2015-09-30

කුරුල්ලා



දවසක් එක්තරා පොරක්  - නිවාඩුවක් ගතකරන්න 
ගියා නියුඩ් බීච් එකට - සුන්දර උදයේ

නිතියක්ය එහි ඇත්තේ - නිරුවත් විය යුතුයි සැවොම
එලෙසට මේ පොරත් ඉතිං - නිරුවත් වුයේ..

2015-09-28

ගුරුවරයා




හෙන්රි අයිය හට තිබුණා - නොසංසිඳෙන ආසාවක්
කවදාහරි ඉස්කෝලෙක - උගන්වන්නට...

ඒ ගුරු රැකියාව සොයා - ඔහු පාසැල් ගානෙ ගියා
තිබුණු එකම අවස්ථාව - බාලිකාවක...

2015-09-25

ජීවිතය - 03



පළමු දැක්ම
දෙවන දැක්ම

නිදිමත බිඳක් විතරක් ඇස්වල ඉතිරි කරගෙන මම ඇහැරෙනවා. ඇඳ දකුණුපැත්තෙ කනප්පුව උඩ තියෙන ෆෝන් එක ඇරං වෙලාව බලනවා. හතරයි! පහට එලාම් එක තිබ්බට මට ඊට කලින් ඇහැරෙනවා. බාත්රූම් එක කරා පිවිසීමට ඇති කෙටි එහෙත් අතුරු මාවතේ ඇදුනු මං යාන්තම් තෙත සෙරෙප්පු දෙකෙන් ඇස්දෙකේ නිදිමත පොඩ්ඩක් පිහදානවා. ඇස්දෙකේ ඉතිරිවෙලා තියෙන නිදිමත සින්ක් එකට වැටිලා අඟල් එකයි කාලේ බටයක් දිගේ තත්පරයට සෙන්ටිමීටර් තිහක වේගෙන් ගලාගෙන යනවා. නිදිමතෙන් මිදුනු මම අතුරු පාරෙන් මහ පාරට පිවිසෙන ලේන් එකේ වේගෙන් ඉදිරියට ඇදෙනවා. හැම උදේම පුරුදුවුණු ඇල්වතුර මිලි ලීටර් පන්සීය මගේ අන්නශ්‍රෝතය දිගේ නිදිමත ඇදුනු වේගෙන්ම ගලායනවා. බඩට වතුර වැටුනා වගේ සනීපයක්! සමන් දේවාලෙ පෙරහැර නිසා බාර් වහලා දවස් තුනක්. ඊයෙ මට අහන්න ලැබුණු ඒ සතුටුදායක පුවත සිහිවීමෙන් කුල්මත් වුණු හිතින් කුස්සියට යනවා.

2015-09-23

තුන්දාහ


වයසක මිනිසෙක් දවසක් - ගණිකා මඩමකට ගිහින්
එතන ඉන්න හොඳම කෙල්ල - ඕනැය කිව්වා

නතාලියා තමා අපේ - මඩමෙ ඉන්න හොඳම කෙල්ල
ඒ වුණාට ගාන සැරයි - මැඩම් පැවසුවා

2015-09-21

උපන් දිනය


මගේ උපන් දිනය යෙදුනු - ගියමාසේ පස්වෙනිදා
උදේ අවදිවූයේ මං - සිත් ප්‍රමෝදයෙන්

තිස් තුන් වසරක සේවය - නිම කරලා ඉසිඹු ලබා
අදරැතියන් හා එක්වෙමි - හෙට දිනේ පටන්