ලක්දිව ඔබ සසුන සුරැකෙයි දිවැසෙ පෙනී
පන්සහසක් වසක් පවතී දෙසු හෙයිනී
හිමියනි මතු වෙසක් පෝ දින සෘද්ධියෙනී
එහි වැඩියෙමිය සිඟනෙකුසේ වෙස් ගමිනී
මුගලන් ඔබේ ඔය හිතුවක් කාර කම
නිමවී නැති බවයි කිව හැක්කේ තවම
විශ්වයෙ කොනටගොස් හිරවුණු විටදි මම
බේරාගෙන මසක් වත් නෑ නොවැ තවම
සමාවුව මැනවි හිමියනි වරද මගේ
කුතුහලයෙනි ගියේ එදිනත් නුහුරු මගේ
එනමුත් මෙදා දුටු දේ නම් සිතට මගේ
පිළිතුරු නොමැති මහ වියවුල් රැසක් වගේ
ඉබාගාතෙ විශ්වයෙ කොන වෙත යාම
වගේ නොවෙයි ලක්දිව වෙත ගොඩ බැසුම
එය වෙන්නත් තිබුණි නිවනට පිවිසීම
කම් නැත පවසනුව ඔබ දුටු සැම දේම
බුදුරැස් වණින් හතරැස් වූ හැඩය ගෙන
තීරු තීරු එක පෙළටම තැන නොතැන
පන්සල් බෝ රුක්ද මහ මග සෑම තැන
ලනුවල තිබුණේය බුදුරැස් එල්ලෙමින
එම්බා එයම සතුටකි මොග්ගල්ලාන
බුදුරැස් ලක් දිවේ දිස්වෙද සෑමතැන
එනමුත් මෙමට ඇත්තේ පැනයකි මෙතැන
විහිදෙනු මිසක බුදුරැස් කිම එල්ලෙමින
බුදුරැස් රැගත් කෙවිටකි රථ නවතන්නේ
භෝජන ගිලන්පස ගෙන පිළිගන්වන්නේ
නොපිළිගත්තොතින් අරුමෙකි සිදුවන්නේ
අසා නොමැති ගාථාමයි කියවෙන්නේ
මුගලන එයද සතුටක්මයි දනවන්නේ
අනේපිඬුට අනේ කියා කියවෙන්නේ
එහෙමයි ලක්දිවේ මිනිසුන් දන් දෙන්නේ
එනමුත් ඇයිද අර ගාථා කියවන්නේ
සිඟා පිඬු සුඟක් මා දන්සැල් වෙතට
ගියමුත් ළඟාවිය නොහැකිය ද්වාරයට
කෙවිටේ රැස් නොමැති කෙළවර ගෙන පෙරට
දන්දෙන්නෝ බැට දෙන්නට එයි පෙරට
සිඟනුන් හට දන් දෙනු වෙනුවට කෙරෙන
පුලනුන් හට දීම වැඩියෙන් පින් ලැබෙන
මා නොදෙසූ මුත් මේවා කිසිම දින
අනුගාමිකයො පිළිපදිනා බව පෙනින
හිමියනි බොජුන් වළඳන සැම සියලු දෙනා
අඩක් වළඳමින් ඉතිරිය ඉවත ලනා
එහැම ගොසින් කසල බඳුන් වෙත වැටෙනා
එතැනින් ගොසින් නැවතත් වලකට වැටෙනා
මුගලන ඔබ නොදුටු තව දෑ ඇතැයි පෙනේ
සවසට එ‘වල වසනා වන බව නොම පෙනුනේ
කෝටි ප්‍රකෝටිද ගණනින් පස යටිනේ
ප්‍රාණින් වෙසේ උන්ටයි ඒ දන් දෙන්නේ
දන් සැල් කරා එන පුලනුන් රැස බොහෙමයි
ඇතැම් තැනක පෙළ දිග ඇදහිය නොහැකියි
බොජුන් හිඟය මෙතරම්නම් විය නොහැකියි
හිමියනි එයට හේතුව නොදනිමි පුදුමයි
තම නිවහනේ හැම දිනකම බතද පිසෙයි
එනමුත් දිනපතා ඒ බත කනු නොහැකියි
ඉඳහිට දිනෙක පිටතින් කෑමද යෙහෙකියි
මුගලන එහි වරද කිම එය මට නෙපෙනෙයි
ඇතැම් තැනක මහ දන්සැල යන නමින
පුවරුත් ගසා ඇත මහ පළලින් දිගින
කිසිවක් බෙදෙන බවකුත් නම් නොම පෙනින
කොලුවන් සිටී මැහි පිට හිඳ කතාවෙන
මහ දන්සැල ලෙසින් පුවරුව යොදාගෙන
ඇරඹූ මුත් පැයකින් සැම ඉවරවෙන
දන්සැල් ඔය කලට නොහැකිය මෙකල මෙන
දෙකෝටියකි එහි වළඳන්නම සිටින
මෙනුවර සැම දිනේ දන්සැල් සිඟනුන්ට
මතුකල එම පුරේ එක දිනයකි එයට
එදිනත් සිඟන විලසින් එහි ගිය මෙමට
එන්නට වීය කිසිවක් නොමැතිව කුසට
දන්දෙන්නාට දිනයක් වෙන්කර තැබුම
එයිනුත් ලැබිය යුත්තන් වෙන්කර තැබුම
එයිනුත් ශ්‍රද්ධාව නොමැතිව දන්දීම
රැකෙනා දෙසෙහි හැටි මෙහෙමද බුදු දහම
෴ මධුමාධවී ෴
(සිතුවම මදාවියාගෙනි) |
එසේම වේවා කියා පතමි.!!!
ReplyDelete------------
බුදුන්ට ආපහු නිවන් දකින්න හිතෙන්න ඇති නේද මෙහෙ සිද්ධ වෙන ධාර්මික අටමගුල් දැකලා ...?
බුදුන්ටත් දැන්... දෙවියන්ගේ පිහිටයි!
Deleteමුගලන් හාමුදුරුවො විශ්වෙ කෙලවර හොයාගෙන වැඩියට, අනාගතේට නොවැඩියේ වෙලාවට ..නැත්තන් බුදු දහම පිහිටන රටේ හැටි 5000 න් බාගෙකදිම බලාගන්න තිබුනා...අනේ ඇත්තට බුදු හාමුදුරුවො කාලෙ හරහා යන එක ගැන් මොකුත්ම සදහනක් කරලා නැති හැටි...මෙලෝම දෙයක් නෑනෙ..සුද්ද කියපු ඒව තමයි දැන් ඇත්ත..
ReplyDeleteවිශ්වයේ කෙළවර සොයා යාම කියන්නෙත් එක්තරා ආකාරයකට කාලය හරහා යාමම තමයි නේද?
Deleteඑතකොටත් කාලෙ හරහා යනව තමයි දැනුත් යනව...පැයට විනාඩි 60ක වේගෙන් අනාගතේට..ඒත් කලේ හරහා යන්න හිතනවා කියන්නේ එයිට වඩා වෙනස් වේගෙකින් යනවා කියන එකනේ..කලු කුහරෙකට වගේ අහුවුනොත් යන්න පුලුවන්(worm whole time travelling as it says!!)
Deleteඇත්ත කතාවක් මධු
ReplyDeleteඇති යාන්තම් නේද?
Deleteලියාපිය ඕවට සල්ලි එකතු කරන්න එන එවුන් ගැනත්, එකම දන්සලට හත් අට සැරේ සල්ලි එකතුකරන , එකතුවෙන ගානෙන් දහයෙන් එකකින් දන්සල දීලා ඉතුරු ටිකෙන් රෑට බොන ශ්‍රද්ධාව
ReplyDeleteදහයෙන් එකකින් රෑට බිව්වනම් තව ඉවසන්න තිබ්බා...නැද්ද මං අහන්නෙ?
Deleteතොරණ් ගහපිය කූඩූ බැඳපිය මූණූ දාගෙන මෙහෙ වරෙල්ලා
ReplyDeleteබලුබ් දමපිය දනට දීපිය කොඩිත් ඇද පීකර් දමල්ලා
ඩෙනිම් ගහපිය කැප් දමාපිය ස්කිනී ගහගෙන මොඩ් වෙයල්ලා
පාරේ නටපිය දෙකක් දාගෙන ප්‍රීතී වෙසඟක් ඇත ඇවිල්ලා
දෙරණ පාළන මැති දනන්ගේ අන්ධ වූ නෙත් විවර වේවා
බයිල ගසනා පඬිවරුන්ගේ මොට්ට මොලයට නුවණ ඒවා
මෝහයෙන් දන මුළා කරණා හොර සඟුන් දෙවියෝ රකීවා
දන්න අයටත් නොදත් අයටත් ප්‍රීතී වෙසඟේ සෙත්ම වේවා
++++
Deleteදෙරණ පාලන මැති දනන් නැත් දනන්ගේ නෙත් විවර වී නම්
Deleteබයිල ගසනා පඬිවරුන් නැත දනන් නුවණැස අවදි වේ නම්
හොර සඟුන් මේ ලොවෙත් නැත ගිහි පින්වතුන් යහ කල් ගෙවයි නම්
සැම දෙනාටම සෑම දිනයම වෙසක් දින ලෙස හැඟී යා නම්
ලංකාවෙ භික්ෂූන් දේශපාලනය කරකර රොටී කරකරගෙන ඉන්න හැටි දැක්කනම් බුදුහාමුදුරුවො පාරිලෙයිය වනයෙම ඉන්නවා.1956 ඉදන්ම සෝමාරාමල බුද්ධරක්ඛිතල ගෙ පරම්පරාවෙ ගනරාලල කරන මගෝඩි වැඩ සිහිවෙලාද දන්නෙ නෑ බුදුවූ විගසම ධර්මය දේශනා නොකරන්න හිතුවෙ.
ReplyDeleteනෑ ස්වාමිනි ධර්මය තේරුම් ගත හැකි අයත් ඉන්නව කියල ආරාධනා කළාට බ්‍රහ්මයත් උඩුකුරුඤ්ඤං ගහනව ලංකාවෙ ගනගෙඩියන්ගෙ වැඩ දැක්කනම්
මේ ඊයෙ පෙරෙද පොලීසීයෙන් කදුලු ගෑස් පාර කාපු අන්තරේ ගනගෙඩි දැකල එතන හිටපු අය ( සේරම බෞද්ධයො බව පුද්ගලිකවම දන්නව ) කිව්වෙ මුන්ගෙ සිවුර විතරයි වෙන මහන කමක් නෑ . මුන්ට දානෙ දෙන එවුන්ටත් හෙන ගහනව කියල.
කෑල්ලක් මිස් වෙලානෙ . එතන හිටපු අය කිව්වෙ ඔය සිද්ධිය බස් ටෑන්ඩ් එකේ හයිකරල තියන ටී වී එකේ පෙන්නද්දි එතන හිටපු අය.
Deleteමහණකම තුල දැන් ඇත්තේ රොටී කරකරගැනීමම පමණක් බවනම් සත්‍යයක්. තරුණ මහණුන් ඉගෙනගෙන සිවුරු හැරීමත් වැඩිහිටි මහණුන් දේපල රැස්කිරීමත් පමණක් සිදුවේ.
Deleteවඩාත් සුදුසු දේ වන්නේ මේ විප්‍රකාර බුදු දහම ලෙස වරදවා වටහා නොගැනීම සහ තමන්ගේ බුද්ධිමත් ප්‍රතිපත්ති රකිමින් මෙවැනි දේට දායක නොවී සිටීමයි.
ReplyDeleteආමිස පූජාවලටනොවැ ගිහි පැවිදි සැම ප්‍රිය...
Deleteදේශපාලන කටයුතුවල නියැලෙන බැරියර පෙරලන පෙළහර පාන ආන්ඩු පෙරලන රොටී කර කරගන්නා අය භික්ෂුන් ,ස්වාමීන් වහන්සේලා , හාමුදුරුවරු ලෙස හැදින්වීමෙන් සැරියුත් මුගලන් මහතෙරවරු පෙරටුකොටගත් ආර්ය මහා සංඝරත්නයට අපහාස වන නිසා දේශපාලනය කරන කහ සිවුරුධාරීන්ට අප්පුහාමිලා කියා කියමුද
ReplyDeleteමෙය රැවුලත් කැදත් දෙකම බේරීමකි.
අප්පුලා මෙන් නොව අප්පුහාමිලා යම් ගරු කටයුතු පිරිසක් නොවැ.
Deleteනියමයි.. වෙසක් දැන් ආගමික උත්සවයකට වැඩිය ආදායම් උපයගන්න අවස්ථාවක් වෙලා ඉවරයි..
ReplyDeleteසියල්ල වාණිජකරනය වීමේ ප්‍රතිඵල.
Delete2500 පහු උනා.දැන් ඉතින් රුවිතෙටම තමයි.මේ වෙනදේවල් දිහා බලන්න ඕනෙ ඔය කියන 'මහා කරුණාවෙන්' සහ උපේක්ෂාවෙන් මිසක් නැත්තන් නම් අපටත් සොරි වෙනවා.මධුමාධවී ඇස් පාදන වැඩක් ලස්සනට කරලා..
ReplyDeleteජයවේවා..!!
පැහැදිලිවම මේ පිරිහීමේ අවධිය.
Deleteගස්ලබ්බ මේ පැත්තට වැටුනමයි නේද? සාදරයෙන් පිළිගන්නවා!
මෙන්න අපේ මදාවියා සිල් අරගෙනෝ....
ReplyDeleteබුදු හාමුදුරුවො අදකාලෙ බැරිවෙලාවත් මේ රටට වැඩියොත් දෙකක් නෑ සිවුරෙන් බෝ අත්‍තක බෙල්ලෙ වැල දාගන්නවා.
මෙහේ දාගන්නෑ. එහෙම වුනොත් ඒකත් මාකට් කරනවා. ඒ නිසා පාරිලෙයිය වනයටම යයි.
Deleteමේ ඉතින් අබුද්දස්ස කාලේ නේ??
ReplyDeleteලබු පමණක් නොව සියල්ල තිත්තය.
Delete//එයිනුත් ශ්‍රද්ධාව නොමැතිව දන්දීම
ReplyDeleteරැකෙනා දෙසෙහි හැටි මෙහෙමද බුදු දහම//
++++++++++++++
රැකෙනා දෙසෙහි මෙසේනම් අනෙක් දෙස් හි කවර කතාද?
Deleteදන්සල් කාරයෝ ටික උඔට අල්ලගෙ ගහයි...
ReplyDeleteමෙන්ඩා දන්සැලක් දෙනවද?
Deleteදැන් තියෙන්නේ මොඩ් වෙසක්නේ.නියම කවි ටික මධුවෝ.
ReplyDeleteමොඩිෆයිඩි වෙසක්!
Deleteආයුබෝවන්! සාදරයෙන් පිළිගන්නවා මධුමාධවියට!
සම්පුර්ණ ඇත්ත. කවි ටිකනම් සුපිරි.
ReplyDeleteඔබගෙත් සිත් පහන් වේවා!!!
සැම සිත් පහන් වේවා!
Deleteස්තූතියි මනා!
වෙසක් උත්සවය කියන එකෙන්ම පැහැදිලි වෙනවනෙ දැන් තියෙන්න සාමාන්‍ය විදිහට සමරන උත්සවයක් කියලා...
ReplyDeleteසාමාන්‍ය විදිහට සමරනවානම් කමක් නෑ. එදාට විතරක් මිනිස්සු අමුතු වෙන එකයි ප්‍රශ්නෙ.
Deleteබුදු හිමියන්ටත් කළියුගයේ
ReplyDeleteදෙවියන්ගේ පිහිටයි...
බුදුන්ටත් දෙවියන්ගේ පිහිටයි...
පරවුණු මල් දැක නිවුනු පහන් මැද
බුදු හිමි තනිවිය බුදුකුටියේ...
මල්දම් පළතුරු අඟිල් කපුරු මැද
දෙව් රජු වැජඹේ දෙව් මැදුරේ...
යදියන් පුදදෙන රුපියල් සත ගෙන
රුපුන් නසාදී රැකවරණේ...
දෙවියන් උපයන මුදලින් සුරැකෙයි
බුදුන් දහම් සඟ තුන් සරණේ...
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - නන්දා මාලනී
විභීෂණට මාත් මුලදිම කිව්වෙ ඒකනෙ සින්දුවා.
Deleteඒක නෙමේ මේ පැති වල කරක්ගහන්නැත්තෙ ඇයි දැන්?
රැකෙනා දෙසෙහි හැටි මෙහෙමද බුදු දහම......
ReplyDeleteරස සරණිය කීවෙ ටිකයි
තව කොච්චර දේ තියෙනවාද මේ වගේ
තෙරුවන් සරණයි රස සරණියට!
පොතක් ලිව්වෑකි මලයා...
Deleteතෙරුවන් සරණයි සුපින්වත!