2015-09-25

ජීවිතය - 03



පළමු දැක්ම
දෙවන දැක්ම

නිදිමත බිඳක් විතරක් ඇස්වල ඉතිරි කරගෙන මම ඇහැරෙනවා. ඇඳ දකුණුපැත්තෙ කනප්පුව උඩ තියෙන ෆෝන් එක ඇරං වෙලාව බලනවා. හතරයි! පහට එලාම් එක තිබ්බට මට ඊට කලින් ඇහැරෙනවා. බාත්රූම් එක කරා පිවිසීමට ඇති කෙටි එහෙත් අතුරු මාවතේ ඇදුනු මං යාන්තම් තෙත සෙරෙප්පු දෙකෙන් ඇස්දෙකේ නිදිමත පොඩ්ඩක් පිහදානවා. ඇස්දෙකේ ඉතිරිවෙලා තියෙන නිදිමත සින්ක් එකට වැටිලා අඟල් එකයි කාලේ බටයක් දිගේ තත්පරයට සෙන්ටිමීටර් තිහක වේගෙන් ගලාගෙන යනවා. නිදිමතෙන් මිදුනු මම අතුරු පාරෙන් මහ පාරට පිවිසෙන ලේන් එකේ වේගෙන් ඉදිරියට ඇදෙනවා. හැම උදේම පුරුදුවුණු ඇල්වතුර මිලි ලීටර් පන්සීය මගේ අන්නශ්‍රෝතය දිගේ නිදිමත ඇදුනු වේගෙන්ම ගලායනවා. බඩට වතුර වැටුනා වගේ සනීපයක්! සමන් දේවාලෙ පෙරහැර නිසා බාර් වහලා දවස් තුනක්. ඊයෙ මට අහන්න ලැබුණු ඒ සතුටුදායක පුවත සිහිවීමෙන් කුල්මත් වුණු හිතින් කුස්සියට යනවා.


ඊයෙ රෑට උයාපු කුකුල් මස් හොද්දෙ ඝණ අඟල් තුන්කාලෙ කෑලි හත අටක් හොද්ද උඩ පාවෙනවා ගංගා නම් ගඟේ ශුද්ධ වූ ජලයේ මැරිච්ච කුකුල්ලු පාවෙනවා වගේ.

හාල් හෝදලා ලිපේතියලා අද එක ගල්කැටයක්වත් නොහැපේවා කියලා රයිස් කුකුරයට දෑත් එක්කරලා වැඳලා, අළුත් වෙනසක් කරන්න හිතනවා. මොනවගේ දෙයක්ද? බුකියේ ආටිකල් එකක් තිබුණා කරපිංචා හදන ක්‍රම ගණනාවක්. ඒවා රසවිඳලා තිබුණට හදලා බලන්න බැරිවුණා වෙනස් විදිහට. කැඳ හැදුවා. සම්බෝල හැදුවා. අද බදිනවා ගැඹුරු තෙලේ. කරපිංචා විතරක් බැඳලා තිබ්බොත් 'බනී'වත් බලන්නෑ ඒ දිහා. ඒ එක්කම ලොකුස්ටයි මටයි වේලිච්ච මිරිස් කරල් බැදලා ගන්නවා. අනික් තුන්දෙනාට හාල්මැස්සො බදිනවා. ඊයෙ හාල්මැස්‍ෙසො සුද්ද කරලා හෝදලා තිබ්බෙ මේක අද මේ විදිහට වෙන නිසාවෙන්න ඇති. බලමුකො ඒකෙත් හැටි. ඇයි? පොඩ්ඩො දෙන්නට බිත්තර පපඩම් දහයක්!

විනාඩි දහයෙන් ගැඹුරු තෙලේ බැදීම ඉවර කරනවා. පිඟානෙ හැඩේට කපපු කැලැන්ඩරේ සුදු පැත්ත උඩ කොලපාට ඕවලාකාර, ලා දුඹුරු පාට මත්ස්‍යාකාර, රතු දුඹුරු පාට කරලාකාර හැඩ වලින් සැරසෙනවා. ඊ ළඟට මොකක්ද? 

දැන් සතියකටත් කලින් ගෙදරට ඇවිත් එළවලු රාක්කෙ උඩ තට්ටුවේ කුලියට ඉඳලා දෙවනි තට්ටුවේ කට්ටිය එහෙන් ගියාට පස්සෙ එතන පදිංචිවුණු සිංහල කිරි අල හතරක් මුස්ලිම් අර්තාපල් එක්ක යහපානලය යටතේ සතුටින් කල් ගෙවනවා. මේකට මං අත තිබ්බෙ නැත්තං මාධවීනං සම්මෙට අත තියන්නෑ. කිරි අල හතර අර්තාපල් පවුලේ දාහත් දෙනාට ටටා කියලා කොලපාට ප්ලාස්ටික් පිඟානක් කතාකරගෙන මේසෙ උඩට එනවා. කොලපාටට වඩා රෝස පිට පිඟානක කිරිඅල ලස්සනට තියේවි. මම පිඟාන මාරුකරලා කිරිඅල ටික පෙරං ගාන්න ගන්නවා. 


*******************************************
පළමු හමුවීම කියන්නේ මහා උළුක්කුවක්. වචන ගලපාගන්න පුදුම වදයක් විඳින්නෙ. මොනවද ඉස්සෙල්ලම අහන්නේ?

ඔයාගෙ අම්මගෙ නම මොකක්ද?

&*%&&&&

එතකොට තාත්තගෙ?

^%^(%($%^

තව කවුද පවුලෙ ඉන්නෙ?

##%^*^_( ^_*(^_%$ ^%&(%)+&(#$&%. මම හෙට එනකොට උප්පැන්න සහතිකේ ගේන්නංකො.

එයා කට කොනකින් හිනාවෙලා කියනවා. මෙතෙක් එකට ඇදුනු ඩ්‍රොපමින් සහ සෙරොටොනින් පරදවමින් 50% කටත් වඩා ඇඩ්‍රිනලින් ශ්‍රාවය වෙනවා කම්මුල් රතු කරගෙන. විලි ලැජ්ජා හැත්තෑවයි. ඉන් පස්සෙ විනාඩි පහක් විතර මොකුත් කතාවක් නෑ කවුරුවත්ම.

ඔයාට තරහා ගියාද?

ඒ වචනවල ගැබ්වෙලා තියෙන්නෙ සමාව අයැදීමද, අනුකම්පාවද කියලා තේරුම් ගන්න මම තව විනාඩි දෙකක් විතර ගන්නවා.

ම්හු... ඒක නෙමෙයි. මේක දැනගෙන ඔයාලගෙ අම්මල තාත්තල මොනවා කියයිද?

මොකක් දැනගෙනද?

මේ...මේ...මේක..මේක..

හම්මේ...! හිතලා තියෙන දුරක්! මම කැමති නෑ ඕවා ගැන දැන්ම හිතලා හිතේ සතුට නැතිකරගන්න. එන විදිහකට මූණ දෙනවා එදාට.

මලා. 75% යි. මේක හරි පුදුම කතාවක්නෙ. මොකක්ද මේ සෙල්ලම?


*******************************************


මාධවී
වයස අවුරුදු - අප්‍රකාශිතයි. පෙනුම 30 යි.
අධ්‍යාපනය - උසස් පෙළ ජීව විද්‍යා (වසර අප්‍රකාශිතයි)
නිල වර්ණය - තද කහ, දුඹුරු, කළු, තද දම්
කැමතිම ඇඳුම - බ්ලවුස් ඇන්ඩ් ස්කර්ට්
කැමතිම පාවහන් - ස්ලිපර්ස්
කැමතිම කෑම - බත්, පරිප්පු, ඕනෑම බැදුමක්, මාළු
අකමැතිම කෑම - කිරි අල ඇතුළු ඕනෑම උෂ්ණ යයි කියන කෑමක්
කැමතිම බීම - තේ සහ කිරි
අකමැතිම බීම - අරක්කු
යහළුවන් - සීමිතයි. හිතවත් වුණොත් ඉතාම යහපත් යෙහෙලියකි. 
සංගීතය - ක්ලැසික් සහ සරල ගී
විනෝදාංශ - රූපවාහිනිය බැලීම, පුවත් පත් බැලීම, දරුවන්ට පාඩම් කියාදීම, නිදාගැනීම

පොඩ්ඩක් ඔළුව රිදෙනකොට මෙනිංජයිටිස් කියලා හිතන, පොඩ්ඩක් බඩ රිදෙනකොට උණ සන්නිපාතය කියලා හිතන, පොඩ්ඩක් සෙම වැඩිවුණාම නිව්මෝනියාව කියලා හිතන මාධවී නිදිමත නයිටියකින් වසාගෙන ඇති නිසා මට නොපෙනෙන තවත් මොකක් හෝ කැක්කුමක් කිහිලි ගන්නාගෙන ඇවිත් කුස්සියේ තියෙන එකම පුටුවේ වාඩිවෙනවා. 

උගුරු රිදනෙවා වගේ

හෙම්බරිස්සාව හැදෙන්න වෙන්න ඇති

යකෝ මේ මිනිහට ලෙඩක් කිව්වම වචනෙකින්වත් හිත සැනසෙන්න දෙයක් කියන්නැති හැටි! පිරිමි ඔහොම්මමයි! මේ ටික මට පරිවර්තනය කරන්න බැරි භාෂාවකින් එයා කියනවා. මම අන්තිම කිරි අලේත් සුද්ද කරනවා. කළු පාට කුරුට්ට පිහියට බිලිවෙද්දි කණ කොක් සුද මතුවෙනවා. ඒත් කලින් සුද්ද කරපු අල ගෙඩි තුන තව දුරටත් සුදු පාට නෑ. ඒවා කහට පාටේ වෙනස් පියවර තුනකට හැරිලා. කුරුට්ට ඇරපු හැම අලයක්ම වතුරට අල්ලනකොට නැති කළු පාට තැන් මතුවෙනවා. කිරි අල උදේක කලබලේ උයන්න ගත්තු මමයි මෝඩයා. මාධවී ඒ දත්තය සාධනය කරනවා මම නොහිතපු නිර්මාණයක් කරමින්.

කිරි අල ඌෂ්ණයි නේද, අනේ? අපිටනං හොඳ නෑ. අපේ ඇඟවල් ඌෂ්ණයිනෙ. 

ඔයාලට මස් තියෙනවා. 

සුපුෂ්පිත වීමට වෙර දරන මල් පොකුර අතින් වහගෙන මම කියනවා. සුපුරුදු නිහැඬියාවෙන් පසු කුරුටු ටික කුණු කූඩෙට දාන මම කිරි අල සේරම සෝදනවා. මෙන්න ආයිත් කළු ලප මතුවෙලා! මගුල! 

කිරි අල ගේන්න එපා, අනේ! කරදරේ.

ආයි කවදාවත් ගේන්නෙ නෑ!

මගේ ඇඟිලි අතරන් පෙති විහිදාගෙන එය සුපුෂ්පිත වෙනවා. මට ඒත් මදි. කෝපයේ විනාඩියේ පළමු තත්පර තිහ විතරයි ගෙවුණෙ. ඉතිරි තිහත් ගෙවනවාද, මේක මෙතනින් ඉවර කරනවාද? මම කිරි අල සේරම කුරුටු ගිය මගේම යවන්නේ විදුලි වේගෙන්. මම කෝපයේ විනාඩිය තත්පර තිස් පහෙන් අවසන් කරනවා. කිරි අල කන්න බලාගෙන හිටි ඇලුමිනියම් ඇතිලිය සුපුරුදු පරිප්පුවම අදත් කනවා.

මාධවී වතුර උණුකරන අතරෙ මම පොල් ගාන්න යනවා. හිරමණය අල්ලලා තියෙන පරණ දැව මේසය පැද්දෙනකොට ඒක ගිහින් ඊට යාබද වානේ මේසයට හේත්තු වෙලා අයනික බන්ධනයක් ඇතිවෙන්න තරං හයියෙන් පයිං එකක් ගහනවා. කෝපයක සේයාවක්වත් තිබුණානං ඒක මගේ කකුල දිගේ දැව මේසයටත් එතනින් වානේ මේසයටත් සම්ප්‍රේෂණය වෙනවා. හෙන ගහනකොටත් යකඩ/වානේ කෑල්ලක්නෙ එළියට දාන්නෙ. 

රට ළූණු ගෙඩියක් ඇතුලෙන් ‘චිරිස්‘ හඬින් ගමන් කරන පිහිතලයක් ‘ටොක‘ හඬින් ලෑල්ලක වදිනවා කුස්සිය පැත්තෙන් මට ඇහෙනවා. මල් සේරම පරවෙලා. වේලුණු මී මල් වගේ!

පොල් ටික ගාගෙන කුස්සියට යනකොට එයා පරිප්පු මාළුවට ඕනි සේරම හදාගෙන ටැප් එක පැත්තට යනවා.

කිරෙන්ම උයමුද?

හා... ඔයා තුන පහ ගෙනාවෙ නැද්ද? මං පැකට් එකක් තියෙනවා දැක්ක හින්දා කිව්වෙ නැත්තෙ. බැලුවම ඒකෙ කහ! බැදපු තුනපහ ටිකක් දානවා.

අද හවසට ගේන්නං. 

මම පොල්කිරි මිරිකලා ඇතිලියට එකතු කරලා ලිපේ තියනවා. සැර ගින්නේ කිරි උතුරනකං එකම පැත්තට හැඳි ගානවා දොදොල් හැඳි ගානවා වගේ. කිරි ඉතිරුනාම ලිපේ දැල්ල මැද රවුමට බස්සලා තියලා මම යනවා ෆෝන් එක හොයාගෙන. නෝට් එකක් දාගන්නවා.

Curry Powder

මාධවී තේ හදන අතරෙ මම ගිහින් මිනි බාලිකාව අවදි කරවනවා.

ළමා......යි. නැගිටින්ඩ. දෙපාරක් කියන්නෑ අද. ලොකුස් ඇහැරෙන්ඩ. අද කීය වෙනකං ද පංති?

දෙක... වෙන....කං...

එහෙනං කෑම ගෙනියන්න එපෑ. අන්න ඔයාට හාල්මැස්සො බැද්දා. මිරිස් කරල් බැද්දා. කරපිංචා බැද්දා. 

නිදිමත අතරින් නික්මෙන ඒ හිනාවේ සුදු පාට රැල්ල මගේ හිත පුබුදු කරවනවා.


*******************************************

කෑලි වලට කැඩිලා ගියේ මාධවීගෙ ෆෝන් එක නෙමේ. කැරපොත්තා! මේක තිබුණොත්නෙ මේ හැමදේම. ඒ කෑලි අතර මගේ කේන්තිය දියවෙලා යාවි කියලා හිතුනත් එහෙම වුණේ නෑ. ඉස්සර අපි උන්නු පැත්තට කිට්ටුවෙන් ගං වතුර එනවා. එක තැනක කුඹරක් තියෙනවා, මහ පාරත් යට කරගෙන ඒක හරහා කළුගඟ බිම්මක් දානවා. දවස් දෙක තුන හොඳටම වහින කොට හිටි හැටියේ රෑ දෙගොඩ හරියේ තාත්තා අපිව ඇහැරවනවා ‘හොඳින් කන්දීලා බලන්න‘ කියලා. හැතැක්ම බාගෙකටත් මෙහායින් මහා ශෝකාලාපයක් වගේ ගලන බිම්මේ සද්දෙ පුංචි අපේ හිත්වල ඇති කලේ මහා මූසල බයක්. මට ඒක දැනුනා.

දැන් වයස කීයද?

......................

දැන් වයස කීයද කියලා ඇහුවෙ.

.......................

මේ වයසට ඕවා පටං ඇරගෙන ඕවා ඕනි කාලෙ මොනවද කරන්න හිතා ඉන්නෙ. ඕ ලෙවල් කටේ. ඇයි මෙහෙම කරන්නෙ. උඹ දන්නවද උඹ ගැන මොනතරං බලාපොරොත්තු ගොන්නක් අපේ හිත්වල පිරිලා තියෙනවද කියලා? නංගිලා මොනවා නොකරයිද උඹ ඔහොම කලාම?

.......................

කතා කරපං... එක්කො මට බැනපං. නැත්තං ගහපං. නැත්තං මාව මරපං. මාව මැරුවනං මීට හොඳයි.

තාත්තා හිතන දෙයක් මෙතන නෑ. නිකං ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් විතරයි.

ෆ්‍රෙන්ඩ්ෂිප්? ඇයි ඔය ෂිප් එක ෆෝන් එකෙන් මහ රෑ එස්එම්එස් එවන්නෙ. මට උගන්නන්න එනවද කොල්ලො ගැන. තාත්තලට තේරෙනවා පුතේ, කොල්ලො හැරෙන කොට. උඹ එන්න එපා මට උගන්නන්න. මම කී දවසක් කියලා තියේද අඩුම ගානෙ කැම්පස් එකට යනකං ඉවසන්න කියලා. එතනදි උඹට හම්බවෙන්නෙ අඩුම තරමෙ උඹේ මට්ටමට ඉගෙනගත්තු එකෙක්. මොකක් හරි ස්ථාවරයක් තියෙන එකෙක්. දැන් මේ ඕ ලෙවල් කටේ තියාගෙන මොකක්ද මේ නටන නාඩගම.

තාත්තේ ඔය කියන මොකවත් මෙතන වෙලා නෑ.

රටකජු ඇටයක් තලන්න කුළු ගෙඩියක් ගත්තද කියලාත් මට හිතෙනවා. ඒත් මගේ නිරීක්ෂණවල හැටියට දැන් සති දෙකක් විතර ඉඳලා මේකි ෆෝන් එකේ ලැගගෙන ඉන්නවා වැඩියි. නෑ... මම හරි.

හොඳයි. උඹ පිළිගන්නෙත් නෑ. මොකාද කියලා කියන්නෙත් නෑනෙ. අදින් පස්සෙ උඹෙයි මගෙයි නෑකම ඉවරයි. මම නෑ කියලා හිතාගනිං.

මම කාමරේ තියෙන පුටුවකටත් පයින් ගහගෙන එළියට යනවා.

නින්දට වැටෙන තුරුත් මගේ හිත වැහි වළාකුළු වලින් බරවෙලා. උදේ ඇහැරෙන්න වෙන්නෙ අඳුරු දවසකට. ඇහැරිලා විනාඩියක් යන්න කලින් මා ළඟ තිබුණු වටිනා වස්තුවක් අහිමිවීමෙන් ඇතිවන හිස් අවකාශයේ දිග පළල මගේ හිතට දැනේවි. හෙට ඉර නොපායනවානං හොඳයි. 


*******************************************



෴ මතු සම්බන්ධයි ෴




(මාතෙ, මොකක්ද මන්දා බං උඹ දෙයක් කිව්වම නොකර ඉන්න බැරි මගුලක් තියෙනවා මට.)

76 comments:

  1. සීට් එක වෙන්කරල තිබ්බ. තව ටිකකින් ඇවිල්ල කියවන්නං.

    ReplyDelete
    Replies
    1. තුන බලන්න විනාඩි තුනයි පරක්කු වුනේ ඒ ටිකට උඹ පලවෙනි කොමන්ටුව දාලනේ

      Delete
    2. එකපාරම තුන බලන්න හදිස්සි වෙන්න එපා කියන්නෙ ඒක තමයි ලොක්ක.

      හෙටම ඇවිල්ල කියවන්නං.

      Delete
    3. ප්‍රසා,
      අද හවස මාත් බස් කීපෙකම සීට් බුක් කලා. මේ යන ගමන්.

      මනෝ,
      ඒ කියන්නෙ බලලාම නෑ.

      Delete
    4. //හැම උදේම පුරුදුවුණු ඇල්වතුර මිලි ලීටර් පන්සීය// මේකනං මාත් කරන දෙයක්.

      //තාත්තලට තේරෙනවා පුතේ, කොල්ලො හැරෙන කොට. උඹ එන්න එපා මට උගන්නන්න.// හැක්.. හැක්... දැං කොල්ලො ගැන එහෙම තේරුං ගන්න බෑ බොල.

      නියමයි.

      Delete
    5. //සීට් එක වෙන්කරල තිබ්බ.// පල්ලෙහායින් කමෙන්ට් කරන්නං

      Delete
    6. ප්‍රසා,
      මමත් බොනවා. හැබැයි 250 ක් වගේ තමා එක පාරකට.
      ඉලක්කය කරා යන ගමන් මග වෙනස් බව මාත් පිළිගන්නවා මචෝ. ඒ වුණාට ඉලක්කය එකයි කාගෙත්.

      කුරුටු,
      ඔය පල්ලෙහාට යන නෝනලා, මහත්තයලාට රටකජු පැකට් එකක්, චුයිංගම් එකක්, වතුර බෝතලයක්....

      Delete
  2. පලමු වන දෙවන දැක්ම කියවලා ඇවිත්ම මදාවියාගේ තුන බලන්නමිකෝ (වරදවා වටහා නොගනු මැනවි,කීවෙ තුන්වන දැක්ම ගැනය )

    ReplyDelete
    Replies
    1. මෙ අර උඹෙ පෑන්ටි මාර්ක් බිලොග් එකේ පෝස්ටි දෙකනේ.කමක් නැ.ආයෙත් කියවලා එන්නමි

      Delete
    2. මේකෙන් සරල වින්දනයක් ලබන්න අමාරු වෙයි මචෝ. ඒ වුණාට මෙතන ඉන්න හැමෝටම වඩා හරිනං උඹට මේක ඇතුලට කිඳාබහින්න පුළුවන්.

      Delete
    3. මම මෙ කොටස් තුනම එක දිගට අරන් කියවන ගමන්.අන්න එතකොටයි හරියටම මීටර් වෙන්නේ.කලින් දෙක කියවලා තිබුනට වෙන වෙනම කියවනවට වඩා එකට කියවනකොටයි කතාව හිතට වැටෙන්නේ.(උඹ පෑන්ටි මාර්ක් කිවිවට අමනාපද.ඔන්න එහෙනමි ඉල්ලා අස්කරගත්තා.හෙට නමි එන්න වෙන්නේ මහ රෑ බං)

      Delete
    4. නෑ...නෑ... ඒ පෑන්ටි කතාවට නෙමේ සරල වින්දනය කිව්වේ. මේකෙ ස්වභාවයේ වෙනස ගැන.
      (තෝ කොහෙද, රෑ දෙගොඩ හරියේ කොටුපනින්න යනවද?)

      Delete
    5. ...//රෑට උයාපු කුකුල් මස් හොද්දෙ ඝණ අඟල් තුන්කාලෙ කෑලි හත අටක් හොද්ද උඩ පාවෙනවා//..

      අපේ එකෙක්ගේ වෙඩින් එකකට ගිය දවසක්.කෑමට කුකුල් මස් උයලා තිබුනේ කුකුලට මෝටාර් එකක් ගහලා මරලද කෙහේද.හොදි විතරයි කෑලි නැ.හොද්ද කුකුල් මස් කීවා හින්දා අපිත් හිතුවා එහෙම වෙන්න ඇති කියලා.

      රෑට කොටු පනින්න ගියොත් රවුමට තියෙන ඔලුව ගෙදර උන්දා කොටුවක් කරයි බං.

      Delete
    6. හුකෑස්! ඔව්වයෙ කුකුල් මස් උයන්නෙ ලොකු කෑලි කපලා බැදලා උයන ක්‍රමේට. ඔය කියන සැට් එක පුරුදු වෙන කුක් සැට් එකක් වෙන්න ඇති බං.

      ඝනකාභයක් කරලා එවයිද ඝනකයක් කරලා එවයිද?

      Delete
    7. කුක් සැටි එකේ අපසටි එකක්ද අපි සැටි එකට වැඩි වෙලා අපි කරගත්ත අප්සටි එකක්ද දන්නෙත්නැ.රොටියක් උඩට මාලු බෙදාගෙන මාලු ටික බයිටි එකට කාලා රොටිය හෝදලා පිගන් රාක්කේ එහෙමත් තියපු කොල්ලෝ අපෙ සෙටි එකෙත් හිටියා

      Delete
    8. හැක්...හැක්... අල්මාරිය ඇරලා චූ කරන එවුනුත් ඉන්නවා බං. අපි දන්න එකෙක් (අපි එක්ක එකෙක් නෙමේ ඈ...) හිටියා ස්වයං රැකියාව කරලා පරකොලු ගොට්ටකට එකතු කරලා බොන!

      Delete
  3. කොටස් තුනක් ගිහින්, ඉන්න මං අනිත් දෙකත් කියෝලා එන්නම්

    ReplyDelete
    Replies
    1. හරි හරී.. ඔන්න එහෙනං මං සීයට ගණිනවා.

      Delete
  4. තොට පිස්සු ..නිකං නෙමෙයි පුකේ ඉදං පිස්සු

    ReplyDelete
    Replies
    1. තාම ඔලුවට ගිහිං නෑ නේද?

      Delete
    2. ඒක සාපේක්ෂයි මා ප්‍රිය අටමා. උඹට සාපේක්ෂව මට පිස්සු වගේම මට සාපේක්ෂව උඹට පිස්සු වෙන්න පුළුවන්.

      ප්‍රසා,
      පහල අතටලු බං යන්නෙ.

      Delete
  5. මේ ලිවීමේ රටාව මොනවගේ කියලා කියන්න ඕන . ඇත්තටම රොමැන්ටික් ලියවිල්ලක් . රොමැන්ටික් කිව්වම රොමැන්ටික් කියන එකේ තේරුම මේක නෙවෙයි කියලා ගොඩ දෙනෙක් කියාවි. එත් මටනම් මේක රොමැන්ටික් ලියවිල්ලක්, ඒ කියන්නේ ලියවිල්ල හරිම ප්‍රේමනියයි.

    කුටුම්භය ගැන මෙහෙම ප්‍රේමනීය විදිහට ලියන්න ඒ ගැන එහෙම දකින්න පුළුවන් රොමැන්ටික් මිනිස්සුන්ට විතරයි. ඒ ඇතුලේ සිද්ධ වෙන ඝට්ටන , හැල හැප්පීම් රණ්ඩු සරුවල් හැම දෙයක්ම ආදරණීය විදිහට දකින මනුස්සයා ජීවිතේ විඳිනවා .හරියට කවියක් වගේ .

    ඔහොම යමු... මේ කවිය(ගද්‍ය කාව්‍යය) ඉවර වෙනකං ආසාවෙන් කියවන්න් පුළුවන්

    ReplyDelete
    Replies
    1. හරියට හරි ඉවාන්. චින්තනයේ වෙනස උඩ මේක කෙනෙකුට විකාරයක් වගේ පෙනුනට, අපි එක එක්කෙනා දාගෙන ඉන්න කණ්ණාඩි වලින් පෙරෙන වර්ණ වල හැටියට ලෝකෙ දිහා විතරක් නෙමේ ඕනිනම් තමන් දිහාත් බැලුවහැකි. ජීවිතය විඳින්න පුළුවන් ආදරණීය සිතිවිලි තියෙන කෙනෙකුට තමා. බොහෝ හැල හැප්පීම ඇත්තටම ඇතිවෙන්නෙ ආදරය නිසා.
      මේක ඔය කියන දෙයාකාරෙන්ම රොමෑන්ටික් වේවි ටික ටික.

      Delete
  6. අමුතුයි..... ඒ අපිට නුහුරු දෙයක් හින්දා වෙන්න ඇති............ ඒත් ලියන විදිහ හින්දද කොහෙද දිගටම කියවන්න හිතෙනවා....... නියමයි..........

    ReplyDelete
    Replies
    1. හුරුවෙයි ආර්යන් තව කොටස් දෙකක් යන්න කලින්.

      Delete
  7. මම හිතුවේ මම වැරදි බ්ලොග් එකකට ඇවිත් කියලා. මට පුරුදු උඹේ කවි. මම වැරදියි උඹට ලේබල් කරපු එකට. මම කැමතියි මේ රටාවට. සමහර තැන් හරිම සමීපයි මෙන්න මේවගේ.

    කොලපාටට වඩා රෝස පිට පිඟානක කිරිඅල ලස්සනට තියේවි. මම පිඟාන මාරුකරලා කිරිඅල ටික පෙරං ගාන්න ගන්නවා. (මම මේ දේ කරනවා ෂර්ට් හැඟර් වල එල්ලනකොට.)

    කිරි අල කන්න බලාගෙන හිටි ඇලුමිනියම් ඇතිලිය සුපුරුදු පරිප්පුවම අදත් කනවා.

    මට මේකෙ අක අවුලක් දැනෙනවා. මේක ලියන්නේ ගෑණිද මිනිහද කියන එක. මාධවී කියන නමෙන් ඇතිවෙච්ච අවුලක්. ඒ අවුල ලියාගන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ලියාගන්න එපා ලිහල දෙයි මේකේ කොමෙන්ට් කරන අනික් මදාවියො ටික ආවට පස්සෙ.

      Delete
    2. ඩූඩයියෙ,
      මාධවී මෙතනදි කාන්තා චරිතයක්. කතාව ලියන්නෙ මදාවියාම තමා. අවුල දිගට යද්දි ලෙහේවි.

      ප්‍රසා,
      අනෙහ් මෙහ්... උන් ලිහනවා නෙමේ තව පටලෝනවා.

      Delete
    3. සෑහෙන ඩ්‍රින්ක් ගන්න ඔන ප්‍රශ්නයක්.

      Delete
    4. එහෙනං ඔය යනවා ඇත්තෙ ඉතිං ඒකට වෙන්න ඇති.

      Delete
    5. මධුවෝ දවස් ගානකින් කවුරැවත් නැනේ බං.මෙක පාලු වෙලා ගිහිං

      Delete
    6. බ්‍රහස්පතින්දා නිවාඩුවත් එක්ක සිකුරාදත් අල්ලලා කස්ටිය ඇවිදින්න යනවා බං. ඔහොම දවස් තියෙනවා. ඒක මේ අවකාශෙ හැටියක්. උඹ දන්නවද මන්දා, සමහර වෙලාවට මාසයක්ම වගේ ගෙවෙනවා කට්ටිය නැතිව.

      Delete
  8. "විඳවන ජීවිතය විඳින කලාව" මේ පොස්ට් එකට මගේ අර්ථදැක්වීම...අනික් උන්ට නැති උනත් මේක මට හරිම සංවේදීයි...

    ReplyDelete
    Replies
    1. හොඳම අර්ථ දැක්වීමක්. ජීවිතය විඳීම කියන වචන දෙක ඇහෙනවටත් මම පට්ට ලැයික්.

      Delete
    2. අවසානයේ අපිට අකමැත්තෙන් හරි තෝරාගන්න වෙනවා පෙර කුසල අකුසල කර්ම මුල්කරගෙන ලැබිච්ච ජීවිතේ විඳිනවද විඳවනවාද කියල තීරණය කරන්න. මම දුක හා සතුට දෙකම එක ලෙසම විඳින්න කැමති එකෙක්. ඒ නිසා දුකෙන් උන්නත් හැමදාමත් සතුටින් උන්නත් හැමදේම විඳින්න උත්සහ කරනවා. විය යුත්තේ එයයි.

      Delete
    3. මම මේකෙන් පෙන්නන්න උත්සාහකරන්නෙත් එහෙම සතුටින් භාරගැනීමේ ස්වරූපය. ප්‍රායෝගිකව හරිම අමාරු දෙයක්! නමුත් විය යුතුයි.

      Delete
  9. මධුවෝ.... මධුවෝ..... ප්‍රබන්ධයට වඩා සත්‍ය විශ්මයජනකයි කියන්නෙ නිකමටද...
    මං මීට වඩා දෙයක් කියන්නෙ නැත්තෙ වචන වලින් කියවට වඩා සද්ද නැතුව ඉන්නකොට කියන්න පුළුවන් දෙවල් වැඩී බං.

    (අර "බනී" කියලා නම දැම්මෙ හැම වෙලේම බොට බනින හින්දද...?)

    ReplyDelete
    Replies
    1. හා එහෙමනම් කැමෝ ඔන්න මම සද්ද නැතුවම හිටියා.

      මදුවෝ,
      ඔන්න දැන් කැමා කියන විදිහට මගේ කොමෙන්ටුව හිතාගනින්. වැඩිය ඉන්න වෙලා නෑ. පට පට ගාලා ඔක්කොම ඒවා බලලා යන්න ඕනේ.
      ජය වේවා. තවත් දින දෙකකින් නැවත ඉතිරියට කොමෙන්ට් කරනු ඇත.

      Delete
    2. බනී නෙමේ මම හිතුවෙනං උඹ මධූ, මාධවී කියන වචන දෙකත් පටලවා ගනී කියලා ඩූඩයියා වගේ. මේ එක නමක්වත් සත්‍ය ඒවා නෙමේ මචෝ. මේ සිද්ධිත් එකක්වත් මේ කියන පිළිවෙලට ගලාගිය ඒවා නෙමේ. හැබැයි කවදා හරි කාට හරි වුණු දේවල්. ඒ නිසා පළමු කියමනට එකඟයි.

      Delete
    3. කසුන්,
      මට අපේ පාඩම් පොතේ තිබිලා ලස්සන කතාවක් අහුවුණා. අන්කල්, මම ඒක කියවන්න පොඩ්ඩක් අහං ඉඳලා යනවද?
      අහ්...අහ්...අනේ පුතා මම මේ හදිසි උවමනාවකට ළඟට යන ගමන්. මං හෙට අනිද්ද එන්නංකො පුතාගෙ කතාව අහන්න.

      Delete
    4. ලිංග භේදය නමි පටලවන්න එපා පුතෝ.

      උඹ කියනවා වගේ ඔනම කතාවක තියනවා අපි කාගේ හරි ජීවිතයකට සමිබන්ධයක්.

      Delete
    5. අනිවා! ඒ වගේම හැම හීනෙකමත් තියෙනවා අපි කවදා හරි අහපු, දැකපු, හිතපු කතාවක්. නොදැකපු නොහිතපු දෙයක් හීනෙන් ලිව්වත් ෆේල්.

      Delete
    6. නම් පටලැවිල්ල කෙසේ වෙතත් උඹ උදේම නැගිටලා ගෙදර ව්ඇඩ කරනවා කියපු දේ නම් ඇත්ත වගේ.... :D

      Delete
    7. උඹලා ඕක කියපු නිසාම තමා මමත් මේක ඇදගත්තේ. ගෙදර වැඩ සහයෝගයෙන් බෙදාගෙන කරනවා කියන එකේ වටිනාකම ඔබටත් දැනේවි කෙදිනක හෝ...........

      Delete
    8. ඕක තමයි හරි දේ.. ඒ උනත් නැන්දම්මලා දකින ලොකුම වැරැද්දත් ඕක තමයි...

      Delete
    9. බැන්දනම් මචෝ වෙනම කූඩුවක ලගින එක තමා හොඳ. කුලියට හරි කමක් නෑ.

      Delete
  10. තුන්වෙනි කොටස නිකන් ෆිල්ම් එකක් වගේ... පට පට ගාලා සීන් මාරු වෙනවා..... කොහොම උනත් මරු ... ගොඩ දෙනෙක්ගේ ජිවිත මෙහෙමයි.

    ReplyDelete
    Replies
    1. මේකෙදිත් පොඩි වෙනසක් කලා බණ්ඩෝ. ඇත්තම කියනවානම් මේක පොඩි පෙර පුහුණුවක් නැතිනම් අත්හදා බැලීමක්.

      Delete
  11. මට පොඩ්ඩක් හොල්මන් වගේ. මම හීනයක් දකිනවද?

    ReplyDelete
    Replies
    1. අජිත් අයියගෙ දේසපාලන න්‍යායාත්මක ලිපි කියෝනකොටත් අපිට දැනෙන්නෙ ඒකමයි..හික් හික්!

      Delete
    2. පිස්සුද, දේශපාලනේ වැඩිපුර තියෙන්නේ බොරුනේ. මම මේ නිකන් ලාවට දර්ශනේ පැත්තට යනවා විතරයි. මේ කතාව පටන් ගත්ත බ්ලොගේ වෙන එකක්. ඒක මධුගේ හෝ මදාවියගේ නැත්නම් මාධවිගේ , මේක මධුමදාවිය ගේ. එතකොට මේ ඇත්ත කතාවක්ද? ඒකයි හොමන් කිවේ . ළමයිෆෝන් එකේ එල්ලිලා නම් අරන් අයින් කරන එකනේ ඇත්තේ .

      Delete
    3. ඒක ඔහොම සරලව අයින් කරනවාද කියන එකයි ප්‍රස්නෙ. මේකෙ යන්නෙ පරම්පරා 3 ක ගැටුමක් අජියයියෙ. හොල්මං නොවී ඉතිරි කොටස් ටිකත් බලන්න හැකි වේවා!

      Delete
  12. කතාවේ නම මීට වඩා හොඳ එකක් වෙන්න ඕනේ.

    අපේ සමාජයේ පෙම්වතෙක්/සැමියෙක්/තාත්තෙක් ඒ වගේම පෙම්වතියක්/අම්මෙක් මේ කතාවේ ඉන්නවා.

    මේ අද්දැකීම් වලින් සමහරක් මා අත්විඳි ආකාරය සිහිපත් වුණා.

    බොහොම හොඳයි. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. යෝජනා කරන්නකො නම් කීපයක් කොයිකටත්.
      ඇත්තටම අත්දැකීම් ඇසුරෙන් ගොඩනගන කතා තාත්ත්විකයි.

      Delete
  13. මා මේ දකින්නේ ස්වප්නයක්ද..
    පූසෙක් භාවනා කරනව හැක්...
    පට්ට රහයි ලිවිල්ල කොටස් තුනම කියවං ආවෙ... මදාවි කවි වලට වඩා මේ අත්දැකීම් අකුරු වල ගතියක් මම දැක්ක.. හැබැයි ගෘහ භාණ්ඩ වලට පයිං වදිනව වැඩිද මංද... පව්ව අප්ප පුටු මේස
    ඉතුරු ටිකත් කියවන්න මග බලං ඉන්නෙ
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. පුළුවන් තරම් මීයො අල්ලලා ඇති වුණාම කොයි පූසත් ඔහොම තමා රත්නේ.
      ඒ වෙලාවට ඕනිම ගෘහ භාණ්ඩයක වියදම දැරීම ලාබයි බං ජීවිතයක වටිනාකම මනින්න බැරි නිසා.

      Delete
  14. ප්‍රේමනීය ලිවීම් රටාවක්....අගෙයි....

    ReplyDelete
    Replies
    1. කෙන්ජි.................... උඹ කොහෙද බං ඉන්නේ??????? අැයි දැන් පේන්නම නැත්තේ?????

      Delete
    2. මේක පටන් ගත්ත දවසෙන් පස්සෙ ඔය ආවමද කොහෙද කෙන්ජයියා.

      කුරුටු,
      මැලේසියාවට වෙලා කෑලි ගැන ගැන ඉන්නෙ ඔය. (බුකියට පලයංකො මූ දාන වැඩ ටික බලන්න)

      Delete
  15. //දේවාලෙ පෙරහැර නිසා බාර් වහලා දවස් තුනක්. ඊයෙ මට අහන්න ලැබුණු ඒ සතුටුදායක පුවත සිහිවීමෙන් කුල්මත් වුණු හිතින්//
    නෙද්දිකිං.... මෙන්ඩො බලහංකො මේ කතාව.

    ReplyDelete
    Replies
    1. තියෙනවනංනෙ බං බොන්නෙ. නැතිදාට කවර සැපද? (තව පොඩ්ඩක් අවුස්සලාම බලනවා)

      Delete
  16. මුලින්ම වෙනසක් දැක්කහම චුට්ටක් අවුල් ගියා තමයි. යකෝ මේක මල් හතයිනෙ
    තරහ යනවනම් ටිකක් වැඩියි වගෙ.හෙහ් හෙහ්.

    ReplyDelete
    Replies
    1. පසුව හෝ ස්වභාවය වැටහී ඇති හැඩයි.

      ගණං ගන්න එපා. අතිශයෝක්තිය බිඳක් මුසුවෙලා.

      Delete
  17. අනේ මන්දා බං මධුවෝ..................... රටාව නම් වෙනස් ම ඒකක්..... ඔහොම යං ඔහොම යං...... මේක දැන් ගද්‍ය පැත්තටත් උඹ හරවනවා වගේ නේද???? හොදයි හොදයි......

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා කිව්වම දුක හිතෙනවනෙ බං. එළ...නියමයි වගේ එකක් දාන්න බැරිද?

      Delete
  18. යකෝ මුල් කොටස් දෙක කියාවලා එන්නම් ...මට කියවන්න බැරි වෙලා ..සමාවෙයන්

    ReplyDelete
    Replies
    1. කියවාල ඇවිත් පුළුවන්නම් සින්දුවකින් අදහසක් දාපං. ඔන්න චැලේන්ජ් එක.
      (‘සකුරා මල් පිපිලා හරි පුදුමයි ගේ දොරකඩ නිල් වන පියසේ‘ එහෙම ඔට්ටු නෑ, හරිද?

      Delete
  19. අඩෝ මදාවියා මම කිව්වේ බොරුද...

    මම කිව්වේ ඉකොනමි ඒවා මේකේ දාන්න එපා කියලා ඉතරයි.. මේවත් යන්නේ ඉකොනමි පෝස්ට් විදියට නෙමෙයි.. රසවත් කවි විදියට.. උඹ ඕමාර් කයියාම් කියවලා තියෙනවද...?

    ReplyDelete
    Replies
    1. මේ කවි ආර රසවත් වෙන්නෙ උඹලා වගේ කීප දෙනෙකුට විතරයි මාතෙ. ඒක නිසා මේක දිගටම වීක් එන්ඩ් අල්ලලා පබිලිස් කොරංට හිතා ඉන්නෙ.

      ඕමාර් කයියාම් පරිවර්තන එකක් දෙකක් කියවලා තියෙනවා. උඹලට තරම් ඒවයෙ ඇසුර ලබන්න අපිට ලැබුන්නෑ බං ඒ කාලෙ. දැන් තමා හොය හොයා කියව්න්නෙ.

      Delete
  20. මේක පට්ටයි මචෝ...
    ලින්ක් වලින් ගියාම තමයි දැනගත්තේ උඹේ තව බ්ලොගක් තියෙනවා කියලා...
    ඒකත් රෝලට ඔබා ගන්නම්...
    උඹේ මේ පෝස්ට් තුනේම ගන්න සෑහෙන දේවල් තියෙනවා, එළකිරි...
    පෝස්ට් කියෙව්වට කමෙන්ට් කරන්න වෙලා තිබ්බේ නැහැ මචං, යකෙක් බැඳගෙන වගේ වැඩ වගයක් සෙට් වෙලා තියෙන නිසා...
    කමෙන්ට් නැතත් ඇවිත් යන බව ඉතරක් ඔළු ගෙඩියේ තියා ගනින්කෝ...

    ReplyDelete
    Replies
    1. //උඹේ මේ පෝස්ට් තුනේම ගන්න සෑහෙන දේවල් තියෙනවා//
      මේ අමුතු පෝස්ට් වල නියම අරමුණ උඹට තේරුම් ගියා වගේ ලොකුස්!
      (කවුද බං යකා? යකින්නක් නෙමේනෙ?)

      Delete
  21. යකෝ කෙල්ලට බනින්න එපා.. මට මල පනිනවා.. අටමත් මගෙන් බැනුම් ඇහුවා කෙල්ලට බැනල..
    මගේ කෙල්ලට මං තවම කවදාවත් බැනලා නෑ.. අතක් නම් උස්සන්නවත් හිතලා නෑ.. ඒවා ඔක්කොම අම්මට බර දීල තියෙන්නේ.. කොල්ලටනම් දෙනවා හිටපු ගමන් එකක් දෙකක්.. හැක..මගේ කෙල්ලට මං දීල තියෙන ටාගට් එක කවදාවත් අප්පච්චිගෙන් බැනුම් අහන්නවත් ගුටි කන්නවත් වැඩක් කරන්න එපා කියලා.. අපි දෙන්න තමයි බෙස්ට් ෆ්‍රෙන්ඩ් ල ගෙදර :) වයිෆ් ට මල ඉතින්..
    මේක බොක්කටම වදිනවා.. :)

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට බනින්න, ගහන්න හිතුනත් ඒක කරගන්න බැරිවෙලා හිතේ අමාරුවට මෙහෙම ලියවුණොත් ලියපු එකා පවු බං. නැත්තං බැණුම් අහන, ගුටිකන උන් පව් බං.
      (මම දන්නවා උඹටත් මේක වදින බව)

      Delete
  22. මුල් කොටස් දෙකත් කියවගෙන එන ගමන්.. වෙනස්ම විදිහකට ලියවුනත් ඒ අකුරු අතරින් බැඳීම් ගොඩක් ගැන හරි ලස්සන දේවල් ටිකක කියවෙනවා කියලයි මට හිතෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුශානි! මේ ලිපි පෙල ගැන නිර්වචනයක් මුලදිම දීලා හිටියනම් හොඳයි කියලාත් මට වෙලාවකට හිතෙනවා. ඒ වුණාට එතකොට කතාවෙ හැංගුණු රසය නැතිවෙලා යයි කියලාත් බයයි.

      Delete
  23. මෙහෙම මරු... හතර කියවලා ආයෙත් තුන කියෙව්වා..
    ජයවේවා..!!

    ReplyDelete