2015-12-14

කිරි සිනා



ලැප් එකට පැත්තකින් ඩොංගලේ අමුණද්දි
බාබිලා ගේ ගවුම්, රස කෑම හාරද්දි
ෆෝල්ඩර් හදාලා ඉමේජස් පුරවද්දි
ලැයිස්තුව දිහ හැරං අනිවා‘ම ඉල්ලද්දි





එක බැගින් කැඩෙද්දිත් තව තවත් ඉල්ලලා
හිලව්වට ලැබෙද්දී මළු කූඩ පුරවලා
නව සිහින පිරි දෑස ඉහලටම යොමාලා
නුඹ පාන කිරි සිනා මුව පුරා ඉතිරිලා

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴





කන්න වේලක් නැතිව කුස දැවී හඬද්දී
සපත්තුව හිල් වෙලා විළුඹ බිම වදිද්දී
ලාම්පුවෙ දැල්ල යට පොතට පෙම් බඳිද්දී
රෝස පැහැ මල්ල දැක ඔය දෑස් දිලෙද්දී





ලෝකයක් දිනන්නට සිප් සයුර පීනලා
ලෑල්ලක් සේ අරං මේ මල්ල බදාලා
කම් කටොලු මැදින් කෙම් බිමක් ඇස ගැටීලා
නුඹ පාන කිරි සිනා මුව පුරා ඉතිරිලා

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴




රත්නපුර, බලංගොඩ, ඉඹල්පේ, ශාරිපුත්‍ර මහා විද්‍යාලයේ දූ දරුවන් වෙනුවෙන් කුරුටු ගෑ ගී පවුරේ තුෂාර හා අසංක, විදානේ, සබරේ, Praසන්ன සහ නෙළුම් අජියයියා මූලිකව ඉටුකල උතුම් සත්කාරයක මතක සටහන් ඇසුරෙනි.

(ඔය පිංතූරෙ මැද ඉඳං දකුණට අළුපාට, ලා නිල් පාට, රෝසපාට ඇඳගෙන ඉන්න කස්ටිය අඳුනනවද බලංට)


෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

136 comments:

  1. ඕං බලපං සුදෝ උඩ පිංතුර දෙක ඇල්ලුවේ මං තමයි...
    රෝස පාට ඇඳන් ඉන්නේ තුසාරයා..

    උඹත් ආවනං ඉස්තරං...
    මක්ක කොරන්නෙයි.. මෙහේ ඇවිිත් බිරිඳගෙන් ගුටිකන්නෙයි නේද?

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. /කුරුටු ගෑ ගී පවුරේ තුෂාර හා අසංක, විදානේ, සබරේ සහ නෙළුම් අජියයියා/
      මෙතැන්නට කොන දෙමල අයියත් දායකත්වය දුන්නා.. (ඒ සල්ලි වලින් මං කරටි කැඩෙන්න ගහපු එක වෙන කතන්දරයක්, කාටවත් කියන් නැතුව මෑන්ගේ නේම් එකත් ඔබාං)

      Delete
    2. මටනං හරිම සතුටු විදානයාව අමද්‍යප තත්වයෙන් ම ගෙදර අැරපු ඒක ගැනයි.... මොනවා වුණත් විදානි අාවානේ... මේකා පූසා වගේ හිටියේ.....

      Delete
    3. 1. ඇස්වහක් කටවහක් නෑ ඒ පින්තූරු දෙක කතා කොරනවා බං. මං අඳුනගත්තා කස්ටිය උඹව ඇර.
      2. මම කොනකපාලව හිතා මතා අමතක කලේ පහුගිය ටික දොහේ ඕකා මට කරදර කරපු නිසාමයි.
      3. ෂැක්! හොඳ වෙලාවට මං නාවෙ.

      Delete
    4. ඔවු, මූ ඒ සල්ලි අරං කෙලිංම ගියේ ඉස්සරහ පොට් එකට. හැක්...

      Delete
    5. මධුවෝ.................

      උඹත් අාවානං ඉස්තරං... කමක් නැහැ ඊළග පළවෙනි අවස්ථාවේ හමුවෙමු.... මොනවා වුණත් වැඩේ ඉතා සාර්ථක ව කරා.... පාසල පැත්තෙනුත් හොදින් සංවිධානය කරලා තිබුණා.... අපේ කට්ටියත් වෙලාවට අැවිත් සෙට් වුණා.... දරුවන් දැක්කාමනං දුක හිතුණා... ඒත් තෑගි මලු අරන් හිනාවෙවී යනවා දැක්කා ම හිතට ලොකු සතුටකුත් අාවා.... ඒ සතුට උඹලාටත් ඒහෙමම අයිතියි මධුවෝ ප්‍රසා අයියේ...

      ජයවේවා

      Delete
    6. 4. කෙටේතැන්නෙ පොට් එකටලු.

      5. නාපු එක හොඳා. නැත්තං නාන්නත් නැතිවෙනවා...හැක් හැක්.
      ඒ හිනාවට නියම වටිනාකම දැන් ලැබිලා බං. මං හිතන්නේ බ්ලොග් ලෝකයේ මේ සතියේ හොඳම පින්තූර කතාවට උවමනා ෆොටෝ ටික උඹලා බෙදුවා.

      Delete
  2. මේ ආත්මයේදීම පළ දෙන කුසලකර්මයක්. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. අහම්බන්තේ......! ජයවේවා!

      Delete
    2. මධු මාධවී නුඹත් අඬාපන් සමහරක් මට කොමන්ට් කරන්න " නැ " කියලා

      Delete
    3. අනේ මචෝ ඔන්න ඔය ලේබලයක් ගහගෙන වරෙං මක්ක හරි. එතකොට කොහේ වෙඩි වදින්නද?

      Delete
    4. @ AnonymousDecember 14, 2015 at 7:17 AM

      ඔය තමාම පාගාගෙන ඉන්න තම වලිගයෙන් කකුල ඉවතට ගනු ඇනෝ. මා කිව්වේ මගේ කොමෙන්ට් කැපුවා කියා මිස, මට කොමෙන්ට් දමන්නේ නැහැ කියා නොවෙයි. යථාර්ථාවබෝධය කියන වචනය ඉගෙනගනු.

      Delete
    5. තොප්පි සොයන්නෝ සහ තොප්පි දාගන්නෝ තමන්ට ගැලපුන තොප්පිය හරිනම් , එය දාගන්න. කියවන අපට කොවුලක්[හඬක් ] නැත

      Delete
    6. මාමලා බෑණලා තොප්පි කේස් එක බේරගන්න එකයි ඇත්තෙ, ඕං අපි නෑ.

      Delete
  3. අර කිව්වා වගේ උඹත් හිටියානං කියලා වැඩක් නැහැ... මේක අපේ වැඩක් විතරක් නෙමෙයි... පටං ගැන්මට අපි පොඩ්ඩක් විතර මූලික වුණාට වැඩේට සෙට් වුණ පිරිස තව ගොඩක්....

    1. විදානේ සහ විදානී
    2. මධුමාධවී හී මධාවියා
    3. අජිත් අයියා සහ පිරිස - නෙලුම්යාය සහ ඊ නිවුස්
    4. Praසන්ன අයියා
    5. සබරේ අැනෝ
    6. අසංක අයියා සහ නෝනා - කුගෑගීප
    7. චතුරිකා සහ තිළිණ - කුගෑගීප
    8. විදානෙගේ ඔෆිස් ඒකේ නංගී
    9. අැයි තුෂාරයි කාංචනායි.....

    ඔන්න දායකත්වය දුන්නු අෑයෝ........

    ReplyDelete
    Replies
    1. ඈයා නමින් සතෙක් ඇති බව අසා ඇත්තෙමි

      Delete
    2. 1. එළකිරිම තමා! මම උඩහ දැම්මෙ මූලික වුණු පිරිස කියලා. කමක් නෑ. දැං මෙතන තියෙනවානෙ.
      2. ඈයා කබල් වුණාම මක්කැයි කියනනෙ?

      Delete
    3. අෑයා කියලා විතරක් නෙමෙයි බං කූඩැල්ලා කියලත් සතෙක් ඉන්නවා මයේ හිතේ.....

      Delete
    4. කවුදෑ බං උඹේ ලේ බිව්වේ?

      Delete
  4. කොමෙන්ටුවකින් කියන්න ලියන්න බැරි තරම් බොලා මේ කරලා තියෙන වැඩේ ගැන සන්තෝසයි බොලන්....... ජයවේවා......

    උදේම දුවගෙන ආවේ මෙතන වෙනදා තියෙන මල ජාරාවක් ලියලා ඇති කියලා හිතාන..... යන්තම් ඇති අද ඒ ජරාව නෑ .....

    ReplyDelete
    Replies
    1. ජයවේවා!
      මීට පස්සේ සියළුම මල ජාරාව ඉවත් කර මේ වගේ සත්ක්‍රියාවන් පමණක් පළකරන බව කරුණාවෙන් සලකන්න. ඕ යේස්!

      Delete
    2. යකෝ, කුණු රහට පුරුදු උනාම කරවල නැතුව බෑ. එතකොට ගිලෙන්නෑ උගුරෙන් පහලට.

      Delete
    3. /මීට පස්සේ සියළුම මල ජාරාව ඉවත් කර මේ වගේ සත්ක්‍රියාවන් පමණක් පළකරන බව කරුණාවෙන් සලකන්න. ඕ යේස්!/

      බුදුහාමුදුරුවන්ට සහම්පති බ්‍රහ්මයා කිව්ව වගේ, “පිස්සු කෙළින්ඩ එපා යකෝ...!!!“

      Delete
    4. අපි වෙනුවෙන් මල ඡාරාව පල කිරිමත් සත්ක්‍රියාවක් තමයි..ඔ යෙස්

      Delete
    5. ඔමාටත් බඩු හරි වගේ.. හැක්.

      Delete
    6. හිකි හිකිය ඩබොල් වී ඇත.

      Delete
    7. මම දෙපාරක් පැදුර පෑගුවත් ඇති.

      Delete
    8. මම දෙපාරක් පැදුර පෑගුවත් ඇති.

      Delete
    9. ඒක එතකොට ඩීවීඩී (ඩබොල් වී ඩී)

      Delete
    10. දෙපාරක් මොකටද ඔය හතර පාරක්ම පාගල තියෙන්නෙ.

      Delete
    11. 2. බොන්නෙත් නැති එකා වෙජිටේරියන් වෙයංකො වද නොදී.
      3. බ්‍රහ්ම කෙළියක්නෙ යකෝ ඒක!
      4. මල පහ කිරීමත් සත් ක්‍රියාවක් තමා මෙන්ඩො.
      5, 6. හම්බේ.........සිරික්කිය!
      7. ඔමායා ඩයොක්සයිඩ්.
      8. සිනාව දෙගුණ වූ කල බලන් අසිරිය.
      9, 10. ඇයි බං අහිංසක පැදුරු පාගන්නෙ?
      11. ඩීවීඩී බැලුවාට එව්වා හැදෙන්නේ නැතිය.
      12. දිල් තෝ පැදුරු පාගල් හෛ්?

      Delete
  5. එල ද බ්‍රා..
    මමත් පොඩි එවුන් තුන්දෙනෙකුට මේ වගේ පොත්පත් අරගෙන දෙනවා හැම අවුරැද්දකම..ඒ හිනාමුනවල් මගේ මුලු අවුරැද්ද පුරාම හිත සතුටින් පුරවනවා..
    ආයමත් පාරක් එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ අර ලොකු උන්ට අරන් දෙන බ්‍රා. ඒ ගැනත් කියහං.

      Delete
    2. 1. අන්න බං පිං!
      2. ෂැක්! එතනත් කුප්ප කම.
      3. අම්මෙ මේ බලංටකෝ.............

      Delete
  6. අන්න කරනවනම් වැඩ. ඖඅ මූණුවල තියෙන අහිංසක අව්‍යාජ හිනාමල් දකිනකොට.... උඹලට පිං මෙහෙම දේවල් කරනවට.

    ReplyDelete
    Replies
    1. උඹට මේ ගැන බොහොමයක් අත්දැකීම් අැති.... කොහොමත් අර ගීතය අගේට මේ වැඩේටත් ගැලපෙනවා...

      Delete
    2. 1. උඹට ඒ පින් දොර කවදත් ඇරිලා. අපිට එහෙම නෑ.
      2. ඌත් ඒක වෙලාවටම දැම්මා.

      Delete
  7. 4 වෙනි පොටෝ එකේ ඉන්න පොඩ්ඩගෙ හිනා කට ඔය ඔක්කොම දේවල් ටික නිහඬව කියාපානවා. උඹලට පිං මචං...

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. එතන තමා මේකෙ කේන්ද්‍රය!

      Delete
  8. අර පොඩි එකාගේ හිනාව පට්ටයි බං..
    ඌ මාර පොඩ්ඩෙක්..

    ReplyDelete
    Replies
    1. ඔව් බං.... සුපිරි කොල්ලෝ ටිකක් හිටියා......

      පොත්පත් මලු දුන්නා විතරයි කට්ටිය හෝ ගාලා වැඩ... ඒක දිගඅැරගන්න ෆුල් ට්‍රයි ඒකක් දුන්නේ... ඊට පස්සේ කතා කරපුවාවත් උන් අැහුවේ නැහැ.. උන්ට මොන කතාද බං....

      Delete
    2. ඒ ෆොටෝ එක තමයි බං මටත් හිතට අල්ලල ගියේ.

      Delete
    3. සමහර විට දැන් මේ බඩු ටික අරගෙන ඉස්කෝලේ යන්න මගබලාගෙන අැති.. ඒහෙම හරි ඉගනීමට අාසාවක් අැති වෙනවා දකින්නයි අපිට ඔ්නේ කලේ..... පොඩි උන් ඔය බඩු වලට හරිම අාසයි... අැත්තට ම කියනවානං අපිටවත් ඒ කාලේ ඔය විදිහේ පාසල් බඩු තිබුණේ නැහැ....... ඒකත් සතුටක්නේ බං...

      Delete
    4. 1. මාර පොඩ්ඩෙක් වගේම අනාගතේ මාර වැඩ්ඩෙක් වෙන්නත් බැරි නෑ.
      2. ළමා වියේ අපරිමිත කුතුහලය!
      3. ඒකනෙ මං තෝරාලා දැම්මෙ.
      4. හැබැයි මට හිතෙනවා, අපි ඉස්කෝල පටං ගන්න දවස් කීපෙකට කලිං මේක දුන්නානම් තවත් අගය වැඩියි කියලා. ඊ ළඟ පාර එහෙම දෙයක් කරලාත් බලමු.

      Delete
  9. හැක්... හැක්...
    මං මොකුත් කියන්න ඕන නැතිවෙයි මෙතන.

    ReplyDelete
    Replies
    1. උඔ නැති කමෙන්ට්
      නයා නැති නයි නටවන මනුස්සයා වගේ
      කොටපිය මොනවාහරි

      Delete
    2. දැන් ප්‍රසා අයියා නයාද?????? නටවන ඒකාද???????? මෙහෙම දේකුත් තියෙනවානේ.... ප්‍රසා නයානං නටවන්න් ප්‍රසී.................. හැක්.......

      Delete
    3. මනුස්සයට ගල් පොවපිය. එතකොට ඌ නටයි නයා වගේ.

      Delete
    4. නයත් මම නටවන එකත් මම. හැක්..

      Delete
    5. ඒතකොට විදානයාට චරිතයක් නෑනේ.... ඔ්කා අඩයි....

      Delete
    6. එතකොට නයි පටවන්නා කවුදෑ..?

      Delete
    7. 1. උඹ කොරපු හරිය මදෑ.........
      2. නයා මැරිච්චි පණික්කියා වගේ
      3. නයා පැත්තක, පෙනේ පැත්තක
      4. ගල් ගහපු එකෙක් මේ පැත්තෙ, නයෙක් අල්ලලා කරේ දාගෙන නටලා කවෝගත්තා කැවිල්ලක්..................!
      5. ස්වයං...........
      6. ආ.....ඒකා නයි සමින් සපත්තු හදන්නාය.
      7. සබරගමුව බෙරේට ගමු.
      8. ඔන්න ආවා වලත්තයෙක්!

      Delete
  10. හරිම අපූරු වැඩක් බන් උඹල කරල තියෙන්නෙ. ලොකු හාහෝවක් නැතිව කාටහරි උදව් කරන එක තමයි වටින්නෙ. බලපුවම බ්ලොග්කාරයො කියන්නෙ ඇත්තටම සංවේදී පිරිසක් තමා . බ්ලොග් කියන්නෙ සුන්දර මිනිසුන්ගෙ එකතුවක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බහුතරයක් සුන්දර මිනිසුන්! ඒ වගේම සංවේදී මිනිසුන්!

      Delete
  11. අපේ කොන්කිරිට් බාසත් මේ ගැන පෝස්ට් එකක් දාල. හවසට වැස්සක් වහී ඒක හින්ද මම කුඩයක් ගන්න යන ගමන්.

    ReplyDelete
    Replies
    1. ගන්න එකේ කුඩ දෙකක්ම ගනිං...!

      Delete
    2. අපේ කොන්කිරිට් බාස්ගේ බ්ලාග් එකේ ලින්ක් එක දෙන්න

      Delete
    3. දෙකක් ගත්තොත් හතරක් වෙනව බං.

      http://chaprasanna.blogspot.com/2015/12/blog-post_14.html

      Delete
    4. ටැකියු මල්ලි..මම එහේ ඉන්නෙ

      Delete
    5. මමත් මේ බැලුවේ මේක අලුත් බ්ලොග් එකක්ද කියලා...
      බැලින්නම් ඌ ලිස්ට් එකෙත් ඉන්නවා...

      Delete
    6. 1. ඇයි එකක්? ගංකො දෙකක්!
      2. කොහොමත් ගැනෙයි.
      3. බාසා එල්ලුවා!
      4. මොකක්ද බං අර චා කියන්නෙ?
      5. ඉක්මනට ගොඩට වරෙං, කොන්ක්‍රීට් වැටෙයි.
      6. මොන ලිස්ට් එකේද? ජාතික ලැයිස්තුවෙ?

      Delete
  12. මේ පෝස්ට් එක බලා තව අයටත් මෙවැනි ක්‍රියා කිරීමට සිත් පහල වේවා !!!!

    ReplyDelete
    Replies
    1. වරක් දෙවරක් නොව සියවරක්!

      Delete
  13. ලියල තියෙන ටික හදවතටම දැනෙනවා අයියේ

    ReplyDelete
    Replies
    1. සබරේ................ පෝස්ටුව දානවානේද????

      අපි දාපු පෝස්ටුව පොඩ්ඩක් විතර තාක්ෂණික දෝෂ කිහිපයකට ලක්වෙලා..... ඉක්මනට හරියයි....

      Delete
    2. ඒක මාරයි බං

      Sorry, the page you were looking for in this blog does not exist.

      ඔන්න ඔච්චරයි තියෙන්නෙ. හැක්...

      Delete
    3. 1. ඒක කොහෙන් ආවද මන්දා සබරෙ මලයා.
      2. ඕල්රෙඩි..ඕල්රෙඩ්. උඹලාගෙ එකේත් අවුලක් නෑ බං.
      3. Businessexcellence ඩොමේන් තියෙන සයිට් එකකට අර මැද තියෙන වචනෙ බ්ලොක් කරාපු ප්‍රොක්සි සර්වර් එකකින් ගිහිං බලපං...හැක් හැක්. පිස්සුනේ..........

      Delete
  14. හමෝම තරලා තියෙන්නේ උතුම් සමාජ සත්කාරයක්.

    මමත් කිහිප දෙනෙක්ගෙන් උදව් අරගෙන මේ වගේ දරුවො වෙනුවෙන් පොත් බෙදා දෙන වැඩසටහනක් සූදානම් කලා.එතනදි තෝරගත්තෙනම් දෙමාපියෝ නැති දරුවෝ පමනයි.එක දරුවෙකුට රුපියල් දෙදහසක් පමන වැය වෙනවා.දැන් ඒ කටයුතු සියල්ල සම්පූර්ණයි.ඒ දරුවෝ පොත් පාර්සලය අතට සතුටින් මුහුන පිරිලා යනවා.ඒ දරුවන්ගේ සතුටම ඇති මටනම්.

    (මම එදා උඹට කොල් එක දුන්නේ රත්නපුරේ ටවුමෙදි.හදිසියේම එදා මම ආවා)

    ReplyDelete
    Replies
    1. අපි කියන්නෙත් ඒක තමා මනෝ..... දරුවන්ගේ මූණු වල සතුට දැක්කා ම අපේ හිත් සතුටින් පිරෙනවා.... ඒක තමා අපිට ලැබන දේ.....

      Delete
    2. 1. උඹ ඒ වගක් කීවෙවත් නෑ නේද? ඇයි යකෝ ඔහොම කරන්නේ අපිට?
      2. ආහ්...ඒක කියන්න වචන මදි.

      Delete
    3. ඒක අවුරුදු ගානක් ඉදලම කරගෙන ආව එකක් මචං.මේ වතාවේ කරන්න තරම් පුලුවන් කමක් තිබුනෙත් නෑ.ඒත් දරුවෝ මම පොත් දෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා.දෙන්න බැරි උනොත් මට දුකක් දැනෙන නිසා මේ වතාවෙත් ඒක සූදානම් කලා.ඇත්තෙනම් කිවවොත් මම ඒ වගේ දෙයකදි උනත් කාටවත්ම කරදර කරන්න කැමති නෑ මචං.හැමෝම අමාරුවෙන්නේ රෝල ගහන්නේ.

      Delete
    4. මම ඇහුවේ රත්නපුරට ඇවිල්ලා නොකියාම ගියාට. අනික් වැඩේ දැනුවත් කලානම් අපි අතහරින්නෑ.

      Delete
  15. අජිත් අයියා නෑනේ මෙතන.මන් එක්කෙනෙක් වත් අදුරන්නේ නෑනේ අප්පා. ඒ ලමයින්ගේ හිනාව කියනවා සතුට.

    ReplyDelete
    Replies
    1. අජිත් අයියා අැතුළු කට්ටිය ලොකු සහයෝගයක් දුන්නා..... ඒත් ඉතින් සහභාගී වෙන්න විදිහක් නෑනේ...... අැයි මේ අනික් කට්ටිය ඉන්නවා මදිද ඔමා.....................???????

      Delete
    2. 1. දැන්වත් අඳුනගන්න. අළු විදානයා සහ විදානි, අසංකා සමග නිල් අසංකයා, සෝස තුෂාරයා (ඊට පෙර (තුෂාරගේ) ආදර කාංචනා), සහ දයාබර මාමණ්ඩිය.
      2. කියලා වැඩක් නෑ බං. මේකිත් කිසිදාක තෘප්තිමත් වෙන එකියක් නෙමේ...හැක්!

      Delete
    3. එල එල. මන් ලබන අවුරුද්දේ එනවා ආවම සෙට් වෙමු

      Delete
    4. එල එල. මන් ලබන අවුරුද්දේ එනවා ආවම සෙට් වෙමු

      Delete
  16. ගොඩක් ලොකු පිනක්. පොඩි අයගේ හිත් ගොඩක් ලාමකයි. පොඩි දෙයක් දුන්නත් ගොඩක් සතුටක් ලබනවා. පිනට වැඩිය උබලට ලොකු සතුටක් ලබන්න හැකි වෙන්න ඇති නේද?
    තවත් මේ වගේ වැඩ කරන්න හැකි වේවා!!!

    ReplyDelete
    Replies
    1. හා......ඒ ලෝකය බොහොම පුංචියි. අපිට වගේ අහස උසට නැගුණ මල්ටි ස්ටෝරීඩ් සිහින නෑ. අහස උසටම එක තට්ටුවයි, දෙකයි.

      Delete
  17. හොඳ වැඩ.. අපිටත් නිවනක් තිබ්බ කාලේ මේ වගේ ඒවාට සක්‍රියව දායකත්වය දැක්වුවා.. දැන් නිවනක් නෑ අෆ්ෆා.. අක්‍රියව හරි දායකත්වයක් දක්කන්න ආයිත් එහෙම කරන වෙලාවක පොඩ්ඩක් කියහල්ල..

    ReplyDelete
    Replies
    1. කමියා හරි..අපේ රස්සාවල් එක්ක මේ වගේ දෙයක මුලිකත්වය ගන්න බැරිවුනත් පුලුවන් විදිහකට උදව්වක් කරන්න අපිටත් කියන්න..

      Delete
    2. 1. නිවන දකින්න එන්න. ආයි දවසක කියන්නෙමු.
      2. මාත් කුරුට්ටන්ට යෝජනා කලා මාසෙකට සැරයක් පොඩි දායකත්වයක් හරි වැඩි දෙනෙකුගෙන් එකතු කරලා, එහෙම නැත්නම් වාසි කාල වලට හරි එකතු කරලා දෙයක් කරමු කියලා.

      Delete
  18. ඕව කරනකොට අපිටත් කිව්වනම් උඹලට හෙන ගහනවද? ඇයි යකෝ.

    මේව කොහොමත් හොඳ වැඩ. කොහොමහරි වැඩේ වෙනවනම් එච්චරනෙ. මට යාන්තං මතකයි තුශාරය මේ ගැන කිව්ව.

    ReplyDelete
    Replies
    1. ඇයි බං මෙච්චර හොඳ දෙයක් කරලාත් හෙන ඉල්ලන්නෙ?
      තුෂාරයා කිව්වානම් ඒකම මදිදි?

      Delete
  19. අර දෙමල ණ යන්නගේ බ්ලොග් එක එල්ලපන්

    ReplyDelete
    Replies
    1. ඊට කලින් දෙමළ ණයන්න එල්ලපං.

      Delete
    2. ඊට හොඳා උලතියමු...

      Delete
    3. 1. එල්ලා මරන ලදි.
      2. ඒක අහෝසියි.
      3. විකලා මරමු.
      4. සීනි කරිඤ්ඤං.

      Delete
  20. නියම වැඩක්.අර පොඩි එකාගේ හිනාවම ඇති නේද උඹලාගේ හිත් පිරෙන්න.

    ReplyDelete
    Replies
    1. මේ සතුට බ්ලොග් ලෝකයට ම අයිතියි..... බ්ලොග් නැත්තං මේක වෙන්නේ නැහැනේ...... අපි ඒකතු වුණේ.... වැඩේ කතා කරගත්තේ.... සල්ලි දැම්මේ.. ඔක්කොම් බ්ලොග්සහෘදයෝ තමා......

      Delete
    2. 1. කාගෙද හිත් නොපිරෙන්නෙ?
      2. සතුට තව තවත් විමධ්‍යගත කරමු.

      Delete
  21. නියමයි මදාවියෝ ...

    සලන සුසුම සැඩ සුළඟයි
    ගලන කඳුළු වැසි වතුරයි
    දුකින් වෙළී අන්ධකාරයේ
    යන මේ ගමනේ
    අපේ පැතුම් නැවුම් ලොවට පාර කියනවා

    ජීවිතයේ පීඩිත හද වේදනා යටින්
    රණ ගීයක ජය නාදය ඈත ඇසෙනවා
    මේ ගමනට ඒ ගීයෙන් දිරිය ලැබෙනවා

    පහන් තරුව පායා එන
    නවෝදයට දොර අරින්න
    ඔබේ දෑත අපට දෙන්න
    සොහෝයුරනි - සොහොයුරියනි

    ගායනය/සංගීතය -ගුණදාස කපුගේ
    ගී පද - මහගම සේකර

    ReplyDelete
  22. පොඩි උන්ට කලින් ම නත්තල් අරන් ගියාද? තෝ මොකද ඒ වැඩෙන් මාරු වුනේ?

    ReplyDelete
    Replies
    1. විදානය ඉතුරු ඇට දෙකටත් ගේම දෙයි කියල හිතල. හැක්....

      Delete
    2. 1. වැඩෙං මාරු වුණාට ප්‍රාග්ධනයෙන් මාරු නෑ පුතා.
      2. අන්න ඒ බයට!

      Delete
  23. වැඩේ නම් නියමයි.. මීළඟ එකට අපිවත් දායක කරගන්ඩෝ..
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. අනිවා! නිවුන්නා සමග එක් වෙයං.

      Delete
  24. එළකිරි වැඩක්... නියමයි...

    ReplyDelete
    Replies
    1. ඊ ළඟ එකට එකතු වෙන්න බලපං පුළුවන්නම්. පුදුම තෘප්තියක්!

      Delete
  25. අරක රත්නපුරට එවුවලු. පුලුවන්නං බලහං.
    බැරිනං ඒත් බලහං.

    ReplyDelete
    Replies
    1. හෆොයි! මං ඉවරයි!

      Delete
    2. කෝකද බං?
      සුමනද? නයන? කමලද? නිමාලිද?

      Delete
    3. 1. හෆොයි! වලත්තයි! දෙන්න ඕනි පොල් ගෙඩියෙන් ඔළුව පැලෙන්න.
      2. මේ අනිකා! එහෙනං කුමාරිටම කියලා කොරගනිංකො.

      Delete
  26. බොහොම අගෙයි... මෙන්න කරාවා නම් වැඩ.සංසංදනය නිසා අගය හොඳට ඉස්මතුවෙලා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එහෙම ලෝක දෙකක් තියෙන නිසා මේකෙ අගය වැඩියි බං.

      Delete
  27. අන්තිම ෆොටෝ එකේ පොඩි එකාගේ හිනාව උඹලගේ වැඩේ සාර්ථකත්වය කියනවා. ඊට එහා අපි මොනවා කියන්නද බං.

    ReplyDelete
    Replies
    1. ඒකම තමා මචෝ සාරාංශය!

      Delete
  28. උඔට පිලිතුරැ දෙන්නත් බැරිතරමට කමෙන්ට් වැටෙනකොට හිත පිරෙනවා..

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද බං ඔය ෂෝට් ඇන්ඩ් බිටර් පිලිතුරු දීල තියෙන්නෙ.

      Delete
    2. මදාවියා දැන් හොදටම කම්මැලි වෙලා ඉන්නේ.( වැඩ වැඩියි කියලා ආරංචියි)
      මම මේ මදාවියාගේ පෑන්ටි මාර්ක් බ්ලොග් එකේ අයවැය බලන්න ගිහින් ආවේ.

      Delete
    3. අද මුං ස්ට්‍රයික් ලු. ඔෆිස් එක ඇතුලෙ සෙට් වෙලා ඇති.

      Delete
    4. 1. මං දන්නවනෙ මෙන්ඩා උඹ ගැන. උඹ තමා මේ බ්ලොග් ලෝකයේ ප්‍රදීපාගාරය, හැමෝටම
      පාර කියන.
      2. ආයිස්සප්පා...ඒක නියම උපහැරණෙ.
      3. අද සෑට බලපං නිවුස්!

      Delete
  29. අපූරු වැඩක්. දැක්කත් හිත පිරෙනවා. මාත් මගේ යාලුවො සෙට් එකකුත් දැං මාස පහක විතර හිටං දුප්පත් පාසල් ළමයි පස් දෙනෙකුට මාසික ශිෂ්‍යත්ව දෙනවා. මාසෙකට එක ළමයෙකුට 2500ක්. මේ පාර ශිෂ්‍යත්ව මුදලට අමතරව අලුත් පාසල් වාරෙ පොත් ලිස්ට් එකයි, පොත් බෑග් එක බැගිනුයි අපි උන්ට දුන්නා. අම්මප මචං පොඩි උංගෙ හිනා මල් ටික දැක්කම කොළඹ ඉදං පොත් පෙට්ටිය කර ගහගෙන ආපු අමාරුව කොහේ ගියාද නෑ.

    ReplyDelete
    Replies
    1. මේක ඕනිම ඉස්කෝලෙක ළමයි තෝරලා කලෑකි. හැබැයි දිගටම මේක බලාපොරොත්තුව ඉන්න දෙමව්පියොත් ඉන්නවා.

      Delete
  30. හොඳ වැඩක්... දැන් මේ දෙන්නේ එයාලා සතුටු කරන්නද.. දීපු බව පෙන්වන්නද...

    ReplyDelete
    Replies
    1. //දැන් මේ දෙන්නේ එයාලා සතුටු කරන්නද.. දීපු බව පෙන්වන්නද...//

      මේ වැඩේ ගැන මේ විදිහ කමෙන්ටුවකින් අපිව දිරි ගැන්වූයේ උඹ පමණයි...... අපිට උඩදාගෙන මේ ගැන කෑ ගහන්න ඔ්නේ වුණානං මාසෙකට විතර කලින් මේක ගැන පෝස්ටර් බැනර් අැදගෙන බ්ලොග් වල සින්ඩි වල ඒල්ල ඒල්ල අාතල් ගන්න තිබුණා.... දන්න කියන උන්ට කෝල් කර කර මචං අපේ වැඩේ ගැන පබ්ලිසිටියක් දීපං කිය කිය අඩන්න තිබුණා... ඒත් මේ වැඩේ කරේ තනිකරම ප්‍රචාරණයෙන් තොරවයි.. අපිට ඒ මෝඩ වැඩ අවශ්‍ය නැහැ.... අනික වැඩේ කරනවාය කියපු ගමන් කට්ටිය ම තමන්ට හැකි පමණින් දායකත්වය දැක්වුවා... අනික මචං මේ වැඩේට දවස් ගාණක් පැය ගාණක් අපි කඩවල් ගානේ අැවිද අැවිද මුදලාලිලා ගාව බලු වෙවී ළමයින්ට වැඩිපුර යමක් දෙන්න මහන්සි වුණා...

      ඒච්චර වැඩක් කරලත් බ්ලොග් ඒකකවත් සත පහක් ඉල්ලලා අපි පෝස්ට් දැම්මේ නැහැ.... බොරු පබ්ලිසිටි දාගෙන මහා උත්සව තියාගෙන දැගලුවේ නැහැ.... ළමයින්ගේ දුප්පත්කම ගැන මෙම වැඩසටහනේ කොහේවත් කිව්වේ නැහැ.... අඩුම ගානේ පාසල් දවසකවත් මේ වැඩේ නොකර මේ දරුවන්ගේ දුප්පත්කම විකුණාගත්තෙත් නැහැ..... මේක තනිකරම හැංගිලා වගේ කරපු වැඩක්.....

      ඒ වැඩේ ගැන අපි හැමෝම වැඩෙන් පස්සේ පෝස්ටුවක් දානවාය කියන ඒකගතාවය මත විතරමයි හිටියේ... ඒකත් අපේ ඉල්ලීමට තමයි අනික් හැමෝම පෝස්ටු දැම්මේ..... උඹ මෙහෙම දෙයක් අහපු ඒක ගැන අම්මපා ලැජ්ජයි බං.............. හිරිකිතයි....... අම්මපා හිරිකිතයි.........

      Delete
    2. @ මාතා,
      එතකොට වැඩේ වෙන්න මාස ගානකට කලින් ඉඳල බ්ලොග් වල බැනර් දාගෙන, බුකියෙ පේජ් හදාගෙන කරන ඒව ගැන මොකද කියන්න තියෙන්නෙ.

      Delete
    3. උඹලා එකතු වෙලා මෙහෙම වැඩක් කරලා තියනවා කියලා අපි දැනගත්තෙත් මේ පෝස්ට් එකෙන් පස්සේ.මේ සත්කාරයට සම්බන්ධවුන හැමෝම ඒ ගැන තමන්ගේ බිලොග් වල පෝස්ට් දැම්මෙත් එදා උඹලගේ හිත්වලට දැනුන සතුට අපේ අනිත් උන්ටත් දැනෙන්න ඕන නිසා වගේම ඒක තවත් කෙනෙක් ආදර්ශයට ගනීවී ඒ වගේම අනිත් අයත් මේ වගේ සමාජ සත්කාර කරන්න ඒතුලින් පෙලඹවීමක් ඇතිකරගනීවි කියන අදහසින් කියන එක අපි හැමෝම දන්නවා..

      Delete
    4. කුරුටු අවුල් ගන්න එපා. වැඩේ කරලයි අපි පෝස්ට් දැම්මේ. ඇත්ත්ටම එහෙම කලේ හිත් වලට දැනුන සතුටට කියලා දන්න මිනිස්සුත් මේවායේ ඉන්න්වා. වැඩේට කට්ට කාපු කුරුට්ටට ලැබුන සතුටට මේවා මොනවද.

      Delete
    5. මාතා,
      අනික් උන්ව මේ වගේ සත්කාරයකට පොළඹවන්න. ඉදිරියේදි මෙහෙම දේකදි වැඩි දෙනෙක් සම්බන්ධ කරගන්න. මේ හිනාවෙන පොඩි උන්ගේ සතුට ලෝකෙටම පෙන්නන්න. සුරංගනා හීන සහ තාත්වික හීන අතර වෙනස පෙන්වන්න.
      අනික මචෝ, ලක්ෂ විස්සක් තිහක් වියදම් කරලා දේසපාලුවෝ උත්සව තියලා එන උන්ට බඩට කන්නවත් නොදී ස්ටේජ් නග්ගලා පොල් පැල ප්‍රදානයක කරන රටේ අමතර වියදමක් නොකර මුළු අරමුදලම මේ ලමයින්ට යමක් අතට, හිතට දෙන්න ගත්තු උත්සාහයක් පමණයි.

      කුරුටු,
      නෑ බං. මාතා මේකෙ පසුබිම දන්නෙ නෑනෙ. ඌ වුණත් එනවා දැනං හිටියානං.

      ප්‍රසා,
      අමුමිරිස්, අයිස් බකට්!

      මනෝ,
      //සතුට අපේ අනිත් උන්ටත් දැනෙන්න ඕන නිසා වගේම ඒක තවත් කෙනෙක් ආදර්ශයට ගනීවී ඒ වගේම අනිත් අයත් මේ වගේ සමාජ සත්කාර කරන්න ඒතුලින් පෙලඹවීමක් ඇතිකරගනීවි කියන අදහසින්//
      කළ දේ පෙන්වලා සතුටකුත් ලබනවා, අයිසිස්ලා බෙලි කපලා පෙන්නලා සතුටුවන ලෝකෙම තවත් කොනක ඉඳං. අන්තිමට කියපු දේ අතුරු ඵලයක්!

      Delete
    6. කුරුටු අවුල් ගන්න එපා. වැඩේ කරලයි අපි පෝස්ට් දැම්මේ. ඇත්ත්ටම එහෙම කලේ හිත් වලට දැනුන සතුටට කියලා දන්න මිනිස්සුත් මේවායේ ඉන්න්වා. වැඩේට කට්ට කාපු කුරුට්ටට ලැබුන සතුටට මේවා මොනවද.

      Delete
  31. උඹල අද කොඹළ ගියාද, ඔෆිස් එකේ දොරවල් වහගෙන ඇතුලෙ සෙට් උනාද?

    ReplyDelete
    Replies
    1. සැර පාන සඳහා සෙට් වීම නවතා ඇත.

      බ්‍රෑන්ඩ් එක බියර්...
      ස්තූතියි!

      Delete