එකමත් එක දවසක්දා - යෙහෙළියකගෙ ගෙදර යද්දි
පුංචි දුවෙක් අම්මාගෙන් - මෙහෙම අහනවා
අම්මෙ ඔබේ වයස කිමද - කියලා මට කියනවාද
පුංචි කමට ඇහුවත් එය - මවට තද වුණා
ඔයා මේක හිතට ගන්න - මීට පස්සෙ එපා ඔන්න
ගෑණු කෙනෙක්ගෙන් කිසිදා - වයස අහන්න...
එය අහගෙන මදක් වෙලා - නිහඬ වෙලා උන්නු කෙලී
අම්මෙ ඔබේ බර කීයද? - කියා අහනවා
අම්මට යලි තදවෙනවා - කලින් කියපු එකමයි මට
ඔය ප්‍රශ්නෙට දෙන්න තියෙන - එකම උත්තරේ
මූණ ඇඹුල් කරගත් දුව - නිහඬව යලි පසුවෙනවා
අන්තිමේදි යෙහෙළියගේ - ගෙදරට ආවා
අම්මල දෙන්නා එක්වී - ඕප දූප හුවමාරුවෙ
ඉන්නා අතරේ කෙල්ලොත් - කයිය ගහනවා
පුංචි කෙලී යෙහෙළිය හට - කිව්වා තම සිතැති පැණය
මව පිළිතුරු නොදුන් බවත් - ඇය හට කීවා
ඇගෙ යෙහෙළිය සිනා සලා - අයියෝ ඔය සියළුම දේ
ඇගෙ ඩ්‍රයිවින් ලයිසන් එකෙ - ඇති යැයි කීවා
පොඩි දෝනිය හොර රහසේ - වාහයනයට රිංගාලා
මවගේ ලයිසන් එක ගෙන - කියවා බැලුවා
*********************
ආපහු එන අතර තුරේ - දියණිය හඬ අවදිකලා
අම්මේ මම ඔබෙ විස්තර - සියල්ල දනිමී...
අම්ම එවිට පුදුම වෙලා - දියණිගෙ මුහුණට එබිලා
හොඳයි! මොනාදෝ දන්නා - විස්තර? ඇහුවා
ඔබේ වයස හතලිස් පහ - එහෙම වුණේ හැත්තෑවේ
ඔබ ඉපදි ඇති හින්දයි - මෙමං දන්නවා
අම්මා පුදුමය සඟවා - කට කොනකින් තොලත් සපා
තව දන්නේ මොනවාදැ‘යි - අහලා බැලුවා
කිලෝග්‍රෑම් එකසිය තුන - වෙයි ඔබගේ සිරුරේ බර
ඒකත් දන්නවා මෙමං - නොකිව්වට ඔයා
අම්මට පුදුමෙන් පුදුමයි - පසෙකට කර රිය නවතා
දියණියගේ දෑස් වෙතට - එබිලා බැලුවා
ඒ විතරක් නොව අම්මේ - මම දන්නවා ඔයාව ඇයි
ඩිවෝස් කලේ කියලා දැන් - අපේ තාත්තා
මවට මෙවලෙ හිත ඇතුලේ - ඇතිවූ දේ කිව යුතුමද
ඇය ඇසුවා ඒ මොකදැ‘යි - තම දියණියගෙන්
වෙන මොකවත් හින්ද නෙමෙයි - තාත්ත ඔබ අත හැරියේ
සෙක්ස් වලට ඔබට ඇත්තෙ - එෆ් එකක් නිසා
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
නත්තලට සුභ පතන්නත් බැරිවුණා.
හැපී බිලේටඩ් ක්‍රිස්මස් මයි ඩියර් ෆ්‍රෙන්ඩ්ස්!
ඔන්න සිංහලෙංම කිව්වා.
ඊ ළඟට, අපිත් එක්ක හැමදාමත් හිටපු සහෘද බ්ලොග් වාසී සියළුම දෙනාට ලබන්නා වූ 2016 නව වසර අය වැඩි, වැය අඩු, කීයක් හරි අතට ඉතිරිවන අරපිරිමැසුම් දායක නව වසරක්ම වේවා!
මධුමාධවී වෙතින් සුභ පැතුම්!
උදේ පාන්දර එසේම වේවා
ReplyDeleteතව දවස් 3කින් උදේ පාන්දරත් එසේම වේවා!
Deleteඅම්මටසිරි වර්ගයේ අම්මෙක් සහ දුවෙක්. යකෝ මට මුන් දීලා තියෙන්නේ Sex : Male කියලනේ. ඒ කියන්නේ මම ඒ ජාතියේද?
ReplyDeleteනත්තලට අලුත් අවුරුද්දට සුබපැතුම්!
"යකෝ මට මුන් දීලා තියෙන්නේ Sex : Male කියලනේ. ඒ කියන්නේ මම ඒ ජාතියේද? "
Deleteනිකම් සැකයි සැකයි වගේද විචාරක තුමෝ... මොකුත් විපර්යාසයක් වෙලාවත්ද ..හැක් ..හැක් ..
කාට බොරු කළත් RMV එකට බොරු කරන්න බෑ විචා. හැක්...
Deleteමලේ(Male).... මටත් හිතයි කරන්න ආදරේ..
Delete(විචා සීයාගේ ගීතය.)
විචාරක,
Deleteඔය කියන්නේ මාල දිවයිනට ගිහිං ඒක කොරගංට කියලා තමා.
අම්බලං,
සෘතු විපරියාසයක්ද?
ප්‍රසා,
අනිවා. RMV එක කරන බොරු අල්ලන්නත් බෑ.
ගස්,
ඔන්න ඉතිං ආයිත් බේත් ගන්න හිතිලා.
මධූටත් එසේම වේවා කිව්වා ඔන්න...
ReplyDeleteපොඩි එකී අන්තිමට කිව්වා කාරණේ ගැන තවදුරටත් විමසනවානම්, ලංකාවේ තියන සංස්කෘතිය නිසා තමුන්ගේ සහකරු සෙක්ස් කියන සබ්ජෙක්ට් එකට අරන් තියන සාමාර්ථය මොකක්ද කියල දැනගන්න වෙන්නේ කසාද බැන්දයින් පස්සෙනේ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ.
ඕක හෙන පුරස්නයක් තමා. ඒ වුණාට ජාන වලට කාවැදිලා තියෙන ආකල්ප හින්දා, ඔය ටෙස්ට් එක තමන් කරලා තිබ්බත් අනිකි කරලා තිබුණොත් කසාදෙ හබක්!
Deleteඅම්මට කට උත්තර නෑලු.... බුහැක්...
ReplyDeleteයකෝ සැක්ස් වලට ඇප් එකක් තියෙන ගෑල්ලමේක්ව නං මැරි කොරන්නෙපා ඔන්න.. හිහි...
පංකාදු පහයි මචෝ..
එළඹෙන 2016 බොලාටත් පස්ට පට පට නව වසරක් වේවා
ආයුබොහෝවේවා
කොහොමද ඒ එකක් තිබ්බොත්?
Deleteඑසේම වේවා!
සුභ නත්තලක් හා නව වසරක්...!
ReplyDeleteඑසේම වේවා!
Deleteඔන්න පහු උනු නත්තලටයි අලුතෙන් එන අලුත් අවුරුද්දටයි මමත් සුබ පැතුවෝ...
ReplyDeleteමාත් උඩිම්ම සුබ පැතුවෝ!
Deleteයකෝ මිනිහට තිබුණෙ බඳින්න ඉස්සෙල්ල ලයිසම බලන්නනෙ. අපරාදෙ පොඩි එකාටි තියෙන මොලේ ඒ මනුස්සයට තිබිල නෑ.
ReplyDeleteපොඩි එකාගෙ යාළුවාගෙන් කවුන්සලිං කොරගන්න තිබ්බෙ.
Deleteබොලාටත් බ්ලොග් වාසී සැමටත් උදාවෙන නව වසර සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා කියල පතනව.
ReplyDeleteමදාවියට හැපි බිලේටඩ් ක්‍රිස්මස් එකක්.
මේ සුභ පැතුම් ප්‍රසන්න තිබස් ප්‍රින්ටර්ස් වෙතින්.
Delete//අය වැඩි, වැය අඩු, කීයක් හරි අතට ඉතිරිවන// එකක් පතන්නෙ ඉතුරුවෙන ගාන බැංකු වල දායි කියල හිතාගෙනද. හැක්..
ReplyDeleteඉතිරිකිරීම් අඩුකම අපේ දුප්පත් කමට එක හේතුවක් මල්ලී...........
Deleteලබන අවුරුද්දෙවත් මගේ වැඩේ කෙරෙන්න කියල පතහං. හැක්... හැක්...
ReplyDeleteපතමි...පතමි.
Deleteකසාදයක් කරගන්න ස්ත්‍රී පරාණයක් හොයනකොට තවත් එකක්.දැන් හොයපන්කෝ ඩ්‍රයිවින් ලයිශන් නැති ගෑණියෙක්.....
ReplyDeleteඋඹට එකක් හොයන එක තවත් එකක්! :D
DeleteF උනත් සිලබස් එක දන්නවනම් ඇති නේද බන්?
ReplyDeleteඅඩෝ බරත් දානවද බන් ලැයිසන් එකට?? ගන්ඩ ඕනේ බන් මාත්!
සිලබස් එකේ මොඩියුල් නේම් විතරක්නං මදි.
Deleteලයිසමක්ද? ගෑණියෙක්ද?
අැත්තනේ.............. අාය පිරිමියෙක් මක්කටෙයි නේද????????
ReplyDeleteමං නං කවදාවත් මොකෙක්ටවත් ලයිසන් ඒක පෙන්නන්නෑ,... ලැජ්ජාවේ බෑ ඔ්යි... සපත්තු මාරු කරලා දාලා කියලා හිතයි..... හැකි
උඹටත් සුභ ම සුභ නව වසරක් වේවා මධාවියෝ..................
ඒ මොකදෑ ඒ සපත්තු මාරු කරලා වගේ? පොටෝ එක ෆ්ලිප් හොරිසොන්ටල් වෙලාද?
Deleteඔබටත් එසේම වේවා
ReplyDeleteඉයන් සීයාටත් එසේම වේවා!
Deleteකිලෝ 103 ක් බර සුට්ටි ගෑණු පරාණයක් සෙක්ස් වලට F එකක් ගන්න හරි ඒ විභාගේ ලියපු එකම මදැයි...
ReplyDeleteඕක රාත්තල් වෙන්න ඇති මචෝ. මටත් මීටර් වුණේ පස්සෙ.
Deleteබොටත්, දූල තුං දෙනාටත්, කම්මැලි ගෙදර උන්දැටත්, බල්ලටත්, පූසටත්, කැරපොත්තටත් සුභ නව වසරක් වේවා!!!
ReplyDeleteඋන්දැ කම්මැලි නෑ බං. මගේ තියෙන කම්මැලිකම උන්දෑ පිටිං යැව්වට...හැක්!
Deleteඇයි හාවා?
හා හා... හාවටත් වේවා!!!
Deleteඅන්න ඒම වරෙං.
Deleteඅර උඩ පිංතූරෙ තිබ්බ කාරණා දහය මොනවද මෙයා?
ReplyDeletehttp://www.philosophymatters.org/2012/10/10-things-all-girls-should-know-how-to-do-before-getting-their-driver-license/
Deleteඉස්තූතියි මදාවි. ගොඩක් ප්‍රයෝජනවත් කෙටි විස්තරයක් තිබ්බ...
Deleteමේ උඹට?
Deleteසිරා සිරා... අර ජම්පින් කේබල් දෙකක් හදාගන්න දැම්ම නෝට් කරගත්තා.
Deleteඒක බෝම වටිනවා. විශේෂයෙන් ඔටෝ ගියර්නං, නැවතුනොත් බජුම තමා.
Deleteකතාව කලිං අහල තිබ්බ. ඒ නිසාද මංදා එච්චර රසක් දැනුන් නෑ. එහෙම නැත්තං හොලිඩේ සීසන් එකේ වල් මදාවිය ටිකක් කාරිය බහුල වෙලා කම්පියුටරේ අත්ඇරිලද දන්නෑ?
ReplyDeleteවල් මදාවියා වල් වැදිලා හිටියේ සිග්නල් නැති නිට්ටඹුව වන් පෙදෙසක.
Deleteඒ කියූ අයුරින්ම සිදුවන නව වසරකට ඔබටත් ආසිරි පතන්නේ....
ReplyDeleteටිං ටොං ටිං...
ගස්ලබ්බ ඇතුලු පිරිසයි..!!
ජයවේවා..!!
ඔබට අවශ්‍ය සියළුම ප්‍රමාණයේ ගස්ලබු සඳහා විමසන්න.
Deleteඅන්න දුලා.. වහැ හ් හැවැහ්...
ReplyDeleteජ ය වේ වා
හැපි නත්තලක් වේවා !!!
සුභ නිව්ඉයරයක් වේවා !!
ජ ය වේ වා !!!
සිංහලෙන්ම සුභ පතලා...
Deleteජය වේවා!
(ලෝන් ගනීවා!)
නව අවුරුදු සුභපැතුම් මධුවෝ!
ReplyDeleteඅළුත් නිර්මාණාත්මක අදහස් පහල වේවා!
Deleteමදාවියාටත් නව වසරට සුබ පැතුම්!!!
ReplyDeleteතව තවත් රසවත් හැලප ලියවේවා!
Deleteසුබ නව වසරක් ඔබටත්
ReplyDeleteඕක තාම කියන්නේ මිනිස්සු වාහනයක් ගන්න කලින් පලා බලනවා 4න් එකක් ගන්න කලින් අතගාල බලනවා ගෙයක් ගන්න කලින් හැම අස්සකට මුල්ලකටම එබිලා බලනවා පළතුරක් ගන්න කලින් ඔබල බලනවා හැබැයි බිරිදක් ගන්නකොට ටෙස්ට් රන් එක දුවන්නේ බැන්දට පස්සේ හනිමූන් කියල නමකුත් දාගෙන
තව තවත් නිරීක්ෂණ කරන්න ලැබේවා!
Delete‘විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ‘ කිව්වෙ නිකංයෑ.
අම්මට සෙක්ස් වලට එෆ්, කෙල්ලට සාමාන්‍ය දැනීම එෆ්.
ReplyDeleteසුබ නව වසරක් වේවා මචෝ.
රසවත් කෙටිකතා සාගරයක ගිලේවා!
Deleteකෙල්ලගෙ යාළුවට ඩබල් ඒ!
මටත් සෙක්ස් වලට තියෙන්නේ මොඩරේට් (M) පස් එකක්.. වෙලාවට අපේ උන්දා ෆේල් නිසා ඉහ ගහගෙන ඉන්නවා.. හැක හැක..
ReplyDeleteඋඹල හැමෝටමත් හැපී නිව් ඉයර් එකක්ම වේවා!
මිනිමම්, මැක්සිමම් වෙන්න බැරිද?
Deleteකමියට තියෙන්නෙ පස් එකක්... හූ හූ...!!!
Deleteඅයියෝ.. 'පස්' කමින් අවුට්.. දන්නෙම නෑ.. :-(
Deleteමිනිමම් වෙනවා බියර් බීපු වෙලාවට.. මැක්සිමම් වෙනවා වෙන.. නෑ එක්කෝ ඒවා ඕනි නෑ.. හැක හැක..
pus cells නං අහලා තියෙනවා. ඒවාද?
Deleteඅරකට මොකුත් උනේ නැතෙයි.
ReplyDeleteබලම්, බලම්.
DeleteLate good wishes for X'mas and early ones for New Year !
ReplyDeleteThanks! It's not so early NOW.
Delete(posttuwe comic rasaya pirila madhuwo)
ReplyDelete***Wish You The Same Dear***
Tanks for everything!
Deleteසුබ නව වසරක් වේවා මදු අයියන්ඩි ඇතුලු පව්ලේ සැමට
ReplyDeleteඑසේම වේවා මලයා! බොලා ඩබලටම.
Deleteසුභ නව වසරක් වේවා..මාරයි දුව නේ????????//
ReplyDeleteඑසේම වේවා! දුවගේ යාළුවා නේ....
Deleteකියල වැඩක් නැහැ නියමයි. මධුවෝ ඊමේල් ගොඩක් එව්වා කොමඩියක් කරන්න බැරිද කියල මේ කවි ටිකකුත් එක්ක "එදාට " කෝ උත්තරයක් නැහැනේ ?
ReplyDeleteසුභ නව වසරක් ඒ වගේම.
කොමඩියක් කරමු. හැබැයි සදාචාර සම්පන්න කවියක් දෙකක් හොයාගැනීම තමා පුරස්නෙ. (මම යෝජනා දෙකක්ම දැම්මා අජියයියේ)
Deleteඑසේම වේවා!
කෝ බොලං? ඊළඟ හාට් ඇටෑක් එකෙං පැරලයිස්ද? නැත්තං විදානෙයවත් ආවද අර ඉතුරු කරල ගිය ඇට දෙක කාල යන්න?
ReplyDeleteආයිත් පැසර් නැග්ගානේ බොල. නිදිමැරිල්ල අමාරුයි ඒ හින්දා.
Deleteහික්ස්..
ReplyDeleteWelcome! රංගන සහෝ.
Delete