(මධුමාධවී කියවන ඔබේ අගනා නිර්මාණ මෙහි පළකිරීමට ඉඩක් ලබා දෙන ලෙන සොබා රූ අඳින අපේ දිල්ෂාන් මලයා ඉල්ලීමක් කලා. ඒ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ගැජට් එකක් එකක් එල්ලුවා දකින්න ඇතිනෙ. ඉතිං කුළුඳුල් නිර්මාණය දිලාම එවලා තිබුණා. මේ පහත පළවෙන්නේ ඔහුගේ ඒ නිර්මාණය. ඔහුගේ නිර්මාණ අනන්‍යතාවය රැකෙන්න ඕනි නිසා කිසි වෙනසක් කලේ නෑ. දිලෝ...ඔන්න උත්තර බඳින එකයි ඇත්තෙ දැං...)
පීටර්ගේ ගෙදර වැඩට - හිටියා කළු මිටි කොල්ලෙක්
ඉබ්බා වගෙ හිටියත් උගෙ - නම නම් බුබ්බා
ගෙදර දොරේ සියලුම වැඩ - මැසිවිල්ලක් කිසිත් නැතිව
කඩිසර ලෙස ඉටු කෙරුමට - බුබ්බා රුසියා