පොලිස් කාන්තාවක් සහ - පිරිමි පොලිස් කාරයෙක්ය
දවසක් මුර සංචාරයෙ - ගමන් ඇරඹුවේ
ඔවුන් සමග සිටියා නොවැ - පොලිස් බල්ලෙකුත් සහයට
හොඳ ඉව ඇති ඉතා දක්ෂ - ෆිඩෝ නම ඇතී...
සෑහෙන දුරකට ආ විට - ඇයට යමක් සිහිවෙන්නේ
කණට කොඳුරලා ඔහුගේ - මෙහෙම කියන්නේ
හරි වැඩේනෙ කළබලේට - යටට ඇන්දෙ නෑ නොවැ මං
ආපහු ගොස් ඉක්මනින්ම - ඇඳගෙන එන්නම්
අයියෝ ඇයි නැවත යන්නෙ - මේ ඉන්නේ අපේ ෆිඩෝ
ඌට ඉවට දෙන්න ටිකක් - අඳිනා හරිය...
ඒ ඉව ඇති මේ ෆිඩෝට - දුවගෙන යයි බැරැක්කයට
ගෙන එයි ඔබෙ යට ඇඳුමක් - ඌ හොඳ කොල්ලා
ඇය තරමක් ලැජ්ජාවෙන් - ෆිඩෝට ඉව කරන්න දී
උගේ කරපටිය ගාවින් - දම්වැල ලිහුවා
ෆිඩෝ හොඳට ඉඹල බලා - උඩු හුළඟට ඉව අල්ලා
පොලීසියට යයි ආපසු - පිම්මේ දුවලා
විනාඩි පහකුත් ගෙවුනා - ෆිඩෝ එන වගක් නැතිවා
පැය කාලක් පමණ ගියා - වගකුත් නැතිවා
හිටි අඩියේ සයිරන් හඬ - මහ සද්දෙන් ඇහෙන්න විය
පොලිස් කාර් හතක් අටක් - පිම්මේ එනවා
ඒ හැමටම ඉදිරියෙන්ම - ෆිඩෝ එනව ඇරල තියල
අන්තිමේදි එක මුල්ලක - ඌව කොටුවුනා
උගේ කටේ කොනට වෙන්න - තිබුණානොවැ එල්ලීගෙන
ඩෙස්ක් සාජන් මහත්තයගෙ - ත්‍රී ලක්ෂණය...
ඔන්න එහෙනම් අපිත් හිට්ස් 25000 කඩඉම පහුකලාලු. මෙතෙක් අපි ලියපු හැම අටමගලෙම කියවපු, කියවලා මොනා හරි කියපු, තව තවත් ලියන්න දිරිමත් කරපු හැම දෙනාටම අනේක වාරයක් ස්තූතියි! ඉදිරියටත් ඔබගේ අදහස් බලාපොරොත්තු වන්නා සේම හැකි සෑමවිටම ඔබගේ අඩවි තුලටත් පැමිණ ඔබ හා රැඳී සිටින්නෙමු.
ඕකෙ තව වර්ෂන් එකක් තියෙනෙව බල්ල ඕඅයිසී ගෙ දිව ගලවන් ආව කියලත්
ReplyDeleteඑසේත් විය හැක. හැක හැක
Deleteත්‍රිලක්ෂණය........... හ්ම්...................ඒ කියන්න අනිත්‍ය, දුක්ඛ, අනාත්ම.
ReplyDeleteමේකා හොඳ බුද්ධාගම්කාර බල්ලෙක්.
තුන් සූත්‍රය කියලා දාන්නත් හදලා ඊට හොඳයි කියලා හිතුනා මේක.
Deleteමේක හොඳ බෞද්ධ මදාවියෙක්..!!
Deleteඈහ්.... බල්ලටද කිව්වෙ මටද?
DeleteFunny story....good....balu kathawak nisa wada hodai...
DeleteIt seems to be liked by you. Thanks Siri!
Deleteබඩත් කොර වෙලා යකෝ හිනාවෙලා..
ReplyDeleteඑල ද බ්‍රා
දැන් ඉතිං ඉස්ටාෆ් එකේ උන්ගෙත් කොර කරපං මචෝ.
Deleteකලින් එකේ විස් කොරලා ඇති උපන්දිනේට හොඳේ.
දැක්කා මචං ටැංකියු..
Deleteකොර වුන් කොර
චොර උන් හැමදා චොර!
Deleteඒල ද බ්‍රා
ReplyDeleteඇහ්... කුරුට්ට මෙන්ඩ වෙලා!
Deleteඅන්න වචනේ
Deleteඑල ද බ්‍රා
බ්‍රෑන්ඩ් එක ගල්
ඇයි, කෝ අර ‘ස්තූතියි‘ කෑල්ල?
Deleteමට මතක විදිහට මේක අපේ පත්තර මල්ලිගේ සහ සින්දු ඇනෝගේ නිර්මානයක්.
Deleteබ්‍රෑන්ඩ් එක ගල්
- ස්තුතියි -
පත්තරයට බැරිවුනානෙ තාම බොගක් දාන්ට. ගල් ගගහ ඉන්නවා මිස. අනිකා උඹ! අන්න වී ලිව්වා!
Deleteඅයියෝ අභාග්‍යක මහත!
ReplyDeleteවිසිපන්දාහට සුභපැතුම්!
පෙරදා භාග්‍යය, පසුදා අභාග්‍යයක්ම විය.
Deleteස්තුතියි රාජ්!
එච්චර හොද කෑල්ලක් නෙමේ වගේ, නැත්තම් ස්ථානාධි තුමාගෙ ගැජට්ටුව තමයි බල්ල ගේන්නෙ.
ReplyDeleteඒකත් හැබෑව!
Deleteහිට්ස් 25,000 ට සුභ පැතුම් ...!
ReplyDelete" ආ මඟ කෙටියි - යා යුතු මඟ දුරයි "
තව තවත් රස මවමින් තව ඉදිරියටම යමු ..!
ස්තූතියි සඳරු. මුල ඉඳලම ඔබත් අපි එක්ක හිටියා.
Deleteමම හිතුවේ ෆිඩෝ එතනම පෙලරගෙන මක්කා හරි කොරයි කියාලා..
ReplyDelete25000 ට සුපැතුම්...!!!
බල්ලොත් ඒවට කියාපු බඩු.
Deleteබොහොම ස්තූතියි සහෝ!
සුපිරි 25000 ට සුබ පැතුම්
ReplyDeleteස්තූතියි ඩොක්ටර් වීරකෝන්!
Deleteඩෙස්ක් සාජන් දුවන් ඇවිත්~ ඇදලා ඒක උගේ කටින්
ReplyDelete"යන්තං ඇති අද හවසට ~ගෙදර යන්න පුළුවං මට"
"මෙහෙම මාරුවක් කවදත්~උනේම නැහැ නෙව බං මට"
යන්නට හැදුවේ ඔහු අනෙ ~ ඇසක් ඉඟි මරා
ඔබතුමී ටියුබ්ලයිට් වගේ...
Deletemanda :D blog wala publish karan hungak ewwa thaama tube light wage thama hmmm
Deleteමාලි,
Deleteමෙතන ඇඳුමක් ගැන නෙමෙයි දරුවො කියන්නෙ.
(ඔය බුකියෙ වගේ කෙලින්ම අමුවෙන්ම දෙන්නෙ නෑනෙ බ්ලොග්වල)
ඩිල්, එතුමිය බුකියෙන් ආපු ගමන් නිසානෙ ඔය.
Deleteඊයෙ වෙච්චි දේක සුවඳ - තාම තියෙනවා කියන්නෙ
ReplyDeleteඊයා විච්චි හෝදල වත් - නැහැ නොවැ ඒකී...
ඒකිත් හෝදලා නොමැත - සාජන් කාරයත් එසෙයි
Deleteඒක නිසානේ ඉව දෙක - එකට මැච් වුනේ
මොන ඊයෙද උදේ රැයින්- අත්සන ගහලා එනකොට
Deleteදොර වහගෙන සාජන් තැන- යටිකය ගත්තේ
උදේ රැයින් ඔය දේවල් - කරගන්තා වගේ නොවෙයි
Deleteදවල් දවස නිදි මතේට - කිරා වැටෙන්නේ
බල්ලා නිසා වෙච්චි දෙයක්
ReplyDeleteනෝනට නම් හරිම දුකක්
සාජන් ගේ නැතුව තුනක්
ඉඳලා මොකට තවත් කලක්
නෝනට විතරක්යැ, ඇයි අර පොලිස් කාන්තාවට?
Deleteත්‍රී ලක්ෂණය අනිත්‍ය දුක්ඛ අනාත්ම.විසිපන්දාහට සුබ පැතුම්.
ReplyDeleteදාන්න වචනයක් තිබුන්නෑ හැලපයියෙ.
Deleteඉස්තූති වේවා!
ෆිඩෝ පට්ට බල්ලෙක්. අවස්ථා දෙකේදිම සිහි මුර්ජා නොවී ඉන්න තරම් හයියක් ඌට තිබිල...
ReplyDeleteබල්ලොනෙ මචං. උන්ට ඕවා ගානක් නෑ.
Delete25000 ට සුභපැතුම් මචෝ...
Deleteස්තූතියි සජ්ජා... උඹලා හදවතින්ම අපි සමගයි කියලා අපි දන්නවා.
Deleteෆිඩෝ????.....ග්‍රේරෝ නෙවෙයිද? මේ දවස්වල හෙණ වැඩ පෙන්නන්නෙ ග්‍රේරෝ නෙව...
ReplyDeleteකවුද දන්නෙ රවී අයියා. ග්‍රේරෝත් ඔය වගේ අත්දැකීම් ලබලා ඇති අනන්ත.
Deleteසුවඳ මැකෙනවට අකමැති ඩබ්ලිව් පීසී
ReplyDeleteගෑවෙ නැතුව සබන් කැටේ කරලා වීසී
සාජන් කුට්ටම ඇනුවේ වෙන්න කපෝතී
හොරා පොලිස් සෙල්ලම ලෙල්ලමක නැවතුනී
ඔය තියෙන්නෙ කවි. හැක් හැක්
Deleteසාදරයෙන් පිළිගන්නවා කිචියා (හුටා කිචී කියන්නෙ හොඳම බාගෙටයි කිව්වා නේද?)
අයියෝ බං මම හිතුවේ එස්එස්පී ගේ ගෙදරට දුවාවි කියලයි.. හැක්..
ReplyDeleteජය වේවා.. විසිපන්දාහට වඩා මං හිනා වෙලා ඇති බොලා ලියපුවා කියවල...
මේක නිකං සිම්පල් පොලිස් කෑල්ලක් වෙන්න ඇති නේද සාජන්ලත් භාවිතාකරන.
Deleteස්තූතියි දේශා, ඒ වචන ටික විසිපන්දාහකට වඩා වටිනවා.
25000 ට හදපිරි සුභපැතුම්
ReplyDeleteරසරසණියට සැමදා ජයෙන් ජය
පෞද්ගලික දේවල් බල්ලන්ට ඉව කරන්න දෙන්න හොඳ නෑ
පේනවනෙ වෙන දේ
ස්තූතියි වර්ණ, ඔබත් ඉතාම ක්‍රියාකාරීව ඉන්න නිසා ඉක්මනින් කඩඉම් පසුකරාවි.
Deleteපෞද්ගලික කිසිම දෙයක් දෙන්න හොඳ නෑ...බල්ලන්ට.
උඹලගේ බ්ලොග් පුලු පුලුවන් වෙලාවල කියවනවා, කමෙන්ට් කරන්න වෙලාව මදි. උඹ කප් එකක් ගහල නිසා මෙකට කමෙන්ට් නොකරම බෑ. විසිපන්දාහට හදවතින්ම සුබපතනවා මචෝ.. ජයෙන් ජයම වේවා. මේ ගානෙ අගට තව බිංදුවක් ඉක්මනටම වැටේවා.
ReplyDeleteමගෙත් පනහ පැනල තියෙනවා දැක්කා. ඒත් සැලිබරේට් කරන්න වෙලාවක් නෑ...
උඹ නිතර ලියන්නැති අඩුව හොඳට දැනෙනවා. බොහෝම ස්තූතියි.
Deleteහෑ...පණහ පැනලා නේන්නම්. උඹටත් ඉක්මනින් අගට බින්දුවක් වැටේවා! කොහොම හරි වෙලාව ඉතිරි කරගෙන තව ලියන්න හැකියාව ලැබේව්!
අද පරක්කු උනා නොවැ....ඔක්කොටම වඩා 25000 ට මගෙන් උණුසුම් සුභ පැතුම්.උම්ම්ම්ම්ම්ම්ම්ම්මා.......
ReplyDeleteවල් මදාවියා චිරාත් කාලයක් වැජඹේවා.
මොකදෑ යකෝ මේ වල් වල් කිය කියා උම්මා දෙන්නේ? ඔය, මිනිස්සුත් බලා ඉන්නවා.
Deleteතෑන්ක්ස් මචෝ!
අපොයි ගෑනු දෙන්නෙක් අනාතයි :D.
ReplyDelete25000 ට මදාවිට මගෙනුත් හදපිරි සුභ පැතුම් :D
ජය වේවා!!!
ඒක හරි! දෙන්නයි. අන්න මනාට තේරුණි.
Deleteස්තූතියි මනා මචෝ...!
ජය වේවා 25000 න් 5000 ක් වත් මගෙන් ඈ :D
ReplyDeleteඒ පන්දාහට උත්තර බඳින්න ඇවිත් තව පන්දාහක් මගෙන් ඈ :D
Deleteස්තූතියි ඔමා!
විසිපන්දාහ ට ලක්ස විසිපහක් ආයුබෝ වේවා..!
ReplyDeleteජය වේවා...!!!
එසේම වේවා! (අහ් වැරදුනා)
Deleteතෑන්ක්ස් මලයා!
25,000ක් දෙනා හිනැස්සුවට, උදේට උදේට මාව අපහසුතාවයන්ට පත්කලාට....සුභ පැතුම්....
ReplyDeleteස්තූතියි ෂෙෆාකි!
Deleteඋදේට උදේට අපහසු වැඩ කරගත්තට මේ අහිංසක අපි පලි නෑ ඕං...
25000 ට හදවතින්ම සුභපතනවා ඕන්...
ReplyDeleteජය වේවා!!
ගෑනු දෙන්නෙක්ගෙ ලයිෆ් එක ඉවරයිනෙ මේ මෝඩ බල්ලා නිසා...
ස්තූතියි මස්සිනා!
Delete(අනේ මහේෂයට තියෙන හිතේ අමාරුව).
ත්‍රී ලක්ෂණය// - මරු නම අප්පා ඒකට කියන්න...
ReplyDeleteමදාවියට සුභ වේවා!!! හැම එකෙග්ගෙම්ම වගේ මං ඉල්ලන්නෙ, ලියන එක නවත්තන්න එපා.
තුන් සූත්තරේ කියලා දාන්නත් හදලා ආයි නිකං හිටියා ක.මෙ.සූ., ම.සූ. සහ ර.සූ. එක්ක පටලෝගනී කියලා. දැන් කියනවා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලු.
Deleteබලකො ඩ්‍රැකියා... මුන්ට මොනවා කලත් කේස්.
සුභ පැතුමට ස්තූතියි!
මේ ලඟදි පුට්ලොකර් එකේ ඩ්‍රැකියුලා (1979) බැලුවා. උඹව මතක් වුණා. හැබැයි ක්‍රිස්ටෝපර් ලී ඒකෙ හිටියෙ නෑ.
බල්ලට හොදට ඉව කරන්ට පුලුවං
ReplyDeleteඔව් මං ඒ ගැන ගැරන්ට් කරනව
හිහි
25000 සුභම සුභ පැතුම් ඕක අගට බිංදු දෙකක් ඇඩ් වේවා
අඩේ...මහේෂයා...!
Deleteඋඹ අපේ මහගෙවල් පැත්තෙත් ඇවිත් තිබ්බා නේද?
ඉස්තූතියි බාං...
උඹටත් ලියන්ට හයි හත්තිය ලැබේවා!
අනේ පවු අසරණ සාජන් මහත්තයා..
ReplyDelete25000ට සුබ පැතුම් මචෝ..
වපුරාපුවා බල්ලා නෙලාගෙන!
Deleteස්තූතියි දිනේෂ්!
අඩෝ විසි ෆයි තව්සන්ඩ් වලට සුබ පැතුම් ... පොඩ්ඩක් හිටින් ගේමට එන්ටර් වෙනකං
ReplyDeleteතැන්කිවුඩෝ!
Deleteඅනේ ඉතිං උඹ කියනවා විතරයිනෙ. කෝ....?
ඉවානයා උඔගේ උනන්දුව හොදටම මදි.
Deleteමෙන්ඩා උඹත් හරියට කුමාර ධර්මසේන වගේ.
Delete//හිටි අඩියේ සයිරන් හඬ - මහ සද්දෙන් ඇහෙන්න විය
ReplyDeleteපොලිස් කාර් හතක් අටක් - පිම්මේ එනවා//
GTA මතක් වෙනව මේක කියෙව්වම .....35000 ත් අරන් "අන්ත්‍රාවයි ,මදාවි අඩවියකට ඔබ පිවිසී ඇත " කියලා ගහගන්න හැහැ...
ජීටීඒ පට්ට ගේමක්නෙ.
Deleteපොඩි පොපප් එකක් දැම්නං හරි 21 ට වැඩිනම් එන්ට කරන්ට කියලා.
සෙන්චරිම දෙසීය පනහක්.. සෙල්ලං නෑ උඹත් තෙඩුල්කාර් වගේ.. විසි පන්දාහට නෙවෙයි මං ඉන්නේ හෙට අනිද්දා උඹට සික්ස් ෆිගර් වලටම එකපාර සුභ පතන්න..
ReplyDeleteකතාව භාගෙට කියවගෙන යද්දී මං බල්ල උනානම් කියල හිතුනා.. කතාව කියවල ඉවර වෙද්දී අම්මෝ.. සෙට් එක කූල් වෙලා ගියා.. හැක්
සික්ස් ෆිගර් වෙනකොටනං තව අවුරුද්දක්වත් යයි මස්සිනා. මම දන්නැතුවයැ ඉතිං උඹේ ෆිට් එක.
Deleteසමහර ගෙවල්වල ඉන්න බල්ලන්ට ලැබෙන සැප දැක්කම බල්ලෙක්මයි බං වෙන්න හිතෙන්නෙ.
මේක නම් පට්ට !
ReplyDeleteස්තූතියි ගබා.
DeleteHello, Click here to Watch Your Favorite Movies Online
ReplyDeletehttp://moviestv.me/movie/6016-Dracula-3D-2013-online-putlocker