2014-11-20

පොදු අපේක්සකයා


කලියුග කාලෙට උපන්න පොදු අපේක්සකයො දෙන්නෙක්
අතර මගදි මුණගැහිලා බෝක්කුවක් උඩ ඉඳගත්තේ
එකෙක් මහගම පැත්තේ - අනික ගම්පහ පැත්තේ//


කොහොමද ඒ පැත්තෙ තොරතුරු
එහෙ අවුල්! ඒ පැත්තෙ?
එහෙ කොහොමත් අවුල් තියෙනවා....

අපේ පැත්තෙ හැම එකාම මං ඉද්දිත් මාව හොයං එහෙ මෙහෙ යනවා
ඒ කිව්වෙ?
අපේ පැත්තෙ හැම එකාම  මං ඉද්දිත් මාව හොයං එහෙ මෙහෙ යනවා
ඒ කියන්නේ, උඹ හිටියත් නොදැක්ක වගෙ උඹව හොයනවා
නෑ...නෑ...
අඳුනගන්න බැරුව හොයනවා
කොහොම වුණත් අඳුනගත්තොත්... හෙවිල්ල අහවර වෙනවා
අහවර වෙනවා?
එතකොට වෙන එකෙකු හොයනවා

කලියුග කාලෙට උපන්න.....

කොහොමද ඒ පැත්තෙ තොරතුරු
එහෙ අවුල්! ඒ පැත්තෙ?
එහෙත් අවුල් වීගෙන එනවා

අපේ පැත්තෙ සමහර උන් මාත් එක්ක ඔරොප්පුවෙන් ගමෙනුත් යනවා
ඒ කිව්වෙ?
අපේ පැත්තෙ සමහර උන් මාත් එක්ක ඔරොප්පුවෙන් ගමෙනුත් යනවා
ඒ කියන්නේ, මේ කරදර අහුඅස්සෙත් දමලා යනවා
නෑ...නෑ...
උඹව හොයං ඔහේට එනවා
හැබැයි මං ආවොත්... ඉතිරි උන්ට කරදර වෙනවා
මොන පිස්සුද?
උන් එතකොට ඔහෙට පනිනවා

හීහ්...හිහ්...හී..............




23 comments:

  1. මරු මරු මාධවියේ. සුපුරුදු තාලෙන් කියෙව්වා. උඹනම් මරේ මරු.

    මාධවීට ඉවක්වත් දැනිලදෝ කියල නිකමට මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කියන සම්ප්‍රදායික වචනෙ වෙනුවට ඔබ මේ අහ ආවෙ නැත්නම් මේ බ්ලොග් එකට ලොකු අඩුවක් කියලා කියන්නම්.
      සුපුරුදු තාලෙ වෙනස් කලා මනෝෂ්. හැමදාම බත් කන්නත් බෑනේ...
      ඕමි ගැහිල්ලට උත්තරේ එතනම දාලා ආවා. ගිහින් බලන්න.

      Delete
    2. අපි අතර තියෙන සහෝදර බැඳීම නිසයි එහෙම දැනෙන්නෙ මාධවියේ. මටත් එහෙමයි. ඔබ එනතුරු මඟ බලන් ඉන්නවා.

      අර කතාවත් කියෙව්වා. හිනා කාල මැරෙනව අප්පා.

      Delete
    3. ඒකනෙ මං කිව්වේ මට තියෙන්නෙ ....... ............. (cat!) :D

      Delete
    4. මොකක්!!!! උඹට තියෙන්නෙ මොකක් කියලද කිව්වේ?

      Delete
  2. Replies
    1. ජ්‍යෙෂ්ඨයෙකුගේ ආගමනය ගැන නවකයෙකු ලෙස නිහතමානීව ආඩම්බර වෙමි.
      සාදරයෙන් පිළිගනිමි.

      Delete
  3. ඔය දීලා තියෙන්නේ අැති වෙන්න...... නියමයි මාධවී............ පස්ට..............

    ReplyDelete
    Replies
    1. පස්ට කියල ඉන්ග්‍රීසියෙන් කියන්නෙ කෝමද දන්නවද?
      FIRST

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  4. ඒ කාලේ ඉඳලා කියන කතාවක් මේ...
    අපිට කොරනවා කියලයි කියන්නේ
    දින්න දාට ඒ කට්ටිය උඩින් යයි
    දුන්නු ඈයෝ පොර ඇන ඇන බිමින් යයි.

    ඊට පස්සේ මොකද වෙන්නේ දන්නවද ? ඔයා...

    තාප්ප වල එල්ලීගෙන සිටින්නේ
    ආප්ප වගේ මූණු සුදට තියෙන්නේ
    කේප්ප හරකුන් කතිරය ගහන්නේ
    රීප්පෙකින් දෙන්ඩ තමයි හිතෙන්නේ

    ඊට පස්සේ මොකද වෙන්නේ දන්නවද ? ඔයා...

    කතිරේ ගහලා අපි වරදක් කලා ද?
    කොටා ගන්නේ මේ වගේ අපි නිසා ද?
    මේ විදියට කොච්චර කල් ගියා ද?
    ඒ උනාට කිසිම දෙයක් උනා ද?

    ලබන පාර කරන වැඩේ දන්නවද ? ඔයා ...


    (Kauda Boy - https://www.youtube.com/watch?v=EyqZc54Ot3k )

    ReplyDelete
    Replies
    1. වල්ලා පස්ට සින්දූර් රියලි මැචිං

      Delete
  5. අපේ පැත්තෙ වහන්සේල ගිහි එවුන්ට බණ තලන්න කියලා දෙනවා..
    ඒ කියන්නේ... සංඝයාල... බණ ටික හරියටම තලනවා...
    මොන පිස්සුද?
    උන් තව වැදි බණම තලනවා... :D

    ReplyDelete
    Replies
    1. බණ නෙමෙයි කළණ බන
      වැදි බන වල තලන්න දෙයක් නෑ. අරවුන්ඩ් ද ක්ලොක් ඕපන් සෝර්ස්

      Delete
  6. එහෙන් මෙහෙට මෙහෙන් එහෙට මුන් සැප දෙනවා :v :v

    ReplyDelete
    Replies
    1. සැප හින්දම එහෙට මෙහෙට නිතර පනිනවා :p :p

      Delete
  7. ඔය දීල තියෙන්නේ වදින්න දෙපැත්තටම....

    සුපිරි වචන ටික...ඒකටම සැට් වෙන නියම මෙලඩි ය...

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම දෙපැත්තටම. හැබැයි දැන් එක අවුලක් ලිහිලා.

      Delete