(http://urwhitecat.wordpress.com/2012/02/19/crying-baby) |
පෙනුනු ලා කොළපැහැය
හැරවීය හිස මගේ
...........අපේ අම්මා අැවිත්!
ලොසිංජර අහුරකුයි
ටීචගෙන් හොඳනමයි
පුංචි හිත පිරීලා
සිනා පණහක් මවලා
විනාඩියකින් දෙකෙන්
ඈ ගියා නික්මිලා
“මාධවිට ආසනං
අම්ම එක්කල යන්න“
කිරිල්ලට තටු ලැබිණ
අම්ම ඈතික් පෙනේ
කවදවත් නැති තරං
වේගයෙන් දිවගියෙමි
ඈත ලා කොළ පැහැය
බල බලා දිව යද්දි
පය ගලක පැටලිලා
අනේ....... මං වැටිලා
හිස හෙමින් ඔසවලා
බලද්දී කඳුලු අතරින්
රතුපාට බස් එකක
කොළ පැහැය සැඟවුණා
හඬ හඬා නැගී සිට
ගෑටුවෙමි පංතියට
“ඇයි පුතේ ගියෙ නැද්ද?“
................
“අම්ම ගියා..ඈ...ඈ...ඈ...“
ඒ අම්මා නෙමෙයිද??
ReplyDeleteඅම්මා තමා. මං යන්න කලිං ගියා. ඈ...ඈ...ඈ...
Deleteමට හිතුන කරන්නට
ReplyDeleteටීචර්ට පන්තියක්
විය යුත්ත වඩා හොඳ..
වෙලාවට තෝරන්න..
Decision Making..
වෙලාවට පොඩි එකී
පය පැටලිලා වැටුනේ
මං බයවෙලා උන්නෙ
දිව්වනම් හෙම පාරෙ
බස්සෙකේ පිටිපස්සෙ
අද මෙතන අපි හැමොම
ඉහි ඉහී... ඉහි ඉහී...
ඒක සැබැයි සැබැයි සැබැයි
Deleteනියමයි :)
ReplyDeleteස්තුතියි :-)
Deleteමධුමාධවී, කවි ගැන වැඩිය උනන්දුවක් නැති අයවත් ගෙන්නගන්න තරම් ඔබේ කවි ලිවීමේ හැකියාව ඉහළයි.
ReplyDelete//හඬ හඬා නැගී සිට
ගෑටුවෙමි පංතියට
“ඇයි පුතේ ගියෙ නැද්ද?“
................
“අම්ම ගියා..ඈ...ඈ...ඈ...//
හරිම ලස්සන නිර්මාණයක්..
ස්තුතියි අෂාන්. මහා පිපිරුම වුණා වගේ.
Deleteපුංචි කාලෙ වෙච්ච, හිතට දැනුනු බොහොම සංවේදී සිදුවීමක්. කහට පැල්ලමක් වගේ සුන්දරව හිතේ ඇඳිලා. මගේ අන්තිමට දාපු පෝස්ට් එක වගේ.
ReplyDeleteමනෝෂ්, ඒකත් මේකට මූලාශ්‍රවුණා කිව්වොත්? ඉතිං කොලර් එක උස්සන්න.
Deleteත්‍රීවීල් එකක් අරන් බස් එක පස්සේ පන්නන්නනේ තිබුනේ :D
ReplyDeleteඒ ඉතිං දැන් නේ...
Deleteහරිම සුන්දර මතකයක් කවියකට පද ගලපලා............... ලස්සනයි මාධවී..........
ReplyDeleteඒ කාලේ කිසිම බරක් නැහැ.. ජීවිතය සැහැල්ලුයි... සුන්දරයි... ඒත් අපිට ඒ කාලේ ඒක බරක්.. අපි පාසල ඇරෙනකල් බලාගෙන ඉන්නේ ගෙදර යන්න... ඒත් දැන් ඒ පාසලට යන්න ඇත්නම්......
හවස ගෙදර ගිහිං අම්මගෙ බෙල්ල මිරිකුවා :D
Deleteහොඳ අම්මල එහෙම තමයි...
ReplyDeleteජ ය වේ වා !!
දාලා යන එකද?
Delete