2015-06-01

පොසොන් සිතිවිල්ලක්



පෙනුමෙ හැටියට ධනවතෙකි ඔහු නුවර වීදියෙ සරන්නේ
නැගෙයි ඩා බිඳු ගිනි කාෂ්ඨක අව්ව ඔහු ගත පෙළන්නේ
පවස දැඩි සේ දැනේ තොල කට තෙමන මගකිය සොයන්නේ
තැඹිලි විකුණන වෙළෙන්දෙක් දැක ඔහු වෙතට පිය නගන්නේ


කීයදෑ මේ තැඹිලි ගෙඩියක් වෙළෙන්දාගෙන් අසන්නේ
අළුත් තැඹිලිය ගෙඩිය රුපියල් හතලිහක් බව කියන්නේ
අම්මපා මේ තැඹිලි තමුසේ ගස් වලින්මද කඩන්නේ
ඕනිනම් රුපියල් තිහක් දෙමි හොඳම ගෙඩියක් කපන්නේ

මහත්තයො මේ තැඹිලි විකුණා තමයි දරු කැළ රකින්නේ
උදේ ගස් නැග කපා බාගෙන කරත්තයකින් අදින්නේ
දවස තිස්සේ අව් රැසින් තැවි තැවී දුක් විඳ නහින්නේ
අඩු මිලට විකුණලා කොහොමද මහන්සිය මගෙ ලැබෙන්නේ

තමුසෙනම් මහ හොරෙක් මේ හැටි ගිනි ගණන් ඇයි කියන්නේ
දහය වැඩියෙන් අරං මාලිග හදාගන්නද හිතන්නේ
තමුසෙලා මේ හින්දමයි හැමදාම පාරේ ලගින්නේ
මිනිස්සුන්ගෙන් හොරා කාලා කොහෙද කවුරුද හැදෙන්නේ

ධනවතා තව මොහොතකින් ඇත ගිය මගේ ආපසු එමින්
සිසිල් පැන් බෝතලයකුත් ගෙන සෙමෙන් එය බටයෙන් බොමින්
වෙළෙන්දා මොහොතකට නවතයි ධනවතා අත අල්ලමින්
මොකද බූරුවො, කියා විමසයි යළිත් කෝපය උපදමින්

ඔබ අතේ ඇති බෝතලේ මිල කීයදැ'යි ඔහු අසන්නේ
හතලිහක් වේ ධනවතා එය උජාරුවකිනි කියන්නේ
තිහට ඉල්ලල බැලුවෙ නැතිදැ'යි වෙළෙන්දා යලි අසන්නේ
ධනවතා මල අතින් අරගෙන මෙන්න මෙහෙමලු කියන්නේ

මේව නියමිත මිලට විකුණන උසස් බඩු බව නොදන්නේ
තමුසෙ නම් මහ අමනයෙක් බව තමා එයිනුත් පෙනෙන්නේ
ගොනෝ මේවයෙ හොඳින් පෙනෙනට මිලක් ගහලා තියෙන්නේ
බූරුවෙක් නොව මෙමා මේවට හෙට්ටු කරනට නොයන්නේ

මහත්තයො ඔබ දුගී වෙළඳුන් වෙතට ඇවිදින් අසන්නේ
ඔහුගෙ ලාභය අතැර මිල අඩු කරල දෙන්නට කියන්නේ
නමුත් කොම්පැනිකාරයන් හට කියන මිලමය ගෙවන්නේ
රුපියලක්වත් හෙට්ටු කරනට සිහිනෙනුත් නොම සිතන්නේ

අපෙන් ගන්නට සිතනමුත් ඔබ දහයකුත් අඩුවෙන් ගෙවා
කොම්පැනියෙ ලොකු ලොක්කො විඳිනා සියලු සැප සම්පත් පවා
ඔවුන්ගේ බඩු විකුණගන්නට දමන දැන්වීමට පවා
ඔබේ මුදලින් රුපියලක්වත් අඩු නැතිව ඇත මිල ගෙවා



නිහඬ සිත්තරාවිගේ කවියක් සමග මෙන්න මේ පහල තියෙන වීඩියෝව දැකීමෙන් ඇතිවූ පොසොන් සිතිවිල්ලකි.




වෙසක් එකට කියලා පොඩි පැටව් කූඩුවක් හැදුවත් ඒක දාන්න බැරි වුණා. මේ මදාවියාගේ තවත් එක් නිර්මාණයක් (වෙනම ඕපොං කොරලා බලංට).

අපේ හිතවත් සිංහල බ්ලොග් සහෘද කැලට මේ පොසොන් සමයේද සාමය සතුට උදා වේවා!






54 comments:

  1. Help the Poor...do not exploit..!!!
    Respect.......!!

    ReplyDelete
  2. Replies
    1. ස්තූතියි! සාදරයෙන් පිළිගන්නවා මේ අඩවියට!

      Delete
  3. Replies
    1. ඒ වගේම නොදකින පැත්ත.

      Delete
  4. දුප්පත් මිනිහට තමා හැම ජගතම සද්දෙ දාන්නේ
    ජය සරණි

    ReplyDelete
    Replies
    1. ඒක සැබැයි සැබැයි සැබැයි.
      ජය!

      Delete
  5. මම නම් හෙට්ටු කරලා බඩු මිලදී ගන්නේ නැහැ.ඇත්තෙන්ම එහෙම අසරණ මිනිස්සු එක්ක කේවල් කරන එක එතරම් හොඳ දෙයක් නෙමේ.

    ReplyDelete
    Replies
    1. පිටකොටුවෙ එහෙම කරන්න ගියොත්...ඉවරයි.

      Delete
  6. අද උදෙත් මම අපේ එකෙක් එක්ක ඔය ගැන කතා කලා... ඔය ගැන වෙනම පෝස්ට් එකක් ලිව්වත් මදි බං..

    කවි ටිකත් එළ කූඩුවත් එළ...

    ReplyDelete
    Replies
    1. කියාලා වැඩක් නෑ මාතා...කොස්, පලා කොළ, තැඹිලි වෙළෙන්දො කවුරුත් පව්.

      Delete
  7. හරිම වටින අදහසක් නියම වෙලාවට දාලා තියෙන්නෙ.පොඩි පොඩි කඩ කෑලි අටවගෙන හෙට මඟ දිගට පොඩි මිනිස්සු ඉඳියි... ලොකු වාහනෙන් ලොකු හිතක් ලැබුනොතින් ලොකු හිනාවක් පොඩි මුවේ පිපෙයි..

    ReplyDelete
    Replies
    1. එසේ වෙයි!
      මේ කතාව යට තියෙන්නෙ තිත්ත ඇත්තක්

      Delete
  8. සහතික ඇත්ත මධු. කවි ටික ලස්සනයි.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනා! තිත්ත ඇත්ත

      Delete
  9. අපේ ගොඩක් මිනිස්සු ඔය වගේ බං. සංවේදෟ කවි පෙළක්. අපූරුයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිල්!
      හෙට්ටු කිරීමෙත් ක්‍රමයක් තියෙනවා

      Delete
  10. අපි ජීවත්වන වාණිජ ආර්ථිකය තුළ, සාධාරණත්වයට හෝ මිනිස්කමට ඇති ඉඩකඩ බොහොම අඩුයි. මෙලෙස තැලෙන සුළු වෙළෙන්දන්, ඊළඟට කරන්නේ, කපටි සූත්තර කර, පාරිභෝගිකයා රවටා මුදල් ඉපයීමටයි.

    ReplyDelete
    Replies
    1. ඒ කපටි සූත්තර බොහෝවිට අහිංසකයි, විවෘතයි. නමුත් මහා පරිමාණ කපටි වෙළෙන්දන්ගේ උපක්‍රම ඉතාම නිහීනයි!

      Delete
  11. ලස්සන කවි ටික + ඔයාගෙ අදහස්+ :) + ස්තුතියි මගේ බ්ලොග් සඳහන් කිරීමටත්

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තුතියි හංසි! ඔබේ නිර්මාණය නිසා මේකත් ඉක්මන් වුණා.

      Delete
    2. එහෙම වෙන්න එපායැ :-)

      Delete
  12. මාත් ගොඩක් එකඟයි මේ අත්දැකීම එක්ක. මගේ අත්දැකිම් කීපයකුත් ලිව්වා; පොඩ්ඩක් බලන්නකෝhttp://syberheartblog.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තෙ ගිහින් පඬි ටෝක්ස් ටිකකුත් දාලා ආවා.

      Delete
  13. සහතික ඇත්ත මචෝ.. හුඟක් දෙනෙක් නොහිතන දෙයක් ඕක..

    ReplyDelete
    Replies
    1. නොහිතාමත් නෙමේ. හිතා මතාම හෙට්ටු කරන්නෙ. මොකද, ගන්න පුළුවන් තැනින් හූරලම ගන්න තමා බලන්නෙ.

      Delete
  14. මේක (යුටියුබ් වීඩියෝව ) මම පොස්ට කල ෆේස්බුක් එකේ. එකට මද්ද කවිත් ලියල බලාගෙන ගිය හැම.

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවෙ Inspirational Video පැත්ත අන්තිම ඉහලයි. උන් ඇඩ් එකක් හැදුවත් ලෙසටම කරනවා.

      Delete
  15. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/17186-2015-06-02-22-44-01

    ReplyDelete
    Replies
    1. පොසොන් පොහොය ගෙවී යන මේ පින්බර මොහොතේ අපේ අජිත් ධර්මකීර්ති උපාසක මහතා රැස්කරගත් මේ පුණ්‍ය ස්කන්ධයේ බලයෙන් නිවන් දක්නා ජාති දක්වා නෙළුම් මල් පිපෙන විල් වලම ඉපදේවා.

      Delete
    2. නෙළුම් මල් පිපෙන්නේ මඩේ නේ මද්දෝ. නිවන් දක්නා ජාතිය හොයා ගන්න සමීකරණයක් හෙම නැත්ද ?

      Delete
    3. 84000 Kalpa x 100000 (years per Kalpa)
      ----------------------------------------------------
      No. of posts published

      Delete
    4. සිර සමීකරණයක් නේ මද්දෝ. නොබෙල් තෑග්ග දෙනන් වටිනවා. No. of posts published ඒ කියන්නේ මද්දගේ පෝස්ට් පබ්ලිෂ් කරන තරමට නිවන් දක්නා ජාතිය ලං වෙනා කියන එකනේ. වැඩේ පාඩුයි. එච්චර කලින් නිවන් දකින්න අදහසක් නැහැ. කල්පයකට අවුරුදු ලක්ෂයක්ද? මොන විශ්වයේද?

      Delete
    5. කල්පයකට අවුරුදු මිලියන හාරදාස් තුන්සිය පනහක්ද කොහෙදලු. මටයි වැරදුනේ අජිත් අයියෙ.
      මේ අපේ පෝස්ට් ඔයාගෙ එකේ එල්ලන වාර ගාණ ගැන කියන්නෙ. ඒ කියන්නෙ අපි ඔයාට කලිං නිවං යනවා. ඔයා පත්තුකරගෙන හෙමිං සැරේ එන්න.

      Delete
    6. මොකක් පත්තු කරගෙනද හින් සැරේ එන්න කියන්නේ ? ඈ බං මේ 84000 නොම්මරේ හොයා ගත්තේ කොහෙන්ද ? ඔය පින් කරනවයි කියන්නේ ක්‍රෙඩිට් දාගන්නවා කියන එකනේ නේද ? මට නම් වැඩිපුර බෑඩ් ක්‍රෙඩිට් තමා ඇත්තේ. ඔබ තුමියට සහ තුමාට එහෙනම් කලින්ම දෙව් මිනිස් සැප කෙළවර නිවන් සැපත අවුරුදු 840000 8 4350 මිලියන් වලට පසු ලැබේවා.

      Delete
    7. 1. අපි නිවං යනවා. අජිත් අයියා පත්තුකරගෙන එනවා.
      2. සුවාසූ දහසක් කියන එක තමා 84000.
      3. පිනට කියන්නේ ක්‍රෙඩිට් නෙමේ අයියා, මෙරිට්.
      4. ඒ කියන්නේ ක්‍රෙඩ්ට් නෙමේ ඩෙබිට්.
      5. මමනං ඔය කියනතරං කල් සසර සැරි සරංට තමා බලාපොරොත්තුව. ඊට කලිං මේකිව නිවං යවංට ඕනි. බෑ අජිත් අයියෙ මේ මගුල කොරංට.

      Delete
  16. ලොකු එවුන් ලොකු ටොක් දාන්නෙ පොඩු එවුන්ට..
    උඔ හැමෝටම හොද පනිවිඩයක් දිලා..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ඊට වඩා ලොක්කෙක් හම්බු උන දාට සෙත්ත පෝච්චි.
      තැන්කිවු මෙන්ඩා...එළද පෑන්ටි!

      Delete
    2. ඔන්න මේලක් දැම්මා..හොදයි නම් දාපන්

      Delete
    3. ඇයි බං? මම ඔඹට රිප්ලයි දාන්නෙ නැද්ද? අනේ සුදා වැරදීමකින් පහුණු පෝස්ට් එකක නෙමේනං අනිවා දානවා. උඹට රිප්ලයි නොදා ආයි ඉතිං...?
      කතාව ටච් වුණා. මේක පොඩ්ඩක් පිරිපහදු කරලා දාමු. මම ඩ්‍රාෆ්ට් එකකට ගත්තා. සතියකිං හමාරකිං දානවා අනිවා.

      Delete
  17. :) ඔය පහල වෙලා තියෙන්නේ පොසොන් සිතුවිලි.. අපුරු කවි ටික....

    ReplyDelete
    Replies
    1. ඔය දාලා තියෙන්නෙ අදත් බය නැතිව කමෙන්ටුවක්!
      ස්තූතියි තූශානි!

      Delete
  18. පොසොන් නැතත් මම ගොඩ වෙලාවට හුරුවෙලා ඉන්නෙ මේ වගේ මිනිස්සුන්ගෙන් හෙට්ටු කරන්නේ නැතුව බඩු මුට්ටු ගන්න...

    ඒ නිසාම සමහර වෙලාවට අපිව අන්දන්න සමහර අයියලා පසුබට වෙන්නේ නැත්තෙමත් නැහැ... :(

    ReplyDelete
    Replies
    1. ඒ වගේම අපිට බනින්න ගෙවල්වල ඇත්තො පසුබට නොවෙන්නේ නැත්තෙමත් නෑ...

      Delete
    2. දවසක් ගෙදරට මාලු ගෙනාම ගොරි ගොඩයි අයියෝ මේ මාලු හොද නෑ කටු වැඩි අනිත් ලෑල්ලෙන් ගෙන්න ඔික ආපහු දිලා සල්ලි ඉල්ලගෙන කියලා මමත් හා කියලා මාලු ටික මග හිටපු බල්ලෝ ටිකකට කන්න දිලා ආයමත් සල්ලි දිලා අනිත් තැනින් මාලු ගෙනවා..

      Delete
    3. හනේද බං කියන්නෙ. මාළු මාකට් එකෙන් ගත්තම පොලෙන් ගෙනාවෙ නැත්තෙ ඇයි අහනවා. පොලෙන් ගෙනාවොත් ඇයි මාළු මාකට් එකෙන් ගෙනාවෙ නැත්තෙ අහනවා. හැබැයි උන්දැලා මොන ලෝකෙන් මොන මල ජරාවක් ගෙනාවත් හප්පා...ඌෂ්ණෙ. (මාළු ඌෂ්ණෙ)

      Delete
  19. ඒක නම් හරිම යතාර්ථවාදී කවියක්,, ෆට්ට .. පොසොන් වෙසක් පහුවුනා අපිට ඒ එකක් වත් නෑ නේ ඉතින් ඒ හින්දා දන්නෙත් නෑ

    ReplyDelete
  20. මධු මාධවී කුණු හබ්බ කතා කවියෙන් කියන එක විතරක් දන්න එකෙක් කියන වැරදි අදහස මම ඩිලීට් කරලා දැම්මා.

    ReplyDelete