2014-11-10

300 (තුන් සීය)


දවසක්දා හැන්දෑවක
උයන් තෙරක බංකුව මත
දෙටු පුරවැසියන් තිදෙනෙක්
ඉඳගෙන උන්නා

එකෙකු වයස හැත්තෑවයි
අනෙකා හට අසූවකුයි
ඉතිරි කෙනා අනූවකැයි
කියලා කියමූ


මේ තිදෙනා ආගිය තතු
කතාකරන අතර තුරේ
තමන්ගෙ අසනීප ගැනත් 
දොඩමින් හිටියා

තමන් පෙළෙන අති දුෂ්කර
අපහසුතා කියන අතර
මෙන්න මෙහෙම දෙබසකි එහි
අහන්න ලැබුණේ

මට අවුරුදු හැත්තෑවයි
උදේ අටට ඇහැරෙන්නේ
වැසිකිලියට ගිහින් විඳින
දුකක් අම්මපා

උදේ දහය වෙනතුරාම
පැය දෙකකුත් තවත් ටිකක්
චූ කරගන්නට බැරුවයි 
මං විඳවන්නේ

අයියෝ ඕකත් වැඩක්ද
මගේ වයස අසූවනොවැ
මම ඇහැරෙමි හත වෙනකොට 
මෙන්න මගේ ලෙඩේ

දහය වෙනතුරුත් පැය තුන
වැසිකිලියේ මම ලැග ඉමි
වර්චස් පොඩ්ඩක් හෙලන්න
නොවිඳිනා දුකක්

මේ දෙන්නගෙ දෙබස අසා
වයස්ගතම පුරවැසියා
අමාරුවෙන් ගොතගහලා
මෙහෙම කියනවා

අනූවකිය මගේ වයස
තමුසෙලාගෙ ලෙඩත් ලෙඩද
මම කියනා මේ කතාව 
හොඳට අහනවා

උදේ හතට හරියටෝම
විරේක වුණු මීමට වගෙ
කිසි අවුලක් නෑ මටනම්
වර්චස් යනවා

ඒ වගේම උදේ අටට
රේස් අස්පයට වගේ
නොනවත්වා එක දිගටම
මට චූ යනවා

ඔය කියපුව හැමදේමත්
සිද්දවෙනව වෙලාවටම
කරුමෙට මට ඇහැරෙන්නේ
උදේ දහයට........!

24 comments:

  1. හිහිහික් පට්ට පට පට
    මං හිතුව වර්චස් කියල නෑ නෑ මේක නං පට්ට් ලු ඈ

    ReplyDelete
    Replies
    1. ඒ කියාපුවා ප්‍රමාද එකයි ප්‍රශ්නය.

      Delete
    2. ඒක නං ලෙඩක් එහෙනං හිහි

      Delete
    3. වයසට යන කොට ඕව ඔහොම තමා දරුවෝ...

      Delete
  2. හුකෑස් ....පට්ටයි මාධවියෝ (මදාවියෝ )

    දොස්තර මහතාණෙනි
    මේ ආබාධය කුමක්ද කියනු මැනව
    මේ ආබාධය කුමක්ද
    සොයාගෙන නැත තවම.
    දොස්තර මහතාණෙනි
    මේ ආබාධයට හේතු කියනු මැනව,
    මේ ආබාධයට හේතු
    සොයාගෙන නැත තවම.
    දොස්තර මහතාණෙනි
    මේ ආබාධයට බෙහෙත් කියනු මැනව
    මේ ආබාධයට බෙහෙත්
    සොයාගෙන නැත තවම.
    තමුසෙ එහෙනම් බම්බු ගහනව…!

    (මහගම සේකර - නොමියෙමි )

    ReplyDelete
    Replies
    1. //(මදාවියෝ )//
      මධුමාධවිය විසින් අපහාසයට නඩු පවරන ලදි :D

      Delete
  3. Replies
    1. අපි කාටත්, අන්තිමේදි....

      Delete
  4. මාධවී,

    හිනා කටයි මල් දෙකටයි. පට්ට !!

    ReplyDelete
    Replies
    1. දැන් දවස් 12 ක් ගතවුනා. මල් කකා ඉන්නෙ, මොකුත් ලියන්නෙ නැත්ද දරුවො?

      Delete
    2. අලේ මල්දල්ලෑ අප්පා මත හිතෙන්නෑ මත කම්මැලියි.

      Delete
    3. අඩු ගානෙ සතියකට එකක්, මේ මං කියනවට...හච්චිං...!!!!!!!

      Delete
  5. සිනා වළඳා මිය ගියා බන්...

    තාමත් මැරිලා...

    ReplyDelete
    Replies
    1. “දෙවිවරු මිය නොයති.“
      සිනා වළඳලා චුත වුනා බන්...
      තාමත් චුත...

      Delete
  6. කතන්දර බ්ලොග් එකේ මේකේ කථාව දාලා තිබුනා..
    ලික්ක් එක හොයන්න ගියොත් පිස්සු වැටෙයි..

    කයියය හැඩයි.. හැක් හැක්..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. තවත් රහසක් සමග මෙන්න ලින්ක් එක
      http://kathandara.blogspot.com/2014/06/geriatric-joke.html

      Delete
    2. කතන්දර එය ලියා ඇති බව දුටුවේ දැන්ය. මෙහි එන විකට සිද්ධි පදනම් කරගන්නේ පහත අඩවියෙනි. මෙම අඩවියේ සියලුම කතා පාහේ කියවා ඇත. ඉදිරියේදී කවියෙන් කියන්නට අදහස් කරමි.
      www.lotsofjokes.com/dirty_jokes_15.asp

      Delete
  7. නියමයි...සුපිරියි...
    නියමයි...සුපිරියි...

    මොකක්ද මේ 300....දැනුයි තේරුනේ..

    ReplyDelete
    Replies
    1. කෙලින්ම කිව්වම ගතියක් නෑනේ අරූ...

      Delete
  8. අම්මට සිරි මාධවී.............. පට්ට කතාව.............. තාම හිනා.................

    ඇත්තට ම සුපිරි කතාව.....

    ReplyDelete
    Replies
    1. කතාව ජාලෙ තියෙනවා කුරුටු. www.lotsofjokes.com/dirty_jokes_15.asp
      අපි ඉතිං අපේ ඈයින්ට දැනෙන බාසාවෙන් ලියලා දානවා. ස්තුතියි!

      Delete
  9. ස්වස්ථි සිද්ධම් එකේ ඉඳම්ම බල බලා ඇවිල්ල මට මේක මිස් වෙලාද මංදා.. ටැන්කූ ආපහු මතක් කරාට කුරුට්ටෝ..

    ReplyDelete