies
    1. අපි තමා බං ඒ කාලෙ දෙයියන්නාන්සෙට ඕවාත් ඉගැන්නුවෙ. තව වෙලේ හිටපු ගෙම්බන්ටත් ඉගැන්නුවා.

      Delete
  10. ආදම් ඒවා කතාපුවත අපුරු කවි සිත්තමකින් ඇ. කදිමයි කදිමයි

    ReplyDelete
    Replies
    1. නුඹ වැනි ප්‍රවීණයෙකුගේ ඇගයීම මා අමන්දානන්දයට පත්කරයි මිතුර.

      Delete
    2. පවසා පළක් නොමැත. කුම‍ට කියම්ද නලිය?

      Delete
    3. එම්බා ඩ්‍රැකිය, ගනු සටන එනු කඩුවට!

      Delete
    4. අඩෝ..මද්ධා..ඩ්‍රැකියාට එරෙහි වු තගේ ගෙල සිදිමි..

      Delete
    5. යෙහෙකි යෙහෙකි තනපටයට අධිපති මෙන්ඩාභිධානයනි, තොප දැන් කුමක් කියයිද මදාවිය? වහසි බස් නොදොඩදඩදඩ(හුටා වැරදුනා) වහසි බස් දොඩන් නැතුව වරැ. මා නිරායුධවැ තොප මකවන්නෙම් වේද?

      Delete
    6. එම්බා මෙන්ඩ, මා ගෙල බොහෝ රුජා ඇති නියායෙන් ගෙලට දොලොසඟුලක් පමණ ඉහලින් සිඳුව.

      එම්බා ඩ්‍රැකිය, තා මා මකතත් හූරනු නැතැයි හඟිමි.

      Delete
    7. අගේය අගේය නුඹලාගේ බිහිසුනු සටන කිසිම හේතුවක් මත අතරමග නතර නොකරනු මිතුර.මා නැවත එය නරඹන්නට එමි.

      Delete
    8. හබන් සැවුලන් කැකුණ තලන්නාවූ කල්හි වන සූකරයන් ආතල් ගන්නා නියාව බලව් සගයිනි.

      Delete
    9. එම්බල රස සරණිවාසී මදාවිය, තගේ ගෙළට දොළොසඟුලක් ඉහතින් සිඳීමට තිසරපටාධිපතියා බාබරයෙක් කොට සැළකීද? මා තොප මකා හූරුවන්නෙමි. තොපට මාගෙන් ගැළවීමෙක් උදක්ම නැත.

      කොල මා සගයෙනි, තිසරපටාධිපති මෙන්ඩාභිධානය, මනෝමන්දිර වාසී මහා පුරුෂය, කැමරාසොඹු යක්ෂයන්තාභිධානය, ආකාශගාමී කසුනාභිධානය, කමෙන්ටු ද්විත්වකරනයේ ඉඳුරාමැ දක්ෂ වූ කර්මහලාධිපතිය, ආඳාගලට අධිපති ඩූඩාභිධානය, වාඩියේ පහරන්නාවූ ළපැටිසුරාභිධානය, කොන්කිරීටයට අධිපති මහා ප්‍රසන්නාභිධානය, භණ්ඩාභිධානය, වැවාසන්න නිවැසි නිවර්තනගාමී නලියාභිධානය, දණ්ඩ මුගුර හස්තග්‍රාහී වැ ඇසිල්ලෙකින් වරැ වරැ... තෙල බ්ලොගයේ හරුප වපුරන්නාවූ මදාවියා නම් මූ ඉතා ගැටවායැ. මූ දෙපයින් අල්ලා පරසක්වළ ගසා, රසසරණිය අප සිතූ සිතූ ස්වරූපයේ රන් කරම්හ.

      Delete
    10. එම්බා ඩ්‍රැකිය තොපගේ වදන් අසා සද්ධර්මරත්නාවලිය කියෙවිවා සේ මා අන්ද මන්ද වූයෙමි.නූඹ මදාවියා මෙතරමි අපහසුතාවයකට පත් කලේ මන්ද.අහෝ දැන් සියදිවි හානි කරගනු ඇත.



      Delete
    11. මනෝ මා සගය, ඇම්මුන මැනව, ඇම්මුන මැනව, මා කී සේ මූ ඉතා ගැටවායැ. තොප අප දෙදෙන ඹරවාපියා තැබීමෙහි සමර්ථයෙකි. පික්ෂු පීකුදුයැ. සොඳ සොඳ දෑ තව තව ඉදිරියට බලාගන්නමෝ වෙම්ද?

      Delete
    12. අ‍හෝ ඩ්‍රැකිය... තගේ මුව දෙකෙළෙවරින් ගලා හැලෙන්නේ උණුසුම් වූද දුර්ගන්ධ වූද රුහිරුම පමණෙකැයි මෙතෙක් සිතා සිටියෙමි. බලව කෙතරම් මුලාවෙක්ද? තා මේ බෙණෙන වදන් කෙතරම් මනහරද සුගන්ධවත්ද?
      තොප කීවා මනාය. මෙකී රසසරණිය නමැති අටමගලාධිපති කීර්ති ශ්‍රී කාමමිත්‍යාචාරී, පචභාෂා පරමේෂ්වර මල් වදුවා නම් කෙල තොල්ලා දෙපයින් අල්වා ඇට සොල්ව සොල්වා පරසක්වල ගසම්හ. ගසා අප සිත්සේ රස සරණියේ රස උරා බොම්හ.

      Delete
    13. අහෝ කැමරා මුඛය, ඉඳුව මාගේ හස්තය. දමව එ් මතුයෙහි පංචයක්...!!!

      හැක හැක යැ, එමතුද නොවෙයි, හුකෑස් යැ... :-)

      Delete
    14. කොල ඩ්‍රැකිය - හස්තය මතුයේ පංචයක් කෙළ පලක් නැත. මුඛය විවර කරව. ඒ මතුයෙහි ‍ඩොලර පනස්පහක් හෙළමි.

      Delete
    15. අවසන එකල්හි තොප වැනි සූකරයින් නසා දික් විජය කල මහා පුරුෂයා මෙකල්හි තොප සියල්ල පරදා නැගීසිටින්නාවූ මම්ම වේදැයි මා විසින්ම වදාල සේක.......................

      (දැන්වත් ඇති බං මේක. මගෙ දිවත් උලුක් වෙලා මේ ටික කියවලා)

      Delete
    16. අගය කරමි, අගය කරමි තොපගේ ඩොළර... කාරිය වන්නේ මිතුර, මා කලක පටන් ඇල්කොහොලය වරා සිටීමය. ඩොළර පණස් පහක් පුස්නා රක්ත වර්ණ රුධිර තැන්පතුවක් මාගේ බැංකු එකවුන්ටය වෙත ට්‍රාන්සරයක් දමව. මාගේ තැන්පතුව නාරාහේන්පිට පුරප්‍රවරයේ ඇති රුධිර බැංකුවෙහි පවතී. (මල් වදුවා බෙණෙන අයුරින්, සුකුරු ඊට අගී වෙතත්, තෙල ජරාව නම් නොඑවව.)

      Delete
    17. කැමරා සොඹුව,

      ඉත්බිති, තාප ගේ හිස සයනයේ පත්තෙහි තදින් ස්පර්ෂ වීමෙන්, එතෙක් දුටු ස්වප්නයෙන් මිඳුනේ, මහත් වික්ෂිප්තයෙන් ලැප්ටොපය විවර කොට ඉහත කමෙන්ටුව කොටාපීයේ වේද?

      Delete
    18. මේකට කමෙන්ට් කරන්න කලින් උම්මග්ග ජාතකය වගේ සීරියස් පොතක් කියවලා භාෂාව ටියුන් කරගන්න වෙයි වගේ.

      Delete
    19. ආඳාගලවාසී ඩූඩාභිධානයෙනි, තෙපළා පළක් නැත එගැන...

      Delete
  11. පොම්පෙන් ලේ සමබරව බෙදිලයන්න තමයි මචෝ දෙයියො මවල තියෙන්නෙ. වැරදි විදිහට නඩත්තු කිරීම් , වැරදි තෙල් පාවිච්චිය නිසා තමයි අහිංසකයොත් චප්ප කරල දාන්නෙ.

    මචං , ඔය වෙච්චි සිද්දියේ බලපෑම පොඩි එවුන්ට දරුණුවටම දැනිල. අපේ කොල්ල අවුරුදු 12 යි , නිදියන්න ඉස්සල්ලා ගෙදර දොර ජනෙල් චෙක් කරනව , නංගිට පරිසමින් ගෙදර එනහැටි පාඩමක් කියනව.
    කෙල්ල අවුරුදු 6 යි. ඊයෙ පන්තියේ ළමයෙක් කිවුවලු අර ළමයව වද දීල මරල තියෙන්නෙ තාත්ත හරි සීය හරි කියල , කවදාවත් නැතිව මට පුදුම තරහක් පෑව වෙනදට උදේට වදින්න එන්නෙ අඩි දයක් විතර ඉදන් දන ගාගෙන , ඊයෙ හාමිණේ සැර කලත් වදින්න ආවෙ නෑ. මම දවල් ළමයි කතා කරපුව ආරංචි වෙද්දි තමයි හිතුවෙ කෙල්ලගෙ තරහට හේතුව. මම මාර අප්සෙට් එකක හිටියෙ . හෙට නිවාඩු දාල ඉස්කෝලෙ අරලවන්න, ආපහු ගේන්න හවසට සෙල්ලම් කරන්න කියල තමයි හිතාගෙන ඉන්නෙ.
    බලපං මේ කාලකන්නි මිනිස්සු හින්ද දරුවො විදින දුක.

    ReplyDelete
    Replies
    1. ආතරයාට කියලා මකෝගන්නවද? නැත්තං මංම මකන්නද?

      Delete
    2. ටීච, ටීච...
      හූත් මකන්නද?

      Delete
    3. කම්මලයා මට මේ කමෙන්ටුව බරට දැනුනා

      Delete
    4. ඩ්‍රැකියා,
      චූ කරලා නිදාගනිං පොඩි එකෝ...ආව මෙතන මකන්න.

      මෙන්ඩා,
      මටත් දැනුනා. මාත් දැනෙන්න දැම්මා යට එකේ. මං කොහොමත් එහෙමනේ.

      Delete
    5. මේ වගේ අපරාධ සිද්ධ වෙනවට වඩා අපේ මාධ්‍ය වලින් පොඩි ළමයින්ට පවා දැනගන්න ලැබෙන විදිහට මේවා පළකරන එක වහාම නතර කලේ නැත්නම් විශාල වරදක් සිද්ධ වෙනවා මුළු මහත් සමාජයටම...

      Delete
  12. පොම්පෙන් ලේ සමබරව බෙදිලයන්න තමයි මචෝ දෙයියො මවල තියෙන්නෙ. වැරදි විදිහට නඩත්තු කිරීම් , වැරදි තෙල් පාවිච්චිය නිසා තමයි අහිංසකයොත් චප්ප කරල දාන්නෙ.

    මචං , ඔය වෙච්චි සිද්දියේ බලපෑම පොඩි එවුන්ට දරුණුවටම දැනිල. අපේ කොල්ල අවුරුදු 12 යි , නිදියන්න ඉස්සල්ලා ගෙදර දොර ජනෙල් චෙක් කරනව , නංගිට පරිසමින් ගෙදර එනහැටි පාඩමක් කියනව.
    කෙල්ල අවුරුදු 6 යි. ඊයෙ පන්තියේ ළමයෙක් කිවුවලු අර ළමයව වද දීල මරල තියෙන්නෙ තාත්ත හරි සීය හරි කියල , කවදාවත් නැතිව මට පුදුම තරහක් පෑව වෙනදට උදේට වදින්න එන්නෙ අඩි දයක් විතර ඉදන් දන ගාගෙන , ඊයෙ හාමිණේ සැර කලත් වදින්න ආවෙ නෑ. මම දවල් ළමයි කතා කරපුව ආරංචි වෙද්දි තමයි හිතුවෙ කෙල්ලගෙ තරහට හේතුව. මම මාර අප්සෙට් එකක හිටියෙ . හෙට නිවාඩු දාල ඉස්කෝලෙ අරලවන්න, ආපහු ගේන්න හවසට සෙල්ලම් කරන්න කියල තමයි හිතාගෙන ඉන්නෙ.
    බලපං මේ කාලකන්නි මිනිස්සු හින්ද දරුවො විදින දුක.

    ReplyDelete
    Replies
    1. ඉස්සර කාලයක් තිබුණා මතකද ඕවාවත් මිනිස්සුන්ට නොදැනුනු. එවලෙට අනේ අපොයි කිව්වා...එතනිං චැප්ටර් ක්ලෝස්. බ්ලොග් වැනි සමාජ මාධ්‍යවල තියෙන වෙනස ජනප්‍රිය ප්‍රවෘත්ති/ඕපාදූප අඩවි වගේ මේක හිට්ස් වැඩිකරගන්න මාර්ගයක් කර නොගෙන සංවේදී මිනිසුන් අතර සමාජ කතිකාවතක් බවට පත්කර ගැනීම.

      මට ඉන්නෙ කෙල්ලොම තුනක්. උන්ට මා ගැන කිසි අවුලක් නෑ. මං උන් එක්ක ඉන්නෙ මචං ටයිප් එකට. උඹ තව තවත් දුවට සමීප වෙයං. එයාගෙ හිත හරියයි. තාම අවුරුදු 6 නෙ බං. පව්!

      Delete
    2. කම්මලේ... බොහොම කණගාටුයි උඹට වෙච්චි දේට.. කුණු අදින මල පෙරේත ජඩමාධ්‍ය කලාවක් අපට තියෙන්නෙ...

      Delete
    3. කුණු විකුනන් කන උන් ඉන්නකම් ඕක තමයි බං වෙන්නෙ. අනිවා දාපං නිවාඩුවක්. මදාවියා කිවුවා වගේ තව ටිකක් දුවට ලං වෙයං. ඕවා අමතක වෙනවා පොඩි එකීට තේරෙන කාලයක් ආවම,

      Delete
    4. දිලා,
      කියලා වැඩක් නෑ බං. ඔය හූනියං පෙට්ටිය බලනවටවත් මං කැමති නෑ. ඒත් වැඩක් නෑ ඉස්කොලෙදි හරි පොඩි උන්ට ඕවා එනවා එක හත වෙලා.

      කැමා,
      ලොකු වෙනකොට ඒකිට දුක හිතේවි සමහරවිට. බලපංකො කාලකන්නි නිසා සාමාන්‍ය පවුල් වලටත් වෙන හානිය.

      Delete
    5. මටත් හරි දුක හිතෙනවා බං කොයිතරම්..අපිට අපේ ආදරනියන් මිස් වෙනවද..
      පලයන් නිවාඩුවක් දාලා

      Delete
    6. ඊයෙ උදේ එද්දි ෂේප් කරගන්න මම කිවුව " එද්දි ජුජුබ්ස් ගේන්නම් " කියල මේකි මට අමතක උනොත් අඩවුවක් අල්ලන්න ප්ලෑන් කරල තියෙන්නෙ , හොද වෙලාවට බුද්ධි අංශෙන් තොරතුරු දුන්න , නැත්තම් තවත් කේස්.
      මේකි උපන් දා පටන් සමීප උනේ මට , නැට්ට වගේ මගෙ ලග එල්ලිලා ඉන්නෙ. හදිසි වෙනස් වීම තමයි දරාගන්න අමරු. එයිටත් මේ පුංචි හිත හදන්න මොනා කරන්නද ?

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. මම ගෙදර යනකොට දවසක් පොඩි මෙන්ඩා ඉස්සරහට දුවගෙන ඇවිත් ඇගේ එල්ලුනේ නෑ මම ඒකට ගේම ඉල්ලුවා ඌත් ගේම ඉල්ලුවා දෙන්නම ඇඩුවා ඒක බලාගෙන ඉදලා සදුත් ඇඩුවා..
      උඔලා දන්නවද පුතාගෙන් සමාව ඉල්ලන එකම තාත්තා මම වෙන්න ඇති..

      Delete
    9. ..............................................................................

      Delete
    10. මෙන්ඩා,
      නිවාඩු තමා බං. නිවාඩු දැම්මම වැඩදාට වඩා වැඩ.

      කම්මල, මේක පෙන්නපං දුවට.
      https://www.youtube.com/watch?v=Cjq50t_-JFo
      තව හොඳම father & daughter relationship movies සෙට් එකක් ඇති imdb සයිට් එකේ. හොයලා එ්කක් දෙකක් පෙන්නපං. කටිං කියනවාට වඩා එයාට හිතෙන්න ඇරපං. කොහොමත් පොඩි උන් ඕවා දුර දිග ගෙනියන්නෙ නෑ.

      මෙන්ඩා,
      මාත් ඉල්ලනවා බං. අපේ උංනං එතකොට කියනවා “නෑ තාත්තෙ මමයි වැරදි. තාත්තා සමාව ඉල්ලන්න එපා.“ කියලා.

      Delete
    11. කැමා හෑස් නෝ අයිඩියා අබවුට් දිස් වර්ල්ඩ් වී ඩිස්කස්ඩ්.

      Delete
    12. නැතුව නෙවෙයි... ඇස් වලට කඳුළු පිරුනාම කියාගන්න බෑ බං...

      Delete
    13. අනේ නෑ බං. උඹට තාම දරුවො නැති නිසා කිව්වෙ.

      Delete
    14. කියෙවිවට කමිමලයගේ අදහසට මම මොනවත් එකතු කලේ නැත්නමි ඒකත් අඩුපාඩුවක්.මගේ පුංචි දුවට නමි මම තරමි දෙයක් වෙන නැ.එයා දන්නවා මම එයාව ආරක්ෂා කරන විදිය.එයාට තෙරෙනවා මම එයාට සෙනෙහස දක්වන තරම.ඒයාට දැන් අවුරැදු 11.එදා සදෙවිමි දුව මරලා දාපු දවසෙත් මගේ දුව කියනවා මට තුරුල් වෙලා කියනවා අප්පචිචි මම ගොඩක් පරිස්සමි වෙන්න ඔන නේද කියලා.අද උදෙත් තවත් අවුරැදු 8ක ලමයෙක් ඒ විදියටම මරල දාලා කියලා අහන්න ලැබුනා.මම විස්තර හෙවිවෙ නැ ආයෙත් හිත පාරගන්න බැරි හින්දා.හැමදාම අහන්න වෙන දේවල් නිසා මම දැන් මගේ දූ ගැන ගොඩක් බයෙන් ඉන්නේ.

      Delete
    15. කැමා තවම විවාහ වෙලා නැති උනත් පුංචි දරැවෙක් දැක්කම සෙනෙහසක් දැනෙනවා.අර පුංචි දූ මරලා දැමිමම හැමෝගෙම ඇස්වලට කදුලු ආවෙ කිසිම භේදයක් නැතිව.ඒක තමයි මචං මනුස්සකම

      Delete
    16. උඔලා දන්නවද? මම කම්මලයාගේ කතාව සදුට කිව්වාම එයා කිව්වා පොඩි මෙන්ඩාගේ පංතියේ අම්මලා කිව්වලු සමහර ළමයි තාත්තා සියා ගාවට යන්නෙ නෑලු. ඒ ළමයි අහනවලු “ අම්මේ තාත්තා මාව මරයිද?“ කියලා

      Delete
    17. මෙන්ඩා
      හරි සංවෙගයක් දැනෙන්නේ බං ඒක අහපුවම.මෙ පුංචි උන් තමන්ගේ තාත්තා තමන් මරයි කියලා හිතනවා කියලා ඇහුවම මොකක්දො වෙලා ගියා

      Delete
    18. කාගෙ උනත් දරුවෙක් දැක්කාම ආදරයක් දැන්නෙ නැත්නම් මිනිහෙක් වෙලා ඉපදෙන එකෙන් වැඩක් නෑ නේද බං..?

      Delete
  13. සම'හරක්'ට පහළ අවයවේට ලේ ඉනුවාම මොළේට ලේ බිඳක්වත් නැතිවෙනවා. එතකොට තමයි මල් කැකුළු වගේ ළමයිනුත් වෙනස් වෙලා පේන්නේ.
    ජයවේවා මධාවියෝ!

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම ඔයිං එකකටයි සැපයුම ලැබෙන්නෙ ඒ ඒ වෙලාවට. ඕක තේරුම් යන්නෙ ටික දෙනාටයි මුලදි. ගොඩක් උන්ට කාලයක් ගිහිං වැටහෙනවා. හරක් කියන්නේ කවදාවත් ඕක තේරුම් නොයන උන්ට. හරකුන්ටත් එක්ක ලැජ්ජයි.
      ජයම වේවා!

      Delete
  14. සමහර වෙලාවට ඔය පහල එකෙන් වැදගත් තීරණත් ගන්නවා ලේ පුරපු වෙලාවට...

    ReplyDelete
    Replies
    1. ඉතාම වැදගත්. මොකද වරිගයාගේ පැවැත්ම තීරණය කොරන්නෙ ඕකෙන්නෙ.

      Delete
    2. ඒකම නෙවෙයි. උඹ කියවලා තියෙනවද රබර් කියලා කෙටි කතාවක්? ඒක සාහිත්‍ය තරෙ‍ඟෙකින් පළවෙනි තැන දිනුවා. අටමා දෙකද කොහෙද. ඒකෙ ලින්ක් එක අටමගෙ බ්ලොගේ තියෙනවා.

      ඒකෙ පොර රබර් වත්තක් ගන්නවා. ඒ තීරණය ගන්නෙ අහවල් එකෙන්.

      Delete
  15. උඹ මේ පෝස්ටුව නං කාලීනව දාල තියෙනවා මදාවියා....

    ReplyDelete
    Replies
    1. ඒ වගේම පලිය එක් කලේ හැමෝටම එකම විදිහට ටච් නොවන නිසා.

      Delete
  16. ඇත්ත කතාව..ඔය දෙකම එකට වැඩ කරන්නෙ කලාතුරකින්

    ReplyDelete
    Replies
    1. එකට වැඩකරන්න කොහෙත්ම අමාරුයි බං මටනම් හිතෙන්නෙ.

      Delete
    2. පිට වැඩ සෙට් කරගන්න වෙලාවට නම් ඔය දෙක එක ළඟ වැඩ කරනවා මයේ හිතේ...
      කොටු පැනිල්ලකදී නම් දෙකමත් වැඩ කරනවා ඇති කියල හිතෙනවා...

      Delete
    3. හෑ.... ඒක කියපු හැටි නම් ඇල්ලුවෙ නෑ...

      Delete
  17. කියවලා හිතන්න යමක් ඉතුරු කළාට බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. විචාරකතුමා, අනේ අර ඊයෙ කීව කතාව මේලක් දානවද පොඩ්ඩක්. නැත්නම් යතුරු-වචනයක් දෙකක් මේකෙම දාන්ටකො. ඊයෙ කොරපුවා ගොඩාක් ඒවා අමතක වුණා හවස දවස සමරද්දි.

      Delete
    2. ඇයි බොල ඒ වෙලාවේ සළු වෙලා හිටිය බවක් පෙනුනේ නැහැනේ. හරි හරි එවන්නම්.

      Delete
  18. ඒ හින්දා තමයි දවල්ට මොලේ වෙහෙසලා වැඩකරලා රෑට ඇඳට යන්න කියලා පුරාණ සෘෂිවරයෝ කියලා තියෙන්නේ............

    ReplyDelete
    Replies
    1. ඒ ඇත්තො කියන්නෙ අමු පාන්දරම වැඩේට බහින්න කියලා. “ප්‍රභාතේ මොකක්ද මන්දා සුඛං“ කියලා සොලෝකයක් තියෙනවානෙ.

      Delete
    2. "ප්‍රභාතේ සුකනං සුඛං" නේද බං සොලෝකෙ...(ඒ කියන්නෙ ප්‍රබාත්ට $@* එක සැපයි කියලද? අැයි යකෝ කියපු ඉසිවරයා කොලු කාරයෙක්ද කොහේද?

      Delete
  19. දෙයියො මැව්වෙ තුන්දෙනයිලු බුරිය නැතිව
    අාදම් සහ එ්ව අැතුළු මධූ කොලුවව
    අාදම් සහ එ්ව අැතුළු මධූ කොලුවව
    දෙයියො මැව්වෙ තුන්දෙනයිලු බුරිය නැතිව

    ReplyDelete
    Replies
    1. ඉතුරැ දෙන්නා
      කැමර කටයි
      කැමරා හොම්බයි

      100 වෙනි කමෙන්ටුව

      Delete
    2. ආ.... මෙන්ඩත් ඉන්නවා... අමතක වෙයි...

      Delete
    3. තෙලිජ්ජො,
      කිතුල් ගහේ උඩ අත්තේ බුරිය තියාලා
      තෙලිජ්ජයා නිකං යනව බුරි බුරි ගාලා...

      මෙන්ඩා,
      ශතකය වාර්තා කොරනවා මේ අවස්ථාවේදී.
      අරුං අයිති බුරි නැති සෙට් එකට නෙමේ. අර මේ....

      කැමා,
      මෙන්ඩගේ බුරියෙ නූල් ඇති බෙඩ් සීට් එකක් මහගන්න තරමට.

      Delete
    4. ලැජ්ජා නැති සෙට් එකට... හැක්

      Delete
  20. උපුටා ගැනීමක්ද? නැත්තං මැවීමක්මද?

    ReplyDelete
    Replies
    1. ආදම් මධුගේ වත්තල වද පුංචිගේ පුතා ඌ තමයි සිද්ධිය මුට කියලා තියෙන්නේ..

      Delete
    2. ලබ්කි,
      උපුටාගෙන මැව්වා
      http://www.jokeindex.com/joke.asp?Joke=2193

      මෙන්ඩා,
      වත්තල පිංගෙඩිය තමා බං.

      Delete
    3. නෑ, වත්තල පීස් එක...

      Delete
  21. කාලයේ තාලයට මධූගේ ගී පද..
    ජයවේවා..!!
    මේ.. ඒක නෙමෙයි..,මොලේ ලේ ඉතිරි උනොත් මෙණ්ඩා තුන් ලෝකෙ බලන්නෙ කොහොමෙයි?

    ReplyDelete
    Replies
    1. ජයම වේවා!
      ඒ වෙලාවට මෙන්ඩාට මුකුත් පේන්නෙ නෑලු.

      Delete
    2. ඇයි බං දිව තියෙන්නෙ ඒකටනේ..

      Delete
  22. Replies
    1. තවත් සාදුකාරයක් දෙන්න පිංවත්නී.

      Delete
  23. ඔය දෙකම එක පාර වැඩ කරන්න ඇති වෙන්න ඇගේ ලේ තිබ්බනම් එකක් කියලා හිතෙන්නේ දැන් වෙන්න ඇති දෙයියන්න උනත්..

    ReplyDelete
    Replies
    1. හිතෙනවත් ඇති. හැබැයි එහෙම වුණානම් මිනිස්සුත් ගෝරිල්ලන්ගෙ සයිස් එකට තමා මවන්න වෙන්නෙ.

      Delete
  24. බණ්ඩාගේ කතා......
    හිනා කලා ඉල ඇදිලා මැරෙන පොස්ට් එකක් ලියලා..

    ReplyDelete
    Replies
    1. දැක්කා. හිනා කාලා මැරෙන්න කලිං කියවලා ආවා.

      Delete
  25. කකුල් දෙක මැද්දේ පිහිටවපු අවයවෙට කියන්නේ බලේ කියලා.. එහෙම තමයි මේ කතාව හැදුනේ..
    "මොලේ තියෙන කොට බලේ නෑ.. බලේ තියෙනකොට මොලේ නෑ"
    මදාවිය ගොඩක් හොඳ ආදුරුසුමත් කතා හෙමත් දන්නවා හෙනං..

    ReplyDelete
  26. හොඳ පොස්ට් එකක් නැන්දම්මේ.



    මට මතක් වුනා දෙවියන් ආදම්ට කියපු තව එකක් එක්කෝ ඕනේ නෑ

    ReplyDelete
    Replies
    1. ඒකත් ඔන්න ඔහෙ කියහං අපූ. මොකෝ අපි උඹ ගැන ආයෙ අමුතුවෙන් නරකට හිතනව කියලයැ. බුහැක්...(ජස්ට් කිඩිං ඈ... උඹ ඉතිං අපේ බොක්කෙ ෆිට් එකනෙ ඈ..)

      Delete
    2. හොඳ වෙලාවට ඔමා මගෙ කමෙන්ට් එක කියවලා නෑ. යන්තම් ඇති.

      Delete
    3. ස්ත්‍රි පරාණයක් මෙකට ගොඩබැස්සා විතරයි දවස් ගානක් පේන්නවත් හිටපු නැති කැමරා හොමිබා වරැවක නිවාඩුවක් දාලා ඇවිත් ඒකට පලවෙනි රිප්ලයි එක දාලා.ඔමා මෙකට රිප්ලයි කරනකමි ආයේ මූ වැඩට යන්නැ.

      ඊ ලගට අනිත් කැමා,ඔෆිස් එකේ උන් උඹව හොයනවා පල ඉක්මනට,ආවා මෙතන ඔමාට රිප්ලයි කරන්න.මූ අපේ ඒවට රිප්ලයි කරන්නේ මාසයකට පස්සේ මෙකට පැයයි ගිහින් තියෙන්නේ.

      දැන් ඔන්න ඊ ලගට එනවා මදාවියා.ස්ත්‍රි පරාණයක කොමන්ටි එක දැක්ක ගමන් පස්වනක් ප්‍රිතියෙන් පිනා ගිහිල්ලා ඔය කවියේ කියලා තියන එක මඤ්ඤං වෙනවා (දෙක කොහොමත් වැඩ නැනේ)

      මම විතරයි මෙකේ බොහෝම සංයමයකින් සභ්‍යව කොමන්ටි එකක් කරන කෙනෙකුට ඉන්නේ.

      Delete
    4. මොකට කියනවද? මූ විතරයි මේකෙ සංයමයෙන් සභ්‍යව කමෙන්ට් කරන එකෙකුට ඉන්න‍ෙ. අනේ ඔමා මූට රිප්ලයි කොරහං ඈ...
      //කවියේ කියලා තියන එක මඤ්ඤං වෙනවා (දෙක කොහොමත් වැඩ නැනේ// මල් හතයි බොල... ඇරහං උඹේ කටත්.. ඩොලර් පනස් පහක් වක්කොරන්ට

      Delete
  27. කතා නම් කතා අන්න කතා...
    දෙපාරක් පණ දීලත් පුතේ කියන්න බැරි උනා කියලා ගස් ලබ්බා අඩනවා..
    ගිහින් බලාලා එන්න..

    ReplyDelete