2015-06-27

නැන්දම්මා



ලඟදි විවාහය කරගත් - තම පුතාව බලනු පිණිස
ඔහුගේ මව දවසක් ඒ - නිවස වෙත ගියා

දොරට තට්ටු කරපු සැනින් - ලේලිය දොර ඇර ආවා
ඇඟේ නූල් පොටකුත් නෑ - උපන්න ඇඳුමෙන්


නැන්දම්මා බය වීලා - මොකද ළමයො මේ කියලා
ඇසුවෙන් ලේලිය මෙහෙමයි - පිළිතුරු දුන්නේ

මේක මගේ ලව් ඩ්‍රෙස් එක - ඔහු එන තුරු මග බලාන
ඔහු කැමතිම ඇඳුම මෙසේ - ඇඳං ඉන්නවා

ඒකත් එහෙමද එහෙනං - මං ගොහිල්ල පස්සෙං පහු
නිවාඩු පාඩුව එන්නම් - මව පිටවූවා

ගෙදරට යන අතර තුරේ - නැන්දම්මා නැවත නැවත
මේ ගැන සිතමින් යන්නේ - එයත් නරක නෑ

එදා හවස මාමණ්ඩී - ගෙදරට එනවිට දොරකඩ
නැන්දම්මත් ඉන්නවාලු - ලව් ඩ්‍රෙස් ඇඳලා

හත්වලාමේ අර මක්කැයි- ඔහේට මේ වෙලා ඇත්තෙ
කියලා මාමණ්ඩි ඉහේ - අත ගහගත්තා

මේක මගේ ලව් ඩ්‍රෙස් එක - ඔබ එනවිට ඇඳන් හිටියෙ
අපේ ලේලියත් එලෙසින් - කරනවා අනේ

ඉතිං හාමිනේ ඔහේගෙ - මහ ලොකු ඔය ලව් ඩ්‍රැස් එක
ඉස්තිරික්ක කොලේ නැතෙයි? - මාමා ඇසුවා

53 comments:

  1. අනේ අපොයි!!!
    අමතක වෙනඩ ඇති බන් කලබලේට!!

    ReplyDelete
    Replies
    1. සම්මෙට නෝ අයිරන්!

      Delete
  2. ඉස්තිරික්ක කොරන්න තරම් පොඩි වෙලා වගේ...... කතාව නම් අහලා තියෙනවා. ඒ උනාට කවියෙන් ඇහුවාම ඉස්තරම්... මාමා ඊට පස්සෙ රු.45ක් දුන්නෙ නැද්ද දන්නෙ නෑ....

    ReplyDelete
    Replies
    1. අන්න ඒ රු.45/- ගැන අවස්ථා සම්බන්ධය කියකො..

      Delete
    2. ඇයි බං රේසර් එකක් ගන්න.....

      Delete
    3. හමේ රැලි ගැන තමා පුරස්නෙ...

      Delete
  3. හොඳට හුළං ගැහුවානම් රැළි ටික දිගෑරිලා යාවි .

    ReplyDelete
    Replies
    1. දිග අරී කියලා තමා බය....

      Delete
  4. අර කිව්වත් වගේ කතාව අහලා තියෙනවා, නමුත් උඹේ කවියෙන් ඇහුවාම ඉස්තරම්. උඹ දන්නවද දන්නේ නෑ මං කවි වලට කැමති නැති එකෙක් බව. නමුත් මේක...

    ReplyDelete
    Replies
    1. මං දන්නවා ඩූඩ්... උඹලා වගේ බ්ලොග් ලේඛන රටාවෙ විප්ලවයන් කල ලේඛකයන් මේ වගේ සරල කවි වලට දෙන මේ ඇගයීම මටනම් මහ මෙරක්.... (පොඩි මත ගැටුම් උඩ අතඇරලම යන ඇත්තො එක්ක බැලුවම)

      Delete
    2. අනේ බං මේ. >>බ්ලොග් ලේඛන රටාවෙ විප්ලවයන් කල ලේඛකයන්<< වගේ කෑලි කාට අදාල වුනත් මට අදාල නෑ. මම නිකම්ම නිකං බ්ලොග් ලියන්නෙක්. සමහර විට මම උඹට කලින් පටං ගත්තා වෙන්නැති. නමුත් මම එහෙම 'පොරක්' නෙවෙයි. උඹ දන්නවද මම මගේ බ්ලොගට වඩා ආසාවෙන් කියවන බ්ලොග් තව හුඟක් තියෙන බව?

      මීට පස්සෙ උඹ අර වගෙ යෙදුම් මං වෙනුවෙන් නම් යොදා ගන්නෙපා.

      >>පොඩි මත ගැටුම් උඩ අත ඇරලම යන ඇත්තො එක්ක බැලුවම << මේක නොවෙන්න මම වගබලාගන්නවා. උදාහරණයක් හැටියට මම කවුරුවත් එක්ක, ආගම ගැන, දේශපාලනය ගැන, ඇදහිලි හා විශ්වාස ගැන වාදෙට යන්නෙ නෑ. මගෙ අදහස් වලට හැමෝම එකඟ වෙන්න ඕනෙ කියලා එකක් නැති නිසා, මට අල්ලන්නේ නැතිනම් මම සද්ද නැතුව නිකං ඉන්නවා. It's as simple as that.

      Delete
    3. 1. ඇගයීම හදපත්ලෙන් කලොත් ගණන් නොගෙන ඉන්න එපා.
      2. නොයා බෑ.... නිහඬවීමමද විසඳුම?

      Delete
  5. පව් බං...නැන්දම්මා...මනුස්සයාගේ අවධානය ගන්න දිපු ට්‍රයි එක..

    ReplyDelete
    Replies
    1. උඹට දුන්නනම් අයිරන් නොකර ප්‍රෙස් කරලා රැලි අරින්න තිබ්බා.... නැද්ද?

      Delete
  6. මට වෙලාවකට බයයි උඔගේ මේ කතා උල්පත හිදෙයි කියලා...
    එල ද බ්‍රා...

    ReplyDelete
    Replies
    1. ඒ බය සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතී. මෑත කාලයේ මම අසාර්ථක වූ බව පිළිගනිමි.

      Delete
    2. උඹ කවදාවත් අසාර්ථක වෙන්නෙ නෑ මාධවියෝ...ඒත් ඕන කෙනෙකුට ජීවිතේ එක එක කාලවල පොඩි පොඩි අප්සැට් වෙනවනේ...ඕව ගණන් ගන්න එපා...ජීවිතේ කියන්නේ අතීතය නැවත නැවත රිපීට් වෙන දෙයක්...උඹට හැමදාමත් ජය...!!!

      Delete
    3. උඹලා ඉන්නවාද රත්තරනේ? රටවත් ගියාද? මේ වචන මාර මෝටිවේෂන් බං....
      ඇයි බොලල්ලා ලියල්ලැල්ලෙ?

      Delete
  7. මේ කතාවත් සුපිරියි බං.ටයි එකයි බෝ එකයි දෙකම දාගෙන ආව කතාව මතක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. අලේ, ලින්ක් එකක් දාල්ලකො හැලපයියෙ.

      Delete
    2. මම මේ ඒක අහන්න කොමෙන්ටෙකත් කොටාගෙන පහලට යන ගමන්... දැං ඉතිං මකලා වෙන එකක් දාන්න ඕනෙ.

      Delete
    3. මකලා කිව්වෙ අර බ්ලොග් ලියන.....?

      Delete
  8. පට්ට කතාව මදාවියෝ...
    ඔය විදිහට රැළි අරින්න පුළුවන්නම් ලෝකේ තියෙන හොඳම බිසිනොස් එක වෙන්නෙ ඉස්තිරික්ක වෙළඳාම...

    ReplyDelete
    Replies
    1. ඔහොම බිසිනොස් ඔපෝර්චුනිටීස් අඳුනාගන්ට බැරිකම තමා ජාතික දුබලතාවය.

      Delete
  9. කුම්බලා ඔලුවක..
    පිලුනු බත් හැලියක..
    ගොහොරු මඩ ගොහොරක
    ඇති දුගඳ ඇත නාකි .........ක

    ReplyDelete
    Replies
    1. මල හත්තිලව්වයි...
      මහ රජාණනී...
      සඳුමලා වල්වෙලා...
      තියෙනා තරම්නම්...

      Delete
    2. මා වල් උනා නොවෙයි ඔබ මා වල් කලා...

      Delete
    3. අනේ අපොයි මත් වතුරත් කලවම් කරලා බීපු එකාට උන නස්පැත්තිය ...
      දැන් නිඩ්ම තමයි ගසන්නේ ..කොහොම හිටපු මනොෂ් ද ? මදාවියෝ මේකත් අර ගිරව් දෙන්නගේ කතාව වාගේ නේද ? ජොබ් එකේදී කාන්තාවන් පිරිවරාගෙන පිළිවෙලට හිටපු එකා දැන් වැටිලා ඉන්න සෙට් එක ගැන හිතාගන්න පුළුවන් ..හැක් හැක්

      Delete
    4. මොන මගුලවත් කොරගංට බැරුව ඇත්තෙ සිසු පරපුරට පෙනේ කියලා.

      Delete
  10. කටයි පු*යි වහලා වතුරට දාල බුබුලු මතුවෙන තැනට අහවල් දේ කොරන්න තමයි වෙන්නෙ අර කව්දෝ කළා වගේ..
    හෙහ් හෙහ්.... රහ කවිය.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ටියුබ් වල පැච් දාන්න හොයන කෙරමෙම නේද?

      Delete
  11. මම් හරි මනාපයි අර ඉස්තිරික්ක කොරනවා කියන වචනෙට

    ReplyDelete
    Replies
    1. ඔහෙම පරණ වචන සැට් එකක්ම තියෙනවා හෙන ගති.

      Delete
  12. මම එදා දෙකක් දාලා ගෙදර ආවේ මධුවෝ. ඒ නිසයි අපේ උන්දැගේ ඒ ඇඳුම මට හරියට පෙනුනේ නැත්තේ.

    ReplyDelete
    Replies
    1. ඇඳුම නොපෙනුනාට ඇඳුමෙ රැලි ටිකනං දැක්කා නේද?

      Delete
    2. බිජ්ජක් තියන එකෙක් වයිෆ්ව පටලගන්නේ නෑ මේ sick ජෝක් වලට

      Delete
  13. ඒ කියන්නේ මාමණ්ඩියා ඉස්ත්‍රික්ක කොරපුවා වලට තමා කැමති....... වයසට යද්දි ඔහොම තමා මාධවී... ගණන් ගන්න ඒපා......

    ReplyDelete
    Replies
    1. මාමණ්ඩියා එනකොට මැදගෙන බලාඉන්න එයැයි දැනගන්ට එපැයි.

      Delete
  14. ශික් , ලව් ඩ්‍රෙස් එක ස්තිරික්ක කරගෙන මේ සින්දුවත් කියාගෙනම දොර ඇරියනම් කොහොමට තියෙයිද ?
    නියමයි මදාවියෝ ..

    තට්ටු කරන්න හෙමින්
    මගේ විමානේ..
    දොරටුව ඔබගෙයි
    තට්ටු කරන්න හෙමින්

    දෙපා තබන්න හෙමින්
    මගෙ බුමුතුරුණේ සුපහස ඔබටයි
    දෙපා තබන්න හෙමින්

    මා වෙත එන්න පෙමින්
    මගෙ මී බඳුනේ....රස ඔබටයි
    මා වෙත එන්න පෙමින්

    නාට්‍ය‍ය‍ - තාරාවෝ ඉගිලෙති

    ReplyDelete
    Replies
    1. මරු සින්දුවා.....
      මර්සිගේ සින්දුවක් නේද?

      Delete
    2. ගා‍ය‍න‍ය‍ අනුලා බුලත්සිංහලගේ

      https://www.youtube.com/watch?v=2IY5kRHw8nU

      Delete
    3. මටයි ටැපලුනේ...මඩේ ලගින් කේස් එකත් එක්ක.

      Delete
  15. මේකනං බොට වෙච්ච එකක්මයි. හෙක් හෙක්
    නැන්දම්මට හිතෙන්ට ඇති මූ වගේ ගං කබරයෙක් කියල හිහි

    ReplyDelete
    Replies
    1. නැන්දම්මගේ නම මිසිස් රත්නායක කියලයි පොතේනං තිබුණෙ.

      Delete
  16. එල,ඇහුවමයි මෙහෙම කතාවක්.

    ReplyDelete
    Replies
    1. ඔහොම නැන්දම්මලා හැමෝටම නෑ අනේ.

      Delete
  17. ම්දාවියා. උම බ්ලොග් ලෝකේ වෙනම සිග්නේචර් එකක් .ඒක නැති කරන්න බෑ. ජයෙන් ජයම වේවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශා... මටවත් හිතුනෙ නෑ මුලදි මෙහෙම පැත්තකට යාවි කියලා.
      ජය වේවා! නැවත නිතර ලියන්නට හැකිවේවා!

      Delete
  18. නැන්දම්මා පව් ...

    ReplyDelete
    Replies
    1. මාමා පව් නැද්ද එතකොට?

      Delete
  19. නැන්දම්මා කිව්වලු ඔයාට කියලා මැදගන්න හිටියෙ කියලා....

    ReplyDelete
    Replies
    1. මාමා මදියි මදි නොකියන්න.

      Delete