2015-06-19

දඩයක්කාරයා



වසර ගණනකට පෙරදී - ඉන්දියාවෙ කල් ගත කල
දඩයක්කුරුවෙකුය මෙයා - දැන් වියපත් වූ

ඒ කාලේ කල දස්කම් - උජාරුවෙන් සිහිපත්කර
මිතුරන් අතරේ බෙහෙවින් - ජනප්‍රිය වුනා


දවසක් එක පත්තරේක - ලිපි ලියනා ලේඛකයෙක්
මොහුගේ අත්දැකීම් ගැන - ලියන්න හිතුවා

එසේ සිතා ඔහු හමුවී - සාකච්ඡාවක් කෙරුවා
අතීතයේ සුරුවිරුකම් - සිහිපත් කරවා

තොරතුරු සේරම අහලා - අවසානේ පුරුදු ලෙසින්
අමතක නොවනා සිද්ධිය - කුමක්ද ඇහුවා

වයෝවෘද්ධ දඩයක් කරු - දිලිසෙන්නා වූ දෙනෙතින්
ලේඛකයා දෙසට ටිකක් - නැඹුරු වුණාලූ

එකමත් එක ඉන්දියානු - ගමක් බියෙන් සලිත කරපු
බෙංගාලී ව්‍යාඝ්‍රයෙක් - මරන්නට වුනා

ගම් වැසියන් කීපදෙනෙක් - ගමනට එක්කාසු කරන්
රයිපලයද මානා මම - කැලේට වැදුනා

හතර වටේ අඳුරු වෙලා - තිබෙනා ඒ මොහොත තමා
ව්‍යාඝ්‍රයා ගම දිහාට - එන වේලාව...

පඳුරු අතරේ රිංගාගෙන - මම යනවා ඉස්සරහින්
එක පාරට කලු ගුලියක් - පැන්නා පෙරට...

අතේ තිබූ විදුලි එළිය - අල්ලාලා බලන කලට
ව්‍යාඝ්‍රයා සිටී මදෙස - රවා බලමිනේ

සහයට සිටි ගම් වැසියෝ - හිස් ලූ අත දිව ගියෝය
තනිවම මා මෘගයාට - ඉතිරිව තබලා

මදෙස බැලූ ව්‍යාඝ්‍රයා - ග්ර්ර්ර්...ග්ර්ර්ර්...ගෙරවූවා
අනේ අපොයි මට කලිසමෙ - කක්ක ගියානේ

මේ මොහොතේ ලේඛකයා - මදකට ඔහු නවතාලා
ඔහුගේ අදහස් සමගින් - මෙලෙස එක් වුණා

දරුණු ව්‍යාඝ්‍රයෙක් කැලේ - මැද්දෙ එහෙම මුණගැහුණම
කාට වුණත් කක්ක නොගියනම් නොවැ පුදුමේ
.......
හිස සලලා දඩයක්කරු - මෙහෙම කියා සිටින්නේය
එවලෙ නෙමෙයි මේ දැන් මම ගොරවපු වේලේ


76 comments:

  1. හික්ස්.

    ඉන්දියාවෙ කිව්වනේ එහෙනම් ෂුවර් එකට පොල්කට්ටකට වතුර එකක් අරන් හොක පූද ගන්න ඇති.

    ReplyDelete
    Replies
    1. වෙලාවකට උන් එහෙමවත් කරන්නෑ කොබා මල්ලියේ.

      Delete
  2. වාර්තාකාර ගොයියට අනේ අපොයි කිය වෙන්ට ඇති..
    වයසක මිනිස්සුනෙ තටමල ගර්ර්ර් ගාද්දි පුක රැවටෙන්ට ඇති
    හිහි

    ReplyDelete
    Replies
    1. ගොරවන තරමට වහිවී කියලා...

      Delete
  3. උඹ දැන් හෝදගන ඇවිත්ද මේක පබ්ලිශ් කලේ....?

    ReplyDelete
    Replies
    1. ඇයි මොකද, ගඳද මල්ලී?

      Delete
  4. හි හි ෂෝයි කථාව. මේ පුංචි අපිට නම් හරිම රසවත්.. ඉතින් ඊට පස්සේ දඩයක්කාරයා කක්කි හෝද ගත්තද? එයා කොටියව මරලද ( ව්යාග්‍රයා කියලා ලියන්න තේරෙන්නැහැ :D)

    ReplyDelete
    Replies
    1. මේ පුංචි අපිට :O

      Delete
    2. කළුවර තැනකට ගිහිල්ලා අත්දෙකෙන් එල්ලිලා ඉන්න... කොයි වෙලේ හරි පත්තු වෙයි..

      Delete
    3. ඔමා,
      1. කුඩා මොලේ තමා ඉතිං පුංචි.
      2. ව්‍යාඝ්‍රා කියලා ලියන්න බලමු

      Delete
    4. කොබා මල්ලි,
      පුංචි අපට :o
      ලොකු අපට :O

      Delete
    5. ගස් ලබ්බ,
      ඔය කියන්නෙ! සත්තයි... අත්දුටුවයි!

      Delete
  5. එච්චර ආතල් එකක් නෑ බං

    ReplyDelete
    Replies
    1. ස්ටෙරොයිඩ් එකක් දාලාම පබිලිස් කොරංඤද?

      Delete
  6. එච්චරම ගොඩක් ගියේ නෑ ටිකයි ගියේ. කොහෙද ඉතිං උඹ එක හත කරලනේ ලියන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නෙ විචාරකතුමා කොක්කු මරංට ගෙහුං වෙච්ච මරාලයක් ගැන වෙන්ටෝනෑ...

      Delete
    2. කොක්කු කතාව දන්නව නේද අර ලෙයියයි, ලෙත්තෙයි, ලොක්කෙයි, කොක්කු දඩයමේ ගිය කතාව?

      Delete
    3. ඕක හරියගෙ එකෙත් මැන්සන් කොලාට විචාරකතුමා කතාව කිව්වේ නෑ.
      හලී නලකයි!

      Delete
  7. කතාව එච්චර නෑ තමයි... මයෙ රසඥතාවයෙ ප්‍රශ්නයක් ඇති...

    ReplyDelete
    Replies
    1. නෑ මචෝ.... ලිවිල්ල හැමදාම ත්වරණයක තියාගංට බෑ අයියෝ... මන්දනයක් තියෙන්න ඇහැකි...

      Delete
  8. පොඩි හිටියන්ට කියල ලේබල් කරපං.

    ReplyDelete
    Replies
    1. ෆෝ කිඩ්ල්ස් ඔංලි

      Delete
  9. පොඩි හිටියන්ට කියල ලේබල් කරපං.

    ReplyDelete
  10. එතකොට ඕක සිද්ධ උනේ ජිම් කෝබට් ගොයියට හරි කෙනෙත් ඇන්ඩර්සන් ගොයියට හරි කියලද දැන් උඹ මේ තෙපරබබා කියන්න හදන්නේ...

    මිනී මස් කන ටයිගරයගේ කතා පොතක් බලල උඹට වෙච්ච දේ නේද ඒ මිනිස්සු පිටින් යවන්න හදන්නේ...
    පව් බන් ඒ මිනිස්සු, මඩ ගහන්න එපා... :p

    ReplyDelete
    Replies
    1. අප්පට සිලි! දෙන්නෙක්ම අහුවෙලා මූට.
      Edison Marshall කියලා තමා මචෝ පිචර් එකේ තියෙන්නෙ.
      http://www.shakariconnection.com/image-files/edison-marshall.jpg
      මං ඉතිං දන්නැද්ද?

      Delete
  11. පොඩ්ඩක් රස වැඩි කරල ලියන්න තිබුනනෙ මෙහෙම.
    ඉන්ටවීව් කළේ නිවේදිකාවක්.
    දඩයක්කාරයා ග්ර් ග්ර් ගානකොට එයාට චූ ගිහිල්ල.
    දැන් කතාව මරු නේද?

    ReplyDelete
    Replies
    1. අන්න අදහස්! මරේ මරු!
      ශනී අයියා කවි නොලියන එක හරිම පාඩුවක්! අනික මේ වගේ එකතුකිරීම් නිසා තමා කමෙන්ට්ස් වල් වටිනාකම වැඩිවෙන්නෙ.

      Delete
  12. Replies
    1. හූ... හූ... :පී
      අනේ ඉතිං ඔයානං............

      Delete
  13. කාලෝ ෆොන්සේකා ගුනදාස අමරසේකර නලීන් ද සිල්වා වගේ ඉස්සර හිටපු හොඳ දඩයක්කාරයින්ටත් දැන් පොඩ්ඩ ගොරවනකොට කක්ක යනවා.. ඕක වයසට යනකොට එන ලෙඩක් මචං. හෝදගෙන ඉතුරු ටික කියන්න කියමු..

    ReplyDelete
    Replies
    1. කළණ, ඇයි මචෝ වාසු?
      (උඹ එන්නෙ සිකුරාදා දවස්වලද?)

      Delete
    2. ඇදුරුතුමා, ඉස්කෝලෙ වත්ත වටේ වැටක් ගහනවැයි?

      Delete
  14. ඇත්තටම එහෙම දඩයක්කාරයෙක් ඉඳල තියෙනවා නේද ඉන්දියාවෙ? ඔය ව්‍යාග්‍රයා ගැන ලියපු පොතකුත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ‘ෂර්ලොක් හෝම්ස් - පාළු නිවසේ වික්‍රමය‘ බලපං මචෝ
      සෙබස්තියන් මොරාන් ගැන ඔහොම ලිජන්ඩ් එකක් තියෙනවා.

      Delete
    2. නෑ,නෑ,නෑ, ඒක නෙවෙයි, රියල් එකක් තියෙනවා. මං උඹට හොයල කියන්නම්.

      Delete
    3. කිය කිය! තොරතුරු නම් මචෝ ඇනි ටයිම් ඩෝස් ඕපොං.

      Delete
    4. එකෙක් නෙමෙයි එහෙම උන් ගොඩක් ඉඳල තියෙනවා, ජිම් කෝබට් සහ කෙනෙත් ඇන්ඩර්සන් ලංකාවේ අය දන්නවා ඒ දෙන්න පොත් ලියපු නිසා.
      පට්ට පොත් ටික.
      දැනට සිංහලට පරිවර්තනය කරපු පොත් සියල්ල මගේ ළඟ තියෙනවා... :)

      කෙනෙත් ගේ පුතා ඩොනල්ඩ් ත් තාත්ත අනුව ගිහින් මිනි කන කොටි සහ ව්‍යාඝ්‍රයෝ දඩයම් කරලා තියෙනවා.
      නමුත් ඔය දඩයක්කාරයෝ හැම එකාම මීට අමතරව සතුන්ගේ ඔලු හම් කුසලාන විදිහට තබා ගන්න නිකරුනේ සත්තු දහස් ගානක් මරල තියෙනවා.
      වයසට ගිහින් ඒ ඝාතන සිහි වෙද්දී පව් සමා කරගන්න පොත් ලිව්වා කියල මට හිතෙනවා උන් කියන සමහර වචන වලින්.
      කෙනත් හැම වෙලාවේම වගේ කියනවා සතෙක් මරල කල් පවතින්නේ නැති හමක්, අං තට්ටුවක්, ඔලුවක් ගන්නවට වඩා ෆොටෝ එකක් ගන්න එක වටිනවා කියලා...
      එතන පසු තැවීමක් මම දකිනවා...
      නමුත් දඩයක්කාරයෝ වශයෙන් මිනි කන ව්‍යාඝ්‍රයෝ සහ කොටි මරපු එක මිනිස්සුන්ගේ පැත්තෙන් ලොකු සේවයක්...

      Delete
    5. ලොකුස්,
      උඹ මේ කේස් එක ගැඹුරටම ගිහිං වගේ. ඔහොම දඩයක්කාරයෙක් අප්‍රිකානු වනයේ භයානකම සත්තු 5 ක් ගැන ලියපු ලිපියක් මතකයි. මොනවා කලත් කාලය ගතවෙද්දි අපි හැමෝටම පසුතැවෙන්න දේවල්නම් ගොඩගැහෙන බව පේනවා මචෝ.

      Delete
  15. චැ..චෑ...අපිව කුනු රසට පුරැදු කරලා දැන් ඔය සිනි බෝල හරියන්නෙ නෑ....
    ඒ වුනාට එල ද බ්‍රා එකට ලියලා..

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත තම මෙන්ඩෝ. දැන් කුණු රස අඩු වේ ගෙන යනවා වගේ..

      බ්‍රා නම් මෙන්ඩා , මෙන්ඩ නම් බ්‍රා..

      Delete
    2. අඩේ, මෙන්ඩා වල් වෙලා.... ඕං අපිනං නෑ...
      දැන් නිකං පිළිම ගිලපු යකා වෙලාද?

      Delete
    3. මල් කොබා,
      කොහොමද බං ඔහොම කියලා හොයන්නෙ? වස්තූ බීජ සපයපල්ලකො.

      Delete
    4. මල්කොබා..
      බ්‍රා නම් මෙන්ඩා , මෙන්ඩ නම් බ්‍රා.. //
      මගේ පවුලම සතුටින් ඉන්නෙ බ්‍රා නිසානේ බං..ඒක නිසාම මම බ්‍රා වලට ආදරේයි..
      මධු
      කෝ බං මම දුන්න කතාව..

      Delete
    5. මෙන්ඩා,
      මචෝ ඒකෙ අර පැද්දිල්ල කවියට නගන්න හෙන අමාරුයි. ඩොට් ජී.අයි.එෆ්. ෆයිල් එකකින් වගේ තමා පෙන්නලා අන්තිම උත්තරේ කයි පද බඳින්න වෙන්නෙ. අම්මපා, කවියෙන් ලියන්න බැරි විහිළු මොන තරම් නම් තියෙනවද? දුකේ බැරුවා.
      (රාජ් තරහා වෙලා වගේ එදා කතාවට පස්සෙ. අනේ මන්දා බං.... වෙලාවකට එපා වෙනවා)

      Delete
  16. මට මතක් උනේ අර එකෙක් පඩ ඇරලා බල්ලා එලවපු කතාව..

    ReplyDelete
    Replies
    1. කවිච්චිය යට හිටපු බල්ලා නේද?

      Delete
  17. පින්තුරෙ ඉන්නෙ කෝබට් උන්නැහේ නේද?

    ReplyDelete
    Replies
    1. එඩිසන් මාෂල් කියලා තමා තිබුණෙ හැලපයියෙ.

      Delete
    2. කෝබට් ගේ කාලේ කැමරා තිබුනද කියලත් හිතෙනවා සමහර කතා බැලුවම(නමුත් තිබිල තියෙනවා කියල ජාලය සාක්කි දරණවා)
      ඒ යකා මිණි කන ව්‍යාඝ්‍රයෝ, කොටි එහෙම මරන්න ගිහින් තියෙනවා කිසි එළියක්වත් නැතුව...

      Delete
    3. ඒක වෙලාවකට මිනිස් සංහතියට කළ උපකාරයක් උඹ කිව්වා වගේ.
      සත්තු විනොදය පිණිස මැරීම වෙනම දෙයක්. හානිකර සත්තු මැරීම වෙනම දෙයක්. අපි ඔය මදුරුවො මරන්නෙ කිසි අවුලක් නැතිව.

      Delete
  18. වයසට ගියාම කොයි කෙරුමගෙත් බ්‍රේක් අප්සට් වෙනවා... එක්කෙනෙක් ගෙ කටට බ්‍රේක් නැතිව ගියා... මෙයාගෙ පුකට බ්‍රේක් නැතිව ගියා... සංසාරේ...සංසාරේ...
    ග්ග්.ර්.ර්.ර්..ර්......(ගොරවලා බැලුවෙ... තාම අවුලක් නෑ..)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස්ලබ්බ,
      ඉච්ඡානුග පේශි අනිච්ඡානුග වෙනවා... අනිච්ඡෙ දුක්ඛෙ!
      උඹට තව කල් තියෙනවා.

      Delete
    2. මනා,
      ගොරවලා බලලාද වැට ගැහුවෙ?

      Delete
  19. හිකිස් :D. මටත් අපේ වාසු මාම මතක් උනා :D

    ReplyDelete
    Replies
    1. මටත් මතක් වුණා බං. අනේ එහෙමත් ගෙඩියො.

      Delete
  20. මදැයි වීර කම් ගැන කියන්න ගියා..

    ReplyDelete
    Replies
    1. මදැයි ඔයිං ‘ගියා‘.

      Delete
  21. මං පරක්කුයි නොවැ... කියවද්දි ජිම් කෝබට් උන්දැව තමයි මතක් උනේ... ඔහොම ගොරවලා ඔයින් ගියා නම් කොටියා ගොරවද්දි කොහොම යන්න ඇද්ද....

    ReplyDelete
    Replies
    1. අප්පට සිලි! ෆුල් චේන්ජ් එකක් වෙලානොවැ. ෆුල් රොමෑන්ටික් ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැපර් වෙලා. එළස්!

      Delete
    2. තැන්කූ..... තැන්කූ.......... නමේ හැටියට ඉන්න ඕනනෙ...

      Delete
    3. බොහොම ෂංතෝෂයි...බොහොම ෂංතෝෂයි!

      Delete
  22. Replies
    1. eeeeya, kakkaaaaaaaaaaaaa...........shit

      Delete
    2. niyamai..men mage komentuwa thiyena bola....ela ela....hoyya

      Delete
    3. නියමයි...මේං මගේ කොමෙන්ටුව තියෙන බොල...එල එල...හෝයියා
      //තියෙන බොල// ???????????????

      Delete
  23. අර පත්තර කාරයා නහයක් නැති එකෙක්ද?

    ReplyDelete
    Replies
    1. කෑම සොබාවය අනුව එහෙම අවුලක් නැති ජාතියක්ද දන්නෑ මචෝ.

      Delete
  24. ගර්ර්ර්ර්ර්ර් ගර්ර්ර්ර් කිව්වෙ පස්සද

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තෙං එන්නෙ ‘ග‘ යන්න ආශ්‍රිත සද්ද නෙමේ, ‘ප‘, ‘බ‘ ආශ්‍රිත සද්ද.

      Delete
  25. යකෝ මේක chain reaction එකක්නේ. :D

    ReplyDelete
  26. පුළුවන් කාලෙ මොන කෙළි කළත් බැරි වෙනකොට....


    ReplyDelete
    Replies
    1. (කැහියනකොට) ගොරවනකොට ...........

      Delete