2014-10-29

පුංචි වල් රෝස මල


ලෝකයම එරෙහි වී
සටන් පොලු ගනිද්දී
කැන්දගෙන ආවෙ මං
ඔය ලෙසින් නිදන්නද

එකත් අතකට හරිනෙ
මටත් ඕනිව තිබුණෙ
නිදියන්න නේන්නං
ඔයත් තුරුලට අරං


දැං එහෙම බෑ අනේ
කරන්නට වැඩ ගොඩයි
පොඩි උනුත් ලොකුයිනේ
අපිත් වයසයිනේ


උදේ ඉර පායන්ට
කලිං ඇහැරෙන ලොවක
ඔය ලෙසින් නිදන්නට
ඇහැකිනං මොන සැපද


පොඩි උන්ට ගෙනියන්න
මොනාහරි රත්කරං
බීමකුත් වත්කරල
තියනකං නිවන් නෑ

රෙදිත් මැදගන්නෝනි
බතුත් බැඳගන්නෝනි
පොඩි උන්ට කවන්නයි
එකම යම යුද්දයයි

තාත්තේ කමිසයක්
........................
කියන්නකො මදින්නට
කොලපාට එක ගන්න

සෞඛ්‍යත් තියෙනවා
අම්මෙ දැම්මාද පොත
විද්‍යාව පොත කෝ
ඒකනං ඕනිමයි

මට හරිම නිදිමතයි
සීනිනං වැඩිවෙලා
කරවිලත් බෑ අනේ
අඩුවුනොත් මැරෙනවලු

අක්කෙ මට චූ බරයි
ටිකක් ඉන්නව ඕයි
බෑ...බෑ...අනේ බෑ
යනවකෝ වද නොදී

චූටි ඇහැරෙන්නැද්ද
මගෙ කකුල රිදෙනවා
එහෙම නං නවතින්න
හවස බේතක් ගන්න

බබූ එළියට එනව
පෝඩ්ඩක් හිටපියකො
මුගේ කට වැඩියි දැං
තලනවා වෙලාවක

බත් කටක් අත තියං
ගේ පුරා දුව දුවා
පුදුම මැරතන් එකක්
මරු ව්‍යායාමයක්

පාන්දර නැගිටලා
උයාගෙන තනියෙංම
කවන බත් ඩිංගටත්
වඳින්නද කියන්නේ

නෝක්කඩු මූණකිං
හෙමින් කට අරිනකොට
මගෙත් කට ඇරෙනවා
එයට සමගාමීව

සුදූ ගත්තද සල්ලි
ඕනි නෑ තියෙනවා
බබුට අද වැඩිපුරත්
මගෙං බෝනස් එකක්

අද නැද්ද පොඩි දෝනි
නෑ, කකුල රිදෙනවලු
හැමදාම ඔහොමමයි
කොහේ හරි රිදෙනවා

දවස් තුනකට පස්සෙ
ඊයෙ ගියෙ ඉස්කෝලෙ
හිටගෙනම ඉඳලාද
කකුල් දෙක රිදෙන්නේ

තනි පියාපතකින්
පියාසලනා මං
නුඹලාට බලනවා
මදියි මං දන්නවා

පුතේ උඹලා දිනෙක
අන් කවදටත් වඩා
අඬන බව දනිමි මං
ඒ ගැනයි දුක මෙමට

කතා කරනා දෑස්
දෙස බලා කෙලෙසකද
ජීවිතෙන් කවදහරි
නික්මිලා යන්නෙ මං

කඳුලු පිරි දෙනෙතකින්
කියන් එදිනට ඇයට
අම්මේ ඉතිංවත්
............... නැගිටින්න

34 comments:

  1. බිරිඳකගේ , මවකගේ භූමිකාව වෙනස් මානයකින් ....

    සංවේදීයි , ලස්සනයි !!

    ලේ කිරි කර පොවා ඇය විය දරුවන්ට අම්මා
    සැමියාටද විටෙකදි විය ඇය, දෙවැනි අම්මා
    කල මෙහෙයෙත් නැත, කිසිවිටෙක නිම්මා
    නැත ලොවේ කිසිවක්, පරදවන ඇගේ පෙම්මා

    ReplyDelete
    Replies
    1. කතාව ඇඳෙන්නෙ පාඨකයාගෙ හිතේ. ඔහු සතු හැඟීම් සහ දක්ෂතාවය මත එය ඕනෑම අතකට සිතීමේ නිදහස ඔහුට තිබෙනවා වගේම ලේඛකයාද ඒ අයිතියට ගරු කල යුතුයි.
      ස්තුතියි!

      Delete
    2. අහ්, ඒ කියන්නේ මගේ උපකල්පනය වැරදියි .... මගේ හිතේ ඇඳුනේ ඒ වගේ රූපයක් ...

      Delete
    3. වෙනස් ඇහැකින් දකින්න සඳා

      Delete
  2. කතාවම සුන්දරයි.. හැමෝගෙම ජීවිත ගොඩක් දුරට මේ වගේ.. හැම අම්මෙක්ම, තාත්තෙක්ම මේ වගේ. ඒත් මට මේ කතාව මොකක් හරි වෙනසක් තියෙනවා. කොතනහරි අවුලක් තියෙනවා. ඒත් ඒ මොකද්ද, ඒක මට තේරෙන්නෙ නෑ. ඒත් කොතන හරි වරදක් තියෙනවා. ඒක කවියෙ වරදක් නෙවෙයි. මේ කතාවෙ තැනක.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි මනෝෂ්. ඔබ සිතන්නේ ලේඛකයාට සමගාමීවමයි. කොතනහරි අවුලක් තියෙනවා. ඒකම තමා මෙහි හරය. ඔබේ අදහස මේ නිර්මාණයට වැටුණු ආලෝකයක්.
      ස්තුතියි!

      Delete
    2. "හච්ච්ච්චිංංංංංංංංං!!"
      මොකද බොලව් පිනසේද ?????
      දැන් සතියක් තිස්සේ "මධුමධාවී " ටත් බෝ කරන්නද හදන්නේ ????
      හුචැස් ස් සසස් ....

      Delete
    3. හප්පට සිලි බොටත් හච්චිං යනවද මධුමාධවීටත් බෝ කරලම යමු බන්. :)

      Delete
  3. හඬන පොඩි පුතු නළවා ගන්නට නිදන මට රහසින්
    රැයේ තුන්යම නිදිවරා නුඹ නොවිඳිනා දුකකින්
    කහට පොද ගෙන කුරුලු කූජන සමග ළඟ ඉඳිමින්
    සිනා පෑවත් කියාලයි තතු විඩාබර මුහුණින්

    ලිහා බත් මුල බුදින මොහොතේ මිතුරු කැළ සමගින්
    වහා දස අත සුවඳ පිරුණා නුඹේ ගුණ සුවඳින්
    කම්හලේ දැති රෝද නැගු රළු පරළු හඬ අතරින්
    නුඹේ හදවත ගැහෙන රාවය මට ඇසේ රහසින්

    අපට අපමය පිහිට පිළිසරණයද යන හැඟුමින්
    සැපත දුක ළඟ සමව සැනසී නිබඳ ඉවසීමෙන්
    මටම දාවුණ පැටවුනට සහ මටද අම්මා වන්
    සොඳුර නුඹගෙනි එළිය වූයේ උදාවන දිනිදුන්

    ගී පද -පොඩිරත්න අඟමලේ
    ගී තනු - රෝහණ වීරසිංහ
    ගායනය - සුනිල් එදිරිසිංහගීතයේ

    අටම්පහුරෙ මෙන්න මෙහෙම කිව්ව ඔය වගේ කතාවක්

    ReplyDelete
    Replies
    1. ගීතය අපූරුයි. හැබැයි යන මාර්ගය වෙනස්.

      Delete
  4. දෙවැනි බුදුන් ලෙස
    ලොවම උවම් කල
    ලොවක පිදුම් ලද
    ලොවට උතුම් ළඳ
    අම්මා...අම්මා....අම්මා....

    ඇසට හඬන්නට කඳුලැලි දුන් ඔබ
    ලතැවුල් දරනා දිරිය ලබාදුනි..
    ඒ දිරියෙන් ලොව ජය ලබනා දින
    මා සිප ගන්නට ඔබ මා ලඟ නැත..
    අම්මා.. අම්මා....අම්මා...

    දෙසවන සනහා මා නැලවූ ඔබ
    මියුරු මියැසියේ අරුත කියා දුනි
    ඒ මියැසිය අද මා ගයනා විට..
    මා සිපගන්නට ඔබ මා ලඟ නැත
    අම්මා.. අම්මා... අම්මා

    - සුනිල් එදිරිසිංහ

    මගේම පබැඳුමක් පසුවට.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. විද්දෙ හාවට.
      වැදුනෙ පඳුරට

      Delete
    2. අහා.. කලබලෙන් කියෙව්වේ.. විශේෂයෙන්ම කොමෙන්ට් වලිනුත් මාව නොමග යැව්වද මංදා.. එහෙනම් මගේ පද රචනය දැන්ම දාන්න බෑ.. ආයේ නිදහසේ කියවල අලුතින් ලියන්න ඕනි..

      Delete
  5. ඒක කාලයක් වෙන්න ඇති නැත්තං මොහොතක් වෙන්න ඇති එක දේශයක නෙවී එක දීපයක නෙවී හැම තනකම අම්ම දුව මිණිබිරිය මේ කොයි කව්රුත් තමන්නෙ ජීවිතේ එක් අවධියක් මේ විදියට ගත කරනව නේද..
    ටිකක් අමුතු පිස්සු හිතෙන්න වෙච්ච අපුරු නිර්මානයක්
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. අන්න ඒ පිස්සු ගතිය නැත්තං නිර්මාණ ඒකාකාරී නේද?
      මෙතන කතාව ටිකක් හංගලා තියෙන්නෙ එක පාර පේන්නෙ නෑ. ජයවේවා!

      Delete
  6. \\\ උදේ ඉර පායන්ට
    කලිං ඇහැරෙන ලොවක
    ඔය ලෙසින් නිදන්නට
    ඇහැකිනං මොන සැපද//

    \\සෞඛ්‍යත් තියෙනවා
    අම්මෙ දැම්මාද පොත..//

    \\මට හරිම නිදිමතයි
    සීනිනං වැඩිවෙලා
    කරවිලත් බෑ අනේ
    අඩුවුනොත් මැරෙනවලු//

    ඔන්න ඔතන තමයි රහස් තියෙන්නේ...පුංචි වල් රෝස මල..????



    මොනා උනත්
    මොනා කරත්
    රසට ලියලා තියෙනවා....

    ජය..

    ReplyDelete
    Replies
    1. මැවිසුරුතුමා, අදහස ඉතාම ලඟට ඇවිත්.
      පුංචි වල් රෝස මල??? Little Briar Rose

      Delete
  7. අද මට විස වු ඒ මල කොහොමද
    පෙර දවසේ මට සුවද වුනේ
    ජීවිතයට බෑ අපට ලබන්නට
    ආදරයේ රස කිසිම දිනේ 

    අනුකම්පාවයි වෛරය වන්නේ
    හිනැහුනු අය අමනාප දිනේ
    මගේ දෙපා සිඹ කදුළු හෙලු ඔබ
    අද නෑ කදුලක් හදුනන්නේ

    දැනහැදිනීමයි දොඩමළු වීමයි 
    පමණින් ඇයි අප නොනැවතුනේ
    නොනැවත ඒ ගිය ගමනින් නොවෙදෝ
    අපේ ජීවිත දෙක නතරවුනේ 

    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය : එච්.එම්. ජයවර්ධන
    ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා

    ReplyDelete
    Replies
    1. සින්දු අනෝ,
      ඔබට හොඳ හැකියාවක් තියෙනවා තැනට ගැලපෙන ගී තෝරන්න. ගීත එකතුවනං පුදුම සහගතයි. අගය කළ යුතුමයි.

      Delete
  8. හෙක් එහෙම්පිටින්ම හීන් ලෝකයක කඩාගෙන වැටීමක් නේ? බලාපොරොත්තු එක්ක මවා ගත්ත හීන් ලෝකය දෙපා මුල්ම කඩන වැටෙන කොට හැබෑවටම දුක දැනෙන තනිකම හින්දද? නැත්තන් හීනේ හැබෑ නොවුන හින්දද? මොකෑ ජීවිත ගමනේ ගත්ත රෝන්ග් ටර්න් එකක් නිසා දැම්මම කලකිරුනද? යන්න හිතුනට දාලා යන්න බැහැ ඇලිලා නේද?

    එහෙම අහන්න හිතෙනවා පලවෙනි කවිය කියෙවපුවම, ඒ දේට යන්න උනේ අයි කියලා හිතෙනවා දෙවෙනි කවිය කියෙව්වම? මොකෝ හොරාට කලින් කෙහෙල් කැන වැට පැනලද? දෙවෙනි කවියේ කියනවා නේ මටත් ඕනා උනේ උඹේ තුරුලේ නිදන්න තමයි කියලා, එතකොට එහෙම තුරුලේ නිදන්න එන්න ආපු ගමනට ලෝකෙම කති පොලු ගත්තේ ඇයි? ගමන ආවේ තුරුලේ නිදන්නද නැත්තන් තුරුලේ නිදන්න උන නිසාද?

    හරි ඊළඟ කවිය කියෙව්වම කියන්න තියෙන්නේ ප්‍රසිද්ධම ඉංග්‍රීසි කියමන, When poverty knocks at the door, love jumps out from the back door. ඉතින් තුරුලේ නිදන්න හිතන් ආවම ඒ තුරුල ඒ විදියටම හම්බ වෙලාද කියලා හිතෙනවා හතරවෙනි වෙනි කවිය කියෙව්වම.

    එතන ඉඳන් යාම යුද්දේ නේ? මවපු හීන ලෝකේ දෙපා මුලම කඩන වැටිලා කියලා ඇඟට පතටම දැනෙනවා නේ? දුක දැනෙන්නේ ඇඟට බඩට දැනෙන දුක නිසාද? නැත්තන් හීන ලෝකේ හඹාගිය හීනය හැබෑ කරගන්න බැරි උන නිසා හිතට දැනෙන දුක නිසාද?

    කවි එකින් එක ගත්තම මොකක්ද මේ කියවෙන කතාව

    //සෞඛ්‍යත් තියෙනවා
    අම්මෙ දැම්මාද පොත
    විද්‍යාව පොත කෝ
    ඒකනං ඕනිමයි//

    මේ ගෙදර සෞඛ්‍යය පෝෂණ රටා අරවද මේවද බයිලා ටික තියෙනවද කියලා පැනයක් මතු වෙනවා? මටනම් හිතෙන්නෙම අතු පැලක මේ අය ඉන්නවා කියලයි, එතකොට මේ ගෙදර කෝ සැබෑ විද්‍යාවේ ආලෝකය, එක ඔනිමයි කියලා දැනුනත් හැඟුනත් ඒ ආලෝකය නම තව බොහෝ දුරයි වගේ.

    //පාන්දර නැගිටලා
    උයාගෙන තනියෙංම
    කවන බත් ඩිංගටත්
    වඳින්නද කියන්නේ

    නෝක්කඩු මූණකිං
    හෙමින් කට අරිනකොට
    මගෙත් කට ඇරෙනවා
    එයට සමගාමීව//

    ඉතින් මොකක් හරි අතට අහු උන එකක් වලඳක තියලා රත් කරලා දරුවන්ට කොහොම හරි කන්න දුන්නම ළමා ලෝකේ බලාපොරොත්තු වෙන රස තියෙනවද ඒ ඇතුලේ, ඒක පොඩි උන්ගේ උගුරෙන් පහලට යවන්නත් නොවඳිනා වැඳුම් නොවැඳ නම් කොහොමද? එතකොට අයි මේ දරුවට කවන කොට තමන්ගේ කටත් ඇරෙන්නේ? මොනවාද මේ පද අස්සේ හංගලා අපිට කියන්නේ.

    මොකද මේ පොඩි කෙල්ල ගේ කකුල් රිදෙන්නේ? ආසාවෙන් ඉස්කෝලේ යන ළමයි අතරේ මේ ළමයි එහෙමද යන්නේ? දරුවට දවස් තුනක්න් ඉස්කෝලේ යන්න වාරි උනේ ඇයි? එතකොට අයි මේ දරුවා ඉස්කෝලේ ගිය දවසේ හවස ගෙදර එනකොට කකුලේ කකුමකුත් ගෙදරට එක්කන් එන්නේ.

    මේ අම්මා තනි තටුවෙන් මේ ගේ අරගෙන ඉගිලෙනන පුළුවන් තරම් උසකට ඉගිලෙනවා නේ? එත් දාල යන්න හිතුනද, තවත් ඉගිලෙන්න බැරිද? මහන්සිය දැනෙනවද?

    මටනම් හිතුනෙම මේ පද අතර කඳුළු කතාවක් සඟවලා කියලා, මට අහුවෙච්ච තැන වලින් මම ඇදලා එලියට ගත්තා,හදිස්සියෙන් වගේ ආවේ, එත නැවතිලා පොඩ්ඩක් බැලුවා.

    මගේ අදහසුත් සමහර විට ඔබ දැකපු විදියෙන් වෙනස් වන්නට පුළුවන්, සනගවපු කතාව කියවන්නට ග්‍රහණය වන තරමට ඒ කවිය කියවන්නාට ලගන්න සුළු වෙනවා, ඒ නිසා සැඟවීමත් කිසියම් ප්‍රමාණයකට විය යුතුයි යන්නයි මගේ හැඟීම, නාත්තන ඒක හරියට අරුත නිශ්චිත නැති සෙල් ලිපියක් වගේ වෙනවා, මම නෙවෙයි ඔහොම කියන්නේ මගේ සිංහල සර්.

    ඔබගේ සමස්ත කවි පෙලම දැක්කම ඔබේ වෑයම මට හැඟුනේ කේයස්ගේ පිටිසර සිරියාව පැදි පෙලේ තනිකරම මේ කවිය වගේමයි.

    //විනෝදය තකා එක දවසක් සවස
    එහි ගිය නාගරිකයෙක් දැක මේ නිවස
    කැමරාවකට යොමු කර ගෙය හා පිරිස
    ගත්තා පොටෝවක් පිටිසර සිරි පිණිස//

    කියූ දෙයිහි වැරැද්දක් වී නම් සමාවන්න. පැදි පෙළ අපුරුයි. ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔබ කොහොමත් මේ වගේ විචාරවලට දක්ෂයිනේ.
      //කතාව ඇඳෙන්නෙ පාඨකයාගෙ හිතේ. ඔහු සතු හැඟීම් සහ දක්ෂතාවය මත එය ඕනෑම අතකට සිතීමේ නිදහස ඔහුට තිබෙනවා වගේම ලේඛකයාද ඒ අයිතියට ගරු කල යුතුයි.//
      ඒ තැන මමත් ඉන්නවා. ඉතාම අගනා විග්‍රහයක්. හැබැයි වෙනස්. මුල කොටස ගනිමු. වැට පැනීමක්නම් හිතට ආවේම නෑ. හැබැයි නෑ සිය මිතුරන්ගේ විරෝධය කියන එක කොහොමද?
      පොත් හෙවිල්ලනම් පාසැල් පොත් උදේට අහුරා ගැනීමේ දෙබසක්.
      දරුවන්ට බත් කැවීමේදී වැඩිහිටියාගේ කටත් ඇරෙන එක නිරායාසයෙන් වෙන දෙයක් නේද?
      ඔබ එළියට ඇදපු තැන් ගැන සතුටුයි. හැම එකටම උත්තර දුන්නොත් කතාව එළියටම එනවනේ. තවත් අයගේ අදහස් බලමු.
      බොහෝම ස්තුතියි සොමියා, මම ඔබට නැවත පිළිතුරක් ලියනවා.

      Delete
  9. //"තනි පියාපතකින්
    පියාසලනා මං
    නුඹලාට බලනවා
    මදියි මං දන්නවා"//

    මවකගේ අඩුව මකන්නට පියෙකුට තනිවම බැහැ.... දරුවන්ට තියෙන එකම හවුහරනත් කෙදිනක හෝ නැතිවේවිද ? එදාටවත් නුඹ එනවද මාව නොබැලුවත් බලන්නට අපේ දරු පැටවුන් .. විශිෂ්ටයි මධුමාධවී

    ReplyDelete
    Replies
    1. //කරකවා අතහරිනා
      සිරා පොරකිය ඉවාන් නමිනා//
      ආසන්නෙටම ඇවිදින්නේ. දාලා ගිහිං නෑ. ඉන්නවා. ඒකනෙ ලමයි පොත් හොයන්නේ “අම්මේ“ කියල. ඇගයීමට ස්තුතියි ඉවාන්.

      Delete
  10. මාධවී, (එහෙම කතා කලාට කමක් නෑනෙ?) අපූරු පද පෙල තුන් හතර වතාවක්ම කියෙවුවා. පද පෙලේ උඩින් දුවන වචන අතර හැංඟිච්ච ලොකූ යටිපෙළ කතාවක් ඇති බව තේරුණත් ඒ කතාව ලිහලා තේරුම් ගන්න තාමත් බැරි උනා කියලයි මගෙ හිත කියන්නෙ.!!

    ඒත් මගේ හිත මට කියන දෙයක් මෙතන මම ලියන්නද?

    මේකෙන් කියවෙන්නෙ යාචක වෘත්තිය හෝ ලොව පැරණිම වෘත්තිය කර තම දරු පවුල රකින මවක් ගැනද? / නැත්නම් කිසිම වගකීම් සහගත බවක් නැතුව ඉන්නන් වාලෙ ඉන්න මිනිහවයි දරු පැටවුන්වයි රකින දිරිය කතක් ගැනද?

    මම 100% ක්ම වැරදි ඇති. සමාවෙයන්. පද පෙල ඇත්තෙන්ම අපූරුයි. රසවින්දා.

    ReplyDelete
    Replies
    1. අම්මටසිරි!! අන්න නම, මාධවී... දෙපාරක්ම ධ ගහනෙක අමාරුයිත්. එල එල. එහෙනම් ඔන්න ඈවරය්, දෑවරයි, තීන්දුයි, ඉස්තීරයි, නිවාරණයි..

      "මාධවී....."

      Delete
    2. ප්‍රියා, මනෝ,
      ඒ නම හොඳයි. එතකොට මනෝ අර කැලේ ගැන ප්‍රශ්නෙකුත් නෑ.
      ප්‍රියා, ඔබේ පළවෙනි ඡේදයේ දෙවනි වාක්‍යය සමග සම්පූර්ණයෙන් එකඟයි.
      අලුත් පෝස්ට් එකක් ඇත. ඒ නිසා මෙහි රහස හෙලිකරන්නම්.

      Delete
  11. දෙමාපිය නෑ සියන්ට අකීකරුවී කරගත් විවාහයක්. දැඩි ආදරය නිසාම.කැන්දගෙන ආවෙ ‘මං‘ මිස ‘මා‘ නෙවෙයි. එහෙනම් මේක ලියන්නේ පිරිමියෙක්.
    භාර්යාව ඔතෑනි, උදාසීන කාන්තාවක්. නිතරම අසනීප ගැන වැඩිපුර හිතන කෙනෙක්.
    උදේට පවුලේ අම්මාට තියෙන වැඩකොටස කියා නිමකරන්න බෑ. නමුත් මෙතන ඒ කොටස කරන්නෙ සහ උයන්නෙ තාත්තා (චෙෆාකි හෙම නෙමෙයි!). ඒ වගේම ඔහු රැකියාවටත් යා යුතුයි.
    ලොකු දුවෙක් (සුදූ), පුතෙක් (බබූ) සහ පොඩි දුවෙක් ඉන්නවා. ලොකු දුව තමා රෙදි මදින්නෙ. ඒ කවියෙ හිස් පේලියෙන් කියන්නෙ, තාත්තා වැඩ අධික නිසා උත්තර නොදෙන බව.
    ළමයි හැමදේම කියන්නේ අම්මට. ඒ නිසයි පුතා පාසැල් පොත් ගැන ඇගෙන් අහන්නෙ. (චූටි දුව ලෙඩවෙලා, ලොකු දුව තමන්ගෙ වැඩ කරගන්නවා)
    මෙන්න මෙතෙන්දි අම්මා අඩ නින්දෙන් තමන්ගෙ අසනීප ගැන කියවන්නෙ.
    ඊ ළඟට තියෙන්නෙ නානකාමරයට යාමේ පෝලිම. පොඩිම දරුවා සාමාන්‍යෙයන් හුරතල් වෙලා වැඩි නිසා, පාසැල් යන්න කම්මැලියි (අපේ ගෙදරත් එහෙමයි!). එයා අම්මවත් ආදර්ශයට ගන්නවා. මාරුවෙන් මාරුවට නානකාමරයට යන පෝලිම නැවතත් එනවා. සාමාන්‍යෙයන් පවුලේ වැඩිමල් දරුවා පොඩි උන්ට කරන තර්ජන අපි දන්නවනේ.
    මේ තාත්තා දරුවන්ට උදේට කෑම කවනවා. ඒ වෙනකොටත් ගේ පුරාම ඇඳුම් අඳින, පොත්පත් ලෑස්තිකරන, දුව ඇවිදින දරුවන්ට කවන්න පියාටත් ගේ පුරාම ඇවිදින්න වෙනවා. ඉතිං කේන්තිත් එක්ක. දරුවන්ට කවනකොට කවන්නාගෙත් කට ඇරෙන එක මම ගොඩවෙලාවට දැකලා තියෙන දෙයක්.
    ලොකුදුව අරපිරිමැස්මෙන් කටයුතු කරන බව “ඕනි නෑ තියෙනවා“ කියන එකෙන් පේන්නෙ.
    මගට බැස්සම ඉතිං මිනිස්සු අහන්නෙම නැති ඒවනෙ. අද කෝ කාර් එක? අද මොකෝ පයිං? අද කෝ ලොකුදුව? මොනව හරි නැතිවෙලා ඇති කියලමනෙ ප්‍රාර්ථනා කරන්නෙ. ‘හැමදාම ඔහොමමයි‘ කියන්නෙත් උපහාසෙන්. මෙතෙන්දි පියා තම දියණිය වෙනුවෙන් උත්තර බඳිනවා.
    ඒ ගමන් ඔහු හිතනවා, මම තනියෙන් ගෙදර වැඩත් කරගෙන තනි රස්සාවෙන් (මේ අපි වගේම!) මේතරම් වැඩගොඩක් කරද්දි දරුවන්ට යම් යම් අඩුපාඩු වෙනවා නොවෙද කියලා. මොහුත් යම් අසනීපයක් අතින් ගත්තෙක්. තමන් හදිසියේ මියගිය දිනක මේ දරුවන්ට යන කල ගැන ඔහු බියවෙනවා. ඒ වගේම දරුවන් අම්මාට වඩා ඔහුට ආදරය කරන බවත් ඔහු දන්නවා. නිතරම නිදන අම්මාට තමන් මියගිය පසුවවත් නැගිට තම ‘රාජකාරිය‘ කරන්න දරුවන් ලවා මතක් කරවීමයි අවසාන පැදියෙ අරුත.෴

    වෙනස් ඇහැකින් ලෝකය දැකීමක්. මේත් අපි අතර ඉන්න මිනිස්සු. ගෙදර දොර කලබලය නං අපේ ගෙදරිම්ම උපුටා ගත්තා කිව්වොත් හරි. අපි නිතරම දකිනවා පවුලේ මව වහලියක් වගේ සේරම කරන්න ඕනි කියලා හීනයක්. ගොඩක් ගෙවල්වල උදේ ඉඳං රෑ වෙනකං මව විසින් නිමක් නැති රාජකාරි යුද්ධයක යෙදෙනවා. පිරිමි අපි, ගෑනි හෝදලා මැදලා දෙන රෙද්ද ඇඳගෙන, උයලා බැඳලා දෙන බත් එක අරං ගිහිං කාලා ඇවිත් හවසට කකුල් දෙකත් උඩ තියං රූපවාහිනිය කාලා අතුරුපසට රෑ කෑම කාලා (බ්ලොග් එකත් අප්ඩේට් කරලා!) අරයට හිස රදය නැත්තං අනිත් යුතුකමුත් ඉෂ්ඨ සිද්ධ කරලා නිදාගන්නවා. මේ තමා අපේ රටේ මිනිස්සුන්ගෙ දින චරියාව. ඒ නිසයි කියවන හැමෝම මේක කාන්තාවකගේ භූමිකාව ලෙස දැක්කෙ.

    ෴නමුත් ඉඳහිට හෝ මෙහෙම ජීවිතත් හමු වෙනවා.෴

    කොහොමද බයියගෙ කයිය?

    ReplyDelete
    Replies
    1. චෙෆාකි, ස්තුතියි “පුංචි වල් රෝස මල“ ගැන ප්‍රශන කලාට. වල් රෝස මල "Briar Rose" ඉතාම ලස්සනයි. එයින් කියන්නෙ එය වල් බව නොවෙයි. කාන්තාවගේ රූ සොබාව. වනමල් කොච්චර ලස්සනද? තේමා රූපය සහ මාතෘකාව ග්‍රිම් සහෝදරයන්ගේ “නිදි කුමාරි“ සුරංගනා කතාවෙන් ("Little Briar Rose"). මොහු අවදිකරවා අත්තේ නිදි කුමාරියක්ම තමා.

      Delete
    2. හ්ම්ම්ම් .... ස්තුතියි ,මම හිතුවේ මව මියගිහින් කියලා , ළමයින් මනසෙන් මව සමග ජීවත් වෙන බවක් මම හිතුවේ

      Delete
    3. wow , බයියාගේ කයිය වල්ල පට්ට, හෙක් හෙක් දකින දකින විදි අනුව විවිද උපකල්පනයන් ගොඩ නැගිය හැකියි නේ?

      ජයවේවා!!!

      Delete
    4. කඳුලු පිරි දෙනෙතකින්
      කියන් එදිනට ඇයට
      අම්මේ ඉතිංවත්
      උදෙන්ම නැගිටින්න..

      Delete
    5. ඉවාන්,
      ඒකත් ඔබේ චින්තනයේ පළල. ඔබව කියවා ඇති නිසා මම දන්නවා ඔබේ හැඟීම් කොයිතරම් දුරට විහිදෙනවද කියලා.
      සොමියා,
      මොනවා වුනත් ඔබ මේ පැටලුණු නූල් බෝලය ලිහන්න පුදුම උත්සාහයක් ගත්තා. එය බොහෝදුරට සාර්ථක බව කිව යුතුමයි.
      චෙෆාකි,
      උදෙන්ම නොවෙයි, දවල්ට නැගිටල ඉන්න.

      Delete
  12. මේ blog එක ඇස ගැසුනේ තරමක් ප්‍රමාද වීයි. උඩින් පල්ලෙන් සියල්ල කියවා බැලුවා. මේ කවි පන්තියේ , උදේට ගෙදරක සිදු වන යම් යම් සුලු සිධින් සුක්ෂමතාවයකින් අල්ලා ගෙන ඇති ආකාරය සිත් ගත්තත්, උඩින් පල්ලෙන් කියවීම නිසා තේරුනේ සුපුරුදු අම්මාගේ යාන් හෑල්ල ලෙසයි. ඔබේ , තව දුරටත් ගද්‍යයෙන් පැහැදිලි කිරීම කියවූ පසුයි තේරුනේ, මෙය වෙනත් ම සන්දර්භයක සිට ලියා ඇති බව.
    ප්‍රමාද වී හෝ අදහස් කිහිපයක් .............
    - පින්තුරයෙන් නම් ගම්‍ය වන්නේ රොමාන්තික් අදහසක් . එය කවියේ මුක්යාර්ථය හා ගැලපේද ?
    - නමෙන් " පුංචි වල් රෝස මල " .....කවි පන්තියේ අදහස පිලිබඳ කිසිදු ඉඟියක් සැපයේ ද ?
    - මට හිතෙන විදියට , සාමාන්‍යයෙන් මේ තත්වයට මුහුණ දෙන සැමියෙකුට බිරිද ගැන , මේ කරදර ගැන යම් තරහක් මැසිවිල්ලක් හිතට නැගෙන්නට ඕනා, එවැනි දෙයක නම් පිලිභිබුවක් නැහැ.
    - මේ විදියට හිතන බෝධිසත්වයෙක් හෝ දෙන්නෙක් ඉද හිට සිටින්නටත් පුළුවන්. හැබැයි, එය පොදු අත් දැකීමක්ද ?
    - මේ විදියට අවසන් කිරීම (බිරිද ගැන කිසිදු තරහවක් මැසිවිල්ලක් නොපෙන්වා ) කව්රුත් පිලි ගන්න, generally acceptable දෙයක්. නිර්මාණ කරුවාටත් ලෙහිසියි, සමාජයේ ත් හොඳ පිලි ගැනීමක් ලැබෙනවා. නමුත් එහි කිසියම් ව්‍යාජයක් නොමැතිද ?

    ReplyDelete
    Replies
    1. පළමුවෙන්ම සාදරයෙන් පිළිගන්නවා ප්‍රින්ස්. ඔබ දීර්ඝ වශයෙන් දක්වන අදහස් මැණික් තරම් වටිනවා.
      නිදි කුමාරි සහ පුංචි වල් රෝසමල යනු එකම සුරංගනා කතාවක් බව ඇත්ත. නිදි කුමාරියක් අවදි කරවන තරම් සුන්දර ආදරයක් පසුව වෙනත් අතකට පෙරලීමයි මම මෙතන දකින්නෙ. කවි පන්තිය යට සිද්ධි දාමය තුල ඒ ආදරය දියවී නැති වී යන්නේ නෑ. ඒක නිසයි තරහ මැසිවිල්ල ස්වාත්ම අනුකම්පාවකට පෙරලීමේ ව්‍යායාමයක් මේ. එහෙම බෝධිසත්වයෝ ඉන්නවා ප්‍රින්ස්. මම ඒකයි උඩදි කිව්වෙ මේත් අප අතර ඉන්නා චරිත කියලා. ඇත්තටම අපි නිවසේදි අත්දකින දෑ තමා වෙනස් ඇහැකින් බැලුවෙ (උදෑසන දිනචරියාව)
      ව්‍යාජය ගැන අදහසක් නොතිබුණත් අවසාන වශයෙන් මුලු පැදි පෙළම මැසිවිල්ලක් නොකර සිටීම හොඳ බවයි මම හිතුවෙ. අපි එකිනෙකාගේ දැක්මනේ.
      නැවතත් ස්තුතියි මේ විචාරයට. ඉදිරි නිර්මාණවලට ලොකු පිටිවහලක්. නැවත හමුවෙමු.

      Delete