2014-11-27

ව්‍යාඝ්‍රා


එකමත් එක රෝහලකට- ආපි අලුත් නර්ස් කෙනෙක්
මෙයාට මෙහි වැඩකටයුතු-අමුතුයි පෙනුනා

හැමදාමත් රෑට රෑට- වයසක ලෙඩ්ඩුන් ඉන්නා
වාට්ටුවේ හිටපු නර්ස්-කල වැඩ පුදුමයි


නිදන්න යන වයසක අය- ළඟට ඇවිත් වතුර සමග
බළල් පවුලෙ පෙති බාගය-ගානේ දුන්නා

මේක භයානක වැඩක්නෙ- මේ වයසක මිනිස්සුන්ට
ඇයි ඔයවගෙ බලගතු පෙති-බොන්නට දෙන්නේ

රෑට ඇඳෙන් වැටෙනවානෙ-උස්සන්නත් කරදරයිනෙ
ඒක නිසා මේ පෙති අපි-සැමදා දෙනවා

ඒ කිව්වට මටනම් නෑ- තේරෙන්නේ මෙලෝ දෙයක්
අලුත් නර්ස් පුදුම වෙලා-යලි විමසූවා

ඇයි ලමයෝ ලී කොටයක්-පෙරලන්නට පුලුවන්දෝ
කැපිච්ච අතු කොට ඒකේ-ඉතිරිව ඇත්නම්....



මෙම රසබර කෙටි නිර්මාණයට වස්තුබීජය මතකයට කැන්දූ කලාහිත ලියන අපගේ කළණ මිතුරුට මාගේ විශේෂ ස්තුතිය!

37 comments:

  1. පට්ට නර්ස් තමා... :D //ඇයි ලමයෝ ලී කොටයක්-පෙරලන්නට පුලුවන්දෝ
    කැපිච්ච අතු කොට ඒකේ-ඉතිරිව ඇත්නම්....//

    ReplyDelete
    Replies
    1. ඒ ගොල්ලො කොහොමත් ඉතිං පට්ටනේ....

      Delete
  2. පට්ට යකෝ
    පට්ට කියන්නෙ පටේ පට්ට...
    මදාවි කවි කියන්නෙ මේවට තමා...
    ිරාවටම අහන්නෙ මචෝ කොයින්දබං මේ අයිඩියාස් එන්නෙ...
    හිහි

    ReplyDelete
    Replies
    1. අනේ හැබෑට බං මහේෂ්.. මොන මගුලක්ද බං හැම එකක්ම උඹට පට්ටෙත් උපරිම පට්ට වෙන්නේ.. ඕවා මහ බොරු කතා බං.. ඇත්ත කතා තරහං හැක්

      Delete
    2. 1. ජාලෙන්ම තමා මහේෂයෝ.
      2. බොහොම සීමිත රිප්ලයි ටිකක්නෙ තියෙන්නේ දේශා. මහේෂයා කියල මක් කරන්නද?

      Delete
    3. මට කවි වලට රිප්ලයි කමෙන්ට් දාන්නඅමාරුයි
      අමාරුයි කියන්න කරන්නම බැරි තරං... අනික මේ වගේ කවි වලට රිප්ලයි කමෙන්ට් ෙකාටන්න කොහොමත් මට තේරෙන්නෑ
      කියෙව්ව කියල කියවීමි කියල විතරක් ලියල යන්න බැරි හන්ද තමා පට්ට කියල කියන්නෙ අනික තමා මට හිතුනොත් මොකක් හරි අවුල් කියල මං ඒක කියනව කෝමත් මගෙ රසඥතාවක් කියල එකක් නැ කියල දේශ දන්නව නෙව

      කමෙන්ටු සීමිත මට විතරයි බං මදාවියො සොමිය එහෙම හිටිය නං පට්ට ගහයි මගෙ වචන අඩුයි ඒකයි

      Delete
    4. මහේෂයා, මම වරදක් කිව්වෙ නෑ. දෙයියනේ ලෝකෙම තියෙන වචන හොය හොයා කමෙන්ට් කරන්න ගියොත් නොකා නොබී මැරෙන්න වෙන්නෙ. ඒ නිසා කවුරුත් එක වගේ සීමිත කමෙන්ටු ටිකක් තමා දාන්නෙ. මම මේ ලෝකෙට අලුත් නිසා ටිකක් හිතලා වෙනස් වෙනස් කමෙන්ට්ස් දානවා. ඒත් ටිකක් කල් යනකොට කියවන බ්ලොග් ගාන වැඩිවෙනකොට මටත් ඔච්චරයි. ඔයා උඩම ලියපු පේලි පහ මට රන් පවුම් පහකට වඩා වටිනවා. අනික මහේෂ්ගෙ නිසඳැස් බොහොම ආශාවෙන් මම කියවන්නෙ.
      හිත නරක් කරගන්න එපා. ඔය දේශා ඔහොම්මමයි. සමහර දාට කාටහරි බනිනවා ලියන ඒවා දිග වැඩියි කියලා. සමහර දාට කියනවා කොට වැඩියි කියලා. ඒ පොරගෙ හැටි. එහෙම අයත් ඉන්න එකෙන්නෙ ඔය දිග කොට සේරම ප්‍රාණවත්ව තියෙන්නෙ.

      Delete
  3. එල ද බ්‍රා..තුන් පාරක් කියෙව්වාහම තමයි තෙරැනේ

    ReplyDelete
    Replies
    1. ඔය කරන බිස්නස් එක නර්ස්ලට කරන්නත් ගන්නකො. මෙන්ඩියටත් දෙයි බළල් පෙති :ඩී

      Delete
  4. කතාව කියවල ඇතත් කයිය කියෙව්වෙ අදයි. නියමයි.

    ReplyDelete
    Replies
    1. කයිය පද බඳින්නේ ඉතිං අපිම තමා රාජ්. ඉස්තූතියි.

      Delete
  5. ///අර බළල් පවුලෙ සතෙක්ගෙ නම තියෙන බෙහෙත් බලෙන් ඔව්වත් වැඩද කිව්වලු? අනික ලෙඩ්ඩු ඇඳෙන් වැටෙනවට දෙන්නෙත් ඔය බේතනෙ./// ඔය ටික කොපි කර ගත්තෙ කටුකම්බි කවියෙන්.. මගේ කොමෙන්ට් එකට දාල තිබ්බ රිප්ලයි එක.. මටනම් එදාම මෙ පෝස්ට් එක මැවිල වගේ පෙනුනා..

    ReplyDelete
    Replies
    1. මහජන පුස්ථකාලය වගේ මකුලුදැල් බැඳුණු රාක්ක අස්සෙ තියෙන කතාන්දර අටෝරාශියෙන් මේ කතාව එළියට එන්න පාර කැපුවෙ ඔබ. එය මතක් නොකිරීම මගේ වරදක්. ස්තුතිය කළණ!

      Delete
  6. ඒ කියන්නෙ මුක්කුව ගහගෙන එහෙමම දොයිද බං? මට තේරුනේ නැත්ද මංදා...

    ReplyDelete
    Replies
    1. තේරුණෙ නැද්ද මංදා, බබා! අනේ මගෙ කට, ලඟ හිටියනං... නෑ එක්කො ඕන්නෑ.
      මෙහෙමනෙ පුතා, මුක්කුව ඇකිලෙන්නැතුවාම පෙරලෙන්න බෑ. රෝල් වෙලා ගිහිං මුක්කුව ඇඳට හිටියම නවතිනවා. බිමට වැටෙන්නෙ නෑ. ඔය ගහක කඳක් කුට්ටි කරන කොට එක කුට්ටියක තරමක අත්තක් අඟල් හයක් හතක් (කැමතිනම් අඟල් 12 ක් විතර) කොටට ඉතිරි වෙන්න කපලා, ඒ කොටේ පෙරලල බලන්නකො කොච්චර දුර පුලුවන්ද කියලා.

      Delete
    2. ආ..දැන්නෙ වැඩේ මීටර් උනේ බං. මං ඕනිවට වඩා දුර ගිහින්. මං හිතුවෙ මචෝ, ඇඳපල්ලෙ වැටුනට පස්සෙ නර්ස්ලට ආයෙ උස්සල ඇඳට දාන්න කම්මැලි කමට කොරපු වැඩක් කියල නොවෑ.

      Delete
    3. නෑ දෙයියනේ ඇඳෙන් වැටෙන එක වළක්වන්න.
      ඇත්තටම ගොඩක් දුර හිතල. විදානෙටත් ඕකම වුණානේ. හයියෝ සංසාරේ!

      Delete
  7. හුකෑස් ,,,මැවිලා පේනවා යකෝ ....

    ReplyDelete
    Replies
    1. පෙරලිලා ගිහිං නවතින හැටි නේද? අද සින්දූර්ට මං ගානෙ සින්දුවක්.

      ලෙඩාව පෙරලෙයි-රැයද ගෙවීයයි
      ඇඳෙන් වැටෙන්න යනවා
      සිතු දේ නොමවෙයි-මුක්කුව හිරවෙයි
      පෙරලිලි නවතිනවා

      Delete
  8. Replies
    1. ආ...අර බෝම්බයක් අටවලා තියලා කොහෙද ගියේ? දැන්ම ගිහිං රිප්ලයි දාන්න. නැතිනම් පොවනවා පෙති හතරක් විතර (කවදාවත් පෙරලෙන්න බැරිවෙන්න).

      Delete
  9. නර්ස්මද ඔය අයිටම් එකෙන් අදින්නේ.. මට කොත්තමල්ලි මතක් උනා..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඔබේ ගැටලුව තරමක් පැහැදිලි මදි. අයිටම් එකට අත තැබීමක්වත් වෙන්නෙ නෑ. ඖෂධ බලයෙන් අදාල අයිතමය පෙරලීමට බාධාවක් ලෙස පවත්වා ගැනීම පමණයි සිදුවෙන්නේ. (කිමද ඒ කොත්තමල්ලි කතාව?).

      Delete
    2. මලල සේකරයි..
      මම හිතුවේ අයිටම් එකෙන් ඇදලා ඇඳට දානවා කියලා..

      කොත්තමල්ලි සිංදුව අනේ ඒකේ නර්ස්ලා දැක්කම තව තව ඒවගේ නර්ස්ලා මතක් වෙනවා හැක්..

      Delete
    3. ආ...සින්දුව. ඒකනම් දැක්කම නං අර පෙති...නෑ...නෑ..ඕන්නෑ.
      බැලුවම විදානෙ සෑහෙන්න දුර හිතලනෙ.

      Delete
  10. නෝටි ලමයිගේ නොටි කථා (සොරි කවි ).....ඉඳපිය කවදා හරි උඹටත් අඩේට තියාගන්න පෙත්ත ඕනි වෙයි....

    ReplyDelete
    Replies
    1. ඇයි ඔබතුමාට දැනටමත් දෙනවද?
      කොහද අනේ හිටි ගමන් අතුරුදහන් වෙන්නෙ?

      Delete
  11. පට්ට.. ඕකේ කතන්දරේ මම ලිව්වා මයෙ හිතේ..

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නෙ බැබැලි බැබලි.
      http://maathalan.blogspot.com/2011/08/grandpa-jokes.html#more

      Delete
  12. හා හා හා.....මටත් හෙට අනිද්දා වයිෆ් ඔය වැඩේ කරයිද දන්නේ නැහැ. අන්න එදාට බලාගන්නම් මම...

    ReplyDelete
    Replies
    1. ඒ නං ඉතින් ද්විත්ව වාසි තකා!

      Delete
  13. ///ඇයි ලමයෝ ලී කොටයක්-පෙරලන්නට පුලුවන්දෝ
    කැපිච්ච අතු කොට ඒකේ-ඉතිරිව ඇත්නම්....//


    ලෙඩාව පෙරලෙයි-රැයද ගෙවීයයි
    ඇඳෙන් වැටෙන්න යනවා
    සිතු දේ නොමවෙයි-මුක්කුව හිරවෙයි
    පෙරලිලි නවතිනවා

    මේකේ තේරුම් හොයන්න කමෙන්ට් කියවද්දී තේරුණේ

    සීයාගේ ගැජට් එක අරෙහෙම වෙලා හින්දා කොයි පැත්තට හැරුණත් බෙඩ් එකෙන් වටෙන් නැහැ,,, හි හි හිනා යනවා බන්

    ReplyDelete
    Replies
    1. ගොඩක් අයට ටියුබ් ලයිට් වෙලා වගේ නේද?

      Delete
    2. අපි අහින්සක ලමයි ඕවා ගැන අවබෝදේ අඩුයි නේ :ඪ්

      Delete
    3. නැන්නන් නැන්නන්

      Delete