2015-12-28

ලයිසන්


එකමත් එක දවසක්දා - යෙහෙළියකගෙ ගෙදර යද්දි
පුංචි දුවෙක් අම්මාගෙන් - මෙහෙම අහනවා


අම්මෙ ඔබේ වයස කිමද - කියලා මට කියනවාද 
පුංචි කමට ඇහුවත් එය - මවට තද වුණා

ඔයා මේක හිතට ගන්න - මීට පස්සෙ එපා ඔන්න
ගෑණු කෙනෙක්ගෙන් කිසිදා - වයස අහන්න...

එය අහගෙන මදක් වෙලා - නිහඬ වෙලා උන්නු කෙලී
අම්මෙ ඔබේ බර කීයද? - කියා අහනවා

අම්මට යලි තදවෙනවා - කලින් කියපු එකමයි මට
ඔය ප්‍රශ්නෙට දෙන්න තියෙන - එකම උත්තරේ

මූණ ඇඹුල් කරගත් දුව - නිහඬව යලි පසුවෙනවා
අන්තිමේදි යෙහෙළියගේ - ගෙදරට ආවා

අම්මල දෙන්නා එක්වී - ඕප දූප හුවමාරුවෙ
ඉන්නා අතරේ කෙල්ලොත් - කයිය ගහනවා

පුංචි කෙලී යෙහෙළිය හට - කිව්වා තම සිතැති පැණය
මව පිළිතුරු නොදුන් බවත් - ඇය හට කීවා

ඇගෙ යෙහෙළිය සිනා සලා - අයියෝ ඔය සියළුම දේ
ඇගෙ ඩ්‍රයිවින් ලයිසන් එකෙ - ඇති යැයි කීවා

පොඩි දෝනිය හොර රහසේ - වාහයනයට රිංගාලා
මවගේ ලයිසන් එක ගෙන - කියවා බැලුවා

*********************

ආපහු එන අතර තුරේ - දියණිය හඬ අවදිකලා
අම්මේ මම ඔබෙ විස්තර - සියල්ල දනිමී...

අම්ම එවිට පුදුම වෙලා - දියණිගෙ මුහුණට එබිලා
හොඳයි! මොනාදෝ දන්නා - විස්තර? ඇහුවා

ඔබේ වයස හතලිස් පහ - එහෙම වුණේ හැත්තෑවේ
ඔබ ඉපදි ඇති හින්දයි - මෙමං දන්නවා

අම්මා පුදුමය සඟවා - කට කොනකින් තොලත් සපා
තව දන්නේ මොනවාදැ‘යි - අහලා බැලුවා

කිලෝග්‍රෑම් එකසිය තුන - වෙයි ඔබගේ සිරුරේ බර
ඒකත් දන්නවා මෙමං - නොකිව්වට ඔයා

අම්මට පුදුමෙන් පුදුමයි - පසෙකට කර රිය නවතා
දියණියගේ දෑස් වෙතට - එබිලා බැලුවා

ඒ විතරක් නොව අම්මේ - මම දන්නවා ඔයාව ඇයි
ඩිවෝස් කලේ කියලා දැන් - අපේ තාත්තා

මවට මෙවලෙ හිත ඇතුලේ - ඇතිවූ දේ කිව යුතුමද
ඇය ඇසුවා ඒ මොකදැ‘යි - තම දියණියගෙන්

වෙන මොකවත් හින්ද නෙමෙයි - තාත්ත ඔබ අත හැරියේ
සෙක්ස් වලට ඔබට ඇත්තෙ - එෆ් එකක් නිසා




෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

නත්තලට සුභ පතන්නත් බැරිවුණා. 



හැපී බිලේටඩ් ක්‍රිස්මස් මයි ඩියර් ෆ්‍රෙන්ඩ්ස්!

ඔන්න සිංහලෙංම කිව්වා.


ඊ ළඟට, අපිත් එක්ක හැමදාමත් හිටපු සහෘද බ්ලොග් වාසී සියළුම දෙනාට ලබන්නා වූ 2016 නව වසර අය වැඩි, වැය අඩු, කීයක් හරි අතට ඉතිරිවන අරපිරිමැසුම් දායක නව වසරක්ම වේවා!


මධුමාධවී වෙතින් සුභ පැතුම්!

78 comments:

  1. උදේ පාන්දර එසේම වේවා

    ReplyDelete
    Replies
    1. තව දවස් 3කින් උදේ පාන්දරත් එසේම වේවා!

      Delete
  2. අම්මටසිරි වර්ගයේ අම්මෙක් සහ දුවෙක්. යකෝ මට මුන් දීලා තියෙන්නේ Sex : Male කියලනේ. ඒ කියන්නේ මම ඒ ජාතියේද?

    නත්තලට අලුත් අවුරුද්දට සුබපැතුම්!

    ReplyDelete
    Replies
    1. "යකෝ මට මුන් දීලා තියෙන්නේ Sex : Male කියලනේ. ඒ කියන්නේ මම ඒ ජාතියේද? "

      නිකම් සැකයි සැකයි වගේද විචාරක තුමෝ... මොකුත් විපර්යාසයක් වෙලාවත්ද ..හැක් ..හැක් ..

      Delete
    2. කාට බොරු කළත් RMV එකට බොරු කරන්න බෑ විචා. හැක්...

      Delete
    3. මලේ(Male).... මටත් හිතයි කරන්න ආදරේ..
      (විචා සීයාගේ ගීතය.)

      Delete
    4. විචාරක,
      ඔය කියන්නේ මාල දිවයිනට ගිහිං ඒක කොරගංට කියලා තමා.

      අම්බලං,
      සෘතු විපරියාසයක්ද?

      ප්‍රසා,
      අනිවා. RMV එක කරන බොරු අල්ලන්නත් බෑ.

      ගස්,
      ඔන්න ඉතිං ආයිත් බේත් ගන්න හිතිලා.

      Delete
  3. මධූටත් එසේම වේවා කිව්වා ඔන්න...
    පොඩි එකී අන්තිමට කිව්වා කාරණේ ගැන තවදුරටත් විමසනවානම්, ලංකාවේ තියන සංස්කෘතිය නිසා තමුන්ගේ සහකරු සෙක්ස් කියන සබ්ජෙක්ට් එකට අරන් තියන සාමාර්ථය මොකක්ද කියල දැනගන්න වෙන්නේ කසාද බැන්දයින් පස්සෙනේ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඕක හෙන පුරස්නයක් තමා. ඒ වුණාට ජාන වලට කාවැදිලා තියෙන ආකල්ප හින්දා, ඔය ටෙස්ට් එක තමන් කරලා තිබ්බත් අනිකි කරලා තිබුණොත් කසාදෙ හබක්!

      Delete
  4. අම්මට කට උත්තර නෑලු.... බුහැක්...
    යකෝ සැක්ස් වලට ඇප් එකක් තියෙන ගෑල්ලමේක්ව නං මැරි කොරන්නෙපා ඔන්න.. හිහි...
    පංකාදු පහයි මචෝ..
    එළඹෙන 2016 බොලාටත් පස්ට පට පට නව වසරක් වේවා
    ආයුබොහෝවේවා

    ReplyDelete
    Replies
    1. කොහොමද ඒ එකක් තිබ්බොත්?
      එසේම වේවා!

      Delete
  5. සුභ නත්තලක් හා නව වසරක්...!

    ReplyDelete
  6. ඔන්න පහු උනු නත්තලටයි අලුතෙන් එන අලුත් අවුරුද්දටයි මමත් සුබ පැතුවෝ...

    ReplyDelete
    Replies
    1. මාත් උඩිම්ම සුබ පැතුවෝ!

      Delete
  7. යකෝ මිනිහට තිබුණෙ බඳින්න ඉස්සෙල්ල ලයිසම බලන්නනෙ. අපරාදෙ පොඩි එකාටි තියෙන මොලේ ඒ මනුස්සයට තිබිල නෑ.

    ReplyDelete
    Replies
    1. පොඩි එකාගෙ යාළුවාගෙන් කවුන්සලිං කොරගන්න තිබ්බෙ.

      Delete
  8. බොලාටත් බ්ලොග් වාසී සැමටත් උදාවෙන නව වසර සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා කියල පතනව.

    මදාවියට හැපි බිලේටඩ් ක්‍රිස්මස් එකක්.

    ReplyDelete
    Replies
    1. මේ සුභ පැතුම් ප්‍රසන්න තිබස් ප්‍රින්ටර්ස් වෙතින්.

      Delete
  9. //අය වැඩි, වැය අඩු, කීයක් හරි අතට ඉතිරිවන// එකක් පතන්නෙ ඉතුරුවෙන ගාන බැංකු වල දායි කියල හිතාගෙනද. හැක්..

    ReplyDelete
    Replies
    1. ඉතිරිකිරීම් අඩුකම අපේ දුප්පත් කමට එක හේතුවක් මල්ලී...........

      Delete
  10. ලබන අවුරුද්දෙවත් මගේ වැඩේ කෙරෙන්න කියල පතහං. හැක්... හැක්...

    ReplyDelete
  11. කසාදයක් කරගන්න ස්ත්‍රී පරාණයක් හොයනකොට තවත් එකක්.දැන් හොයපන්කෝ ඩ්‍රයිවින් ලයිශන් නැති ගෑණියෙක්.....

    ReplyDelete
    Replies
    1. උඹට එකක් හොයන එක තවත් එකක්! :D

      Delete
  12. F උනත් සිලබස් එක දන්නවනම් ඇති නේද බන්?
    අඩෝ බරත් දානවද බන් ලැයිසන් එක‍ට?? ගන්ඩ ඕනේ බන් මාත්!

    ReplyDelete
    Replies
    1. සිලබස් එකේ මොඩියුල් නේම් විතරක්නං මදි.
      ලයිසමක්ද? ගෑණියෙක්ද?

      Delete
  13. අැත්තනේ.............. අාය පිරිමියෙක් මක්කටෙයි නේද????????

    මං නං කවදාවත් මොකෙක්ටවත් ලයිසන් ඒක පෙන්නන්නෑ,... ලැජ්ජාවේ බෑ ඔ්යි... සපත්තු මාරු කරලා දාලා කියලා හිතයි..... හැකි


    උඹටත් සුභ ම සුභ නව වසරක් වේවා මධාවියෝ..................

    ReplyDelete
    Replies
    1. ඒ මොකදෑ ඒ සපත්තු මාරු කරලා වගේ? පොටෝ එක ෆ්ලිප් හොරිසොන්ටල් වෙලාද?

      Delete
  14. ඔබටත් එසේම වේවා

    ReplyDelete
    Replies
    1. ඉයන් සීයාටත් එසේම වේවා!

      Delete
  15. කිලෝ 103 ක් බර සුට්ටි ගෑණු පරාණයක් සෙක්ස් වලට F එකක් ගන්න හරි ඒ විභාගේ ලියපු එකම මදැයි...

    ReplyDelete
    Replies
    1. ඕක රාත්තල් වෙන්න ඇති මචෝ. මටත් මීටර් වුණේ පස්සෙ.

      Delete
  16. බොටත්, දූල තුං දෙනාටත්, කම්මැලි ගෙදර උන්දැටත්, බල්ලටත්, පූසටත්, කැරපොත්තටත් සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. උන්දැ කම්මැලි නෑ බං. මගේ තියෙන කම්මැලිකම උන්දෑ පිටිං යැව්වට...හැක්!
      ඇයි හාවා?

      Delete
    2. හා හා... හාවටත් වේවා!!!

      Delete
    3. අන්න ඒම වරෙං.

      Delete
  17. අර උඩ පිංතූරෙ තිබ්බ කාරණා දහය මොනවද මෙයා?

    ReplyDelete
    Replies
    1. http://www.philosophymatters.org/2012/10/10-things-all-girls-should-know-how-to-do-before-getting-their-driver-license/

      Delete
    2. ඉස්තූතියි මදාවි. ගොඩක් ප්‍රයෝජනවත් කෙටි විස්තරයක් තිබ්බ...

      Delete
    3. සිරා සිරා... අර ජම්පින් කේබල් දෙකක් හදාගන්න දැම්ම නෝට් කරගත්තා.

      Delete
    4. ඒක බෝම වටිනවා. විශේෂයෙන් ඔටෝ ගියර්නං, නැවතුනොත් බජුම තමා.

      Delete
  18. කතාව කලිං අහල තිබ්බ. ඒ නිසාද මංදා එච්චර රසක් දැනුන් නෑ. එහෙම නැත්තං හොලිඩේ සීසන් එකේ වල් මදාවිය ටිකක් කාරිය බහුල වෙලා කම්පියුටරේ අත්ඇරිලද දන්නෑ?

    ReplyDelete
    Replies
    1. වල් මදාවියා වල් වැදිලා හිටියේ සිග්නල් නැති නිට්ටඹුව වන් පෙදෙසක.

      Delete
  19. ඒ කියූ අයුරින්ම සිදුවන නව වසරකට ඔබටත් ආසිරි පතන්නේ....
    ටිං ටොං ටිං...
    ගස්ලබ්බ ඇතුලු පිරිසයි..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔබට අවශ්‍ය සියළුම ප්‍රමාණයේ ගස්ලබු සඳහා විමසන්න.

      Delete
  20. අන්න දුලා.. වහැ හ් හැවැහ්...

    ජ ය වේ වා

    හැපි නත්තලක් වේවා !!!
    සුභ නිව්ඉයරයක් වේවා !!

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. සිංහලෙන්ම සුභ පතලා...
      ජය වේවා!
      (ලෝන් ගනීවා!)

      Delete
  21. නව අවුරුදු සුභපැතුම් මධුවෝ!

    ReplyDelete
    Replies
    1. අළුත් නිර්මාණාත්මක අදහස් පහල වේවා!

      Delete
  22. මදාවියාටත් නව වසරට සුබ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. තව තවත් රසවත් හැලප ලියවේවා!

      Delete
  23. සුබ නව වසරක් ඔබටත්
    ඕක තාම කියන්නේ මිනිස්සු වාහනයක් ගන්න කලින් පලා බලනවා 4න් එකක් ගන්න කලින් අතගාල බලනවා ගෙයක් ගන්න කලින් හැම අස්සකට මුල්ලකටම එබිලා බලනවා පළතුරක් ගන්න කලින් ඔබල බලනවා හැබැයි බිරිදක් ගන්නකොට ටෙස්ට් රන් එක දුවන්නේ බැන්දට පස්සේ හනිමූන් කියල නමකුත් දාගෙන

    ReplyDelete
    Replies
    1. තව තවත් නිරීක්ෂණ කරන්න ලැබේවා!
      ‘විද්වාන් සර්වත්‍ර පුජ්ජතේ‘ කිව්වෙ නිකංයෑ.

      Delete
  24. අම්මට සෙක්‍ස් වලට එෆ්, කෙල්ලට සාමාන්‍ය දැනීම එෆ්.

    සුබ නව වසරක් වේවා මචෝ.

    ReplyDelete
    Replies
    1. රසවත් කෙටිකතා සාගරයක ගිලේවා!
      කෙල්ලගෙ යාළුවට ඩබල් ඒ!

      Delete
  25. මටත් සෙක්ස් වලට තියෙන්නේ මොඩරේට් (M) පස් එකක්.. වෙලාවට අපේ උන්දා ෆේල් නිසා ඉහ ගහගෙන ඉන්නවා.. හැක හැක..

    උඹල හැමෝටමත් හැපී නිව් ඉයර් එකක්ම වේවා!

    ReplyDelete
    Replies
    1. මිනිමම්, මැක්සිමම් වෙන්න බැරිද?

      Delete
    2. කමියට තියෙන්නෙ පස් එකක්... හූ හූ...!!!

      Delete
    3. අයියෝ.. 'පස්' කමින් අවුට්.. දන්නෙම නෑ.. :-(

      මිනිමම් වෙනවා බියර් බීපු වෙලාවට.. මැක්සිමම් වෙනවා වෙන.. නෑ එක්කෝ ඒවා ඕනි නෑ.. හැක හැක..

      Delete
    4. pus cells නං අහලා තියෙනවා. ඒවාද?

      Delete
  26. අරකට මොකුත් උනේ නැතෙයි.

    ReplyDelete
  27. Late good wishes for X'mas and early ones for New Year !

    ReplyDelete
  28. (posttuwe comic rasaya pirila madhuwo)

    ***Wish You The Same Dear***

    ReplyDelete
  29. සුබ නව වසරක් වේවා මදු අයියන්ඩි ඇතුලු පව්ලේ සැමට

    ReplyDelete
    Replies
    1. එසේම වේවා මලයා! බොලා ඩබලටම.

      Delete
  30. සුභ නව වසරක් වේවා..මාරයි දුව නේ????????//

    ReplyDelete
    Replies
    1. එසේම වේවා! දුවගේ යාළුවා නේ....

      Delete
  31. කියල වැඩක් නැහැ නියමයි. මධුවෝ ඊමේල් ගොඩක් එව්වා කොමඩියක් කරන්න බැරිද කියල මේ කවි ටිකකුත් එක්ක "එදාට " කෝ උත්තරයක් නැහැනේ ?
    සුභ නව වසරක් ඒ වගේම.

    ReplyDelete
    Replies
    1. කොමඩියක් කරමු. හැබැයි සදාචාර සම්පන්න කවියක් දෙකක් හොයාගැනීම තමා පුරස්නෙ. (මම යෝජනා දෙකක්ම දැම්මා අජියයියේ)
      එසේම වේවා!

      Delete
  32. කෝ බොලං? ඊළඟ හාට් ඇටෑක් එකෙං පැරලයිස්ද? නැත්තං විදානෙයවත් ආවද අර ඉතුරු කරල ගිය ඇට දෙක කාල යන්න?

    ReplyDelete
    Replies
    1. ආයිත් පැසර් නැග්ගානේ බොල. නිදිමැරිල්ල අමාරුයි ඒ හින්දා.

      Delete