2014-11-22

කම්බි වැට


අවන්හල එක්කොනක
මධුවිතක පහස විඳ
සැනහෙනා අතරතුර
මෙබස් සවනත වැකිණ

මතකදෝ පෙරදිනෙක
වසර ගණනකට පෙර
මේ අවන්හලේදී
අප මුලින් හමුවුණා


ගතින් වියපත් වුවද
සිතින් තවමත් තරුණ
පෙම්වතුන් යුවලකිය
ඉදිරි මේසය දෙපස

මන්ද අමතක වන්නෙ
එදින තිබුණිද ඔබට
කිසිදු ඉස්පාසුවක්
අඳුරෙ සැඟවෙන තුරා

අවන්හල පිටුපසින්
ඇදුනු මහ කම්බිවැට
අපට අත්වාරුවක්
වුණු අයුරු සිහිවුණා

ඔබ එදා තරුණයෙක්
පුදුම ජවයක් තිබුණෙ
සිහිවෙද්දි මගේ ඇඟ
සලිත වී යන්නීය

අදත් හැකිනම් ඔබට

කම්බි වැට තාම ඇත
ඒ වගේම මමත් ඇත
එදා වගෙ හැමදේම

අතට ගත් සැරයටිය
සමග උනුනට වාරුව
හෙමින් ගාටන යුවල
මතුකරයි කුතුහලය

සදාචාරය අනුව
මෙය වැරැද්දක් වුවත්
අරුමයක් දකින්නට
මම ගියෙමි පසුපසින්

ඇය ගොසින් උණා වත
කම්බිවැට අල්ලගෙන
සැරසුනිය වෙව්ලමින්
වියපත්වු සිහිනයට

ඔහුද ඇය මෙන් සැලී
අරා තම දුබල අවි
පිවිසියා යුද බිමට
සතුරාට පිටුපසින්

එවේලේ මේ දෙදෙන
මේ තරම් වියපත්ව
පෑ දඟය කෙලෙසකින්
කියම්දෝ පැදියකින්

පාර තලනා යන්ත්‍ර
කම්හලක දඩිබිඩිය
දුම්රියක එන්ජිමද
එක්වරම සිත ඇඳිණ

තවත් එක මොහොතකින්
එකා පිට එකා ලෙස
ඇදවැටිනි දෙදෙනාම
මහත් වූ වෙහෙසකින්

නිවෙන්නට හැර විඩා
ඉනූ වත දවටගෙන
යලිත් ආපසු එන්න
දෙදෙනාම සැරසුනා

සිතේ පිරි කුතුහලය
කැටිව සැකයෙන් බියෙන්
මහලු මිනිසා වෙතට
මා සෙමෙන් ලංවුණා

මේ තරම් මහලු වී
ඔබ සතුව ඇති ජවය
සමග ඒ වේගය
හරිම පුදුමයි සීයෙ

අද මෙහෙම මෙතැනදී

මා දුටුව දස්කමම
එදා කෙතරම් හොඳින්
ඔබ පාන්නට ඇතිද

කිව්වාම මොකද බං
එදත් අද වාගෙමයි
හැමදේම ඒ වගෙයි
කිසිම වෙනසක් නැතේ

එකම එක වෙනසට 

තියෙන්නේ කම්බි වැට
කවුරුදෝ දුෂ්ඨයෙක්
සපයලා නොවැ...විදුලිය


30 comments:

  1. කෑව බොල ආතල් එක කෑව... හෙන සංවේදී කමෙන්ට් එකක් හිතෙ මවාගෙන ආවා උඩ ඉඳන් පහලට කියවගෙන එනකොට. දැන අර කියන්න ආව ඔක්කොම අමතක්යි. හිනා කාල මැරෙනවා අප්පා....

    ReplyDelete
    Replies
    1. දුස්රා පන්දුවක් වගේ වුනාද?

      Delete
    2. අන්න වැටවල්!

      Delete
  2. පිල්ම එකක කොටහක්ද මේක

    ReplyDelete
    Replies
    1. ඔය ඇත්තගෙ අර අනෙක් බ්ලොග් එකේ පාදක කරගත් වර්ගයම තමා.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  3. ඒක තමයි,හැරමිටි වාරුවෙන් යන එකාට මෙච්චර ජවයක් කොහෙන්ද කියල මං බැලුවා.හරියට අර විවාහයේ හැට වසර සමරපු ජෝඩුව වගේ.මට ඒ කතාව මතක් උනා.
    (වැරදිලා උඩ වැටුණු බව කරුණාවෙන් සලකන්න)

    ReplyDelete
    Replies
    1. අනේ අයියෙ හැට වසරේ...
      කතන්දරේ කියන්නකෝ...
      ටක් ගානව ටික්...ආ...නෑ...නෑ...

      Delete
  4. අහෝ ඛේදයකි..ඉරකි..තිතකි..බුදු අම්මෝ මාර්ක් එකකි..

    ඒ ඩබල නම් පුදුම ෆිට් කපල් එකක් වෙන්න ඕන...

    නැත්නම් අච්චර නාකි වෙලා කරන්ට් එක වැදුනම නැගිටලා ඇඳුම් එහෙම ඇඳගෙන කතා බැහැ කරන්න පුළුවන් වෙයිද...

    ReplyDelete
    Replies
    1. දෙයි හාමුදුරුවනේ ඔච්චර යථාර්ථවාදී වෙන්න එපා.
      අන්න තමුන්නාන්සෙගෙ (සහ මගෙත්) ගුරුන්නාන්සෙ තමුන්නාන්සෙව බෝලයක් අස්සට දාලා.

      Delete
  5. මං නම් එච්චර දුරක් ගියෙ නෑ කරන්ට් වදිනකම්..
    යකෝ ඔය වයසට එහෙම හිතන්න හරි තිබ්බ ගට මදිද ජෝඩුවට..
    මෙන්න Hats Off :D
    ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. අර බළල් පවුලෙ සතෙක්ගෙ නම තියෙන බෙහෙත් බලෙන් ඔව්වත් වැඩද කිව්වලු? අනික ලෙඩ්ඩු ඇඳෙන් වැටෙනවට දෙන්නෙත් ඔය බේතනෙ.

      Delete
  6. අයියෝ සල්ලි ....මුල ටික කියවගෙන එනකොටම සින්දුවක් මතක්‌ උනා .අන්තිම ටික බැලුවම අපොයි කියලා කියලා හිතුනා ..හිකිස්‌ ......
    මතක් උන සින්දුවත් දාන්නම් උඩ ටිකට හරි ..

    කොළොම්තොට නැත මහලු වී
    අවන්හල නැත පැරණි වී
    එදා හඳ ම යි අදත් යෞවනයේ
    එහෙත් අප දෙන්නා..
    බලන් කැඩපත සොඳුරියේ...

    කුඹ ගසක් උඩ නැවතිලා
    සිනා සලමින් සඳේ ඇයි සරදම්
    බලන් කැඩපත සොඳුරියේ
    පාට වත්සුනු දෙකොපුලෙන් පිස දා

    පෙරුම් පුරමින් හමු වෙලා
    උනුන් රහසින් බැන්ද ආදර පෙම්
    බලන් කැඩපත සොඳුරියේ
    කුමන අරුම ද නර කෙසක් නැඟිලා"

    පද රචනය - ලූෂන් බුලත්සිංහල
    සංගීතය - විශාරද ගුණදාස කපුගේ
    ගායනය - පණ්ඩිත් අමරදේවයන්

    ReplyDelete
    Replies
    1. මං බයවුණේ...
      “විදුලි දුම්රියේ චංචල නාදය“ දායිද කියලා.

      Delete
    2. නැ බන් මේක ,

      "විදුලිය එලිය දැක ගිනි හුල දියේ හෙලා.... "

      Delete
    3. “මග වැරදිලා දිව්වේ මං මුලා වෙලා“

      Delete
    4. "පැන ගිය මුවන් ලග හැලුනයි නෙලූ පලා.....
      දොර ඇරපන් අම්මේ මට සමාවෙලා.......!!!!

      Delete
    5. විදුලි මිණි පහන් දැවී
      බොළඳ ගී සිනා රැළී
      නිලංකාර අදුරේ සිරවී සැඳෑ සාදයේ
      කුරා කුහුඹු මිනිසා වෙමි මා
      ඔබේ මන්දිරේ..//

      එන්න කන්න බොන්න මිහිරේ
      සැමටයි ආරාධනා
      ඔබේ හඬ කිදී සිදී යයි
      කතා සරිත් සාගරේ..//

      දෙන්න කන්න බොන්න කොකියා
      දෙනෙතින් ආරාධනා
      දෑත පා ඉඳුල් යදී ඇස්
      ගයා හංස ගීතිකා..//

      ඔබේ ලෝකයෙන් එහා
      මගේ ලොව බලා හිඳී
      පළා යමි ඔබේ ලොවෙන් මා
      දෙපා සමු නොදී..//

      ගායනය - ගුණදාස කපුගේ
      ගී පද - ලූෂන් බුලත්සිංහල

      Delete
    6. සංගීතයදැ කපුගේ මැයි.
      ස්තුතියි...බ්‍රෑන්ඩ් එක ටොකේ වයින්.

      Delete
  7. මම හිතුවා අදනම් පට්ට ප්‍රේමනීය කවි පෙළක් කියලා. යටට එනකොට කරන්ට් වැදුනා.
    මාධවී, මගේ වයිෆ් වැඩ කරන තැන නැවතිලා ඉන්නේ වයස 80,90,100 වෙච්ච වයසක, ධනවත් උදවිය. සමහරක් අයට සිහිකල්පනාව මදි. බොහෝ අය වැන්දඹුවෝ. සමහරක් ඒ ඒ අය අතර වෙන මාර සිදුවීම් තියෙනවා. ඒ බොහොමයක් සිහියෙන් වෙන දේවලුත් නෙමේලු. ලව් අෆෙයාර්ස් එහෙම තියෙනවා. වයසට ගියාම වුනත් සිහිය නැති වුනත් ආදර හැඟීම් පහල වෙනවා ඇති නේද...

    ReplyDelete
    Replies
    1. සිතට ඉතා තදබල ආදරයක් (ඒ වගේම ආශාවන්) ඇතිවුණත් ගතින් එයට ප්‍රමාණවත් ප්‍රතිචාරයක් දැක්වීමට නොහැකියාව නිසා පුදුමාකාර දුකක් විඳිනවා ඇති ඔය වයසෙදි. අපි කාටත් ඔච්චරයි අරූ...
      මමත් අහලා තියෙනවා එහෙම සම්බන්ධතා ඇතිවන බව. මම ඒකෙ කිසිම වරදක් දකින්නෙත් නෑ. මම මේ අපේ පාඨක රසාස්වාදය සඳහා පරිවර්තනයක් වෙනස් ආරකින් කිරීමයි කරන්නෙ. මේ වගේ සම්බන්ධතා වලින් හෝ ඒ අසරණ මිනිස්සුන්ගේ හිතවලට යම් සැනසීමක් ලැබෙනවානම් මම අවංකවම සතුටු වෙනවා.

      Delete
  8. මරු බං මදාවියො...
    නමට හරියනම කවි ටික මේකට දාන්න තිබ්බෙ මදාවි කවි කියල
    හිහිහහිහිහිහිහිහිහි

    ReplyDelete
    Replies
    1. ආතල් එක ගත්තට පස්සෙ එනව මෙතන මඩ ගහන්න. කරන්ට් එක වද්දලා මරන්න හිතෙනවා. :3

      Delete
    2. දන්නවනෙ මදාවින්ගෙ අනිත් වැඩ?

      Delete
  9. නියමයි ඒ සිරාවට :D මුලදී හිතුනෙම වෙන දෙයක් කරන්ට් සීන් එකක් නෙවේ :v

    ReplyDelete
    Replies
    1. දුස්රා පන්දු කියන්නෙ ඒකනේ....

      Delete