2014-10-27
ස්වස්ථි සිද්ධම්!!!
ඉඳහිට ගලා එන
සිතිවිලි අකුරු කරමින
නන් තැන්හි රැඳෙමින
කව් රස බෙදූ මැනවින
නිදහස් සිතට එන
කව් පද එකින් එක ගෙන
ගලපාගෙන සොඳින
මියුරු නමකින් අකුරු කරමින
ඔබ හා රැඳෙන්නට
වරම් පතනෙම් මේ ලෙස
මා හැඳිනගන්නට
යොදන කාලය විඳින් කව්රස
සිංහලේ සයිබරය
වෙතට ගොඩවුණි පස් වසට පෙර
පැරකුම්ගෙ අඩවිය
අදත් කියවමි නොදා බර බර
මාතලං නමිනේ
සයිබරයෙ මුරපොලක් තිබුණේ
මේ අඩවි රැකුණේ
ඔහුය ඇදුරිඳු අකුරුකරණේ
අලුත ඉපදුනු දරුවට
අතදී නැගිට ගන්නට
කරනා මෙහෙවරට
තුති පුදන්නෙමි අටං පහුරට
විචාරක ලොක්කා
මහ දැනුමක් බෙදන්නා
තද වෙනුත් දැක්කා
අසා දැක තව තව සොයන්නා
සියලු රස සමගින
අච්චාරුවක් දාමින
දේශකයා නමින
පොරකි වයසක මෙමං සලකන
සැලසුම් ඉදිකෙරුම්
සමගින් ඉවුම් සහ පිහුම්
රැගෙන ලිපි මනරම්
එළ පොරක් ඇත චෙෆාකී නම්
මුරුගයෙක් බියකරු
වලියට බරයි නිරතුරු
ලියන දෑ නං පියකරු
ඉන්දිකය ඒ මහ ලියුම්කරු
රුසියන් නමක් එල්ලා
අමු සිංහලෙන් කොටනා
කරකවා අතහරිනා
සිරා පොරකිය ඉවාන් නමිනා
සුන්දරය සඳුමල්
ගලායන රස ගී වැල්
පසුබිම ලියා මනකල්
සිත් පහන්කර තබයි හැමකල්
හදගැස්ම සැනකින
නවත්වාලන රසඳුන
පොඩි පොඩි කව් ලියන
අවන්හල අපි නිතර ගැවසෙන
කෙටිම කෙටි වදනින
පිළිතුරු ලෙසින් බඳිමින
පියවි දෙනෙතින් බලමින
සිහින සිත්තම ඇඳෙයි දින දින
කාමරේ අරිනා
නමකින් සිරා කොලුවා
නොදුටු පැති දුටුවා
උගේ කියමන් නිතර බැලුවා
සී ජේ විදානේ
සබරගමු විදු පුතෙක් වන්නේ
නොමැත මලදානේ
නම වෙනස් කර “දෙතරු“ දානේ
විභීෂණ ගොයියා
මාතලංගෙත් අයියා
යක්ස සෙන්පතියා
උඹනං යකෙක්මයි වීභීෂණයා
ප්‍රියා එළ කොල්ලෙකි
කමෙන්ට් වලදී ලෝබ නැත්තෙකි
මේ ලඟදි ඇදගත්තේ
අමුම අමු වැසිකිලියකි
නුඹ සැවොම ඇමතුවේ
කළගුණයි ඒ සැලකුවේ
අනෙක් අය නොකියවුනේ
මතක නැතුවා හෙම නොවේ
තව චරිත ගොන්නයි
ලිව්වොතින් කවි පැදුර පරදියි
නොකියවුනු පිරිසයි
අනේ වෙනසක් නෑ සැම අගෙයි
සෙත්කවි සමග වස්කවි
ලියන්නට සිත ඇති බැවිනි
නව අඩවියක් විලසිනි
මධුමාධවී බිහිවුණි
පළමු පියවර තැබුවෙමි
දුරක් යන්නට සිතනෙමි
සැම සැප පතන්නෙමි
ස්වස්ථි සිද්ධම් කියා කියනෙමි
Subscribe to:
Post Comments (Atom)
මම එක......
ReplyDeleteහරි දැන් කතාකරමු. මට නිකන් දැන් කිවිසුමක් යන්න ඇවිත් ගියේ නෑ වගේ හැඟීමක් දැනෙනවා. ඇත්තටම කවුද මේ? ඒ ගැන හොයන්න කාලය නොයොදන්න කියලත් කියල තියෙනවා. ඒත් හැකිනම් කවුද කියන්න ලෝබ නැතිව. මොකද නැත්නම් මේ සටහන් බලන හැම දාකම මට නිකං නොගිය කිවිසුම වගේ වෙයි.
Deleteකොහොම උනත්, ආසිරි මංගල ගීත ගයා පටන් ගත් මේ ඇරඹුම අවසනක් නැති ගමනක පලමු පිය සටහන වේවා....!!
ඔබට ජයෙන් ජය...
මේකෙන් දේශපාලනය, සමාජ සිද්ධි ආදියත් කවියට නගන නිසා වෙනම එකක් ගොඩනගන්නෙ. මනෝට මේකෙ ගොඩක් වැඩ හිටියි. ඉස් ඉස්සෙල්ලම එන බවත් දනිමි. ස්තුතියි. අපි වෙනුවෙන් අපි.
Deleteකොයි මේකෙ ෆලෝවර් එක?
Deleteපරිස්සමට අරන් තියලා. හෙක්. :D
Deleteමොනා උනත් බ්ලොග් ලිව්වෙ නැතත් අපේ සිංදු ඇනෝ ගැනත් මධුමාධවීට කවියක් ලියන්න තිබුනා.. මොකද කියන්නෙ ප්‍රියා?
Deleteමේ වැනුවේ බ්ලොග් කරුවන් ටිකක්. තව වැනෙමින් පවතිනවා. එතනට දමා වනන්නෙමි. හරි හරි ඉතිං.
Deleteහැක්!
ReplyDeleteඅපිව දන්න - අපි නොදන්න
අපිත් එක්ක - ඉන්න මිතුර…
හරි පැත්තකට දාමුකො නම ගම? මොක උනත් පටන් ගත්තු වෙඩේ දිගටම කරන් යමු එකෙන්ම.
බොක්කෙන්ම සුබ පැතුම්!!!
ප්‍රියා කොහොමත් බොක්කනෙ. කමෙන්ට් වලටත් ලෝස් නෑනේ. ස්තුති වේවා!
Deleteප්‍රියා එළ කොල්ලෙකි
Deleteකමෙන්ට් වලදී ලෝබ නැත්තෙකි
මේ ලඟදි ඇදගත්තේ
අමුම අමු වැසිකිලියකි////
මේ බලවු අහෝ අනිතිමට කාට හෝ සත්‍යය වැටහී ඇතුවා සේය...
මොනා වුණත් මධු දෙන්න ඕන චොකලට් පැට්ටෙරියක්ම ඕ යේස්
ප්‍රියා උස දණ්ඩෙකි
Deleteකමෙන්ටුත් ඒ වගෙම ඇත්තෙකි
උඩ හිටං පහලටම
ෆුල්ම ආතල් දෙන්නෙකි
ජය වේවා! නොනැවතී දිගටම ලියන්න හැකි වේවා කියල සුභ පතනවා..
ReplyDeleteස්තුතියි! පිළිගන්නවා සාදරයෙන්. ඒ පැත්තෙත් එන්නා...
Deleteழள.பர ,ளாரங வகலமஒ
ReplyDeleteசடைதள ,ளாரங மளச்ஙசங
க.ழச .ளலளமய கடனகரமயப டசமயமரய
த ா கதய தன !!!!
This comment has been removed by the author.
Deleteஇந்த என்ன ஒரு ஏமாற்று வேலைகள்தான் ?
Deleteදන්න හිංගලෙන් කොටපල්ලකො සෙද්ද? අපි භාෂා පරිවර්ථකයො හොයන්නත් ඕන.
Deleteවිදානෙ, හැව බොල හැව.
ප්‍රියා,
Deleteවිදානයා ඇදලා ඇත දෙමලෙන්ම
දුන්න එකක් සෙකන්ඩ් වෙන්නෙ කුමට මම
නොදනී කෙටූවත් ඒවයෙ අරුත කිම
ගූගල් ට්‍රාන්ස්ලේට් හින්දා හැවද බිම
ගනු කඩුව එනු සටනට!!
Deleteවිදානේ උංගඩ පයිත්තියමා........................?????
Deleteආයුබොහෝවන්'''''''''!............
ReplyDeleteදුර ගමනක් යමු අප සැම සමග මචෝ.............................!
එසේම..........වේවා........! ....ඔබවද..........වනන්නම්...........පසුව.......
Delete//.ඔබවද..........වනන්නම්...........පසුව.......//
Deleteහපොයි!!!
ස්වස්ථි සිද්ධම්!!!!!!
ReplyDeleteමේ දක්වපු රෙස්පෙක්ට් එකට හරිම රෙස්පෙක්ට් අපිත්...
කවියෙන්ම දෙන්න මහත්තයෝ දෙන්න තියෙන දේ....
මධුමාධවී පොයෙට්‍රි....මාර නම....
ජය වේවා...!!!!!
දෙයක් වේනම් යම්........
Deleteසුදුස්සාටම අයිති විය යුතු.........
අවංකවම හැඟෙන දෑ කියා ඇත්තෙමි. ස්තුතියි!
දැන් මක්ක කරනෙම්..
ReplyDeleteකවි පිළිතුරක් ලියනෙම්..
ඔබට එය හැකිනම්..
මොකද බැරි රෙඩි ඔන්න මමනම්..
බිසී බව දන්නේ..
එනමුත් කරකවන්නේ..
අපිත් මෙහෙ ඉන්නේ..
කලාහිත වෙත නැද්ද එන්නේ..
එම්බල පිළිමලුනි
Deleteඑනු කඩුව ගෙන අතිනී
කරනමක් ගසමිනී
යවමි දෙව්ලොව පැමිණි විගසිනි
ඉන්න බව දන්නේ
එන්නට තමා උන්නේ
දැන්ම එල්ලන්නේ
ඇහැකි හැටියට ඇවිත් යන්නේ
ස්තූතියි!
තුදුස් වසරක් තිස්සේ
Deleteකඩුව අත් අග්ගිස්සේ
බැරි නිසයි පසු බැස්සේ
මතක් වෙනවිට හිතත් ගැස්සේ
කලාවට ලාවට
එනකොටම මේ හුට පට
දැන් බෑ දුවන්නට
ගසමි කවියෙන් නිවන් යන්නට..
අප්පට බොල කයි සෙට් එකක්ම පසාගන ඇවිත් නේද
ReplyDeleteඑල එල ඔන්න මාත් එල්ල ගත්තා
අටමා සොයාගෙන
Deleteආවෙමි උඩ සිට කසාගෙන
ස්තුතියි!
අලුත් වැඩේට බොක්කෙන්ම සුභ පැතුම් මධුමාධවී පොයෙට්‍රි !!!!!!!!!!!!!!
ReplyDeleteසබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන..
වියරු ගිනි දැල් නොවෙමු
වනය අවුලා තබන
සිහිල දෙන වැස්ස වෙමු
දැවෙන කැලයට වසින..
නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු
දනන් නින්දෙන් මුදන...
පදරචනය : දර්ශන මේදිස්
සංගීතය : ගුණදාස කපුගේ
ගායනය : ගුණදාස කපුගේ
නුඹ ගැන නොලීවා කියලා
Deleteසඳු මලයගෙත් හිත රිදිලා
නැත මට අමතක වීලා
ලඟදිම දානව ලියලා
මේක අර මහින්ද මහත්තයගේ 2015 බජට් එක වගේ.. ඔක්කෝටම බෙදලා.. හැබයි ඉතින් ඒ වගේම ඇදගෙන යන එකයි වටින්නේ..
ReplyDeleteකයි පද බැඳිම නම් මල් මසුරන්.. එකක් දෙකක් ඇර..
ස්තුතියි. තව බෙදන්න තියෙනවා.
Deleteඅර එක දෙක පෙන්නුවානම් තමා හොඳ, මතු ප්‍රයෝජන තකා.
තැබූ පළමු පියවරම ඇත රස මවලා
ReplyDeleteයහගුණෙන් ගුරු පඬුරුත් පුද කරලා
ඇත, සෙනෙහසින් මිතුරනුත් සිහි කරලා
ඉදිරියටම යමු තව තව රස බෙදලා ....!!
නම දැක රැවටුනෙමි හිස් අහසද කියලා
Deleteමම වැරදියි නැද්ද කිව මැන සැක දුරැලා
පිළිගමි අඩවියට ආවට කවි කියලා
පින් දෙමි ඇවිත් යනවට අදහස් ලියලා
මධුමාධවියේ, වැරදියි ඔබගේ අනුමානය නම්
Deleteමම වෙමි සඳරු කවි අරණේ කෙරූ කවි කම්
ඒ හරි අපූරුයිනේ
Deleteකිමද දැන් නොලියන්නේ
මොනවා වුණත් කවි පදබදින අයට අපි උපරිම සහයෝගය.. ඉතින් සුභ ගමනකට සුභ පතනවා....
ReplyDeleteඇතොත් ඔබෙ අත හිත
Deleteයා හැකි දුර නිමක් නැත
-ස්තුතියි-
ගමනේ යා!!!!!!!!!!!!!!!!!!!!!
ReplyDeleteබොක්කෙන්ම සුභාසිරි............
ක්ලච්, බ්‍රේක්, ක්ලච්, බ්‍රේක්, ක්ලච්, බ්‍රේක්.......................
Delete-ස්තුතියි!
අහම්බෙන් දැක්කෙමි
ReplyDeleteඇවිත් පැලපදියම් වීමි
එහෙනං එකසිතිනි
ලියාපන් මධු මාධවීයනි ..
ගොඩක් කාලෙකට කලින් මේවගේ එකක් මාත් ලිව්වා
මේ තියෙන්නේ
http://iwanpaulooshaa.blogspot.com/2013_08_01_archive.html
ඒක ළඟදි කියවා ඇත
Deleteඒ නිසාම කමෙන්ට් නොමැත
අම්ම අප්ප දැක්ක වගෙයි
පිළිගන්නෙමි දීලා අත
තබන තබන පා පියවර මත
ReplyDeleteනොමැති වේවි පිපෙන නෙළුම්
එනමුත් ඇති වදනක් මසුරං
ඉදහිටක වදිනා ගලුත් එක්කං...
තිව් පියවර බොහොම අගෙයි
තබන තබන පිය ජය වේමයි
ගලුත් මලුත් වෙන දවසක් එන්නෙයි
එතක් වෙරෙන් මේ දිග පිය තබනෙයි..
ජයෙන් ජය වේවා
//හදගැස්ම සැනකින
Deleteනවත්වාලන රසඳුන
පොඩි පොඩි කව් ලියන
අවන්හල අපි නිතර ගැවසෙන//
ගල් මල් දෙකට එකලෙස සංවේදී වෙමු
කොහොමත් රොබෝවරු වාගේ නම් නොවෙමු
ජීවත්වන ඩිංගෙදි හැකි දේ කරමු
රත්නේ යමං නොනැවත මේ ගමන යමු
රත්නේ///
Deleteසෑහෙන කාලෙකින් ඇහුවෙ කෙනෙක් ඔහෙම කියනව...
ඔහොම මට කීවෙම එකයි බං...
කවි දැනමුත්තෝ මැදද්දේ
ReplyDeleteකවි ගෙතුමට නොහැක්කේ
එහෙත් හද පත්ලේ
තිබෙන සුභ පැතුම මෙහි ලියවේ
සමරසේකර
සාදරෙනි පිළිගන්නේ
Deleteමොකදෝ නොහැක්කේ
ඇහැක් හැටියෙන්වත්
ලියන එකනොවැ ඇත්තේ
//මුරුගයෙක් බියකරු
ReplyDeleteවලියට බරයි නිරතුරු
ලියන දෑ නං පියකරු
ඉන්දිකය ඒ මහ ලියුම්කරු//
කිව්වාට තඩි බොරු
නැතේ මා නම් සතුරු
වේවා නුඹම තිරතරු
ලැබේවා නිති පහස සුරතුරු
කිව්වෙ නෑ නොවැ බොරු
Deleteඔය සතා නං හරි නපුරු
නැද්ද ඌ බියකරු
මක් වුනත් මේ කවිය නම් මරු.....