2014-10-27

ස්වස්ථි සිද්ධම්!!!



ඉඳහිට ගලා එන
සිතිවිලි අකුරු කරමින
නන් තැන්හි රැඳෙමින
කව් රස බෙදූ මැනවින

නිදහස් සිතට එන
කව් පද එකින් එක ගෙන
ගලපාගෙන සොඳින
මියුරු නමකින් අකුරු කරමින



ඔබ හා රැඳෙන්නට
වරම් පතනෙම් මේ ලෙස
මා හැඳිනගන්නට
යොදන කාලය විඳින් කව්රස


සිංහලේ සයිබරය
වෙතට ගොඩවුණි පස් වසට පෙර
පැරකුම්ගෙ අඩවිය
අදත් කියවමි නොදා බර බර

මාතලං නමිනේ
සයිබරයෙ මුරපොලක් තිබුණේ
මේ අඩවි රැකුණේ
ඔහුය ඇදුරිඳු අකුරුකරණේ

අලුත ඉපදුනු දරුවට
අතදී නැගිට ගන්නට
කරනා මෙහෙවරට
තුති පුදන්නෙමි අටං පහුරට

විචාරක ලොක්කා
මහ දැනුමක් බෙදන්නා
තද වෙනුත් දැක්කා
අසා දැක තව තව සොයන්නා

සියලු රස සමගින
අච්චාරුවක් දාමින
දේශකයා නමින
පොරකි වයසක මෙමං සලකන

සැලසුම් ඉදිකෙරුම්
සමගින් ඉවුම් සහ පිහුම්
රැගෙන ලිපි මනරම්
එළ පොරක් ඇත චෙෆාකී නම්

මුරුගයෙක් බියකරු
වලියට බරයි නිරතුරු
ලියන දෑ නං පියකරු
ඉන්දිකය ඒ මහ ලියුම්කරු

රුසියන් නමක් එල්ලා
අමු සිංහලෙන් කොටනා
කරකවා අතහරිනා
සිරා පොරකිය ඉවාන් නමිනා

සුන්දරය සඳුමල්
ගලායන රස ගී වැල්
පසුබිම ලියා මනකල්
සිත් පහන්කර තබයි හැමකල්

හදගැස්ම සැනකින
නවත්වාලන රසඳුන
පොඩි පොඩි කව් ලියන
අවන්හල අපි නිතර ගැවසෙන

කෙටිම කෙටි වදනින
පිළිතුරු ලෙසින් බඳිමින
පියවි දෙනෙතින් බලමින
සිහින සිත්තම ඇඳෙයි දින දින

කාමරේ අරිනා
නමකින් සිරා කොලුවා
නොදුටු පැති දුටුවා
උගේ කියමන් නිතර බැලුවා

සී ජේ විදානේ
සබරගමු විදු පුතෙක් වන්නේ
නොමැත මලදානේ
නම වෙනස් කර “දෙතරු“ දානේ

විභීෂණ ගොයියා
මාතලංගෙත් අයියා
යක්ස සෙන්පතියා
උඹනං යකෙක්මයි වීභීෂණයා

ප්‍රියා එළ කොල්ලෙකි
කමෙන්ට් වලදී ලෝබ නැත්තෙකි
මේ ලඟදි ඇදගත්තේ
අමුම අමු වැසිකිලියකි

නුඹ සැවොම ඇමතුවේ
කළගුණයි ඒ සැලකුවේ
අනෙක් අය නොකියවුනේ
මතක නැතුවා හෙම නොවේ

තව චරිත ගොන්නයි
ලිව්වොතින් කවි පැදුර පරදියි
නොකියවුනු පිරිසයි
අනේ වෙනසක් නෑ සැම අගෙයි

සෙත්කවි සමග වස්කවි
ලියන්නට සිත ඇති බැවිනි
නව අඩවියක් විලසිනි
මධුමාධවී බිහිවුණි

පළමු පියවර තැබුවෙමි
දුරක් යන්නට සිතනෙමි
සැම සැප පතන්නෙමි
ස්වස්ථි සිද්ධම් කියා කියනෙමි

51 comments:

  1. Replies
    1. හරි දැන් කතාකරමු. මට නිකන් දැන් කිවිසුමක් යන්න ඇවිත් ගියේ නෑ වගේ හැඟීමක් දැනෙනවා. ඇත්තටම කවුද මේ? ඒ ගැන හොයන්න කාලය නොයොදන්න කියලත් කියල තියෙනවා. ඒත් හැකිනම් කවුද කියන්න ලෝබ නැතිව. මොකද නැත්නම් මේ සටහන් බලන හැම දාකම මට නිකං නොගිය කිවිසුම වගේ වෙයි.

      කොහොම උනත්, ආසිරි මංගල ගීත ගයා පටන් ගත් මේ ඇරඹුම අවසනක් නැති ගමනක පලමු පිය සටහන වේවා....!!

      ඔබට ජයෙන් ජය...

      Delete
    2. මේකෙන් දේශපාලනය, සමාජ සිද්ධි ආදියත් කවියට නගන නිසා වෙනම එකක් ගොඩනගන්නෙ. මනෝට මේකෙ ගොඩක් වැඩ හිටියි. ඉස් ඉස්සෙල්ලම එන බවත් දනිමි. ස්තුතියි. අපි වෙනුවෙන් අපි.

      Delete
    3. කොයි මේකෙ ෆලෝවර් එක?

      Delete
    4. මොනා උනත් බ්ලොග් ලිව්වෙ නැතත් අපේ සිංදු ඇනෝ ගැනත් මධුමාධවීට කවියක් ලියන්න තිබුනා.. මොකද කියන්නෙ ප්‍රියා?

      Delete
    5. මේ වැනුවේ බ්ලොග් කරුවන් ටිකක්. තව වැනෙමින් පවතිනවා. එතනට දමා වනන්නෙමි. හරි හරි ඉතිං.

      Delete
  2. හැක්!
    අපිව දන්න - අපි නොදන්න
    අපිත් එක්ක - ඉන්න මිතුර…

    හරි පැත්තකට දාමුකො නම ගම? මොක උනත් පටන් ගත්තු වෙඩේ දිගටම කරන් යමු එකෙන්ම.

    බොක්කෙන්ම සුබ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. ප්‍රියා කොහොමත් බොක්කනෙ. කමෙන්ට් වලටත් ලෝස් නෑනේ. ස්තුති වේවා!

      Delete
    2. ප්‍රියා එළ කොල්ලෙකි
      කමෙන්ට් වලදී ලෝබ නැත්තෙකි
      මේ ලඟදි ඇදගත්තේ
      අමුම අමු වැසිකිලියකි////

      මේ බලවු අහෝ අනිතිමට කාට හෝ සත්‍යය වැටහී ඇතුවා සේය...
      මොනා වුණත් මධු දෙන්න ඕන චොකලට් පැට්ටෙරියක්ම ඕ යේස්

      Delete
    3. ප්‍රියා උස දණ්ඩෙකි
      කමෙන්ටුත් ඒ වගෙම ඇත්තෙකි
      උඩ හිටං පහලටම
      ෆුල්ම ආතල් දෙන්නෙකි

      Delete
  3. ජය වේවා! නොනැවතී දිගටම ලියන්න හැකි වේවා කියල සුභ පතනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! පිළිගන්නවා සාදරයෙන්. ඒ පැත්තෙත් එන්නා...

      Delete
  4. ழள.பர ,ளாரங வகலமஒ

    சடைதள ,ளாரங மளச்ஙசங

    க.ழச .ளலளமய கடனகரமயப டசமயமரய


    த ா கதய தன !!!!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. இந்த என்ன ஒரு ஏமாற்று வேலைகள்தான் ?

      Delete
    3. දන්න හිංගලෙන් කොටපල්ලකො සෙද්ද? අපි භාෂා පරිව‍ර්ථකයො හොයන්නත් ඕන.

      විදානෙ, හැව බොල හැව.

      Delete
    4. ප්‍රියා,
      විදානයා ඇදලා ඇත දෙමලෙන්ම
      දුන්න එකක් සෙකන්ඩ් වෙන්නෙ කුමට මම
      නොදනී කෙටූවත් ඒවයෙ අරුත කිම
      ගූගල් ට්‍රාන්ස්ලේට් හින්දා හැවද බිම

      Delete
    5. ගනු කඩුව එනු සටනට!!

      Delete
    6. විදානේ උංගඩ පයිත්තියමා........................?????

      Delete
  5. ආයුබොහෝවන්'''''''''!............
    දුර ගමනක් යමු අප සැම සමග මචෝ.............................!

    ReplyDelete
    Replies
    1. එසේම..........වේවා........! ....ඔබවද..........වනන්නම්...........පසුව.......

      Delete
    2. //.ඔබවද..........වනන්නම්...........පසුව.......//
      හපොයි!!!

      Delete
  6. ස්වස්ථි සිද්ධම්!!!!!!
    මේ දක්වපු රෙස්පෙක්ට් එකට හරිම රෙස්පෙක්ට් අපිත්...
    කවියෙන්ම දෙන්න මහත්තයෝ දෙන්න තියෙන දේ....
    මධුමාධවී පොයෙට්‍රි....මාර නම....
    ජය වේවා...!!!!!

    ReplyDelete
    Replies
    1. දෙයක් වේනම් යම්........
      සුදුස්සාටම අයිති විය යුතු.........
      අවංකවම හැඟෙන දෑ කියා ඇත්තෙමි. ස්තුතියි!

      Delete
  7. දැන් මක්ක කරනෙම්..
    කවි පිළිතුරක් ලියනෙම්..
    ඔබට එය හැකිනම්..
    මොකද බැරි රෙඩි ඔන්න මමනම්..

    බිසී බව දන්නේ..
    එනමුත් කරකවන්නේ..
    අපිත් මෙහෙ ඉන්නේ..
    කලාහිත වෙත නැද්ද එන්නේ..

    ReplyDelete
    Replies
    1. එම්බල පිළිමලුනි
      එනු කඩුව ගෙන අතිනී
      කරනමක් ගසමිනී
      යවමි දෙව්ලොව පැමිණි විගසිනි

      ඉන්න බව දන්නේ
      එන්නට තමා උන්නේ
      දැන්ම එල්ලන්නේ
      ඇහැකි හැටියට ඇවිත් යන්නේ

      ස්තූතියි!

      Delete
    2. තුදුස් වසරක් තිස්සේ
      කඩුව අත් අග්ගිස්සේ
      බැරි නිසයි පසු බැස්සේ
      මතක් වෙනවිට හිතත් ගැස්සේ

      කලාවට ලාවට
      එනකොටම මේ හුට පට
      දැන් බෑ දුවන්නට
      ගසමි කවියෙන් නිවන් යන්නට..

      Delete
  8. අප්පට බොල කයි සෙට් එකක්ම පසාගන ඇවිත් නේද

    එල එල ඔන්න මාත් එල්ල ගත්තා

    ReplyDelete
    Replies
    1. අටමා සොයාගෙන
      ආවෙමි උඩ සිට කසාගෙන
      ස්තුතියි!

      Delete
  9. අලුත් වැඩේට බොක්කෙන්ම සුභ පැතුම් මධුමාධවී පොයෙට්‍රි !!!!!!!!!!!!!!

    සබඳ අපි කඳු නොවෙමු
    උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු
    එකම ගඟකට වැටෙන..

    වියරු ගිනි දැල් නොවෙමු
    වනය අවුලා තබන
    සිහිල දෙන වැස්ස වෙමු
    දැවෙන කැලයට වසින..

    නපුරු හීනය නොවෙමු
    ළමුන් නිදි සුව බිඳින
    සොඳුරු අඬහැරය වෙමු
    දනන් නින්දෙන් මුදන...

    පදරචනය : දර්ශන මේදිස්
    සංගීතය : ගුණදාස කපුගේ
    ගායනය : ගුණදාස කපුගේ

    ReplyDelete
    Replies
    1. නුඹ ගැන නොලීවා කියලා
      සඳු මලයගෙත් හිත රිදිලා
      නැත මට අමතක වීලා
      ලඟදිම දානව ලියලා

      Delete
  10. මේක අර මහින්ද මහත්තයගේ 2015 බජට් එක වගේ.. ඔක්කෝටම බෙදලා.. හැබයි ඉතින් ඒ වගේම ඇදගෙන යන එකයි වටින්නේ..

    කයි පද බැඳිම නම් මල් මසුරන්.. එකක් දෙකක් ඇර..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. තව බෙදන්න තියෙනවා.
      අර එක දෙක පෙන්නුවානම් තමා හොඳ, මතු ප්‍රයෝජන තකා.

      Delete
  11. තැබූ පළමු පියවරම ඇත රස මවලා
    යහගුණෙන් ගුරු පඬුරුත් පුද කරලා
    ඇත, සෙනෙහසින් මිතුරනුත් සිහි කරලා
    ඉදිරියටම යමු තව තව රස බෙදලා ....!!

    ReplyDelete
    Replies
    1. නම දැක රැවටුනෙමි හිස් අහසද කියලා
      මම වැරදියි නැද්ද කිව මැන සැක දුරැලා
      පිළිගමි අඩවියට ආවට කවි කියලා
      පින් දෙමි ඇවිත් යනවට අදහස් ලියලා

      Delete
    2. මධුමාධවියේ, වැරදියි ඔබගේ අනුමානය නම්
      මම වෙමි සඳරු කවි අරණේ කෙරූ කවි කම්

      Delete
    3. ඒ හරි අපූරුයිනේ
      කිමද දැන් නොලියන්නේ

      Delete
  12. මොනවා වුණත් කවි පදබදින අයට අපි උපරිම සහයෝගය.. ඉතින් සුභ ගමනකට සුභ පතනවා....

    ReplyDelete
    Replies
    1. ඇතොත් ඔබෙ අත හිත
      යා හැකි දුර නිමක් නැත
      -ස්තුතියි-

      Delete
  13. ගමනේ යා!!!!!!!!!!!!!!!!!!!!!
    බොක්කෙන්ම සුභාසිරි............

    ReplyDelete
    Replies
    1. ක්ලච්, බ්‍රේක්, ක්ලච්, බ්‍රේක්, ක්ලච්, බ්‍රේක්.......................
      -ස්තුතියි!

      Delete
  14. අහම්බෙන් දැක්කෙමි
    ඇවිත් පැලපදියම් වීමි
    එහෙනං එකසිතිනි
    ලියාපන් මධු මාධවීයනි ..

    ගොඩක් කාලෙකට කලින් මේවගේ එකක් මාත් ලිව්වා
    මේ තියෙන්නේ
    http://iwanpaulooshaa.blogspot.com/2013_08_01_archive.html

    ReplyDelete
    Replies
    1. ඒක ළඟදි කියවා ඇත
      ඒ නිසාම කමෙන්ට් නොමැත
      අම්ම අප්ප දැක්ක වගෙයි
      පිළිගන්නෙමි දීලා අත

      Delete
  15. තබන තබන පා පියවර මත
    නොමැති වේවි පිපෙන නෙළුම්
    එනමුත් ඇති වදනක් මසුරං
    ඉදහිටක වදිනා ගලුත් එක්කං...

    තිව් පියවර බොහොම අගෙයි
    තබන තබන පිය ජය වේමයි
    ගලුත් මලුත් වෙන දවසක් එන්නෙයි
    එතක් වෙරෙන් මේ දිග පිය තබනෙයි..

    ජයෙන් ජය වේවා

    ReplyDelete
    Replies
    1. //හදගැස්ම සැනකින
      නවත්වාලන රසඳුන
      පොඩි පොඩි කව් ලියන
      අවන්හල අපි නිතර ගැවසෙන//

      ගල් මල් දෙකට එකලෙස සංවේදී වෙමු
      කොහොමත් රොබෝවරු වාගේ නම් නොවෙමු
      ජීවත්වන ඩිංගෙදි හැකි දේ කරමු
      රත්නේ යමං නොනැවත මේ ගමන යමු

      Delete
    2. රත්නේ///

      සෑහෙන කාලෙකින් ඇහුවෙ කෙනෙක් ඔහෙම කියනව...
      ඔහොම මට කීවෙම එකයි බං...

      Delete
  16. කවි දැනමුත්තෝ මැදද්දේ
    කවි ගෙතුමට නොහැක්කේ
    එහෙත් හද පත්ලේ
    තිබෙන සුභ පැතුම මෙහි ලියවේ

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. සාදරෙනි පිළිගන්නේ
      මොකදෝ නොහැක්කේ
      ඇහැක් හැටියෙන්වත්
      ලියන එකනොවැ ඇත්තේ

      Delete
  17. //මුරුගයෙක් බියකරු
    වලියට බරයි නිරතුරු
    ලියන දෑ නං පියකරු
    ඉන්දිකය ඒ මහ ලියුම්කරු//


    කිව්වාට තඩි බොරු
    නැතේ මා නම් සතුරු
    වේවා නුඹම තිරතරු
    ලැබේවා නිති පහස සුරතුරු

    ReplyDelete
    Replies
    1. කිව්වෙ නෑ නොවැ බොරු
      ඔය සතා නං හරි නපුරු
      නැද්ද ඌ බියකරු
      මක් වුනත් මේ කවිය නම් මරු.....

      Delete