(ඇගේ සිහිනය මා සිතුවම් කලා පමණි) |
කිරි කොකුන් රංචුවක් - සේ පෙරට ඇදී එන
සුදු ගවුම් පොඩි අතර - නුඹ සෙවූ මගෙ දෑස
නෙක වනින් සැරස සිටි - දෙගුරු කැල සිසාරා
ඉස්සි ඉස්සී බලා - මා සෙවූ නුඹ දෑස
මුණගැසෙන නිමේෂය - දිලිසෙනා ඔය දෑස
කිරි සිනා මල් පිපී - ඉතිරෙනා මුව පොඩිය
දහක් මල් කැකුළු මැද - මගේ සිත පුබුදුවුන
සුව දසුන නුඹම විය - පෙර දිනෙක ගෙවීගිය
යෞවනයෙ දොරටු මැද - කෝල සිනහා සිරව
දිදුලනා දෙනෙතකින් - ලොවක් සොයනා නුඹට
වසර පහලොවක් ඇඳි - සුදුගවුම උනාලා
අල්මාරියේ කොනක - තබන්නට සිදු වුවත්
එවන් වූ රාමුවක - සදා දුටු නුඹේ රුව
මගේ සිත් කොනක හිඳ - සිනාසෙයි මා සමග
සුදුගවුම තුල රැඳෙන - අවසාන දින දහය
එළඹිලා ඇත මෙදින - වැළැක්විය නොහැකි ලෙස
අසන දකිනා සැවොම - අමාරුද ලේසිදැයි
දහස් වර යළි යළිත් - සවන් යුග රැව්දෙනා
දිව දෙතොල නොගෑවී - මුව තුලින් පිටවෙනා
පිළිතුරක් නොපතනා - හුරු පුරුදු විමසීම
පාසලේ පන්තියේ - සොඳුරු වූ පිළිමළුන්
අබිබවා යමින් වුව - ඔබව සොයනා මෙදින
දෙමාපිය රෑන් ඇත - එක් පසෙක පෙළ සැදින
තව පසෙක නෑ සියන් - පෙනී නොපෙනී ඇදෙන
නුඹට වැරදුනු බවක් - අසන්නට ලැබුණොතින්
සිහින් වූ කුරිරු වූ - මදහසක් මුව ඇඳුනු
දහසකුත් මුහුණු ඇත - නෙත් අයා බැලුවොතින්
මුවැත්තියෙ නුඹ නොදුටු - ඒ සිනා මට පෙනේ
ඒ වුණත් දියණියේ - තවත් දෙදෙනෙක් සිටී
නුඹේ කුස පිරී ඇති - බවට සහතික වෙන්න
අල්මාරි තට්ටුවල - සළු පිළී පුරවන්න
රාක්කද මේස පුටු - පොත් වලින් පුරවන්න
අවරෝහණය වෙනා - කැලැන්ඩර දින ගණන
නොවැරදී ගැන ගැනා - තත්පරෙන් තත්පරය
ගෙවීගිය ප්‍රවේගය - ත්වරණයක් වූ බවට
මනාකොට පසක් වූ - තවත් දෙදෙනෙක් සිටී
නුඹේ සිත ගැහෙන සේ - සමානම වේගයෙන්
ගැස්සෙනා සිත් දෙකක් - ඇති බවත් දැනගන්න
යෝධ පිම්මකට නුඹ - සැරසෙනා මේ මොහොත
නුඹේ රැකවල් දැලද - සවිමත්ව එළා ඇත
දිණුම උද්යෝගයෙන් - අපේක්ෂාවෙන් ඉන්න
ලැබුණොතින් පැතු දිණුම - උත්කර්ෂයට ගන්න
නොලදහොත් ඒ වරම - උපේක්ෂාවෙන් ඉන්න
මගහැරුණු පාඩමකි - තාත්තාගෙන් ගන්න
සමාන ඉරණමකට මුහුණපා සිටින අපේ ඩූඩයියාගේ දියණියටත් උණුසුම් සුභ පැතුම්...නියත ජයකට!
ආඩම්බරකාර තාත්තා ... දුවට ජය නියතයි
ReplyDeleteape thaththata wagemalu neda uncletath.
Deletethank you uncle.....
ඉවාන් අන්කල්ගෙ දුවත් ඔි ලෙවල් කරනවා..
Deleteඑයා කරන්නේ 2025 දී කියල තමයි ඉවාන් අයියා හිතාගෙන ඉන්නේ...
Deleteසඳු හිරු තරු පවතින තුරු අපි මැරෙන්නෙ නෑ
Deleteවයස නොයන කොල්ලො අපී... හිතා ඉන්නෙ එහෙම අපී...
ඉවාන් නාකි නෑ...ඉවාන් නාකි නෑ //
සිහිනය සැබෑවක් වන්නට සුබ පතමි...!
ReplyDeletethanks ayya....
Deleteහැ.හෑ..අයියා...?
Deleteදෝනි..මුට පුත්තලම් බුරැවෝ 4 දෙනෙකුගේ වයස..
පල පල ඉරිසියාකාරයා.... බොලාගෙ වයසෙයෙන් බාගයක්වත් නෑ මට....
Deleteමචං මෙන්ඩා... බූරුවො වර්ග දෙකක් ඉන්නවලු. එක සෙට් එකක් අවුරුදු 10-12 අතර, අනික අවුරුදු 30-50 අතර ජීවත් වෙන. පුත්තලමෙ ඉන්නෙ කොයි සැට් එකද?
Deleteකැමා,
ඒ කියන්නෙ උඹ ඕ ලෙවල් ද කරන්නෙ. දුවේ, මෙන්න මේ මල්ලිට තෑන්ක්ස් කරන්න.
තොත් පල මධාවියා..මගේ වයසෙන් බාගයයි නම් කොහමද යකෝ ඔි ලෙවල් වෙන්නෙ? කැමා ඉන්නෙ 9 වසරේ..
Deleteමධු,
Deleteඔය මෙන්ඩා කියන බූරුවාගේ.. ආ වැරදුනා.. නෑ නෑ පුත්තලමෙ ඉන්න බූරුවනෙ වයස අවුරුදු 7 යි....
මෙන්ඩා,
නෑ බොල පහ වසරෙ. මේ පාර ශිෂ්‍යත්වෙ ලියනවා... :D
ඉරිසියාව... මෙන්ඩගෙ පැහැදිලි ඉරිසියාව...
අ...ආ... දුව ගිහිං නිදාගන්න.
Deleteමට මේ අංකල්ලා එක්ක පොඩි කතාවක් තියෙනවා.
අනේ..තාත්ති මේ අයියලා එක්ක තාත්තිට මොන කතාද?..තාත්තිගේ වයසේ අර චෙෆා අංකල්ව අල්ල ගන්න..
Deleteමිට දෝනි
එල මෙන්ඩෝ එල.......
Deleteමෙන්ඩා,
Deleteඅඩෝ මේ මගෙං කිවුලෙං නොකා හිටු.... වයස විසිහතරෙදි බං ඔය කෙල්ල හම්බු උනේ... (මං කිව්වෙ අපේ නෝනෙට)
කැ.කා.
තෝ නං කැමරා කටා..............ම තමා.
ජය වේවා...!
ReplyDeletewish you the same...
Deleteඩ්‍රැකි පුතේ...දුවත් සුභ පතපු නිසා පුතා හොදට මහන්සි වෙලා විභාගේ ලියන්න ඔනේ..
Deleteවිභාග කියලා නෙමේලු බං... ජය පතපු හින්දා. අලේ මල්ලා මේ මෙල්ලාලං....
Deleteඡය ශ්‍රි මහා බෝ හාමුදුරැවන්ගෙ පිහිටෙන් සිහිනය සැබෑ වෙිවායි හදවතින්ම පතමි..
ReplyDeletethank you sooooo much uncle...
Deleteඅද මේ බ්ලොග් එක ලස්සනයි මචං...
Deleteපරන කමෙන්ට් නම් දෝනිට බලන්න දෙන්න එපා...අපිට කලිසං ඔලුවෙන් ගලවන්න වෙන්නෙ.
ඒක නම් ඇත්ත මෙන්ඩෝ... අදම මේකෙ ලොගින් පාස්වර්ඩ් එක මාරු කරන්න කියමු මධුවට...
Deleteමෙන්ඩා, මේක කොහොමත් මල් උයන වගේ තියෙන්නෙ. බොලා තමා වල් උයන කරන්නෙ.
Deleteකැමා,
ඒවා හරියන්නෙ නෑ බං. සේරටම වඩා පාස්වර්ඩ් එක හැක් කරන්නෙ පහේ ශිෂ්‍යත්වෙ කරන පොඩිම එකී.
මේක තමයි නියම පෝස්ට් එක මධු.... සුපිරිම කමෙන්ට්ස් ටිකක් එක්ක. නැද්ද මෙන්ඩෝ....?
Deleteඇත්තටම මචං...පෝසට් එකට වඩා කමෙන්ට් වලට ඇබ්බහි වෙලා..
Deleteඅවංකවම මේ කමෙන්ට්ස් ඒකි නප්පියට එන්ජෝයි කරනවා බංස්ලා.... ඒකිට තිබ්බ ස්ට්‍රෙස් එකේ හැටියට මෙහෙම දෙයක්වත් කරන්න හැකිවීමම මට පුදුම සතුටක් බොලව්...
Deleteඒ සතුටට අපිත් පොඩ්ඩකින් හරි දායක උනා කියන සතුට තියෙනවා. වරදින්නෙ නෑ මධුවෝ මුන් ඔක්කොම හිත හොදින් සුබ පතනකොට....
Deleteබොලා සේරටම ළඟදිම මං කළගුණ සලකනවා මං... ඕ යේස්. අද හෙටම දෙනවා මදි නොකියා දුවන්න.
Deleteමට නම් හෙමාස් එකේ ඇඩ් මිට් වුනොත් කම්පැනියෙන් ගෙවනවා..කැමාට හදිසි අනතුරැ වට්ටුව කතා කරලා දියන්..
Deleteඊට වඩා හොඳයි බං කෙලින්ම ජයරත්න එකට කතා කරලා තියන එක....
Deleteහෑක්...හැක්...හැක්....
Deleteපුරෝගාමීන් සැට් එක පළමුව අපායට යවා වර්තමානයේ මෙය පවත්වාගෙන යන තොප සැම එම පෝලිමේ අග එල්ලා තබමි.
ජයෙන් ජය පතනව.....
ReplyDeletethank you ayya koba
Delete(ඇගේ සිහිනය මා සිතුවම් කලා පමණි)
ReplyDeleteනුඹේ සිතුවම ඇ වර්ණ ගන්වනු ඇත.
සුබ පැතුම් අප්පුච්චා.....
සාදරයෙන් පිළිගන්නවා සබරේ ඇනෝ මේ අඩවියට.
Delete(මම බලකිරීමක් කරලා නෑ. ඒත් ඒ ඒ පැත්තෙන් ඉහලටම යාමේ වටිනාකම කියාදීලා තියෙනවා. මේ සිතුවම මම ඇගේ මුහුණ යොදා ෆොටෝෂොප් කරලා දුන්නේ ඇයගේ ඉදිරි දැක්ම එ්ක නිසා)
ස්තූතියි උඹට... - මධුමාධවී
කෙල්ල දිණුම් කනුව ළඟට යයි...
ReplyDeleteමාතලන්ගෙන් හද පිරි සුපැතුම් පුතේ.......!!!!!
thanx...... exam iwara wela unclewa balanna enawa aniwaren.
Deleteඇගේ සිහිනය සැබෑ වේවා. අර දෙදෙනාගෙත් පැතුම් ඉටු වේවා.
ReplyDelete(උඹට කියන්න, මේ දවස්වල (මේ මොහොතෙත්) මගෙ දුවත් විභාගයකට මුහුණ දෙනවා. මේ සුභ පැතුවා විතරයි.)
ඩූඩ් අයියගෙ දුවටත් විභාගෙ ජයගන්න සුභ පැතුම් !!!!
Deleteඩූඩයියගෙ දුවටත් ජයෙන් ජයම වේවා....
DeleteThank you Kammala and Dilshan.
Deleteදුවට ජය පතමි..!ආශීර්වාද එවමි..!!
Deleteජයවේවා..!!
ඒ පුතාටත් ජයම වේවා.... හද පිරි සුපැතුම් මාතලන් සීයාගෙන්...!!!!
Deleteපොඩි ඩුඩිටත් ඡය ශ්‍රි මහා බෝ සමිදු පිහිටෙන් ඡය වේවා.
Deleteදුවට විභාගය ජය ගන්න සුබ පැතුම්...!
DeleteThis comment has been removed by the author.
Deleteඩූඩ් දුවට ජයෙන් ජයම වේවා
Deletethanks uncle..send my regards to her..
Deleteඩූඩ් දුවට හදවතින්ම ආශීර්වාද කරනවා !!
Deleteදුවගේත් දෙමව්පියන්ගෙත් බලාපොරොත්තු සපිරේවා කියල ඉත සිතින් සුබ පතනවා ඩුඩ් :)
Deleteබොහෝම ස්තුතියි උඹලා හැමෝටම, ගස්ලබ්බ, මාතලන්, මෙන්ඩා, යෂ්‍යන්ත, ඉවාන්, මධු, පත්තරයා, කමියා.
Deleteඩූඩ් දියණියට හදවතින්ම සුභ ප්‍රර්ථනා කරනවා......
Deleteමමත් හදවතින්ම සුභ ප්‍රර්ථනා කරනවා......
Deleteදියණියට දිරිය ශක්තිය ලැබේවා !!!!
ReplyDeleteමගෙ දුවේ ඔබ අවදියෙන් නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් ඔබට මයි
සේපාලිකා මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරකා බිම බලාගෙන
වැව් දියට පෙම් බැඳි වෙලාවයි
මේ පොළෙව කොතරම් සුන්දරද
මගෙ දූ තනිවම හිනාවෙයි...
ඝන කලුවරට අප පෙම් කළොත්
ඉර හඳ තරුවලට ණය ගැතියි
ලොව දුන්න දේවල් අද අපට
හෙට ලොවට පෙරළා දිය යුතුයි
"ඔබ මේ ලොවට ආදරේ නම්
මුලු ලොවම ඔබටත් ආදරෙයි..."
ගී පද - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
(පට්ට බුසි මාධවී ..එහෙන් මෙහෙන් ගොඩවෙලා යන්න ආවේ .මේක දැක්කම සුපතන්නේ නැතිව යන්නේ කොහොමෙයි )
යනගමන් එන්නම් කියපු නිසා උඔ එනකන් තවම බංකුව උඩ බලාගෙන ඉන්නවා..
Deletethank you.one of my favourite songs.
Deleteබංකුවෙ උඩ බලන්න එපා මෙන්ඩො.. හීරෙයි. - මධුමාධවී
Delete"Oba me lowata aadare nam mulu lowama obatath aadarei..."
ReplyDeletewish you all success in your exam and your life as well....
(PS. Music in this song is sweeter as ever.. but I feel so sorry about the musician who failed to recognized the theme of the people and joined the roughs...A person-muscician whom we loved and trusted - but licking the boot of HORA)
thanx uncle....
Deleteසාදරයෙන් පිළිගන්නවා මේ අඩවියට ජයන්ත
Delete- මධුමාධවී
අවසාන දින ගණන - වුණත් මෙය පාසලේ..
ReplyDeleteඇරඹුමයි නව දිවිය - දිරි ගනින් මගෙ දුවේ
සුන්දරයි සිතෙන මුත් - නැත පහසු දිවි දිනුම
රළු පරළු මග යන්න - ලැබේවා සැම රැකවරණ...
උණුසුම් සුබපැතුම්... තාත්තෙකුට මීට වඩා ආඩම්බරයක් කොයින්ද? (රහසින්... යකෝ අපි කොල්ලෙක් කියල හිතා ගෙන හිටියට මධුවා පස්ට නාකියෙක්නෙ බොල)
(මාත් රහසින්, ඒකනෙ ඩිලෝ මාත් හිතාගෙන හිටියෙ එහෙමයි)
Delete(මාත් රහසින් ,මචෝ නාකි ඔක්කෝම කොල්ලෝ වෙලානේ බලාගෙන යනකොට ..හැක් හැක් )
Deleteමී පැණි රහසක් ගැලුවා සුකිරි කන්දෙන්
සීතල පහසක් දැණුනා සීතල නින්දෙන්
කොපුල දෑල හාදු ගලායා
කුමරි ළඟින් සුවඳ සලායා ...
යකෝ මූණක් බලල මචං කියන්න කෙනෙක් නැති වෙයි වගේ.. ඔක්කොම හැරමිටි කේස්...
Delete(මමත් රහසින්)
Deleteඒක තමයි අපි වගේ කොල්ලන්ට සෙට් වෙන්න එකෙක් නැද්ද
thanx ayya..
Delete(ape thaththa pasta naki ne harida...........)
අඩෝව්... දැන් හැදෙන උන් වගේ ගෙදරටම නාකිවෙලා නෙමේ අඩු වයසෙං අපි බැන්දෙ දෙමව්පිය කොන්සෙන්ට් එක අරං...හරිද...
Delete(මට මුකුත් කියන්න බෑ මෙතන මේ කෙල්ල රිංගනවා සැරිං සැරේ... නැත්තං මං දනී.... ආවා මෙතන හුහ්...)
ඈ මෙන්ඩො.... එතකොට මූ හැට පැනපු ඉලන්දාරියෙක්ද....?
Deleteමෙන්ඩ.. මාත් රහසින්.. අපි වගේ වෙන කොල්ලෝ බ්ලොග් ලියන්නෙම නැද්ද බං?
Deleteකැමා,
Deleteනෑ බං අඩු වයසිං ළමයි හම්බු වෙච්ච එකෙක්.
කල්‍යාණ,
හැක් ‘අපි‘? උත්තම පුරුෂ නොවන තැනක අපි කියලා දැක්කමයි.
දුවත් මේ පෝස්ට් එක බලනවා කිවුවනේ ඒ හින්දා අඩු වයසින් හම්බුන එකට මුකුත් කියන්න බෑ... :D
Deleteමධුවා ටිකක් පරිස්සටමට වචන පාවිච්චි කරනවා දැක්කමයි........
ආ... මම බොහොම ශිෂ්ඨ විදිහට තමා ලියන්නෙ. (මෙය අතීත කාල ක්‍රියාවකි).
Deleteමගෙනුත් ආසිරි
ReplyDeleteජයෙන් ජයම වේවා!
warna ayyatath sthuthi....
Deleteපළමුව දියණියට ජය පතමි...
ReplyDelete///නුඹට වැරදුනු බවක් - අසන්නට ලැබුණොතින්
සිහින් වූ කුරිරු වූ - මදහසක් මුව ඇඳුනු
දහසකුත් මුහුණු ඇත - නෙත් අයා බැලුවොතින්
මුවැත්තියෙ නුඹ නොදුටු - ඒ සිනා මට පෙනේ ///
මේ හිනා වලටත් මුහුණ දෙන්න ළමයි හුරු වෙන්න ඕනේ මදාවි...
ඒ සම්බන්ධ මගේ කතාව මෙතන කමෙන්ට් එක විදිහට ලියලත් කපල දැම්මා ඒක පෝස්ට් එකකටත් වඩා දිග වැඩි නිසා. මෙතනින් කපල අරගෙන වර්ඩ් ෆයිල් එකකට දැම්මම හරියටම පිටු දෙකක් තියෙනවා. හෙහ් හෙහ්...
ඒක පස්සේ පෝස්ට් එකකින්ම දාන එක හොඳයි වගේ කියල හිතුනා...
thank you so much uncle...
Deleteවිභාගෙන් ජය ගන්න සුභ පැතුම් දුවේ.
ReplyDeleteමධුවො දුවට බස්සිගෙ පෝස්ට් එක විභාගෙන් පස්සෙ පෙන්නපන්.
thanx uncle..
Deleteකම්මලයෝ වහ කාපිය උඔට අංකල්ලු
Deleteඇයි බං ඌමනෙ ‘දුවේ‘ කියලා දැම්මෙ.
Deleteජය නියතයි.....
ReplyDeleteදුවෙක්ට ලබන්න පුලුවන් උපරිම අගය ඇති තාත්තෙක් ඉන්න දුවෙක් උඹට ඉන්නේ..
ජයශ්‍රී කෙල්ලාට....!
uncle kiyapu de aththma aththa.thnks uncle.
Deleteසීයා දුවේ සීයා...අනිත් අන්කල්ලා මාව කයි....
Deleteඅන්න වචනෙ ෂෙෆාකි. අනික් සියළුම ‘අන්කල්ලා‘.
Deleteඅපිත්...?
Deleteඔව් ඔව් තෝත් ඇතුළුව තමයි. තාත්තගේ යාළුවානම් ඉන්නේ එක වසරේ උනත් ඒක එහෙම තමයි...
Deleteඑනවා මෙතන පොඩි එකා වෙන්න...
උඹට අන්කල් කියපු හින්දා අපි එක්ක ඉරිසියයි නේද ලොකූ...? :p
Deleteකැමා,
Deleteඋඹ හැමදාම අයියා වෙලා ඉන්න ද කල්පනාව? දරුවෙක් මල්ලෙක් හදාගෙන අංකල් කෙනෙක් වෙන්න කැමති නැතෙයි?
ලොකුස්,
දාපං මචෝ පහක්.
අපිත්...?
Deleteඅහපු කැත විතරක්..එනවා මෙතන කොල්ලා වෙන්න..
මධු,
Deleteතව වයස තියෙනවනෙ බං....
මෙන්ඩා,
ඇයි බොට ඉරිසියයිද...?
chef architect,
Deletehali hali thank you seeye..
සැහැල්ලුවෙන් එගොඩ වන්නට දුවට ජය පතමි..! ආශීර්වාද එවමි..!!
ReplyDeleteජයවේවා..!!
thanks... uncle kiyannada ayya kiyannada....
Deleteඅන්කල්..අන්කල්...
Deleteගස් ලබ්බා අන්කලුයි අපේ චෙෆයි එක පංති වල..
අත පය රැලි වැටී නැත ඉස්සර හයිය
Deleteලඟ දුර වෙනස වත් නොපෙනෙයි දැන් ඇහැට
කට විතරයි ඉතුරු ඒකත් නැහැ මෙල්ල
වයසක මෙණ්ඩෝ කෑ ගහපන් දුක යන්න..!!
බොලා දෙන්නටම මේක බේරගන්න ඇරලා මම කෙල්ල ගෙට ගන්නං.........ඇ,,,
Deleteගස් ලබ්බා දවසක් පාරේ යනකොට කොල්ලෝ වගයක් “චමින්ද...චමින්ද“ කියලා කෑ ගහලා ලබ්බා කිව්වලු
Delete“ලස්සන නම පුතා...අපේ අම්මා තාත්තාවත් මෙච්චර ලස්සන නමක් දාලා නෑ..හැබැයි තව එක පාරක් කිව්වොත් කොල්ලො තෝගේ කන පලනවා කියලා“
මෙන්ඩා,
Deleteචමින්දට හරියන චමිලා කෙනෙක් හොයපං...පං...පං....පං....
ස්ථානය : ඇඳුම් මහන පැට්ටේරියක්
Deleteවෙලාව : තේ වෙලාව
පිරිස : ඉටිකිරිස් සේවක ළඳුන්
ස්වරය : කෝමල ස්වරය
'අනේ මෙයා.. අදත් අර චමින්දයා "චමින්ද ගේ ආ ගිය කතා" කියන්න එයිද දන්නෑ..'
'ඔව් අනේ... නාකි විසේ ගෙටත් උසේ කියන්නෙ නිකං යැ.. හැමදාම තේ වෙලාවට එනවනෙ බහුබූත කතාවක් උස්සගෙන..'
'දවසක් එකියක් මූණටම 'චමින්ද' කිව්වනෙ... මූ හිතන්නෙ ආදරේට කියලා... නාකි හමා..'
(මෙහෙමලු 'චමින්ද' කතාවෙ ඇතුල් පැත්ත.)
ආ....මේ කියන්නෙ මෙණ්ඩා මල්ලි ගැන නෙමෙයි 'ලු'..
හෙහ් හෙහ් හේ....
ලබු මල්ලී... ඔය කෙල්ලො ඇවිල්ලා මගෙත් කස්ටමර්ලා, හරිද?
Deleteදුවට සුබ පැතුම්!
ReplyDeleteමදාවියගේ අලුත් විදියට ලියපු පොස්ට් එක මොකක්ද බැලුවා.
thanx uncle....
Deleteහ්ම්...............දරුවන් දෙන්නෙක් වෙනුවෙන් මමත් ඔය විදිහට හිතෙන ප්‍රාර්ථනා ගොඩක් කෙරුවා. පූරුවේ පිනකට ඒවා සඵල වුනා.
ReplyDeleteමේ දරුවාටත්, ඉදිරියට යන්නට, උගත්කම සමග මිනිස්කමද දියුණු කරගන්ට, අවස්ථාව ලැබේවා කියා, හද පත්ලෙන්ම පතනවා.
thank you so much wichara uncle.
Deleteකෙල්ලා...මෙයාට සීයා කිව්වනං තමයි වටින්නේ...
Deleteමුත්තා නත්තා පනත්තා ඔය ඔනේ එකක් ගැලපෙනවා
Deleteෂෙෆාකි සහ මෙන්ඩා,
Deleteමං නං ඕං මුකුත් කියන්නෑ... කෙල්ලගෙ විභාගෙ ඉවර වෙනකං පණ බේරගංටත් එපායැ.
දිණුම උද්යෝගයෙන් - අපේක්ෂාවෙන් ඉන්න
ReplyDeleteලැබුණොතින් පැතු දිණුම - උත්කර්ෂයට ගන්න
නොලදහොත් ඒ වරම - උපේක්ෂාවෙන් ඉන්න
මගහැරුණු පාඩමකි - තාත්තාගෙන් ගන්න
thanx uncle..
Deleteඇගේ වගේම උඹේ පැතුම් ඉටු වේවා.... මට මතක් වෙනව එකපාරක් යාලුවෙක්ට උගෙ තාත්ත කියපු කතාවක් " උඹ විභාගෙ පාස් උනත් මගේ පුතා.. ෆේල් උනත් මගේ පුතා"
ReplyDeleteමටත් මතක් වුනා..මම උසස් පෙල විභාග ප්‍රතිපල බලන්න යන දවසේ මමයි තාත්තයි අතර සිදුවුන කතාබහක්..
Delete“පුතේ..උඔ විභාගේ ෆෙල් වෙලා නම් මට ආය තාත්තා කියන්න හිතන්නවත් එපා“
මම ප්‍රතිපල බලල එනකොට තාත්තා ඉන්නවා ගෙදර ඉස්සරහා...ඈත තියාම තාත්තා ඇහැව්වා...“පුතේ..උඔ විභාගේ පාස් නේද?“
මම කිව්වා...
“සොරි මචං...මට උඔට තාත්තා කියන්න තිබුන අන්තිම අවස්ථාවත් නැතුව ගියා“
මෙන්ඩා මෙන්ඩා .. ආපහු කැළණි පාලම උඩින් ගඟට වැටුනා
Deletethank you uncle sajja...
Deleteනියම කතාව මෙන්ඩා...
Deleteමධුවාගේ දුවටත්,ඩුඩ්යියාගේ දුවටත් ජයම වේවා !
ReplyDeletethanks ayya..
Delete(මම අන්කල් කෙනෙක් නෙවෙයි අයිය කෙනෙක්.. හැක හැක..)
ReplyDeleteවිහිලු නෙවෙයි පුතා.. ඒ ලෙවල් කියන්නේ ජිවිතේ නෙවෙයි ජිවිතේ එක කඩයිමක් විතරයි.. ටාගට් එකක් තිය ගන්න ඒ වෙනුවෙන් වැඩ කරන්න.. හොඳම දේ බලාපොරොත්තු වෙන්න.. හැබැයි නරකම දේට උනත් මුණ දෙන්න සුදානම් වෙන්න..
ඔයාගේ බලාපොරොත්තුත් දෙමවුපියන්ගේ බලාපොරොත්තුත් ඉටුවෙන්න සුබ පතනවා. ජය ශ්‍රී!
මෙයා එයාගෙ මල්ලිගෙ අයියා විතරයි දුවේ....අහුවෙන්නෙපා ඕවට...!
Deleteඅන්කල්ලට ඉරිසියයි නෙහ්! හැක හැක...
Deletetanks uncle.....
Deleteෂෙෆාකි,
Deleteවැඩක් නෑ චීෆ්, දුව මෙයාව දැකලා තියෙනවා බුකියෙ.
කළණ,
ළමයින්ගෙ අම්මා වෙන්නැති අයියා කියනවා ඇත්තෙ.
දුවේ මේ කඩඉම ජයගන්නට නුඹට ශක්තිය ධෛර්‍ය ලැබේවා !! සුභ පැතුම්..
ReplyDeleteමෙයාට මල්ලි කියල රිප්ලයි කරන්න දුවේ....
Deleteවෙන එකක් තියා පොඩි මෙන්ඩත් මෙයාට මල්ලි කියන්නෙ..
Deletemalli mamatath sthuthyi..
Deleteපත්තරයෝ බලපිය මධුවා කරපු දෙයක්..මේක දුවයි තාත්තයි එකතුවෙලා කරපු බටහිර අධිරාඡ්‍යවාදි ලේමන් පෆ් කුමන්ත්‍රනයක්..
Deleteඑක පැය ගානකට මේ කෙල්ල අර වයසක ලෝක්කා මධාවියාගේ වයසට දැම්මනේ අපිවත්...
දෝනි...(නංගි කියන්නත් පුලුවන්..අර කෑමරා හොම්බයි, කෑමර කටයි නැත්නම් ඌන් කට කැඩිච්ච කතා කියවනේ)
කොන්ඩේ ඡෙල් කරලා ෂෙව් කරලා ඉස්කොලයක් ලගට ගියොත් තවමත් 11 වසර ගෑනු ළමයි පස්සෙන් එයි කියලා මගේ කෙල්ලෝ කියන්නේ..
ඇව්...ඇව්... එනවා උඹේ පස්සෙන් 11 වසරෙ කෙල්ලො කවකට්ටක් හොයාගන්න බැරිවුණාම....
Deleteආයෙ ඉතින් වෙන මොනා කියන්නද මධුවා දීලා තියෙන්නෙ ලෙසටම මෙන්ඩට....
Deleteදිලෝ මෙන්න මූ අපිට පද හදනෝ....
ඇයි බං? ඉවසන්න පුළුවන්ද මේ දෙන වේදනා?
Deleteජීවිතේ තියනකම්ම ඔයාට වැටෙන්න නොදී බලාගන්න අම්මෙකුයි තාත්තෙකුයි ඉන්නැද්දී මොකටද බයවෙන්නේ දුවේ.කවදාවත් පිටිපස්ස හැරිලා බලන්න එපා.ඒ දෙන්නා ඔයාගේ පස්සෙන්ම ඉන්නවා.ඔයාගේ අරමුණටම යන්න මහන්සිවෙලා වැඩකරන්න.ඔයාට ජයක්ම වේවා....
ReplyDeletethank you uncle...
Deleteඒ මෙන්ඩෝ... මෙන්න මූටත් අන්කල් කියලෝ.... හූ.....
Deleteතන්තෝසේ බැරැවා...අද නම් සතුටටත් එක්ක ..කඩනවා පස්වෙනි සිල් පදේ.
Deleteduwe kiyala katha karapu nisa uncle kiwwe.profile eke katussekne inne.ayyekda menda ayya wage...?
Deleteකටුස්සාට වඩා මම බාලයි...මම එකම පංතියේ අවුරැදු 3ක් හිටියා ඒකයි..
Deletehapoi.sorry sorry uncle kiuwata.menda ayya.dan hari neeeeeeee.:D
Deleteනංගි දුවේ තාත්තා අතේ මම තැග්ගක් එවන්නම්..අද නම් කිරිබත් ටිකකුත් උයන්න කියන්න ඔනේ..
Deleteමිට
මෙන්ඩා අයියා
ඔන්න ඔහෙ මුකුත් කියන්න ඕනෙ නෑ... පවුනෙ මෙන්ඩා අයියා.......
Deleteමෙන්ඩා,
Deleteඔය කෙල්ල දෙන ලණු කනවට වඩා උඹ කිරිබත් කන එක ගැන මට සතුටුයි.
(මාවත් අංදනවා අංබානට)
කැමා,
අනුකම්පං උපාදාය.......පතිගන්හාතු මුත්තමං...
සුබඅනාගතයක් ( මං අංකල් ෙකෙෙනෙක් ෙනෙෙමෙයි )
ReplyDeleteOnly an Android App....!
Deleteane ane uncle thank you..
Delete( මං අංකල් ෙකෙෙනෙක් ෙනෙෙමෙයි )//
Deleteane ane uncle//
රාගම ස්ටේෂන් එකට ලගයි නේද අටමෝ...ගිහින් බෙල්ල තියපිය කෝච්චියට.
ඉහේ කෙස් ගානෙං තමා කෙල්ල ඕකාගේ වයස හොයාගත්තෙ මෙන්ඩො.
Deleteමධුමාධවී , ඩූඩ් ඔබ දෙපලගේම දියණියන්ගේ ඒ සොඳුරු සිහිනයක් යථාර්තයක් වේවා,යි හදවතින්ම සුභ පතනවා ...!
ReplyDeleteමිත්‍ර වරණ සහෘදයා කිව්වා වාගේම " දියණියෝ " ඒ සොඳුරු සිතුවම වර්ණ ගන්වාවි නිසැකයෙන්ම ...!
░░▄█████▄░▄███████▄░▄███████▄░██████▄░░
░░██▒▒▒▒█░███▒▒▒███░███▒▒▒███░██▒▒▒██░░
░░██▒▒▒▒▒░██▒▒▒▒▒██░██▒▒▒▒▒██░██▒▒▒██░░
░░██▒▒▒▀█░███▒▒▒███░███▒▒▒███░██▒▒▒██░░
░░▀█████▀░▀███████▀░▀███████▀░██████▀░░
░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░
░░░░██▒▒▒▒░██▒▒▒██░▄█████░██▒▒▒▒██▀░░░░
░░░░██▒▒▒▒░██▒▒▒██░██▀▒▒▒░██▒▒▒██░░░░░░
░░░░██▒▒▒▒░██▒▒▒██░██▒▒▒▒░█████▀░░░░░░░
░░░░██▒▒▒▒░██▄▒▄██░██▄▒▒▒░██▒▒▒██░░░░░░
░░░░▀█████░▀█████▀░▀█████░██▒▒▒▒██▄░░░░
░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░
This comment has been removed by the author.
Deletethank you so much...ayya
Deleteසදරැ..
Deleteආතරයා මකපු කමෙන්ට් එකේ තිබුනේ..
thank you uncle... කියලා...බොරැ නම් කැමාගෙන් අහපන්..
අනේ බං මගේ උපදෙස් ඕනි ඒක දාන්නත් මේකිට...
Deleteමෙන්ඩට මාවමයි පේන්නෙ නේද...?
Deleteඒක ඇවිල්ලා දී කිරි ඇන්ඩ් බලාල් කේස් එකක්.
Deleteපෙල ගැසූ සිහිනයක් දහතුන් වසක සිට
ReplyDeleteමඟබැලූ දෙනයනක් හන්තාන මාවතට
දුෂ්කරම පළාතක ඉසිවරෙක් වී ඉන්න
තිබුන මට අතීතෙක නොනවතින සිහිනයක්
බොඳව ගිය සිහින ගැන දැන් නොමැත ලතැවුලක්
දරා දෝතින් බදා හිනැහෙමි දිසාපාමොක් සිහිනයක්
එබී හිනැහෙන හපුටු මල් කැකුලු සනසවන සිහිනයක්
උන් සමඟ ගතකරන කුලුනුබර හෙට දිනක්
ඉතින් පුද දෙමි අපරිමිත සුබ පැතුම්
දියණියට දයාබර නොදුටු මිතුරේ ඔබගෙ
දිරි ලැබේවා ඇයට සිහිනයට පියනඟා
සිහිල් ඔසුවක් වෙලා මේ බිමම සනසන්න
දියණියේ වන්න නුඹ මහෞෂ්ධ කෙනෙක් තව
ඇවිද ඔබ දුර යන්න ගම් දනවු කෙලවරට
දර කෝටු ගැහුනු පරඬලා පත් ඉරුණු
දෑ දෙපා අසරණව ඔබ සරණ බලං ඇති
ගතට පමණක් නොවෙයි සිත් මලට ඔසු අරන්
පපුවටම විතරක් නෙවෙයි හිතේ හඬ අහගන්න
හැකි විදියෙ නලාවක් ඔබෙ ගෙලට දාගන්න
සුබ පතමි දියණියේ දිරි ලැබේවා ඔබට..
thank you so much.
Deletekaviya haree lassanai ayye.
මෙච්චර ලොකු දුවෙක් ඇති කියලා නම් මටත් හිතුනේ නෑ.... :)
ReplyDeleteකඩඉම සාර්ථකව ජයගන්න මුළු හදවතිම මාත් සුබ පැතුවයි කියන්න.....
thank you so much.akkiyek neda?
Deleteහෑ...හෑ... අක්කියෙක් තමා.
Deleteඇන්ටියෙක් හි.. හි..හි...
Deleteපවෞ..........තුෂානියා.....
Delete(දුව ලොකු උනාට මම එච්චර ලොකු ණෑෑෑෑ
:O හපොයි.... ඇන්ටියෙක් නෙවෙයි මම අක්කියෙක් ..... කළණ තමයි අංකල්..
Deleteකෙල්ලට විභාගේ ජය ගන්න උණුසුම් සුභ පැතුම්...
ReplyDeleteජ ය වේ වා !!!!
thank you so much.ayya/uncle/seeya.
Deleteමගෙත් උණුසුම් සුභ පැතුම් විභාග වලට ඉදිරිපත් වී ඉන්න සැමෝටම සහ මධාවිගේ දියණියන් ඇතුළුව. කවිය සුපර්බ්.
ReplyDeletethanks uncle.
Deleteසියළු බලාපොරොත්තු ඉටු වේවා!!!
ReplyDeleteජය වේවා!!!
thank you ayya
Deleteබ්ලොග් කියෝන ෂූටි අක්කි කෙනෙකුත් සුබ පැතුවා කියන්න,,, කවි හරිම අර්ථවත්..
ReplyDeletephoto eken nam shooti akkiyek wage.
Deletethank you oma akki...
ඔයාට නෙමේ නැන්දි
Deleteඒ නැන්දි නෙමේ. නෑනා...
Delete