2015-09-07

ගිරවා



එක සැමියෙක් දවසක්දා - ගිරවෙක් ගන්නට හිතලා
කුරුල්ලන්ව විකුණන කඩයක් වෙතට ගියා

ලොකු පොඩි සැම කූඩු පුරා - විවිධ කුරුල්ලන් සිටියා
මැකෝ පෙකෝ ආදී ලෙස - ගිරවුත් හිටියා


ගිරවුන් තෝරමින් යද්දි - අමුතු එකෙක් දුටුවා ඔහු
මේ ගිරවා අනික් උන්ට - වඩා හරි වෙනස්

මනුස්සයෙක් වාගේමයි - සියළු වචන දැන සිටියා
යන එන සැම දෙන සමගින් - කතා බහ කලා

වෙළෙන්දාව අමතාලා - මේ ගිරවා ගැන ඇසුවා
තමන් සතුව සිටින හොඳම - ගිරවය කීවා

දකින දකින ඕනි දෙයක් - හොඳින් මතක සිටින බවත්
පසුව ඒව ගැන මතකෙන් කියනව කීවා

නමුත් මූට ඉගිලෙන්නට - බැරි බව නොකියා කොහොමද
ඒකෙත් වාසියක් තිබේ - පලා යන්නෙ නෑ

තව පොඩ්ඩක් ලං වීලා - ගිරවා දෙස බැලූ කලට
අවාසනාවකි මේකා - කකුල් නැති එකෙක්

වසා සිටින කම්බි කූර - අල්ලාගෙන ඉන්නේ මූ
පිරිමි සතෙක් බව කියවෙන - අවයවයකිනුයි

මොනව වුණත් මේ ගිරවා - තමන්ට වටිනව කියලා
අර සැමියා මුදල් ගොඩක් - ගෙවලා ගත්තා

පලා නොයන ගිරවෙක් නොවැ - මොටද ඉතිං කූඩු ගන්නෙ
කම්බි වලල්ලක් පමණක් - මිලදී ගත්තා

නිදන කාමරේ පැත්තක - කම්බි මුද්ද එල්ලූ කල
ගිරවා එහි රැඳී සිටී - දඟරය ඔතලා

බිරිඳ සමග එක්වීලා - ගිරවා හා කතා කලා
උගේ දැනුම ගැන සැමියා - හරි පුදුම වුණා

පසුදා වැඩ ඇරී ඇවිත් - ගිරවා ගෙන තම අත්ලට
වත්ත පහල පැත්තේ ඔහු - ඇවිදින්න ගියා

වත්ත පිටියෙ සුළං වැදී - නිදහස විඳීනා අතරේ 
ගිරා තෙමේ දැන් ටික ටික - දොඩමළු වෙනවා

දන්නවාද අද උදයේ - පාන් කාරයා අාවා
නුඹේ බිරිඳ නයිටියකින් - සැරසී සිටියා

දොර ඇරලා ඔහු කැඳවා - තුරුළුවුණා ඇය ඔහුවෙත
කලින් දැක්කෙ නැති - සතුටක් ඇයගෙන් පෙනුනා

කවදාවත් නොසිතු දෙයක් - මේ ගිරවා පවසන්නේ
කෝපය හා කුතුහලයද - ඉහ වහා ගියා

ලෝකය කැරකෙනව වගේ - අදහන්නත් බෑනෙ මේක
කවදාවත් දැනුනේ නෑ - මට ඔහොම දෙයක්

දෙකට ගනින්නත් බැරි ලෙස - මේ ගෑනී ඉන්නේනම්
ඊට පස්සෙ මොකද වුනේ - කියලා ඇසුවා

මං ඉන්නා කාමරයට - ඒ දෙන්නා ඇතුළු වුණා
නොඉවසිල්ලෙ සිපගන්නා - බවකුත් පෙනුනා

ඇගෙ නයිටිය ඇඳ පාමුල - වැටෙනා හැටි මම දුටුවා
දෙන්න එක්ක හෙමින් හෙමින් - ඇඳේ ඇලවුණා

ඊට පස්සෙ ඇඳ උඩදී - කුමක් වුණාදැයි කියලා
තම කෝපය සඟවාගෙන - සැමියා ඇසුවා

ඇඳ උඩ වුණු දේ කොහොමද - ඊට පස්සෙ දකින්නෙ මං
දැක්ක ටිකම මදෑ මාව - බිමට වැටෙන්න...


෴ මධුමාධවී ෴

164 comments:

  1. චැක් මේගිරවා අරුන්ගේ ආතල් එක කෑව නේද? ඕකව හෙට මැරෙනවා ශුවර්. ඔය වගේ කතාවක් මට මතකයි මදුවෝ. අර ගනිකා නිවසක හිටපු ගිරවෙක් ගැන කතාව.
    ජය වේවා මදූ!

    මේ කවිය දාලා පැයක් විතර වෙනවා. කෝ මේ මෙන්ඩා, කැමා ඇතුලු අනිත් එවුන්? තවම නිදිද මුං.

    ReplyDelete
    Replies
    1. ඉන්නවා... ඉන්නවා... මේක දාලා යන්නෙ නෑ... මේක අපෙ බ්ලොග් එකනෙ බං... මෙන්ඩා නම් තාම නෑ වගේ... මේ මදාවියා මෙන්ඩා එක්ක සාම ගිවිසුමක් ගහලද කොහෙද මෙන්ඩා ඇදගෙන නාන එක නතර වෙලා..

      Delete
    2. අහසින් එන්නා කිව්වාම නිකන් මිග් හරි මිසයිල් එකක් මතක් වෙනවා..මම ඉරිදට පරිඝනක භවිතයක් නෑ බං එකයි පරක්කු වුනේ..ඇයි යකෝ පාන්දර 5ට මේවා බලන්න උඔ හිතුවද මම බේකරියක වැඩ කියලා..
      කැමා
      මදුවාට මම පාට් එකක් දාලා ගියේ සදුදා උදේට මට බලන්න අලුත් එකක් ලියලා තියපිය කියලා...ඔකා මට බයට ලියලා..
      ඇදගෙන නාන එක මගේ අන්‍යනතාවයනේ බං
      කවදද අපි රා ටිකක් බොන්නෙ?

      Delete
    3. පුළුවන් ඉක්මනටම. සතියකට කලින්වත් ඕඩර් එකක් දාන්න ඕනෙ. මේ දවස් ටිකේ නිදහසක් තිබුනේ නෑ බං. ලඟදිම සෙට් කරලා කියන්නම්කෝ.

      Delete
    4. කැමා මල්ලියෙ උඹ ගාව මගෙ නොම්බරේ තියනව නේද සුදූ ....?

      Delete
    5. බලහං මුගෙ බටර් පාර. හරි හරි අනිවා කියනවා බොටත්. හැබැයි ඉතින් ගෙදරට ගිහින් දාන්න නම් කවුරුවත් නෑ.

      Delete
    6. චැහැ..කවුද බං ගෙදර යන්නෙ?
      බිලා..කෑ ගහලා කුනුහරැප කියලා කබරයා දාලා..චාටර් වෙලා ගූ වෙලා චොර වෙලා
      කැමා පාටියෙන් පස්සෙ පංදිචියට වෙන තැනක් හොයා ගනින්

      Delete
    7. ඉස්තෝප්පුවේ පැදුරක් දාල රා මුට්ටි දෙකක් තියල තියපන්කො, ගෙදර යන්න හදිස්සියක් තියන එකක් යැ , නැද්ද මෙන්ඩො? . පහුවදා තෙල්ජ්ජ ඩිංගක් ගහපුවම යන විදිහ කල්පනා වෙයි.

      Delete
    8. මෙන්ඩා, කම්මලේ,
      නෑ බං... දැන් අපෙ ගමේ රා මදින උන් එකෙක්වත් නෑ. අල්ලපු ගමෙත් නෑලු. අපරාදෙ බං. ඕනෙ නම් අර තැබෑරුමෙන් රා ගෙනත් දෙන්නද? පොල්මුඩු නම් ඕනෙ තරම් තියෙනවා ඇබ ගහගන්න.

      Delete
    9. ගල් හරි කසියා හරි කමක් නෑ බං වෙරි වෙනවා නම්..
      පත්තරයා එනවා නොවැම්බර් ඌත් සෙට් වෙයි

      Delete
    10. ඔය කියන්නේ ඇමෙරිකාවෙ ධවල මන්දිරේට ගෙනා එකා නොවැ කසුනා.
      උදේ පාන්දර 5.00 ට ඇහැරෙන්නෙ කවුද බං? මාත් මේ ටයිමිං තියලා පබිලිස් කොරන්නෙ.

      කැමා
      මම ඌට වතුර ඇදලා දෙනවා. ඌ නානවා.

      මෙන්ඩා,
      ඉරිදාට ක්‍රියාත්මක වෙන වෛරස් එකක් තිබුණා මතකද උඹට?
      (අපෝයි ඔව්. මාව වෙව්ලනවා)

      කැමා,
      මුට්ටියෙ කට සීල් තියපං. අපිට බෑ අහන්න “අයියා මොක්කද මේ කඳ?“ කියලා.

      කම්මල,
      උඹට නොම්මරේ දුන්නෑකී. උඹ අංක 20 ක් ඩයල් කරයි කියලායි බය.

      කැමා,
      ලබ්බද ඩෝ ගීං දාන්නෙ. අපි ඔම්බෙං ගියත් කෙල්ලිං අරිද?

      මෙන්ඩා,
      මොන ගෙවල්ද බං කණ සාක්කුවට දාගෙන ළඟම ඇති බෝක්කුවක් උඩ බයියනවා මිසක්.

      කම්මල,
      මුට්ටි කිව්වම ඉතිං එක එක සයිස්නෙ බං. ගැලුම් 220 බැරල් දෙකක්වත්...

      කැමා,
      මේ දැන් ඇදවැටුණු මද වර්ෂාව හේතුවෙන් පිටිය තරමක් ලිස්සන සුළු තත්ත්වයක් පෙන්නුම් කරයි.

      මෙන්ඩා,
      බලා ඉඳිං... කැමා මාරු. බේරෙන්න බැරිමනං අර බෝතල් වල තියෙන එළ චූ පොවන්න හදන්නෙ.

      Delete
    11. මුන් දෙන්නා ඇවිත් ගියාට පස්සෙ මටනෙ ගමේ වසන්න වෙන්නෙ නැත්තෙ බං. ඊට වඩා හොඳයි රා නෑ කියන එක.

      Delete
    12. ඔව් මේ අවස්ථාවෙදී පන්දු රකින්නා පිටිය දිගේ වේගයෙන් ලිස්සා යනවා හතරේ සීමාව දක්වා. හතරේ සීමාව පසුකරමින් මුළු ක්‍රීඩා පිටියෙන්ම ඉවතට ඇදී ගියා. ලකුණු හතරයි! ඒ ලකුණු හතර මෙන්ඩාට...නෑ නෑ මට.

      Delete
  2. නොදකින් මේ වල් ගිරවා... මූ නම් තෝ උඹ ලඟ හිටපු එකෙක්ද කොහෙද. මදාවි ගිරවෙක්. ඇයි යකෝ කම්බි වලල්ල හොටෙන් අල්ලගෙන හරි ඕක බලන්න තිබුනා නේද...?

    ReplyDelete
    Replies
    1. බිම වැටිලාත් ඉතුරැ ටික බැලුවලු...ඒ ටික කටක් ඇරලා කොහම කියන්නෙයි?

      Delete
    2. අන්න ඒකට උඹ නැද්ද මචං? කැමරාව කටිං අල්ලගෙන හරි වීඩියෝ කරන ගමං අනිත් අතිං $@$*&^ ..... බුහැක්....

      Delete
    3. මෙන්ඩා,
      ඉගිලෙන්නත් බෑලුනෙ. ඇඳටත් උස නැති නිසා අර ව්‍යාග්‍රා ඇඩ් එකේ වගේ අහවල් එකෙන් උඩ පැන පැන බලන්න ඇති නේද බං...?

      දිලා,
      අඩේ මටත් කියලා දියංකෝ ඒ කොරමේ.... උඹට ගොඩක් කල් ගියාද බං පුරුදු වෙන්ට...? :D

      Delete
    4. උඹත් ඔය ඇඳ පල්ලෙ එහෙම වැටෙන කොට බලපංකො ට්‍රයි කොරලා ඇඳ විට්ටමවත් හොටෙං අල්ලගෙන බේරෙන්න ඇහැක්ද කියලා.

      මෙන්ඩා,
      බිම ඉඳං බලලා කිව්වැකි ඇඳේ යටි පැත්තේ උඩුකුරු/යටිකුරු තෙරපුම විතරක්.

      දිලා,
      උඹනෙ කියන්නෙ ඉතිං. වෙන්නත් ඇති. අත්දැකීම් තරම් රසවත්ව ප්‍රබන්ධ ලිවිය නොහැක..හැක..හැක

      කැමා,
      ව්‍යාඝ්‍රා ගන්නෙ ඇඳෙන් පෙරලීම වැලැක්වීම සඳහාය.
      මෙන්න අනික් බබා.

      Delete
    5. ඇන්කර් එක ගැහුවා වගේ ඇති නේද..?

      Delete
  3. මු මහ එපා කරපු ගිරවෙක්නේ...
    අදමයි දැන ගත්තේ ගිරව් වගේ කුරුළු කුළයේ උන්ටත් කාන්තා ශරීරයක් දැක්කම මෙව්වා වෙනවා කියන එක...
    අඬු පඬු නැති එකා වෙච්චි. පොඩ්ඩක් හිත දමනය කරගෙන ඉන්න ඉගෙන ගන්න දන්නේ නැති මේ ගිරවව කෝටුමස් කරන්නයි වටින්නේ...

    ReplyDelete
    Replies
    1. හැ..උඔ සත්තු ගැන දන්නෙ නැත්නම්..? අපිද දන්නෙ?

      Delete
    2. හහ්... ගිරව්? මොකාටද බං ඕක දැක්කම මෙව්වා වෙන්නැත්තෙ. බලපංකො ඔය ගෙවල්වල ඉන්න සුනඛයො. (හිතනං දමනය කොලෑකි. ඒත්...)

      මෙන්ඩා,
      කළු දීයට වගේ නැතෑ....ගිරවටත්.


      Delete
  4. කකුල් නැති ගිරව් ගත්තනම් දැන් විඳවපිය.. නඩුවකට ගියත් පරාදයි.. හැක හැක හැක..

    ReplyDelete
    Replies
    1. අලුත් ගෙදරට යනකොට ගිරවා අරගෙන ගිහින් තියෙන්නෙ

      Delete
    2. කමියා කන පලාගන්නෙ නැතුව තොගේ පොස්ට් එකේ කමන්ට් වලට උත්තර දිපිය.

      Delete
    3. හෑ! මගේ පොස්ට් එකක්? කවද දාපු එකක්ද බං? මට බ්ලොග් එකක් තියෙනවවත්ද මතක නැතුව උන්නේ.. හිටු බලන්න.

      Delete
    4. හැක හැක හක කමියට හොරෙන් කවුද එකෙක් උගේ එකේ පොස්ට් එකක් දාලා .. අම්මප හිනාවෙලා බඩ කොර වුනා ඕයි

      Delete
    5. වැඩිය හොල්ලන්න එපා නඩුව කැඩෙයි කිව්වලු.

      මෙන්ඩා,
      අඩෝ මේ..............................................
      (කොයි පොහොට් එකද බං?)

      කළණ,
      මෙන්ඩාට නූල් ටැපලිලා

      ඉවාන්,
      අවිදුර දුරුස්ටිකත්තොය

      Delete
    6. උඹට ඕක මගඇරෙන එක පුදුමයක්යැ. කී දෙනෙක්ගෙ ඒවානං කියලා බලන්නද දවසකට.

      Delete
  5. ගිරව් කියන්නේ ලැජ්ජ බයට හැදුන සත්තු ජාතියක් නෙවෙයි බං. මම අහලා තියෙන හැම ගිරා කතාවෙම වගේ ඉන්නේ වල් ගිරවෙක්. අර ජාතක කතාවෙත් එහෙම වුනහම ආයෙ වෙන මොනවද?

    ReplyDelete
    Replies
    1. මධු ලග ඉන්න ගිරවා එහම නෑ හරි සිල්වත්

      Delete
    2. ජාතකේ ඉන්නවා අඩුගානෙ එකෙක්වත් හොඳ එකෙක්.

      මෙන්ඩා,
      ගිරව් නැත. මයිනෙක් ඇත.

      Delete
    3. ඒ ඉන්න මයිනාගෙත් හොට බිම ඇනී ඇත...

      Delete
    4. ඒ මයිනට කුඩුවට එන්නවත් දෙන්නෙ නෑලු වයිපරේ

      Delete
    5. කැහෝ,
      හොට බිම ඇණෙන්න කොහොම ඇද්ද දිග...නෑ නෑ උස

      මෙන්ඩා,
      පල යන්ඩ. පෙඳ පාසි අතුරලා මල් යහනාව වගේ තියාගෙන ඉන්නෙ මයිනා එනකං.

      Delete
  6. ගිරව් ඔක්කම එකයි බලං ගියාම... මහ කුප්ප ඩෑල්... අරූගෙ ආතල් එකත් කෑව ගෑණිගෙ ආතල් එකත් කෑව...
    පව් යකෝ අර අහිංසක ච්‍රූ පාං කාරයා

    ReplyDelete
    Replies
    1. පාං කෝම වෙතත් චූං එකට තමා දෙරි ගහලා තියෙන්නෙ ගිරවා.

      Delete
  7. නෙද්දකිං විතරක් මේ වල් ගිරව.
    නැත්තං අපිටත් 'ඊට පස්සෙ' වෙච්ච දේ දැනගන්න තිබ්බනෙ.

    ReplyDelete
    Replies
    1. හරි හරි උඔලාගේ කමෙන්ට් බලලා මාරන්තික ඉල්ලිමක් ආවොත් ගිරවා බිම වැටිලා බලාගන ඉදලා මට කියපු කතාව ඉතුරැටික මම මධුට මේලක් දාන්නම් ඌ දෙවනි කොටස විදිහට ලියයි..
      මිට
      විචා

      Delete
    2. විචා ඔය කතාව ගිරවගෙන් අහනකොට අර වීදුරුව ඔළුව උඩ තියාගෙන හෙම හිටියෙ නෑ නේද?

      Delete
    3. විචාරක මැරිලා මං හිතේ..

      Delete
    4. මලගෙවල් දෙකකම ගිහිල්ල තුන්මාසෙ දානෙත් කාල පන ගිහිල්ල නෙ ඇවිත් තිබුණෙ.

      Delete
    5. නිකං සතිපතා චිත්‍රකතා පත්තරයක් වගේ වුණානෙ. සැක්!

      මෙන්ඩා,
      අනේ ඇයි රත්තරනේ අර පාඩුවේ ලාග්ගෙක් පටලෝගෙන ඉන්න අහිංසකයාව අල්ලගන්නෙ මේවාට.

      Praසන්ன,
      අනේ මන්දා. ගිරවා බේරුණ එකම මදෑ.

      විදානේ,
      ඕං කිව්වා. නොම්මර කීයේ පතුරමක්ද ඕනි?

      Praසන්ன,
      අන්තිම එකේ අයිතිකාරයා කිව්වලු මගේ එකට තේ ආවෙ නැත්තං තොගේ එකට මං එන්නෙත් නෑ කියලා.

      Delete
    6. විදානයාට ඔච්චර තරහ ඕකා ගැන තමයි ගිරවා කියන්නේ.

      Delete
    7. ඌ පාන් බෙදලා ඉවරයි. ගිරවාට තටු තිබුන්නෑ හොඳ වෙලාවට. නැත්තං බෙදනවා ගමටම නිවුස් එක.

      Delete
  8. ඔය වගේ දේවල් ගැන ඉන්ට්‍රස්ට්, පියාඹ ගන්න බැරි ‘ගිරව්‘ වැහි වැහල ඉන්නවා මේ වගේ සමාජවල. සල්ලිත් වියදම් කර ගෙන ම උන්ගේ සර්විස් එකෙන් ෆන් ගන්න ඩයලුත් ඕන තරම්. හි හි ! http://syberheartblog.blogspot.com/

    ReplyDelete
    Replies
    1. -මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි-
      හැක් හැක්

      Delete
  9. අම්මප අර ඩූඩයිය කියන්නැහෙ ගිරව් කියන්නෙ මහ වල් සත්තු ජාතියක්නෙ බොලව්. එක කතාවකවත් ටිකක් හොද ගිරවෙක් නැති හැටි.
    ඉතිං අහවල් එක කෙළිං කරං බිම වැටුණට පස්සෙත් උෟට කම්බි වලල්ලෙ ඉන්න පුළුවන් වුණාලුද?

    ReplyDelete
    Replies
    1. දෙවැනි කොටස අවශ්‍යද?

      Delete
    2. දිලා,
      දඟරය නැවත ප්‍රත්‍යස්ථ නොවීමනොවැ කැහෝ ප්‍රශ්නය.

      මෙන්ඩා,
      අහන්න දෙයක්ද වස්තුවෙ? දීපං.

      Delete
    3. මධුවා... ඇයි යකෝ ගිරවා කතාව කිව්වේ උඔටනේ ඉතිං උඔ ලියපන් ඉතුරැ ටික

      Delete
    4. ඇයි උඹ වැඩ්ඩා වගේ කිව්වේ එවනවා කියලා. මං ඉතිං දන්නවා කයි කොරන්ට.

      Delete
  10. මං මේ කියන්නමයි හිටියේ.

    මම නිතර ලියන්නෑ කියලා තොපි ඔක්කොම මට පාට් එක දාන නිසා මම හරිම ගිල්ටි ෆීලිං එකක් ඇති කරගෙන හිටියේ.

    මට නිවාඩුවක් හම්බවෙලා පෝස්ට් එකක් හෙම ලියලා බැලුවා මගේ බ්ලොග් රෝලෙ ඉන්න අනිත් උන්ගේ ඒවා කියවන්න කියලා හිතාගෙන. කෝ. මට කිව්වට අනිත් උන් ලියන්නෙත් නෑනේ බොලව්. ඉඳලා හිටලා එකෙක් දෙන්නෙක් ඔය ඇපෙන් බේරෙන්න පෝස්ට් එකක් දානවා එච්චරයි.

    මේ අර පෝස්ට් එකේ දෙවෙනි කොටස ලියන ගමන්. පොඩ්ඩක් ර්ෆ්‍රෙෂ් වෙන්නයි බැලුවේ.

    ReplyDelete
    Replies
    1. රී ප්‍රෙෂ් වෙන්නනං කතාවෙ හොඳම ටිකත් අර මෙන්ඩගෙන් අහගන්න වෙනව.

      Delete
    2. බිලා කතාකරන්න වෙන ප්‍රශ්නයක්..
      ඔ...යෙස්...හැමෝම ලියපියව්..අඩෝ දෙමල න යන්න තෝත් ලියපිය..

      Delete
    3. කෙන්ඡි අයියා...වෙල්කම් කුනුහරැප රස සරනියට

      Delete
    4. ගිල්ටි පීලිං එකේදි ලෙල්ල ගනකමට ගැලවෙනවද ඩූඩයියෙ?

      Praසන්ன,
      එක පාරක් ප්‍රෙස් කොරලා කෙළවුණු එකාට රී ප්‍රෙස් කොරන්නලු.

      මෙන්ඩා,
      අඩෝ බ්‍රා... තෝ පටං ගනු.

      කෙන්ජයියා,
      හායි මෙයා!

      මෙන්ඩා,
      අඩෝ... මොනාද බං දේශද්‍රෝහීකං කොරන්නෙ?

      Delete
    5. අනේ මධුවා මම හිතේ කහටකින් එහම කිව්වේ නෑ..උඔට වඩා මම මේ රසසරනියට අාදරෙයි..

      Delete
    6. හරි හරි... මං කිව්වෙ ඉතිං උඹලා වසන දේශයනේ මේක. මගෙත් කහටක් නෑ. වටවල කහට විතරයි.

      Delete
    7. උඹට මතකද විජය නන්දසිරියාගෙ ජෝක් එකක් තියෙනවා “උඹලෑ මාමගෙ මුත්‍රාවල ගල්. එතකොට නැන්දගෙ ගල්වල මුත්‍රා“ කියලා?

      Delete
  11. උගත් පාඩම් - ගිරවු ඉන්න තැනකට යන්ඩ නාකයි.

    ReplyDelete
    Replies
    1. නිගමනය : කම්මලයා කොහේ හෝ යන බව.

      Delete
    2. දෙවනි නිගමනය- කම්මලයා පාන් විකුනන බව

      Delete
    3. තෙවෙනි නිගමනය : කම්මලයාට තාම ගිරවෙක් මුනගැසී නැති බව

      Delete
    4. සිව්වන නිගමනය - එක එක එව්වා යන තැන්වල ගිරව් තියාගන්න නාකයි.

      Delete
    5. පස් වන නිගමනය : කකුල් නැති ගිරවෙක් සිටීනම් ජංගිය ගලවා ඔලුවට දැමිය යූතුය

      Delete
    6. හයවන නිගමනය- ඡංගියක් නම් එය බ්‍රා මෙන්ඩාගේ අනුමත තත්ව පාලන වරථාවක් සහිත විය යුතුයි..

      Delete
    7. හත්වන නිගමනය - (පස්වැන්න බිඳ දමමින්) කකුල් නැත්නම් ජංගිය ගැලවීමට දෙයක් නැත.

      අටවන නිගමනය - බ්‍රා එකක්නම් එයද මෙන්ඩාට අන්දවා ෆිට්නස් සැටිපිකේට් ගත යුතුය.

      Delete
  12. දැන් මධුවා ගාව ඉන්නේ කකුල් තියන ගිරවෙක්ද අරකෙන් දැවටිලා ඉන්න ගිරවෙක්ද?මේක කියවද්දි මට මතක් වුණේ අර මං වගේ *&^ මාට්ටුවෙච්චි පොරක් කියලා ගිරවා කියන කතාව.

    ReplyDelete
    Replies
    1. ගිරවාව එළවලා මංම අරකෙං දැවටුනා නලියයියෙ.

      Delete
  13. හත්තිලව්වයි ඉගිලෙන්න බැහැනේ.....

    ReplyDelete
    Replies
    1. දවටගෙන ඉන්නත් බැහැනේ...

      Delete
  14. http://eurotas.org/the-holy-and-unholy-parrots/

    http://www.indiatimes.com/news/india/this-parrot-was-arrested-in-maharashtra-for-talking-dirty-to-an-85yearold_-244300.html

    ReplyDelete
    Replies
    1. 1. කතාවකට හිතාගෙනම හිටි එකක්. http://www.lotsofjokes.com/religious_jokes_1.asp
      2. කොහොමත් ඇරෙස්ටඩ් නේ.
      ස්තූතියි ප්‍රා ජේ තුමා!

      Delete
  15. ගිරව් ගැන හොඳක් තියෙනවනං තියෙන්නෙ අර දෙපැත්තට විසිවුණ ගිරා පැටව් දෙන්නගෙ කතාවෙ තවුස් අසපුවකට වැටිච්ච ගිරවා ගැන පමණයි.අනික් උන් නං ඔක්කොම පට්ට පදිරි ගිරව්.

    ReplyDelete
    Replies
    1. ඌ තමා එකම ඓතිහාසක යසපාලිත ගිරවා.

      Delete
  16. දැක්ක ටිකම මදෑ මාව - බිමට වැටෙන්න...//හෙහ් හෙහ්

    ගිරව් කතා කරන එකනම් එක අතකට මාරයි නේද

    ReplyDelete
    Replies
    1. මයිනා සහ සැලලිහිණියා ඊට වඩා දක්ෂයිලු නේද?

      Delete
  17. වල් ගිරවා...ට මෙන්ඩාගේ ජංගියක් අන්දන්න ඕන හැක් හැක්...

    බු දු ස ර ණ යි !!!

    ReplyDelete
    Replies
    1. මගේ කෙල්ලෙක් හිටියා කිහිල්ලට ඇගිල්ලෙන් ඇන්නම

      තොපේ අප්පට #කන්න...

      බුදු සරනයි....බුදු සරනයි කියනවා...

      Delete
    2. අඩෝ උඔත් එක්ක නැගිට්ටා...දැන් ලියපන් නැත්තං බුදියන්න වෙන්නෙ උඔ එක්ක

      Delete
    3. උඹ කිහිල්ලට විතරද අනින්නේ ඒ කෙල්ලගේ

      Delete
    4. මෙන්ඩාට ඒවා නැත. තියෙන ඒවා නමේම ඇත.

      මෙන්ඩා,
      අපෙත් හිටියා බං ඔහොම කොල්ලෙක්. ඌ පැංසොං ගියා.
      (හුටා..............................)

      ඉවාන්,
      ඊට ආසන්නව වරනැගෙන වෙනත් තැනකට.

      Delete
    5. විදානයා අලුත් කතාවක් ලියලා...කස්ටියම ගිහින් බලලා කමෙන්ට් එකක් දලා එන්න

      Delete
    6. ඉවානයා
      අනිත් තැන්වලට ඇගිල්ලෙන් අනින්නෙ නෑනේ පහුරැ ගානවා මිසක්..

      Delete
    7. අනිත් තැන වලට අනිනවලු.. එත් ඇඟිල්ලෙන් නෙවෙයිලු.

      Delete
    8. මෙන්ඩා,
      යන්ට ඕනි රෑට රෑට... (ඉවානයට පහුරු ගා ගන්ටත් බෑ දැං. නිය ගෙවිලා)

      කළණ,
      ඉවානයට බෑ බං. ලව් කරනවා විතරයි. ලව් පූසා...

      Delete
  18. මම ඊයේ නානකොට ගිරවෙක් බලන් හිටියා.ඌ ගිරවියෙක් නම් අවුලක් නැහැ.ගිරවෙක් නම් තමයි වැඩේ.

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට කැන්ගරුවෙක් නොදැක්කෙ. දැක්කානං කලිසම ඉස්සරහින් ඇදලා බලලා කියාවි උඹේ බබා මැරිලා කියලා.

      Delete
    2. අලියෙක් දැක්ක නං අහයි මෙච්චර සූට්ටං එකෙං හුස්ම ගන්නෙ කොහොමද කියලා

      Delete
    3. දිලාව ගිරවා දැක්කනම් ගිහින් අනිත් එවුන්ට කියයි..“අර කැහෝ අයියා ඉන වටේ ඔතාගෙන ඉන්නෙ “ කියලා.

      Delete
    4. දිලා,
      අලි හොඬවැල් කතාවක්.
      http://madhumadhavi135.blogspot.com/2015/02/blog-post_5.html

      මෙන්ඩා,
      උඹට වැරදිලා. ඒ අර අමුඩෙ ගහන්න දාන දිය ලණුව.

      Delete
  19. හි හි මටත් ගිරවෙක්ගේ කතාවක් මතක් වුනා

    ReplyDelete
    Replies
    1. හරි හරි මේත් ඒ ගිරවාම තමයි

      Delete
    2. මට මයිනෙක් මතක් උනා

      Delete
    3. මේ මෙන්ඩයියේ දන්නවද ඒ ගිරවගෙ කතාව

      මයිනෝ කතා කරනවද

      Delete
    4. ඔය විදානෙගෙ මයින කතා කරනවලු.

      Delete
    5. කියහංකො... දර්ශීය ගෑණු වගේ අගේ නොකර.

      මෙන්ඩා,
      මේකිට ටැපලිලාද අපිට ටැපලිලාද බං?

      විදානේ,
      වැරදිලා ගිහිං නාකි මයිනෙක් වත් දැක්කාද?

      ඔමා,
      මයිනො? හුහ්... උන් කතාකරන්න ගත්තම තමා ලෝක විනාසෙ.

      Praසන්ன,
      විදානෙගෙ මයිනා මලාලු.

      Delete
    6. ඔමා..
      ලියහන්කෝ නංගා...
      Praසන්ன,
      ඌගේ මයිනා කුඩු දැක්කාම වේව්ලනවලු.

      Delete
    7. ඔමා ලියලා. මං කොමෙන්ටුත් දැම්මා. රෑ වෙලා යනවා ආයි ඒ පැත්තෙ.
      මයිනාමත් නෙමේ..........මයිනහම.

      Delete
    8. ඔය ගිරව් ඇත්තටම මහ ජරා සත්තු අම්මපා උන් ඉගෙන ගන්නේ ඕනේ නැති ඒවා මයි

      Delete
    9. උන් ජරා කියලා කියන්නෙ අනික් සේරම කුරුල්ලො කීචි බීචි ගාන අස්සෙ මුං වචනයක් දෙකක් ගැට ගහලා ගෙදර අයිතිකාරයින්ගේ රෙදි ගලවන නිසානෙ බං.

      Delete
  20. ඌ වැටුනේ කොහොමද....?

    ReplyDelete
    Replies
    1. අයියෝ...සල්ලි සබන් පෙන කිව්වලු
      එලිවෙනකන් වෙසන්තර ඡාතකේ අහගෙන ඉදලා උදේ ඇහැව්වලු
      ඡාලිය ක්‍රිෂ්ණඡිනා වෙස්සන්තරගේ කවුද කියලා?

      Delete
    2. ///වසා සිටින කම්බි කූර - අල්ලාගෙන ඉන්නේ මූ
      පිරිමි සතෙක් බව කියවෙන - අවයවයකිනුයි
      ///

      Delete
    3. මාතලං අද මොනවහරි වැරදි බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරල වගෙයි.

      Delete
    4. මාතලන්ගේ ලනුව කිහිප දෙනක් ගිල ඇති බව පෙනේ

      Delete
    5. උඹටත් අම්මපා.

      මෙන්ඩා,
      වෙන කවුද ඉතිං. බුදුවෙන්ට ගෙවන ඇඩ්වාන්ස් එකක් මිසක්.

      ඔමා,
      උඹත් කනවනෙ බං මාතෙගෙ ලණු.

      Praසන්ன,
      පාවිච්චි කරන ඒවයෙ සංයුතියෙ අවුලක්.

      ඉවාන්,
      ළඟින් ඇසුරුකරන්නෝම දනිත්.

      Delete
    6. හුහ් එහෙමද හිතුවේ. (මාතලන් කියපු හින්දා කමෙන්ට් එකක් දැම්මේ කට්ටිය නොමඟ යවන්න ඉවානයා වැඩේ කාලනේ සිතමින්.....)

      Delete
    7. අපි දැන ගත්තා ඔමා තනකොල ටිකකුත් කපාගෙන ගහෙන් බහි කියලා

      Delete
    8. ඔමා,
      ගහට නැග්ග මිනිහත් ඔහොම මොකක්ද කිව්වලු.

      මෙන්ඩා,
      උඹ ඔය ගහ මුලිං මෙහාට වෙයං ඔමා බහිනකං.

      Delete
    9. මං ටොපි :((((((

      Delete
    10. ඒ පාර මන්ටෝ, මන්ටොපී වෙලා. අනේ මන්දා වරහන් වැහෙනවා හෝ ගාලා ඒ වුණාට ඇරුණු තැනක් නෑ..

      Delete
  21. ඔය ගිරව පාන් කාරයෙක්ගෙ පිටින් දාල කිවුවට, ඔතන වෙන්න ඇත්තෙ වෙන සිද්දියක් මගෙ හිතේ.

    ReplyDelete
    Replies
    1. ගිරවට බෑ දන්නංට. වෙන කෙනෙක්ද එහෙනං?

      Delete
    2. ශානි ගියාද ඒ පැත්තෙ ඇත්ත කියහන්?

      Delete
    3. නිකං චූං එකේ පාං විකුණන මූණක් තියෙනවා නේද?

      Delete
  22. අවවාදය - මතක තබාගෙන හිඳ යමක් පැවසිය හැකි ගිරවුන් සිටින තැන්වල රහස් වැඩවලින් වළකින්න
    යෝජනාව - බිිරිඳ හෝ සැමියා සැක නම් මෙවැනි ගිරවෙකු ළඟ තබා ගන්න ( මතක ඇතිව ඌ සිටන් ඉන්නේ කකුල් වලින්ද වෙනත් අවයවයකින්දැයි සොයාබලා මිලදී ගන්න)

    සුපිරියි මධාවියෝ
    ජයෙන් ජයවේවා!

    ReplyDelete
    Replies
    1. හැක් හැක්... පළමුව ගිරවාගේ තටු සහ පාද ඉවත් කරන්න.
      අවවාද යුගලම ඉතා හොබී.
      ජය වේවා!

      Delete
    2. උඹේ ස්ලෝගන් එක මට දැන් පොඩි උන්ටත් කියවෙනවා.

      Delete
    3. පොඩි වුන්ට කියනකොට
      එල ද කුක්කුං බබාට තොප්පියක් කියපන්..

      Delete
    4. ඇඩම්ස් ඔන්ලි ළමාකරණය කරනු ලැබේ.

      Delete
  23. කෝ බං මේ මදාවියා. මූ අර පාංකාරයා හොයාගෙන ගියාද දන්නෑ. බලපං මෙන්ඩෝ. මදාවියා පාංකාරයාගෙන් ගුටි කාලා ඉස්පිරිතාලෙ ද කියලා. වෙලාවට මූ සිද්දිය කවියෙන්හරි ලියලා ගියේ. නැත්නම් මුට මොනවා උනාද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. අළුත් නිවසේ පදිංචිය නිසා නිවාඩු ගැනීම නිසා රාජකාරි ගොඩ ගැසීම නිසා ප්‍රොක්සි සර්වරය බ්ලොග් බ්ලොක් කර ඇති නිසා ඩොංගලය ගෙදර තබා යාම නිසා රාත්‍රියේ පිළිතුරු සපයමි.
      ඒ ඩිංගට මූ මේක පත්තරෙත් දාලා. චැක්

      Delete
    2. ගිරවත් ගෙදර ඉන්න එකේ රාත්‍රියට පිලිතුරැ විතරක් සපයපන් වෙන මුකුත් එපා

      Delete
    3. ගිරවා සම්මත ඇසුර අනුමත කරන යසපාලිත ගිරවෙකි.

      Delete
  24. ඕකට ඉතිං ගෙවල් මාරු කරලා... ගිරව් අරන් හරියන්නෙ නෑ.. දන්න කියන කෙනෙක් මෙයාට කියල දුන්න නම්..
    පෙනෙල එහෙමත් හොඳයි කියලා අහලා තියෙනවා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. උඹට පෙනෙල හරිගියාද බං? මටනං හරියන්නෙ නෑ.

      Delete
    2. ඇයි බං කැමාව දාමු කියලා දෙන වැඩේට ඌ අර පෝස්ට් එකක්ම දාලා තියෙන්නෙ ගමෙදි අංකල් කාරයෙකව උස්සලා පැත්තකින් තියලා උගන්නපු කතාවක්.

      Delete
    3. සම්පුර්නයෙන්ම අක්‍රිය වුන එංඡි වලට තෙල් දාලා වැඩක් නෑ බං.

      Delete
    4. කැමා කොහෙද ඕවා කරන්නෙ. සා බීලා උගුඩුවා වගේ නිදනවා මිසක්.
      (තෝ අහුවෙයකො කවද හරි. එංජිම බෝර් කරලයි පස්ස බලන්නෙ)

      Delete
  25. අන්තිම සවුත්තු වරෙත්තු ,කුපාඩි පඩත්තල කවියක්

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වෙ. තෝව හදන්න බෑ. වල් මදාවියා.

      Delete
    2. මේ ගැන සම්පුර්න වර්තාවක් දෙන්න ඉවාන් සහෝ

      Delete
    3. ලිව්වොත් ලියන්නෙ කුණු හරුපයක්. වාර්තාවත් ඒ වගේම වෙයි.

      Delete
  26. මේ නෝනේ / මහත්මයෝ ඊ මේලක් එවුවා,,ඈ අරක මං මගේ බ්ලොග් එකේ ලියලා දැම්මා, කාලෙකින් මොකුත් ලියුවේ නැති හින්දා,, ගිරවාගේ කතාවක් ලියලා එවන්නම්

    ReplyDelete
    Replies
    1. කෙටි නිසා වෙන එකක් එක්ක සමූහ ව්‍යාපාරයක් දාන්න හැදුවෙ. කෝ ඉතිං දාලනේ. අරකවත් එවාපං නංගියේ.

      Delete
    2. ගිරවගේ කතාව මධුට දෙන්න ඔමා

      Delete
    3. ඔමාට ඔරොප්පුද කොහෙද එවපු එක නොදැම්මට. ඒක කෙටි වැඩි නිසා තව එකක් එක්ක බඩ් කොරලා දාන්න හිතා හිටියේ. බර ගාණක් තියෙනවා මෙන්ඩො වේටිං ලිස්ට් එකේ. කියවලා කෙළිං තැන් වංගු කරලා මිසක් දාන්න හිතෙන්නෑ. මමත් පොඩි හරි ස්ටෑන්ඩඩ් එකක් තියාගන්න එපායැ. (ඔමා එවපු එක ගැන නෙමේ කීවෙ. දිලානයගෙ ඒවත් වැඩිය හදන්න දෙයක් නෑ.)

      Delete
    4. අම්මට හුඩු උඔටත් ස්ටෑන්ඩඩ් එකක් තියනවද?
      මම දැක්කා අපේ ගෙවල් පැත්තෙ ඌරැ විල්බට් හාල් මුට්ටයක් අරගෙන යනවා අද ඉදලා ඌරන්ට බත් දෙනවා කියලා..

      Delete
    5. මාත් දැක්කා ඌ උඹලෑ ගෙවල් පැත්තට යනවා.

      Delete
    6. හි හි හි හි නෑ නෑ බ්ලොග් ඒක පාලුවට යන නිසා දැම්මේ... පිස්සුද අවුලක් නෑ බන්,, ඔව් මං දන්නවා දෙකක් එකට දාන්න තමයි ඒක සුදුසු කියලා.. මෙන්ඩයියේ ගිරවාගේ එක ලියලා එවන්නම්

      Delete
    7. අන්න එහෙමනේ නංගි එන්න ඕනි. ඔයා ලංකාවට එනකොට කියන්න මං ඔයා ආසම කෑමක් හදාගෙන බලන්න එන්නං (මාධවීට හොරෙං ඈ... (අනේ දෙයියනේ මේක ඇගේ නෙත නොගැටේයා (නෑ...නෑ... ඔමාගෙ නෙමේ. අපේ ඇත්තිගෙ(ඔය කිව්වට දෙක මාරු වෙයිද දන්නෑ (නෑ යකෝ..මං කිව්වෙ මේක දකින එක ගැන..., කොහෙමද ඒ ෆෝමියුලා එක?)))))

      Delete
  27. ගිරවා අන්තිමට කියපු ටික දන්නේ මං විතරයි මධුවෝ. ඔය ගෙරි බල්ලා .........නෑ නෑ ගිරවා කිව්වනේ, කොහොමටත් මහත්තයට වැඩ බැරි නිසා ඔන්න ඔව්වා අතෑරලා දාන්න කියලා.

    ReplyDelete
    Replies
    1. විචා..අනේ බුදු අයියේ උඔලාගේ ගෙදර මාව බෝඩිං කරගනින්

      Delete
    2. ගිරව් හදංට යංට එපා විචාරකතුමා. ඕකුන් මහාම මහ අපත සැට් එකක්. දැක්කෙ නැද්ද පහුගිය කාලෙ ඉස්ටේජ් වල.

      මෙන්ඩා,
      යකෝ එතකොට අර කෙල්ලො 1300?

      Delete
  28. ඔමා/ විදානේ හිතට වදින කතා දෙකක් ලියලා..
    කියවලා කමෙන්ට් එකක් දාලා එන්න

    ReplyDelete
    Replies
    1. එහෙමයි අපේ හාමුදුරුවනේ.

      Delete
    2. මෙහෙ add දාලා දැන් දැක්කේ ඉදගෙන

      Delete
    3. ඒකත් හොඳයි ඔමා. කවුරුහරි කියවනවානෙ. මේ අවකාශයේ වෙනස්කම් ගැන මටනම් සතුටුයි.

      Delete
  29. මෙන්න මෙහෙම ගිරවෙක් ගැන මාත් අහල තියෙනවා.

    මේ ගිරව කලින් හැදිල තියෙන්නෙ ගණිකා මඩමක.එතනින් ඌ කඩේකට දීල විකුණන්න.දවසක් නෝන කෙනෙක් ඌව ගන්න ඇවිත්. ඉතින් ගිරවට හුරු මඩමෙ ගෑණු නිසා මූ කියනවලු, "අලුත් ගණිකාවක්..අලුත් ගණිකාවක්" කියලා.ඉතින් කොහොම උනත් නෝනා මූව ගෙදර අරන් ඇවුත්.ඔන්න හවස මහත්තයා ගෙදර ඇවිත්.දැන් දෙන්නත් එක්කම ගියාලු ගිරව බලන්න. ඒ පාර ගිරව මෙන්න මෙහෙම කියනවලු.

    "අලුත් ගණිකාවක්, පරණ කස්ටමර් කෙනෙක්.. "අලුත් ගණිකාවක්, පරණ කස්ටමර් කෙනෙක්.." !!!!!!!

    ReplyDelete
    Replies
    1. හාාාාා.. මේ තියෙන්නෙ මං උඩම කියපු ගිරා කතාව.

      Delete
    2. ‘හලෝ බිල්‘ කිව්වලු.

      Delete
  30. හයියෝ අහිංසක ගිරවා.. ඌට එල්ලිලා ඉන්නවත් විදිහක් නැති උනානේ ගෙදරට එක්කන් ආවත් හරි..

    ReplyDelete
    Replies
    1. ආයි ඉතිං කම්බියේ එල්ලිලා හමාරයි!

      Delete
  31. අන්න ඩූඩ් ල අහ ශ්‍රමදානයක්.. කට්ටිය මොකද කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඩූඩ්ගෙ ශ්‍රමය අපිට දානය කරනවානං අපි එනවා.

      Delete
  32. චික් විතරක්. මට මේක මගඇරිලනෙ.

    ReplyDelete