2014-11-12

කොයි බොලෑ අවයව?


අදිරද බලමුලු සේනා
දෙකට බෙදී යුද වදිනා
සමයක සිදුවුණා කියන
කතාවක්ය මේ

බලවත් දෙරටක් එකිනෙක
සටන් වැදිනි දූපතකට
හිරු නොබසින රටක්ද මේ
දෙපිලෙන් එකකී


එරටින් යැව්වා යුදයට
කණ්ඩායම් තුනක් හදා
අවොත් ඕනැම අතකින්
පහර දෙන්නට

කැළැසටන් රණසුරුවෝ
මුහුද දෙබෑ කල විරුවෝ
සමගින් ඉංජිනේරුවෝ
මෙකී පිරිසය

මාස ගණන් යුද වැදිලා
සතුරන් පරදා එළවා
දූපත රැකගන්න ඔවුන්
සමත් වුණාලූ

අවසානෙදි මව් රටේදි
ඉහලම උපහාර පුදා
පිළිගන්නට රණ සුරුවන්
උළෙලක් තැබුවේ

රට කරවන රජතුමාගෙ
අදහසකට අනුව යමින්
දක්ෂම සෙබලුන් තිදෙනෙක්
තෝරාගත්තේ

තමන් කැමති තැනක ඉඳන්
තව තැනකට තම ඇඟේම
මැණලා අඟලෙන් අඟලට
මුදලින් තෑගී

කැලෑ සටන්කල විරුවා
පළමුව කරලියට ආවෙ
"දිගහල දෑතේ මිම්මට
ගෙවන්න" කීවා

වම් මැදඟිල්ලේ ඉඳලා
දකුණු අතේ මැදඟිල්ලට
අඟල් හැත්තැ දෙකක දිගක්
තිබිල තියෙනවා

අඟල රන් පවුම් දාහයි
හැත්තැ දෙදාහක් දුන්නා
රණසුරුවා එය සතුටිනි
අරන් නික්මුණේ

නාවික සෙබලා පැමිණෙයි
"මගේ උසට මට ගෙවන්න"
මැණල අඟල් හැත්තැ පහයි
උත්තරය වුණේ

පවුම් හැත්තැ පන්දාහයි
නාවිකයත් යන්න ගියා
අන්තිමේදි ඉතිරිවුණේ 
ඉංජිනේරුවා

බෝම්බ අටවන ගලවන
රුසියෙකි කාටත් නොදෙවෙනි
නමුත් උසින් අඩි පහකුත්
පොඩ්ඩයි තිබුණේ

මේ පොඩි මිනිසා පිළිබඳ
අනුකම්පාවකි උපන්න
බලාසිටින පිරිස සමග
මහරජුගෙ සිතේ

"මගෙ අහවල් අවයවයේ
කොනේ ඉඳං අග්ගිස්සේ
අනික් යුගල අවයවයට
මැනල බලන්න"

මේ මැනිල්ල අමුතු නමුත්
මනින කියන මේජර් තැන
කලිසම ගලවන්න කියා
ඉල්ලා සිටියා

නැමිල බැලූ කලට අනේ
මුල් අවයවයයි තිබුණේ
දෙවන යුගල අවයවයක් 
එහි නෑ තිබුණේ

"කොයිද බොලෑ ඒ අවයව"
කියලා මේජර් අසුවා
සෙබලා කිව්වලු "තුමනී,
ඒක දූපතේ...."


(Source: Falkland Island Joke)

44 comments:

  1. “තුමනී,
    ඒක දූපතේ....“////
    හූහ් හූහ් හූ..........................
    අර යකාට ඔය කියන අහවල් එක හපං මැරෙන්න හිතෙන්න ඇති... පව් යකූ........... අහිංසක මේජරය...
    පට්ට මාධවියො (මදාවියා කියන එක ලේසී වගේ)
    පට්ට පට පට........... මේව කොහෙන් එනවද මංද........... හිහි
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. වැඩිය හිනාවෙන්න එපා පුතා, දහය වෙනකං ඇතුලෙ ඉන්න වෙයි. (300)
      //(මදාවියා කියන එක ලේසී වගේ)//
      අර එක පිස්සෙක් සින්දු දාන අතරෙ මම එයාට නඩු දැම්මා.
      ඔබටත් එසේම වේවා :D

      Delete
    2. නඩු දාපු පාර නේද බුවා අළුතෙන් බ්ලොගකුත් පට්ටාං ගත්තෙ...
      පුතා කියල කීව..........
      ඒ එතකොට මෙයා ඇන්ටෙක්ද

      Delete
    3. ස්වීට් ස්ලිම් ආන්ටී.........

      Delete
  2. අපේ බ්ලොග් දර්ශකයටත් මේක දාන්න. අපට ලින්ක් එක එවන්න මෙන්න පිවිසුම.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක එව්වා. බෙහෙවින්ම ස්තුතිය අජිත්.
      නවක බ්ලොග්කරුවන්ට ඔබ දෙන අතහිත වටිනාකමින් නිමක් නෑ.

      Delete
  3. අඩේ මට තේරුණේ බං.

    ReplyDelete
    Replies
    1. කට අරින්න බබා, සූප්පුව ඔබන්න. ඇයි දරුවො...
      ෴එක කට්ටලයක් ලෙස පවතින මේ අවයවයේ එක් කොටසක් ඔහු සතුව ඇති අතර අනෙක් කොටස බෝම්බයක් සවිකරද්දී වැරදීමකින් පුපුරායාම නිසා සැතපුම් සිය ගාණක් ඈත ඔහු සේවය කල දූපතේ වැටී ඇත. දැන් මේ දෙක අතර දුර අඟල් වලින් මැන රන් පවුම් දහස බැගින්...෴
      මැනපංකො පුලුවන්නං...මැන්නත් ගෙවපංකො පුලුවන්නං.

      Delete
    2. හිකිස්!! ඔන්න ටියුබ් ලයිට් එක පත්තු උනා...!

      Delete
    3. ආලොකෝ උදපාදී!

      Delete
  4. උඹ නං මදාවියෙක්ම තමා. කව්ද ඒක කලින් කිව්වේ මට මතක නෑ නෙව...

    ReplyDelete
    Replies
    1. සින්දු සමග මහේෂ් ගොයිය දෙන්නට නඩු දා ඉවරයි
      දෙශකයත් අර අඳින්නෙ ඉල්ලගෙනම කන්න තමයි
      ඔහොම ඉම්මු ටික දවසක් කකුලුව දිය සැලියෙ නටයි
      උසාවියට තාම නොගියෙ නඩුවට මම බය හින්දයි

      Delete
  5. නියමයි බං.කලින් අහල නැති කතාවක්.පට්ට පට පට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැලපෙ අයියෙ. ජාලෙ lotsofjokes.com කියන්නෙ මාර එකතුවක්.

      Delete
  6. මේජර් බැඳලද දන්නෑ..
    මේජර්ගේ ගෙවල් කොහේද දන්නෑ..
    ලඟපාත විකුනන ඉඩම් තියෙයිද දන්නෑ..
    කාමරයක් වත් කුලියට නැද්ද දන්නෑ...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. අනේ මේ විදානෙ මහත්තයනං...
      මේජර් තමා දරුවො මිම්ම ගන්නෙ. ඇබැද්දිය වෙලා තියෙන්නේ ඉංජිනේරු බලකායෙ Sapper ටනෙ.

      Delete
    2. අන්න විදානයා ඇණ ගත්තා........................

      අනේ විදානයෝ සම්පූර්ණම කවිය කියවලා ඇවිත් කමෙන්ටු දමන මෙන් කුගෑගීප හී අප එකොළොස් දෙනාගේම කාරුණික ඉල්ලීමයි..............

      Delete
    3. විදානේ......................

      මචං මේජර්ගේ ගෙවල් පැත්තේ පදිංචියට යන්න එපා.... උඹටත් කරදරයක්වත් වෙයි...... එතකොට කවුද මේ විදිහට බ්ලොග් වල ඇවිත් පච වෙන්නේ........... අපිටත් පාලු හිතෙයි................. එහෙනම් යන්න එපා විදානපතිරණයා..........

      Delete
    4. මේජර් විදානෙගෙත් මනින්න ගිහිං අහයිද දන්නෑ
      “කොයි බොලෑ අවයව?“ :D

      Delete
    5. කූ ගෑ ගී ප, සහ මඩූ,
      නෑ යකෝව්.. මේජරයගෙන් කලිසං ගලෝල මනින හැටි ඉගනගන්න ඩී

      Delete
    6. “ඒ **දානෙත් දූපතේ, තුමනී“

      Delete
  7. මාධවී...............................කවියයි කතාවයි දෙකම නියමයි.............. තාම හිනා..........

    හිනාව ඩබල් වුණේ විදානයාගේ කමෙන්ටුව දැකලා.................. විහිලු දෙකයි

    ReplyDelete
    Replies
    1. මට පේන්නෙ අසංක, විදානෙයා විකල්ප මතධාරියෙක්ද කොහෙද

      Delete
    2. මඩූ,
      ඔබගේ ඒ ප්‍රකාෂය තුල සුන්දර අලුකුත්තේරු බවක් ගැබ්වී ඇති සෙයක් පෙනේ..ඩී

      Delete
    3. එසේයැ...එසේයැ...ඩී ඩී (ඒ පාර මඩූ ලු...ආරියසේන අශුබෝධ හොඳයි තව) :පී

      Delete
  8. හොදි ඕන්නෑ....නියමයි.

    ReplyDelete
    Replies
    1. රතුලූණු ගෙඩියක් පොඩි කරල දෙන්නද?

      Delete
  9. පට්ට පට පට ...එන්න පරක්කු උනා මදාවි .විදානේ නිට්ටඹු හිටියා ඇති වෙලා වගේ හැක් ...
    කියවනකොට මට උනා මේක ..
    ගැලපීමක් නම් නැ .එත් මට මොකෑ

    සතරදෙනෙක් සෙන්පතියෝ මගට වැදී යුදට ගියෝ
    යුද්දෙට ගිය ඔලුගෙඩියෝ උන්ගේ හැටි කියාපියෝ
    උන්ගේ හැටි කියාපියෝ..
    පළවෙනියට බියක් හිතේ දෙවැනියාට හති වැටෙතේ
    තුන්වැනියා මග මැරෙතේ අන්තිමයා පැන දුවතේ
    අන්තිමයා පැන දුවතේ..
    පස්වැනියෙක් මග එන්නේ ඔහු නෑ යුද්දෙට යන්නේ
    ඉර හඳ තරු පායන්නේ ඌටලු බොල බලපන්නේ
    ඌටලු බොල බලපන්නේ.........

    හුණු වටයේ කතාව

    ReplyDelete
    Replies
    1. මං ඒත් බැලුවා මොකදෑ නැත්තෙ කියලා.
      ඔය තරමින් ගැලපුනාම මදෑ...මතක් කිරීමට ස්තූතියි, සින්දූර්. මටනම් හුණු වටයේ වඩාත්ම ලයාන්විත සින්දුව ‘යුද බටය යන සටනට...‘.

      Delete
    2. යුධ භටය යන යුධයට
      ඉඳින්නෙමි මම ඔබ එනතුරා
      යනුව නොපැකිල සටනට
      ලෙයින් නැහැවුන කුරිරු යුධ බිම
      නොඑන මුත් සැම දෙන මිදී
      ඉඳින්නෙමි මම ඔබ එන තුරා
      ඇහැල ගස මල් පල දරන විට
      ඇහැල ගස යලි කොල සලන විට
      සීත සමයේ හිම වැටෙන විට
      වසන්තේ මල් කෙමි ඇදෙන විට
      යන යුධට හැම අයම එන තුරු
      ඉන් පසුව වුව ඉඳිමි නිරතුරු
      යෙහෙන් ගොස් යලි එනුව යහතින්
      මග නොමග දෙව් සරණ ලබමින්

      Delete
    3. නුඹ නම් ඇවිදින ගීත භාණ්ඩාගාරයකි...ඉරකි...තිතකි.

      Delete
  10. ඇස් රතු වෙන්නම ලියල හම්මේ පට්ටයි ඒ :)

    ReplyDelete
    Replies
    1. අලී ඔලා... මං ඒ පැත්තෙ ගියේ අද. හෙමින් ඔක්කොම කියවන්නම්කො.

      Delete
  11. කොමෙන්ට් කරනෙක පැත්තක තියල ගිහින් දූපතේ හැමතැනම හෙව්ව අවයවේ ඉතුරු කෑල්ල.. අඟලට පවුං දාහක් වෙච්චෙකේ දන්න සිල්ප ඔක්කොම දාලා ඕක අමාරුවෙං හරි තව අඟල් තුන හතරක් දික් කොර ගන්න බලන්න.. ඉංජිනේරුවට අච්චර ගානක් දෙන එකේ මටත් පවුං තුන් හාරදාහක් ඉල්ල ගන්න පුළුවන් උනොත් ආයි එපා කියන්නද.. හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. //අමාරුවෙං හරි තව අඟල් තුන හතරක් දික් කොර ගන්න බලන්න//
      අමාරුවෙං හරි තව අඟල් තුන හතරක් ඈතට ගිහිං දාන්න.

      Delete
  12. අහෝ බේදයකි ...

    තාම හොයනවද දන්නේ නැහැ නේද ඒ යුගලය ...?

    =====================================


    උඹත් ඉරට තිතට ගානට වදින්න ලියනවා නේද ?

    සුපිරි යි කියන්නේ ඉතින් ආයේ ලොවෙත් නැහැ..

    ReplyDelete
    Replies
    1. මට දෙවනි නෑ උඹත්. උඹ ගද්දියෙන්...මං පද්දියෙන්...හූ.....

      Delete
  13. දෙක ඉතුරු වෙලා එක නැතිවුනා නම් ඕකා අනිවාර්යයෙන් කියනවා තුමනි එක තවම දූපතේ වැඩ කියලා. හ්ම්...............

    ReplyDelete
  14. දෙක ඉතුරු වෙලා එක නැතිවුනා නම් ඕකා අනිවාර්යයෙන් කියනවා තුමනි එක තවම දූපතේ වැඩ කියලා. හ්ම්...............

    ReplyDelete
    Replies
    1. හ්ම්...හ්ම්...
      එහෙව් පොරවල් තමා ඔය ඉංජිනේරු බලකායවල් වල ඉන්නෙ.

      Delete
  15. බෝම්බ නිසා කයිපද බඳින්න උනා නෙහ්??

    ReplyDelete
    Replies
    1. හැක්...හැක්... කද බැඳගෙන තමා ආපහු එන්න ඇත්තෙ.
      (මේවත් නිකං ටයිම් මැෂින් වගේ නේද? මෙන්න අපි ආපහු නොවැම්බර් මාසෙ!)

      Delete