2015-05-21

පියෙක් සහ පුතෙක්


මහළු මිනිසා හදේ රිදුමෙන් සුසුම් අවසන් කරමිනේ
දෑස හරිනා වගක්වත් නැත මළකඳක් සේ සැතපුනේ
සවන් ගැටෙනා වදන් පමණින් දෑස් පිය නම් සෙලවුනේ
ආත්මය පණ අදී එකමෙක සුවැති වදනක් පතමිනේ

හෙදිය ඔහු වෙත පැමිණ ඔහුගේ අතින් අල්ලා ඔසවලා
තවත් සුරතක තබා පැවසී මෙන්න ඔබෙ පුතු ඇවිල්ලා
වෙවුලනා අත සෙමෙන් තද කර ඒ සුරත ගෙන අල්ලලා
මුවේ කොනකට සිනා නැංවී පළමු වර මේ මහල්ලා




තරුණයෙකි ඔහු නිළැ‘ඳුමෙන් සැදි නැවියෙකුගෙ හැඩ රුව පෙනේ
පහත් වී තම පියා වෙත යම් දෙයක් කොඳුරන‘යුරු පෙනේ
ඉතින් සැනසී ඔහුට මියයා හැකි බවක් හෙදියට දැනේ
ඔවුන් තනිකර දමා ඇය ගියෙ අන් ලෙඩුන් වෙත ඉතිකිනේ

මුලු රැයේ මේ පිය - පුතුන්ගේ සෙනෙහෙ නොඅඩුව පවතිමින්
දකින සැමගේ සිත් පැහැරගයි නෙතට කඳුලක් උණවමින්
පුටුවකට බරදී ළඟින් හිඳ දෑසනම් නොම පියවමින්
තරුණයා සැනසිලි වදන් දෙයි මහල්ලා වෙත කොඳුරමින්

ලෙඩුන් හා උන් බලන මිනිසුන් දහස් ගණනිනි ගැවසුනේ
කතා බහ ඒ සැමගෙ නොමැතිය මොවුන් හට බාධා වුනේ
පුතුගෙ සැනසුම් වදන් නොමැතිය කිසිදු විටකදි නැවතුනේ
මහල්ලා මුව රැඳි සිනා නැත කිසිදු විටකදි වියැකුනේ

අළුයමේ කණිසම වදිද්දී මහළු අත සීතල වුනේ
එයින් පසුවයි තරුණයාගෙන් ඒ සෙනෙහෙ අත ගිලිහුනේ
මුල්වරට ඔහු නැගී සිටලා යන්නෙ හෙදියව සොයමිනේ
මහල්ලා මියගිය පුවත සෝ බරිත දෑසින් කියමිනේ

ඇය පැමිණ සුදු රෙදිකඩින් ඒ සිනා රැඳි මුව වැසූයේ
ඉන්පසුව කාරුණික දෑසින් තරුණයා දෙස බැලූයේ
ඇවැසි මොහොතේමයි පියා වෙත ඔබ මෙසේ මේ පැමිණියේ
පුතුගෙ සෙනෙහස හොඳින් විඳිමින් සිටයි ඔහු ලොව හැරගියේ

එවිට ඇය නවතමින් ඔහු අරුම පැණයකි අසන්නේ
කවුද මේ මියගියේ කියලා ඉතිං දැන්වත් කියන්නේ
ඔහු නොවේදෝ ඔබෙ පියා යයි හෙදිය විමසා සිටින්නේ
නැත කිසිදු දින ඔහුව දැක නැත තරුණයා යලි කියන්නේ

ඔබම පැවසී ඔහුට ඔහුගේ පුතා පැමිණීලා කියා
ඒ මොහොතෙ මට දැනුනෙ එය මගෙ එවලෙ යුතුකම යැයි කියා
රැය පුරා ඔහු සනසමින් මා නිදි නොමැති දෑසම අයා
යුතුකමක් ඉටු කළා පමණකි ඔහු නොවේ මාගේ පියා

ඔහුට යන්තම් කතාකලහැකි විටදි ඇසුවේ පුතු ගැනයි
ඔබ කිසිත් නොකියාම ආයෙන් මා සිතුවෙ ඒ ඔබ තමයි
එසේ නම් ඔබ ආවෙ වෙන කෙනෙකුන් සොයාලා විය යුතුයි
එහෙත් ඇගයිය යුත්තෙ ඔබගේ කරුණාවෙ වටිනාකමයි

පැමිණියේ මා පෙර රැයේදී වෙනත් ලෙඩෙකුන් සොයමිනේ
ජෝන් පෝටර් නමැති ඔහු හට ශෝක පුවතක් ගෙනෙමිනේ
ඔහුගෙ පුතු යුද බිමේ පෙරදින වෙඩි වැදීලා මියැදුනේ
දැන් ඉතින් ඔහු සොයා මෙපුවත ඔහුගෙ සවනත තබන්නේ

එයින් පුදුමෙන් පුදුම වීලා සිටීයෙන් ඇය මුව අයා
ඉතින් දැන්වත් පවසන්න මට මොහුගෙ නම කිමදැයි කියා
ඇයගේ ඉරියව් තුලින් කැළඹී එසේ නැවියා ඇසු නියා
විසල් දෑසින් හෙදිය පැවසී ජෝන් පෝටර් යයි කියා



(පරිවර්තනයේදී මෙහි කියවෙන නම පෙළට පහසු පරිදි වෙනස්කර ඇත - මධුමාධවී)

71 comments:

  1. මම නිතරම ඔබේ රචනා කියවලා ලොකු විනෝදාත්මක සතුටක් ලබනවා , ඒ වගේම ඒවාට ප්‍රතිචාරයක් දක්වන්නේ කොහමද කියා කියා සිතමින් සිට , ප්‍රතිචාරයක් නොදක්වාම වෙනතකට යනවා , නමුත් අද උදේම කියවපු මෙම කවි රචනාවෙන් හරිම දුකක් දැනුනේ , පපුවේ ගලක් හිර උනා වගේ, මේ කොමෙන්ට් එක දමලා ලැප් එක ෂට්දවුන් කරනවා හිත හරි යන තුරු , ඉතාම විශිෂ්ට රචනයක්

    ReplyDelete
    Replies
    1. සුරේ, (ඔබ බ්ලොග් එකක් ලියන්නේ නෑ මං හිතන්නෙ)
      උදේ පාන්දර වැටුනු මේ කමෙන්ටුව අපිට රටක් වටිනවා. ඔබලා මේ විදිහට අපිව දිරිමත්කරන්න කෙටූ අකුරු තමා මේ බ්ලොග් එක සතු මිණිකැට. සිංහල බ්ලොග් ලෝකයේ යම් පිරිසික් අතර පවා නමක් හදාගන්න හැකිවුණේ ඒ ඔබලාගේ අනුග්‍රහය නිසා. ඔබ මෙතෙක් කමෙන්ට්ස් නොදැම්මත් හැමදාම කමෙන්ට්ස් කරන හිතුවතුන් කීප දෙනෙක් ඉන්නවා අපි ඉතා ආදරයෙන් මතක් කරන, මොකද ඔවුන් නොහිටින්න මේ බ්ලොග් එකත් අක්‍රිය වෙලා මෙලහට. එන්න. හැමදාම ඇවිත් අකුරක් හරි කොටලා යන්න. ඒවා තමා අනාගතයේ මීට වඩා උසස් නිර්මාණ බිහිවන තවාන්.

      Delete
  2. මේ කතාව දෙවැනි ලෝක යුද සමය පසුබිම් කරගත් සත්‍ය කතාවක් යනුවෙන් එක් මතයක් පවතින අතර එවැනි සිද්ධියක් ඇසුරින් කළ ප්‍රබන්ධයක් බවට මතයක්ද තිබෙනවා. කෙසේ වෙතත්, මෙහි තිබෙන්නේ, ජීවිතයක සදාචාරාත්මක වටිනාකම යනු කුමක්ද, මානව දයාව සහ පරිත්‍යාගය කොතරම් උතුම්ද යන්න පැහැදිළි කිරීමක්.

    මෙන්න මේකත් බලන්න

    ReplyDelete
    Replies
    1. හරියට හරි. විලියම් ග්‍රේ. මේක තමා කතාව. ප්‍රභවය විතරයි වෙනස්. ඇත්තටම මේක අහලා කියවලා තියෙන කතාවක් වුණත් කවියෙන් සිංහලට නගා ඇති තැනක් දුටුවේ නෑ. ඒ නිසා ලිව්වෙ.

      පැහැදිලිවම මනුෂ්‍යත්වය තුල අපට ඉටුකල හැකි යුතුකම් මෙතෙකැයි කියන්න බෑ. ඒ යුතුකම කරන්නේ කාටද, කවුරුන් ලෙසද යන්න නොවැදගත්.

      Delete
    2. හම්ම්...ඉස්සල්ලම මේ කතාව දැක්කේ ඒකාලේ සමුදුර පත්තරේ "ආධ්‍යාත්මික චිකන් සුප්" කියල ගිය ආර්ටිකල් එකක.ඒක ගොඩක් ප්‍රසිද්ද ඉන්ග්‍රීසි පොතක්.නමනම් මතක නෑ.දන්න විදිහට 2 ලෝක යුද්දකාලේ සිදුවුන සිදුවීමක්.එකම නමකින් යුත් සෙබළුන් දෙදෙනෙකුට යවපු පණිවිඩය මාරුවීමෙන් මේක වුනා කියලා තමයි කියලා තිබුනේ.
      අදනම් නම දකින කොටම දැනගත්තා හිනායන කතාවක් නෙමෙයි කියලා.මොකද උඹ හිනා යන කතා වලට මේ වගේ නම් නොදාන නිසා.ඒ උනාට උඹ වැඩිය සීරියස් වෙන්න එපා.අපිට පාලුයි.

      Delete
    3. කටුස්, මේක ලියවුණු ඔරිමජිනල් එක නොවුනත් මේක මම දැක්කෙ කෙටිම කෙටි කතාවක් විදිහටයි ජාලෙදි. ඒ සෙබලු දෙන්නගෙ කතාවත් මට අලුත්. මම හිතන්නෙ මේවා එකම සිද්ධිය වටා ගොඩනැගෙන නිර්මාණ.
      හැක් හැක්.... ජයසේකර අපොන්සුගෙ වේදිකා නාට්‍යවල වගේ තමා ඒ අනෙක් ජාතියේ ඒවාට නම් දාන්නෙ නේද?

      Delete
  3. උදේම හිනාවෙන්න කියල ආවත් සංවේදී කතාවක් කවියට නඟල තියෙන්නෙ. කතාවක් උනත්, පියා සහ පුතා මුනගැසෙන්න අැති කියලවත් හිතමු.

    ReplyDelete
    Replies
    1. පොඩි වෙනසකටත් එක්ක දැම්මෙ රාජ්. එතකොටත් ටිකක් දැනෙනවා නේද?

      Delete
  4. ඊයේ මම බැලුවා අර වියට්නාම් යුද්ධයේදි පිච්චිලා නිරුවතින් දුවගේන එන දැරියගේ ඡායාරූපය පිළිබඳ ඩොකියුමන්ට්‍රි එකක්. රිචඩ් නික්සන් යුද්ධය නවත්තන්නේ ඒ ඡායාරූපය නිසා. අද ඒ දැරිවිය ජීවත් වෙන්නේ කැනඩාවේ. ඇයගේ කතාවත් මේ විදියමයි. පුළුවන්නම් පොඩ්ඩක් සර්ච් එකක් දාලා බලහන්. මම ඔය වගේ ඒවා බලන්න කැමතිම නෑ. ඊට වඩා ආසයි කොස්තාපල් පුන්‍යසෝම වගේ එකක් බලන්න. මොකෝ කඳුළු කතා වලට මගේ එච්චර මනාපයක් නෑ.

    උඹේ කයි කතන්දරේ මල් මසුරන්.. ආයේ නෝ ටූ වර්ඩ්ස්..

    ReplyDelete
    Replies
    1. ඒ රූපය (Napalm Girl) දැකලා තිබුණත් ඒකෙන් ඒතරම් විප්ලවයක් වුණු බව දන්නේ අද. උඹ කීව නිසාම හොයා බැලුවා. මහා කාලකණ්ණි විනාශයක් තමා ඒක. මට මතක විදිහට ඇසෝල්ට් ප්ලැටූන් වගේ චිත්‍රපටයකත් ඔය විදිහට ගම්මාන වනසන සිද්ධි පෙන්නුවා.
      තෑන්ක්ස් මචෝ...

      Delete
    2. ඒ වෙලාවේ ප්‍රහාරක ජෙට් යානය පදවපු හමුදා නිලධාරියා තරමක් මෑතකදී ඇයගෙන් සමාව ඉල්ලුව මේ සිද්ධිය සම්බන්ධව...
      ඇයත් ඔහුට සමාව දුන්නා...

      Delete
    3. කාලය මැව් වෙනසක අරුමේ...

      Delete
  5. හුඟක් සංවේදීව දැනුනා..

    කවි පද වලට පෙරලාල තියෙන විදිහ හරිම විශිෂ්ටයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුෂානි.
      ඔයාලට ඉතිං මේක බලලා යමක් බය නැතිව කියන්න පුලුවං ඔහොම දාට තමා නේද?

      Delete
    2. හරියටම හරි .. හි...හි..

      Delete
    3. බස්සි, ඔමා, සුසී, නුඹ වැනි කෙල්ලන්ට මේ අවකාශයේ තියෙන ඉඩ මදි. අපි බලමු ඉස්සරහට.

      Delete
  6. හිතට හොදටම වැදුණ කවියක්....

    ReplyDelete
  7. මචං..දැනුනා..
    එල ද බ්‍රා
    (ඩ්‍රයිවරයා සිගරට් ගෙනෙල්ලා නෑ යකෝ දුමක් දාන්න)

    ReplyDelete
    Replies
    1. වෙනසක් දැනුනම සිරිතක් ලෙස දුං දානවද?

      Delete
    2. එක හිතකටවත් ඇමතුවානම් මෙය... ප්‍රීතී..ප්‍රීතී...

      Delete
  8. මචං මේක ඇත්තම කතාවක් නේද? මං හිතන්නේ පිලුමක් පවා තිබුනා.. ඇත්තටම උඹගේ ශෛලිය ඕන දේකට නවල කරල ගන්න පුලුවන් කියල හොදට දැක්කා.. ජය මදාවියන්ට

    ReplyDelete
    Replies
    1. උඹ කියපු නිසා ෆිල්ම් එකත් සර්ච් කලා හම්බුඋනේ නෑ. අනේ සුදෝ දාකො නම එහෙම. ජය!

      Delete
  9. මේක කතාවක් විදිහට කියවල තිබුන , මතක විදිහට මුතුහර සගරාවක.
    මට ගොඩක් ආදරේකරපු ආච්චි කෙනෙකුත් මෙලොව හැරගිය වෙලාවෙ ,මම කියල වෙන කෙනෙකුගෙ අත අල්ලගෙන හිටිය. ඒකත් බ්ලොග් එකක් ලියන්න පුළුවන් දිග කතාවක්.

    ReplyDelete
    Replies
    1. යකෝ කම්මලෝ. ආච්චිගේ සීන් එකට බ්ලොග් එකක් ලියනන් බෑ. ඕන නං පෝස්ට් එකක් ඇහැකි.. හැක්

      Delete
    2. කම්මලේ, ලියලා දාපං බං. සත්‍ය අත්දැකීමක් නිසා මීට වඩා සංවේදී වේවි.

      Delete
    3. දේශා, හලි හලි ඉතිං වචන වලදිනවා. ගලං ගල්ල එපා අලේ.

      Delete
    4. @ දේශා , ඒකත් ඇත්ත නෙහ්, හිටපන් ලියනව ආච්චිගෙ රෙද්ද කියල නම වෙනස් කරල.
      @ මදාවියො, ජාතීන් තුනක කතාවක් , හිටපන්කො මගෙ ෆ්‍රොෆයිල් එක විතරයි තියෙන්නෙ, කාට හරි කියල මේක පෝස්ට් එකක් දාන්න හදාගන්නකම්.

      Delete
    5. @ දේශා , ඒකත් ඇත්ත නෙහ්, හිටපන් ලියනව ආච්චිගෙ රෙද්ද කියල නම වෙනස් කරල.
      @ මදාවියො, ජාතීන් තුනක කතාවක් , හිටපන්කො මගෙ ෆ්‍රොෆයිල් එක විතරයි තියෙන්නෙ, කාට හරි කියල මේක පෝස්ට් එකක් දාන්න හදාගන්නකම්.

      Delete
    6. කම්මල,
      කාටවත් දෙන්න ඕනි නෑ...උඹම හදලා දාපංකො බොගක්. මටත් දැන් තමා ඒක මීටර් වුනේ. උඹේ බොගේ මොකුත් නෑනෙ. ලිය ලිය මොනාහරි.

      Delete
  10. මාධවී.. කතාව (විලියම් ග්‍රේ) ගැන කලින් අහල තිබුනට මේ හැටි බරට දැනිල තිබ්බේ නෑ.. යුද්දෙ ගැන රණවිරොවෝ ගැන පුක උඩ දාගෙන බයිල ගහන 'දෙශප්‍රේමී' පෝස්ට් අස්සේ මේ වගේ එකක් කියන්නේ ඇත්තටම 'හමුදා කාරයෙක්'ට මල් මිටක් වගේ. උඹට ස්තූතියි 'මාධවී'

    ReplyDelete
    Replies
    1. හැමෝම ඔය ගැන ලියන නිසා තමා කළණ මේක දාන්න හිතුනෙ. කලෝචිත මාතෘකා කොහොමත් උවමණාවෙන් කියවනවනෙ. අනික තමා අපගමණය.
      උඹටත් ස්තූතියි ඇගයීමට. උඹලාගෙ මෙහෙවර අපියි අගයන්න ඕනි මීට වඩා.

      Delete
  11. This is something I feel best to comomorate our brave srilankan solders and their humanity too..
    There are lots of our srilankan armed force personnal like this guy.
    Thanks madahvi... you too great and very fitting to the day .... 19th may

    ReplyDelete
    Replies
    1. Yeah, I though this is a timely requirement we must fulfill as the bloggers. Sure they are.
      You're welcome friend.

      Delete
  12. සංවේදී බවින් පිරිපුන්
    මෙවැනි දේ එක්කිරීමෙන් රසසරණියේ අගය තවත් වැඩි වෙනවා
    කතුවරුන්ට සුභපැතුම්
    ජය!

    ReplyDelete
    Replies
    1. වෙනස් දෙයක් ඉඳහිට කොහොමත් අපි දානවා. මේක කාලීනව දැම්මෙ.
      ස්තූතියි වර්ණ! ජය!

      Delete
  13. අපි පොඩි කාලේ "මුතුහර" කියල Reader`s Digest වගේ සිංහල සඟරාවක් තිබ්බා , එකේ මේ කතාව කියෙව්වා මතකයි.

    කතා කවි ඉස්ටයිල් එක සිරා හැබැයි , අලුත් වැඩක් පටන් ගත්තට උඹට මගේ ආචාරය !

    ReplyDelete
    Replies
    1. මෙහෙම නිර්මාණ කීපයක් දැම්මා කලින්. උඹට විවේක වෙලාවක කියවන්න ලින්ක් දෙකක් දාන්නම්.
      http://madhumadhavi135.blogspot.com/2015/01/blog-post_18.html
      http://madhumadhavi135.blogspot.com/2014/10/blog-post_31.html

      Delete
    2. උඹේ ඔක්කොම ටික වගේ කියෙව්වා මචෝ , maxxa !! :)

      Delete
    3. තෑන්ක්ස් මචං (ගබ, ගබා, ගැබ, ගැබා) නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න.

      Delete
  14. ඇස් තෙත් උනා මාධවී අනර්ඝයි.. පුදුම සංවේදියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිලිනි. ඔයාගෙ නිර්මාණයත් ඒ වගේමයි.

      Delete
  15. සංවේදී කතාවක්,අද අලුත් ඉස්ටයිල් එකකට.

    ReplyDelete
    Replies
    1. කොහෙද හැලප අයියෙ යන්නෙ හිටි ගමං?

      Delete
  16. සැබෑ වෙනසක් සමග ඇමිණූ මුතු පබළු වැනි කවි කතා
    ඉබේ තෙත්විය දෙනෙත් රතු වී රිදුම් දී හදවත ඉතා
    සැබෑ මිනිසෙක් නොවෙද මිතුරනි අන් පියෙකු ලඟ ඒ පුතා
    දොහොත් මුදුනත තබා වඳිනෙමි එවන් හොඳ දරුවන් පතා

    කියන්ට වදන් නැත. අතිවිශිෂ්ටයි මාධවී.
    පොඩි යෝජනාවක් කලාට කමක් නැද්ද? සිරාගෙ කාමරේ වගේ මාසෙකට පාරක් කවි කතාවක් ලියන්න අපටත් අවස්ථාවක් දෙන්නකෝ. රම්පෙට පොරි හැලෙන්න ලියලා එවන්නම්.

    ReplyDelete
    Replies
    1. මේ කවි නිර්මාණ දැක්කම ඒ යෝජනාව එක පාරම ක්‍රියාත්මක කරන්න හිතුනා.
      මම නොටිස් එකක් එල්ලන්නං. දැනට මේ මේලට එවන්ට. madhumadhavi135@gmail.com
      ඇත්තටම අනර්ඝ අදහසක්. ස්තුතියි!

      Delete
    2. මරු ඈ. ඕං එකක් එව්වා.

      Delete
    3. ඊ ළඟ බ්‍රහස්පතින්දා වගේ වෙනකොට පළමු අනුග්‍රාහක දැන්වීම උඹේ එක වෙයි.

      Delete
  17. මේ විදියෙ නිර්මාණයක් ඔබ මේ කළේ පළමු වතාවට වෙන්න ඇති. ඉතාම සංවේදී සිද්ධියක්.ශෝක පුවත නොදැනම ජෝන් පෝටර් මියයාම හොදයි.
    අර තරුණයා කර ඇත්තේ ඉතාම පැසසුම් කටයුතු ක්‍රියාවක්.

    ReplyDelete
    Replies
    1. නෑ සහෝ...මේ...
      http://madhumadhavi135.blogspot.com/2015/01/blog-post_18.html
      http://madhumadhavi135.blogspot.com/2014/10/blog-post_31.html

      තව පූරුවෙ රචිත ඒවා කීපයක් තියෙනවා පළ නොකර. අපේ අයියලා මල්ලිලා ඉල්ලන්නෙ ‘මේ...අරවා නැද්ද බං...‘කියලනෙ.

      Delete
  18. මාධවී සීරියස් වෙලා................ සංවේදී කවි පෙලක්.... සුන්දරයි මාධවියෝ

    ReplyDelete
    Replies
    1. ඉඳහිට අපිත් එහෙම වෙනවා තමා ඉතිං.
      ස්තූතියි කුරුටුස්!

      Delete
  19. මේ කතාව මමත් අහලා තියෙනවා.බොහෝම සංවේදී කතාවක්.
    තාත්තායි පුතායි එහෙදි හම්බ වුනත් තාත්තා පිළිගන්නේ නැති වේවි පුතාත් මෙහේ ඇවිත් කියලා.

    ReplyDelete
    Replies
    1. කතාව කවියට නැංවීම තමා මනෝ මෙතන අරමුණ.
      ඔබ කියන දේ පැහැදිලි නෑ, ඇයි නොපිළිගන්නේ?

      Delete
    2. ඇයි තාත්තා දන්නේ නැහැනේ තමන්ගේ පුතා මැරුණු විත්තියක්.තාත්තා දන්නේ තමන් මිය යනකොට පුතා තමන් ලග හිටියා කියලා විතරයිනේ.ඒ හිටියේ පුතා නෙමේ කියලා දන්නේ නැහැනේ.ඉතින් ඔහු පිළිගනිද තමන්ගේ පුතාත් මියගිය බවක්.

      Delete
    3. මටයි ටැපලුනේ එහෙයි මෙහෙයි.
      සමාවෙයං මචෝ...

      Delete
  20. හරිම සංවේදී මධු.. මමත් ඔය කතාව කියවල තිබ්බ. කතා වලයි කවි වලයි වෙනස මේකයි... කතා පිටු ගණන් ලියන දේ එක කවියකින් දැනෙන්න ලියන්න පුළුවන්. කමී කිව්වා වගේ සොල්දාදුවා ගැන දහසක් සැමරුම් කතා ටික උඹ එක කවි පන්තියකින් කියල. කෙටි කවි හාස්‍යට මුසු කරපු උඹේ හැකියාව ඊට වැඩ බොහොම වැඩි බව දැන් මට දැනෙනව... ජයවේවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සජ්ජා...කවියක අන්තිම පදේ තමා ඉස්සෙල්ලම ලියන්න ඕනී. චිත්‍රපටියක වගේ ඒක තමා ක්ලයිමැක්ස් එක. ඒ අනුව අනික් පද ගලපාගන්නවානම් කතාවකට වඩා දාස්ගුනයක දෙයක් කවියෙන් කලෑකි.

      ඔය මුරුංග අත්තෙ දෙන්නෙකුට ඉන්න පුලුවං. පොඩ්ඩක් පහල පැත්තෙන් එල්ලියං...මට නගින්න ඉඩ දීලා.

      Delete
  21. කවි ටිකෙන් මධුවා අපේ ඇස් වලින් කඳුළු එන්න වැඩේ දීලා. හරිම සංවේදීයි. ඉඳල හිටලා මෙහෙම කවි ලියන එකත් හොඳයි. හැමදාම හිනා වුනාම අඬන්නත් වෙනව කියන එක අමතක වෙන්න පුළුවන්නෙ.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනෙ මනා... දිගටම ආතල් දීලා හිත පොඩ්ඩක් කෙනිත්තුවාම මේ හැමෝම තමන්ගෙ ඇතුලෙ ඉන්න සංවේදී මනුශ්‍යයාව අවදිකරවාගෙන කතා කරනවා. ඒක කොච්චර වටින දෙයක්ද? ඒකෙන් කියන්නෙ මේ අවකාශයේ ඉන්න හැමෝම සංවේදී මනුශ්‍යෙයා්. බලාපං...එකෙක් වත් සංවේදී නොවී ගිහිං නෑ. මේක තමා මනා...ජීවිතය!

      Delete
  22. එනකොට ගොඩක් පරක්කුයි..

    නිර්මාණය හරි අගෙයි..
    හිතපතුලටම වැදුනා...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. අප්පට සිලි විදානෙ, ඔහොම අහක බලං යංට එපා අප්පා...
      ඔබ දැකීමත් එක ............... (සතුටක් ඈ...)
      ඇගයීමට ස්තූතියි!

      Delete
  23. වැදුනා වෙඩිල්ල පපුවටම

    ReplyDelete
  24. ඒ පියත් පුතත් ආයෙම එක් වෙන්න ඇති.. ඇත්තටම සංවේදි කවි ටිකක්..

    උඹේ මේ වෙනසට මම කැමතියි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වර්ණ! එහෙම පියවරු පුත්තු කොයිතරම් ඇතිද මේ ලෝකෙ.

      Delete
  25. මදාවියාගෙන් ඉතාම සංවේදී නිර්මාණයක්...
    මොන මගුලක්ද මන්ද බං මට මේ වගේ කෙනෙක්ගේ මිනිසත්බව දැනෙන දෙයක් කියවන්න බැහැ ඇස්දෙකට කඳුළු එනවා...
    කරුමෙට අපි බ්ලොග් බලන්නේ ඔෆිස් එකේ... (ඇයි බං ඉතින් උදේ 07:00 ඉඳල රෑ 07:00 වෙනකල් අපි ඉන්නේ ඔෆිස් එකේ නොවැ)
    ඉතින් හතර අතේ ඇඹරි ඇඹරි හොරාට කඳුළු පිහින්න වෙන එකයි ලොකුම අවුල...

    ReplyDelete
    Replies
    1. //මිනිසත්බව දැනෙන දෙයක් කියවන්න බැහැ ඇස්දෙකට කඳුළු එනවා...// ඒකම තමා බං මිනිසත්බව කියන්නෙ. සතුටුවෙයං. හැමෝටම ඕක නෑ,

      Delete
  26. This is something I feel best to commemorate our brave srilankan solders and their humanity too..
    There are lots of our srilankan armed force personnel like this guy.
    Thanks madahvi... you too great and very fitting to the day .... 19th may
    (its me who commented that day...but as anonymous because that computer does not have my account)

    ReplyDelete
    Replies
    1. Thanks again Dharam!
      If you have google+ account, it doesn't matter by which computer you log into Internet. You may simply log-in to your profile. And, try to follow Sinhala fonts through Google Translator or Sinhala IME Set up.

      Delete