2015-05-11

ඉව



පොලිස් කාන්තාවක් සහ - පිරිමි පොලිස් කාරයෙක්ය
දවසක් මුර සංචාරයෙ - ගමන් ඇරඹුවේ

ඔවුන් සමග සිටියා නොවැ - පොලිස් බල්ලෙකුත් සහයට
හොඳ ඉව ඇති ඉතා දක්ෂ - ෆිඩෝ නම ඇතී...


සෑහෙන දුරකට ආ විට - ඇයට යමක් සිහිවෙන්නේ
කණට කොඳුරලා ඔහුගේ - මෙහෙම කියන්නේ

හරි වැඩේනෙ කළබලේට - යටට ඇන්දෙ නෑ නොවැ මං
ආපහු ගොස් ඉක්මනින්ම - ඇඳගෙන එන්නම්

අයියෝ ඇයි නැවත යන්නෙ - මේ ඉන්නේ අපේ ෆිඩෝ
ඌට ඉවට දෙන්න ටිකක් - අඳිනා හරිය...

ඒ ඉව ඇති මේ ෆිඩෝට - දුවගෙන යයි බැරැක්කයට
ගෙන එයි ඔබෙ යට ඇඳුමක් - ඌ හොඳ කොල්ලා

ඇය තරමක් ලැජ්ජාවෙන් - ෆිඩෝට ඉව කරන්න දී
උගේ කරපටිය ගාවින් - දම්වැල ලිහුවා

ෆිඩෝ හොඳට ඉඹල බලා - උඩු හුළඟට ඉව අල්ලා
පොලීසියට යයි ආපසු - පිම්මේ දුවලා

විනාඩි පහකුත් ගෙවුනා - ෆිඩෝ එන වගක් නැතිවා
පැය කාලක් පමණ ගියා - වගකුත් නැතිවා

හිටි අඩියේ සයිරන් හඬ - මහ සද්දෙන් ඇහෙන්න විය
පොලිස් කාර් හතක් අටක් - පිම්මේ එනවා

ඒ හැමටම ඉදිරියෙන්ම - ෆිඩෝ එනව ඇරල තියල
අන්තිමේදි එක මුල්ලක - ඌව කොටුවුනා



උගේ කටේ කොනට වෙන්න - තිබුණානොවැ එල්ලීගෙන
ඩෙස්ක් සාජන් මහත්තයගෙ - ත්‍රී ලක්ෂණය...








ඔන්න එහෙනම් අපිත් හිට්ස් 25000 කඩඉම පහුකලාලු. මෙතෙක් අපි ලියපු හැම අටමගලෙම කියවපු, කියවලා මොනා හරි කියපු, තව තවත් ලියන්න දිරිමත් කරපු හැම දෙනාටම අනේක වාරයක් ස්තූතියි! ඉදිරියටත් ඔබගේ අදහස් බලාපොරොත්තු වන්නා සේම හැකි සෑමවිටම ඔබගේ අඩවි තුලටත් පැමිණ ඔබ හා රැඳී සිටින්නෙමු.



84 comments:

  1. ඕකෙ තව වර්ෂන් එකක් තියෙනෙව බල්ල ඕඅයිසී ගෙ දිව ගලවන් ආව කියලත්

    ReplyDelete
    Replies
    1. එසේත් විය හැක. හැක හැක

      Delete
  2. ත්‍රිලක්ෂණය........... හ්ම්...................ඒ කියන්න අනිත්‍ය, දුක්ඛ, අනාත්ම.

    මේකා හොඳ බුද්ධාගම්කාර බල්ලෙක්.

    ReplyDelete
    Replies
    1. තුන් සූත්‍රය කියලා දාන්නත් හදලා ඊට හොඳයි කියලා හිතුනා මේක.

      Delete
    2. මේක හොඳ බෞද්ධ මදාවියෙක්..!!

      Delete
    3. ඈහ්.... බල්ලටද කිව්වෙ මටද?

      Delete
    4. Funny story....good....balu kathawak nisa wada hodai...

      Delete
    5. It seems to be liked by you. Thanks Siri!

      Delete
  3. බඩත් කොර වෙලා යකෝ හිනාවෙලා..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. දැන් ඉතිං ඉස්ටාෆ් එකේ උන්ගෙත් කොර කරපං මචෝ.
      කලින් එකේ විස් කොරලා ඇති උපන්දිනේට හොඳේ.

      Delete
    2. දැක්කා මචං ටැංකියු..
      කොර වුන් කොර

      Delete
    3. චොර උන් හැමදා චොර!

      Delete
  4. Replies
    1. ඇහ්... කුරුට්ට මෙන්ඩ වෙලා!

      Delete
    2. අන්න වචනේ
      එල ද බ්‍රා
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    3. ඇයි, කෝ අර ‘ස්තූතියි‘ කෑල්ල?

      Delete
    4. මට මතක විදිහට මේක අපේ පත්තර මල්ලිගේ සහ සින්දු ඇනෝගේ නිර්මානයක්.
      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    5. පත්තරයට බැරිවුනානෙ තාම බොගක් දාන්ට. ගල් ගගහ ඉන්නවා මිස. අනිකා උඹ! අන්න වී ලිව්වා!

      Delete
  5. අයියෝ අභාග්‍යක මහත!
    විසිපන්දාහට සුභපැතුම්!

    ReplyDelete
    Replies
    1. පෙරදා භාග්‍යය, පසුදා අභාග්‍යයක්ම විය.
      ස්තුතියි රාජ්!

      Delete
  6. එච්චර හොද කෑල්ලක් නෙමේ වගේ, නැත්තම් ස්ථානාධි තුමාගෙ ගැජට්ටුව තමයි බල්ල ගේන්නෙ.

    ReplyDelete
  7. හිට්ස් 25,000 ට සුභ පැතුම් ...!

    " ආ මඟ කෙටියි - යා යුතු මඟ දුරයි "

    තව තවත් රස මවමින් තව ඉදිරියටම යමු ..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳරු. මුල ඉඳලම ඔබත් අපි එක්ක හිටියා.

      Delete
  8. මම හිතුවේ ෆිඩෝ එතනම පෙලරගෙන මක්කා හරි කොරයි කියාලා..

    25000 ට සුපැතුම්...!!!

    ReplyDelete
    Replies
    1. බල්ලොත් ඒවට කියාපු බඩු.

      බොහොම ස්තූතියි සහෝ!

      Delete
  9. සුපිරි 25000 ට සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩොක්ටර් වීරකෝන්!

      Delete
  10. ඩෙස්ක් සාජන් දුවන් ඇවිත්~ ඇදලා ඒක උගේ කටින්
    "යන්තං ඇති අද හවසට ~ගෙදර යන්න පුළුවං මට"
    "මෙහෙම මාරුවක් කවදත්~උනේම නැහැ නෙව බං මට"
    යන්නට හැදුවේ ඔහු අනෙ ~ ඇසක් ඉඟි මරා

    ReplyDelete
    Replies
    1. ඔබතුමී ටියුබ්ලයිට් වගේ...

      Delete
    2. manda :D blog wala publish karan hungak ewwa thaama tube light wage thama hmmm

      Delete
    3. මාලි,
      මෙතන ඇඳුමක් ගැන නෙමෙයි දරුවො කියන්නෙ.
      (ඔය බුකියෙ වගේ කෙලින්ම අමුවෙන්ම දෙන්නෙ නෑනෙ බ්ලොග්වල)

      Delete
    4. ඩිල්, එතුමිය බුකියෙන් ආපු ගමන් නිසානෙ ඔය.

      Delete
  11. ඊයෙ වෙච්චි දේක සුවඳ - තාම තියෙනවා කියන්නෙ
    ඊයා විච්චි හෝදල වත් - නැහැ නොවැ ඒකී...

    ReplyDelete
    Replies
    1. ඒකිත් හෝදලා නොමැත - සාජන් කාරයත් එසෙයි
      ඒක නිසානේ ඉව දෙක - එකට මැච් වුනේ

      Delete
    2. මොන ඊයෙද උදේ රැයින්- අත්සන ගහලා එනකොට
      දොර වහගෙන සාජන් තැන- යටිකය ගත්තේ

      Delete
    3. උදේ රැයින් ඔය දේවල් - කරගන්තා වගේ නොවෙයි
      දවල් දවස නිදි මතේට - කිරා වැටෙන්නේ

      Delete
  12. බල්ලා නිසා වෙච්චි දෙයක්
    නෝනට නම් හරිම දුකක්
    සාජන් ගේ නැතුව තුනක්
    ඉඳලා මොකට තවත් කලක්

    ReplyDelete
    Replies
    1. නෝනට විතරක්යැ, ඇයි අර පොලිස් කාන්තාවට?

      Delete
  13. ත්‍රී ලක්ෂණය අනිත්‍ය දුක්ඛ අනාත්ම.විසිපන්දාහට සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. දාන්න වචනයක් තිබුන්නෑ හැලපයියෙ.
      ඉස්තූති වේවා!

      Delete
  14. ෆිඩෝ පට්ට බල්ලෙක්. අවස්ථා දෙකේදිම සිහි මුර්ජා නොවී ඉන්න තරම් හයියක් ඌට තිබිල...

    ReplyDelete
    Replies
    1. බල්ලොනෙ මචං. උන්ට ඕවා ගානක් නෑ.

      Delete
    2. 25000 ට සුභපැතුම් මචෝ...

      Delete
    3. ස්තූතියි සජ්ජා... උඹලා හදවතින්ම අපි සමගයි කියලා අපි දන්නවා.

      Delete
  15. ෆිඩෝ????.....ග්‍රේරෝ නෙවෙයිද? මේ දවස්වල හෙණ වැඩ පෙන්නන්නෙ ග්‍රේරෝ නෙව...

    ReplyDelete
    Replies
    1. කවුද දන්නෙ රවී අයියා. ග්‍රේරෝත් ඔය වගේ අත්දැකීම් ලබලා ඇති අනන්ත.

      Delete
  16. සුවඳ මැකෙනවට අකමැති ඩබ්ලිව් පීසී
    ගෑවෙ නැතුව සබන් කැටේ කරලා වීසී
    සාජන් කුට්ටම ඇනුවේ වෙන්න කපෝතී
    හොරා පොලිස් සෙල්ලම ලෙල්ලමක නැවතුනී

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ කවි. හැක් හැක්
      සාදරයෙන් පිළිගන්නවා කිචියා (හුටා කිචී කියන්නෙ හොඳම බාගෙටයි කිව්වා නේද?)

      Delete
  17. අයියෝ බං මම හිතුවේ එස්එස්පී ගේ ගෙදරට දුවාවි කියලයි.. හැක්..

    ජය වේවා.. විසිපන්දාහට වඩා මං හිනා වෙලා ඇති බොලා ලියපුවා කියවල...

    ReplyDelete
    Replies
    1. මේක නිකං සිම්පල් පොලිස් කෑල්ලක් වෙන්න ඇති නේද සාජන්ලත් භාවිතාකරන.
      ස්තූතියි දේශා, ඒ වචන ටික විසිපන්දාහකට වඩා වටිනවා.

      Delete
  18. 25000 ට හදපිරි සුභපැතුම්
    රසරසණියට සැමදා ජයෙන් ජය

    පෞද්ගලික දේවල් බල්ලන්ට ඉව කරන්න දෙන්න හොඳ නෑ
    පේනවනෙ වෙන දේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වර්ණ, ඔබත් ඉතාම ක්‍රියාකාරීව ඉන්න නිසා ඉක්මනින් කඩඉම් පසුකරාවි.

      පෞද්ගලික කිසිම දෙයක් දෙන්න හොඳ නෑ...බල්ලන්ට.

      Delete
  19. උඹලගේ බ්ලොග් පුලු පුලුවන් වෙලාවල කියවනවා, කමෙන්ට් කරන්න වෙලාව මදි. උඹ කප් එකක් ගහල නිසා මෙකට කමෙන්ට් නොකරම බෑ. විසිපන්දාහට හදවතින්ම සුබපතනවා මචෝ.. ජයෙන් ජයම වේවා. මේ ගානෙ අගට තව බිංදුවක් ඉක්මනටම වැටේවා.

    මගෙත් පනහ පැනල තියෙනවා දැක්කා. ඒත් සැලිබරේට් කරන්න වෙලාවක් නෑ...

    ReplyDelete
    Replies
    1. උඹ නිතර ලියන්නැති අඩුව හොඳට දැනෙනවා. බොහෝම ස්තූතියි.

      හෑ...පණහ පැනලා නේන්නම්. උඹටත් ඉක්මනින් අගට බින්දුවක් වැටේවා! කොහොම හරි වෙලාව ඉතිරි කරගෙන තව ලියන්න හැකියාව ලැබේව්!

      Delete
  20. අද පරක්කු උනා නොවැ....ඔක්කොටම වඩා 25000 ට මගෙන් උණුසුම් සුභ පැතුම්.උම්ම්ම්ම්ම්ම්ම්ම්මා.......
    වල් මදාවියා චිරාත් කාලයක් වැජඹේවා.

    ReplyDelete
    Replies
    1. මොකදෑ යකෝ මේ වල් වල් කිය කියා උම්මා දෙන්නේ? ඔය, මිනිස්සුත් බලා ඉන්නවා.
      තෑන්ක්ස් මචෝ!

      Delete
  21. අපොයි ගෑනු දෙන්නෙක් අනාතයි :D.
    25000 ට මදාවිට මගෙනුත් හදපිරි සුභ පැතුම් :D
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒක හරි! දෙන්නයි. අන්න මනාට තේරුණි.
      ස්තූතියි මනා මචෝ...!

      Delete
  22. ජය වේවා 25000 න් 5000 ක් වත් මගෙන් ඈ :D

    ReplyDelete
    Replies
    1. ඒ පන්දාහට උත්තර බඳින්න ඇවිත් තව පන්දාහක් මගෙන් ඈ :D
      ස්තූතියි ඔමා!

      Delete
  23. විසිපන්දාහ ට ලක්ස විසිපහක් ආයුබෝ වේවා..!
    ජය වේවා...!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා! (අහ් වැරදුනා)
      තෑන්ක්ස් මලයා!

      Delete
  24. 25,000ක් දෙනා හිනැස්සුවට, උදේට උදේට මාව අපහසුතාවයන්ට පත්කලාට....සුභ පැතුම්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ෂෙෆාකි!
      උදේට උදේට අපහසු වැඩ කරගත්තට මේ අහිංසක අපි පලි නෑ ඕං...

      Delete
  25. 25000 ට හදවතින්ම සුභපතනවා ඕන්...
    ජය වේවා!!
    ගෑනු දෙන්නෙක්ගෙ ලයිෆ් එක ඉවරයිනෙ මේ මෝඩ බල්ලා නිසා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මස්සිනා!
      (අනේ මහේෂයට තියෙන හිතේ අමාරුව).

      Delete
  26. ත්‍රී ලක්ෂණය// - මරු නම අප්පා ඒකට කියන්න...

    මදාවියට සුභ වේවා!!! හැම එකෙග්ගෙම්ම වගේ මං ඉල්ලන්නෙ, ලියන එක නවත්තන්න එපා.

    ReplyDelete
    Replies
    1. තුන් සූත්තරේ කියලා දාන්නත් හදලා ආයි නිකං හිටියා ක.මෙ.සූ., ම.සූ. සහ ර.සූ. එක්ක පටලෝගනී කියලා. දැන් කියනවා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලු.
      බලකො ඩ්‍රැකියා... මුන්ට මොනවා කලත් කේස්.
      සුභ පැතුමට ස්තූතියි!
      මේ ලඟදි පුට්ලොකර් එකේ ඩ්‍රැකියුලා (1979) බැලුවා. උඹව මතක් වුණා. හැබැයි ක්‍රිස්ටෝපර් ලී ඒකෙ හිටියෙ නෑ.

      Delete
  27. බල්ලට හොදට ඉව කරන්ට පුලුවං
    ඔව් මං ඒ ගැන ගැරන්ට් කරනව
    හිහි
    25000 සුභම සුභ පැතුම් ඕක අගට බිංදු දෙකක් ඇඩ් වේවා

    ReplyDelete
    Replies
    1. අඩේ...මහේෂයා...!
      උඹ අපේ මහගෙවල් පැත්තෙත් ඇවිත් තිබ්බා නේද?
      ඉස්තූතියි බාං...
      උඹටත් ලියන්ට හයි හත්තිය ලැබේවා!

      Delete
  28. අනේ පවු අසරණ සාජන් මහත්තයා..

    25000ට සුබ පැතුම් මචෝ..

    ReplyDelete
    Replies
    1. වපුරාපුවා බල්ලා නෙලාගෙන!
      ස්තූතියි දිනේෂ්!

      Delete
  29. අඩෝ විසි ෆයි තව්සන්ඩ් වලට සුබ පැතුම් ... පොඩ්ඩක් හිටින් ගේමට එන්ටර් වෙනකං

    ReplyDelete
    Replies
    1. තැන්කිවුඩෝ!
      අනේ ඉතිං උඹ කියනවා විතරයිනෙ. කෝ....?

      Delete
    2. ඉවානයා උඔගේ උනන්දුව හොදටම මදි.

      Delete
    3. මෙන්ඩා උඹත් හරියට කුමාර ධර්මසේන වගේ.

      Delete
  30. //හිටි අඩියේ සයිරන් හඬ - මහ සද්දෙන් ඇහෙන්න විය
    පොලිස් කාර් හතක් අටක් - පිම්මේ එනවා//
    GTA මතක් වෙනව මේක කියෙව්වම .....35000 ත් අරන් "අන්ත්‍රාවයි ,මදාවි අඩවියකට ඔබ පිවිසී ඇත " කියලා ගහගන්න හැහැ...

    ReplyDelete
    Replies
    1. ජීටීඒ පට්ට ගේමක්නෙ.
      පොඩි පොපප් එකක් දැම්නං හරි 21 ට වැඩිනම් එන්ට කරන්ට කියලා.

      Delete
  31. සෙන්චරිම දෙසීය පනහක්.. සෙල්ලං නෑ උඹත් තෙඩුල්කාර් වගේ.. විසි පන්දාහට නෙවෙයි මං ඉන්නේ හෙට අනිද්දා උඹට සික්ස් ෆිගර් වලටම එකපාර සුභ පතන්න..
    කතාව භාගෙට කියවගෙන යද්දී මං බල්ල උනානම් කියල හිතුනා.. කතාව කියවල ඉවර වෙද්දී අම්මෝ.. සෙට් එක කූල් වෙලා ගියා.. හැක්

    ReplyDelete
    Replies
    1. සික්ස් ෆිගර් වෙනකොටනං තව අවුරුද්දක්වත් යයි මස්සිනා. මම දන්නැතුවයැ ඉතිං උඹේ ෆිට් එක.
      සමහර ගෙවල්වල ඉන්න බල්ලන්ට ලැබෙන සැප දැක්කම බල්ලෙක්මයි බං වෙන්න හිතෙන්නෙ.

      Delete
  32. මේක නම් පට්ට !

    ReplyDelete
  33. Hello, Click here to Watch Your Favorite Movies Online
    http://moviestv.me/movie/6016-Dracula-3D-2013-online-putlocker

    ReplyDelete