2015-07-13

ඇඟිලි ගැනීම


හෝඩියෙ පංතියෙ කොල්ලෙක් - පුරුදු වෙලා හිටියාලූ...
ඇඟිලි ගණන් කර බලලා - ගණන් හදන්න

දවසක්දා මේ කොල්ලගෙ - මාම කෙනෙක් ගෙදර ආපි
මිනිහට බෑනගෙ දස්කම් - බලන්න හිතුනා


පුතා කියන්නකො මා හට - පහයි තුනයි එකතු කරල
පළමුවෙන්ම මේ ගාණයි - මාමා ඇහුවේ

කොලුවා අතැඟිලි ගැන්නා - අටයි කියා පැවසූවා
මාම හිතුව මේ පුරුද්ද - හොඳ නෑ කියලා

පුතේ ඔහොම පුරුදු වුනොත් - පාසලේදි විභාගයෙදි
ඔයාව අලි අමාරුවක - වැටෙනවා රජෝ

ඒක නිසා ඔය පුරුද්ද - දැන්ම ඕනි නවත්තන්න
දාගන්නකො ඔය අත් දෙක - සාක්කු ඇතුලේ

පුතා ඉතිං මට කියන්න - හතයි තුනයි එකතුකරල
අත් දෙක ඔය විදිටෝම - තියෙන්න ඇරලා

කොලුවාගේ සාක්කු තුල - පොඩි දැඟලිල්ලක් පෙනුනා
හතයි තුනයි එකොළහයිනෙ මාමේ කිව්වා...






80 comments:

  1. Replies
    1. Hah...hah...ha.... Welcome Tikka.

      Delete
    2. Methana thiyenne okkoma amden ge scene ne.. Dingi digaaaa.. Dingi digaaa.. Awulak ne.. Yudde dinuwane.. Its ok.

      Delete
    3. ඇම්ඩත් මේවා ඉගෙනගත්තෙ අපෙං හරිද.................
      යුද්දෙ දින්නා...පාරවල් හැදෙනවා...දැවැන්ත සංවර්ධනයක් සිද්ධ වෙනවා.

      Delete
  2.       හිනාගියේ නැ නෙ මාමේ

    ReplyDelete
    Replies
    1. අටමාමට ඕක ගැනෙන්නෑ... ඇඟිලි පොඩියිනෙ.

      Delete
    2. මගේ අත් දෙකේම තියෙන්නේ ඇගිලි අටහමාරයි

      Delete
    3. බොරු නේද? සොරි! ඇඟිලි පොඩියි කිව්වෙ අනික්වා ලොකුයි කියන්න.
      (දහයම තියෙන උන්ට වඩා ලොකු වැඩ කොටසක් උඹ කරනවානෙ බං...ඒ අටහමාරෙන්.)

      Delete
    4. මමත් අටමාගේ අත්දෙක දැකලා තියනවා..ඒක ආඩම්බරයක් මචං..
      රැකුමට පුතුන් දිවියේ....දුක් ගැහැට විදි..
      පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි...//

      Delete
    5. නිකමට මම හිතුවෙ බොරු කියලා. ඒකයි දෙපැත්තටම හරියන්න කිව්වෙ.
      ඇත්තටම ආඩම්බරයකුත් දැනුන නිසා මාත් අරහෙම ලිවුවෙ.

      Delete
    6. මාධවී කොහොම ද බොල අටමාගේ කේස් ඒක දන්නේ...???

      Delete
    7. මං දැනං හිටියෙ නෑ. මෙන්ඩා තමා තහවුරු කලේ. අටමාමගෙ කොමෙන්ටුවෙන් පස්සෙත් මම හිටියෙ දෙපැත්තටම හිත හිතා.

      Delete
  3. ඒක නං ඊට වඩා ලෙඩක් මාමෙ..
    ඇගිලියි අරකයි පැටලෙන එක
    හිහි

    ReplyDelete
    Replies
    1. පොඩි එකෙක්නෙ බාං....

      Delete
  4. වැරදි පුතා ගනණ 13යි..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. හැක්... ඇඟිලි බං ගැන්නෙ... ජිල් බෝල නෙමේ.

      Delete
  5. පොඩ්ඩක් කලබලෙන් වගේ මදුවා මේක ලියල තියෙන්නෙ. වෙනද තරම් රහ නැත.

    ReplyDelete
    Replies
    1. නෑ බං... කලබලයක් නෙමේ... පොඩි වෙනසකට ලිව්වෙ. රහ මදි බව ඇත්ත.

      Delete
    2. කුනු කරලෝ කෑල්ලක්වත් නැත්නම් මටත් දැන් බත් එක කන්නම බෑ බං..පුරැදු වෙලා

      Delete
    3. හෑක්...හැක්...හැක්.... බොම්බිලි?

      Delete
  6. හනේ යකෝ... :-)

    අපේ පැත්තෙ බේකරියක - වැඩට හිටපු කෙල්ල පොඩ්ඩ
    අතේ ඇඟිලි මදි වුනාම - කකුලෙත් ගනිනව යමරෙට

    හතයි තුනයි එකතු කළාම කෙල්ලෙක් නං දහයයි නේ? කොල්ලෙක් නං තමයි එකොළහ වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. මාත් දන්න පොඩි උන් ඉන්නවා කකුලෙනුත් ගනින.
      කොල්ලන්ට තමා ඉතිං...

      Delete
    2. කෙල්ලෝ නම් 9 වෙන්නත් පුලුවන් එක ඇගිල්ලක් මිසින්

      Delete
    3. සමහර කෙල්ලන්ට උත්තරේ 5 වෙන්නත් පුළුවං...හැක්...හැක්....

      Delete
    4. හුකෑ......ස්... :-) එහෙමත් වෙන්න පුළුවන් නේන්නං.

      Delete
    5. බින්දුව වෙන්නත් පුළුවන්...හුකෑ...ස්!

      Delete
  7. එතකොට මේ විචාරක පොඩිකාලෙද?

    ReplyDelete
    Replies
    1. ඔන්න අදනං කනවා ඉතිං....

      Delete
  8. 1100 කියල තමයි උත්තරේ දීල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක හරියට මිඩ්ල් වන් ඩබල් සීරෝ වගේ...

      Delete
    2. කම්මල,
      ඒකත් පට්ට ක්‍රියේටිව් බං....

      ඩ්‍රැකී,
      ඇයි අර ගණිතයට ආවා නේද .7010 වගේ එකක්. ඒකත් ඔය වගේ.

      Delete
    3. මමත් නොදනි...කියහන් මධු

      Delete
    4. ඩ්‍රැකියා සහ මෙන්ඩා,
      මතක නෑ බොලව් පදනම. සිද්ධියනං ඕක බෝඩ් එකේ ලිව්වම කොල්ලො ගිහිං එක පහලට අදිනවා.

      Delete
  9. මන් දවසක් පොඩි එකෙක් ඔඩොක්කුවේ තියන් හිටිය. ටික වෙලාවකින් ඌ ඇහුව "ඔයාට චු බරයි ද කියල". විලි ලජ්ජා හතයි.

    ReplyDelete
    Replies
    1. සුවර් එකටම පොඩි එකාට මක්ක හරි දැනිලා.... චෑ...චෑ...

      Delete
  10. කොල්ලා අැගිලි සෙල්ලම සැරට ම දාලා වගේ.......

    ReplyDelete
    Replies
    1. ඒ...ඒ... ඒ සෙල්ලම නෙමේ මේ. (තියෙන වල්කම විතරක්. අසංකයා නේද?)

      Delete
    2. අසංකයා නේද?
      ආය ඔක අහන්නත් දෙයක්ද? වෙන කවුද ඉතිං ඔය වගේ නොසන්ඩාල කතා කියන්නෙ

      Delete
    3. ඔබගේ හදේ හැඩ මුහුණෙන් පෙනේ__
      දෙනෙතේ කැලුම් බර ‘නිල්‘ මල් පිපේ__
      මේ කියන්නේ අප දයාබර අසංකයන් ගැනය

      Delete
  11. ඔන්න මේක නම් මම අහලා නෑ. සුපිරි බං. හුරතල් කතාව.

    ReplyDelete
    Replies
    1. පුදුමෙනුත් පුදුමයි... මැගලන්ටත් වඩා ලෝකෙ වටේ ගිහිං තියෙන ඩූඩ් ඕක දන්නැත්තං...

      Delete
  12. මෙදා පොටේනම් මධාවියා ටිකක් අහිංසක වෙලා.

    ReplyDelete
    Replies
    1. උඹ ආයි ලියන්න ගත්තෙ නැත්නං මං පෙන්නනවා අහිංසක කම.... කම්මැලි ගුරා පෝතකයා...!

      Delete
  13. හපොයි ඔය අත්දෙකේ ඇඟිලි මදිවෙනවා මටනම්. හොඳ වෙලාවට කකුල්දෙකේ ඇඟිලි පිහිටවෙනවා.

    ReplyDelete
    Replies
    1. සිද්ධාලේප සීන් එකට මොකද කොරගත්තෙ බොස්?

      Delete
    2. විචාරකතුමා,
      තමුන්නාන්සෙ හෙන ගණන්කාරයා කියලා මම හිතා හිටියෙ. අපොයි, තාම ඇඟිලි ගණිනවනෙ. හොඳයි කියමු බලන්න 12 යි, 13 යි එකතුකරලා.

      ඩ්‍රැකී,
      කැක්කුම් ඔක්කොම නස්නාලේපේ- විස්කම් දක්වන සිද්ධාලේපේ

      Delete
    3. විචාට ආව උත්තරය 10මලු...
      (අතට අහුවෙන්න තිබුනේ නෑලු)

      Delete
    4. පොඩ්ඩක් හිටපං මම තාම ගනිනවා. යකෝ.........මගේ ඇඟිලි මදි. ගෑනිගේ ඇඟිල්ලක් ගහන්න හුටා වැරදුනා ගනින්න වෙනවා.

      Delete
    5. මෙන්ඩා,
      වෙන්ට බෑ... කකුල උස්සගන්ට ට්‍රේන් කොරලා ඇතිනෙ

      විචාරක,
      හුකෑස්.......... අම්මපා තමුන්නාන්සෙ තරම් අවංකව අදහස් දක්වන එක ගොබිලෙක් නෑ මේ බොග් අවකාසෙ.... ඕ යේස්!

      Delete
  14. මේ මාමා නිසා පුතා අපූරුවට හදපු ගණන් වැරදෙනවනෙ
    එළස්
    ජයවේ මධුස්!

    ReplyDelete
    Replies
    1. මටත් තදවෙන්නෙ ඒකනෙ බං... ඕක සාක්කුවෙ නැතිව වෙන කොහේ දාන්න බැරිද? ගණන් වරදිනවනෙ.

      Delete
  15. ඉගෙනගන්න දරුවෙක් ගැන ආදර්ශමත් කවි පන්තියක් දාන්නද ?

    ReplyDelete
    Replies
    1. දිලානයා,
      දා.... දා.... කාගෙන්ද ඔය අවසර ගන්නෙ? උඹ ගියපාර දාපු මල් මසුරං පද පේලි ටික අපට අමතකයි කියලාද හිතුවෙ? උඹලා තමයි මේ අවකාශය පරිපූර්ණ කරන්නෙ. හැකියාව හංගන්න එපා බං... වෙනසක් කරමු.

      මෙන්ඩා,
      කුචු කවහං බං තව මූව... මූ නිකං බයෝ බයෝ වගේ.

      Delete
    2. පියෙක් දිනක් තම පුතුගේ
      කාමරේ ගාවින් යනකොට
      ලස්සන අකුරෙන්ම ලියපු
      ලියුමක් දැක්කා

      ආදරබර මගෙ තාත්තෙ
      මට පොඩ්ඩක් සමාවෙලා
      මගේ කතන්දරය
      හොදින් අසාගන්නකෝ

      මීට මාස 2කට පෙර
      මට කෙල්ලෙක් හම්බවුනා
      එයාගෙ නම මල්ෂා
      කියලයි මට කිව්වේ

      එයා හොදට ගංජා බොන
      හරි ෆන් කෙල්ලෙක් තාත්තේ
      මටත් ඒවා ඔතල බොන්න
      එයා හුරුකලා

      ඒ වගේම ඒ අක්කා
      නහයත් විදලා තාත්තේ
      බුරියත් විදලා තාත්තේ
      ඔව් ඔව් එතනත් විදලා

      එයාට පොඩි දරු පැටියෙක්
      එහෙම ඉන්නවා තාත්තෙ
      මට වැඩියෙන් ඇය වැඩිමල්
      අවුරුදු දහයයි

      අපි දෙන්නා සැලසුම් කලේ
      ඒ දරු පැටියත් හදාන
      හොදට ජිවිතේ ෆන් එකේ
      ගතකරගන්නයි

      ඒත් එයට පොඩි පරහක්
      මගේ මල්ෂ අක්කියාට
      හැදිලා බොලේ රහස් තැනක
      ඉන්නන් පොකුරක්

      ඒත් කමක් නෑ තාත්තෙ
      මේක අපේ දයිවේ තමා
      අපි දෙන්නා අද බැදලා
      ගෙදරින් යනවා

      ඒත් අපිට සල්ලි කොයිද
      සල්ලි හොයාගන්න ඔබේ
      සේප්පුව කඩා
      ලක්ෂ 15ක් මම ගත්තා ...
      .
      .
      .

      .
      .
      .
      .
      .
      .

      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      ..
      .
      .

      .
      .
      ..
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .

      .
      .
      ...

      .


      .
      .
      .
      .
      .
      .
      .
      .
      ඔහොම සිද්ධියක් වුනොතින් පවුලේ සායම ඉවරයි
      පන්තියේ අන්තිම වෙන එක එහෙම දෙයක්ද
      අන්න මගේ රිපෝර්ට් එක ෆ්‍රිජ් එක උඩ තියලා ඇති
      ගෙදර එන්න හොඳ වෙලාව කියන් තාත්තේ ....

      Delete
    3. හපෝයි... මං ලියන්න සැල සුං කොරාන ඉන්න ඒවාමනෙ මුං ලියන්නෙ.... ඕකෙම කෙළි වර්ෂන් එක ලියන්න හිටියෙ මචෝ...
      ඒ වුනාට උඹ මේක වදින්න ලියලා තියෙනවා. මෙහෙම කරමු. උඹ මේවා ඊ මෙල් කොරපං. කොමෙන්ටුවක් විදිහට දානවාට වඩා මොඳ ඇගයීමක් ලැබෙනවා එතකොට. දැන් ෆොටෝ දිලාගෙ දෙකම දැම්මා. මෙන්ඩගෙ එක කයි පද බැඳලා දැම්මා. මනාගෙ එකක් අබවුට් ටු පබිලිස්. උඹත් එවාපං එහෙම... ආයි නෑ එන්ඩිං ක්‍රෙඩිට් හරි ඕපනිං ක්‍රෙඩිට් හරි එක්කයි දාන්නෙ.

      Delete
    4. ඩිලා එවපන් මධුවට...
      එල ද බ්‍රා

      Delete
    5. විචාරක අමාරුවෙ වැටුණු වෙලාවෙත් උඹ ‘එල ද බ්‍රා‘ කියලා තියෙනවා දැක්කා. ඒ අවංකවමද?

      Delete
    6. අනේ නෑ මචං...පුරැද්දට කියවුනාට මම විචාට ආදරේයි..
      කාගේවත් දුකක් කරදරයකදි හිනා වෙන්න සතුටු වෙන්න පුලුවන් හිතත් මට නෑ..
      ගෙදරින් අරගෙන එන කැම එක බඩදරැ අම්මා කෙනෙකුට දිලා මම සමහර දවස්වලට කඩෙන් කනවා..
      ගෙදරට ආපු පත්තෑයෙක් ගරෑඩෙක්වත් මම මරන්නෙත් නෑ මරන්න දෙන්නෙත් නෑ..
      පාරේ වැටිලා තිබුන 500/= ක් මගේ නෙමේ හින්දා අහුලන්නෙ නෑ..

      (කයිවාරැ නෙමෙයි උඹ වැරදියට හිතයි කියලා අහපු දේට පැහැදිලි කිරිමක් කරේ)

      Delete
    7. අනේ මගෙ වස්තුවෙ එහෙම දුර හිතංට එපා... මමත් දැම්මෙ ජෝකක්. අනික උඹ ඒක දාලා තිබ්බෙ විචාට නෙමේ හිරුට... මෙතන උඹ දාපු එකටම රිප්ලයි එකක් අවෙ නැති නිසාත් උඹට මොනාහරි දෙයක් නොකියා ඉන්න හොඳ නැති නිසාත් මම ඒක දැම්මෙ. උඹ කොහොම කෙනෙක්ද කියන එක දැනටමත් හිතේ ඇඳිලා ඉවරයි මෙන්ඩා. ඒක ‘එල ද බ්‍රා‘ වගේ වචන තුනකින් නිර්වචනය කරන්න කොහෙත්ම බෑ... (සමාවෙයං හිත රිදුනනං).

      Delete
  16. ඔන්න මද්දෝ රටට ආදර්ශවත් දරුවෝ...
    වාසනාවන්...

    ReplyDelete
    Replies
    1. ආයි මොනාද ජෙමෝ...............
      ඔහොම දහය එකෙළහ කරන උන් නේන්නං පහුං දොහේ මේ රට ගොඩනැගුවෙ......

      Delete
  17. එහෙමනම් අනිත් දවසෙ ඇඟිලි ගැහීම ගැන ලියන්නකො

    ReplyDelete
    Replies
    1. හප්පච්චියේ ශණී, දැක්ක කල්. නිකං නත්තල් සීයා දැක්කා වගේ.
      (අපි ඒ වගේ ළමයි නරක්වෙන එව්වා ලියන්නෑ හරිද....)

      Delete
  18. සුළැඟිලි දෙකයි කිව්වලු

    ReplyDelete
    Replies
    1. මාපටැඟිලි නෙමෙයිද?

      Delete
  19. ඔන්න මාමල . තාමත් ඇඟිලි ගනින අය ඉන්නව නෙ?

    ReplyDelete
    Replies
    1. හංසිට කියන්න, වැඩි ඈත යන්න ඕන්නෑ අපේ ගෙදරත් ඉන්නවා.

      Delete
  20. මු ඇම්ඩ පුතෙක්නේ.

    ReplyDelete
  21. පොඩි එකාගේ කලිසම් සාක්කුවේ හිලක්ද...

    ReplyDelete
    Replies
    1. ඔව් ලොකුපුතේ, පොඩි පුතාගෙ සාක්කුවෙ හිලක්ද කොහෙද. පොඩ්ඩක් බලංටකො.

      Delete
  22. ඔන්න බලහන් තැනට සුදුසු නුවණ පාවිච්චි කරන උන්!!!
    සාක්කුවට දැම්මා කියලා සැලෙන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. සැලිච්ච පාරද දන්නෑ අනිත් ඇඟිල්ලත් අහුවුනේ.

      Delete
  23. මං කල්පනා කලේ කතාවේ ළමයා කෙල්ලෙක් වුනානම් :)

    ReplyDelete
    Replies
    1. කෙල්ලන්ට ගණං කොහොමත් බෑනේ...හූ...හූ... (විහිළුවට ඈ...)

      Delete
  24. මල් හතයි.. ඉක්මනටම අප්ඩේට්ස් ඔ්නේ්..

    ReplyDelete
    Replies
    1. සොරි වෙන්ටෝනෑ... (මේ මම)

      Delete