2015-05-25
පූසා
(තනුව කොළඹ ගිය ගමයා ගීතය අනුවය)
පශු වෛද්‍ය තුමාට හරි වෙහෙසක් දැනුනා
දවස පුරා වැඩකරලා ඇති යැයි සිතුනා
ගෙදර ගිහින් නෝන එක්ක ටිකක් ඉන්නවා
එතකොට ඔය හැම වෙහෙසම නිවිලා යනවා
මෙහෙම හිතා එතුමා යයි නිවහන සොයලා
යනවිට එතුමාගෙ බිරිඳ සිටී මග බලා
පරක්කු ඇයි දැන් හොඳටම රෑ බෝ වීලා
නාල කියල එන්නකො මම හිඳමි ඇලවෙලා
නාල කියල පශු වෙදැදුරු ඇඳ වෙත යනවා
බිරිඳත් ආශා දෑසින් බලා ඉන්නවා
කන්න බොන්න ඕනිත් නෑ කාලය යනවා
බරටම වැඩ ටික ටික රෑ දොළහත් වෙනවා
ඔය අතරේ නිවසේ සිටිනා මෙහෙකරුවා
මහත්තයට කෝල් එකක් කියලා කිව්වා
මොන යකාද රෑ තිස්සෙත් මේ වද දෙන්නේ
ඉන්න සුදෝ මං විගහට ආපහු එන්නේ
මල සමගින් වෙදැදුරු දුරබනුව ගන්නවා
කවුද කියාලා ගොරෝසු හඬින් අහනවා
අනේ ඩොක්ට මම මේ අර සිල්වා නෝනා
කරදරයක් වෙලා මෙමට උපදෙස් ඕනා
මොකද මිසිස් සිල්වා මේ මහ රෑ යාමේ
සීමාවක් නැද්ද මෙහෙම කරදර කෙරුමේ
අනේ ඩොක්ට අපේ පූස එළියට පැනලා
අල්ලපු ගෙයි පූසි සමග රැලේ වැටීලා
අඬ ගැහුවට එන්නෙත් නෑ පුදුම වැඩක්නේ
හෙට එළිවෙන්නැතිව වගෙයි ඌ පොරකන්නේ
දැන් දොළහත් වීලා
තව නෑ, රෑටත් කාලා
මිසිස් සිල්ව හඬ නගලා මෙහෙම කියන්න...
පූසො උඹට කෝල් එකක් කියා කියන්න...
සේරම වැඩ නවතාලා ඌ දිව ඒවී
ඊට පස්සෙ විගහට දොර වහන්න වේවී
ඉතිං ඩොක්ට කෝල් එකක් කියල කිව්වට
පූස ඕක නවතාලා එයිද මෙතෙන්ට
මිසිස් සිල්ව නොතේරේද ඒක ඔහේට
මාත් ඕක නවතාලා ආවෙ මෙතෙන්ට
Subscribe to:
Post Comments (Atom)
අඩේ ඇත්තටම පූසා ඕක නවත්තලා එයි නේද?
ReplyDeleteපවු අහිංසක මිසිස් සිල්වා. නිස්කාරනේ අහගන්නවා...
------
ඔය තියෙන්නේ ලියලා...මදාවි ඉට්ටයිල් එකෙන්...
WELL DONE WELL DONE...
එසේ මෙසේ කෙනෙක් නෙමේ කියන්නෙ, පශු වෛද්‍යවරයෙක්.
Deleteමිසිස් සිල්වට තියෙන්නෙ පූසංගෙ වැඩ නරඹන්නෙ නැතිව මිස්ට සිල්ව එක්ක පොරකන්න.
වැල් ඩං?
සිල්වා නෝනා පුසා ඉන්න පැත්ත බලාලා
ReplyDeleteපුසෝ උබට කෝල් එකක් කියයි හඩනගා
කරන වැඩේ මොහොතකටවත් නොම නවතා
පුසා කියයි මොබයිලේට ගන්න කියලා
පුසා ඩොකා වගේ නෙවි
මොබයිලය සාකුවේ ඇති //
එළ කිරි පද වැල මැලේ.
Deleteමලපැනපු හැටි කියන්න වෙන විදියක් තියනවද මීට වැඩිිය අම්මප!
ReplyDeleteරෙක්ටම් ත‘මොමීටරේ පාවිච්චි කරන හැටි ඇහුවලු ඔහොමම තද වෙච්ච ඩොකෙක්ගෙං. ගහගන්න කිව්වලු .............
Deleteඑල ද බ්‍රා ඇත්ත.
ReplyDeleteඒ වුනාට මොනද අෆ්පා ඔය බර වැඩ?
ඩිප්ස් ගැහීම.
DeletePaw bola pusa
ReplyDeleteMrs. Silva's pusa?
Deleteඑලස්.....
ReplyDeleteකිරිස්.....
Deleteබ්‍රා
Deleteකප් සයිස් ඇන්ඩ් බෑන්ඩ් සයිස්?
Deleteසමහරුනම් ඉතින් රැලේ වැටෙන වෙලාවට ෆෝන් ඕෆ් කරගන්නවලු.. හැක්.
ReplyDeleteසමහරුන්ගෙ ඕෆ් වෙනවලු ඇඟට තදවෙලා.
Deleteඩොකාත් බඩගින්නේ හරි බරවැඩ...
ReplyDeleteපුසා නිදහසේ බරවැඩ...
පුසගේ බරවැඩ දැකලා ඩොකාගේ බරවැඩ වලට පාඩු කරන මෙලෝ රහක් නැතුව වදවේවි වේලෙන මිසිස් සිල්වා හොඳටම පව්ය...
ඇයි වේලෙන්නෙ? මිස්ට සිල්වා දොයිද?
Deleteවේලෙන්නේ නැත්තං ඔය ගෑණි රෑ ජාමේ පුස් මගුල් බලබල දොස්තරයට කෝල් කරකර කරදර කරනවද බං...
Deleteහආ...
Deleteමිසිස් සිල්වට පූසා ගැන ඉරිසියා හිතිලා
ReplyDeleteදොස්තරයට මේ මහ රෑ කරදර කරලා
දොස්තරයට වැඩක් නැතේ කරදර කරලා
Deleteමිනිහත් තව ටික මොහොතින් එයි සෙට්ල් වෙලා
මිසිස් සිල්ව විතරයි චාටර් වෙලා තියෙන්නෙ . ඩොකාත් ගොඩ පූසත් ගොඩ.
ReplyDeleteමිසිස් සිල්ව පූසො ගැන හොයන වෙලාවෙ මිස්ටර් සිල්ව ගැන හෙව්වනම් නරකද
මිස්ටර් සිල්වත් කොහෙහරි පොරකනවද දන්නෙ නෑ
තමන්ගෙ පූසා ගැන හොයාබලන්න එපායැ ඒ මනුස්සයත්.
Deletehttp://nelumyaya.com/?p=2594
ReplyDeleteතෑන්ක්ස් මචෝ. දැන් අජිත් අයිය වෙනුවට උඹ බැහැලම වැඩ නේද?
Deleteඌ අප්ඩේට් කරන්නේ සුමානෙකට පෝස්ට් දෙක තුනයිනෙ බං.. මම ජජ් පැනල් එකේ ඉන්න නිසා හැම පෝස්ට් එකක්ම කියවන්නත් ඕනි එකේ ඉතින් නෙලුම්යාය ඇඩ්මින් වැඩේකුත් ඔටෝ සෙට් වුනා.. බැඳ ගත්ත බෙරේ දැන් කොහොම හරි ගහන්නත් එපැයි..ලොස් වෙන්න බෑනේ.. හැක්.
Deleteහරි හරි උඹ ඇම්ඩන් කියල අපි දන්නවානේ බන් ....
Deleteඅඩේ කළණයා, උඹ ජජ් පැනල් එකේද? මේ දවස්වල කන්න කැමති කෑමක් හෙම තියේනං කියාපං... වී.පී.පී. මගින් එවන්නං. තව ඕනි දෙයක් තියේනං කියාපාං මචෝ.
Deleteසින්දුවා, අැඩ්මින් කියන්නෙ ඇම්ඩන්ද බාං?
Deleteහිකිස්...
ReplyDeleteඤෑෑෑෑව්...
Deleteපූසො ,පූසියො ඔක්කොම ටික පව්.
ReplyDeleteඅපි පව් නැද්ද හා...
Deleteහිකිස් ...මදාවී ඉට්ටයිල් ...
ReplyDeleteහුරතලේට ගෙදර හිටිය පූසා
උකුළු මුකුළු දාපු කැකුළු පූසා
මාත් එක්ක තරහද මගේ පූසා
පූස ගියොත් මට පාළුයි පූසා
කළු උක් පැණි බේරි බේරි
රස දී කිරි හීරි හිරි
බිව්වෙ කවුද පූස නේද පූසා
මෙලොවට දැලි ගාපු ගාපු
ලිප ලඟ දැලි නාපු නාපු
පූස මගේ කොහෙද යන්නෙ පූසා
සීනි බනිස් කාපු කාපු
තනියට මගේ ආපු ආපු
සේද කැටිය පූස නේද පූසා
පද - ධර්මසිරි ගමගේ
ස්වර - ප්‍රේමසිරි කේමදාස
හඬ - එම්. එස්. ප්‍රනාන්දු
චිත්‍රපටය - සාරා (1978)
රෝස පැන්සොන් ගිහිල්ලද එතකොට? මේ සින්දුව ඇහුවමයි බං. මුලදි හිතුවෙ උඹේ පද රචනයක් කියලා.
Deleteඋඔ යකෙක් බං..කොහොම මතක හිටිනවද?
Deleteමෙන්න අහන්න
Deleteමෙන්ඩා, මටත් තියෙන පුරස්නෙ ඕකම තමා.
Deleteසින්දුවා, යූටියුබ් එකෙත් තියෙනවා බං.
Deletehttps://www.youtube.com/watch?v=7hW3l652BTk
දඩස් ගාල ෆෝන් එක තියලා ඇඳට දුවන්නැති
ReplyDeleteසුපිරියි
ජය මාධවී!
ආයි මොනවද? ඉලාස්ටික් එක අතඇරිය වගේ ඇදෙන්නෙ.
Deleteඒ පූසා ගැන බිය නොම වන්නේ
ReplyDeleteතමුන් ගෙ පූසා සනසා ගන්නේ..
(කිව්වම ඒකට තමයි කතාකලේ යකෝ කිව්වලු.)
තමන්ගෙ පූසා තමයි ඉතිං ඒ...
Deleteපට්ට :D.
ReplyDeleteපූසට එහෙම දොස්තර කිව්ව විදිහට කෝල් එකක් කියල කිව්වම, පුසා කියයි "මට කොහෙන් කෝල් එන්නද ගෑණියෙ. මම ඇවිදින්න කරන්න පුළුවන් උන කාලෙ ඉඳන් හැම තිස්සෙම හිටියෙ අල්ලපු ගෙදර පූසි එක්කනෙ ;)" කියල හැක්.
අන්න පතිනි (පූසි) භක්තිය ඇති පූසො...
Deleteපූසාද වෙදදුරුද.....
ReplyDeleteකති...! බොති.....! පොර බදිති......!
අපි තවමත්
කති....! බොති.....! පොර බලති......!
ඇත්තෝ කති බොති...ප්‍රීති වෙති
Deleteනැත්තෝ හූල්ලති
වෙල්කම් කිව්වා
හික්ස් අපිට තියෙන්නේ වෙන කරදර... පුස් නෙමේයි හා
ReplyDeleteමීයොද?
Deleteඩොකා ගෙ ජාතියෙම පූසෙක් - නියම පූසා
ReplyDeleteසමහරවිට ඩොකාගෙන්ම බේත් ගත්තු එකෙක්ද දන්නෑ.
Deleteහිහි මීයත් පව් පූසිත් පව්...
ReplyDeleteහය්යෝ මිසිස් සිල්වා හිහි
මොනා හිතෙන්න ඇත්ද නේ
ඒ නෝන බබා පාට් වෙච්චි. මං හිතන්නෙ කිසිවක් නොතේරෙන්න ඇති කියා තමාය.
Deleteආන්න ආන්න ඒ සේවකයාව හරියට පුහුණු කරලා නෑ. ඉස්සර අපේ ගෙදර වැඩට හිටිය එකා, අපේ කාමරේ යතුරු හිලෙන් බලලා, කාර්යය අවසන් නම් විතරයි, කෝල් එකක් කියන්නේ. නැත්තං ඌ නෝකෝල් කියනවා කෝල් එක දුන්න එකාට.
ReplyDeleteඔය අපේ ගෙදරට අල්ලපු ගෙදර මිසිස් සිල්වා, පිච්චිච්චි බැලුප් එකක් මාරුකොරගන්ටවත් මට කතා කොරන්නේ නැහැනේ. හොඳයි බලමුකෝ........කුකුල් වසුරුත් බේතට ඕනේ වෙනවා කියනවනේ.
මිස්ටර් විචාරක, පූසෝ එහෙම ඇතිකලේ නෑ නේද? ගෙදර කොහේ හදන්නද අහල පහල ඔය ඉඳලා තියෙන්නෙ....පූසෝ
Deleteහෙහේ,මිසිස් සිල්වා ලොකු වරදක් නොවැ කරලා තියෙන්නේ.හරියට අර බල්ලෝ මොනවාද කරනකොට ගල් ගැහුවා වගේ වැඩක් නේ.
ReplyDeleteපූසාට බාධා නොකරම පශු වෛද්‍ය උපදෙස් පතනවා කියන්නෙ ගල් ගහන තත්ත්වෙට වැටිලම නෑ. මාර නිරවද්‍යයයි.
Deleteමොන පුසා ගැනද කතාව? ෂුවර එකටම හොර පුසෙක්ද කොහෙද?
ReplyDeleteමේ මහත්තයව දැක්ක කල්!
Delete