2015-09-21

උපන් දිනය


මගේ උපන් දිනය යෙදුනු - ගියමාසේ පස්වෙනිදා
උදේ අවදිවූයේ මං - සිත් ප්‍රමෝදයෙන්

තිස් තුන් වසරක සේවය - නිම කරලා ඉසිඹු ලබා
අදරැතියන් හා එක්වෙමි - හෙට දිනේ පටන්


පිය බිරිඳගෙ දරුවන්ගේ - කාර්යාල සගයන්ගේ
සුපැතුම් මැද උපන් දිනේ - සමරමිය ඉතින්

කාමරයෙන් පිටවූයෙමි - මුළුතැන්ගෙය වෙත ඇදුනෙමි
බිරිඳ සිටී උදේ කෑම - පිළියෙල කරමින්

වගේ වගක්වත් නැතිවා - සු‘පැතුම් අහලක නැතිවා
ඇය ඉන්නේ පුරුදු ලෙසින් - ඇගෙ වැඩ කරමින්

දරුවන් පාසැල් යන්නට - සැරසෙනවා කඩිමුඩියේ
උන් හට මා ඉන්න වගක් වත් නෑ දැනුනේ

හැමදාමත් පිළිපැදෙනා - කාලසටහනේ හැටියට
කිසි වෙනසක් නැතිව අදත් - වැඩ සිදුවෙන්නේ

මහා අඳුරු හැඟීමකුයි - ඒ සමගම හිස් බවකුයි
හිත පුරාම පිරිලායන - බවකිය දැනුනේ

කිසිවෙක් නොම කතා කලේ - මා ගැන නොතකා සිටියේ
මන්දැයි සිතමින් වැඩබිම - වෙතට පැමිණුනා

එහි වූ සැම දෙනාමත්ම - වෙනදා සුපුරුදු විලසින්
සුබ උදෑසනක් පමණක් - පතා ඉගිලුනා

මේ කිසිවෙක් නොදන්නේද - අද මා ඉපදුනු දා බව
ඒ විතරද අද මෙතනින් - මා නික්මෙනවා

අඳුරු හැඟුම් කලු වූයේ - අසුනට මා පියනැගුවේ
මේසය මත හිස හොවාන - සිත ඉකිබින්දා

ලතාවකට හඬ නැගෙනා - උස් අඩි පාවහන් නදින්
මේසය මත දියව තිබූ - හිස එසවූවා

සුදු පැහැ කමිසය සමගින් - වූ රතු කෙටි සාය අගින්
ඇගෙ සියුමැලි දෙපා දුටිමි - ඇත් දල පාටින්

(උපුටාගැන්ම)


ඇගේ සුමුදු ඇඟිලි අතර - රැඳි රතු පැහැ රෝස පොකුර
කාල වර්ණ හැඟුම් ඉරා - මවෙත දිගු වුණා

සුරඟුන් පරදනා ලෙසින් - දීප්තිමත් රුවැති මුහුණ
සිනා පොකුරු මල් වැස්සක - නෑවී තිබුණා

සුභ උපන් දිනක් වේවා - කියා මා කොපුල් තෙමුවා
මගේ සිහින කුමරි සිටී - අදත් මා ලඟින්

අද දහවල් කෑමට අපි - එළියට යමු නේද කියා
සිනා සපිරි මුවින් යලිත් - විමසා සිටියා

සැම අඳුරම පහව ගොසින් - සිත් මල් විල පුබුදු වුණා
ඇය සැමදා සිටියා නොවැ - මා සනසවමින්

නැගී සිටියෙ ඉඳුකිල සේ - නිල බලයද සිතට රැගෙන
ඔව් අපි යමු කෙල්ලෙ - කියා පිළිතුරු දුන්නා

දිවා විවේකය එනතුරු - ඇඟිලි ගනිමිනුයි සිටියේ
අවසන් දින මේ තරමට - දිගු වූයේ ඇයි

අැය රථයේ ඉදිරි අසුන - අරා සිටී රැජිනක් ලෙස
ඉගිල ගියෙමි හොඳම අවන් හල කරා ඇදී

ජීවිතයේ කිසිම දාක - බිරිඳටවත් ලබා නොදුන්
ඉස්තරම්ම කෑම බීම - ඇණවුම් කෙරුවෙම්

පැයක පමණ සල්ලාපේ - යෙදෙමින් එහි ගතකෙරුවා
ආපසු එන්නට හැරෙද්දි - ඇය කතාකලා

අද ඔබගේ අවසන් දින - මේ දින අපි සැමරිය යුතු
හවස් වරුව නිවාඩුවක් දාමුද දෙන්නා

යලි අමතක නොවන ලෙසින් - මේ සැඳෑව ගතකරන්න
මගෙ ඇනෙක්සියට ඇවිදින් - වරුවක් ඉන්න...

සිහිනයක්ද මේ දකින්නෙ - අදහන්නත් බෑ මෙවදන්
මිටෙන් හල සියොත් විලසින් - සැනින් ඉගිලුනා

ඇගේ නිවස වෙත ආවා - කිසිවෙක් නෑ පෙනෙන්නටත්
හෙමින් සැරේ අප දෙදෙනා - ගෙට ගොඩවූයේ

ඔහොම සාලෙ වාඩිවෙලා - විවේකයෙන් ඉන්න ටිකක්
මම ඇඳුමත් මාරුකරං - සැනෙකින් එන්නම්

ඇය එලෙසින් පවසාලා - ඉඟ සුඟ දෙපසට සලමින්
ලතාවකට පියගැට පෙල - නගින්නට වුණා

මේ වනවිට හැම දේමත් - සිදුවන හැටි පුදුම නමුත්
අමතක නොම වන දවසක් - බව මට හැඟුනා

අවුරුදු ගානක් තිස්සේ - හිත යට හිරකර තබාපු
මිහිරි සිහිනයක් අද දින - අත්විඳිම් මෙමා

එය කෙලෙසින් අරඹන්නද - පිළිවෙල සැනෙකින් පැටලේ
ඇගෙ සිත වෙනසක් වෙන්නට - පෙර ඉක්මන් වෙම්

ඉහල මහලෙ දොර ඇරිලා - පියගැට පෙල බැස එන්නේ
ඇය මේ වර කේක් එකක් - දෝතින් ඔසවා

ඈ පිටුපස වැල නොකැඩී - මගේ බිරිඳ දරුවන් හා
කාර්යාල සගයන් සැම - පේලියෙ එන්නා

සුභ උපන් දිනක් වේවා - සැඳෑ දිවිය සරු වේවා
සැම දෙන එක හඬින් එසේ - මට සුබ පැතුවා






මේ සැමදෙන පිළිගන්නට - සාලෙ සැටියෙ දිග ඇදිලා
ඇඟේ නූල් පොටක් නැතිව - බලා උන්නෙ මං..........





෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴


අදහස සහ අත්දැකීම- රණශූර විචාරකතුමා
පදරචනය හා තනුව - සත්ගුණවත් මදාවිතුමා

219 comments:

  1. උපන් දිනය දා උපන් ඇඳුමෙන්

    ReplyDelete
    Replies
    1. වෙල්කම් ඉයන්!
      හරිනං එහෙමනෙ ඉන්න ඕනි.

      Delete
    2. මොන වෙල්කම් ද යකෝ? මෙව්වා වල්කම්

      Delete
    3. පොඩ්ඩක් තදවෙලා වගේ!

      Delete
    4. හොද පොඩ්ඩ..
      අගල් 6 ඇස්ලොන් පියිප්පයක්..

      Delete
    5. විෂ්කම්භයද, දිගද?

      Delete
  2. උඹ ගිය මාසේ පහද.මම හය වෙනිදා .උඹ සැටියේ ඉන්න විදියයි පිරිස උඹව පිලිගන්න එන විදියයි මැවිලා පෙනිලා සෑහෙන වෙලාවක් හිනා ගියා.මගේ උපන් දිනේ දවසේ අනිත් එවුන්ට අද මගේ උපන්දිනේ කියලා අගවලා බලෙන් වගේ සුභ උපන්දිනයක් වෙිවා කියලා කියව ගත්තේ.


    ReplyDelete
    Replies
    1. මගේ උපන්දිනේ නෙමෙයි බොල. අන්තිම කවියට පහලින් දාපු පේලි දෙක දැක්කෙ නැද්ද? මාවම කාපියව්.

      Delete
    2. සයින්ද බෝනා සකබෝනා කීවලු.යකෝ අපේ විචාරක තුමානේ.ඒක දැක්කේ නැනේ බං.තාර පීප්පයක් පුටුවක් උඩ ලැගලා ඉන්නකොට කොහොමද විෂන් එක

      Delete
    3. මීටපස්සෙ අකුරක් ගානෙ කියෙව්වෙ නැත්තං තට්ටෙ පලනවා පොල් ගෙඩියකින් ගහලා, හරිද?
      (මමනං ඕං ඒ අන්තිමට කියපු එකට මොකුත් කියන්නෑ. මට තව ටික දොහක් ජීවත් වෙන්න ඕනි)

      Delete
    4. හමුදාවෙනේ හිටියේ බං,අපි වගේ අහිංසක මිනිස්සුන්ට අතක් උස්සන්නැ.බැරක්ක දාලා තිබුන දවස්වල චෙක් කරනකොට අපෙන් මොකක් හරි මිසින් එකක් වුනාම පොලිසියෝ අයගේ ක්‍රියා කලාපයයි හමුදාවෙ අයගේ විදියයි හොදටම අත්දැකලා තියනවනේ බං.

      Delete
    5. හප්පා අයිඩින්ටිය නැත්නං සුං ඒ කාලෙ.

      Delete
    6. තාර පීප්පයක් පුටුවක් උඩ ලැගලා ඉන්නකොට කොහොමද විෂන් එක
      ඒ විතරක්ද හැන්ඩ් ග්‍රෙෙන්ඩ් දෙකක් එල්ලපු මෝටර් එකකුත් එල්ල කරගෙන..

      Delete
    7. මචෝ මෝටාර් එකනං වැදිලා පුපුරනවා තමා. අර හෑන්ඩ් ග්‍රෙනේඩ් දෙක?

      Delete
  3. ඔක්කොමත් හරි, යකෝ කවුද හිතුවේ මේක අපේ ගෑණිගේ ප්ලෑනක් කියලා. තන්තෝසේ වැඩිකමට, මම ගලවලා උඩ ගහපු ලාග්ගා ෆෑන් එකේ පැටලිලා කැරකි කැරකි තිබුණේ.

    මට ඇත්තටම දුක මේකයි. අර සෙකට්‍රි කෙල්ල මට පස්සේ කිව්වා, අයියෝ සර්, මගේ සුලැඟිල්ලත් ඔයිට වඩා හොඳයිනේ කියල.

    ReplyDelete
    Replies
    1. මට ආරංචි වුණේනං ගලවලා උඩ ගහපු ලාග්ගා සීලිමේ ඇලිලා හිටියා කියල තමා.

      Delete
    2. අපිට නමි ආරංචිය ආවෙ විචාරකි විචාතුමාව පරඩැලක් වගේ අල්ලගෙන කරකවලා කරකවලා තාප්පෙන් එලියට විසි කරලා දැමිමා කියලයි.

      Delete
    3. හත්වලාමේ ලාග්ගා ෆෑන් එකේ පැටලිලා කැරකි කැරකි තියෙනවා මැවිලා පෙනුනා යකෝ... විචා මාමෙ උඹ තමයි බං දවසකටවත් මිනිහා... පට්ට යකෝ... අපේ ඔෆිස් එකේ එවුං බලනවා මට පිස්සු හැදිලද කියලා...

      Delete
    4. මනෝ,
      නෑදෑ හිතමිත්‍රයොද ස්ටාෆ් එකේ අයද නැත්තං කෙල්ලද?

      දිලා,
      “අපේ ඔෆිස් එකේ එවුං දන්නවා මට පිස්සු හැදිලා කියලා“ වශයෙන් නිවැරදි වියයුතය.

      Delete
    5. මදාවියගෙ කතාවට වඩා විචාරකගෙ කමෙන්ට් එක රහයි බොල...!!!

      Delete
    6. /අයියෝ සර්, මගේ සුලැඟිල්ලත් ඔයිට වඩා හොඳයිනේ / එයා සුළැඟිල්ලෙං තෘප්තියක් ලබනව ඇති නේ...?

      Delete
    7. හපෝයි! රැයක් නිදිවරා ලිව්ව කයියට ගිය කල!

      මේක වෙන කතාවක්.
      දෙමව්පියො කියනවලු බං අපි ඇහැට නින්දක් නැතිව ඉනට වස්තරයක් නැතිව බඩට කෑමක් නැතිව තමා ලමයි හැදුවෙ කියලා.
      (එහෙම තමා ලමයි හදන්නෙ)

      Delete
    8. ඩැකියා මෝල් ගහක් අවශ්‍ය තැනට සුළැඟිල්ලක් ඇති වෙයිද බං.මම හිතන්නේ ඔය කියලා තියෙන්නේ ඒකිගේ සුළැඟිල්ල විචාතුමාගේ මොකක්දෝ එකකට වඩා ලොකුයි කියලා.ඔන්න ප්‍රමානේ

      Delete
    9. ඉතිං ඊට පස්සෙ මිසිස් විචා බර අවි පාවිච්චි කරල විචාගෙ අහවල් එක ඡේදනය කලැයි කියල අපිට ආරංචි උනේ නෑ.

      Delete
    10. මෙන්න විචාගේ තව එකක් අන්තර් ජාලෙටත් දාලා ,,,හැක් හැක්

      Delete
    11. අඩෝ සින්දුවා. තෝ තමයි මගේ මේ පරණ වීඩියෝ ඇද ඇද දාන්නේ. හිටපියකො කාලතුවක්කුවක උණ්ඩයකට දාලා වෙඩි තියනවා තෝව.

      Delete
    12. අම්මපා මට මැවිලා පේනවා සින්දුවා අර සර්කස් එකක Human Canon Ball එකක් වගේ උඩ යන හැටි.

      Delete
    13. ප්‍රසා,
      බර අවි කියන්නෙ මාළු කපන පිහියක්, පොරවක්, බණ්ඩි කියතක් වගේ.

      සින්දුවා,
      හුකෑස්! ඔහොම පාටියකදි ෆාටිං සීන් එකකුත් තියෙනවා.

      විචාරක,
      දැන් ඉතිං වැඩේ වණ වුණා බොස්. කන්නම වෙනවා මුන්ගෙන්.

      කැමා,
      සින්දුවා සර්කස් එකක හිටියලු ඉස්සර, වළහෙකුට.

      Delete
    14. කියතකින් කැපුවනං විචාරක පව්.
      කියතකට අතපය කපාගත්ත එකෙක් තමයි ඒකෙ රඟේ දන්නෙ.

      Delete
    15. ප්‍රසා "කිතුල් ලෑල්ලක බුරුස් පැද්දා" වාගේ නේද ? කියනකොටත් හිරිවටෙනවා ..හැක් හැක්

      Delete
    16. ප්‍රසා,
      අගය දැනිලා වගේූ!

      සින්දු,
      අප්පා....අත්දැකීම් වගේ.

      Delete
  4. නෙදකින්... ඇයි යකෝ ලස්සනට ඉයවගෙන ආපු එක අන්තිම පේලියෙන් විනාස කරලම දැම්මා... හපෝයි...
    නියමයි මධාවියෝ... මුල ඉඳන්ම වහෙන් ඔරෝ කතන්දර නැතුව නෝමල් කතාවක් වගේ කියාගෙන ඇවිත් අන්තිම පේලියේදි කනට ගැහුවා වගේ කියලා දැම්මාම දැනෙනවා වැඩී.

    ReplyDelete
    Replies
    1. නිකං දෙපිටකාට්ටු කතා කියන්න එපා බං. :D
      අන්තිම කවිය තමා මේ ඉට්ටැයිල් එකේ උඩටම ගිහිං අත හරින තැන.

      Delete
    2. අර ඩ්‍රැකිය කියාපු ගුලියකුත් කාලද දන්නෙ නෑ හිටියෙ.
      කෝ බං මෙන්ඩයියා...?

      Delete
    3. සෙකට්‍රි කෙල්ල විසිල් ගහගෙන පඩිපෙල බැහැගෙන ආවලු.

      Delete
    4. සෙට් එකම විසිල් ගැහුවද දන් නෑ. අන්න ඩ්‍රැකියා බයේ ඉන්නවා අපි ඕක විචාට කියයි කියලා...

      Delete
    5. යකෝ යක්කුත් බයයිනෙ පැංසොං ගිය හමුදා පොරවල් වලට.

      Delete
    6. කියපං ඩෝ... මං බයනෑ වැන්හෙල්සිංටවත්...!!!

      Delete
    7. ඒ කවුද බං ඒ..? හර්බජාන්සිං වගේ සික් පොරක්ද?

      Delete
    8. එහෙනම් ඔන්න මේල් එක ෆෝවර්ඩ් කරනවා ඩ්‍රැකියෝ.....

      Delete
    9. මදාවියා,
      හරුබජංසිංට එහා වැන්හෙල්සිං. ඕක මගෙ පපුවෙ උලක් ගැහුවා සැරයක්...

      කැමා,
      මාස දෙක්කට විතර කලිං මං විචාට ‍පොතක් තැපැල් කරන්න ඇඩ්‍රස් ඉල්ලලා මේල් එකක් යැවුවා. ඒකට තාම රිප්ලයි නෑ. ඕකටවත් ඇවිස්සෙයිද බලමු...

      Delete
    10. පපුවෙන් ගහපු උල මතුවුනේ වෙන තැනකිං නේද?

      Delete
    11. පපුවෙ උල ගහන්න කලිනුත් ඒක යහතිං තිබුණා බොල...!!!

      Delete
    12. උල මොට වෙලා නැතෙයි..?

      Delete
    13. ඩ්‍රැකියා,
      මං කිව්වෙ පපුවෙන් ගහපු උල පිටෙන් මතුවුණා කියලා. ඒ....මුගෙ චරිතෙ හොඳ නෑ...

      කැමා,
      උලටම තිබුණොත් කෙලවිලා තියෙයි.

      Delete
    14. මදාවියා,
      ඔව් බං මං දැක්කා උඹේ පිරිසිදු චේතනාව...

      කැමා,
      මොට්ට උලේ ආතල් සාගරයයි...

      Delete
  5. කවියකට වඩා කතාවක් ! කතාවකට වඩා කවියක් !! ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා සාගරිකා!
      ඹයා විචාරකතුමාගෙ කවුරුවත් නෙමේ නේද?

      Delete
    2. මධුගේ ප්‍රශ්නෙට විචාරනි උත්තර දෙනකන් කමෙන්ටුවක් දාන්න බයයි.

      Delete
  6. මදැයි. විචාරක ට ආතල් එකක් ගන්න තිබුනු දවසෙ මේ ගෙදර ගෑනු මනුස්සයයි, ඔෆීසියෙ උන් ටිකයි මොකට ආවද? චැහ්. මේක විචාගෙ පිටින් දාල කිව්වට මදුවගෙ සිද්දියක්ද දන්නෑ. තව ටිකක් ආතල් ගන්න දීල සෙට් එක එන්න තිබුනෙ.

    ReplyDelete
    Replies
    1. හිටපිය මං විචාරක එවපු මේල් එකේ ස්නැප්ෂොට් එකක් දාන්න. හරි වැඩක්නෙ යකෝ මේක. මොකක් දැම්මත් මේ අහිංසක මාවමනෙ මුං අල්ලගන්නෙ.
      (ඔය හිටියයි කියන විදිහටනං තනි ආතල් තමා ගන්න වෙන්නෙ)

      Delete
    2. බොරු බොරු කසුන්. මධාවියා ඔය උඹව වටේ යවන්න හදන්නේ.

      Delete
    3. හැක්...හැක්... ගිය පාර පෝස්ට් එකෙං තමා මං සාක්කි ඇතුව ඔප්පු කොරන්නෙ.
      විචාරකතුමා, කතාව කයි කිරීම ගැන මුකුත් කියලා නෑනෙ. කොහෙද ඉතිං අර රූපෙ දැකලා වයින් වෙලානෙ.

      Delete
    4. ආයේ කියන්න දෙයක් ඉතුරු කරලද උඹ වැඩක් කරොත් කරන්නේ. අම්මපා මමත් තනියම සෑහෙන්න හිනාවුණා. ටොපේ ටොප්.

      Delete
    5. තැන්කු! තැන්කු! අයිතිකාරයාගෙ අදහස මට ගොඩක් වටිනවා. මම කොහොමත් ස්ටොක් එකෙන් දෙනවට වඩා හදලා දෙන්න තමා කැමති.

      Delete
    6. ඇත්තටම මේක උඔ උපරිමෙන් කරලා

      Delete
    7. මධාවියෝ,
      අන්න අරහෙ කසුනා උඹට මාමා මාමා කිය කිය ඇඹරෙනවා. මට නම් ඕකා එන පොට ඇල්ලුවෙ නෑ. ඉක්මනට කෙල්ල ගෙට ගං. සත පහකට ශුවර් නැති පුතයා....

      Delete
  7. සප්‍රයිස් පාර්ටි හරි භයානකයි...........

    ReplyDelete
  8. විචා සුභ උපන් දිනයක්..

    මම මෙතෙක් කියවපු ඒවාගෙන් එල ද බ්‍රා එක

    ReplyDelete
    Replies
    1. මේක ටිකක් වෙලාව අරගෙන ලිව්වා මචෝ මාත්. විචාරකතුමාගෙ පළමු අදහසනෙ.

      Delete
    2. ආ මෙන්ඩයියා.... කෝමෙයි...?

      Delete
    3. මෙන්ඩයියා තමයි නැතුව අමිර්ඛාන්ද?
      කෝ බං රා පාටිය?

      Delete
    4. ඔය පාටියත් බාලගිරි දෝසෙ වගේ තමා. (ඕකා එක එක පාවෙන ජාති දාලා දෙයිද දන්නෑ...සා...)

      Delete
    5. කියන්න බෑනෙ බැරල් එකෙ බැහැලා අමීර්ඛාන් වගේ වෙලාද කියලා....
      ඉඳහන් වල් සතෙක් වැටෙනකම් සා බොන්න. මේ දවස් වල කඳන් බඳින්නෙ නෑ මුවෝ රංචුවක් ඇවිදිනවා කියලා.

      මධාවියාට නම් දෙනවා අර තැබෑරුමේ රා..... පොල්මුඩ්ඩකුත් දෙනවා නොමිලෙම...

      Delete
    6. හා. මෙන්න මෙන්ඩයියත් බැහැලා. කොහෙද ගිහින් හිටියෙ?

      Delete
    7. කැමා,
      පොල්මුඩ්ඩ ගහගං උඹේ ......
      ඉතුරු මුඩ්ඩත් තෝම ගහගං.

      කසුන්,
      මෙන්ඩයිය මේ දැන් බැහැලා තියෙන්නෙ............. කිතුලෙන්.

      Delete
    8. මදාවියා,

      මොකද්ද බං පොල්මුඩු දෙකේ කතාවද? මං අහල තියෙන්නෙ කෙහෙල් ගෙඩි දෙකේ කතාව.

      කැමා,
      අප්සට් එකක් නෑ නේද?

      Delete
    9. මේ පොඩි උන් දැන් පුරුදු වෙලා තියෙන ඉන්සල්ට් එකක් බං. “බැරිනං පොල්මුඩ්ඩක් ගහගං. ඉතිරි මුඩ්ඩත් තෝම ගහගං...“ කියනවා.

      Delete
    10. හා.............මෙන්ඩයියා................කෝ ජුන්ඩයියා..........?

      Delete
    11. හා.............මෙන්ඩයියා................කෝ ජුන්ඩයියා..........?+++ :D

      Delete
    12. විචා,
      විසිල් එකක් ගැහුවා. ජුන්ඩයියා බැහැල ගියා...

      Delete
    13. ජුන්ඩයියා දැන් නිකම්ම පුංචයියා වෙලා!

      Delete
    14. හිනාවෙන්ඩ බෑ බං...මිනිස්සු සත්තු වෙනකොට හිතට අමාරැයි..

      උඔලාට නෙමෙයි...

      Delete
    15. මොකක්හරි අවුලකින් නේද මෙන්ඩයියා අද ඉන්නෙ? වෙනදා වගේ කමෙන්ට් කරන්නෙ නැති නිසා හිතෙනවා මොකක් හරි අවුලක් වෙලා කියලා. ඇත්නම් මේ වෙද්දි කීදෙනෙක් එක්ක වලි අල්ලාද.

      Delete
    16. ඇයි මෙන්ඩා මොකක්ද බං අවුල.මමත් බැලුවා ඇයි උඹ ටිකක් එනවා අඩු කියලා.

      Delete
    17. පැට්ටේරියෙ මෙන්ඩට වඩා ලොක්කෙක් හරි සමානයෙක් හරි සතෙක් වෙලා කියලා ඔය කියන්නෙ. අනේ බං මෙන්ඩො, අපි මේ ජීවත් වෙන්නෙ නියම මනුස්සයෝ සහ අමනුස්සයෝ එක්ක. සත්තුන්ට මොකුත් කියන්න එපා.

      Delete
    18. මචංලා..
      මධුවා කියපු එක හරි..තිරනයක් ගන්නවා බං ලගදිම.

      Delete
    19. අමනුස්සයෝ එක්ක ඉන්න බැරිනම් වෙන තැනකට යන එක නේද හොද?

      Delete
    20. උඹ ලොකු හිත්වෙදනාවකින් ඉන්නේ.ඔනම තැනකදි අපිට මුන ගැහෙනවා බං අපිටම කෙලවන්න හදන එකෙක්.උඹ හිත හොද එකා.උඹට වරදින්නැ බං.

      Delete
    21. මෙන්ඩෝ අපි වැටෙන්න වැටෙන්න අපිට ගහන්න ලේසියි .ඒ නිසා ඕන පුකක් සුපියලයි කියලා කෙලින් හිටපන් ...මොකෝ බන් ජොබ් තියෙන්නේ ඔතැන විතරක් නෙවෙයිනේ ....අපි කාපු කටුවල විදිහට අපිට අයෙත් අලුතෙන් කන්න කටු නෑනේ මචෝ ....ජයවේවා !!
      බ්‍රෑන්ඩ් එක ගල් ..

      මිනිස්කමට නම්බු නාම දුන් මිනිස් මුවින්
      මිනිස්කමට නිගා ගෙනෙන වියරු රුදු වදන්
      ඇසේය මිනිස් පුරවරෙන්

      කල්පනා සොඳය මනුපුර බෝසතුන් මවන තරමට
      කල්පයේ දැවෙන සිත් නෙත් නිවාලන ලෙසා
      කප්තුරෙත් සැදෙයි පිළිලද මල් මගෙත් සිටිත් දෙබරුද
      සහසකුත් අසති දෙව්දත් දනන්ගේ මුසා

      මිනිස්කමට නම්බු නාම දුන් මිනිස් මුවින්
      මිනිස්කමට නිගා ගෙනෙන වියරු රුදු වදන්
      ඇසේය මිනිස් පුරවරෙන්

      පිල් හැලී හඬන මොණරුද බල බිඳී තැවෙන කෙසරුද
      කලි යුගේ හොඳත් නොහොඳැයි නිගා දෙනු අසා
      නියඟයත් වැසිත් සදන අහස සේම විඳිමු ගැරහුම්
      මුණිවරුත් බොරළු කටු මග ඇවිද ගිය නිසා

      මිනිස්කමට නම්බු නාම දුන් මිනිස් මුවින්
      මිනිස්කමට නිගා ගෙනෙන වියරු රුදු වදන්
      ඇසේය මිනිස් පුරවරෙන් ....

      ගායනය, සංගීතය - රෝහණ වීරසිංහ
      ගී පද - වසන්ත කුමාර කොබවක

      Delete
    22. මෙන්ඩො,
      මං නං කරන්නෙ, මගෙ ස්ථාවරය හැමෝටම ඇහෙන්න තදින් කියලා දාලා, මොකද වෙන්නෙ කියලා සතියක් දෙකක් බලං ඉන්නවා. ඊට පස්සෙ තීරණයක් ගන්නවා. මිනිහත් සතෙක් තමයි බං. අපි මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙන්න බැරි දේවල් බලාපොරොත්තු වෙන එක අපේම වැරැද්ද...

      Delete
    23. ඔහොම මිනිස්සු කොතනද නැත්තෙ මෙන්ඩයියා. ඕවා හිතන්නැතුව හොඳට හිතලා තීරනයක් ගන්න. එක තැනක්ද ජොබ් කරන්න තියෙන්නෙ. මමත් මේ බැලුවෙ වෙනද වගේ සෙට් නොවෙන නිසා මොකද වෙලා තියෙන්නෙ කියලා.

      Delete
    24. උඔලා හැමෝම මගේ පස්සෙන් ඉන්නවා තියලා දැනොනකොට හිතට ෆිට්..(අර කැමා පිටිපස්නේ ඉන්න එක තමයි ෂුවර් නැත්තේ)..
      රස්සාවවත් පඩියවත් නෙමෙයි බං දලා යන්න බැරි බ්‍රා.
      බ්‍රා එකක් නොදකින දවසට මට කෑවත් ඇගට අල්ලන්නෙ නෑ.

      Delete
    25. //බ්‍රා එකක් නොදකින දවසට මට කෑවත් ඇගට අල්ලන්නෙ නෑ//
      කවුරුවත් ඇඳගෙන ඉන්න එකක් නෙමෙයි නේද? :D

      Delete
    26. මෙන්ඩෝ රු 5000ක් දෙන්නද...? අර බලහං මගෙ බ්ලොග් එක පාළු වෙලා බොල තෝ නැතුව...

      Delete
    27. මෙන්ඩො,

      බ්‍රා එකක් ගැන අහන්න මං ඊයෙ උඹට ඩයල් කරන්නම ගිහිං ඩ්‍රැකියානි ගෙං බැණුම් ඇහුවා බං... බලහං උඹේ ෆෝන් එකේ මිස් කෝල් එකක් ඇති හවස හයට විතර.

      Delete
    28. කැමා
      ගිහින් ආවා..
      ඉක්මනට අපි කට්ටියට සෙට් වෙන්න ලැහැස්ති කරපන් මස්සිනේ..මෙතනට එන කට්ටිය ඔක්කොම ඉන්නවනම් හොදයි.. මට උඔලා එක්ක ඔපන් කතා කරන්න ඔනේ.

      ඩ්‍රැකි
      මම ලග උඔගේ නම්බර් එක නෑ කොල් එකක් දිපන් වෙලාවක

      Delete
    29. මෙණ්ඩෝ.. මේක අහල තියනවෙයි..?
      හොඳම ජොබ් එකක් නරක බොසෙක් එක්ක කරනවාට වැඩිය සැපයි නරක ජොබක් හොඳ බොසෙක් ලඟ කරන එක කියලා..?
      සඳුයි අපේ පොඩි මෙණ්ඩයි (ඉස්කෝල කේස් අනන් මනන්) ගැනත් හිතලම ජොබ ගැන තීරනයක් ගනින්..
      ජයවේවා..!!

      Delete
    30. මෙනඩා, පිස්සුද බං..............? හැලෙන්න එපා! උඹට අල්ලගෙන ගැහෑකි. අනේ මට මොබා නොම්බරේ දාහං මචෝ.

      Delete
    31. ඉවසනවා කියලා ඉවසනකොටත් එක එකා කරේ නගින්න එනකොට තමා එපා වෙන්නෙ. මං නම් එක පාරක් ඔහොම එකෙකුට දුන්නා බැටේ.

      Delete
  9. මෙහෙම හිත සහ වෙනත් දේ එක පාරටම කඩා වැටෙන ඒවා ලියන්ඩෙපා බං. මේ වගේ හිතේ අමාරුවක් කල්පවතිනවා.

    ReplyDelete
    Replies
    1. ලෝං ලාස්ටිං සරෝ ද? නාඬා ඉන්න ඩූඩයියේ... ලෝං ලාස්ටිං හිනා යන එකක් දාමු ඊ ළඟට.

      Delete
    2. හැක්.... ඩූඩයියගෙ බලාපොරොත්තු සුන්නද්දූලි වෙලා වගෙයි.

      Delete
    3. අම්මපා! මටත් උහුලන්නැතිව ගියා ඒක කියපු සොරූපෙට.

      Delete
    4. හිත අස්සෙ හිර වෙලා කියාගන්න බැරි මොනා හරි තියෙනවද දන්නෙ නෑනෙ....

      Delete
    5. උඹලා හරියට කලබල වෙනවනේ.

      ටො‍ෆියක් ගිලුනාමත් මම හෙන ඉච්ඡා බංගත්වයට පත්වෙන එකෙක් බං මං. හිතලා බලහං. ටො‍ෆියක රසය ඇර වෙන වැඩක් තියෙනවද කියලා. අගුණයක් මිසක. ඒක කටට දාගත්ත ගමන් ගිලුනොත් අපරාදෙනෙ.

      මම හිත හිත දුක්වෙච්ච තව කතාවක් තමයි අර බේබි එක්ක නිදාගන්නැතුව මඩුවේ පිදුරුගොඩේ නිදාගත්ත එකාගෙ කතාව. බලපං ඒක ආයෙ හදන්න පුලුවන් වැ‍රැද්දක්ද කියලා.

      පස්සේ ඒ හිතේ අමාරුව හරිගියේ අවුරුදු ගානකට පස්සේ අර චීන වද බන්ධන කතාව ඇහුවට පස්සෙ.

      Delete
    6. කැමා,
      ඕක ඩූඩයියගෙ නැතිව උඹේවත් හිරවුණානං වස්තියක් කොරලා ගන්න තිබ්බා බං.

      ඩූඩයියා,
      වෙනත් විදිහකින් කියනවානං රස බලන්න කලින් ටොපිය ගිලුණ හිතේ අමාරුව හරියන්නෙ කවද හරි රස බලලා ඉවරවුණු චුයිංගම් එකක් ගිළුණු දවසක. ඔව්! ලොලි පොප් එකක කූර වගේ දෙයක් වෙන්නත් පුළුවන්.

      Delete
    7. මේ දවස් වල ඉන්න හිතේ අමාරැවට මධුගේ උපදෙස වටිනවා

      Delete
    8. අා.................. මෙන්ඩා දැන් උපදෙස් ගන්නේ මෙහෙන් නේද???? බලමුකෝ...............

      Delete
    9. කුරැට්ටො බලලා ආවේ..විදානයා කිව්වා වෙලාවක උඔලා එක්ක සෙට් වෙමු කියලා..

      Delete
    10. මෙන්ඩො, කේස එකේ සාරාංශය දැක්කොත් පිළියමක් යෝජනා කොලෑකි!

      Delete
  10. බුහැක්.... හියැහ් පුහ්.. හුහ් හූ...
    යකෝ නාකි විසේ ගෙටත් උසේ කියන්නෙ නිකංද? ඈ බං මල්වදුවො අරකි චේන්ජ් එකක් දාගෙන එනකං වත් තොට ඉන්ට බැරි වුණාද? (විචාගෙ පිටිං දැම්මට මං දන්නවා උඹ මේ ඊයෙ පෙරේද බැංකුවෙන් විශ්‍රාම යද්දි වුණ සීන් එකක් කියලා. ඕං මං කාටවත් කිව්වෙ නෑ හරිය?)

    ReplyDelete
    Replies
    1. එහෙම සෙකට්‍රිලා ඉන්නවානං ගෙදර උන්, ස්ටාෆ් එකේ උන් විෂ් නොකලත් මොකද බං. කොහෙද? ඉන්න සෙකට්‍රිලා උදේට මූණ හෝදන්න සින්ක් එකට නැමෙන කොට.... (නෑ...නෑ...ඕන්නෑ)

      Delete
    2. ගස්ලබු වතුරෙ පාවෙනව ද? හැක්...

      Delete
    3. නෑ...සින්ක් එකට වැටෙනවාලු.

      Delete
    4. ගස්ලබු වතුරෙ පාවෙනව ද? හැක්...

      Delete
    5. ගස් මන්දා නිකං ලබු නං යටයනවා කියලා දැක්කලු කිං කොසොල්.

      Delete
    6. බ්‍රා තියන හින්දා හොදයි නැත්නම් මගේ තං මට තලං තමයි.

      Delete
    7. අඩෝ....ව්.... ඝශ් ලබු ගැන රෝං ටෝක් වානා... හරිය?

      Delete
    8. ගස්,
      වානං වා.

      මෙන්ඩ්,
      උමට කෙල්ලෙක් අවුලක් කරලා?!

      Delete
  11. මේ දවස් ටිකේ FB එකේ මේ පෝස්ට් එකේ ඉංග්‍රීසි වර්ශන් එක තිබුන. කවුද දන්නෙ විචාට වෙච්චි දේ මෙච්චර ඉක්මනට FB එකෙත් දායි කියල.

    ReplyDelete
    Replies
    1. FB එකටත් කලින් දැක්කා මමනං. ඒකත් විචාරක දාපු එකක්ද දන්නෑ ඉතිං.
      (හප්පේ....කාලෙකට පස්සෙ අවොයිඩ් ඩුප්ලිකේෂන්)

      Delete
  12. මේක මටත් වෙන්න පුලුවන් දෙයක්..
    කකුල් දෙකත් එක්ක පන නැතුව ගියා..

    ReplyDelete
    Replies
    1. කකුල් දෙක විතරයි නේද...? වෙන මොනවත් පණ නැති උනේ නෑ නේද මෙන්ඩෝ...? මධාවියා අල්ලපු වැටේ කිවුවා නේද...?

      Delete
    2. අව්ලක් නෑ. සැටියෙ ඇලවෙලානෙ ඉඳලා තියෙන්නෙ.

      කැමා,
      මධාවියා අල්ලපු වැටට කරන්ට් එක දාලා.

      Delete
    3. මෙන්ඩො,
      බටනළාව පණ නැති උනේ නැතැයි?

      Delete
    4. මේක මටත් වෙන්න පුළුවන් කියන්නේ මෙන්ඩව කේක් එකේ ගහන ඉටිපන්දමකට ගන්න පුළුවන් කියන එකයි.

      Delete
    5. ඔව්..ඔව්.. අර මල් වෙඩිල්ල වගේ පත්තු වෙන ජාතියෙ එකක් ඕක.

      Delete
    6. ඒ කියන්නේ මෙන්ඩා දැනටමත් කොටු කිහිපයක් පැනලා.

      Delete
    7. අවුලක් නෑ මෙන්ඩ ඉන්නෙ යටට ඇඳපු බ්‍රා එක පිටින්නෙ.

      Delete
    8. මනෝ,
      මෙන්ඩා පැනපු කොටු ගාන දැනගන්න උඹ පිටු 200 කොටු රූල් පොතක කොටු ටික ගැනලා බලපං. මගෙ බලනකොට 320 එකක් ගනිං.

      ප්‍රසා,
      ඇයි, අතන මෙතන හංගාගත්තුවා?

      Delete
    9. පුංචිම පුංචි ලස්සන ලමා කතාවක් දැමිමා කැමාගේ පෝස්ටි එකේ.හොරෙන් ගිහින් බලලා හොරෙන්ම වරෙල්ලා.

      Delete
    10. වරෙව් යන්න
      මාත් එක්ක.

      Delete
    11. මට ටික දවසක් දියල්ලා..මම ආයමත් එන්නම්.

      Delete
    12. අපිට තෙරෙනවා උඹ සෑහෙන ලොකු හිතේ අමාරැවකින් ඉන්න බව.ඉක්මනට වරෙන්.උඹ නැතිව මෙකේ රන් කරාට අපි කාටවත් ගතියක් දැනේනේ නැ.

      Delete
    13. උඹ නැතුව මේක පාළු වෙලා මෙන්ඩෝ... මේ මධාවියා හිටියට වැඩක් නෑ...

      Delete
    14. අනේ පලයන්ඩ මධුවා තොට කොටු රෑල් 320 මට 200 යි.
      ඔට්ටුවත් දලා ලබන සතියේ ගොල්ෆෙස් එකට එක්කරගෙන වරෙන්..මම ගෙනාවොත් පාප්තුමා ආවට වැඩි වෙයි..

      Delete
    15. මනෝ, කැමා,
      උඹලාගේ බලවත් විරෝධය නිසාම මං විශ්‍රාම ගන්ට තීරණය කොලා බොලල්ලා. මට ඇත්තටම කණගාටුයි එහෙම තීරණාත්මක පියවරක් ගැනීම ගැන.
      එ් වුණාට....................හරි දුකයි බං. මෙච්චර ජනප්‍රිය වුණු බ්ලොග් එකක් නවත්තන්න වීම ගැන.
      (අයිනෝ මෙන්ඩා........අයිනෝ අයිනෝ පිහියෙන්)

      Delete
  13. Replies
    1. මග්ගොක ඉන්දරේගෙ ගෝලය චන්දරේ
      ගෙවල් බිඳල රොබරි දීල දැන් හිරේ

      Delete
  14. මෙච්චර කල් එකට කාපු, එකට කාර් එකේ ගියපු කෑල්ලට අන්තිම දවස වෙනකල් අතවත් තිබ්බෙ නෑයි කියලා විචාරක සීයා "මං සුදනා" කෑල්ලක් හීං සීරුවෙ ඔබලා ‍කතාව අස්සෙ. අපි රැවටුනාලු ඉතිං...

    ReplyDelete
    Replies
    1. සුද පේන්නම ඉගිලුනාලු අන්තිම දවසෙ.

      Delete
    2. සුද යාම ඒ කාලෙත් තිබුණා.......... හැක්.

      Delete
    3. ආපෝ...කාන්තා රෝගයක්නෙ. ඔසප්! ඔසප්!! ඔසප්!!!

      Delete
    4. ඩ්‍රැකියෝ..... අන්න විචා ගල් කටස් එකක් තියාගෙන උඹව හොයනවා ගුලි තුනක් ඉල්ලා ගන්න ඕනෙ වෙලා.... හැංගියන් කොහෙ හරි...

      Delete
    5. මධුව හොයාගෙන එන්න අමාරැ නම් ලගපාත ඉන්න උඔට වෙඩි තියලා දාන්න කියලා අපි කිව්වා

      Delete
    6. කැමා,
      මං ගාව තියෙන්නෙ ගුලි දෙකයි. මැරුවත් ඒක නං දෙන්නෑ සජෝ...

      Delete
    7. ඩ්‍රැකියෝ අනිත් අවයව නැතෙයි

      Delete
    8. ඒකනෙ මේ ඩ්‍රකියා එක තබා දෙකෙන් බෙදන්නෙ මෙන්ඩෝ.

      Delete
    9. හෑ... ඩ්‍රැකියාගෙ නෑ...?

      Delete
  15. කවුද ඩො විචා මාමට කින්ඩිය දාන්නේ , හකු පන්නනවා බලාගනිව්

    ReplyDelete
    Replies
    1. තෝ දැන් ද එන්නේ? මහේ මගේ හකු නෙවෙයි කොකු ටිකත් පන්නලා මුන්.

      Delete
    2. ලව්පූසත් විචාගෙ බෑණද? එතකොට මැලේ රාළ?

      Delete
    3. දවල්ට නරි බෑණා හෙවත් රෑට ලව් පූසා ඇවිත්. මොකෑ පරක්කු? උඹනෙ මේකෙ ආරම්භක පිතිකරු.

      විචාරකතුමා කොහොමත් කොක්කට බරයිනෙ.

      මැලේ ඇවිල්ලා පොඩි බෑණා. මූ නරි බෑණා.

      Delete
  16. යකු මේ වගේ සිද්ධියක් අැත්තටම වුණා කියල පහුගිය දවසක මං කොහේ හෝ දැක්කා. උපන් දිනය දා බිරිය ගේ හොරයක් අල්ලලා දුන්න එකක් සියලු නෑයන් ඉදිරිපිට. වස්තු බිජය කුමක් වුවත් අපුරු කවි සංකල්පනවකට හරවලා තියනවා නුඹ ලස්සනයට.

    ReplyDelete
    Replies
    1. මටත් මතකයි නලියයියා. බුකියෙද මන්දා. කෙලින්ම කෝට් රෙඩ් හෑන්ඩඩ්.
      ස්තූතියි! ප්‍රවීණයෙකුගෙන් තවත් වටිනා සම්මානයක්!

      Delete
    2. නලීන් අයියේ වස්තු බීජය ඔය ලියපු එකාටම වුන සන්තැසියක් තමයි ඔය කරකවලා ලියන්නේ.අපි නොදන්න මොනරතැන්න

      Delete
    3. මනෝ,
      අනේ අපි නොදන්න උඹේ බීජෙයි මොනරතැන්නයි. ෆුට් නෝට් කියවන්නැති නෝටි කොල්ලො.

      Delete
  17. අෆ්ෆා.. විලිලැජ්ජාවේ සන්තෝසෙ බැරුවා :D. විචා මාමටත් වෙලා තියෙන දේවල් හැබෑට.

    ReplyDelete
    Replies
    1. ආ මේ ඇවිත් ඉන්නෙ. හොර ගලා.
      විචා මාමාට වෙන්නෙම ඕවනෙ. මං මොන කවියක් දැම්මත් උන්නැහැට ලීඩිං කේමියෝ රෝල් එකක් තියෙනවාමයි.

      Delete
  18. රෙදි නෑ.. මමනම් ගඟේ පනිනවා වතුර බිල මැරෙනවා..

    අඩෝ මේ ගිය පස් වෙනිදා තමයි අපේ උන්දගෙත් උපන් දිනේ.. මට හාන්කවිසියක් මතක නැතිව ඉද්දි උන්දැටත් ඔහොමම හිතෙන්න ඇති කියල හිතුන මුල් ටික කියවද්දි.. සක්..

    ReplyDelete
    Replies
    1. ගිය 2 වෙනිදා අපේ උන්දෑගේ..මටත් අමතක වුනා..
      හොදි නෑ

      Delete
    2. කළණ,
      මේ උඹ සමරලා තියෙන්නෙ. http://kalahitha.blogspot.com/2015/08/a-day-not-to-forget-yet-forgets.html

      මෙන්ඩා,
      උඹ දන්නවද බිරින්දෑවකට ඕකම ඇති ඒ මාසෙම කට ඩයලොග් නම්බර් එකක් වගේ කරගන්න.

      Delete
    3. අඩේ සදූට වඩා දවස් 4 කුත් , කල්‍යාණගෙ හාමිනේට වඩා දවසකුත් බාලයි මගේ හාමිණේ. ජීවිතේට එකපාරයි බංස්ල අමතක උනේ ඒකත් යාළුවෙලා ඉද්දි , අමතක වෙලාමත් නෙමේ අපේ අම්ම මට කලින් විශ් කලා. අම්මෝ එදයින් පස්සෙ රෑ 12.01 ට විශ් කරන්නෙ.

      Delete
    4. ඒ වෙලාවට විශ් විතරක් කොරල මදි බං. පුශ් එකකුත් කොරපං.

      Delete
    5. සදු මට වැඩිය අවු 10ක් බාලයි

      Delete
    6. පැටියට 10 යි. සඳු තව 10 ක් බාලයි. සඳුට 25 දි පැටියා හම්බු වුණානං අනිවා තොට 45 යි. ඔයිං එහාට මිසක් මෙහාට නං එනවා බොරු මයි බොක්ක්කා.

      Delete
  19. හි හි හි :d අනේද කියන්නේ විසේ වයසේ හැටියටද

    ReplyDelete
    Replies
    1. ගෙයි උසටත් වඩා මොකක්ද කියනවනෙ ඔමා.

      Delete
  20. විචාරකයා හෙළුවෙන් ඉන්න හැටි හිතා ගන්න පුළුවන්... ඉස්සර පංචිකාවත්තේ කඩවල ටයර් උඩ හිටියා ඒ වගේ එකෙක්.. උගේ නම මිචිලින් පප්පා...

    ReplyDelete
    Replies
    1. මටත් අන්තිමට එහෙම මනුස්සයෙක්ගෙ රූපයක් දාන්න හිතුනා මාතෙ. එතකොට තර්ක කරලා බේරෙයි මේ මම නෙමේ කියලා.

      Delete
    2. අඩෝ මාතයා. මිචලින් පප්පගේ නැති එක මට තිබුණ නිසානේ මේ කේස් එක බරපතළ වුණේ.

      Delete
    3. ඈහ්! ඌට නැද්ද?

      Delete
  21. හපොයි විචා අංකල්ට වෙලා තියෙන දෙයක්. කොහොමද කෂ්ටිය එනකොට රෙදි නැතුව අහවල් එකත් අතගගා ඉන්නකොට දකින කට්ටියට තියෙන ආතල් එක.

    අපරාදෙ දවල්ට කාපු ටික කියල හිතෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඉහත දමා ඇත්තෙ 100 වෙනි කොමෙන්ටුවයි.

      Delete
    2. අතගගා නෙවෙයි යකෝ කොඩිගහ වගේ තිබුනේ ඔව් කොඩිගහ වගේ...... හැක්.

      Delete
    3. ප්‍රසා,
      නැමුවලු කේක් එක විළි වැහෙන්නම.

      විචාරක,
      මාත් දැකලා තියෙනවා කණුව මැදින් කැඩිලා පාත්වෙච්ච කොඩිගස්.

      Delete
    4. අඩෝ දෙමල නයන්න මේ පාර මගේ 100 වෙනි කමෙන්ටුවට විද්දා නේද?

      Delete
    5. ඉතිං උඹ 200 එක දාපංකො.

      Delete
    6. මම උඔට එහම කියන්නේ ආදරේට තරහා නෑ නේද?

      Delete
    7. පිස්සුද මෙන්ඩො.

      Delete
    8. මෙන්න බලහල්ලකො. කැමා, ඩ්‍රැකියා, දිලා, කසුනා, මනෝ මුන් දෙන්නා ඒක බීජ පත්‍රී වෙන්න හදනෝ!

      Delete
  22. ඕක තමයි යකුනේ කියන්නේ ඔය වගේ සංදිස්තාන් වලදී වැඩිය හදිස්සි වෙන්න එපාය කියලා...
    ඕකෙම තව වර්ෂන් එකක් තියෙන්නේ එක කෙල්ලෙක්ව බඳින්න ඉන්න කොල්ලා ඒ කෙල්ලගේ ගෙදර ගියාම කවුරුවත් නැතුව කෙල්ලගේ නංගි හිටියලු බාගෙට ඇඳගෙන.
    මුට කාමරේට එන්න කියලා වරදට පොළඹවා ගන්න හැදුවලු, මු එක පාර ගෙදරින් පිටවෙලා කාර් එක ගාවට ගිහින් දොර ඇරියට පස්සේ ගෙදර හැංගිලා හිටපු ඔක්කොමල ඇවිත් මු එල කොල්ලෙක් කියලා ඌට එළකිරි වගේ චරිත සහතිකයක් දුන්නලු.
    නමුත් ඌ ඇත්තටම කාර් එකේ දොර ඇරලා තියෙන්නේ කැබියේ තිබ්බ කොන්ඩම් පැකට් එක ගන්න...
    අපේ විචා මාමටත් ඒ වගේ හොඳ ලකුණු ටිකක් රැස් කරගන්න තිබ්බ චෑන්ස් එකක්නේ මිස් කරගෙන අල කරගෙන තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. එළ!
      මොරාල් ඔෆ් ද ස්ටෝරි: කීප් යුවර් කොන්ඩම්ස් ඉන් කාර් කැබින්.

      Delete
    2. චැඃ චැඃ චැඃ, ඇයි ලොකු කොල්ලෝ මේක කලින් කියලා නොදුන්නේ.

      Delete
    3. පළමුවෙනි වාක්‍යයද? දෙවනි ඡේදයද?

      Delete
    4. පට්ටම කතාව ඕයි. ඇත්තෙන්ම මෙහෙම කමෙන්ට් වලට කතා දාන එකට සපෝට් කරන්න ඕනෙ. උන්ට මොකක්හරි දිරි දීමනාවක් ගෙවන්න ඕනෙ.

      Delete
    5. ඒක හරි. අනික එතකොට තමා කමෙන්ට්ස් කියවන්න හිතෙන්නෙ. සමහරක් පෝස්ට් වලට වඩා කමෙන්ට්ස් ඉස්සරහින් ඉන්නවා. පෝස්ට් එකක් කියන්නෙ නිරුවත් කාන්තා ශරීරයක් වගේ. ලස්සන වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. කමෙන්ටස් තමා ඇඳුම් පැළඳුම්. බොහෝවිට අවසානයේ එන පෙනුම ලස්සනයි.

      Delete
    6. දිරි දීමනා විදිහට අර ලේ බොන එකාගෙන් පුස්ලාඩන් ගෙනත් දීපන්...

      ///චැඃ චැඃ චැඃ, ඇයි ලොකු කොල්ලෝ මේක කලින් කියලා නොදුන්නේ.///
      කවුද හිතන්නේ අපි දන්න කියන මානුස්පයෙක් මෙහෙව් කරදරේක වැටෙයිය කියලා හිටං...

      Delete
    7. බිබික්කමුත් හොදයි..
      ලොකු උඔ කාර් එකේ දලා ගියේ ඇයි බං වෙනදාට සක්කුවේ දාගෙන යන එකානේ

      Delete
    8. තුවක්කුව අඩි අටක් විතර ඉහලින් ඇණ දෙකක රඳවන්නෙ ඇයි මා ප්‍රිය මෙන්ඩා?

      Delete
  23. තව ටිකක් ඉවසුවා නම් මොකද?
    ජයවේ!

    ReplyDelete
    Replies
    1. ඒත් නොලැබීම එහෙමමයි.
      අළුත් වැඩේට ජය!

      Delete
  24. හැක්, මරුවට තියෙන්න ඇති.. අදහස විචාරකතුමාගේ කිවුවා නේ.. එහෙනම් මුකුත් නොකියමි..

    ReplyDelete
    Replies
    1. මෙතෙක් ආත්මාරක්ෂාව ගැන සැලකිලිමත් වූ එකම බ්ලොග්කරුවා ඔබයි.

      Delete
    2. අපෝ ඔය අංකල්ගෙ පුස්කාපු කාලතුවක්කු උණ්ඩ වලට අපි බයවෙයි.

      Delete
    3. පුස්? සමහර විට වෙංටත් ඇහැකි!

      Delete
  25. හෙහ් හෙහ් සුපිරියටම කවියට නගලා තියෙනවා................. එල

    ReplyDelete
  26. හිහැක්
    මට මැවිල මැවිල මැවිල පේනව අඩේ
    මදාවියා ඉන්නවා (වචා නෙවී) අස්ටිය ඇස් කටේ දාං ඉන්නව
    සමහරු දුවනව.. සමහරු හූ කියනව
    අඩේ පොඩි උං දෙන්න
    ඒව ඕන නෑ
    පට්ට හොදේ.. හිකිස්

    ReplyDelete
  27. අා............... අා................. බොරු උපන්දින වැඩක් නැහැ.. අපිට කියමු බලන්න අැත්තම උපන්දිනේට මොනවාද දෙන්නේ????? දැන් ළගයි නෙවැ......??????

    ReplyDelete
    Replies
    1. සෙකට්ට්‍රෙගන් අහලා කියන්නම්

      Delete
  28. වලාමේ...... බඩ අස්සෙන් අත දාගෙන රේන් කෝට් අඳිනවාලු වැස්සෙ නාන්න... වෙච්ච දෙයක්...
    ජයවේවා..!!

    ReplyDelete